💚 සිත අතරමං වෙලා❤️ Complete...

By ChenQing4

46.3K 7.9K 2.6K

සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ..වැහි වළාකුළක් නෑ පෙනෙන තෙක්මානයේ..." ❤️🐰 බනී ට, තමන් දුටු මොහොතේ පටන්... More

⬇️ ආරම්භයට කලින්
⬇️ චරිත හැඳින්වීම
💚 Chapter 1 ❤️
💚 Chapter 2 ❤️
💚 Chapter 3 ❤️
💚 Chapter 4 ❤️
💚 Chapter 5 ❤️
💚 Chapter 6 ❤️
💚 Chapter 7 ❤️
💚 Chapter 8 ❤️
💚 Chapter 9 ❤️
💚 Chapter 10 ❤️
💚 Chapter 11 ❤️
💚 Chapter 12 ❤️
💚 Chapter 13❤️
💚 Chapter 14 ❤️
💚 Chapter 15 ❤️
💚 Chapter 16❤️
💚 Chapter 17 ❤️
💚 Chapter 18 ❤️
💚 Chapter 19 ❤️
💚 Chapter 20 ❤️
💚 Chapter 21 ❤️
💚 Chapter 22 ❤️
💚 Chapter 23 ❤️
💚 Chapter 24 ❤️
💚 Chapter 25 ❤️
💚 Chapter 26 ❤️
💚 Chapter 27 ❤️
💚 Chapter 28 ❤️
💚 Chapter 29 ❤️
💚 Chapter 30 ❤️
💚 Chapter 31 ❤️
💚 Chapter 32 ❤️
💚 Chapter 32 ❤️
💚 Chapter 33 ❤️
💚 Chapter 34 ❤️
💚 Chapter 35 ❤️
💚 Chapter 36 ❤️
💚 Chapter 37 ❤️
💚 Chapter 38 ❤️ Special 💚❤️
💚 Chapter 39 ❤️ Special 💚❤️
💚💚 Thank you for helping me ❤️❤️
💚❤️Cover❤️💚

💚 Chapter 40 ❤️ End

1.6K 175 126
By ChenQing4

බනී....

ජීවිතේ අමාරු කාලවලදී කාලෙ ගෙවෙන්නේ ගොඩක්ම හෙමින් වෙද්දී දන්නවාද ලස්සනම දවස් ගෙවෙන්නේ හරිම ඉක්මනින්....ගෙවුණු කාලෙ යීබොට වගේම මටත් හුගාක් අමාරු කාලයක් උණත් අපේ ජීවිත වලටත් අන්තිමේ වසන්තෙ ඇවිත්....

ඔව් දැන් අවුරුද්දක්....යීබෝ එක්ක මේ ගෙදරට ඇවිත්...ලෝකයක් ඉස්සරහා අපි අපේම වෙලා අවුරුද්දක්....මේ කාලෙ පුරාම සිද්ධ උණ ,දරාගන්න උණ හැමදේම එක දිගට හිත ඇතුලේ එහා මෙහා යද්දී පාන්දරටත් එළි වෙද්දී මම තාමත් ඇහරිලා....

කාලෙකට කලින් වගේ පපුව මිරිකෙන තරම් දුකක් හිතට දැනෙන නිසාවත්,ඒ දුක දරාගන්න බැරි නිසාවත් නෙමෙයි....හිත පුරවලා තියෙන සතුට දරාගන්න බැරිව....

