"මීරා ඔම්මා.." ජන්ග්කුක් ආවා කියන ආරංචියට ඉස්සරහට දුවගෙන ආපු මීරා ජන්ග්කුක් දිහා බලාගෙන හිටියෙ කඳුලු පිරුණු දෑසින්.
ජන්ග්කුක් දුවගෙන ඇවිත් මීරාගෙ තුරුලට පැන්නම මීරා ජන්ග්කුක්ව තදකරලා බදාගෙන ජන්ග්කුක්ගෙ ඔලුව ඉම්ඹා.
"මෙච්චර දවසක් කොහෙද ගිහින් හිටියෙ රත්තරනේ?"
"ඒක දිගම දිග කතාවක්.. උඩට යමුකෝ.. මං හිමීට මීරා ඔම්මට කියන්නම්." මීරාගෙ පපුවෙන් ඈත්වෙලා ජන්ග්කුක් කිව්වම මීරා ඔලුව වැනුවා.
"හරි එහෙනම්.. අපි මොනාහරි කාලා ඉමු.. ඔයා හරියට කෑවද බීවද දන්නෙ නැතුව මං හිටියෙ හිතේ ගින්දරෙන් දරුවෝ.."
"මං කාලා ආවෙ මීරා ඔම්මා.. මට නානා මිල්ක් එකක් අරන් එන්නකො.. ඒ ඇති."
"හරි එහෙනම් උඩට යමුකො.. මං එන්නම්."
"හ්ම්ම්.. මීරා ඔම්මා කෑවද?"
"මං තව ටිකකින් කන්නම්.. ඔයා ගිහින් ඇඳුමක්.. ඔහ්??" මීරා කියන්න ගිය එක නවත්තලා ජන්ග්කුක්ගෙ අතකින් අල්ලගෙන ජන්ග්කුක්ගෙ උඩ ඉඳන් පාතට බැලුවෙ ඇසුත් ලොකුකරගෙන.
"දෙයියනේ.. මගෙ කොල්ලව රෝස පාට හා පැටියෙක් කරේ කවුද?" ඇත්තටම කියනවනම් ජන්ග්කුක් රෝස පාට ඇඳගෙන ඉන්නවා ජන්ග්කුක්ගෙ බංගලාවෙ හිටපු සේවකයෝ කවුරුත් මීට කලින් දැකලා තිබුණේ නෑ. අඩු ගානෙ හැමවෙලේම ජන්ග්කුක්ගෙ කාමරේට පවා එන මීරාවත් ජන්ග්කුක් රෝස පාට ඇඳුමකින් ඉන්නවා දැකලා තිබුණේ නෑ. අනික ඇඳුමෙ රෝස පාට ජන්ග්කුක්ගෙ ඇත් දල පාට හම එක්ක හරි ලස්සනට ගැලපෙද්දි ජන්ග්කුක් වෙතින් දිස්වුණේ හරිම ආදරේ හිතෙන හුරුබුහුටි බවක්.
"ආහ්.. උම්.. ඒකත් මං පස්සෙ කියන්නම්. උඩට යමුකෝ.." ජන්ග්කුක් විශ්වාස කරේ මීරා විතරක් නිසා එයා එයාගෙ පෞද්ගලික දේවල් කතා කරේ මීරා එක්ක විතරයි. පෞද්ගලික දේවල් විතරක් නෙවෙයි අවශ්‍යම උනොත් හැරෙන්න ජන්ග්කුක් අනිත් සේවකයෝ කවුරුවත් එක්ක කතා කරේ නැති තරම්. ඒ නිසාම මීරා ජන්ග්කුක්ට තවත් බල නොකර අනිත් සේවක සේවිකාවන්ට එයාලගෙ වැඩ ටික කරගන්න කියලා සන් කරලා ජන්ග්කුක්ට බනානා මිල්ක් එකකුත් අරගෙන උඩට ගියා.
මීරා දොර අරිද්දි ජන්ග්කුක් ඇඳ උඩට වෙලා එයාගෙ ඔම්මගෙ ෆොටෝ එක දිහා බලාගෙන මොනවාහරි මුමුණන ගමන් හිටියෙ. දෙතොලතරට ආදරණීය මදහසක් නැගෙද්දි මීරා කාමරේ දොර ලොක් කරලා ඇවිත් ජන්ග්කුක්ගෙ ඇඳේ කෙලවරකින් ඉඳගත්තා.
"ම්ම්.. ආ ඔයාගෙ බනානා මිල්ක් එක."
