฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ [Completed] ||Tae...

By moonflower_9597

82.3K 15.7K 10.7K

කළු රෝස.. ගැලපෙන්නෙ නෑ නේද? රෝස මලක් අනිවාර්යයෙන්ම රෝස හෝ රතු පාට වෙන්නම ඕනෙ. වෙන වෙන පාට රෝස තියෙනවා තමයි... More

Chapter 1
Chapter 2
Characters
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 22
Chapter 23
Chapter 24
2/2/2023 - TK
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Epilogue

Chapter 21

2K 413 253
By moonflower_9597

ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ව බලන්න එයාගෙ ගෙදරටම ගිහින් සති දෙක තුනක් ගතවෙලා ගිහින් තිබුණා. ගතවුණු කාලය ඇතුලත ජන්ග්කුක් ආයෙමත් බේස්මන්ට් එකට එන එකත්, ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ ගෙදරටම එයාව බලන්න යන එකත් සාමාන්‍ය දෙයක් වෙලා තිබුණා.

ඒ දෙන්නගෙ සම්බන්ධෙ ගැන කිව්වොත්.. ම්ම් මෙහෙමයි.. ජන්ග්කුක් මේ වෙද්දි ටේහ්‍යොන්ග්ට කැමැතියි කියලා ටේහ්‍යොන්ග්ට පවා තේරිලා තිබුණේ. ඒත් ඒ ප්‍රශ්නෙ ඇදීගෙන එනකොට හැමදාම ජන්ග්කුක් ඒ ප්‍රශ්නෙ මඟාරිනවා. ඒ මොනවා උනත් ඒ දෙන්නගෙ හැසිරීම නම් බෝයිෆ්‍රෙන්ඩ්ස්ලට සමාන වුණා. මොකද හොඳම යාලුවො අනිත් කෙනාව හැමදාම බලන්න ඇඟිලි ගනින්නෙත් නෑ.. හම්බවෙන හැමදාම පිස්සුවෙන් වගේ කිස් කරන්න යන්නෙත් නෑනෙ.

ඒ වගේම ජන්ග්කුක් පොරොන්දු උනු විදිහටම එයාගෙ අප්පට විරුද්ධව හොයාගත්තු සාක්ෂි නම්ජුන්ට භාරදීලා තිබුණා. ඒත් නම්ජුන් ජන්ග්කුක්ගෙ අප්පට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න පරක්කු කරේ මිස්ටර් ජොන් හ්‍යුන්සුක්ට විරුද්ධව නඩු දාන්න කලින් ඔහුට විරුද්ධව ප්‍රබල සාක්ෂි රැස් කරන එක නුවණට හුරු ක්‍රියාවක් උනු නිසා.

සුපුරුදු පරිදි ඉරිදා උදේම ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ව ගන්න එයාලගෙ ගෙදරට ආවෙ නිවාඩු දවසක් උනු එදා දවසම ජන්ග්කුක් එක්ක ගත කරන්න පුළුවන් උනු නිසා.

"අපි කොහෙද මේ යන්නෙ?" බේස්මන්ට් එකට යන පාරට වෙනස් පාරකට ටේහ්‍යොන්ග් කාර් එක හරවද්දි ජන්ග්කුක් ඇහුවෙ කුතුහලයෙන්.

"අපේ ගෙදර.."

"ආහ්?"

"අප්පට ඔයාව බලන්න ඕනෙ කිව්වා.." ටේහ්‍යොන්ග් කිව්වම ජන්ග්කුක් ටේහ්‍යොන්ග් දිහා බැලුවෙ ඇසුත් ලොකුකරගෙන.

"යාහ්! මෝඩයා.. ඇයි මට කලින් නොකිව්වෙ?? බලනවකො මං ඇඳගෙන ඉන්න ඇඳුම දිහා.. කාර් එක නවත්තන්න.. දැන්ම!" ජන්ග්කුක් කෑගහන්න ගත්තම ටේහ්‍යොන්ග් දිග හුස්මක් පිටකරලා ජන්ග්කුක් දිහා බැලුවා.

"ඕක හොඳයි.. අප්පා ඔයාගෙ ඇඳුම බලන්න නෙවෙයි එන්න කිව්වෙ."

"ඒ උනාට.. මං මේ කළු පාට ඇඳුම් ඇඳගෙන ඉන්නවා දැක්කම ඔයාගෙ අප්පා හිතයි මං ටොප් කියලා." ජන්ග්කුක් මූණ බෙරිකරන් කියද්දි ටේහ්‍යොන්ග්ට හයියෙන් හිනාගියා.

