฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ [Completed] ||Tae...

By moonflower_9597

82.3K 15.7K 10.7K

කළු රෝස.. ගැලපෙන්නෙ නෑ නේද? රෝස මලක් අනිවාර්යයෙන්ම රෝස හෝ රතු පාට වෙන්නම ඕනෙ. වෙන වෙන පාට රෝස තියෙනවා තමයි... More

Chapter 1
Chapter 2
Characters
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
2/2/2023 - TK
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Epilogue

Chapter 20

2K 431 307
By moonflower_9597

Happy Taekook Day💚💜️

සතියකට පසු,

ටේහ්‍යොන්ග් මේ සතියම බේස්මන්ට් එකට නොයා එයාගෙ ගෙදර ඉන්න තීරණය කරේ එතකොටවත් ජන්ග්කුක්ව මතක්වෙන එකෙන් බේරෙන්න පුළුවන් වෙයි කියලා හිතලා. මොකද බේස්මන්ට් එකේ එයාව පිළිගන්න කවුරුත් නොහිටියට එයාගෙ ගෙදර නම් එයාව එද්දි ආදරෙන් පිළිගන්න එයාගෙ ආදරණීය ටැනී හිටියා. ඉතින් කොච්චර මහන්සි වෙලා ආවත් ගෙදරට එද්දිම දුවගෙන ඇවිත් ඇඟට පනින බෝල ගෙඩිය නිසා ටේහ්‍යොන්ග්ගේ මූණ හිනාවකින් සැරසෙනවා. ඒ වගේම කොච්චර කාර්යබහුල උනත් ටේහ්‍යොන්ග්ගේ අප්පා පුළුවන් හැමවෙලාවකම ටේ ළඟින් ඉන්න නිසා ටේහ්‍යොන්ග් හිතුවා ගෙදර ඉන්න එකෙන් එයාට ජන්ග්කුක්ව අමතක කරන එක ලේසි වෙයි කියලා.

ඒත්, මොන දේවල් තිබුණත්.. කරත්.. ටේහ්‍යොන්ග්ට ජන්ග්කුක්ව මතක්වෙන එක නවත්තන්න ඒ කිසිම දේකට බැරිවුණා. ඒ සතියටම ටේහ්‍යොන්ග් ජන්ග්කුක් ගැන අහපු එකම ආරංචිය උනේ මිස්ටර් ජොන් විසින් ඔහුගේ පුතා ආරක්ෂිතව ආපසු නිවසට පැමිණි බවත් ඔහුගේ පැහැරගැනීම සම්බන්ධයෙන් දිගටම කරුණු සොයාබලන බවටත් සිදුකල මාධ්‍ය ප්‍රකාශය. ඒ ඇරෙන්න ජන්ග්කුක්ව contact කරගන්න පුළුවන් ක්‍රමයක් ටේහ්‍යොන්ග් සතුව තිබුණේ නැහැ. නම්ජුන්ගෙ අනුදැනුම පිට ජන්ග්කුක් මීරාට කතාකරපු අංකය ඒ වෙද්දි භාවිතයෙන් ඉවත් කරලා තිබුණු නිසා ටේහ්‍යොන්ග්ට මීරාගෙ අංකය වත් ගන්න පුළුවන් කමක් තිබුණෙ නෑ. ඉතින් ජන්ග්කුක්ව නොදැක ඉන්න තවදුරටත් බැරිවෙද්දි ටේහ්‍යොන්ග් කිසිම දෙයක් ගැන නොහිතා, කාටවත්ම නොකියා ජන්ග්කුක්ව බලන්න යන්න තීරණය කලා. ඔව්, ජන්ග්කුක්ගෙ ගෙදරටම යන්න තරම් ටේහ්‍යොන්ග් මෝඩ/නිර්භීත වුණා.

"සර් කාව හම්බවෙන්නද?"

"මිස්ටර් ජොන් ජන්ග්කුක්ගෙ ගෙදර නේද මේ?"

"ඔව් සර්, සර් පොඩි සර්ව හම්බවෙන්නද ආවෙ?"

"ඔව්.. මට ඇතුලට එන්න පුළුවන්ද?"

