฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ [Completed] ||Tae...

By moonflower_9597

82.5K 15.7K 10.7K

කළු රෝස.. ගැලපෙන්නෙ නෑ නේද? රෝස මලක් අනිවාර්යයෙන්ම රෝස හෝ රතු පාට වෙන්නම ඕනෙ. වෙන වෙන පාට රෝස තියෙනවා තමයි... More

Chapter 1
Chapter 2
Characters
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
2/2/2023 - TK
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Epilogue

Chapter 10

2K 413 510
By moonflower_9597

"තමුසෙ.." එකපාරටම ආපහු හැරුණු ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ට කන පුරෝලා ගහද්දි සුගා ඉස්සරහට පැන්නත් RM සුගාව නැවැත්තුවා.

"උඹට මගෙන් මොනවද ඕනෙ මිනිහො? ආ කියපන් මගෙන් මොනවද ඕනෙ?" ටේහ්‍යොන්ග්ගේ ශර්ට් කොලර් එකෙන් අදින ගමන් ජන්ග්කුක් කෑගහද්දි ටේහ්‍යොන්ග් තුවාල උනු යටිතොල පිහදාලා ඇස් පාතට හරවලා එයාගෙ ශර්ට් එකේ එල්ලිලා එයා දිහා තරහින් රවාගෙන බලන් ඉන්න ජන්ග්කුක් දිහා බැලුවා.

"උඹ මගෙ වැඩ වලට අත නොදා පාඩුවෙ හිටියා නම් මට උඹව කිඩ්නැප් කරන්න ඕනෙ වෙන්නෙ නෑ කියලා උඹේ ඔය පුංචි මොලේට කියලා දීපන්."

"ත්..තමුන් තමුන් කොහොමද මේ රටේ ජනාධිපතිගෙ පුතාව කිඩ්නැප් කරන්නෙ?? ආ.. තමුසෙට කොහෙන්ද එච්චර හයියක්?" ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගේ කොලර් එකේ එල්ලිලා කෑගහද්දි ටේහ්‍යොන්ග් කට කොනකින් හිනාවෙලා කකුල් වලින් ටිකක් නැමිලා ජන්ග්කුක්ගෙ හූඩි එකේ යටින් අල්ලගෙන හූඩි එක පාතට ඇද්දා. ජන්ග්කුක්ට වඩා ටේහ්‍යොන්ග් ටිකක් උස උනු නිසා ටේහ්‍යොන්ග්ගේ කොලර් එකේ ජන්ග්කුක් එල්ලිලා ඉද්දි ජන්ග්කුක් ඇඳගෙන හිටපු හූඩි එකත් උඩට ඇදිලා තිබුණු නිසයි ටේහ්‍යොන්ග් එහෙම කරේ. ටේහ්‍යොන්ග්ගේ ක්‍රියාවත් එක්ක ඇඟිලි තුඩු වලින් ඉස්සිලා හිටපු ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගේ කොලර් එක අතෑරලා ඉක්මනට පැත්තකට උනා. ඒ කම්මුල් යාන්තමට රෝස පාට වෙලා ගියේ එයා කට්ටියම ඉස්සරහ ටේහ්‍යොන්ග්ගේ හූඩි එක විතරක් ඇඳගෙන ඉන්නවා කියලා මතක් උනාටත් වඩා ටේහ්‍යොන්ග් කරපු වැඩේ නිසා කියලා දැනගෙන හිටියෙ ජන්ග්කුක්ගෙ හිත විතරයි.

"ඔහ්! තමුසෙගෙ හෙංචයියො ටිකද මේ? බලන් ඉන්නවකෝ මං මෙතනින් ගැලවෙනකම්.. ඊටපස්සෙ මං තමුසෙලා ඔක්කොමලවම අල්ලලා කූඩුවට දානවා.." ජන්ග්කුක් කෑගහද්දි කට්ටියම ඇස් රෝල් කරා.

