฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ [Completed] ||Tae...

By moonflower_9597

82.3K 15.7K 10.7K

කළු රෝස.. ගැලපෙන්නෙ නෑ නේද? රෝස මලක් අනිවාර්යයෙන්ම රෝස හෝ රතු පාට වෙන්නම ඕනෙ. වෙන වෙන පාට රෝස තියෙනවා තමයි... More

Chapter 1
Chapter 2
Characters
Chapter 3
Chapter 4
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
2/2/2023 - TK
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Epilogue

Chapter 5

1.9K 419 192
By moonflower_9597

කාමරේ දොර ඇරෙන සද්දෙට ෆෝන් එකත් එක්ක බිසී වෙලා හිටපු ජන්ග්කුක් ගැස්සිලා ගියත් ජන්ග්කුක්ගෙ අවසරයකින් තොරව ජන්ග්කුක්ගෙ කාමරේට එන්නෙ එකම එක කෙනෙක් විතරක් නිසා ජන්ග්කුක් ආයෙමත් සන්සුන් වුණා.

"කූ.. ස්වීටි."

"මීරා ඔම්මා.."

අවුරුදු 45ක පමණ කාන්තාවගේ තුරුලට පැනපු ජන්ග්කුක් මුමුණද්දි මීරා නම් උනු ඒ කාන්තාවගේ මුහුණ ආදරණීය සිනහවකින් හැඩවුණා.

"මොකද අද මගෙ දඟමල්ලට කන්න බෑ කිව්වෙ.. ආ?"

"අර අලුතින් ආපු කෙල්ල මගෙ මූඩ් එක විනාස කරා." මීරාව ඇඳෙන් ඉන්ඳවලා ඒ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තු ජන්ග්කුක් තොලුත් උල්කරගෙන සිද්ද උනු දේ විස්තර කරද්දි මීරා ජන්ග්කුක්ගෙ සිනිඳු කෙස් අතරින් අතැඟිලි යැව්වා.

"ඔයා ඉතින් පුංචි කුමාරයෙක් වගේ ලස්සන උනු එක ඒ ගෑණු ළමයාගේ වැරැද්දක් නෙවෙයිනේ කූ.."

"යාහ් මීරා ඔම්මා.. බොරු කියන්නෙපා.. මං ලස්සන නෑ.."

"හරි හරි.. මගේ කොල්ලා ලස්සන නෑ හැන්ඩ්සම්.. දැන් හරිනෙ නේද?"

"අන්න හරි.. මීරා ඔම්මගෙ ස්වීටි හැන්ඩ්සම් කොල්ලෙක්."

"ම්ම්.. දැන්වත් නැගිටින්නකෝ.. අපි ගිහින් කාලා එමු."

"හ්ම්ම්.. " ජන්ග්කුක් මීරාට කීකරු වෙලා නැගිටිද්දි මීරාගෙ ඇස් වල ආදරණීය බැල්මක් නැගුණා.

හැමෝටම නපුරු උනු ජන්ග්කුක් ආදරේ කරේ වගේම හුරතල් උනේ මීරා ළඟදි විතරයි. ජන්ග්කුක්ගෙ ඔම්මා ජන්ග්කුක්ට අවුරුදු දහයෙදි නැති උනාට පස්සෙ ජන්ග්කුක්ව බලාගත්තේ මීරා. මීරා කියන්නෙ ජන්ග්කුක්ගෙ නැනී වගේම ජන්ග්කුක්ගෙ ඔම්මා, සෝයුන්ට හිටපු එකම යාලුවා. ඉතින් ජන්ග්කුක්ට මීරා කියන්නෙත් එයාගෙම අම්මා වුණා.

"දැන් ඔහොමද එළියට යන්න හදන්නේ?" ජන්ග්කුක් ගානක්වත් නැතුව කාමරෙන් එළියට යන්න හදනවා දැක්කම මීරා එයාගෙ ඉනෙන් අත් දෙක තියාගෙන එහෙම ඇහුවා.

"ඇයී..?"

"බලන්න ඇඳගෙන ඉන්න ඇඳුම දිහා.. ගිහින් කලිසමක් ඇඳගෙන එන්න."

"ඔහ්.. මට අමතක උනා.." ජන්ග්කුක් දත් තිස්දෙකම පෙන්නලා හිනාවක් දාලා closet එකට දිව්වා.