"තැන්කූ.." අම්මගෙ ෆොටෝ එක පරිස්සමට nightstand එක උඩින් තියපු ජන්ග්කුක් බනානා මිල්ක් එක අරන් උගුරට දෙකට ඒක බීලා ඉවරයක් කරා.
"ඉතින්.. ඔයා කොහෙද මෙච්චර දවසක් ගිහින් හිටියෙ? මට කෝල් කරාට ඔයා කවදාවත් හරි විස්තරයක් කිව්වෙ නෑනෙ."
"මං හිටියෙ මගෙ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක.."
"මො..කක්?" මීරාගෙ පුදුමෙන් පිරිලා ගියපු මූණ දිහා බලපු ජන්ග්කුක් පොඩි එකෙක් වගේ හිනාවෙවීම මීරාගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියලා ඇඳේ දිගාවුණා.
"ඇයි මීරා ඔම්මා කැමති නැද්ද මං ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැතුව බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ව හොයාගත්තට?"
"මං ඔයාගෙ අප්පා නෙවෙයිනෙ ස්වීට්.. ඔයා කවුරු මේ ගෙදරට එක්කන් ආවත් මං මුකුත් කියන්නෙ නෑ."
"එයා මේ ගෙදරට නම් එන එකක් නෑ.. එයා මාව එයාගෙ ගෙදරට එක්කන් යයි." ජන්ග්කුක් තොල් උල් කරන් කියද්දි මීරා හිනාවෙලා ජන්ග්කුක්ගෙ කම්මුලක් මිරිකුවා.
"කොහොමහරි.. හැබැයි ඔයා මගෙන් ඔයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා හංගපු එක ගැන නම් මට දුකයි හරිද.."
"අයියෝ.. මං බොරුවක් කිව්වෙ මීරා ඔම්මා.."
"හහ්?"
"මේකයි බොරුවක්මත් නෙවෙයි.. ඔන්න අහගන්නකෝ. ඇත්තම සිද්දිය කවුරුහරි කට්ටියක් මාව කිඩ්නැප් කරා."
"දෙයියනේ... උන් ඔයාට මොකද කරේ?? ගැහුවද.. තුවාල කරාද?" ජන්ග්කුක්ගෙ රෝස පාට හූඩි එකේ අත් උඩට කරන ගමන් මීරා කලබලෙන් අහන්න ගත්තම ජන්ග්කුක් මීරාගෙ අතකින් අල්ලලා එයාව නැවැත්තුවා.
"ඉන්නකො ඉතින් කලබල නොවී.. එයාලා මට මුකුත් කරේ නෑ.. ඇත්තටම කියනවනම් එයාලා මාව කිඩ්නැප් කරපු එක ගැන පසුතැවුණා මගෙ වදේ නිසා.. හි හී.." ජන්ග්කුක් හිනාවෙද්දි මීරාත් හිනාවෙලා ජන්ග්කුක්ගෙ ඔලුව අතගෑවා.
"ඒක නම් මට හිතාගත්තැකි.. ඒකනෙ ඉක්මනට ආපහු ගෙනත් දැම්මෙ ගෙදරටම." මීරා කිව්වම ජන්ග්කුක්ගෙ මූණෙ හිනාව නැතිවෙලා ගියා.
"හ්ම්ම්.. සමහරවිට."
"ඒයි මොකද මේ..?" ජන්ග්කුක්ගෙ වෙනස මීරාට තේරුණා.
"ම්ම්හ්.. මුකුත් නෑ.. උම්.. ඉතින් කොහොමහරි එයාලා මාව කිඩ්නැප් කරේ වැරදීමකින්. එයාලා අපේ අප්පට විරුද්ධව වැඩ කරන කට්ටියක්. මං එයාලා කවුද කියලා අහම්බෙන් දැනගත්තා. ඒකයි එයාලා මාව කිඩ්නැප් කරේ. මුලදි මං එයාලා ගැන වැරදියට හිතුවත් ටිකක් කල් යද්දි මට එයාලා මොකද්ද කරන්නෙ කියලා තේරුණා. ඒ කට්ටිය ඇත්තටම ගොඩක් හොඳයි. මාත් එක්කත් හොඳ යාලුවො උනා.. එයාලා වගේ යාලුවො ටිකක් ටික කාලෙකට හරි හම්බවුණු එක ගැන මට සතුටුයි."
"එතකොට ඔයා ආවෙ??"
"උම්ම්.. හේතු දෙකක් නිසා. එක, මං එයාලට පොරොන්දු උනා අප්පව අල්ලගන්න එයාලට උදව් කරනවා කියලා. එතකොට දෙක.. මට කෙනෙක් ගැන ටිකක් නිදහසේ හිතන්න ඕනෙ උනා." ජන්ග්කුක් යටිතොල තදින් හපාගත්තම මීරාට තේරුණා ජන්ග්කුක් මොකද්ද අදහස් කරේ කියලා.
