฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ [Completed] ||Tae...

By moonflower_9597

82.3K 15.7K 10.7K

කළු රෝස.. ගැලපෙන්නෙ නෑ නේද? රෝස මලක් අනිවාර්යයෙන්ම රෝස හෝ රතු පාට වෙන්නම ඕනෙ. වෙන වෙන පාට රෝස තියෙනවා තමයි... More

Chapter 1
Chapter 2
Characters
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
2/2/2023 - TK
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Epilogue

Chapter 29

1.8K 401 308
By moonflower_9597


"නැගිටපන්!" ටේහ්‍යොන්ග්ගේ කන හරහා වැදුණු වේගවත් අතුල් පහරකින් ටේහ්‍යොන්ග් පියවි සිහියට පැමිණුනා.

"මං මේ කොහෙද ඉන්නේ?" එහෙම හිතන ගමන් ටේහ්‍යොන්ග් අමාරුවෙන් ඔලුව උස්සලා වටපිට බැලුවා. එයා කෙලින්ම පේලියට පුටු වලට තියලා ගැටගහලා ඉන්න නම්ජුන්, හොබී, සුගා සහ සූබින්ව දැක්කම ටේහ්‍යොන්ග්ට තේරුණා මොකද්ද මෙතන වෙලා තියෙන්නෙ කියලා.

"හහ් හා!" කොහොමද ඉතින් කට්ටියට? උඹලට හරි මහන්සි ඇතිනෙ නේද කට්ටියට නඩු විරුද්ධව නඩු කියලා.. සාක්ෂි හොයලා."

"මින්ජුන්!" ටේහ්‍යොන්ග්ගේ තොල් අතරින් පිටවෙද්දි මින්ජුන් කට කොනකින් හිනාවෙලා  ටේහ්‍යොන්ග් දිහා බැලුවා.

"උඹ හිතුවෙ අපිට උඹලව අල්ලගන්න බැරිවෙයි කියලනෙ නේද? මොකද උඹලා ඔක්කොම පාතාලෙ උන් විදිහට පෙනී හිටියට උඹලා ඔක්කොම නීතිය රකින ගුණගරුක නිළධාරියොනෙ.. කවුද හිතන්නෙ පොලිස් ඔෆිසර්ස්ලා nis agentsලා එතකොට ලෝයර්ස්ලා මේ වගේ පාතාල සාමාජිකයො වෙයි කියලා.. හහ් හා! නයිස් ප්ලෑන්.. ඒත් උඹලගෙ එක වැරැද්දක් නිසා අද උඹලා හැමෝම මෙතන."

මින්ජුන් එහෙම කියලා ලැප් එක අරන් වීඩියෝ එකක් play වෙන්න දැම්මා.

"ටේහ්‍යොන්ගි කියන්නෙ මගෙ බෝයිෆ්‍රෙන්ඩ්.. එයා nis agent කෙනෙක්. එයා එයාගෙ යාලුවො එක්ක එකතුවෙලා තමයි අප්පට විරුද්ධව සාක්ෂි හැමදෙයක්ම එකතු කරේ.." ජන්ග්කුක් මින්ජුන්ට එහෙම කියනවා හැමෝටම පැහැදිලිව දකින්න වගේම අහන්නත් ලැබුණා.

"උඹගෙ ලවර් බෝයි මට උඹලා හැමෝම ගැන කිව්වා.. උඹලගෙ විස්තර හැම එකක්මත් ජන්ග්කුක්ම තමයි මට දුන්නෙ. මොකද උඹලා ඒ කොල්ලගෙ ඔලුව කන්න හැදුවට ජන්ග්කුක්ට උඹට වඩා එයාගෙ අප්පව වටිනවා." මින්ජුන් කිව්වම ටේහ්‍යොන්ග් කට කොනකින් හිනාවුණා.