"ඔයා කළු පාට ඇඳගෙන හිටියා කියලා ඔයා ටොප් කියලා හිතන්න තරම් මගෙ අප්පා මෝඩ නෑ බේබි.."

"යාහ්.. මට හිනානොවී කා එක නවත්තනවා.. අපි ආපහු ගිහින් වෙන ඇඳුමක් ඇඳගෙන එමු." ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගේ අතක් උඩින් අත තියලා කිව්වත් ටේහ්‍යොන්ග් කාර් එක නැවැත්තුවෙ නෑ.

"ඕක හොඳයි ළමයෝ.."

"නවත්තන්න නේද කිව්වෙ.." ඒ පාර ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගේ අතේ එල්ලිලා අතින් අදින ගමන් කෑගහන්න ගත්තම ටේහ්‍යොන්ග් අතින් වාහනේ control නැතුව ගියා. ඉස්සරහින් ආපු වාහනේ ගෑවි නොගෑවී ආයෙමත් අමාරුවෙන් වාහනේ හරි පාරට ගත්තු ටේහ්‍යොන්ග් පාර අයිනට කරලා කාර් එක නැවැත්තුවෙ එයාට හයියෙන් බැනලා ඉස්සරහට ඇදෙන වාහනේ මනුස්සට සමාව ඉල්ලන බැල්මක් යොමුකරලා.

"ට්-ටේහ්‍යොන්ගී.." ටේහ්‍යොන්ග්ගෙ කෝපයෙන් පිරුණු ඇස් ජන්ග්කුක් දිහාට හැරුණත් ගොඳටම බයවෙලා ඉන්න ජන්ග්කුක්ව දැක්කම එයාට බනින්න හිතුනෙ නෑ.

"සොරී..."

"ඉන්නෙ කොහෙද කියලා බලලා වැඩ කරන්න බේබි.. තව පොඩ්ඩෙන් අපිට යන්න වෙන්නෙ ගෙදර නෙවෙයි.. හොස්පිටල්." ටේහ්‍යොන්ග් කිව්වම ජන්ග්කුක් බිම බලාගත්තා.

ටිකවෙලාවක් ජන්ග්කුක් දිහා බලාගෙන හිටපු ටේහ්‍යොන්ග් සුසුමක් පිටකරලා එයා ඇඳගෙන හිටපු සුදුපාට හූඩි එක ගලවලා ජන්ග්කුක්ගෙ අත උඩින් තිබ්බා. ටේහ්‍යොන්ග් හූඩි එක යටින් ටීශර්ට් එකක් ඇඳගෙන හිටපු නිසා ඒක ප්‍රශ්නයක් උනේ නෑ.

"ඕක ඇඳගන්න.." එයා දිහා ඇස් ලොකුකරගෙන බලන් ඉන්න ජන්ග්කුක්ට එහෙම කියලා ටේහ්‍යොන්ග් එයාගෙ ඇවිස්සුනු කොණ්ඩෙ උඩට කරලා අතින් හදාගත්තා.

ජන්ග්කුක් මුකුත්ම නොකියා එයා ඇඳගෙන හිටපු කළු ජැකට් එක ගලවලා ටේහ්‍යොන්ග්ගේ හූඩි එක ඇඳගත්තා. ජන්ග්කුක්ගෙ ජැකට් එක බැක්සීට් එක විසිකරපු ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ මූණට නැමිලා එයාගෙ ගැට ගහලා තියෙන කොණ්ඩෙ ලෙහලා කඩා වැටෙන්න සැලැස්සුවා.

"ඔන්න දැන් හරිනෙ ප්‍රශ්නෙ.." ටේහ්‍යොන්ග් ඇහුවම ජන්ග්කුක් කඳුලු පිරුණු ඇස් ටේහ්‍යොන්ග් දිහාට හරවලා හිමීට ඔලුව වැනුවා.

"ඕකට ඉතින් අඬන්න ඕනෙද? අයියෝ ඔයත්.. අපිව ඇක්සිඩන්ට් උනේ නෑනෙ. ඒ නිසා කෝ දැන් හිනාවෙන්න." ජන්ග්කුක්ගෙ කම්මුලක් මිරිකලා ටේහ්‍යොන්ග් කියද්දි ජන්ග්කුක් තොල් උල් කරන් ටේහ්‍යොන්ග් දිහා බැලුවා.