"අහ් පොඩ්ඩක් ඉන්න.. ඔ-ඔයා පාක් ජිමින් නේද? TV1 එකේ නිව්ස් කියන කෙනා.." ජිමින්ව අඳුරගත්තු ජන්ග්කුක් ජිමින් දිහා ලොකු ඇස් වලින් බලන ගමන් අහද්දි ටේහ්‍යොන්ග් කනට ඇඟිල්ලක් දාලා කන හොලවන ගමන් ජන්ග්කුක් දිහා බැලුවා.

"පින් අත්වෙයි පොඩ්ඩක් එක තත්පරේකට ඔය කට වහගන්නවද?"

"තමුසෙ කියන දේවල් අහන්න තමුන් මගෙ කවුද?" ජන්ග්කුක් ආපිට ටේහ්‍යොන්ග්ට රවද්දි ජන්ග්කුක්ව ගණන් ගත්තෙ නැති ටේහ්‍යොන්ග් නම්ජුන් දිහා බැලුවා.

"RM හ්‍යොන්ග්.. මොකද කරන්නෙ? මූව මේකෙම තියනවද.."

"යාහ්! මේ දූවිලි ගොඩ අස්සෙ ඉන්න මට බෑ.. තමුසෙලා කුණු කාණුවක ඉන්න උන් උනාට මට මේවා පුරුදු නෑ." ජන්ග්කුක් කෑගහද්දි ජින්ට මල පැන්නත් ජින් මුකුත් නොකියා නිහඬ උනේ නම්ජුන් ජින්ගෙ උරහිසෙන් අතක් තිබ්බ නිසා.

"අපි එළියට ගිහින් කතා කරමු." කට්ටියම තරහින් රතුවෙලා ඉන්න ජන්ග්කුක්ව කාමරේ තනිකරලා එළියට ආවෙ ආයෙමත් කාමරේ දොර ලොක් කරලා.

"ජිනී චිම් එක්ක එකතුවෙලා ජන්ග්කුක්ට ඕනෙ දේවල් ලෑස්ති කරයි." නම්ජුන් කියද්දි ජින්ගෙ කන් දෙක තරහින් රතුවුණා.

"යාහ් මට නම් බෑ.. මට ඌ කියපු දේවල් ඇහුවම දත් ඇන්ද බඩට යන්න දෙන්න හිතුනා." ජින් කෑගැහුවම නම්ජුන් ජින්ගෙ අත් දෙකෙන් අල්ලගෙන ඒ ඇස් වලට එබුණා.

"අනිත් හැමෝටම වැඩ තියෙන නිසයි මං කිව්වෙ... අනික ජන්ග්කුක්ට ඕනෙ දේවල් අහලා ඒ කාමරේ එයාට ඕනෙ විදිහට හදලා දෙමු. අපිට මොනා උනත් අමතක කරන්න බෑනෙ ජන්ග්කුක් කාගෙ කවුද කියලා.. ඒ නිසා එයාව ආපහු යවනකම් එයාට මෙහෙ ඉන්න පුළුවන් විදිහට දේවල් හදලා දෙන එක අපේ යුතුකම."

"ඉතින් අපි කවුරුත් කිව්වෙ නෑනෙ උට අපේ දේවල් වලට ඇඟිලි ගහන්න කියලා.."

"ජන්ග්කුක් හිතලා නෙවෙයිනේ ඒ දේවල් කරේ.. අනික ජන්ග්කුක් වැරදි නැත්නම් අපිට බෑ ජන්ග්කුක්ට දඬුවම් කරන්න.. ඒ නිසා ප්ලීස්.. ඉන්නකම් එයාට හොඳට සලකන්න හැමෝම.." RM ඉල්ලද්දි කට්ටියම අකමැත්තෙන් උනත් ඔලුව වනලා ඒකට එකඟවුණා.

"මං ජින් හ්‍යොන්ග් එක්ක ගිහින් ජන්ග්කුක් කැමති දේවල් අහගෙන එන්නම්." කණ්ඩායමේ ඒන්ජල් උනු ජිමින් කියද්දි නම්ජුන් හිනාවෙලා ඔලුව වැනුවා.