ජන්ග්කුක් ආයෙමත් ආවෙ දිග කලිසමක් ඇඳගෙන. නළලට වැටිලා තිබුණු අකීකරු හිසකෙස් සුපුරුදු විදිහටම පිටිපස්සට කරලා බැඳලා තිබුණා.

"මීරා ඔම්මා.." කාමරෙන් එළියට යන ගමන් ජන්ග්කුක් කතා කරාම මීරා ජන්ග්කුක් දිහා බැලුවා.

"ඇයි ස්වීටි?"

"අර.. අලුතින් ආපු මේඩ්ගෙ ආච්චි ඉන්නෙ අසනීපෙන් කිව්වා. මිස්ටර් සේජින්ට කියන්න පොඩ්ඩක් ඒ ගැන හොයලා බලලා ඒ කතාව ඇත්තක් නම් ඒ කෙල්ලගෙ පළවෙනි මාසෙ පඩිය එයාට ලැබෙන්න සලස්වන්න කියලා." ජන්ග්කුක් යනගමන්ම එහෙම කියද්දි මීරා ජන්ග්කුක් දිහා බැලුවෙ ආදරේ පිරුණු බැල්මකින්.

ජන්ග්කුක් කියන්නෙ පිටට පේන්න කොච්චර මුරණ්ඩු, අහංකාර, නපුරු කොල්ලෙක් උනත් ඒ ජන්ග්කුක්ගෙ හිත ගොඩක් අහිංසකයි කියලා දැනගෙන හිටියෙ මීරා විතරයි.

ජන්ග්කුක් කෑම මේසෙන් ඉඳගත්තට පස්සෙ සේවිකාවෝ පිළිවෙලට ඇවිත් කෑම මේසෙ හදලා ජන්ග්කුක්ට කෑම පිළිගැන්වුවා. සේවිකාවො හැමෝම යනකම් හිටපු ජන්ග්කුක් කෑම කාමරේ තිබුණු TV එක දාද්දි මීරා ජන්ග්කුක්ගෙ පිඟානට  කෑම බෙදලා ජන්ග්කුක් ළඟින්ම ඉඳගත්තා.

"මීරා ඔම්මා කෑවද?"

"මං පස්සෙ කන්නම් කූ.. ඔයා කාලා ඉන්න."

"ආහ්.. මං කොච්චර කියලා තියෙයිද මං කනකම් නොකා ඉන්නෙපා කියලා. කෝ දැන් ඔයත් බෙදාගන්න.. අපි දෙන්නම කමු."

ජන්ග්කුක් දෙයක් කිව්වොත් කිව්වමයි කියලා දන්න නිසා මීරත් පිඟානක් අරගෙන කෑම බෙදාගත්තා.

"මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. කාන්තා කටයුතු භාර ඇමතිවරයා වන කන්ග් දේවොන්ගේ පුත්, කන්ග් ඩැනියෙල් විසින් ඔහු කළ සියලු වැරදි පාපොච්චාරණය කරයි. ඒ පිළිබඳව සනාථ කරමින් අප වෙත ලැබුණු වීඩියෝ පටයෙහි අඩංගු දර්ශන කිහිපයක් දැන් ඔබට දැකගත හැකියි."

ප්‍රසිද්ධ ප්‍රවෘත්ති නිවේදකයෙකු උනු පාක් ජිමින් විසින් ඉදිරිපත් කල, කන්ග් ඩැනියෙල් ඔහු විසින් සිදුකළ අපරාධයන් නිර්ලජ්ජිත ලෙසින් පාපොච්චාරණය කරන අයුරු දැක්වෙන ඒ වීඩියෝ පටය ජන්ග්කුක්ගෙ සිතට එක් කලේ මහත් අපුලක්.

"මේ මිනිස්සු මහ ජරා මිනිස්සුනේ.." මීරා වෙතින් පිටවෙද්දි ජන්ග්කුක් දිගු සුසුමක් පිටකලා.

"මට තේරෙන්නෙ නෑ ඇයි අප්පා මේ වගේ මිනිස්සුන්ව තාමත් එයාගෙ ආණ්ඩුවේ ඇමතිවරු විදිහට තියන් ඉන්නෙ කියලා. ඔය ඩැනියෙල් කියන එකා මට පේන්න බෑ.. දවසක් ක්ලබ් එකේදි බීගෙන ඇවිත් මටත් අනම් මනම් කිව්වා. උගෙ බොඩිගාඩ් මාව අඳුරගත්තු නිසා ඒ මනුස්සයා ඒකව ඇදගෙන ගියා. නැත්නම් ඔය යකා එදා මගෙන් හොඳට කනවා."

