฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ [Completed] ||Tae...

By moonflower_9597

82.6K 15.7K 10.7K

කළු රෝස.. ගැලපෙන්නෙ නෑ නේද? රෝස මලක් අනිවාර්යයෙන්ම රෝස හෝ රතු පාට වෙන්නම ඕනෙ. වෙන වෙන පාට රෝස තියෙනවා තමයි... More

Chapter 1
Chapter 2
Characters
Chapter 3
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
2/2/2023 - TK
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Epilogue

Chapter 4

1.9K 437 232
By moonflower_9597


හොබී එක්ක ක්ලබ් එකට ආපු ටේහ්‍යොන්ගේ ඇස් ඈත ඉන්න ජන්ග්කුක් දිහාවට කෙලින්ම යොමුවෙලා තිබුණා.

හොබී ක්ලබ් එකට ආපු ගමන්ම කෙල්ලෙක්ව සෙට් කරගෙන dance floor එකට යද්දි ටේහ්‍යොන්ග්ගේ තියුණු ඇස් ජන්ග්කුක්ගෙ හැම ඉරියව්වක් දිහාම පරීක්ෂාවෙන් බලාගෙන හිටියා.

ඔව්, ටේහ්‍යොන්ග් ක්ලබ් එකට ආවෙ ජන්ග්කුක්ව බලන්න. හැබැයි ඒ ටේහ්‍යොන්ග්ගේ හිතේ ජන්ග්කුක් ගැන කැමැත්තක් තිබුණු නිසානම් නෙවෙයි. ටේහ්‍යොන්ග් දැන් සතියක විතර ඉඳන් ජන්ග්කුක් ගැන පරීක්ෂාවෙන් ඉන්න කියලා සුගාට භාරදීලා තිබුණේ. ඒ වගේම ටේහ්‍යොන්ග්ගේ මේ වැඩේ ගැන දැනගෙන හිටපු එකම කෙනා උනෙත් සුගා. ටේහ්‍යොන්ග්ට ඕනෙ උනේ කොහොමහරි ජන්ග්කුක්ගෙ වැරැද්දක් හොයාගන්න. ඒ මාර්ගෙන් ජනාධිපතිව කොටුකරගන්න එක තමයි ටේහ්‍යොන්ග්ගේ ඉලක්කය වුණේ. ඒත් ඉතින් හැමදාම වගේ අදත් ටේහ්‍යොන්ග්ගේ උත්සාහය ව්‍යර්ථ උනේ ජන්ග්කුක් සුපුරුදු පරිදිම විස්කි වීදුරුවක් බොන ගමන් ඩාන්ස් කරා ඇරෙන්න වෙන කිසිම නීති විරෝධී දෙයක් කරපු නැති නිසා. ජන්ග්කුක් ඉඳලා හිටලා එයාගෙ වටේ ඉන්න කෙල්ලෙක්ව කිස් කරත් එතනින් එහාට නොගියේ ටේහ්‍යොන්ග්ගේ කෝපය ඒකෙන් ඇවිස්සෙද්දි. මොන කොල්ලද ක්ලබ් එකකට ඇවිත් කෙල්ලෙක්ව නිකන් කිස් කරලා විතරක් නිකන් ඉන්නෙ? ටේහ්‍යොන්ග් හිතුවෙ එහෙම.

"Hey babe.. wanna dance with me?" කෙල්ලෙක්ගෙ කටහඬක් කන ළඟින්ම ඇහෙද්දි ටේහ්‍යොන්ග්ගේ අවදානය ඒ වෙතට යොමුවුණා.

"Nope.. not interested." ටේහ්‍යොන්ග් ගැඹුරු වගේම තියුණු හඬකින් කියද්දි ඒ හඬට තවත් වශී උනු කෙල්ල ටේහ්‍යොන්ග්ගේ කම්මුලක් උඩින් අත තියලා ආයෙමත් ටේහ්‍යොන්ග්ව එයාගෙ පැත්තට හරවගත්තා.

