฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ [Completed] ||Tae...

By moonflower_9597

82.3K 15.7K 10.7K

කළු රෝස.. ගැලපෙන්නෙ නෑ නේද? රෝස මලක් අනිවාර්යයෙන්ම රෝස හෝ රතු පාට වෙන්නම ඕනෙ. වෙන වෙන පාට රෝස තියෙනවා තමයි... More

Chapter 1
Chapter 2
Characters
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
2/2/2023 - TK
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Epilogue

Chapter 12

1.9K 409 258
By moonflower_9597

ජන්ග්කුක්ගෙ කාමරේ සම්පූර්ණයෙන්ම පේන්ට් කරලා ටේහ්‍යොන්ග් නාගෙන එද්දි ජන්ග්කුක් කාලා හොඳට නිදාගෙන හිටියෙ.
ජන්ග්කුක්ගෙ නළලෙ පැත්තක් වැහෙන්න තඩි ප්ලාස්ටර් එකකුත් ජින් ගහලා තිබුණා. ජන්ග්කුක් නිදාගෙන ඉන්න තාලෙට පව් කියලා හිතුණු නිසා ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ handcuffs ඔක්කොම අයින් කරලා ඩුවට් එක ජන්ග්කුක්ගෙ ඇඟ වැහෙන්න දැම්මා. හා හා.. වැරදියට හිතන්නෙපා. ටේහ්‍යොන්ග් එහෙම කරේ කොල්ලගෙ තියෙන මනුස්සකමට මිසක් වෙන දේකට නෙවෙයි.

ටේහ්‍යොන්ග් නාගන්න අතරෙ ජින් ජිමින් එක්ක එකතුවෙලා ජන්ග්කුක්ගෙ ඇඳුම් ටික අල්මාරියට දාලා ඇඳටත් කොට්ට මෙට්ට දාලා කාමරේ මනුස්සයෙක්ට ජීවත් වෙන්න පුළුවන් විදිහට හැදුවා. නම්ජුන් කියපු විදිහට ජන්ග්කුක් කියන්නෙ මොනා උනත් රටේ මුල් පුටුවෙ අයිතිකාරයා උනු මනුස්සයගෙ එකම දරුවා නිසා කට්ටියම අකමැත්තෙන් උනත් ජන්ග්කුක්ට හොඳින් සලකන්න හිත හදාගත්තා. කොහොමත් කොල්ලගෙ ටකරං කට තිබ්බෙ නැත්නම් ජන්ග්කුක්ගෙ කියන්න තරම් වැරැද්දක් නෑ කියලත් ඒ වෙද්දි කට්ටියටම තේරිලා තිබුණේ.

ටේහ්‍යොන්ග් ආවට පස්සෙ කට්ටියම සාලෙ තිබුණු සෝෆා සෙට් එකෙන් ඉඳගෙන ෆිල්ම් එකක් දාගෙන සුගා හදපු කෑම රසවිඳින්න ගත්තා.

පැය ගානක් ඔය විදිහට කට්ටියම විනෝදෙන් හිනාවෙවී ගත කරන අතරෙ නිදාගෙන හිටපු ජන්ග්කුක්ට ඇහැරුණා. එකපාරටම ඉන්නෙ කොහෙද කියලා හිතාගන්න බැරි උනත් ටිකකින් හැමදේම මොලේට process වෙද්දි ජන්ග්කුක් හිමීට නැගිටලා ඇඳෙන් ඉඳගත්තා. සාලෙ ඉන්න කට්ටියම හයියෙන් හිනාවෙවී කෑගහන සද්දෙ ටික වෙලාවක් අහගෙන හිටපු ජන්ග්කුක්ට හේතුවක් නැතුවම දුක හිතෙද්දි ඒ ඇස් ලා කඳුලු පටලයකින් වැහිලා ගියා.