"ජන්ග්කුක්ට ඇඳුම් ටිකකුත් ගෙනත් දෙන්න වෙයි. කැමති මොනවටද කියලා අහන්න.. තව කාටහරි බේස්මන්ට් එකේ නවතින්න වෙනවා ජන්ග්කුක්ගෙ ආරක්ෂාව වෙනුවෙන්.  අපි ඔක්කොගෙම මූණු එයා දැකපු නිසා කොල්ලට පැනලා යන්න දෙන්න බෑ. ඒ වගේම කොල්ලට කන්න දෙන්නත් වෙනවා.." නම්ජුන් කියද්දි සුගා ටේහ්‍යොන්ග් දිහා බැලුවා.

"V ට පුළුවන් ජන්ග්කුක්ගෙ ආරක්ෂාව ගැන බලන්න.." සුගා කට කොනකින් හිනාවෙලා කියද්දි ටේහ්‍යොන්ග් සුගා දිහා බලලා රැව්වා.

"එතකොට කවුද උයන්නෙ? මේ මෝඩයට උයන්න බෑනෙ.." හොබී ඇහුවම කට්ටියම සුගා දිහාට හැරුණා.

"ඇයි මං.." සුගා කලබලෙන් අහද්දි ජින්ගෙ කට කොනකට හිනාවක් ආවා.

"මොකද මං ඩොක්ටර් කෙනෙක් නිසා මං බිසී.. චිම්ටයි හොබීටයිත් හැමවෙලේම එන්න බෑ. RM කොහොමහරි ආවත් ඒ මිනිහට උයන්න බෑ.. එතකොට ඉතුරු තමුනුයි Vයි විතරයි. අනික යාලුවො දෙන්නා එකතුවෙලා රහස් වැඩ කරානම් දැන් දෙන්නට පුළුවන් එකතුවෙලා ඒකෙ ප්‍රතිවිපාක විඳින්න."

"උඹ හින්දා තමයි මේ සේරම.." සුගා ටේහ්‍යොන්ග්ට රැව්වා.

"ඒ වගේම ජන්ග්කුක් මෙහෙ ඉන්නකම් එයාගෙ වියදම් සේරම ටේහ්‍යොන්ග් බලාගනී." නම්ජුන් කියද්දි ටේහ්‍යොන්ග් හයියෙන් කහින්න ගත්තා. අනිත් කට්ටියම හයියෙන් හිනාඋනේ ටේහ්‍යොන්ග්ගේ මූණෙ තියෙන පෙනුම දැකලා.

"මොන මගුලක්ද.. මගෙ සල්ලි.. "

"උඹනෙ මේ හැමදේටම වග කියන්න ඕනෙ.. අනික උඹට සල්ලි නැතුව නෙවෙයිනේ. හරි එහෙනම් දැන් ඔක්කොම සෙට්නෙ.." RM ඇහුවම බොරුවට අඬන ටේහ්‍යොන්ග්ව දැක්කෙ නෑ වගේ කට්ටියම ඔලුව වැනුවා.

"මං ජිනී හ්‍යොන්ග් එක්ක ජන්ග්කුක් කැමති දේවල් අහගෙන එන්නම්."

ජිමින් ජින්වත් ඇදගෙන ජන්ග්කුක්ගෙ කාමරේට යද්දි අනිත් කට්ටිය සෝෆා සෙට් එකේ තැන් තැන් වලට වැටුණෙ ඉස්සරහට මොනාවෙයිද කියලා කල්පනා කරන ගමන්.

දොර ඇරෙන සද්දෙට බිත්තියේ මුල්ලකට හේත්තු වෙලා බිම ඉඳගෙන හිටපු ජන්ග්කුක් ගැස්සිලා ගියා. පැනගන්න උත්සාහ කරන්න කියලා ජන්ග්කුක්ගෙ හිත කිව්වත් ජන්ග්කුක් හිටපු තැනින් හෙල්ලුනේවත් නැත්තෙ අනිවාර්යයෙන්ම 6 දෙනෙක් එක්ක හැප්පෙන්න තරම් හයියක් එයාට නෑ කියලා තේරුම් ගත්තු නිසා.