"රණ්ඩුවට යන්නෙපා දරුවො.. මං ඒකයි ඔයාට හැමදාම කියන්නෙ තනියෙන් යන්නෙපා කියලා. බලන්න ඔයාට කරදරයක් උනානම්.."

"මට කරදරයක් වෙන්නෙ නෑ මීරා ඔම්මා.. රාක්ෂයෙක්ගෙ පුතෙක්ට සීරීමක් කරන්න තරම් එඩිතර කෙනෙක් ඉඳියි කියලා මං හිතන්නෙ නෑ. එහෙම කෙනෙක් ඉන්නවා නම් ඒ වගේ කෙනෙක් අතින් කරදරයක් වෙන එකටත් මං කැමතියි."

"ස්වීටි.. ඒ ඔයාගෙ අප්පා පුතේ."

"නමට.. මං කැමති නෑ ඒ වගේ මනුස්සයෙක්ට අප්පා කියන්නවත්."

"හ්ම්ම් හරි හරි දැන් කාලා ඉන්නකෝ." මීරා එහෙම කියලා TV එක ඕෆ් කරලා දැම්මා.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"ටැනී.. මගෙ සූකිරි බෝලේ.." ටේහ්‍යොන්ග් එයාගෙ හුරතල් බලු පැටියව වඩාගෙන හුරතල් කරද්දි ටැනී ටේහ්‍යොන්ග්ගේ මුළු මූණම ලෙවකෑවා.

"කොල්ලගෙයි බල්ලගෙයි කෝලම් බලන්නත් උනානෙ මට. හරි නම් දැන් තමුන් තමුන්ගෙ කියලා ළමයෙක් හුරතල් කරන්න ඕනෙ කාලෙ." ටේහ්‍යොන්ග්ට පිටුපසින් ගැඹුරු හඬක් නැගෙද්දි yeontan සතුටින් නැට්ට වනන්න ගත්තා.

"අප්පා.."

බූල් නැට්ට නහයෙ වැදෙන එක නවත්තගන්න බැරි නිසා ටේහ්‍යොන්ග් එයාගෙ අප්පා කිම් දේහ්‍යුන්ගේ අතට ටැනීව දුන්නා. දේහ්‍යුනුත් පරිස්සමෙන් පුංචි බූල් බෝලෙව වඩාගන්න හැටි දැක්කම ටේහ්‍යොන්ග් ඇස් රෝල් කරා.

"මට කෑගැහුවට ඔයා මටත් වඩා ටැනීට ආදරෙයිනේ.."

"එහෙම තමයි.. කොල්ලව දැන් හුරතල් කරන්න බැරි නිසා බව්වව වත් හුරතල් කරන්නෙපැයි.. නේද ටැනී?" දේහ්‍යුන් කියපු දේ තේරුණා වගේ ටැනිත් බව් ගෑවා.

"දුශ්ඨයා.. අප්පා ආවම මං කැලේ නේද?" ටේහ්‍යොන්ග් ටැනීට රැව්වම ටැනී ටේහ්‍යොන්ග්ව ගණන්වත් නොගෙන දේහ්‍යුන් දිහා බැලුවා.

"ටැනී.. මං ඔයාගෙ කෑම එක දැම්මා. ගිහින් ඒක කාලා එන්න." දේහ්‍යුන් ටැනීව බිමින් තිබ්බම එයා ටේහ්‍යොන්ග්ගේ කාමරෙන් එළියට දුවලා ගියේ එයාගෙ කෑම එක හොයාගෙන.

"ටේ.."

"ආ අප්පා?"

"ඔයා මට මේ දෙන ඩීටේල්ස් කොහෙන්ද ගන්නේ?" දේහ්‍යුන් ඇහුවම ටේහ්‍යොන්ග්ගේ හුස්ම හිරවුණා.

"ආහ්.. ඒක ඔයාගෙ මේ හැන්ඩ්සම් ඇන්ඩ් ස්මාට් පුතාගෙ රහසක් කියලා හිතාගන්නකෝ."

"ඔයා දැන් මාස ගානක ඉඳලා underworld එකේ වැදගත් තොරතුරු මට දීලා තියෙයි. ඒ වගේම ඒ හැමදෙයක්ම සීයට සීයක්ම නිවැරැදි තොරතුරු."