"සමාවෙන්න සර්.. ඒත් ලොකු සර් කියලා තියෙන්නෙ පොඩි සර්ගෙන් අහන්නෙ නැතුව කාවවත් ඇතුලට ගන්නෙපා කියලා."

"ඔහ්?"

"මං පොඩි සර්ගෙන් අහලා එනකම් සර් මෙතන ඉන්න. සර්ගෙ නම මොකක් කියලද කියන්න ඕනෙ?"

"ටේ.. ටේ ඇවිත් ඉන්නවා කියලා කියන්න." ටේහ්‍යොන්ග් කෝකටත් කියලා එයාගෙ සම්පූර්ණ නමවත්, මාෆියා වැඩවලට යොදාගන්න නමවත් නොකියා ඉන්න තීරණය කලා.

Security guard ටිකක් එහාට ගිහින් කාට හරි කෝල් කරනවා ටේහ්‍යොන්ග් එයාගෙ කාර් එකේ ඉඳන් බලාගෙන හිටියෙ.
.
.
.
.
.
.
.
.
.

ගතවුණු සතිය ඇතුලත ජන්ග්කුක්ට ටේහ්‍යොන්ග්ව මතක් නොවුනා නෙවෙයි. ඒත් ජන්ග්කුක්ට ටේහ්‍යොන්ග්ව contact කරගන්න කිසිම ක්‍රමයක් තිබුනෙ නැහැ. ඉතින් ජන්ග්කුක් ඒ වෙද්දි ආයෙමත් එයාගෙ පුරුදු ජීවිතයට පත්වෙලා තිබුණා. වෙනසකට කියලා තිබුණේ ජන්ග්කුක් දැන් ඉස්සර වගේ ක්ලබ් නොගියපු එක විතරයි.

ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ජන්ග්කුක් එයාගෙ නිදහස් කාලය සම්පූර්ණයෙන්ම වගේ චිත්‍ර අඳින්න වැයකරලා තිබුණා.

ඒ ඇරුනම පරණ පුරුදු නපුරු ජන්ග්කුක්ට ආයෙමත් පණ ඇවිත් තිබුණා. ඉතින් උදේම ගාඩ්ගෙන් එයාට කෝල් එකක් ආවම ජන්ග්කුක් ඒක කියන්න ආපු මේඩ්ටත් රවලා ඇවිත් කෝල් එක ගත්තා.

"කියන්න.."

"පොඩි සර්, උම් සර්ව හම්බවෙන්න කියලා කෙනෙක්.."

"මට කාවවත් හම්බවෙන්න ඕනෙ නෑ.. ආපහු යන්න කියනවා." ගාඩ් කියලා ඉවර කරන්නත් කලින් ජන්ග්කුක් ඒ අහිංසක මනුස්සයගෙ ඇඟට කඩන් පැන්නා.

"ඒත් සර්.."

"කියපු දේ කරනවා මනුස්සයෝ.." ජන්ග්කුක් එහෙම කියලා කෝල් එක කට් කරන්න ගියත් එයාට මතක් උනා සමහරවිට ඇවිත් ඉන්නෙ ටේහ්‍යොන්ග් හරි අනිත් අයගෙන් කවුරුහරිද දන්නෙ නෑ කියලා. එයා ආයෙමත් ගාඩ්ට කතා කරන්න බැලුවත් ගාඩ් ඒ වෙද්දි කෝල් එක කට් කරලා තිබුණු නිසා කෝකටත් කියලා ජන්ග්කුක් පාතට දුවගෙන ගිහින් කෙලින්ම එළියට දිව්වා.

"ගේට් එක අරිනවා.." ජන්ග්කුක් මඟදිම කෑගහපු නිසා ගාඩ් කෙනෙක් දුවගෙන ඇවිත් ඉක්මනට ගේට් එක ඇරියා.
.
.
.
.
.
.
.
.

"සොරි සර්.. පොඩි සර් මේ වෙලාවෙ කාවවත් හම්බවෙන්න බෑ කිව්වා." ගාඩ් ආචාරශීලීව කියද්දි ටේහ්‍යොන්ග්ගෙ මූණ අඳුරු වෙලා ගියා.

"ඒත්.." ටේහ්‍යොන්ග් තවත් මොනාහරි කියන්න ගියත් එකපාරටම ගේට් එක ඇරෙනවා දැක්කම ටේහ්‍යොන්ග්ගෙ අවදානය ඒ වෙතට යොමුවුණා.