දොර ආයෙමත් වහපු ජිමින් ජින් එක්ක ජන්ග්කුක්ගෙ ළඟට ළංවුණා.

"හේයි.. මම ජිමින්.." ජිමින් ජන්ග්කුක් ළඟින් පාත්වෙලා බිම ඉඳගෙන ජන්ග්කුක්ට අත දුන්නත් ජන්ග්කුක් ජිමින් දිහා බැලුවා මිසක් මුකුත් කිව්වෙ නෑ.

"මේ ජින්.. එතකොට ඔයාව කිඩ්නැප් කරේ V..   ඔයා අපි ගැන වැරදියට හිතාගෙන ඇත්තෙ.. ඒත් ඇත්තටම අපි නරක අය නෙවෙයි ජන්ග්කුක්."

"හහ්.. නරක නෙවෙයි නම් මොකටද අහිංසක මිනිස්සු පැහැර ගන්නෙ?" ජන්ග්කුක් සමච්චල් සහගත හඬකින් අහද්දි ජින්ට ආයෙමත් මල පැන්නා.

"චිම්.. මුගෙන් ආපු කාරණේ විතරක් අහගෙන යමන්.. උට දේවල් විස්තර කරන්න අපි බැඳිලා නෑනෙ."

"හ්‍යොන්ග්.."

"ඒයි.. අපිට කියනවා තමුසෙ කැමති පාට මොකද්ද කියලා..?" ජින් ඇහුවම ජන්ග්කුක් ජින්ට රවලා අහක බලාගත්තා.

"තමුන්ට අඳින්න ඇඳුම් ඕනෙනම් කියනවා.. නැත්නම් Vගෙ ඇඳුම පිටින් මැරෙනකම්ම ඉන්න පුළුවන්." ජින් තරහින් කියද්දි ජන්ග්කුක් එයා ඇඳගෙන හිටපු හූඩි එක දිහා තරහින් බලලා ආයෙමත් ජිමින් දිහා බැලුවා. ජිමින්ගෙ මූණෙ තිබුණු ආදරණීය බැල්ම දකිද්දි ජන්ග්කුක්ට ජිමින් දිහා රවලා බලන්න පුළුවන් උනේ නෑ.

"කළු.. මං කැමති කළු පාටට.."

"එතකොට තමුන් අකමැති පාට??"

"රෝස.. ඊව්.." ජින් ඇඳගෙන හිටපු pink sweater එක දිහා පිළිකුලෙන් බලපු ජන්ග්කුක් කියද්දි ජින්ට ජන්ග්කුක්ගෙ හොම්බ තලන්න හිතුනත් ඊටකලින් ජිමින් ඉස්සර වුණා.

"එතකොට ජන්ග්කුක් කන්න කැමති?"

"පෝක්.. බනානා මිල්ක්.. පීසා.. "

"අකමැති දේවල් ?"

"එහෙම මුකුත් නෑ.."

"ඇලජික්?"

"ඒත් නෑ.." ජන්ග්කුක් ජිමින්ගෙ ප්‍රශ්න වලට සන්සුන් විදිහට පිළිතුරු දුන්නා.

"එතකොට ඔයාට මොනාහරි ප්‍රශ්නයක් තියෙයිද.. ඇඟේ අමාරුවක් එහෙම?"

"ඔලුව.." ටේහ්‍යොන්ග් ගහපු පාර නිසා ඇත්තටම ඒ වෙද්දිත් ජන්ග්කුක්ගෙ ඔලුව ඇදුම් කමින් තිබුණා. ජන්ග්කුක්ගෙ නළල දිගේ තියෙන වේලුණු ලේ පැල්ලම දැක්කම ජිමින්ටත් දුක හිතුණා. එයා හිමීට ඔලුව හරවලා ජින් දිහා බැලුවා.

