฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ [Completed] ||Tae...

By moonflower_9597

82.6K 15.7K 10.7K

කළු රෝස.. ගැලපෙන්නෙ නෑ නේද? රෝස මලක් අනිවාර්යයෙන්ම රෝස හෝ රතු පාට වෙන්නම ඕනෙ. වෙන වෙන පාට රෝස තියෙනවා තමයි... More

Chapter 1
Chapter 2
Characters
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
2/2/2023 - TK
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Epilogue

Chapter 17

2K 409 115
By moonflower_9597

"Uwuuu... කියුට් අලෙව්.."

"මේ පූස්.. මාවත් ඔහොම බදාගෙන නිදියනවකෝ."

"ශ්ශ්.. දෙන්නට ඇහැරෙයි.."

"යාහ් කට පියන් ඉන්නවලකො මට ෆොටෝ එකක් ගන්න." ජින්ගෙ සුමිහිරි සිහින් හඬට නිදාගෙන හිටපු ජන්ග්කුක්ට සම්පූර්ණයෙන්ම ඇහැරුණා.

"ආහ්.. මොකද වදේ බෙරිහන් දෙන්නෙ?? නිදාගන්න දෙනවලකො මගුල.." ජන්ග්කුක් නිදිමතේම තරහින් කෑගහන ගමන් ඔලුව උස්සලා බලද්දි තමයි එයා දැක්කෙ කට්ටියම කාමරේට එබිලා මනමාල හිනාවක් දාගෙන එයා දිහා බලාගෙන ඉන්නවා. ඒත් එක්කම තමයි ජන්ග්කුක්ට තේරුම් ගියෙ එයා ඉන්නෙ එයාගෙ කාමරේ නෙවෙයි කියලා. කලබලෙන් නැගිටින්න ගියත් කොල්ලගෙ ඉනවටේට එතිලා තියෙන අතත් එක්ක ඒක කරන්න බැරි උනාම ජන්ග්කුක්ට මතක් උනා ඊයෙ රෑ සිදුවීම. කම්මුල් රෝස පාට වෙද්දි කොල්ලා හැංගෙන්න තැනක් නැති නිසා අත් දෙකෙන්ම මූණ වහගත්තා. ජන්ග්කුක්ගෙ දැඟලිල්ල නිසා ටේහ්‍යොන්ග්ටත් ඇහැරුණා.

"මොකෝ මේ කට්ටියම??" කාමරේට එබිලා ඉන්න සෙට් එකව දැක්කම ටේහ්‍යොන්ග් එහෙම අහන ගමන් එයාට පිටුපාලා නිදාගෙන ඉන්න ජන්ග්කුක්ව තව ටිකක් ළංකරගෙන එයාගෙ පපුවට තුරුල් කරගත්තා.

"ආ උඹ නැගිට්ටද?"

"ඔව් ඔව්.. උඹලගෙ සද්දෙත් එක්ක නිදාගන්නවත් පුළුවන්ද? නිවාඩු දවසෙත් උදේ පාන්දර ඇවිත් වදදෙනවා."

"උඹට උදේ පාන්දර උනාට දැන් උදේ දහයත් පහුවෙලා තියෙන්නෙ. ඇයි මොකෝ.. උඹ ඊයෙ රෑ නිදාගත්තෙ පරක්කු වෙලාද?" සුගා එයාගෙ සුපුරුදු කිණ්ඩි හිනාව දැම්මම ටේහ්‍යොන්ග් සුගා දිහා බලලා කට කොනකින් හිනාවුණා.

"ඔව්.. ඊයෙ එක්කෙනෙක් හොල්මන් වලට බයවෙලා මහ රෑ ඇවිත් මගෙ නින්ද කැඩුවනේ."

"යාහ්.. මං හොල්මන් වලට බය නෑ. තමුසෙ තමයි මාව බයකරේ." ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගේ පැත්තට හැරිලා කෑගහද්දි ටේහ්‍යොන්ග් ඇහිබැමක් උස්සන ගමන් ජන්ග්කුක් දිහා බැලුවා.

"බය නැත්නම් කොහොමද මං ඔයාව බය කරන්නෙ බබෝ?" ජන්ග්කුක්ට ආපිට කියන්න මුකුත් නැති නිසා කොල්ලා කරේ ටේහ්‍යොන්ග් අතේ දිගට තියෙන මයිල් ගස් ටිකක් ඇදපු එක.