"ඔයාව මතක් වෙනවා මීරා ඔම්මා.." ජන්ග්කුක් අතින් එයාගෙ ඇස් පිහදාගන්න ගමන් මිමිණුවා. ඇත්තටම ජන්ග්කුක් කවමදාවත් යාලුවො එක්ක ඒ විදිහට සතුටින් හිනාවෙලා තිබුණේ නෑ. එයා පොඩ්ඩක් හරි හිනාවෙලා හුරතල් උනේ එයාගෙ ඔම්මගෙන් පස්සෙ එයාගෙ මීරා ඔම්මා එක්ක විතරයි. ඒ නිසාම එළියෙ ඉන්න අයගෙ සතුටු හිනාවන් ජන්ග්කුක් අහගෙන හිටියෙ දුකෙන් උනත් ලොකු ආසාවකින්.

හිමීට ඇඳෙන් නැගිටපු ජන්ග්කුක් නැගිටලා දොර ළඟට ගිහින් දොර අරින්න ට්‍රයි කරාම ලොක් කරලා තිබුණේ නැති නිසා දොර ඇරගන්න එයාට පුළුවන් වුණා.

"ඒයි.. කොහෙ යනවා කියලා හිතාගෙනද ඔය හිතු මනාපෙට ඇවිදින්නෙ?" එයාලා දිහාවට ඇවිදගෙන එන ජන්ග්කුක්ව දැකපු ජින් එහෙම අහද්දි කට්ටියගෙම හිනා සද්දෙ නැතිවෙලා ගියා.

"දොර ඇරලා තිබ්බෙ මොකටද?" ගානක්වත් නැතුව එහෙම අහපු ජන්ග්කුක් ඇවිත් එයාලා ළඟින් ඉඳගනිද්දි කට්ටියම ඇස් කටේ දාගෙන බලාගෙන හිටියෙ එයාලා ජන්ග්කුක්ව කිඩ්නැප් කරාද නැත්නම් ජන්ග්කුක් එයාලව කිඩ්නැප් කරාද කියලා හිතන ගමන්.

"ඒයි.. අපි තමුසෙව කිඩ්නැප් කරලා අරන් ආවෙ.. ඒ නිසා හිතෙන හිතෙන තැන් වලට යන්න තමුන්ට බෑ." ටේහ්‍යොන්ග් කියද්දි ජන්ග්කුක් ගානක්වත් නැතුව ඉස්සරහා තිබුණු ස්නැක් පැකට් එකක් අරගෙන ඒකෙන් අහුරක්ම කටට ඔබාගන්න ගමන් ෆිල්ම් එක බලන්න ගත්තා.

"කුකී.." එකපාරටම ආදරණීය හඬක් ඇහෙද්දි ජන්ග්කුක් ගැස්සිලා ගියා. ඒ වගේ හුරතල් නම් වලින් ජන්ග්කුක්ට කතා කරලා තිබුණේ එයාගෙ ඔම්මලා දෙන්නා විතරයි.

"මං ඔයාට කුකී කිව්වට කමක් නෑනෙ නේද?" ජිමින් ජන්ග්කුක්ගෙ ළඟින් ඉඳගන්න ගමන් අහද්දි සුගා මූණ හකුලවගත්තෙ එයාගෙ චිමී බෝලෙ ජන්ග්කුක්ට කැමති වෙයිද දන්නෙ නෑ කියන බයෙන්.

"අහ්.. හ්ම්.. නෑ.. කමක්නෑ.. කුකී හොඳයි.."

"ඔයාට සීතල නැද්ද?? අපි ඇඳුමක් දාගෙන ඉමු නේද?" ජිමින් ඇහුවම තමයි ජන්ග්කුක්ට මතක් උනේ එයා තාමත් ඉන්නෙ බාත්රොබ් එක පිටින් කියලා. ඒ නිසාම ජන්ග්කුක් ඔලුව වැනුවා.

"යමු.. මං ඔයාව කාමරේට එක්ක යන්නම්. ඔයාට පෙන්නන්න දේකුත් තියෙයි." ඒ පාර ජින් සතුටින් කෑගහලා නැගිට්ටෙ ඒ කටේ සද්දෙට කට්ටියම ගැස්සිලා යද්දි.