"ඒ එයා එහෙනම්.. ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්?"
"හ්ම්.. මීරා ඔම්මා දන්නවනේ මං කවදාවත් බෝයි කෙනෙක් ගැන එහෙම හිතල නෑ. ඒත්.. ඒත් එයා.. එයා වෙනස්. එයා තමයි මාව බලාගත්තෙ එහෙදි.. මං එයා එක්ක රණ්ඩු වෙද්දිත් එයා මාත් එක්ක තරහ ගන්නෙ නැතුව හිටියා. එයා මට ඔම්මා ගෙනත් දුන්නා වගේම රෝස පාට බනියෙකුත් ගෙනත් දුන්නා." ජන්ග්කුක් මීරාගෙ ඔඩොක්කුවෙන් නැගිටලා එයාගෙ බෑග් එක ඇදලා බනීව එළියට අරන් මීරාට පෙන්නුවා. ඒ දිලිසෙමින් තියෙන ඇස් දකිද්දි මීරා තේරුම් ගත්තා ජන්ග්කුක්ට ඒ බනී ප්ලශීව දුන්නු කෙනාව කොච්චර වටිනවද කියලා.
"ම්.. ඇත්තටම එයා ලස්සනයි. ඔයා වගේ.."
"එයත් කිව්වෙ එහෙම.." ජන්ග්කුක් එහෙම කියලා හිනාවුණා.
"ඉතින්.. ඇයි ඔයා එයාව දාලා එන්න හිතුවෙ?"
"මට තේරුම් ගන්න බෑ මං එයාට කැමතියිද නැද්ද කියලා. මගෙ හිතේ එයා ගැන තියෙන්නෙ මොනවගේ හැඟීමක්ද කියලා තේරුම් ගන්න මට කාලෙ ඕනෙ.."
"ඒක ඇත්ත.. ඔය වගේ දේවල් හිමීට හිතලා තේරුම් ගන්න ඕනෙ තමයි. මට මතකයි ඔයාගෙ ඔම්මත් අපි highschool යන දවස්වල ඔය වගේම දිලිසෙන ඇස් වලින් එයාගෙ පළවෙනි ආදරේ ගැන මට කිව්වා."
"ඔම්මා.."
"හ්ම්ම්.. ඔයාගෙ ඔම්මව ඔයාගෙ අප්පට මැරි කෙරෙව්වෙ බලෙන්. එයා ආදරේ කරේ දුප්පත් පිරිමි ළමයෙක්ට. ඒත් ඔයාගෙ ඔම්මා කවදාවත් ඔයාගෙ අප්පව රැවැට්ටුවෙ නෑ. ඔයාව හම්බුනාට පස්සෙ එයා පරණ හැමදෙයක්ම අමතක කරලා ඔයා වෙනුවෙන් ජීවත් වුණා."
"ඔම්මා පව්.."
"හ්ම්ම්.. අපි ඔම්මව බලන්න අද හවස ගිහින් එමුකො." මීරා ජන්ග්කුක්ගෙ ඔලුව අතගාලා කියද්දි ජන්ග්කුක් ඔලුව වැනුවා.
"ඔම්මගෙ බෝයිෆ්‍රෙන්ඩ්??"
"එයා.. රට ගියා. එයාට scholarship එකක් හම්බුනා higher studies වලට. දැන් එයා කොහෙද ඉන්නෙ කියලා අපි කවුරුත් දන්නෙ නෑ."
"හ්ම්ම්.."
"ටිකක් නිදාගන්න.. අපි හවස ඔයාගෙ ඔම්මගෙ සොහොනට ගිහින් එමු."
මීරා දොරත් වහගෙන ගියාට පස්සෙ ජන්ග්කුක් එයාගෙ කලිසම ගලවලා විසිකරලා හූඩි එක පිටින් ඇඳට වැටිලා එයාගෙ බනීවත් තුරුල් කරන් ඇස් දෙක පියාගත්තා.
පැය දෙක තුනකට විතර පස්සෙ ජන්ග්කුක් ඇහැරුණේ පාතින් ඇහෙන ලොකු කලබැගෑනිය නිසා. නිදිමත ගිහින්, හරි සිහියට එනකම් ටිකවෙලාවක් headboard එකට හේත්තු වෙලා හිටපු ජන්ග්කුක් පාතට ගිහින් මොකද වෙන්නෙ කියලා බලන්න තීරණය කලා.