ටේහ්‍යොන්ග් ඔලුව දෙපැත්තට වනලා ඉස්සරහට නැමිලා ජන්ග්කුක්ගෙ තොල් සද්දෙ ඇහෙන්නම කිස් කරාම ජන්ග්කුක්ට හිනාගියා. පොඩි එකෙක් වගේ හිනාවෙන කොල්ලගෙ කම්මුලක් මිරිකපු ටේහ්‍යොන්ග් කෙලින් වෙලා ආයෙමත් කාර් එක ස්ටාට් කරලා පාරට දැම්මා.

"මට කියන්නකො ඔයාගෙ අප්පා කැමති මොනවටද කියලා?"

"ඒ කිව්වෙ?"

"ඒ කිව්වෙ.. මං දැන් ගිහින් ඔයාගෙ අප්පගෙ හිත දිනාගන්න නම් මොනාද කරන්න ඕනෙ?"

"ඔයා මුකුත් කරන්න ඕනෙ නෑ කුක්.. ඔයාගෙ හුරතල් මූණ දැක්ක ගමන් අප්පා නිකන්ම ඔයාට කැමති වෙයි." ටේහ්‍යොන්ග් කියද්දි ජන්ග්කුක් තොල් උල් කරගත්තා.

"ආයෙත් මූණ බෙරිකරගත්තද? හරි හරි.. ම්ම්.. මායි අප්පයි ගෙදර ඉන්න වෙලාවට අපි දෙන්නා සෝජු පාටියක් දාලා සිංදුවක් කියනවා.. ඔහේ කතා කරනවා.. ඕවා තමයි අපෙ අප්පා කැමති දේවල්.."

"ඕ.. "

"ඉස්සර මං පොඩි කාලෙදි අප්පා මාව කරේ තියාගෙන මේ සිංදුව කියනවා.." ටේහ්‍යොන්ග් එහෙම කියලා උගුර පෑදුවා.

"වලසුන් තිදෙනෙක් ගෙදරක හිටියා..
අම්මා වලහයි තාත්තා වලහයි පොඩි පැටියයි..
අම්මාගේ ඇඟ නම් හරිම හැඩයි
තාත්තාගේ බඩ නම් ලොකුම ලොකුයි
පොඩි පැටියා නම් හරි හුරතල්.."

ටේහ්‍යොන්ග් තනි අතකින් ඩ්‍රයිව් කරන ගමන් ඒ සිංදුව කිව්වෙ විකාර විදිහෙ action ටිකකුත් දාලා. ඉතින් ජන්ග්කුක් එයාගෙ බනී දත්ටික එළියෙ දාගෙන හිනාවෙන්න ගත්තෙ ටේහ්‍යොන්ග්ගෙ මූණටත් නොදැනුවත්වම හිනාවක් එද්දි.

"එතකොට ඔයා බේබි බෙයා?"

"හ්ම්ම් අප්පා කිව්වෙ එහෙම.. ඔම්මා කිව්වෙ මට හනී බෙයා කියලා.."

"ආව්.. කියුට්. එහෙනම් ඔයා මගෙ ටෙඩි බෙයා..  my cuddly, romantic teddy bear.." ටේහ්‍යොන්ග්ගේ අතක් අත් දෙකෙන්ම තදකරගෙන ඒ උරහිසක් උඩින් මූණ තද කරගත්තු ජන්ග්කුක් මුමුණද්දි ටේහ්‍යොන්ග් හිනාවෙලා ජන්ග්කුක්ගෙ ඔලුව ඉම්ඹා.

දෙන්නගෙ කෝලම් වැඩ නිසා ටේහ්‍යොන්ග් ඩ්‍රයිව් කරෙත් ගොඩක් හෙමින්. ඉතින් දෙන්නා ටේහ්‍යොන්ග්ගෙ ගෙදරට එනකොට දවල් වෙලා තිබුණා. ඒ දෙන්නව පිළිගන්න මිස්ටර් කිම් දේහ්‍යුන් ඉස්සරහට ඇවිත් ඉන්නවා දැක්කම පුරුදු විදිහටම අඳුරන්නෙ නැති අය ළඟදි බයවෙන ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගෙ උරහිස් අල්ලගෙන එයා පිටිපස්සෙ හැංගුණා.

"ඒයි ඉස්සරහට එන්න.. මගෙ අප්පා ඔයාව ගිලින්නෙ නෑ."

"මට ලැජ්ජයි.." ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගෙ පිටට මූණ තදකරගෙන මිමිණුවා.