"මට ඕනෙ නෑ කාගෙවත් සප්‍රයිස්.." ජන්ග්කුක් ජින් දිහා බලල ඔරවද්දි ජින් හිනාවෙවී ඇවිත් ජන්ග්කුක්ගෙ අතකින් ඇදලා එයාව නැගිට්ටවගෙන ජන්ග්කුක්ගෙ කාමරේ දිහාට යන්න ගත්තෙ ජිමින් ඇරෙන්න කට්ටියම පුදුමෙන් ඒ දිහා බලාගෙන ඉද්දි.

"එයාට එකපාරටම මොකද්ද ඒ උනේ?" සුගා අහද්දි නම්ජුනුත් පුදුමෙන් ඔලුව දෙපැත්තට වැනුවා.

"හැබැයි ජින් හ්‍යොන්ග්ගෙ evil හිනාවෙ හැටියට නම් අනිවා මොකක් හරි විකාරයක් කරලා ඇති." හොබී කියද්දි ටේහ්‍යොන්ග් ඔලුව වැනුවා.

"මං හිතන්නෙ මට ජින් හ්‍යොන්ග්ගෙ සප්‍රයිස් එක ගැන හිතාගත්තැකි." ටේහ්‍යොන්ග් එහෙම කියලා කටගන්න කලින් ජන්ග්කුක් වහලෙ උඩයන්න තරම් මහ හයියෙන් කෑගැහුවා.

කට්ටියම අඩියට දෙකට දුවගෙන ජන්ග්කුක්ගෙ කාමරේට යද්දි ජන්ග්කුක් එයාගෙ මූණත් තරහින් රතු කරගෙන, හිනාවෙවී ඉන්න ජින්ගෙ දිහාවට හැරුණා.

"යාහ්!!! මේකටද මගෙන් කැමති අකමැති පාටවල් ඇහුවෙ.. ඊයා මට නම් මේකෙ ඉන්න බෑ වමනෙ යයි.." ජන්ග්කුක් කෑගහද්දි ජින් කට කොනකින් හිනාවෙලා ජන්ග්කුක් දිහා බැලුවා.

"මං ආසම පාටට ඊව් කිව්වට දෙන දඬුවම තමයි මේක.." ජින් කිව්වෙ රෝස පාටින් පාට කරලා තියෙන කාමරේ බිත්ති පුරා ඇස් යවමින්. බිත්ති විතරක් නෙවෙයි ජන්ග්කුක්ගෙ කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ඔක්කොමත් තනිකරම රෝස පාටයි. සැකේට වගේ අල්මාරිය ළඟට ගියපු ජන්ග්කුක් ඒක ඇරලා බැලුවා.

"ආආආආආආ..." ජන්ග්කුක් යටිගිරියෙන් කෑගහන්න ගත්තම ජින් ඇරෙන්න අනිත් හැමෝම කන්දෙක තදකරලා වහගත්තා.

"මට නම් එපා මේ ඇඳුම්.. ඊයා...." ජන්ග්කුක් කිව්වෙ අල්මාරියෙ පිරිලා තියෙන රෝස පාට ඇඳුම් දිහා බලලා. ඒ මූණ බෙරිවෙලා ගිහින් තිබුණේ.

"එපානම් ඇඳුම් නැතුව ඉන්නෙකයි." ජින් එහෙම කියලා ගස්සගෙන එළියට යද්දි ජන්ග්කුක් හැරිලා අනිත් අය දිහා රවලා බැලුවා.

"තමුසෙලා මොනාද තවත් බලන් ඉන්නෙ.. යනවලා යන්න මට ඇඳුම් මාරුකරගන්න දීලා." තරහින් කෑගහපු ජන්ග්කුක් අඩි හප්ප හප්පා ඇවිත් ඉස්සරහින්ම ඉන්න ටේහ්‍යොන්ග්ගේ පපුවට අත තියලා කට්ටියවම කාමරෙන් එළියට තල්ලු කරලා හයියෙන් දොර වැහුවා.

"යකෝ.. අපි මුගෙ ගෙදර ඉන්නවා වගේනෙ මූ අපට සලකන්නෙ." සුගා කියද්දි නම්ජුන් ටේහ්‍යොන්ග් දිහා බැලුවා.