"ආව්.. යස්සනී." අනිත් පැත්තට ගහන්න හිතුනත් ටේහ්‍යොන්ග්ට කොල්ලගෙ මූණ දැක්කම ජන්ග්කුක්ට ගහන්න හිත හදාගන්න බැරුව ගියා.

"අපෝ මුන් දෙන්නා.." ජින්ගෙ මූණ ඇදවෙලා ගියා.

"මදැයි මං හීන මාලිගා හැදුවා.." ජිමින් කිව්වෙ දුකින් තොල් පෙරලන ගමන්.

"මට ශුවර්, මුන් දෙන්නා අරක කරන්න ගියත් මරා ගනියි." හොබී කියද්දි සුගා ඔලුව වැනුවෙ ඒක ඇත්ත කියන ගමන්.

"යමු අපි.. ඒ දෙන්නා එයිනෙ." ජන්ග්කුක් ඉන්නෙ ලැජ්ජාවෙන් කියලා තේරුම් ගත්තු නම්ජුන් කට්ටියත් එක්ක එළියට ගියාම ජන්ග්කුක් නැගිටලා එයාගෙ කාමරේට දිව්වා.
ටේහ්‍යොන්ග්නුත් නැගිටලා වොශ් එකක් දාගෙන එළියට එද්දි සුගයි ජිනුයි කෑම හදනවා.

ටිකවෙලාවකින් ජන්ග්කුක් ඇවිත් එයාලට එකතු වුණා. අනිත් හතරදෙනා සෝෆා එකට වෙලා කයියක් දාගෙන හිටියා.

කෑම ලෑස්ති කරලා ඉවර උනාම කට්ටියම වටේට ඉඳගෙන කන්න ගත්තෙ නම්ජුන්ගෙ ඇස් විටින් විට ජන්ග්කුක් දිහාවටත් ටේහ්‍යොන්ග් දිහාවටත් යොමුවෙද්දි. ටේහ්‍යොන්ග්ට ඒ ගැන තේරුණත් එයාට කියන්න තරම් දෙයක් තිබුණේ නැති නිසා ටේහ්‍යොන්ග් නිහඬ වුණා.

කාලා ඉවර වෙලා කට්ටියම ආයෙමත් සෝෆා සෙට් එකෙන් ඉඳගත්තට පස්සෙ නම්ජුන් වැදගත් කතාවකට මුල පුරන්න තීරණය කලා.

"Election එක තියන්න දින තීරණය කරලා තියෙන්නෙ. අපි මේ පාර මුකුත් නොකර හිටියොත් අනිවාර්යයෙන්ම මිස්ටර් ජොන් මේ ඡන්දෙනුත් දිනනවා. අපිට ඒක වෙන්න ඉඩ තියන්න බෑ."

"අපිට පුළුවන්නෙ මිස්ටර් ජොන්ට විරුද්ධව උසාවි යන්න?" ජිමින් ඇහුවම හොබී ඒක විරුද්ධ වුණා.

"කෝ සාක්ෂි? සාක්ෂි නැතුව අපිට කිසිම දෙයක් ඔප්පු කරන්න බෑ. මිනිස්සු දෙවියන්ට වගේ ඒ මනුස්සයට සලකන්නෙ."

"ඔව්.. හොබී හරි. ඒ නිසා අපිට සිද්ධවෙනවා පුළුවන් ඉක්මනට මිනිහට විරුද්ධව සාක්ෂි එකතු කරන්න."

"උම්.. මට පුළුවන් ඔයාලට උදව් කරන්න." ජන්ග්කුක්ගෙ සිහින් හඬ අවදිවෙද්දි නම්ජුන් ජන්ග්කුක් දිගාට තියුණු බැල්මක් හෙලුවා.

"එයාව විශ්වාස කරන්න පුළුවන් හ්‍යොන්ග්." නම්ජුන්ගෙ බැල්ම තේරුම් ගත්තු ටේහ්‍යොන්ග් ජන්ග්කුක් වෙනුවෙන් කතාකරා.

"Ok fine.. හැබැයි උඹට සිද්ද වෙනවා ජන්ග්කුක්ගෙ වගකීම භාරගන්න." නම්ජුන් කියද්දි ටේහ්‍යොන්ග් ඔලුව වැනුවා.

"එහෙනම් ජන්ග්කුක්ට තියෙන්නෙ ඔයාගෙ අප්පගෙ illegal වැඩ ගැන සාක්ෂි හොයන්න. ඔයාට තේරුම් ගන්න පුළුවන්නෙ.. මේකෙන් ඔයාගෙ අප්පා හිරේ යන්නත් පුළුවන්."