"ඔහ් ප්ලීස්.. මං ප්‍රොමිස් වෙනවා ඔයාට අද රෑ මාත් එක්ක හොඳට එන්ජෝයි කරන්න පුළුවන් කියලා." කෙල්ලගෙ කටහඬ ඕනෙවටත් වඩා සරාගී වෙද්දි ටේහ්‍යොන්ග් ඇස් රෝල් කරලා කෙල්ලගේ අත ගසා දැම්මා.

"Really?? But baby girl.. I'm fucking gay. So fuck off." ටේහ්‍යොන්ග් කට කොනකින් හිනාවෙලා කියද්දි කෙල්ලගෙ මූණ අඳුරු වෙලා ගියා.

"What a waste? ඔයා වගේ හැන්ඩ්සම් කෙනෙක් කොල්ලොන්ට විතරක් කැමති වෙන එක අපරාදයක්."

"I know.. but baby girl.. ඒක මගේ කැමැත්ත." මේසෙ උඩ තිබුණු වයින් වීදුරුව අතට අරගෙන කෙල්ල දිහාට පොයින්ට් කරපු ටේහ්‍යොන්ග් සමච්චල් සහගත හඬකින් කියද්දි ඒ ගර්ල් නැගිටලා එතනින් එහාට ගියා.

කට කොනකින් හිනාවෙලා ඒ ගර්ල් යන දිහා බලාගෙන හිටපු ටේහ්‍යොන්ග්ගේ ඇස් ආයෙමත් ජන්ග්කුක් වෙතට ඇදුණා. ඒත් එක්කම ටේහ්‍යොන්ග් ටිකක් විතර ගැස්සිලා ගියේ ජන්ග්කුක්ගෙ ඇස් එක එල්ලේම ඔහු වෙතට යොමුවෙලා තිබුණු නිසා.

"ඔහ් කොල්ලට මාව නෝට් උනා වත්ද?" ටේහ්‍යොන්ග් සැකයක් ඇති නොවෙන විදිහට ජන්ග්කුක් වෙතින් දෑස් ඉවතට අරගෙන ඔහුගෙන්ම ප්‍රශ්න කලා.

ඒත් ටේහ්‍යොන්ග් කලබල උනාට ජන්ග්කුක්ගෙ දෑස් ටේහ්‍යොන්ග් වෙතට යොමුවෙලා තිබුණේ වෙන හේතුවක් නිසා. ජන්ග්කුක්ට තේරුණේ නෑ ටේහ්‍යොන්ග් ඔහු ගැන ඔත්තු බලන වගක්.. ඒත් ටේහ්‍යොන්ග්ගේ තියුණු දෑස් වල බැල්ම ඔහුගේ සිරුර හරහා මුළු ආත්මයම පසාරු කරගෙන යනවා වගේ හැඟීමක් දනවද්දි ජන්ග්කුක්ගෙ ඇසුත් ඉබේම ටේහ්‍යොන්ග් වෙතට ඇදුණා. පුළුල් නළල, ඝන ඇහිබැමි, තියුණු දෑස්, පිටිපස්සට කරලා පීරලා තිබුණු යන්තමින් කර්ල් උනු කොණ්ඩෙ, කෙලින් තියෙන දිගු නාසය, සිහින් පීච් පැහැ දෙතොල්, bread cheeks & strong jawline.. ඔහු සැබැවින්ම කඩවසම්. අළු පැහැ හූඩියකින් සැරසී හිටපු ටේහ්‍යොන්ග්ගේ පළල් උරහිස් සහ ඔහුගේ උස නිසාවෙන් ඒ කඩවසම් බව තවත් ඉස්මතු වෙලා තිබුණා. ඉතින් ජන්ග්කුක්ටත් නොදැනිම ඒ ඇස් ටේහ්‍යොන්ග් වෙතට ඇදෙන එක පුදුමයක්ම නෙවෙයිනේ නේද?

කොහොම උනත් ටේහ්‍යොන්ග් හා ජන්ග්කුක්ගෙ දෑස් ගැටීමෙන් කලබලයට පත්වුණු ජන්ග්කුක් ආයෙමත් ටේහ්‍යොන්ග් දිහා බලන්න පෙළඹුණේ නැහැ. පිරිමි කෙනෙක් දිහා අනවශ්‍ය විදිහට බලන්න ජන්ග්කුක්ට කොහොමටවත්ම අවැසි උනේ නැහැ.