කාමරේ පුරාවට දිලිසෙන ඒ රතු පාට දිහා මන් බලන් හිටියෙ හරි ආසාවකින්...ඔව් අවුරුද්දකට කලින් ඒ ලස්සන රතුපාට ලෝකේ ඇතුලෙ අපිට විදගන්න බැරි උණ ලස්සන විදින්න යීබොට උවමනා වෙලා.... අවුරුද්දකට කලින් අද වගේම දවසක ඒ රතු පාටත් එක්ක විදින්න තිබුණු හැඟීමටත් වයිර කරපු මෝඩයාට....මගේ මෝඩ යීබෝට.....

office ගිහිං දෙන්නත් එක්ක කලින්ම එද්දී එහෙට මෙහෙට ඇඹරෙනකොටම මට තේරුණත් මොකක් හරි මගඩියක් තියෙනවා කියලා මන් සද්ද නැතිවම හිටියා.පඩි පෙළ නගින කොටම මගේ ඇස් දෙක එයාගෙ අත් වලින් වහගද්දි කාමරේට ආවම ඇත්තටම මන් පුදුම උණේ මෙහෙම දෙයක් බලාපොරොත්තු නොවුණ නිසාමයි....

"බෝ....."

මගේ කටහඬ බිදෙන සද්දෙට මන් ම ගැස්සෙද්දී මන් යීබෝ දිහා බැලුවේ....දෙයියනේ මේකා රතු වෙලා ජම්බු ගෙඩිය වගේ....ඇත්තටම අද හනිමූන් ආවා වගේ....ඒ කම්මුල් දෙක අල්ලගෙන ආදරේ වැඩි කමට චුට්ටක් මිරිකන් ඉද්දී මට මතක් උණේ අවුරුද්දකට කලින් ගෙවුන ඒ දවස ගැන වෙද්දී මගේ මූණ එකපාර වෙනස් වෙන හැටි යීබෝ දකින්න ඇති....

"බනී...."

"ම්ම්ම්..."

"එදා... එදා එහෙම කරාට මට...සමාවෙන්න...."

"ආහ්..."

"එදා...හනි මූන් එක දවසෙ.... ඔයා බාත් රූම් එකේ ඉද්දි....මම...මම ඔක්කොම ඩෙකරෙශන් අයින් කරාට...."

"ඕ...හෝ....ඒ උනාට එදා දවසම නැට්ට අකුලං ඉඳලා ඒ වෙලාවේ ඒ හපන්කම කරලා වීරයා උණා නේද ආ...."

"බනී...මට...හිතාගන්න බැරි උණා....එදා ඒ වෙලාවේ....එවා දකිනකොට...මොනා කරන්නද කියලා....මට...ලොකු අපහසුවක් දැනුණේ....ඒකයි මන් ඔයා එන්න කලින් ඔක්කොම ගලවලා විසි කරේ...."

"අද...මන් එහෙම කරන්නද...."

"ආහ්.....හ්.."

"මේවා ඔක්කොම ගලවලා විසි කරන්නද...."

මන් ඇහුවේ යීබෝගේ ඇස් වලට එබෙන ගමන්....

"බනී...."

"එදා ඒ වගේ නපුරුවෙලා මගෙ හිත රිද්දන්නෙ නැතුව... වෙන විදිහක් තිබුණෙම නැද්ද යීබෝ...."

මන් ඇහුවේ තාමත් මාව පිටිපස්සෙන් බදන් ඉන්න යීබෝ එක්ක අඩියෙන් අඩිය කාමරේ ඇතුලට යන ගමන්....

"තිබුණා...."

කණ ළඟින්ම ඒ ගැඹුරු කට හඩ ඇහුණේ ආදරේ පාටත්,ඉටි පන්දම් එළියෙන් පිරුණු අඩ අදුරු කාමරෙත්, නහයට දැනෙන රෝස සුවදත් එක්ක උපරිම වෙලා තිබුණු මගෙ හැඟීම් සීමාව පනිද්දී....කතා කරන්න ඕනා උණත් මන් සද්ද නැතිව හිටියා.

"මෙහෙම....මෙහෙම පෙල්ල ගන්න තිබුණා...එදාම මට..."

යීබෝ කිව්වේ මාව ඇදෙන් පෙරළගෙන ඇග උඩට එන ගමන්....