ජන්ග්කුක් ඇඳෙන් බහිනවත් එක්කම එයාගෙ කාමරේ දොර දඩාස් ගාලා ඇරෙද්දි ජන්ග්කුක් ගැස්සිලා ඒ දිහා බැලුවා. එයාගෙ අප්පවයි අප්පා පස්සෙන් ආපු උස මහත ගෝරිලි පෙනුමක් තිබුණු බොඩිගාඩ්ලා ටිකයි දැක්කම ජන්ග්කුක්ගෙ මූණ තරහින් රතුවුණා. ජන්ග්කුක් ඉන්න විදිහ දැක්කම බොඩිගාඩ්ලා ටික ඉක්මනට බිම බලාගත්තත් එයාගෙ අප්පා නම් කේන්තියෙන් රතුවෙලා ගියපු ඇස් වලින් ජන්ග්කුක්ගෙ උඩ ඉඳන් යටටම බැලුවා.
"තමුසෙලා මොන හයියක් අරගෙනද මගෙ කාමරේට ආවෙ?" අඩිය හප්පලා ජන්ග්කුක් කෝපය පිරුණු ගැඹුරු හඬකින් කෑගැහුවම ජන්ග්කුක්ගෙ හැටි දැනගෙන හිටපු බොඩිගාඩ්ලා සෙට් එකම ජන්ග්කුක්ගෙ අප්පා දිහා බැලුවා.
"කට්ටියම එළියට යනවා.." මිස්ටර් ජොන් කිව්වම බොඩිගාඩ්ලා ටික ඔලුව නමලා ජන්ග්කුක්ගෙ කාමරෙන් එළියට ගියෙ කාමරේ දොරත් වහගෙනම.
"තමුන් ඒ පාර playboy කෙනෙක්ගෙන් ගෑණියෙක්ට මාරු උනාද?" ජන්ග්කුක්ගෙ රෝස පාට හූඩි එක දිහාට ඇඟිල්ල දික්කරලා මිස්ටර් ජොන් ඇහුවම ජන්ග්කුක් කට කොනකින් හිනාවුණා.
"සමහරවිට.. මේක මගෙ බෝයිෆ්‍රෙන්ඩ් අරන් දුන්නෙ.. ලස්සනයිද?" ජන්ග්කුක් වටයක් කැරකිලා එයාගෙ දිග කොණ්ඩ කෑල්ලක් අරන් තාලෙකට කන පිටුපස්සෙන් රැඳෙව්වෙ මිස්ටර් ප්‍රසිඩන්ට්ගෙ අත් කෝපයෙන් මිටි මෙලවෙද්දි.
"තමුන් ඒ පාර මාව කොලොප්පමකට ගත්තද? තමුන්ට මං දේශපාලනේට එන්න කිව්වා.. ඒක බෑ කිව්වා. බිස්නස් එකක් පටන් ගන්න කිව්වම ඒකත් බෑ කිව්වා. කොලේජ් ගියෙ නමට විතරයි. මං අච්චර එපා කියද්දිත් හැමදාම ක්ලබ් ගානෙ ගෑණු එක්ක නැටුවා.. තමුන්ට මං මේ රටේ ජනාධිපති කියන එක ගැන ගානක්වත් නැද්ද ජන්ග්කුක්? ජනාධිපතිගෙ පුතා මෙහෙමයි කියලා මිනිස්සු දැනගත්තම ඒක මගෙ ඉමේජ් එකට හොඳ නෑ කියලා තේරෙන්නෙ නැද්ද?"
"දැන් මගෙ ඇඳුමට බනින්නද මෙහෙ ආවෙ?" ජන්ග්කුක් බෝරිං ටෝන් එකකින් ඇහුවම මිස්ටර් ජෝන් ගැඹුරු හුස්මක් උඩට අරන් පිටකරලා කෝට් එක හරියට හදාගත්තා.
"තමුන් මෙච්චර දවසක් කොහෙද හිටියෙ? කව්ද තමුන්ව කිඩ්නැප් කරේ?"
"මදැයි දැන්වත් ඒක අහන්න මතක් වුණා." එයාටම මුමුණගත්තු ජන්ග්කුක් ඇඳට පැනලා එයාගෙ කකුල් දෙක වැහෙන්න ඩුවට් එක දාගත්තා. හූඩි එක පිටින් විතරක් මීරා ළඟයි ටේහ්‍යොන්ග් ළඟයි ඉන්න අපහසුවක් නොදැනුනට ජන්ග්කුක්ට අනිත් අය ඉස්සරහා එහෙම ඉන්න තරම් හයියක් තිබුණේ නැහැ.