ඒ විදිහට ඒ රැයත් ගතවෙලා යද්දි ජන්ග්කුක් ඔහුගේ සගයින්ගෙන් සමුගෙන ක්ලබ් එකෙන් පිටත් වෙන්න තීරණය කළා.

ජන්ග්කුක් ඔහුගේ ඇල්කොහොල් දරාගැනීමේ මට්ටම හොඳින් දැනගෙන හිටපු නිසා කිසිම දවසක ඔහුගේ සීමාව ඉක්මවලා ගියපු කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඒ වෙද්දිත් ජන්ග්කුක්ගෙ සිහිය හොඳ මට්ටමක තිබුණා. ඒ කොහොම උනත් ක්ලබ් එකේ හිටපු සමහර මිනිස්සුන්ගේ සිහිය ඒ තරම් හොඳ මට්ටමක නොතිබුණු නිසාවෙන් ජන්ග්කුක්ගෙ සිරුරේ කිහිප දෙනෙක්ම හැපුණා. ඒ හැම වෙලාවකම ජන්ග්කුක් සිය සමබරතාව රැකගත්තත් එක්වරම විත් ඔහුගේ ඇඟේ හැපුණු කාන්තාවක් නිසා ජන්ග්කුක් පසෙකට විසිවී ගියා.

ජන්ග්කුක්ගේ දෑස් තදින් පියව යද්දි ඔහු ප්‍රාර්ථනා කරා ඔලුව නම් නරක තැනක වදින්න එපා කියලා. කොහොම උනත් ජන්ග්කුක්ගෙ ඉනවටේට අත් දෙකක් පැටලෙද්දි ජන්ග්කුක් කිසිවෙකුගේ හෝ දෑත් අතරට ඇදී ගියා. ගැහෙන හදවත සන්සුන් කරගැනීමට උත්සාහ කරමින් ජන්ග්කුක් සිය දෑස් විවර කලා. ඒ ඇස්... ගැඹුරු ඒ ඇස් වල බැල්ම ඒ තරම් ළඟින් දැනෙද්දි ජන්ග්කුක්ගෙ හදවත නොසන්සුන් වුණා. ඒත් එක්කම ජන්ග්කුක්ට ඒ ඇස් වල කිසියම්ම හෝ හුරුපුරුදු බවක් දැනුනා.

"ආ යූ ඕකේ?" ගැඹුරු හඬට තිගැස්සුනු ජන්ග්කුක් ටේහ්‍යොන්ග් වෙතින් දෑස් මුදාගෙන ඒ දෑත් වලින් මිදී ටේහ්‍යොන්ග්ව ඉවතට තල්ලු කරා.

ආපසු හැරී ටේහ්‍යොන්ග් දෙස නොබලම ක්ලබ් එකෙන් එළියට දුවන ජන්ග්කුක් දිහා බලාගෙන හිටපු ටේහ්‍යොන්ග්ගේ ඇස් වල තිබුණේ නොපහන් බැල්මක්.

"Fucking brat.. තෑන්ක් කරන්නවත් දන්නෙ නෑ." හූඩි එක ඔලුව වැහෙන්නම දාගෙන කලිසම් සාක්කු වලට අත් ඔබාගත්තු ටේහ්‍යොන්ග් ක්ලබ් එකෙන් එන්න පිටත් උනේ හොබීට ඔහු යන බවට පණිවිඩයක් තියමින්. හොබී ඒ වෙද්දිත් එයාට හම්බවුණු කෙල්ල එක්ක බිසී කියලා තේරුණු නිසා ටේහ්‍යොන්ග්ට හොබී එනකම් ඉන්න ඕනෙ උනේ නෑ.
.
.
.
.
.
.
.
.
.
.