"මට ඒවා ගන්න ක්‍රමයක් තියෙයි. දැනට හිතාගන්නකෝ මට උදව් කරන සුපිරි සෙට් එකක් මාත් එක්ක ඉන්නවා කියලා." ටේහ්‍යොන්ග් කිව්වම දේහ්‍යුන් දිග හුස්මක් හෙලුවා.

"මොකක්හරි... හැබැයි පරිස්සමෙන්. ආ.. ඊයේ රෑ ඔයා දුන්නු ඩීටේල්ස් වලින් අපි ඒ ඉටලි ඩීලර්ව කොටුකරගන්න ප්ලෑන් එකක් ගැහුවා. අපිට පුළුවන් වෙයි ලබන සතිය වෙද්දි ඌව බඩුත් එක්කම අල්ලගන්න."

"හ්ම්.. ඒකෙන් පස්සෙ සෑහෙන කාලයක් යනකම් ආයෙමත් කුඩු කේස් එක ඇදෙන එකක් නැතිවෙයි." ටේහ්‍යොන්ග් කියද්දි දේහ්‍යුන් එයත් එක්ක එකඟවුණා.

කිම් දේහ්‍යුන් එහෙම නැත්නම් NIS එක භාර ප්‍රධානියා කියන්නෙ ටේහ්‍යොන්ග්ගේ අප්පා. ටේහ්‍යොන්ග්ගේ අම්මා ටේහ්‍යොන්ග් පුංචි කාලෙදිම නැති උනාම දේහ්‍යුන් ගොඩක් මහන්සි වුණා පුංචි ටේහ්‍යොන්ග්ව ලොකු කරගන්න. NIS senior agent කෙනෙක් උනු දේහ්‍යුන්ට හැම වෙලාවකම ටේහ්‍යොන්ග් ළඟින් ඉන්න බැරි උනත් තාත්තා කෙනෙක් විදිහට දේහ්‍යුන් ඔහුට හැකි උපරිමයෙන් ටේහ්‍යොන්ග්ව මේ තැනට ගේන්න මහන්සි වුණා. අද ටේහ්‍යොන්ග් කියන්නෙ එයාගෙ ටීම් එකේ ඉන්න දක්ෂතම කෙනා. ඉතින් දේහ්‍යුන් ගොඩක් ආඩම්බර උනා ටේහ්‍යොන්ග් වගේ දරුවෙක් ලැබුණු එක ගැන.

අනිත් පැත්තෙන් ටේහ්‍යොන්ග් ගොඩක් සතුටු වුණා දේහ්‍යුන් වගේ ආදරණීය තාත්තා කෙනෙක් ලබපු එක ගැන. මොකද දේහ්‍යුන් හිටියෙ නැත්නම් ටේහ්‍යොන්ග් අද මේ ඉන්න තැන නොඉන්නත් තිබුණා. ඒ නිසාම ටේහ්‍යොන්ග්ගේ ජීවිතේ පළවෙනි තැන හිමිවෙලා තිබුණේ එයාගෙ තාත්තා කිම් දේහ්‍යුන්ට.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"මේ දැන්ම ඒ නිව්ස් එක අයින් කරනවා.. තමුන් කොහොමද ඒ වගේ හිතු මනාපෙට වැඩ කරන්නෙ මිස්ටර් පාක්?" ජිමින්ගේ රූපවාහිනි නාලිකාව භාර ප්‍රධානියා කෝපයෙන් ගුගුරද්දි ජිමින් දෑත් මිටි මොලවගෙන බිම බලාගෙන හිටියා.

"ඒත් සර් දැනටමත් ඒක සමාජ ජාලා වල පැතිරිලා ඉවරයි.. අනික ඒ නිව්ස් එක ඇත්තක් නිසා.." ජිමින්ගෙ මිතුරියක් උනු ලීසා ජිමින් වෙනුවෙන් කතා කරන්න උත්සාහ කලත් නාලිකාව භාර ප්‍රධානියා උනු මින්ජුන් ඇය දෙස රවා බැලුවා.

"තමුන් කටවහගන්නවා.. මේකෙ වැඩ වෙන්න ඕනෙ මට ඕනෙ විදිහට මිසක් තමුන්ලට ඕනෙ විදිහට නෙවෙයි. මිනිස්‍ටර් කන්ග් මට හොඳටම දොස් කිව්වා මේ සිද්දිය ගැන ආරංචි උනාම. ඒ නිසා දැන්ම ඒ නිව්ස් එක අයින් කරලා දානවා." මින්ජුන් කෝපයෙන් ගුගුරලා ගියාම ලීසා ඇවිත් ජිමින්ගෙ පිටට තට්ටුවක් දැම්මා.