"උඹ හිතන්නෙ මම උඹ කියන ඒවා විශ්වාස කරයි කියලද? ජන්ග්කුක් කවදාවත් මට විරුද්ධ වෙන්නෙ නෑ.. මට ඒක හොඳටම විශ්වාසයි."

"ඔව් ටේ.. උඹ ඕවා හිතන්නෙපා. ජන්ග්කුක්ව මටත් විශ්වාසයි." නම්ජුන් කියද්දි සුගා, හොබී දෙන්නත් ඒකට එකඟවුණා.

"ඔහ් හෝ! හොඳයි උඹලට එහෙනම් මම අද හවස් වෙද්දි ජන්ග්කුක්ගෙ කටින්ම ඒක අහන්න සලස්වන්නම්. එතකන් මුන්ට හොඳට සලකපල්ලා.. මුන් ටික ලේ පෙරාගෙන ඉන්න විදිහ දැක්කම අනිත් උන් ටික අපිට ඕනෙ විදිහට වැඩේ කරයි."

"ඕකේ බොස්!" මින්ජුන් කැත විදිහට හිනාවෙලා එළියට යද්දි හැඩි දැඩි දාමරිකයො කීපදෙනෙක්ම එයාලා ළඟට ළංවුණා.

"ප්ලීස්.. මම මේ මුකුත් දන්නෙ නෑ.. ප්ලීස් මට යන්න දෙන්න.." සූබින් බයෙන් වෙව්ලන්න ගනිද්දි කට කොනකට හිනාවුණු මැරයා සූබින් කොණ්ඩෙන් ඇදලා කට තදින් මිරිකගෙන ඒ මූණට නැමුණා.

"උඹ මුකුත් දන්නෙ නැති උනාට උඹගෙ මහලොකු බෝයිෆ්‍රෙන්ඩ් ඔක්කොම දන්නවනේ.. උඹ ලේ පෙරාගෙන ඉන්නවා දැක්කම උටත් ඌ කරපු දේවල් වල බරපතලකම තේරෙයි." මැරයා එහෙම කියලා සූබින්ගෙ ඔලුව පිටිපස්සට තල්ලු කරා.

"ඒ කොල්ලට ඉන්න දීපන්.. උඹට පුළුවන් ඌටත් එක්කම හරියන්න මට ගහන්න." ටේහ්‍යොන්ග් ගුටි කාගෙන කෑගහද්දි සූබින් ළඟ හිටපු මැරයත් ටේහ්‍යොන්ග්ට ළංවුණා.

"උඹට ඔච්චරටම ආස නම් උඹට පුළුවන් උගෙ දඬුවමත් භාරගන්න."

එතනින් එහාට සූබින් හැර අනිත් කට්ටියටම හැඩි දැඩි මැරයො සෙට් එකගෙන් හොඳටම පහර කන්න වුණා. පැය ගානක් එකදිගට ගුටිකන්න වෙද්දි ඒ අයගේ ශක්තියත් ටික ටික නැතිවෙලා ගියා. ලේ පෙරාගෙන කට්ටියටම සිහි නැතුව බෙල්ල පැත්තකට කඩාගෙන වැටෙද්දි ගහන එක නතර කරපු සෙට් එක කාමරෙන් එළියට ගියේ මින්ජුන්ව හම්බවෙලා ඉස්සරහට මොකද්ද කරන්නෙ කියන එක ගැන කතාකරන්න.
.
.
.
.
.
.
.
.

"දෙවියනේ.. මගේ සූබින්!" නිර්ණාමිකව ලැබුණු වීඩියෝ පටය නරඹමින් සිටි යොන්ජන්ගෙ දෑස් වලට කඳුලු උනද්දි ජිමින් යොන්ජන්ගෙ උරහිස පිරිමැද්දා. යොන්ජන්ගෙ විතරක් නෙවෙයි ජින්ගෙ වගේම ජිමින්ගෙත් ඇස් අඬලම රතුවෙලා තිබුණා.