"ම්-මං දන්නවා... ඒත්.. මගෙ ඔම්මා හැමදාම කිව්වෙ සාධාරණය වෙනුවෙන් පෙනී හිටින්න කියලා. ඉතින් ඒ මගෙ අප්පා උනත් අසාධාරණය අසාධාරණයමයි." ජන්ග්කුක් කියද්දි කට්ටියම ජන්ග්කුක් දිහා බැලුවෙ ගෞරවය මුසු බැල්මකින්. ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ පිටට තට්ටුවක් දැම්මා.

"හරි එහෙනම්... වැඩේ හරිනෙ.. මායි ජූනුයි අද ඩේට් එකකට යන්න කතාවුණා. ඒ නිසා අපි දෙන්නා අද කලින් යනවා." ජින් කියද්දි නම්ජුන් ලැජ්ජාවෙන් හිනාවෙලා ජින්ගෙ උරහිස වටේට අත යැව්වා.

"ජන්ග්කුක්ට.. මම, හොබී.. එතකොට ටේහ්‍යොන්ග් එකතුවෙලා ඔයා සාක්ෂි එකතු කරන්න ඕනෙ මොනවට විරුද්ධවද කියලා හොයලා කියන්නම්. ඊටපස්සෙ ඔයාට තියෙන්නෙ ආපහු ගෙදර ගිහින් අවශ්‍ය සාක්ෂි හොයලා අපිට දෙන එක."

"එ-එතකොට මම ගෙදර යනවද?"

"ඔව්, ඔයාව අපි ගෙදර යවනවා. හැබැයි ඒ ඔයා ගැන සම්පූර්ණ විශ්වාසය තියලා."

"අපිව පාවලා දෙන එකක් නෑ කියලා අපි හිතනවා." සුගා නම්ජුන්ගෙ කතාවට එකඟවුණා.

"නෑ.. මං ඔයාලා ගැන මුකුත් කියන්නෙ නෑ. ඒත්.. මට පුළුවන්ද හැමදාම ඇවිත් ඔයාලව බලලා යන්න?" ජන්ග්කුක් බලාපොරොත්තු සහගත බැල්මකින් ඇහුවම සුගා ටේහ්‍යොන්ග් දිහා බලලා ඇහැක් ගැහුවා.

"ඔව් ඔව්.. ඔයාට පුළුවන් ඇවිත් ටේව හම්බවෙන්න." ජිමින් පැනලා කියද්දි කට්ටියම හිනා උනේ ජන්ග්කුක්ගෙ කන් රතු කරවලා.

"යාහ්... ඒ මෝඩයා විතරක් නෙවෙයි. මට ඔයාලා හැමෝවම බලන්න ඕනෙ. මොකද මට මෙච්චර කාලෙකට හම්බ උනු හොඳම යාලුවො ඔයාලා." ජන්ග්කුක් අවංක හඬකින් කිව්වම ජිමින් පැනලා ජන්ග්කුක්ව බදාගත්තා.

"යාහ් අපිටත් මේ බනී කොල්ලා නැතුව පාලු දැනෙයි.." ජින් ජන්ග්කුක්ගෙ කොණ්ඩෙ අවුස්සලා කියද්දි කට්ටියම එකඟවුණා.