නාගෙන සුදුපාට බාත්රොබ් එකක් ඇඳගෙන ජන්ග්කුක් එයාගෙ walk in closet එකට එද්දි සුදු සහ අළු පැහැ මිශ්‍ර නිල ඇඳුමින් සැරසී හිටපු සේවිකාවො තුන්දෙනෙක් ජන්ග්කුක්ගෙ ඇඳුම් ලෑස්ති කරලා තිබුණා.

ජන්ග්කුක් සින්දුවක් මුමුණන ගමන් ඇවිත් බාත්රොබ් එක ගලවලා දැම්මම එතන හිටපු සේවිකාවො දෙන්නෙක් ජන්ග්කුක්ගෙ ඇඳුම් අතට ගත්තත් එක්කෙනෙක් විතරක් විසල් උනු දෑස් වලින් ජන්ග්කුක්ගෙ පිරිපුන් දේහය දිහා බලාගෙන හිටියා. එක රෝම ගහක් වත් නැති සුදුරෝස පැහැ සිරුර, අතක් පිරෙන්නම තියෙන ටැටූස් එක්ක වගේම පැහැදිලිව පේන්න තියෙන six pack එක්ක තවත් ලස්සනට කැපිලා පෙනෙද්දි ඒ දර්ශනය ගෑණු පිරිමි භේදයකින් තොරව ඕනෙම කෙනෙක්ව වසඟ කරවන්න සමත්වෙන එක සත්‍යයක්. ගානට built වෙලා තිබුණු ජන්ග්කුක්ගෙ සිරුර පිරිපුන් වගේම හැඩ උනේ ඇත්තටම ජන්ග්කුක්ගෙ සිරුරට අමුතුම ආකර්ෂණීය බවක් එක්කරවමින්. යට ඇඳුමෙන් විතරක් වැහිලා තිබුණු ජන්ග්කුක්ගෙ සිරුරේ පිරුණු කලවා පවා සුදුපාටින් දිලිසෙමින් තිබුණා.

"ඒයි.. තමුන්.. තමුන් කොහෙද බලන් ඉන්නෙ?" ජන්ග්කුක්ගෙ ගැඹුරු හඬත් එක්ක පියවි සිහියට ආපු සේවිකාව ගැස්සිලා ගිහින් ජන්ග්කුක්ගෙ සිරුරෙන් දෑස් මුදාගත්තා.

"ස-සමාවෙන්න සර්."

"තමුන් අළුත් නේද? මට හිතුනා.. මෙතෙන්ට ආවනම් තමුසෙගෙ රාජකාරිය විතරක් කරනවා. ආවා මෙතන මාව පණපිටින් ගිලින්න.." ජන්ග්කුක් කෙලින්ම කියද්දි තරුණ සේවිකාව ලැජ්ජාවෙන් රතුවෙලා ගියා.

"සමාවෙන්..න සර්.."

"තමුන්ට පුළුවන් ආපහු හැරිලා ගෙදර යන්න." ජන්ග්කුක්ගෙ හඬ හැඟීම් විරහිතයි. නව සේවිකාවකගේ දෑස් වලට කඳුලු පිරෙද්දි ඇය බියෙන් ජන්ග්කුක්ගෙ දෑස් දෙස බැලුවා. සිහින් වී ගියපු ඒ දෑස් වල පවා තිබුණේ දැඩි බවක්.

"අනේ සර්.. මට සමාවෙන්න.. මං හිතලා නෙවෙයි ඒ වැරැද්ද කරේ.. ම්-මගෙ ආච්චි අම්මා අසනීපෙන් ඉන්නෙ.. එයාට බෙහෙත්.."

"තමුන්ලා දෙන්නා මේකිට නීති ටික කිව්වද?" අලුත් සේවිකාවගේ කියවිල්ලට බාධා කරමින් ජන්ග්කුක් ඇහුවම අනිත් සේවිකාවො දෙන්නා හිස සැලුවා.

"ඔව් සර්."

"ඕකේ.. තමුන්ට නීතියට වැඩ කරන්න බැරි එක මගෙ වැරැද්දක් නෙවෙයි. ඒ නිසා දැන්ම මෙතනින් යනවා මගෙ දෑහට නොපෙනී.." ජන්ග්කුක් කෑගැහුවම බයවුණු සේවිකාව ආපහු වචනයක් වත් කතා නොකර කාමරෙන් එළියට දිව්වා.