"දැන් අපි මොකද කරන්නෙ ජින් හ්‍යොන්ග්? නඩුව අයින් කරගන්නවද?"

"අපි ඒක කරොත් අපි මෙච්චර කල් කරපු දේවල් වල කිසිම ප්‍රතිඵලයක් නැතුව යනවා යොන්ජන්. අනික ජුනී උනත් මේ තීරණයට කැමති වෙයි කියලා මම හිතන්නෙ නෑ.."

"ඇත්ත.. ජුනී හ්‍යොන්ග් විතරක් නෙවෙයි.. ඒ කවුරුත් නඩුව අයින් කරගන්නවට කැමති වෙයි කියලා මං හිතන්නෙ නෑ." ජිමින් එකඟවුණා.

"හ්ම්ම්.. මම දන්නවා. ඒත් සූබින් අහිංසකයි. මේවා ගැන එයාට තේරුමක් නෑ. මම නිසයි ඒ අහිංසකයා මේ කරදර වල පැටලුණේ.."

"දුක්වෙන්නෙපා යොන්ජන්.. සූබින්ට කරදරයක් වෙන්න අපේ අය ඉඩදෙන්නෙ නෑ. දැක්කනේ අනිත් හැමෝටම ගහද්දි සූබින්ට ඒ අය ගහන්නෙ නෑ. අනිවාර්යයෙන්ම අපේ අය කොල්ලව බේරන්න ඇති මොකක් හරි කියලා."

"ඒත්.. ඒත් මට මුකුත් හිතාගන්න බෑ හ්‍යොන්ග්.. අපි මේක නැවැත්තුවෙ නැත්නම් මුන් මෙයාලට මොනවා කරයිද?"

"මරන්න උනත් පුළුවන්.." ජිමින් සුසුමක් හෙලුවා

"ම්-මට මට ඒක වෙනවා බලන්න බෑ හ්‍යොන්ග්.. ප්ලීස්.."

"අපි බලමු.. කුකී හම්බෙලා.." ජින් පටන් ගත්තා උනත් ජිමින් ජින්ට බාධා කරා.

"මම කුකීව හම්බවෙන්න ගියා.. ඒත් ගේට් එකෙන් ඇතුලට යන්නවත් මට ඉඩක් ලැබුණේ නෑ."

"ඔය ජන්ග්කුක් අපි ගැන විස්තර දීලා අපිව පාවලා දුන්නා වෙන්න බැයිද හ්‍යොන්ග්? ජන්ග්කුක් කියන්නෙ හ්‍යුන්සුක්ගේ පුතා.."

"නෑ යොන්ජන්.. කුකී එහෙම කෙනෙක් නෙවෙයි." ජිමින් තද ස්වරයකින් කිව්වම ජිනුත් ඔලුව වැනුවා.

"අනේමන්දා.. මට නම් ඔය කාවවත් විශ්වාස නෑ දැන්.. මට ඕනෙ කොහොමහරි මගෙ සූබින්ව බේරගන්න විතරයි." යොන්ජන් ආවේගශීලි විදිහට කිව්වම ජින් යොන්ජන් දිහා රවලා බැලුවා.

"අපිට ඕනෙත් ඒක තමයි යොන්ජන්.. ඔයාගෙ විතරක් නෙවෙයි.. මගෙයි චිම්ගෙයිත් බෝයිෆ්‍රෙන්ඩ්ස්ලා එතන ඉන්නවා. ඒත් අපි කලබල උනා කියලා කිසිම තේරුමක් නෑ. ඒ නිසා කල්පනාවෙන් කරන්න ඕනෙ දේ තීරණය කරමු.. බොරුවට මෙතන රණ්ඩු නොවී."

"ජින් හ්‍යොන්ග් කියන්නෙ ඇත්ත." ජිමින් යොන්ජන්ගෙ පිටට තට්ටුවක් දැම්මා.