"එක දවසට ඔහොම නම් තව ටික දවසක් යද්දි මේකට එන්නත් කොල්ලගෙන් අවසර ගන්න වෙයි වගේ." නම්ජුන් කියද්දි ටේහ්‍යොන්ග් ඒ මුකුත් ඇහුනෙ නෑ වගේ ගිහින් ජින්ට එහා පැත්තෙන් ඉඳගත්තා. ඇත්තටම ඒ වෙද්දිත් ජන්ග්කුක්ව කිඩ්නැප් කරන් ආපු එක ගැන පසුතැවෙන්න ඕනෙතරම් හේතු ගොඩක් ටේහ්‍යොන්ග්ට තිබුණා. ටේහ්‍යොන්ග්ට පුළුවන් උනා නම් කාලය ආපහු හරවන්න ඇත්තටම ටේහ්‍යොන්ග් කාලය හරහා ගිහින් ජන්ග්කුක් ගැන ඔත්තු බලන එක නවත්තනවා.
.
.
.
.
.
.
.
.
.
.

2 weeks later,

ඔය විදිහට කාලය ගෙවිලා ගිහින් ජන්ග්කුක්ව පැහැරගෙන ඇවිත් සති දෙකකුත් ගතවෙලා අවසන් වුණා. ඒ වෙද්දි ජන්ග්කුක් ගැන රටේ හැමෝටම අමතක වෙලා ගිහින් තිබුණා. අනික නම්ජුන්ට ජන්ග්කුක් ගැන හොයන්න භාරවෙලා තිබුණු නිසා එයාටම තේරුණා ජනාධිපතිට තමුන්ගෙ එකම දරුවා උනු ජන්ග්කුක්ව හොයාගන්න තරම් ලොකු උවමනාවක් නම් තිබුණේ නෑ කියලා. ඒ නිසාම නම්ජුන් මීරා හම්බවෙලා ජන්ග්කුක් ගැන නිතරම කරුණු අහන්න ගත්තෙ ජන්ග්කුක් සහ එයාගෙ තාත්තා අතර තිබුණේ මොනවගේ සම්බන්ධයක්ද කියලා හොයාගන්න අදහසින්.

"මිසිස් මීරාට කියන්න පුළුවන්ද ජන්ග්කුක්ගෙ යාලුවො ගැන විස්තර? ඒක අපිට ජන්ග්කුක්ව හොයාගන්න උදව්වක් වෙයි." නම්ජුන් අහද්දි මීරා දිග සුසුමක් පිටකරා. මීරා නම්ජුන්ව දැක්කෙ එයාගෙ ස්වීට්ව හොයාගන්න ගොඩක් මහන්සි වෙන පොලිස් නිලධාරියෙක් විදිහට නිසා එයා අන්තිමේදි නම්ජුන්ට හැම විස්තරයක්ම කියන්න තීරණය කළා.

"මං කලින් කියපු දේවල් සම්පූර්ණ ඇත්ත නෙවෙයි. හැබැයි මං මේ කියන්න යන දේ රහසක් විදිහට තියාගන්නවා කියලා ඔෆිසර් මට පොරොන්දු වෙන්න ඕනෙ."

"ඕකේ මිසිස් මීරා.. පොලිස් නිලධාරියෙක් විදිහට මං ඕනෙම කෙනෙක්ගෙ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නවා."