දැන් ,පැය ගාණක් තිස්සේ මහන්සිවෙලා මාවත් තුරුල් කරන් හොද නින්දක ඉන්න මගෙ රත්තරං දකිනකොටත් ඒ දැනෙන ආදරේ නිසා මට දැනුණේ පපුව හිරවෙනවා වගේ....ඔව් ඒ තරම් ආදරෙයි මගෙ රත්තරන්ට මන්....

රතු පාට එළියත් එක්ක වාත්තු කරා වගේ පෙන ඒ මූණ දිහා බලන් හිටපු මම,නහය පුරා දැනෙන රෝස සුවදට ඉව අල්ලන ගමන් තද නින්දෙ හිටපු යීබෝව ආයිමත් ඇහරවාගන්න ආසාවෙන් රෝස කන් පෙත්තක් කටට අරන් හෙමින් උරවන්න ගත්තා.
.
.
.
යීබෝ....

බනී...මගෙ බනී....එයා දන් ඉන්නෙ හරි සතුටින්.ඒ මූනට පණ දුන්න, ඒ හිනාවෙන් හැම මොහොතකම ඒ මූණ පිරිලා තියෙද්දී මන් ආයි ආයි මටම පොරොන්දු උණා ආයි කවදාවත් ඒ ඇස් වලට කදුළු නොදී ඉන්න....

මුළු දවසේ හැම තප්පරයක්ම හිත ඇතුලේ හැන්ඟුණ ඒ සුවද හිතින් විදින්න විතරක් නෙමෙ ඒ රූපේ මගෙ ඇස් පෙන මානේම හැම තත්පරේම තියාගන්නත් තරම් මන් වාසනාවන්ත උනා.

බනී දැන් මාත් එක්ක office යනවා.පපා වගේම මමත් කොයි තරම් කතා කරත් මුලින් අකමැති වෙද්දී මායම් දාලම අහන්න උණා මට.එතකොටයි එයා කිව්වේ office එකෙදි ඇහුණු දේවල්.ඒ කතාවට මටත් වඩා කේන්ති ගියේ පපාට වෙද්දී පපා මීටින්ග් එකක් අරන් සද්දෙකුත් දාලා බනී ගෙ කොලිෆිකෙශන් ෆයිල් එක මේසෙ උඩට දාලා බලන අයට බලලා ඊට පස්සෙ අතන මෙතන කියෙව්වට කමක් නෑ කීවාම කට්ටියගේම කටවල් නිකංම වැහුනා.

ඉතිං තාමත් බනි වැඩ පුරුදු වෙන නිසා මගේ රූම් එකේම ඉද්දී මගේ රූම් එකට අල්ලපු රූම් එකේ හිටපු කෙනා වෙන තැනකට මාරු කරන ගමන් දැනටමත් ඒ රූම් එක බනී වෙනුවෙන් ලෑස්ති වෙන ගමන් තිබුණෙ මගේ රූම් එකේ ඉඳන් ඒ රූම් එකට දාපු දොරකුත් එක්කමයි....

"හිතන්නත් කලින් කතා කරන්න"

හැම කරදරේකටම පස්සෙ බනී මට දාපු නීතිය....පිට අය ඉස්සරහා ඕකේ අනිත් පැත්ත වෙද්දී බනී ඉස්සරහා කතා කරන්න කලින් හිතන එක මට තහනම් උණා.ඕවර් තින්කින් මගේ මොලේ ගැන දන්න හින්දා බනී දාපු සමනල ගැටේ මන් පිළිගත්තේ හරි කැමැත්තෙන්....

දැක්ක පළවෙනි මොහොතෙම මාව පිස්සු වට්ටපු හා පැටියා ඒ අවුරුදු ගාණටවත් බැරි උණ තරම් මේ පුංචි කාලෙට මාව පිස්සු වට්ටලා තිබුණා.ඒ හිතුවක්කාරකම දගකාරකම ඒ ආදරේ මගේ හුස්ම තරමටම ගෙවෙන හැම තප්පරයක් වෙනුවෙන්ම මට උවමනා උණා.

office ඇරිලා ඇවිත් කාමරේට ගිය ගමන් මන් නාගෙන එන්න යනකොට බනී හිටියෙ phone එකේ.මන් එළියට එනකොටම හොරා වගේ ඔලුව උස්සලා බැලුවේ අමුතුම බැල්මකින් වෙද්දී අඩියට දෙකට මන් ළඟට ඇවිත් මගේ නිරුවත් පපුව ඉබින්න ගත්තා.