"සොරි හ්‍යොන්ග්.. මට ටිකක් කේන්ති ගියා." යොන්ජන් බිම බලන් මිමිණුවෙ පසුතැවීමෙන්.

"හරි දැන් ඒක අමතක කරලා අපි කරන්න ඕනෙ දේ ගැන කතා කරමු."

"අපිට පුළුවන් ගිහින් අංකල් දේහ්‍යුන් හම්බවෙන්න.. අංකල් දේහ්‍යුන් අපිට උදව් කරයි." යොන්ජන් එකපාරටම කියද්දි ජින්ගෙයි ජිමින්ගෙයි ඇස් දිලිසුණා.

"ඔව් අනිවාර්යයෙන්ම.. අපි දැන්ම ගිහින් අංකල්ව හම්බෙලා මේ ගැන කතාකරමු."
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මූණට වැදුණු වතුර පාරකින් කට්ටියම වේදනාවෙන් කෙඳිරි ගානගමන් ඇස් ඇරියා.

"ඔන්න ඔයාලව බලන්න යාලුවෙක් ඇවිත්.." කට කොනකින් හිනාවෙලා මින්ජුන් කියද්දි ටේහ්‍යොන්ග්ගේ පපුව වේගයෙන් ගැහෙන්න ගත්තා.

"එන්න පුතා.. කට්ටිය බලාගෙන ඉන්නෙ." මින්ජුන් දොරෙන් එළිය බලාගෙන ආදරණීය හිනාවක් එක්ක කියද්දි කට්ටියටම කෙනෙක්ගෙ අඩි හඬක් ඇහුණා.

ටේහ්‍යොන්ග්ගේ පපුව ඒ අඩි හඬත් එක්ක එන්න එන්නම වේගයෙන් ගැහෙන්න ගත්තා.
කළු පාට උස බූට් සපත්තු.. කළු පාට ලෙදර් කලිසම.. කළු ලෙදර් ජැකට් එකකින් වැහුණු උඩුකය.. වෙව්ලන රෝස තොල්.. බයෙන් පිරිලා තියෙන බෝල ඇස්.. පිටිපස්සට කරලා ගැට ගහලා තියෙන දිග කොණ්ඩෙ.. ඔව්, ඒ එයා. ඒ ඉන්නෙ ජොන් ජන්ග්කුක්.. ටේහ්‍යොන්ග්ගේ හදවතේ අයිතිකාරයා.

"දැන් කියන්නකො ඔයාගෙ මේ යාලුවොන්ට කවුද මට ඒ අයව අල්ලගන්න උදව් කරේ කියලා.." මින්ජුන් ඇහුවම ජන්ග්කුක් ගැස්සිලා ගියා.

"කියන්න ඉතින්!" මින්ජුන් ආයෙමත් වතාවක් දැඩි ස්වරයකින් කිව්වම ජන්ග්කුක් ඇස් තදකරලා දිග හුස්මක් උඩට ගත්තා.

"ම්..මම... ම්-මට සමාවෙන්න." ඒ බෝල ඇස් ටේහ්‍යොන්ග්ගේ ඇස් එක්ක ගැටෙද්දි ටේහ්‍යොන්ග් වේදනාවෙන් හිනාවුණා.

"ඇයි ඔයා සමාව ඉල්ලන්නෙ ජන්ග්කුක්? ඔයා මේ හැමදෙයක්ම කරේ ඔයාගෙ අප්පව බේරගන්නනෙ.. එහෙම නේද?" මින්ජුන් ආදරණීය හිනාවකින් ඇහුවම ජන්ග්කුක් බිම බලාගෙන ඔලුව වැනුවා.