කට්ටියම මාරුවෙන් මාරුවට ජන්ග්කුක් එක්ක කතා කරන්න ගනිද්දි ටේහ්‍යොන්ග් පැත්තකට වෙලා ඒ දිහා බලාගෙන හිටියෙ එකිනෙකට පරස්පර හැඟීම් ගොඩක් හිතේ තදකරගෙන. ජන්ග්කුක් ආපහු ගෙදර යනවා කියලා හිතෙද්දිත් ටේහ්‍යොන්ග්ට දැනුනෙ පපුව ඇතුලෙන් හාරගෙන යන තරම් වේදනාවක්. එයා උදේ යද්දි කෑම හදලා දෙන.. ආපහු එද්දි එයා එනකම් මඟ බලාගෙන ඉන්න ජන්ග්කුක් හෙට ඉඳන් නැතිවෙයි කියලා හිතද්දිත් ටේහ්‍යොන්ග්ට ඒක දරාගන්න අමාරු වුණා. මේ මාස එකහමාරක වගේ පොඩි කාලය ඇතුලෙදි උනත් ටේහ්‍යොන්ග් ඒ වෙද්දි ජන්ග්කුක්ට හුරුවෙලා හිටියෙ. මොකද මීටකලින් හිටපු කිසිම බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක ටේහ්‍යොන්ග් living together ඉඳලා තිබුණේ නැහැ. ජන්ග්කුක් එක්ක ලොකුවට physical bond එකක් තිබුණේ නැතත් ජන්ග්කුක්ගෙන් එයා life partner කෙනෙක්ව දැක්කා. ඉතින් ටේහ්‍යොන්ග්ට මේ තීරණය ගන්න ඇත්තටම ගොඩක් අමාරු වෙයි.
ඒත්.., තවදුරටත් ජන්ග්කුක්ව හරියට ඉර එළියක්වත් නොවැටෙන බේස්මන්ට් එකක හිරකරලා තියාගන්න තරම් කුරිරු වෙන්න ටේහ්‍යොන්ග්ට බැරිවුණා. ඒ නිසා ටේහ්‍යොන්ග් තීරණය කලා ජන්ග්කුක්ව ආපහු එයාට අයිති තැනට යවන්න. බලෙන් ආදරයක් ලබාගන්න බෑ කියන කාරණාව තේරුම් ගන්න තරම් පරිණත වෙලා හිටපු ටේහ්‍යොන්ග්ට එයා ජන්ග්කුක්ට කැමතියි කියලා ජන්ග්කුක්ව හිරකරලා තියාගෙන පරිස්සම් කරන්න තරම් විකාර මානසිකත්වයක් තිබුණේ නෑ.

නම්ජින් ඩබල කලින්ම පිටත් උනත් අනිත් අය එදා රෑ වෙනකම්ම බේස්මන්ට් එකට වෙලා පොඩි ෆන් එකක් ගන්න තීරණය කලා. සුපුරුදු ලෙසින්ම movie marathon එකක් තියන්න හිතපු කට්ටිය හවස් වෙනකම්ම එක එක ජාතියෙ ෆිල්ම් ගොඩක් බැලුවා.

ජන්ග්කුක් ජිමින් එක්ක ඩිනර් එක ලෑස්ති කරන්න භාරගත්තු නිසා ටේහ්‍යොන්ග්, සුගා හොබී එක්ක එයාලගෙ කාමරේට ගියේ එයාට සුගා එක්ක කතා කරන්න ඕනෙ කියලා හිතුණු නිසා.

"උඹ එතකොට කියන්නෙ ජන්ග්කුක් gay කියලද?" ටේහ්‍යොන්ග්ගේ කතාව අහගෙන හිටපු සුගා අහද්දි ටේහ්‍යොන්ග් ඔලුව දෙපැත්තට වැනුවා.

"නෑ හ්‍යොන්ග්.. මට එහෙම්ම කියන්න බෑ. මොකද ජන්ග්කුක් ක්ලබ් එකේ හිටියෙ ගර්ල්ස්ලා එක්ක විතරයි. එයා ඒ කෙල්ලොන්ව කිස් කරා.. ඊටවඩා දුර උනත් ගිහින් ඇති.." ටේහ්‍යොන්ග් එහෙම කියලා දිග හුස්මක් උඩට ගත්තා.

"ඒත් ජන්ග්කුක් gay නැතත් අඩුගානෙ biවත් නෙවෙයි නම් කීයටවත් මාව දෙපාරක් කිස් කරන්න කියලා ඉල්ලන්නෙ නෑ.. එහෙම නේද?"

"ඒක ඇත්ත හැබැයි.. එකපාරක් අහම්බයක් වෙන්න පුළුවන්.. ඒත් දෙපාරක් වෙද්දි ඒක අහම්බයක් නෙවෙයි." හොබී එකඟවුණා.

"හ්ම්ම්.. අනික කොල්ලා gay or bi නෙවෙයි නම් ඒකට කොහොමත් කැමති වෙන්නෙ නෑ. අනිවාර්යයෙන්ම straight කෙනෙක්ට same gender කෙනෙක්ව කිස් කරන එක එච්චර ප්‍රසන්න අත්දැකීමක් වෙයි කියලා හිතන්න බෑ." සුගත් එකඟවුණා.

"ඒකයි මාත් ටිකක් ඉවසන්න තීරණය කරේ.."

"එතකොට කොල්ලා උඹට පස්සෙ බූට් එක තිබ්බොත්?? උඹ හිත රිද්දගන්නවා දකින්න මට ඕනෙ නෑ." සුගා හැඟීම් විරහිත හඬකින් කිව්වත් ඒ වචන ඇතුලෙ ගැබ්වෙලා තිබුණු ආදරණීය බව තේරුම් ගන්න ටේහ්‍යොන්ග්ට අපහසු වුණේ නෑ.