"දුක් වෙන්නෙපා ජිමින්.. දන්නවනේ බොස්ගෙ හැටි. කොයිවෙලෙත් නැට්ට පාගගෙනනේ ඉන්නෙ." ලීසා කියද්දි ජිමින්ගෙ මූණට හිනාවක් ආවා.

"ඒකනෙවෙයි.. කොහෙන්ද ඔයාට ඒ වීඩියෝ එක ලැබුණේ?"

"මගෙ නමට නිර්ණාමිකව අපේ මේල් බොක්ස් එකට ඒක කවුරුහරි දාලා ගිහින්. මට අපේ ජීහාන් ඒක ගෙනත් දුන්නෙ." ජිමින් කලින් ඉඳලම හදාගත්තු බොරුව ඒ විදිහට කිව්වා.

"ඔහ්! එහෙනම් බොස් කාරයා දැන් ගිහින් cctv check කරයි.. ඒ මිනිහා කන්ග් ඇමතියට කඩේ යනවනේ."

"හ්ම්ම්.. බලමුකෝ එයා මොනා කරයිද කියලා." ජිමින් ගානක්වත් නැතුව එහෙම කිව්වෙ සුගා මේ වෙද්දිත් ඒ අදාලා cctv footage අයින් කරලා තියෙන්නෙ කියලා දන්න නිසා.

"මොනා උනත් ඒ යකාට එහෙම උනු එක නම් ගොඩක් හොඳයි.. උන් වගේ උන් එක්ක මේ රටේ කෙල්ලෙක්ට පාරක නිදහසේ යන්නවත් නෑ." ලීසා කිව්වම ජිමින් ඔලුව වැනුවා.

"ඇත්ත.. මේකෙ ඉන්න සමහර මිනිස්සුත් රේප් එකක් උනාම බලන්නෙ කෙල්ලගෙ ඇඳුමයි ඒ කෙල්ල මොනවගේ කෙනෙක්දයි කියලා විතරනේ.. අපරාදකාරයට හරි දඬුවමක් දුන්නා නම් ඔය වගේ දේවල් කරන්න මිනිස්සු පෙළඹෙන්නෙ නෑ."

"කොහෙද ඉතින්.. මේකෙ ඉන්න මිනිස්සුත් එකයි... පාලකයොත් එකයිනේ. එහෙම උනාම කොහොමත් මේ වගේ දේවල් සාමාන්‍යයි." ලීසා කලකිරීමෙන් කියද්දි ජිමින් ඔලුව වැනුවා.

"හ්ම්ම්.. ලීසා, මං පොඩි වැඩකට අද කලින් යනවා. මොනවාහරි අවුලක් ආවොත් මට කෝල් එකක් දාන්න හොඳේ."

"හ්ම්ම් හරි.. කොල්ලා කෙල්ලෙක්ව බලන්නද යන්නෙ?" ලීසා ඇස් නටවමින් අහද්දි ජිමින් හිනාවෙලා ලීසාගෙ කොණ්ඩෙන් ඇද්දා.

"නෑ කොල්ලෙක් බලන්න."

"ආව්.. එහෙනම් තවත් හොඳයි." ලීසා දඟකාර හඬකින් කියලා හයියෙන් හිනාවෙද්දි ජිමිනුත් ලීසාගෙ හිනාවට එකතු වුණා.
.
.
.
.
.
.
.
.
.
.
.

"තෑන්ක්ස් හොබී හ්‍යොන්ග්.." යොන්ජන් ඔලුව නමලා හොබීට සිය කෘතඥතාව පලකරා.

"ඕකට තෑන්ක්ස් කරන්න ඕනෙ නෑ යොන්ජන්. මං කරේ මගෙ රාජකාරිය.. අනික ඇත්තටම ඔයාට දඬුවම් දෙන්න තරම් වැරැද්දක් ඔයා කරලා නෑනෙ."

"ඒක ඇත්ත.. මට සමාවෙන්න යොන්ජන්.. ලොක්කා නිසා මට ඔයාගෙ කේස් එක ගොඩින් බේරන්න බැරිවුණා. ඒකයි උසාවි දන්න උනේ."