ඇරුණු ගේට් එකෙන් ඉස්සරහට දුවගෙන එන ජන්ග්කුක්ව දැක්කම ටේහ්‍යොන්ග්ගෙ කළු වෙලා ගියපු මූණ ආයෙමත් එළිය වුණා.

"ටේහ්‍යොන්ගී..." ජන්ග්කුක් දුවගෙන ඇවිත් ටේහ්‍යොන්ග්ගෙ පැත්තෙ එයා ඇරලා තිබුණු car window එකෙන් ඇතුලට එබුණම ටේහ්‍යොන්ග්ගෙ මූණ ලස්සන බොක්සි හිනාවකින් හැඩවුණා.

"පොඩි සර්ට මාව හම්බවෙන්න බෑ කිව්වා කියලා කිව්වෙ?" ටේහ්‍යොන්ග් ඇහිබැමක් උස්සලා ඇහුවම ජන්ග්කුක්ගෙ මූණ රතුවුණා.

"මං හිතුවෙ නෑ ඉතින් ඔයා මාව බලන්න ගෙදරටම එයි කියලා.." ජන්ග්කුක් මුමුණද්දි ටේහ්‍යොන්ග් හිනාවෙලා කොල්ලගෙ කම්මුලකට තට්ටුවක් දැම්මා.

"ම්ම්.. දැන් ඉතින් මං ආවනෙ. මට ඇතුලට එන්න අවසරයිද?"

"හ්ම්.. මගෙ ගෙදරට මාව කිඩ්නැප් කරපු මනුස්සයව සාදරයෙන් පිළිගන්නවා." ජන්ග්කුක් ඇස් රෝල් කරලා කියද්දි ටේහ්‍යොන්ග්ට හිනාගියා.

"හරි හරි.. දැන් ඇවිත් කා එකට නගින්න."

"කොහෙ යන්නද?"

"වෙන කොහෙද.. ඇතුලට යන්නනේ."

"මං පයින් එන්නම්.."

"මුරණ්ඩු නොවී නගින්න ළමයො.. ඔයා සෙරෙප්පු දෙකක්වත් නැතුව ඇවිත් තියෙන්නෙ. ඊළඟට යටිපතුල් තුවාල වෙයි වැලි කැට ඇනිලා." ටේහ්‍යොන්ග් කිව්වම ජන්ග්කුක් හිමීට ඇවිත් කා එකට නැග්ගා.

"දැට්ස් මා බෝයි.." ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ කකුලකට තට්ටුවක් දාලා කාර් එක ඉස්සරහට ගත්තා. ජන්ග්කුක්ගෙ ගෙදර ඉස්සරහින් කා එක නවත්තපු ටේහ්‍යොන්ග් කාර් එකෙන් ඉක්මනට බැස්සෙ ජන්ග්කුක්ට දොර ඇරලා දෙන්න උනත් එයා දැක්කා ජන්ග්කුක් දොර ඇරගෙන කා එකෙන් බැහැලා එනවා.

"යමු ඇතුලට.." ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගේ අතකින් ඇදගෙන එයාව ඇතුලට එක්කගෙන යද්දි ටේහ්‍යොන්ග් පුදුමෙන් ජන්ග්කුක් දිහා බලන් හිටියෙ ජන්ග්කුක්ගෙ මේ හැසිරීම ගොඩක් වෙනස් නිසා.

"බේබි.. ඔයා මගෙ අත අල්ලගෙන ඉන්නෙ." ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ට ළංවෙලා මිමිණුවෙ ජන්ග්කුක්ගෙ ගෙදර සේවකයෝ හැමෝම ඒ දෙන්නා දිහා අමුතු විදිහට බලන් ඉන්න හැටි දැකලා. ඒත් ජන්ග්කුක් ඒ කාවවත් ගණන් ගන්න පාටක් නම් පෙනුනෙ නෑ.