"හ්ම්ම්.. ඔයා ගිහින් එළියෙන් ඉන්නකෝ.. මම මේ ගොල්ලොත් එක්ක කතා කරලා ඉක්මනට එන්නම්." මින්ජුන් කිව්වම ඔලුව වනපු ජන්ග්කුක් ආයෙමත් වතාවක් ඔලුව උස්සලා ටේහ්‍යොන්ග් දිහා බැලුවා. ටේහ්‍යොන්ග් දන්නවා ඒ ඇස් කියවන්න. ඉතින් ඒ ඇස් වලින් කිව්වෙ මොකද්ද කියලා තේරුම් ගන්න ටේහ්‍යොන්ග්ට අමාරු උනේ නෑ.

"ඩේවිඩ්.. ජන්ග්කුක්ව අරන් යන්න!" මින්ජුන් ගැඹුරු හඬකින් අණ කරාම ඩේවිඩ් ජන්ග්කුක්ගෙ අතකින් අල්ලගෙන එයාව එක්කගෙන යන්න හැදුවත් ටේහ්‍යොන්ග්ගෙන් ඇස් මුදවගත්තු ජන්ග්කුක් ඩේවිඩ්ගෙ අත් ගසාදලා තනියෙන්ම කාමරෙන් එළියට පිටවුණා.

"දැක්කනේ.. දැන් මම උඹලගෙ යාලුවෙක්ට කෝල් එකක් අරන් දෙනවා. උඹලා උන්ට කියන්න ඕනෙ වහාම මේ නඩුව ඉල්ලා අස් කරගන්න කියලා."

"කවදාවත් මේ නඩුව අයින් කරගන්නෙ නෑ අපි!" නම්ජුන් දත්මිටි කෑවා.

"උඹ අපිව මැරුවත්.. අපි ඒක කරන්නෙ නෑ!" සුගා කෝපයෙන් ගිගුරුවා.

"හහ්! ඒ නිසා තමයි මම මේ පොඩිඑකාට ඒ අවස්ථාව දෙන්නෙ.." මින්ජුන් එහෙම කියලා සූබින් ළඟට ළංවුණා.

"උඹ කෝල් කරලා කියපන් නඩුව අයින් කරගන්න කියලා.. එහෙම උනොත් උඹලට බේරෙන්න පුළුවන් වෙයි කියපන්. උඹට කියන්න කියපු දේවල් විතරක් කියපන්.. ඊට එහා දේවල් කියවලා උඹේ ඔලු කට්ට කුඩු කරගන්න ලෑස්ති වෙන්න එපා. ආ ගනින්!" මින්ජුන් සූබින් අතට ෆෝන් එක දීලා පිටිපස්සෙන් හිටපු ගෝලයෙක්ට සන් කරාම ඒ මනුස්සයා තුවක්කුව සූබින් දිහාවට එල්ල කරා.

සූබින් වෙව්ලන අත්වලින් ෆෝන් එක අරගෙන එයාට එහාපැත්තෙන් හිටපු හොබී දිහා බැලුවම හොබී එයාගෙ චූටි ඩිම්පල්ස් පේන විදිහට තොල් තදකරලා ඔලුව යන්තම් හෙලෙව්වෙ සූබින්ට බය වෙන්න එපා කියලා ඉඟියෙන් කියන ගමන්.

"උඹ බය නොවී කෝල් එක ගනින්." ටේහ්‍යොන්ග් හැමෝටම ඇහෙන්න කිව්වම මින්ජුන් ටේහ්‍යොන්ග්ට රැව්වත් ටේහ්‍යොන්ග් නෙවෙයි මින්ජුන්ව තඹේකටවත් මායිම් කරේ. සූබින් ඔලුව හොලවලා යොන්ජන්ගෙ නම්බර් එකට කෝල් එකක් ගත්තා.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"අපි කොහොමහරි එයාලා ඉන්නෙ කොහෙද කියලා හොයාගන්න ඕනෙ.." දේහ්‍යුන් කිව්වම කට්ටියම ඒකට එකඟවුණා.