"ඒ.. මේ කෝලම." ටේහ්‍යොන්ග් ඇස් රෝල් කරලා ජන්ග්කුක් එක්කම ඉස්සරහට ඇවිදගෙන ආවා.

"ඔන්න.. අප්පට මං මගෙ වෙන්න බෝයිෆ්‍රෙන්ඩ්ව පෙන්නන්න එක්කගෙන ආවා." ටේහ්‍යොන්ග් කිව්වම එයාගෙ පිටිපස්සෙ හැංගිලා හිටපු ජන්ග්කුක් මූණ විතරක් එළියට දාලා දේහ්‍යුන්ට හිනාවෙලා අත වැනුවා.

"හායි.." ජන්ග්කුක්ගෙ හුරතල් වැඩ වලට මූණට හිනාවක් එද්දි ටේහ්‍යොන්ග්ගෙ අප්පා හිනාවෙලා දෙන්නටම ගේ ඇතුලට අඬ ගැහුවා.

"ඇවිත් ඉඳගන්නකො දෙන්නම.."

"අපි මොනාහරි බීලා ඉමු නේද? ඔය දරුවා ආස.. " ජන්ග්කුක් ඉඳගත්තට පස්සෙ දේහ්‍යුන් එහෙම අහන ගමන් ජන්ග්කුක් දිහා බැලුවා. ඒ වෙලාවෙ තමයි දේහ්‍යුන් ජන්ග්කුක්ගෙ මූණ හරියට දැක්කෙ. ඒ මූණ අඳුරගත්තු සැනින් දේහ්‍යුන්ගෙ ඇස් ලොකුවෙලා ගියා.

"ස්..සෝයුන්?"

"අංකල් මගෙ ඔම්මව දන්නවද?" ජන්ග්කුක්ගෙ ඇසුත් ලොකුවුණා.

"ඔ-ඔව්.. දෙවියනේ ඔයා එයා වගේමයි." දේහ්‍යුන් ජන්ග්කුක්ට ළංවෙලා හිමීට ඒ කම්මුලක් ඇල්ලුවෙ ඇස් දෙකේ කඳුලු පුරවගෙන.

දේහ්‍යුන්ගෙ හැසිරීම ජන්ග්කුක්ව විතරක් නෙවෙයි ටේහ්‍යොන්ග්වත් පුදුම කරා.

"අප්පා?" ටේහ්‍යොන්ග් කතා කරාම හරි සිහියට ආපු දේහ්‍යුන් ඉක්මනට ජන්ග්කුක්ගෙ කම්මුලෙන් අත ගත්තෙ කොල්ලා ඉන්නෙ බයවෙලා කියලා තේරුණු නිසා.

"සමාවෙන්න.. ම්..මට පොඩ්ඩක්.."

"අංකල් කොහොමද මගෙ ඔම්මව දන්නෙ?" කුතුහලය නිසාම ජන්ග්කුක් ආයෙමත් එහෙම ඇහුවා.

"සෝයුන්... සෝයුන් කියන්නෙ මං පළවෙනියට ආදරේ කරපු කෙනා."

"ඔහ්.. ඒ කියන්නෙ ඒ ඔයා... ඔම්මගෙ ෆස්ට් ලව් එක." ජන්ග්කුක් ඇසුත් ලොකුකරන් අහද්දි ටේහ්‍යොන්ග් ගල්ගැහිලා බලාගෙන හිටියා.

"හ්ම්ම්.. පොඩ්ඩක් ඉන්න. ඒ කියන්නෙ.. ඒ කියන්නෙ ඔයා.. හ්‍යුන්සුක්ගෙ පුතා.. දෙවියනේ කලබලේ නිසා මට ඒක අමතක උනා." දේහ්‍යුන් කලබලෙන් එහෙම කියන ගමන් ටේහ්‍යොන්ග් දිහාට හැරුණා.

"ටේ බෙයා.. ඔයා කොහොමද ප්‍රසිඩන්ට්ගෙ පුතාව දන්නෙ? ඔයා මට මීටකලින් ඒ වගක් කියලා නෑනෙ?" දේහ්‍යුන් අහද්දි ටේහ්‍යොන්ග් යටිතොල හපාගෙන බෙල්ල පිටිපස්ස අතගෑවෙ කියන්න බොරුවක් මතක් කරන ගමන්.