"මගෙ හිත දැනටමත් එයාට අයිති වෙලා ඉවරයි.. එහෙම දෙයක් උනොත් මට හිත හදාගන්න අමාරු වෙන එකක් නෑ කියලා හිතමු දැනට. අනික මට හිතෙන්නෙ ජන්ග්කුක් තාම ඉන්නෙ එයාගෙ sexuality එක මොකද්ද කියලා තේරුම් ගන්න හදන ගමන්. එයා හරියටම එයා කවුද කියලා තේරුම් ගන්නකම් මං බලන් ඉන්නවා."

"ඕනෙ එකක්.. හැබැයි උඹ ඕනෙවට වඩා බලාපොරොත්තු තියාගන්න යන්නෙපා ජන්ග්කුක් හරි උත්තරයක් දෙනකම්." සුගා කිව්වම හොබිත් එකඟවුණා.

"ඒක ඇත්ත.. ජන්ග්කුක් මෙහෙන් ගියාම කොයි විදිහට වෙනස් වෙයිද කියලා අපිට කියන්න බෑනෙ."

"හ්ම්.. බලමුකෝ."

ඒ තුන්දෙනා කාමරේට වෙලා කතා කරන අතරෙ ජිමින් ජන්ග්කුක්ගෙන් ටේහ්‍යොන්ග් ගැන අහන්න තීරණය කරා.

"ඉතින්.. ඊයෙ රෑ මොකද උනේ?" රාමෙන් හදන්න වතුර එකක් ලිප උඩින් තියන ගමන් ජිමින් අහද්දි පෝක් වගයක් පොඩියට කපන ගමන් හිටපු ජන්ග්කුක් ඔලුව උස්සලා ජිමින් දිහා බැලුවා.

"අම්.. මුකුත් නෑහ්."

"ඔයාට බෑ මට බොරු කරන්න කුකියෝ.."

"ආහ්.. හරි හරි.. මං එයාට කිව්වා මාව කිස් කරන්න කියලා. එයා මාව කිස් කරා. එච්චරයි." ජන්ග්කුක්ගෙ රතුවෙලා ගියපු මූණ දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු ජිමින් කතා කරන්න තීරණය කලා.

"ඇයි ඔයා ටේව ආයෙමත් කිස් කරන්න හිතුවෙ?"

"ම්..මං දන්නෙ නෑ චිම් හ්‍යොන්ග්. මට ආයෙ ඒක කරල බලන්න ඕනෙ උනා.. අනික මං ඒ වෙලාවෙ බයවෙලා හිටියෙ.. ඉතින් මට වෙන දෙයක් ගැන හිතන්න ඕනෙ උනා.."

"ඒ උනාට කුක්.. ටේ ඔයාට කැමතියි කියලා දැන දැනම එයාගෙන් එහෙම දේවල් අහන එක වැරදියි." ජිමින් කියද්දි ජන්ග්කුක් ජිමින් දිහා බැලුවා.

"ඇයි ඒ??"

"කුක්.. ඒ මනුස්සයත් හැඟීම් දැනීම් තියෙන මනුස්සයෙක්. ඔයා එහෙම අහද්දි ටේගෙ හිතේ තියෙන බලාපොරොත්තු වැඩි වෙනවා."

"ඔහ්.. උම්.. ම..මං දන්නවා. ඒත් මං ඇත්තටම එයාව කිස් කරන්න අකමැති නෑ."

"ඒ කියන්නෙ ඔයා ගේ?"

"මං දන්නෙ නෑ චිම්.. සමහරවිට.. ඒත් මං කවදාවත් පිරිමි අය ගැන එහෙම හිතලා නෑ.. ඒත් ටේහ්‍යොන්ග්ව කිස් කරන්න මං කැමතියි."

"ඔයා හොඳට හිතලා බලන්න කුක්.. මොකද ටේහ්‍යොන්ග්ව කිස් කරන්න කැමති වෙන එකයි ටේහ්‍යොන්ග්ගේ බෝයිෆ්‍රෙන්ඩ් වෙන්න කැමති වෙන එකයි දෙකක්. ඔයා ටේට physically attract උනාට වැඩක් නෑ ඔයා ටේට ආදරේ නැත්නම්.. මොකද මෙතනදි ටේ ඔයාට කැමැත්තෙන් ඉන්න නිසා එයා ඔයාගෙන් ඊටවඩා දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හොඳට හිතලා තීරණයක් ගන්න."