"ඒක ඇත්ත අංකල්.. මට සුගා හ්‍යොන්ග් හැක් කරන හැටි ඉගැන්නුවා. හ්‍යොන්ග් තරම්ම බැරි උනත් මට පොඩි දෙයක් නම් කරගන්න පුළුවන්. අපි ඒකෙන්වත්.." ජිමින්ගෙ කතාවට බාධා කරමින් යොන්ජන්ගෙ දුරකථනය ඒ වෙලාවෙ  නාදවුණා.

"ප්‍රයිවට් නම්බර් එකක්.." යොන්ජන් කිව්වම කට්ටියගෙම ඇස් ලොකුවුණා.

"ඕක ආන්සර් කරන්න. අනිවාර්යයෙන්ම අපේ අය ගැන තොරතුරක් වෙන්නැති." දේහ්‍යුන් කලබලෙන් කිව්වම යොන්ජන් ඔලුව වනලා කෝල් එක ආන්සර් කරලා speaker on කරා.

"හෙලෝ!"

"හ්..හෙලෝ යොනී.. මම.."

"දෙවියනේ බේබි.. ඔයා කොහෙද ඉන්නෙ?" යොන්ජන්ගෙ ඇස් වලට කඳුලු පිරෙද්දි එයා කට්ටියම දිහා බැලුවා. හැමෝගෙම ඇස් වල බලාපොරොත්තුවේ සේයාවක් ඇඳිලා තියෙනවා යොන්ජන් දැක්කා.

"යොනී.. ප්ලීස් නඩුව අයින් කරගන්න. ඔයාට මාව බේරගන්න පුළුවන් එකම ක්‍රමේ ඒක."

"බේබි ඒත්.."

"උඹට ඇහුනනේ උඹේ මහලොකු ප්‍රේමවන්තයා කියපු එක?? උඹට ඌව පණපිටින් දකින්න ඕනෙ නම් කියපු විදිහට කරපන්. ඒ වගේම හෙට දවස ඇතුලත අපිට ඕනෙ දේ වෙලා තිබුණේ නැතිනම් මුං ටිකගෙ මලකඳ තමයි උඹලට දකින්න වෙන්නෙ." ඒ වචන ටිකත් එක්ක කෝල් එක කට් වෙලා යද්දි යොන්ජන් තිගැස්සුනා.

"ශිට්!" යොන්ජන් ෆෝන් එක සෝෆා එක උඩට විසිකරලා සෝෆා එක උඩට වැටෙද්දි අනිත් අයත් තැන් තැන් වලින් ඉඳගත්තා.

ටිකවෙලාවක් යනකම් කවුරුත් කතාකරේ නෑ. ඒ දිගු නිහඬ බව බිඳුනේ දේහ්‍යුන්ගෙ දුරකථනයට ලැබුණු කෙටි පණිවිඩයක හඬින්.
.
.
.
.
.
.
.
.
.
.
.

~To be continued~

අනෙව් කුකී මැණික😭😭💜️ එයා මාරම ලස්සනයි අප්පා😭 මේ විදිහට ගියොත් නම් එයාගෙ ලස්සන දරාගන්න බැරුව තමයි මැරෙන්න වෙන්නෙ😪

එයා workout කරද්දි 🌚 එක්කොත් ඕනෙ නෑ ඒක🙈

වෙලාවකට ටේ එක්ක ඉරිසියයි මට.. එයාට නම් ඉතින් හැමවෙලේම මේ කියුට් බෝලෙව අල්ලලා මිරිකන්න පුළුවන්නෙ😒

Jihope❤️

7/7 ♡
දිග කොණ්ඩෙට හැමෝම ලස්සනයි.. ඒත් කුකීගෙන් එන්නෙ අමුතුම ලස්සනක්. වචනයෙන් කියන්න බැරි.. කෙලින්ම කිව්වොත් මේ කුකීගෙ පෙනුම තනිකරම girl කෙනෙක්ගෙ වගේ. කොණ්ඩෙ බැන්ඳම නම් එහෙම පේන්නෙ නෑ.. ඒත් කුකී කොණ්ඩෙ බඳින්න කැමතිත් නෑ. දැක්කනෙ එයා කොණ්ඩෙ පෝනිටේල් එකක් දැම්මට ඉක්මනට ඒක ගලවනවා🙈💜️