"මීරා ඔම්මා... ඔන්න මගෙ බෝයිෆ්‍රෙන්ඩ් ඇවිත් මාව බලන්න." ජන්ග්කුක් ගෙදරටම ඇහෙන්න හයියෙන් කෑගහලා කිව්වම ටේහ්‍යොන්ග්ගේ හුස්මත් නැවතුණා. ඒ කියන්නෙ.. ඒ කියන්නෙ ජන්ග්කුක් අන්තිමේදි ටේහ්‍යොන්ග්ගේ බෝයිෆ්‍රෙන්ඩ් වෙන්න තීරණය කරලා? ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ අත තදකරලා අල්ලගත්තෙ ඇත්තටම එයාගෙ කන් අදහගන්න බැරුව.

ජන්ග්කුක්ගෙ කෑගැහිල්ලට මීරාත් දුවගෙන ආවා.

"ඔහ්.." ජන්ග්කුක්ගෙ පිටිපස්සෙන් ඉන්න කඩවසම් තරුණයාව දැක්කම මීරාගෙ ඇස් ලොකුවෙලා ගියා.

"මීරා ඔම්මා.. ඔන්න මේ ඉන්නෙ ඔයාගෙ අනාගත බෑනා. ටේ.. මේ ඉන්නෙ මීරා ඔම්මා. මං ඔයාලට කිව්වෙ.." ජන්ග්කුක් දෙන්නව අඳුන්වලා දුන්නම ටේහ්‍යොන්ග් හිනාවෙලා මීරාට ඔලුව නමලා ආචාර කරා. මීරා හිනාවෙලා ටේහ්‍යොන්ග්ගේ අතට තට්ටුවක් දැම්මා.

"අපේ ස්වීටි හැන්ඩ්සම් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්වනෙ හොයාගෙන තියෙන්නෙ." මීරා කියද්දි ටේහ්‍යොන්ග් ලැජ්ජාවෙන් හිනාවෙලා මීරා දිහා බැලුවා.

"මීරා ඔම්මා... අපි මගෙ රූම් එකට යනවා.." ජන්ග්කුක් කිව්වම මීරා ඔලුව වැනුවා.

"බොන්න මුකුත්.."

"උඩ ඇති.." ජන්ග්කුක් කිව්වම අජුම්මා ඔලුව වැනුවා.

ජන්ග්කුක් ආයෙමත් ටේහ්‍යොන්ග්ව ඇදගෙන උඩ තට්ටුවට දිව්වා.

"හිමින් බන්.. මට උඹට තරම් වේගෙන් දුවන්න බෑ."

"නාකියිනේ.. අරක කරන්න ගියාමත් මට මහන්සියි ගාලා මගදි නවත්තයිද දන්නෙ නෑ." ජන්ග්කුක් කිව්වම ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ පස්සට එකක් ගැහුවා.

"ඒක අපි ඒ වෙලාවට බලාගමුකෝ."

කතාවෙන් කතාව ජන්ග්කුක් ටේහ්‍යොන්ග් එක්ක උඩු මහලට ආවා. ඇත්තටම ඒ වෙද්දි ටේහ්‍යොන්ග්ට ජන්ග්කුක්ගෙ බංගලාවෙ තිබුණු සුඛෝපභෝගි බව ගැන දළ අදහසක් ඇවිත් තිබුණා.

"උඩ තට්ටුවට වැඩිය කවුරුත් එන්නෙ නෑ. මගෙ කාමරේට එන්නෙ නම් මීරා ඔම්මා විතරයි.." ජන්ග්කුක් කියද්දි ටේහ්‍යොන්ග් වටේටම ඇස් යවන ගමන් ඔලුව වැනුවා.

උඩු මහළ ජිම් එකකින්, mini bar එකකින්, චාම් බව මුසු උනු living room එකකින්, ජන්ග්කුක් චිත්‍ර අඳින්න පාවිච්චි කරන කාමරෙන් වගේම ජන්ග්කුක්ගෙ කාමරෙන් සමන්විත වුණා. ජන්ග්කුක්ගෙ කාමරේ පවා ගොඩක් විශාලයි. ලා අළු පාට බිත්ති, කළු පාට කර්ටන් ඒ කාමරේට අමුතු සුන්දරත්වයක් එකතු කරලා තිබුණා.

"මේ බංගලාව මගෙ ඔම්මගෙ.." ජන්ග්කුක් එයාගෙ ඇඳෙන් ඉඳගන්න ගමන් කිව්වා.