"ම්ම්.. මං එහෙම කරන්නම්." ජිමින් කියපු දේවල් ඇත්තටම ජන්ග්කුක්ගෙ හදවතට ලොකු බලපෑමක් එල්ල කරන්න සමත්වුණා. එයාට ඕනෙ උනා ඇත්තටම එයා ටේහ්‍යොන්ග්ට කැමති මොන විදිහටද කියලා තේරුම් ගන්න. ඒ නිසාම ජන්ග්කුක් තීරණය කරා එයා ටික දවසකට ටේහ්‍යොන්ග්ගෙන් ඈත් වෙන එක හොඳයි කියලා. සමහරවිට දුරින් ඉද්දි ටේහ්‍යොන්ග්ව එයාට කොච්චර ඕනෙද කියලා තේරුම් ගන්න එයාට පුළුවන් වෙයි කියලා ජන්ග්කුක් හිතුවා.

කතාවෙන් කතාව දෙන්නා උයලා ඉවර උනාම ජිමින් ගිහින් කට්ටියට ඩිනර් ගන්න කතාකරා. ඩිනර් එකෙන් පස්සෙ යුන්මින්, හොබී දෙන්නා පිටත්වෙලා යද්දි ජන්ග්කුක් කාමරේට ගියා වොශ් එකක් දාගන්න. ටේහ්‍යොන්ග් වොශ් දාලා හිටපු නිසා එයා සෝෆා එක උඩට වෙලා ෆෝන් එක ඔබන්න ගත්තා. ටික වෙලාවකට පස්සෙ ජන්ග්කුක් එයාගෙ රෝස පාට හාවො ඉන්න පිජාමා එකත් ඇඳගෙන ඇවිත් ටේහ්‍යොන්ග්ට එහාපැත්තෙන් ඉඳගත්තා.
.
.
.
.
.
.
.
.
.
.

~To be continued~


Manager Sejin is back.. omg i love that man sm😭😭❤️

Manager sejin කියන්නෙ BTSලා ගොඩක් ආදරේ කරපු මැනේජර් කෙනෙක්. BV S1 දි manager sejinගෙ ලියුම කියවද්දි එයාලා කියපු දේවල් වලින් ඒක හොඳට තේරෙනවා. 2015 festa එකේදිත් manager sejin එයාලට voice record එකක් එවලා තිබුණා. අනෙව් මට සතුටුයි.. හරියට ගොඩ කාලෙකට පස්සෙ මං ගොඩක් ආදරේ කරන කෙනෙක් දැක්කා වගේ. හිතන්නකො 2025දි අපේ කොල්ලො හත්දෙනා ආපහු එද්දි මොනවගේ හැඟීමක් දැනෙයිද කියලා එතකොට 😭😭😭💜️

Jungkookie👀

ජිමිනගෙ solo album එක february එනවා කියලා news articles දාලා තිබ්බා. එතකොට ටේගෙ smile song එකේ snippet එකක් එයා එක්ක වැඩකරපු producer hyesung  ig දාලා තිබ්බා soon කියලා. ජන්ග්කුකී ig bio එකේ jeon jungkook is coming කියලා දාලා. ඒ කියන්නෙ තුන්දෙනාගෙම ඇල්බම් ඉක්මනටම එයි වගේ🙊❤️

19/1/2023

Continue Reading

You'll Also Like

40.7K 7.8K 31
~ Forget-me-nots - සැබෑ ආදරය සහ ගෞරවය සංකේතවත් කරයි. මෙම නිල් පැහැ පුංචි මල් ඔබ යම් අයෙකු හට ලබාදීම ඔබ ඔවුන්ව කිසිදිනෙක අමතක නොකරන බවට සිදුකරන පොරොන්...
1.4K 251 6
" තමුසේ මගේ 𝘷𝘪𝘭𝘭𝘢𝘯 විතරයි නැතුව 𝘭𝘰𝘷𝘦𝘳 නෙවෙයි.... " -𝗞𝗜𝗠 𝗧𝗔𝗘𝗛𝗬𝗨𝗡𝗚- " ඇයි තමුසේ හිතුවද...
8.8K 1.6K 9
(සිංහල) " Give me some space. I'm tired " Love Brotherhood Completed ✘ Don't copy my work ✘
168K 3.5K 46
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...