ටේගෙ පෝනිටේල් එක🙈❤️

Ahem, උඩ බලන්නද.. යට බලන්නද🌚🙈

කුකී කියනවා එයා හිතුවෙ world cup එකට හැමෝම perform කරයි කියලලු. ඒත් එයා විතරයි කියලා දැනගත්තම කොල්ලට බය උනු පාරට දාඩියත් දැම්මලු. එයාට නම්ජුන්ව ඕනෙ කියනවා වාරුවක් වෙන්න.. නම්ජුන් හ්‍යොන්ග් නැතුවම එයා තනියිලු. Membersලයි ආමිලයි එයාට චියර් කරා කියලා දැක්කම එයාගෙ හිතට හයියක් ආවලු. දැන් තේරෙනවා නේද ඇයි අයියලා හැමෝම ජන්ග්කුක්ගෙ dreamers වලට හැමෝටම පේන්න සපෝට් කරේ කියලා.. අනිත් අයගෙ ඒවට හැමෝම අපිට පේන්න ig post දදා සප් කරන්නෙ නෑනෙ.. එදා එහෙම කරන්න හේතුව ඒ කුකී උනු එක.
Bonvoyage වලදි කුක් කීපවතාවක්ම කියනවා එයා තාමත් තනියම membersලා නැතුව වෙන රටක ට්‍රැවල් කරන්න ලෑස්ති නෑ කියලා. මට හිතෙන්නෙ තාමත් ඉන්නෙ ඒ කුකීම තමයි. ඒකයි හැමෝම එයා ගැන විශේෂයෙන් බලන්නෙ.❤️

එයා මාරම ලස්සනයි මෙතන 😭💜️
Practice කරන තැනත් අනිත් අය එක්ක ඉද්දි කුකී රෝස බෝලයක් වගේ.. කොණ්ඩෙට අර බෑන්ඩ් එකකුත් දාගෙන. අර philippine ජාතික dancer කෙනෙක් කියලත් තිබ්බෙ ජන්ග්කුක් ගොඩක් හොඳයි.. එයා ළඟින් එන්නෙ baby smell එකක් කියලා එහෙමත්... omo කුකීව එච්චර ළඟට දකින්න එයාලා මාර ලකී අප්පා😭❤️

ටේකුක් biased කිව්වට මම jungkook biased වගේ පේනවනම් ගණන් ගන්නෙපා.. මටත් දැන් නිකන් එහෙම හිතෙනවා😂😂💔
නෑ නෑ.. එයා පොඩි එකෙක් වගේ නිසයි ආදරේ හිතෙන්නෙ. නැත්නම් මම taekook biased/ot7.

13/02/2023

Continue Reading

You'll Also Like

1K 122 7
වැම්පයර් රාජවංශයේ කිරුළ හිමි අධිරජු👑🦇 තුන් ලෝකයම පාලනය කිරීමට බිහිවූ එක පාලකයෙක්🦇 සුරලොව කිරුළ හිමි කුමරුගේ නමට අධි රැජිනක් 👑💔 ආලෝකය කුමරු ලෙස...
27.4K 3.5K 50
Taekook A school love story Top Tae Bottom Kook දඟකාර ඔය හිතට මේ සිත බැඳුණු බව කෙසේ පවසම්දෝ අහිමි වේ යැයි සිතෙන විට ...
8.5K 895 24
🐯- " Kim Taehyung වන මම Jeon Jungkook මාගේ destiny mateව reject කරනවා. " 🐰-" Taehyung මම ප්‍රාර්ථනා කරනවා ඔයා කැමති විදියේ sexy body එකක් තියෙන කෙල...
13.7K 2.7K 15
Apologies Don't mean anything If you keep doing what you are sorry for.... 🤙💞