"ඒ ඔයා.. එහෙම නේද?" ටිකවෙලාවකින් දෙයක් මතක් උනා වගේ දේහ්‍යුන් එහෙම ඇහුවම ටේහ්‍යොන්ග් ඇස් තදකරලා පියාගත්තා. අවුරුදු ගානක පළපුරුද්දක් තියෙන NIS එකේ ලොක්කෙක්ට මෙතන සිද්ද උනේ මොකද්ද කියලා තේරුම් ගන්න අමාරු නෑ කියලා ටේහ්‍යොන්ග් හොඳට දන්නවා.

"ප්‍රසිඩන්ට්ගෙ පුතාව කිඩ්නැප් කරේ ඔයයි එහෙනම්. ටේ.. මොකද්ද මේකෙ තේරුම? ඔයා මොකද්ද මේ කරන්න හදන්නෙ?" දේහ්‍යුන්ගෙ හඬ කෝපසහගත වෙද්දි ජන්ග්කුකුත් ගැස්සිලා ගියා. ටේහ්‍යොන්ග් නිහඬවම බිම බලාගත්තෙ වැරැද්ද එයාගෙ කියලා හොඳටම දැනගෙන හිටපු නිසා.

"අංකල්.. හ්‍යොන්ගී මට මුකුත් කරේ නෑ." ටේහ්‍යොන්ග් බැනුම් අහනවා දකින්න අකමැති උනු ජන්ග්කුක් බයෙන් තොල් මතුරද්දි දේහ්‍යුන්ගෙ අවදානය ජන්ග්කුක්ට යොමුවුණා.

"ඔයා මට ඉක්මනටම ඔයා කරන්න හදන්නෙ මොකද්ද කියලා පැහැදිලි කරන්න ඕනෙ.. තේරුණානෙ??" ටේහ්‍යොන්ග්ට අණ කරපු දේහ්‍යුන් ගිහින් ජන්ග්කුක් ළඟින් ඉඳගත්තා.

"සමාවෙන්න දරුවෝ.. මගෙ මෝඩයා කරපු වැඩේට." දේහ්‍යුන් ආයෙමත් වතාවක් ටේහ්‍යොන්ග්ට රවලා කියද්දි ජන්ග්කුක්ට හිනාගියා.

"ඔයා ඇත්තටම එයා වගේමයි.." ජන්ග්කුක් හිනාවෙන දිහා බලාගෙන හිටපු දේහ්‍යුන්ගෙ මූණෙත් ආදරණීය සිනහවක් මැවුණා.

"එයා මගෙ හරිද.." ඒ පාර තරහ ගියපු කොටියෙක් ඇවිත් ජන්ග්කුක්ගෙයි දේහ්‍යුන්ගෙයි මැද්දෙන් ඉඳගත්තම දේහ්‍යුන් හිනාවෙලා කොල්ලගෙ පිටට ගැහුවා.

"මොනාද බොන්නෙ?"

"බනානා මිල්ක්ක්" ජන්ග්කුක් අත්පුඩියක් ගහලා කියද්දි දේහ්‍යුන් ඇහිබැමක් උඩට කරා. ඇත්තටම දේහ්‍යුන් දැනගෙන හිටියෙ නෑ බනානා මිල්ක් හදන්නෙ කොහොමද කියලා.

"ෆ්‍රිජ් එකේ ඇති අප්පා.. මං ඊයෙ ගෙනාවා." ටේහ්‍යොන්ග් එහෙම කිව්වම දේහ්‍යුන් ඔලුව වනලා එතනින් නැගිට්ටෙ ටේහ්‍යොන්ග්ටයි ජන්ග්කුක්ටයි ටිකක් තනිවෙන්න ඉඩදීලා.

"ඔයාගෙ අප්පා හෙන හැන්ඩ්සම්නෙ ඕයි.." ජන්ග්කුක් ටේහ්‍යොන්ග් උරහිසෙන් නිකට තියලා කියද්දි කොල්ලගෙ මූණ ඇදවෙලා ගියා.

"ඒයි මේ.. ඔයාගෙ ඔම්මා එයාට කැමති උනාට ඔයා කැමති වෙන්නෝනෙ මට හරිද?" ටේහ්‍යොන්ග් ඉරිසියාවෙන් මූණත් රතුකරගෙන කිව්වම ජන්ග්කුක්ට හිනාගියා. එයා හිනාවෙලා ටේහ්‍යොන්ග්ගෙ උරහිස හැපුවා.