"ඒ වු....හඩු ගානවා මගේ ඇගේ. යනවා නාගෙන එනවා ..."

ප්‍රතිඵල දැන දැනම මන් කිව්වේ බොරු තරහක් පෙන්නන ගමන් වෙද්දී බනීගෙ මුනට ආවෙ නසරානි හිනාවක් වෙද්දී කලින්ටත් වඩා මගේ ඇග පුරා මූණ අතුල්ලන්න ගත්තා.

"දන්නෙම නෑනේ.... ඉන්නවාකෝ.... හඩු ටික ඔක්කොම ගානවා...."

බනී පොඩි එකෙක් වගේ කියෙව්වෙ ඔලුව උස්සන්නෙම නැතිව මූණ අතුල්ලන ගමන් වෙද්දී කම්මුල් දෙකෙන් අල්ලගෙන ඒ මූණට එබිලා මන් බලන් හිටියා....

"මං දන්නවානේ....එපා කිවුවොත් ඒකම කරනවා කියන්න....ඒ නිසා තමා එපා කිව්වේ....මොකද මට ඕනා...."

මං ආසම ඒ දඟකාර කමට....හැමදාම මගෙ පපුව හිර කරපු ඒ දඟකාර කමට....
.
.
.
.
.

බනී උදේම නින්දෙන් ඇහරියේ අලුත් දවස වෙනුවෙන් බලාපොරොත්තු මහ හුගාක් හිතේ පිරෙද්දී....හැමදාම වගේ ඒ දිලිසෙන ඇස් තමන් වෙනුවෙන් බලන් ඉදිවි කියලා ඇස් ඇරියත්, අනිත් අතට ලොකු දුකක් හිතට දැනුනෙ, මේ තරම් දවස් ළඟ ඉදළත් අද වගේ විශේස දවසක ඒ ඇස් තමන් වෙනුවෙන් මඟ බලන් ඉදළා නෑ කියලා දැනෙද්දියි....

"යීබෝ...."

ගේ පුරා හොයන ගමන් කතා කරත් යීබෝ ඒ වෙනකොටත් ගෙදර හිටියෙ නැති වෙද්දී අතීතයේ දවස් වල හිතට දැනුණ ඒ හැඟීම ආයීමත් හිතට එබෙන්න උත්සාහ කරත් බනී හිතට දහිරිය ගත්තා....

"මගෙ යීබෝ....එයා...ආයි එහෙම කරන්නේ නෑ....මගෙ හිත රිද්දන්නෙ නෑ...."

අද බනීගේ convocation. බනී ට උවමනා උණා අනිත් හැමෝටම වඩා අද දවසෙ යීබෝ ළඟින් ඉන්නවාට.පෙරේදා ඉදන් යීබෝ කලබල වෙලා හිටපු විදිහ බනී ට මතක් උණා.කීප සැරයක්ම අහන්න උත්සාහ කරත් ඒ හැම වෙලාවේම යීබෝ කතාව වෙනස් කරපු හැටි බනී ට මතක් උණා.බැරිම තැන වැඩ කරන කෙනෙකුට සද්දකුත් දාලා විස්තරත් හොයනකොට බනීට දැන ගන්න ලැබුණේ හදිසියේම යෙදුණු ගොඩක් වැදගත් රැස්වීමකට යීබොට යන්න වෙලා කියන පණිවිඩේ.පපා වෙන වැඩකට විදෙස ගත වෙලා හිටපු නිසා යීබොට මේ රැස්වීම මඟ අරින්නම බැරි බව තේරුම් ගියත්, තමන් වෙණුවෙන් මේ වගේ දෙයක් බලාපොරොත්තු උණ පලවෙනි වතාව නිසා බනීට ආත්මාර්ථකාමී වෙන්න උවමනා උණා.කොහොම හරි යීබෝව ළඟින් තියා ගන්න ඕනා උණා.