"මොකද??"

"හ්‍යොන්ග්.. එයා ඉන්නෙ අමාරුවෙන්."

"මේ විදිහට බෙහෙත් දාන්න බෑ.. ඇඳුම් මාරුකරවලා වොශ් එකක් දාගත්තම බෙහෙත් දාමු." ජින් ජන්ග්කුක් දිහා නොබලා කියද්දි ජන්ග්කුක් ඇස් රෝල් කරා.

"ජන්ග්කුක් දන්නවද.. අපේ ජින් හ්‍යොන්ග් ඩොක්ටර් කෙනෙක්."

"ඇත්තද?? හැබැයි එහෙම පේන්නෙ නම් නෑ."

"චිම්, අවශ්‍ය දේවල් විතරක් කිව්වම ඇති. ඔක්කොම කියන්න මූ අපේ කවුරුත් නෙවෙයිනේ." ජන්ග්කුක්ට රවපු ජින් එහෙම කියලා කාමරෙන් එළියට එන්න පිටත්වුණා.

"හරි.. අපි ඉක්මනට ඔයාට ඉන්න පුළුවන් විදිහට මෙතන හදලා දෙන්නම්.." ජිමින් එහෙම කියලා ජන්ග්කුක්ට අන්තිම වතාවටත් හිනාවෙලා ජින් එක්ක එළියට යන්න හැරුණා.

"මට ගෙදර යන්න දෙන්නෙ කවද්ද?" ජන්ග්කුක්ගෙ කටහඬ යාන්තමට වගේ වෙව්ලනවා දැනෙද්දි ජිමින්ට ඇත්තටම ජන්ග්කුක් පව් කියලා හිතුණා.

"තමුසෙට හැමදාම මේකෙ තමයි ඉන්න වෙන්නෙ.." ජින් කියද්දි ජන්ග්කුක් ජින්ට රවලා ගස්සලා අනිත් පැත්තට හැරුණා.

"අපි ඒක දන්නෙ නෑ ජන්ග්කුක්... ඒත් ටික කාලයක් ඔයාට මෙහෙ ඉන්න වෙයි." ජිමින් එහෙම කියලා ජින්ගෙ පස්සෙන් කාමරෙන් එළියට ඇවිත් දොර ලොක් කරා.

"අම්මෝ බං උඹ කිව්වා වගේ ඒක නම් පුදුම කටක් තමයි.." ජින් ටේහ්‍යොන්ග් ළඟින් ඉඳගනිද්දි ජිමින් ඉනට අත් දෙක තියාගෙන ජින් දිහා බැලුවා.

"ඔයාගෙයි ජන්ග්කුක්ගෙයි දෙන්නගෙම වෙනසක් නම් අපිට පේන්නෙ නෑ හැබැයි."

"යාහ් අල බෝලේ.. තෝ මගෙන් මැරුම් කන්නෙපා."

"ඒයි ඒයි.. මගෙ අල බෝලෙට එහෙම ටෝක් කරන්නෙපා හරිද.." සුගා මැදින් පැන්නම ජිමින් ජින්ට ඇද කරලා ටේහ්‍යොන්ග්ගේ අනිත් පැත්තෙන් ඉඳගත්තා.

"Rm හ්‍යොන්ග්.. ජන්ග්කුක්ගෙ ඔලුව තුවාල වෙලා තියෙන්නෙ. එයාට බෙහෙත් දාන්න වෙයි."

"V උඹ එච්චර සැරට කොල්ලට ගැහුවද?"

"ඉතින් මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ අප්පා.." ටේහ්‍යොන්ග්ගේ හඬ ඒ වෙද්දි සැර බාලවෙලා තිබ්බෙ කරපු වැරැද්ද ගැන ඒ වෙද්දි එයා හොඳටම පසුතැවිල්ලෙන් ඉන්න නිසා.