"මගෙ ස්වීට් නරක ළමයෙක් නෙවෙයි.. එයාට හිටපු යාලුවො කවුරුත් ඇත්තටම එයාගෙ යාලුවො නෙවෙයි. එයා ඒ කිසිම කෙනෙක්ව විශ්වාස කරේ නෑ. මොකද පුංචි කාලෙ ඉඳන් යාලුවො එයාගෙන් අයුතු ප්‍රයෝජන ගත්තු නිසා ටික ටික ලොකුවෙද්දි එයා මිනිස්සුන්ව ළංකරගන්න බයවුණා. ඉතින් මට හොඳටම විශ්වාසයි ජන්ග්කුක් යාලුවෙක්ගෙ ගෙදර හොරෙන් නැවතිලා නෑ කියලා. අනික එයාට බෑ මට නොකියා එහෙම කොහෙවත් යන්න. ජන්ග්කුක් ළංවුණු එකම කෙනා මං.. අඩුගානෙ එයාගෙ අප්පටවත් ජන්ග්කුක් ළඟ නෑ. එයා එයාගෙ අප්පා දේශපාලඥයෙක් උනු එකට පොඩ්ඩක්වත් කැමති නෑ. මං ඔය දේශපාලනේ ගැන දන්නෙ නෑ ඔෆිසර්.. ඒත් ජන්ග්කුක් කියන්නෙ එයාගෙ අප්පා කරන දේවල් අසාධාරණයි කියලා. ඉතින් මට හිතෙන්නෙ කවුරුහරි මිස්ටර් ජොන්ගෙන් පළිගන්න මගෙ දරුවව අරන් ගිහින් කියලා."

"ඇයි මිසිස් මීරා එහෙම හිතන්නෙ? සමහරවිට ජන්ග්කුක් ගර්ල් කෙනෙක් එක්ක පැනලා ගිහින් අප්පට බයේ හැංගිලා ඉන්නවා වෙන්න බැරිද?"

"නෑ ඔෆිසර්.. ජන්ග්කුක්ට එහෙම ගෑණුළමයෙක් හිටියෙ නෑ. අනික එහෙම උනත් එයා මට නොකියා කොහෙවත් යන්නෙ නෑ. අනිවාර්යයෙන්ම මගෙ දරුවා කරදරේක ඇත්තෙ.. ඒ නිසා ප්ලීස් කොහොමහරි මට මගෙ කුකීව හොයලා දෙන්න." මීරා නම්ජුන්ගෙ අත්දෙක අල්ලගෙන කියද්දි නම්ජුන්ට ඒ කඳුලු පිරුණු ඇස් දිහා බලාගෙන ඉන්න බැරි නිසා එයා ඒ ඇස් මග ඇරියා.

"මං පුළුවන් උපරිමයෙන් උත්සාහ කරනවා ජන්ග්කුක්ව හොයාගන්න. ඒ නිසා මිසිස් මීරා බය නොවී ඉන්න." නම්ජුන් එහෙම කියලා මීරාගෙන් සමු අරන් කෙලින්ම ආවෙ එයාලගෙ hideout එකට. නම්ජුන්ගෙ පණිවිඩය ලැබුණු නිසා අනිත් හැමෝමත් එයා එද්දි බේස්මන්ට් එකට ඇවිත් හිටියා.

"කෝ ජන්ග්කුක් ?" සෝෆා එකෙන් ඉඳගන්න ගමන් නම්ජුන් අහද්දි කට්ටියම ටේහ්‍යොන්ග් දිහා බැලුවා.

"මොකද මං දිහා බලන්නෙ??"

"තමුන්ටනෙ කුකී ගැන හොයන්න භාරදීලා තියෙන්නෙ?" ජින් කියද්දි ටේහ්‍යොන්ග් ඇස් රෝල් කරා. ඒ වෙද්දි ජින්කුක් ඩබල හොඳ යාලුවො වෙලා තිබුණු නිසා ජින්කුක් දෙන්නා ඉන්න වෙලාවට අනිත් අය කන්දෙකේ ඇබ ගහගෙන හිටියෙ. I mean earphones..

"මං හිතන්නෙ නිදි.. මේ වෙලාවට එයා නිදාගන්නවා. තව ටිකකින් ඇහැරෙයි." ටේහ්‍යොන්ග් රවාගෙන කියද්දි සුගා ටේහ්‍යොන්ග් දිහා එයාගෙ ගමී ස්මයිල් එක දාලා ටේහ්‍යොන්ග් දිහා බැලුවත් ටේහ්‍යොන්ග් නෙවෙයි ඇහැක් ඇරලා සුගා දිහා බැලුවෙ.