"ම්ම්.." ටේහ්‍යොන්ග් ඔලුව වනලා ජන්ග්කුක් දිහාවට හැරුණා.

"මොකද්ද අර මං ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියලා මීරා ඔම්මට කියපු කතාව?"

"අහ්.. උම්... මේකෙ ඉන්න හැමෝම අප්පගෙ අය.. එයාලා මේ ගෙදර ඇතුලෙ වෙන හැමදෙයක්ම අප්පට කියනවා. ඉතින් මට ඕනෙ උනා ඇත්තටම මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියන ආරංචිය අප්පා දැනගන්නවා බලන්න. ඕක ඇහුවම තරහින් පුපුරයි දැන්." ජන්ග්කුක් එහෙම කියලා හිනා උනාට ටේහ්‍යොන්ග් ජන්ග්කුක් දිහා බැලුවෙ කුතුහලයෙන්. ජන්ග්කුක් ඇයි එයාගෙ අප්පව හිතලම කේන්ති ගස්වන්න හදන්නෙ කියන එක තේරුම් ගන්න ටේහ්‍යොන්ග්ට බැරිවුණා.

"මොකෝ.." ටේහ්‍යොන්ග් ඉන්නෙ වෙන ලෝකෙක කියලා තේරුණාම ජන්ග්කුක් ටේහ්‍යොන්ග් අතට ගැහුවා.

"එතකොට මං බෝයිෆ්‍රෙන්ඩ් කියලා කිව්වෙ බොරුවටද? ඒකට නම් මගෙ හිත රිදුණා හැබැයි.." ටේහ්‍යොන්ග් තොල් පෙරලලා කිව්වම ජන්ග්කුක්ගෙ කම්මුල් රෝස පාට වුණා.

"මොනවද බොන්නෙ.. බියර්?" ජන්ග්කුක් කතාව අනිත් පැත්ත හරවන්න හිතන් ඇහුවා.

"මං බියර් බොන්නෙ නෑ.."

"වයින්?"

"හ්ම්."

"ඉන්න ටිකක්.." ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ව කාමරේ තනිකරලා බාර් එකට දිව්වා.

ජන්ග්කුක් ගියාට පස්සෙ ටේහ්‍යොන්ග් ආයෙමත් ජන්ග්කුක්ගෙ කාමරේ පුරාම ඇස් යැව්වා. ඒත් එක්කම ටේහ්‍යොන්ග්ගේ ඇස් night stand එක උඩ තිබුනු ලස්සන ගෑණු කෙනෙක් ඉන්න පින්තූරයක් මතින් නැවතුණා.

ටේහ්‍යොන්ග් එතෙන්ට ළංවෙලා ෆොටෝ එක අතට ගත්තා. ජන්ග්කුක්ගෙ මුහුණුවර තිබුණු ඒ කෙනා අනිවාර්යයෙන්ම ජන්ග්කුක්ගෙ ඔම්මා වෙන්නැති කියලා ඒ ෆොටෝ එක දකිද්දිම ටේහ්‍යොන්ග්ට හිතුණා. එයා ආයෙමත් ෆොටෝ එක night stand එකෙන් තියන්න යද්දි ඒක උඩ තිබුණු ෆොටෝ ඇල්බම් එකක් දැකපු නිසා ටේහ්‍යොන්ග් ඒකත් අරගෙන ජන්ග්කුක්ගෙ ඇඳෙන් ඉඳගත්තා.

ටික වෙලාවකට පස්සෙ ජන්ග්කුක් වයින් වීදුරු දෙකක් අරගෙන ආයෙමත් කාමරේට එද්දි ටේහ්‍යොන්ග් හිටියෙ ජන්ග්කුක්ගෙ ඇල්බම් එක බලන ගමන්. ජන්ග්කුක්ගෙ පුංචි කාලෙ ඉඳන් අවුරුදු 12/13ක් වෙනකම්ම ෆොටෝස් වලින් ඒ ඇල්බම් එක පිරිලා තිබුණා.

"ඒයි.. මොනාද බලන්නෙ?"

"ඔයාගෙ ෆොටෝස්.. චූටි කාලෙ නම් හරිම හුරතල්.. දිග කොණ්ඩෙ නිසා කෙලි පැටියෙක් වගේ.."