"ඌහ්.. වල් හාවො.. රිදෙනවා මට." ටේහ්‍යොන්ග් උරහිස අතාගාන ගමන් කියද්දි ජන්ග්කුක් ඉස්සරහට නැමිලා ටේහ්‍යොන්ග්ගෙ බෙල්ලත් හැපුවා.

"උඹට මම.." ටේහ්‍යොන්ග් එකපාරටම කොල්ලව අරගෙන කකුල් දෙක උඩින් දිගාකරේ ජන්ග්කුක්ගෙ පස්ස ටේහ්‍යොන්ග්ගේ ලැප් එක උඩට එනවිදිහට.

"ඒයි.." ජන්ග්කුක් ඇස් ලොකුකරගෙන කෑගහලා අනිත් පැත්ත හැරෙන්න ගියත් ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ ඉන තදකරලා අල්ලගෙන අනිත් අතින් ජන්ග්කුක්ගෙ පස්සට එකක් ගැහුවා.

"නෝටි බේබිබෝයිලට පනිශ් කරන්න ඕනෙ.." ටේහ්‍යොන්ග් කට කොනකින් හිනාවෙලා කියලා ආයෙමත් ජන්ග්කුක්ගෙ පස්සට ගහද්දි ජන්ග්කුක්ගෙ මූණ රතුවෙලා ගියා. ටේහ්‍යොන්ග්ගෙ පාරවල් ටිකක් සැර උනත් ජන්ග්කුක්ට ඒකෙන් අමුතුම වින්දනයක් ලැබුණු නිසා කොල්ලා ටේහ්‍යොන්ග්ට ඉඩදීලා යටිතොල හපාගත්තා.

"You like it bun?" ඊළඟ පාර ජන්ග්කුක් වෙතින් කෙඳිරිල්ලක් පිටවෙද්දි ටේහ්‍යොන්ග් ඇහුවෙ ජන්ග්කුක්ගෙ butt එක මිරිකන ගමන්.

"ම්ම්හ්.." ඇත්තටම ටේහ්‍යොන්ග්ගෙ ගැඹුරු කටහඬට, ඩොමිනන්ට් ඇක්ශන්ස් වලට ජන්ග්කුක් හිත යටින් ගොඩක් ආසා කරා. ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගේ කලවා වලට තදවෙලා තියෙන එයාගෙ ඩික් එක ලාවට මූව් කරන්න ගත්තම ටේහ්‍යොන්ග් හිනාවෙලා ආයෙමත් ජන්ග්කුක්ගෙ පස්සට එකක් ගැහුවා.

"ස්ටොප් ඉට්.. මෙතන නෙවෙයි." ටේහ්‍යොන්ග්ට එහෙම කියලා කට ගන්න හම්බුණේ නෑ එයාගෙ අප්පා ට්‍රේ එකකුත් අරගෙන සාලෙට ආවා.

ඒත් ජන්ග්කුක්ගෙයි ටේහ්‍යොන්ග්ගෙයි ඉරියව්ව දැක්ක ගමන් දේහ්‍යුන්ට ලොකු කැස්සක් ආවෙ ඒ සද්දෙට ජන්ග්කුක් ඉක්මනට කෙලින් වෙලා ටේහ්‍යොන්ග්ට ටිකක් ඈතින් ඉඳගනිද්දි. ජන්ග්කුක්ගෙ විතරක් නෙවෙයි ටේහ්‍යොන්ග්ගෙත් මූණ රතුවෙලා තියෙනවා දැක්කම දේහ්‍යුනුත් මුකුත්ම නොකියා ඉන්න තීරණය කරා.
.
.
.
.
.
.
.
.
.
.
.
.

~To be continued~

What are you doing tae? His tongue..👀🌚
(මේකත් deleted scene එකක්🙊)

Big taehyung 🌚

Big ears, nose, hands and feet

Fingers and hands

Wide shoulders

Big bones?
What did you mean kook👀

Sharp balls 😉

And this😂😂

Maybe this is what he meant

They even covered it😂

28/1/2023

Continue Reading

You'll Also Like

11K 1.6K 28
හුංගි (කුකී) ආ- මොන මගුලක්ද මේක දැන් නම් මට හොදටම එපා වෙලා තියෙන්නේ. Don't call me hyung baby call me daddy Top tae Bottom kook Taekook Sinhala ff ...
13.7K 2.7K 15
Apologies Don't mean anything If you keep doing what you are sorry for.... 🤙💞
581K 21.1K 96
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
25.8K 902 16
... I suck at descriptions, so read to find out? ~•WATTYS 2017•~