"ඇයි ජන්ග්කුක් ගැන ඇහුවෙ?? මොකක් හරි ප්‍රශ්නයක්ද?" හොබී අහද්දි නම්ජුන් ඔලුව වැනුවා.

"මට අද පුළුවන් උනා ජන්ග්කුක්ගෙ නැනීගෙන් එයා ගැන හරි විස්තර ටිකක් දැනගන්න. එයාගෙ කතාවෙ හැටියට ජන්ග්කුක් එයාගෙ අප්පා කරන වැඩ වලට කැමති නෑ. අනික ඒ දෙන්නා අතර හොඳ සම්බන්ධෙකුත් නෑ.."

"ඇත්ත.. මටත් ඕක හිතුනා. නැත්නම් සති දෙකක් ගිහිනුත් ජනාධිපතිගෙ පුතා ගැන කිසිම තොරතුරක් නැතිවෙද්දි හරිනම් පොර රට අනිත් පැත්ත හරවන්නෙපැයි." ජිමින් කියද්දි කට්ටියම එයා එක්ක එකඟවුණා.

"ඔව්.. ඒක ඇත්ත. මිසිස් මීරා කියපු හැටියට ජන්ග්කුක් ළඟ එයාට විතරයි. කොල්ලට යාලුවෙක් වත් ඉඳලා නෑ."

"ඔහ්!"

"මං හිතන්නෙ මිසිස් මීරා ජන්ග්කුක්ට ගොඩක් ආදරෙයි. මට එයත් එක්ක කතාකරද්දි හෙනම වරදකාරී හැඟීමක් දැනුනෙ.."

"එහෙනම් ඉතින් අපි කොල්ලව ගෙදර යවමු." හොබී කියද්දි කට්ටියම හොබී දිහා බැලුවා.

"නෑ ඉතින්.. ඇත්තටම ජන්ග්කුක්ගෙ වැරැද්දකුත් නැත්නම් එයා එයාගෙ අප්පගෙ වැඩ වලට කැමතිත් නැත්නම් අපිට පුළුවන්නෙ කොල්ලට අපි ගැන කියන්නෙපා කියලා ආපහු ගෙදරට ගිහින් දාන්න. අනික කොහොමත් එයා දන්නෙ නෑනෙ බේස්මන්ට් එකට එන විදිහවත්.. මේක කොහෙද තියෙන්නෙ කියලවත්." හොබී කියපු දේ වැරැද්දක් නෑ කියලා අනිත් අයටත් ඒ වෙලාවෙ තේරුණා.
.
.
.
.
.
.
.
.
.
.

~To be continued~

කට්ටිය කුකීව ආපහු යවයිද??👀

BTS won at the 37th Golden Disk Awards! ✨💜

🏆 - Album of the Year (Daesang) for "Proof" (6th consecutive year winning)
🏆 - Best Album (Bonsang)
🏆 - Tiktok Golden Disk Most Popular Artist
🏆 - Inkisang
🏆 - Thai Fans Support With Baoji (j-hope)
🏆 - Best Digital Song’ Bonsang (SUGA)

BTS extends their record as the artist with the most Daesangs of all-time (71). We are so proud of you!

WE ARE SO PROUD OF YOU! 🙆

Little spoon 💜️💚

8/1/2023

Continue Reading

You'll Also Like

4.6K 788 9
ආආ.........අතාරිනවා මාව...යකෝ මම ටොප්... ජන්කුක් හොද හිතින් කියන්නේ....අතැරපන් මාව... අම්මෝ...බුදු අම්මෝ...රිදෙනවා මිනිහෝ....මගේ පු# හිරිවැටිලා වගේ...
125K 21.1K 43
//සඳ දේවතාවියගේ ආශිර්වාදය අහිමි කරගත් මිනිස්වෘක රැලක ඉරණම කෙසේ විසඳේවිද?// ⚠️️ Warning ⚠️️ - Age gap - Violence / Death - Mpreg Started : 2022-05-13...
13.7K 2.7K 15
Apologies Don't mean anything If you keep doing what you are sorry for.... 🤙💞
413K 12.5K 94
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...