"යාහ්.. තියනවා ඕක." ජන්ග්කුක් ඇවිත් ටේහ්‍යොන්ග් අතට වයින් වීදුරුවක් දීලා ඇල්බම් එක උදුරලා අරන් පැත්තකට දැම්මා.

"ඔයා පොඩි කාලෙ ඉඳන්ම කොණ්ඩෙ දික් කරාද?" වයින් වීදුරුව තොල ගාන ගමන් ටේහ්‍යොන්ග් ඇහුවම ජන්ග්කුක් ඔලුව වැනුවා.

"ඔම්මා කැමැත්තෙන් හිටියෙ කෙල්ලෙක්ටලු.. ඉතින් එයා ගොඩක් වෙලාවට මට ඇඳුම් ගෙනාවෙ එහෙමත් ඒ වගේ ඒවා. එයා ආස නිසා තමයි මං තාමත් කොණ්ඩෙ කපන්නෙ නැත්තෙ."

"ම්ම්.." ටේහ්‍යොන්ග් ඔලුව වනලා ජන්ග්කුක් දිහා බැලුවා. ඒ වෙලාවෙ තමයි ටේහ්‍යොන්ග්ට මීටර් උනේ ජන්ග්කුක් ආයෙමත් එයාගෙ පරණ පුරුදු style එකට මාරුවෙලා කියලා. තනි කළු පාට ඇඳුම් වල ගිලිලා ඉන්න ජන්ග්කුක්ගෙ කොණ්ඩෙත් පිටිපස්සට කරලා බැඳලා තිබුණා.

"ඇයි.. " ටේහ්‍යොන්ග්ගේ ඇස් එයා දිහාවට යොමුවෙලා කියලා දැනුනම ජන්ග්කුක් තොල් උල්කරන් ඇහුවා.

ටේහ්‍යොන්ග් මුකුත් නොකියා වයින් වීදුරුව පැත්තකින් තියලා නැගිටලා ඇඳේ ඉඳගෙන ඉන්න ජන්ග්කුක්ගෙ මූණට පාත්වුණා. ජන්ග්කුක්ගෙ ඇස් ඉබේටම පියවිලා ගියත් ටේහ්‍යොන්ග්ගෙ අවදානය තිබුණෙ ජන්ග්කුක්ගෙ කොණ්ඩෙ ළඟ. හිමීට ජන්ග්කුක්ගෙ ගැටගහලා තිබුණු කොණ්ඩෙ ලිහිල් කරපු ටේහ්‍යොන්ග් ඒ දිග කෙහෙරැලි වලට නිදහසේ වැටෙන්න දුන්නා. යාන්තමට කර්ල් වෙලා තියෙන ජන්ග්කුක්ගෙ කොණ්ඩෙ මූණ දෙපැත්තට කරලා කන් අගින් රඳවපු ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ මූණෙන් ඈත්වුණා.

"දැන් ලස්සනයි.." ටේහ්‍යොන්ග්ගෙ කටහඬ ඇහෙද්දි ජන්ග්කුක් හිමීට ඇස් ඇරියා.

"හහ්?"

"කොණ්ඩෙ කඩලා දාපුවම ඔයා වැඩියෙන් ලස්සනයි.." ටේහ්‍යොන්ග් ආයෙමත් කියද්දි ජන්ග්කුක්ගෙ සුදු පාට කම්මුල් ලා රෝස පාටින් සිත්තම් වුණා.

"ත-තමු.. ආයිශ්.." ජන්ග්කුක්ගෙ වචන උගුර ඇතුලෙ හිරවෙද්දි කොල්ලා අනිත් පැත්තට හැරුණෙ ටේහ්‍යොන්ග්ගෙන් මූණ හංගගන්න හිතන්.

"අනෙව් ඉතින් මගෙ රෝස බෝලෙ.." ජන්ග්කුක්ට ලැජ්ජා හිතුණා කියලා තේරුම් ගත්තු ටේහ්‍යොන්ග් කොල්ලව පිටිපස්සෙන් බදාගෙන පපුවට තුරුල් කරගත්තා.

"යාහ්! මාව අතාරිනවා මෝඩයා.." ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගෙන් බේරෙන්න දැඟලුවත් ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ව අතෑරියෙ නම් නෑ. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ටිකවෙලාවකින් දෙන්නම ඇඳට වැටුණා.