"හරි හරි.. දැන් ජිනීටයි චිම්ටයි පුළුවන් ගිහින් ජන්ග්කුක්ට ඕනෙ කරන දේවල් ගේන්න. සුගා ජන්ග්කුක්ට කෑම හදන අතරෙ ටේහ්‍යොන්ග්ට පුළුවන් හොබී එක්ක එකතුවෙලා ජන්ග්කුක්ගෙ කාමරේ අස් කරලා දාන්න."

"එතකොට ඔයා.." හොබී මූණ හකුලවගෙන RM දිහා බැලුවා.

"මම යනවා මේ දෙන්නත් එක්ක.." RM ගානක් වත් නැතුව නැගිටිද්දි ටේහ්‍යොන්ග්නුත් මූණ දෙක කරන් එතනින් නැගිට්ටා.

"ආ V.. කොල්ලට වොශ් එකක් දාගන්න උදව් කරන්න." යන්න ගියපු RM ආපහු හැරිලා කියද්දි ටේහ්‍යොන්ග්ගේ ඉවසීමේ සීමාව පැන්නා.

"ඇයි ඌ බබෙක්ද??"

"උගෙ කාමරේ අස් කරනකම් කොල්ලට ඒකෙන් වොශ් දාගන්න බෑනෙ.. ඒ නිසා උඹෙයි සුගාගෙයි රූම් එකේ බාත්රූම් එකෙන් කොල්ලට වොශ් දාගන්න දීපන්.. නැතුව උඹට ඌව නාවන්න කිව්වෙ නෑ මං." RM එහෙම කියලා යද්දි ජිනුයි ජිමිනුයි දෙන්නත් ඒ පස්සෙන් ගියා.

"උඹ කැමති නම් ඌව නාවගෙනම එක්ක වරෙං.." සුගා කට කොනකින් හිනාවෙලා එහෙම කියලා ඉක්මනට කිචන් එකට දිව්වෙ ටේහ්‍යොන්ග්ගෙන් බේරෙන්න. හොබී අමාරුවෙන් හිනාව නවත්තගෙන සුගා පස්සෙන් දිව්වෙ නැත්නම් ටේහ්‍යොන්ග්ගෙන් බැනුම් අහගන්න වෙන්නෙ එයාට කියලා දන්න නිසා.

"යාහ් මුං ඔක්කොම එකයි.. එකෙක්ටවත් පොඩි එකා උනු මං ගැන කිසිම අනුකම්පාවක් නෑ." ටේහ්‍යොන්ග් එයාටම අනුකම්පා කරගන්න ගමන් ජන්ග්කුක්ගෙ රූම් එක දිහාට ඇවිදගෙන ගියා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

~To be continued~

ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ව නාවයිද🌚😂😂

මට මේක කියන්නම ඕනෙ උනා. ඇත්තටම මං ඔයාලා හැමෝටම ගොඩක් ගොඩක් ආදරෙයි. Thank you හැමවෙලේම මාත් එක්ක ඉන්නවට😭❤️

ඇත්තටම රන් එක බැලුවම හොඳටම බොරු කියන්න පුළුවන් ටේට නෙහ්😂😂 එයා මාෆියා ගේම් වලදි හෙන දක්ශයි.

හොබීටයි ජන්ග්කුක්ටයි නම් බොරු කියන්නම බෑ. මට මතකයි එක run episode එකක group එකේ අවංකම කෙනා හොබී කියලා ස්ටාෆ් එකේ අය කියනවා. එතකොට නම්ජුන්ටයි සුගාටයි ට්‍රයි කරාට බොරුව හරියට කියන්න බෑ අහුවෙනවා. එතකොට ජිමිනයි ජිනුයි ගානට බොරුව කියාගෙන යනවා.. ඒත් ජින්ගෙ කන් දෙක එයාව පාවලා දෙනවා. ජිමිනව කොහොමහරි අහුවෙනවා. ටේ.. මුල ඉඳන් අගටම අහුවෙන්නෙම නෑ. ගොඩක් run episode වල එහෙමයි. ආයෙ සුපිරියටම රඟපානවා. (හැබැයි ටේකුක් බොන්ඩ් එකත් රඟපෑමක් උනොත් නම් පුතෝ හොයාගෙන ගිහින් නෙලනවා කොල්ලට😪😒)