"මාව කවුරුත් කිඩ්නැප් කරේ නෑ. මං හිටියෙ මගෙ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක."
"බ්..බෝයිෆ්‍රෙන්ඩ්?"
"ඔව්.. බෝයිෆ්‍රෙන්ඩ්. මං වෙලාවක අප්පට එයාව අඳුන්වලා දෙන්නම්." ජන්ග්කුක් ගානක්වත් නැතුව headboard එකට හේතුවක් දාගෙන එහෙම කිව්වෙ මිස්ටර් ජොන්ගෙ තරහින් රතුවෙලා තියෙන මූණ දිහා බලාගෙන.
"ත්..තමුන්.. මට හිතන්න තිබුණා. තමුන් එදා ඉඳන් කරේ මගෙ නම්බුව කාපු එකනෙ. තමුන් දන්නෙ එච්චරයි. මගෙ කරුමෙට තමුසෙ වගේ ළමයෙක් ඉපදුනේ." කෝපයෙන් කෑගහපු මිස්ටර් ජොන් ජන්ග්කුක් දිහා අන්තිම වතාවටත් රවලා බලලා කාමරෙන් එළියට ගියෙ දොරත් දඩාස් ගාලා වහගෙන.
විනාඩි දහයකට විතර පස්සෙ ආයෙමත් ජන්ග්කුක්ගෙ බංගලාව සුපුරුදු නිහඬතාවයේ ගිලෙද්දි ජන්ග්කුක්ගෙ ඇස් වලින් කඳුලක් කඩාගෙන වැටුණා.
"නෑ.. ඔයාට අඬන්න බෑ ජන්ග්කුක්! ඔයාට අඬන්න බෑ.." ඇස් තදකරගෙන එයාටම කියාගත්තත් මොහොතකින් ඒ ඇස් වලින් කඳුලු බිංදු එකපිට එක කඩාගෙන වැටෙන්න ගත්තා.
"ඔම්මා.. ම්..මං ඇත්තටම කරුමෙට ඉපදුනු ළමයෙක්ද?" ජන්ග්කුක් ඇහුවෙ එයාගෙ ඔම්මගෙ ෆොටෝ එක දිහා බලාගෙන.
"නෑ ස්වීට්.. ඔයා තමයි මේ ලෝකෙ ඉන්න හොඳම පුතා.. කෝ දැන් නාඬා ඉන්න.." මොහොතකින් උණුසුම් පපුතුරකට ඔහුව ඇදී යද්දි ජන්ග්කුක් ඉකිගහන ගමන් සුපුරුදු උණුහුමට ගුලිවුණා.
.
.
.
.
.
.
.
.
.
.
.
ටේහ්‍යොන්ග් හවස වැඩ ඇරිලා වෙනදා පුරුද්දටම බේස්මන්ට් එකට ආවා. ඒත් වෙනදට දොර අරිද්දිම ඇහෙන tv එකේ සද්දෙවත්, දැනෙන කෑම වල සුවඳවත් ටේහ්‍යොන්ග්ට දැනුනෙ නෑ.
වෙනදට දුවගෙන එයාව පිළිගන්න එන රණ්ඩු කෙක්කත් අද පේනතෙක් මානෙක නෑ. බේස්මන්ට් එක සම්පූර්ණයෙන්ම පිරිලා තිබුණේ ලොකු මූසල බවකින්.
දිගු සුසුමක් හෙලපු ටේහ්‍යොන්ග් හිමීට ඇවිදගෙන ගියෙ ජන්ග්කුක්ගෙ කාමරේට. ජන්ග්කුක් යන්න කලින් ඇඳගෙන හිටපු රෝස පාට පිජාමා එක තාමත් ජන්ග්කුක්ගෙ ඇඳ උඩ තියෙනවා දැක්කම ටේහ්‍යොන්ග්ගේ දෙපා ඉබේම ඒ වෙතට ඇදුණා. ඇඳෙන් ඉඳගෙන ජන්ග්කුක්ගෙ පිජාමා ශර්ට් එක අතට ගත්තු ටේහ්‍යොන්ග් ඒක මූණට තියලා ඉම්ඹෙ ජන්ග්කුක්ට ආවේණික සුපුරුදු බේබි සෙන්ට් එක හිත පුරාම විඳගනිමින්.
"මට ඔයාව ගොඩක් මතක් වෙනවා බනී."
.
.
.
.
.
.
.
.
.
.
.
~To be continued~
Exam ලියන අය හොඳට ලියන්න. ගුඩ් ලක්!
මිස් යූ බනී😭💜️
TK💚💜️
Their beach date👀👀
Pretty hoba😭❤️
One True Seven 💜️
23/1/2023