ටේහ්‍යොන්ග් ඉක්මනට ජන්ග්කුක්ව එයාගෙ ඇඟට යටකරගත්තම ජන්ග්කුක් බෝල ඇස්වලින් ටේහ්‍යොන්ග් දිහා බැලුවෙ ඒ තොල් යාන්තමට ඇරෙද්දි. ටිකවෙලාවක් ජන්ග්කුක්ගෙ හුරතල් මූණ දිහා බලාගෙන හිටපු ටේහ්‍යොන්ග් පාත්වෙලා ජන්ග්කුක්ගෙ තොල් එයාගෙ තොල් එක්ක පටලවගත්තා.

මිනිත්තු කිහිපයක් උණුසුම් ලෙසින් ජන්ග්කුක්ව සිපගත්තු ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ තොල් වලින් ඈත්වෙලා ආයෙමත් ඒ දිලිසෙන බෝල ඇස් වලට එබුණා.

"I missed you so much koo.."

"මටත් ඔයාව ගොඩක් මතක් වුණා හ්‍යොන්ගී.." ඇහෙන නෑහෙන හඬකින් මුමුණපු ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගේ බෙල්ල වටේට අත් යවලා ආයෙමත් ටේහ්‍යොන්ග්ගේ තොල් එයාගෙ තොල් එක්ක පටලවගත්තා.
.
.
.
.
.
.
.
.
.
.
.

~To be continued~

Happy Taekook Day 💚💜️<3

Today is 26th...

26 January 2016: jungkook posted a cover of "nothing like us"
26 January 2016: taehyung posted a cover of "how am i supposed to live without you"
26 January 2018: taekook date in namsan (jk had his gcf camera)
26 January 2020: taekook iconic grammys moment

Happy Anniversary to these precious moments 🎉💜

🐯 If Jin hyung was here he would've commented saying 'Hi' 'Vo' or something like that.
🐯 He's been working hard and doing well there, he contacted me/us recently

He misses his hyung<3❤️

🐯 Ah it's not that, I'm playing games with my friends, Jungkook's here too. I thought I shouldn't be on live while playing so I just turned it off and came.


ටේ පළවෙනි පාරට live එක end කරන්නෙ කුක් සින්දුවක් කියාගෙන එනවා ඇහෙද්දි.. එයාගෙ ඇස් එකපාරටම ගැස්සෙනවා වගේ මොකක් හරිත් වුණා.


I wrote a long love letter to you because i found it too hard to write a short one.

Romantic teddy🙈💚 (ඒක ෆෑන් කෙනෙක්ගෙ ගිෆ්ට් එකක්)


මොනා උනත් ටැනී නම් ඇත්තටම බව්වෙක් වෙලත් අපිට වඩා ලකී😭❤️


🗣️: what’s your sleeping position?
🐰: I try to sleep on my back
🐰 but i always woke up on my stomach  (On taehyung's chest.. jk😂)

Or like this👀

Topless and in comfy clothes



26/1/2023

Continue Reading

You'll Also Like

1K 158 8
ආදරයෙන් පැරදුණත් ජිවිතය ලස්සනට දිනපු ඒත් පුංචි පැටියෙක් එක්ක තනිවෙලා ජිවත් වෙන තරුණයෙක් ජිවිතේ හොදම කාලේදී ජිවිතය සම්පූර්ණයෙන්ම වරද්දගෙන ඒ වැරදීමම හය...
1K 122 7
වැම්පයර් රාජවංශයේ කිරුළ හිමි අධිරජු👑🦇 තුන් ලෝකයම පාලනය කිරීමට බිහිවූ එක පාලකයෙක්🦇 සුරලොව කිරුළ හිමි කුමරුගේ නමට අධි රැජිනක් 👑💔 ආලෝකය කුමරු ලෙස...
25.8K 902 16
... I suck at descriptions, so read to find out? ~•WATTYS 2017•~
11K 1.6K 28
හුංගි (කුකී) ආ- මොන මගුලක්ද මේක දැන් නම් මට හොදටම එපා වෙලා තියෙන්නේ. Don't call me hyung baby call me daddy Top tae Bottom kook Taekook Sinhala ff ...