හිත රිදෙද්දී බනී ආයි පඩි පෙළ නැන්ගෙ යීබෝ ඇතුව හෝ නැතුව මේ ගමන යන්නම ඕනා නිසා.

"අඩුගානේ කියලා යන්න තිබුණා නේද.... හැමදාම වගේ සද්ද නැතිව පැනලා යන්නෙ....කිව්වනම් මං හිත හදාගන්නවානේ මෝ...ඩ......"

සද්දෙට බැන බැන ගිය බනී ගේ බැනිල්ල එකපාර නතර උණේ බාත් රූම් එකේ කණ්ණාඩිය දැක්කාමයි....

"මාව විස්වාස කරන්න....."

යීබෝගේ අත් අකුරින් ලියවුන පුංචි note එකක් කණ්ණාඩියේ අලවලා තිබුණා.

බනී ට දුක කේන්තිය අමතක වෙද්දී හිනා වෙවීම ඇගිලි තුඩු වලට ගත්තු කිස් එකක් note එකෙන් තිව්වා.තවත් ඒ වගේම note ෆ්‍රිජ් එකෙනුත්,මේසේ උඩ ලෑස්ති කරලා තිබුණ කෑම පිඟානේ උඩිනුත් ප්‍රධාන දොරේ තිබිලා වගේම car එකේ සුක්කානම උඩිනුත් හම්බ වෙද්දී බනී ට හිතුණේ අද යීබොට එන්න බැරි උණත් දෙපාරක් නොහිතා සමාව දෙන්න තමන්ට පුළුවන් කියලා....

හෝල් එක ළඟට ගියත් බනී අන්තිම මොහොත වෙනකං යීබෝ එනකං බලන් හිටියෙ car එකෙන් අන්තිමටම හම්බ උණ note එක අතේ තියන් ඒ දිහා විටින් විට බලන ගමන්.

"අන්තිම වෙනකං බලන් ඉන්න....මං වෙනුවෙන්...."

අන්තිම මොහොත වෙනකංම කල් ඇරපු බනී හැමෝටම ශාලාවට ඇවිත් අසුන් ගන්න කියන පණිවිඩේ ආයි ආයිමත් ඇහෙද්දී හිත හදන් යන්න ලෑස්ති උණා.

"බනී....."

බනී ට ඇහුණේ නුපුරුදු කටහඬක් වෙද්දී ආයිමත් පසුපස හැරුණේ කුතුහලෙන්.ලොකුම ලොකු මල් පොකුරක්.....අතේ තියන් හිටන් හිටියෙ මීට කලින් දැකලා නැති ගෑණු ළමයෙක් වෙද්දී

"මේක....ඔයාට දෙන්න කිව්වා....."

බනී ගේ අතට මල් පොකුර බලෙන්ම වගේ දීපු ගෑණුළමයා එතනින් යන්න ගියේ බනී පුදුම වෙලා මල් පොකුර දිහාම බලන් ඉද්දී.බනී හෙමිහිට බැලුවේ මල් බොකී එකේ තිබුණ පුංචි note එක.ඒ යීබෝගේ අත් අකුරු....

"ආදරෙයි හැමදාමත්....."

සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා හිතාගන්න බැරි හැඟීමක් හිතට දැනෙද්දී ලොකු හුස්මක් පිට කරපු බනී හිත හදාගන්න උත්සාහ කරා.

"එයාට....එන්න බැරිව ඇති...."

බනී ආපහු යන්න හැරුණේ ඔළුව උස්සන්නේ නැතිවම මල් පොකුර මූණට කිට්ටු කරන් වෙද්දී ඇස් අගින් වැටුණ කඳුලක් පාලනයක් නැතිවම ගලා ගිහිං මල් පෙති උඩට වැටුණා.