තත්ත්වය ආයෙමත් සන්සුන් වෙද්දි එතන හිටපු සේවිකාවක් ජන්ග්කුක්ගෙ කමිසය අන්ඳවන්න ඉස්සරහට ආවත් ජන්ග්කුක් අත ඉස්සරහට කරලා සේවිකාවව නැවැත්තුවා.

"යන්න.. මට තනියෙන් ඉන්න ඕනෙ."

"දවල් කෑම සර්ගෙ කාමරේට එවන්න ඕනෙද?"

"එපා.. මට දැන් මූඩ් එකක් නෑ." ජන්ග්කුක් සුපුරුදු හැඟීම් විරහිත හඬින් කිව්වම සේවිකාවො දෙන්නා ජන්ග්කුක්ට ආචාර කරලා කාමරෙන් එළියට ගියා.

ජන්ග්කුක් ආයෙමත් කාමරේ තනිවුණා.

"අර්හ්.. ශිට්! දවසම එපාවුණා." තමුන්ටම කියාගත්තු ජන්ග්කුක් එයාගෙ closet එකේ කෙලවරේම තිබුණු පාට පාට ඇඳුම් දිහා බලලා ආයෙමත් closet එක පිරෙන්නම තිබුණු කළු සුදු පැහැ ඇඳුම් දිහාට ඇස් යැව්වා. කළු පාට හූඩි එකක් අතට ගත්තු ජන්ග්කුක් ඒක ඇඳගෙන closet එකෙන් එළියට ඇවිත් එයාගෙ ඇඳට පැන්නා. ජන්ග්කුක් ඇඳට පැනපු වේගෙට ජන්ග්කුක් කීපවතාවක්ම බම්ප් උනේ ඒ මුවඟට හුරතල් බනී සිනහවක් නංවලා.

සාමාන්‍යයෙන් පිටිපස්සට කරලා ගැටගහලා තියෙන ජන්ග්කුක්ගෙ දිග කොණ්ඩෙ අද නිදහසේ කඩා හැලෙන්න සලස්වලා තිබුණා. සිනිඳු කෙහෙරැලි වලින් වැහිලා තිබුණු මූණ ඒ නිසාම හුරුබුහුටි බවක් ගනිද්දි දණිස්සෙන් ටිකක් උඩට වෙන්න තිබුණු ලොකුම ලොකු හූඩි එකෙන් විතරක් වැහිලා හිටපු ජන්ග්කුක්වත් හරිම පුංචියට පෙනුනා.

ටික වෙලාවක් නිහඬවම ගෙවිලා ගියපු ජන්ග්කුක්ගෙ කාමරේ නිහඬ බව බිඳුණේ ඔහුගේ කාමරයේ දොර අගුල කැරකෙන හඬින්. දොර ඇරෙන සද්දෙට ෆෝන් එකත් එක්ක බිසී වෙලා හිටපු ජන්ග්කුක් ගැස්සිලා ගියා.

.
.
.
.
.
.
.
.
.
.
.

~To be continued~

ජන්ග්කුක් නපුරුයිද??

අප්ඩේට් හැමදාම දෙන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ හොඳේ. දවසක් ඇර දවසක් දෙන්න බලන්නම්.

කුකී😌😌 tatoos & biceps 🙈😭💜️


28/12/2022

Continue Reading

You'll Also Like

90.7K 3.1K 46
In which Y/n L/n is a villain, or at least that's how it seems. But what happens when life throws a curveball at her and she has to start over and fi...
669K 24.4K 99
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
28.5K 3.6K 50
Taekook A school love story Top Tae Bottom Kook දඟකාර ඔය හිතට මේ සිත බැඳුණු බව කෙසේ පවසම්දෝ අහිමි වේ යැයි සිතෙන විට ...
54.7K 1.8K 41
This is mostly based on my dr stories of Helena, and this book definitely have smut. One shots like dates, anniversary, and more. I will also do some...