"අයියෝ නම්ජුන් හ්‍යොන්ග්... ඒකට කමක්නෑ.. මට කූඩුවෙ ඉඳලා පුරුදුයි.. මෙයාට තමයි ඉතින් මං නැතුව පාලු." සූබින්ගේ ඉනවටේට අත යවලා සූබින්ව සයිඩ් හග් කරපු යොන්ජන් කියද්දි සූබින් යොන්ජන්ගෙ අතකට ගැහුවා.

"යාහ් මං කොච්චර කියලා තියෙයිද පොලිසියෙන් පනිද්දි ළමයි ටිකට එන්න කියලා ඔයා ඉක්මනට එතනින් පැනගන්න කියලා.. කවදාවත් අහන්නෙ නෑ."

"ඔහ් බේබි.. බයේ පැනලා යන්න මං කොන්ද පන නැති දේශපාලඥයෙක් නෙවෙයි. කොල්ලො ටික දාලා මං එතනින් පනිනවා නම් මං කොහොමද උන්ගෙ නායකයා වෙන්නෙ?" යොන්ජන් අහද්දි නම්ජුන් යොන්ජන්ගෙ පිටට තට්ටුවක් දැම්මෙ ඒ කතාව අනුමත කරනව අයුරින්.

"ඒ උනාට ඔයාව පාවා දුන්නෙත් ඒ ළමයෙක්ම තමයි.."

"මොකද්ද ඒ කතාවෙ තේරුම සූබින්?" හොබී අහද්දි නම්ජුනුත් සූබින් දිහාවට අවදානය යොමුකරා.

"යුනියන් එකේ කලින් සභාපති වැඩ කරන්නෙ විපක්ෂෙට. උන් මේ ගේම ඇවිස්සුවට උන්ට ඕනෙ මේ ආණ්ඩුව ගෙදර යවලා අරුන්ගෙ ආණ්ඩුවට බලය දෙන්න. යොන්ජන් ඒකට කැමති නැති නිසා උන් යොන්ජන්ගෙන් පළිගන්නවා. උන්ගෙ පැත්තටත් සෑහෙන සෙට් එකක් ඉන්න නිසා කේස් එක ටිකක් බරපතලයි."

"ගොන් ගස්.. මුන්ට ඉගෙන ගෙනත් මොලේ නෑ. මේ ඉන්න උන්ගෙන් කවුරු ආවත් කරන්නෙ ගසා කන එක තමයි කියලා මුන්ට තාමත් තේරෙන්නෙ නෑ." නම්ජුන් කියද්දි යොන්ජන් ඔලුව වැනුවා.

"ඕනෙවට වඩා රැඩිකල් වෙන්න ගියාමත් මෝඩයො වෙනවා කියන්නෙ ඕකට. උන් ඉගෙන ගෙන තිබුණට මොලේ නෑ."

"දැන් එතකොට මොකද්ද ඒ ප්‍රශ්නෙට අපි කරන්නෙ?"

"දැනට ශේප් එකේ උන්ව තියාගන්න කියලා මං හිතුවෙ හොබී හ්‍යොන්ග්.. වෙලාව ආවම අපි උන්ට රිටන් එක දෙමු."

"හ්ම්ම් .. කරන දෙයක් පරිස්සමෙන්." නම්ජුන් කියද්දි සූබින් වගේම යොන්ජනුත් ඔලුව වැනුවා.

"අපි යනවා එහෙනම්.."

"හරි හ්‍යොන්ග්.. V හ්‍යොන්ග්ට කියන්න මං එයාව මතක් කරා කියලා." යොන්ජන් කියද්දි හොබී ඔලුව වැනුවා.
.
.
.
.
.
.
.
.
.
.
.
.

~To be continued~

Happy 27th Birthday My Winter Prince. I love you  🐯🐻💚


29/12/2022

Continue Reading

You'll Also Like

418K 12.7K 94
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...
1K 158 8
ආදරයෙන් පැරදුණත් ජිවිතය ලස්සනට දිනපු ඒත් පුංචි පැටියෙක් එක්ක තනිවෙලා ජිවත් වෙන තරුණයෙක් ජිවිතේ හොදම කාලේදී ජිවිතය සම්පූර්ණයෙන්ම වරද්දගෙන ඒ වැරදීමම හය...
701K 21.1K 44
This description is terrible!! Just have a read and see if you like it!! Your popular, she's a nobody! Your bad, she's good! No one would ever expect...
252K 4.3K 200
Evelyn Somerhalder, best known for her role as Marley Rose on the Fox musical comedy Glee and Cassandra Salvatore on the CW The Vampire Diaries is ba...