ආයෙ ටේ ඩයට් නිසා කන්නෙ නෑනෙ.. ජන්ග්කුක් ටීස් කරන්නෙ පීසා එක නහය ළඟටම තියලා😂😂 මං හිතන්නෙ කොල්ලා ටේගෙන් එයාගෙ පළිය ගත්තා. ඒත් අන්තිමේදි ජන්ග්කුක් කෑවෙත් නෑ🙊 එයා අද ඉඳන් ඩයට් පටන් ගන්නවා කියලා.. ඒක හරියට නිකන් ඔයා කන්නෙ නැත්නම් මං කන්නෙත් නෑ වගේ😌

ඒ බැල්ම😭💚💜️

දැන් අඩු සුගා කොලුවගෙ එක විතරයි🙈👀

ඒ පූස් කන් ටික නම් ශෝයි අප්පා🙈❤️🌚

රන් එකේ කට්ටියම කෑගහන්නෙ මුලදි ගේම් එක විකාරයක් කියලා. එතකොට ජිමිනා අහන්නෙ තව අවුරුදු 10ක් ගියාම අපි කොච්චර කියවයිද කියලා.. සුගා එතකොට කියනවා අපි අවුරුදු 40දිත් මේ වගේ උනොත් ඒකෙ තේරුම එයාලා immature කියනෙක නේද කියලා😂😂 එතකොට ජිමින් කියනවා අපි 60,70දිත් මෙහෙම්ම ඉඳියි කියලා😂 ඊටපස්සෙ ජිමිනා ජන්ග්කුක්ව අල්ලගන්නවා.. ඇයි එයානෙ කෑගහන්නෙ දේවල් එයාගෙ විදිහට යන්නෙ නැතුවම.. ජිමිනා කියනවා ජන්ග්කුක් වයසට ගියාමත් 'යාහ් ඔයාලා නම් මහ...' කියලා කෑගහයිලු😂 එතකොට ජන්ග්කුක් කියනවා මං එතකොට ඔයාලට අයියෙ කියලා කතා කරන්නෙ නෑ කියලා 😂😂 කොල්ලට අනිත් අයට අයියා කියන එක හෙන ප්‍රශ්නයක් වගේ😂😂 පොඩිඑකා උනාමත් එපාවෙනවා ඇති හැබැයි 😪✋

අන්තිමට සුගා කොලුවා කිව්වා වගේ karma is a bitch... කිසිම වෙලාවක නරක විදිහට හිත පාවිච්චි කරන්නෙපා. අනිවාර්යයෙන්ම ඔයාට ඒ විපාක ආපහු ලැබෙනවා. ✌

Vibe
2023.01.13
Taeyang ft Jimin

6/7 ක් හරි.. ටේ කා එක්ක collab කරයිද බලමු දැන්👀

Dollie, mochibun.. දෙන්නටම ගොඩක් තෑන්ක්ස් මේ කවර්ස් දෙකට.. ඒ දෙකම ගොඩක් ලස්සනයි 😭❤️

මං ඔන්න හැමෝම දීපු කවර්ස් දැම්මා. දවස ගානෙ covers මාරු කරේ ඒකයි. 🙈❤️

5/01/2023

Continue Reading

You'll Also Like

6.9K 174 8
A sequel to HOUSE RULES and PLAYING HOUSE. No one really believes Seth and Becky's engagement story. From friends to friends-with-benefits to being e...
420K 5.7K 29
I am doing mostly seme female cause I want to see more of that I am doing kink tober as well and it is bakugou but before this, I had changed the tit...
90.6K 3.1K 46
In which Y/n L/n is a villain, or at least that's how it seems. But what happens when life throws a curveball at her and she has to start over and fi...
54.7K 1.8K 41
This is mostly based on my dr stories of Helena, and this book definitely have smut. One shots like dates, anniversary, and more. I will also do some...