"බනී...."

බලාපොරොත්තු අත් ඇරපු තප්පරේ.....හැමදාම වගේ බනී ට ඒ කට හඩ ඇහුණේ ඈත ලොකෙකින් වගේ වෙද්දී බනී හැරෙන්නත් කලින් පිටිපස්සෙන් ආපු අත් දෙකක් බනී ව තදින් වැළඳ ගත්තා.මේ තරම් වෙලා අමාරුවෙන් හිර කරන් හිටපු කදුළු බනීගෙ ඇස් වලින් ගලන්න ගත්තෙ ඉකියකුත් පිටවෙන ගමන් වෙනකොට බනී අනිත් පැත්ත හැරිලා යීබෝගෙ උරහිසේ මූණ හංගා ගත්තා....

"බනී මැණික....අඬන්න එපා ඉතිං....මං ආවනේ....ටිකක් පරක්කු උණා.....සොරි ඉතිම්...."

යීබෝ කිව්වේ බනී ගේ ඔළුව යාන්තමින් සිපගන්න ගමන්.

"මං...මං හිතුවෙ එන්න වෙන එකක්....නෑ කියලා....ඔයාට....මීටින් එක....ඒක.... ඔයා යන්න ඕනා නේද...."

"කුවාන් ගගා ආවා....මං එයාව එයාර් පෝට් එකෙන් අරන් office එකෙන් දාලා ආවෙ...ඒකයි වෙලා ගියේ..."

"ආහ්....ඇමරිකා ඉඳන්..... මේ හදිස්සියේ....මේක නිසාම..."

"ඔව් ඉතිං....මං ඉන්නම ඕනනෙ මගෙ හා පැටියා ළඟ....අද වගේ දවසක....."

"ඒත් යීබෝ....ගගා පවුණේ.....මේක නිසාම.....එහෙම එන්න උනාම....එයාගෙ වැඩත් පාඩු කරන්...."

"ආහ්....එයා ගේ වැඩ පාඩුවෙන්නේ කොහොමද....පපා කිව්වේ හැම වෙළේම බබා බලන්න කියලා චෙන් ගේ ගෙදරමයි කියලා...."

යීබෝ කිව්වේ බනී ටත් හිනා යද්දී....

"මං කිව්වා ඉතිං.....අක්කව ගන්න නම් මල්ලිලාව හොදින් තියා ගන්න ඕනා කියලා....ඒක කිව්වා විතරයි ඉතිං....උඩින්ම කැමති උණා....."

යීබෝ කට කොනින් හිනා වෙවී කියද්දී බනී අඩ අඩම හිනා වෙද්දී යීබෝ ඒ මූණ අත් දෙකට අරන් කදුළු පිහ දැම්මේ ආදරෙන්....

"ඇතුලට යමු....කදුළු පිහගන්න.... අද ලස්සනට ඉන්න ඕනනෙ.... අද ඉඳන්....මමත් නීතියක් දානවා....හිත අතරමං වෙන්න කලින්....කදුළු වලින් ඇස් පිරෙන්න කලින්....මාව විස්වාස කරන්න....."

බනී ගේ ඇස් වලට එබෙන ගමන් කියපු
යීබෝ බනී ගේ අත අල්ලන් ඉස්සර උණා....

දවසක් ඒවි අපිත්....අපෙ හීන වලට යාවී....
ඒ හැම මොහොතේ....ළඟින්....
නුඹ හිටියොතින් ඇති......

හිත අතරමං උණු
රුදුරු ගිම්හානේ
සදහටම නිමා උණු වගයි.......................

නිමි.
👩‍💻 dil

Continue Reading

You'll Also Like

18.2K 2.3K 40
චෙරි මල් පිපේවි... වසන්තයට කලියෙන්ම... 🖇️🍁
763K 17.3K 46
In wich a one night stand turns out to be a lot more than that.
1.1M 61K 38
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
409K 12.3K 94
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...