💚 සිත අතරමං වෙලා❤️ Complete...

ChenQing4 द्वारा

47.2K 7.9K 2.6K

සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ..වැහි වළාකුළක් නෑ පෙනෙන තෙක්මානයේ..." ❤️🐰 බනී ට, තමන් දුටු මොහොතේ පටන්... अधिक

⬇️ ආරම්භයට කලින්
⬇️ චරිත හැඳින්වීම
💚 Chapter 1 ❤️
💚 Chapter 2 ❤️
💚 Chapter 3 ❤️
💚 Chapter 4 ❤️
💚 Chapter 5 ❤️
💚 Chapter 6 ❤️
💚 Chapter 7 ❤️
💚 Chapter 8 ❤️
💚 Chapter 9 ❤️
💚 Chapter 10 ❤️
💚 Chapter 11 ❤️
💚 Chapter 12 ❤️
💚 Chapter 13❤️
💚 Chapter 14 ❤️
💚 Chapter 15 ❤️
💚 Chapter 16❤️
💚 Chapter 17 ❤️
💚 Chapter 18 ❤️
💚 Chapter 19 ❤️
💚 Chapter 20 ❤️
💚 Chapter 21 ❤️
💚 Chapter 22 ❤️
💚 Chapter 23 ❤️
💚 Chapter 24 ❤️
💚 Chapter 25 ❤️
💚 Chapter 26 ❤️
💚 Chapter 27 ❤️
💚 Chapter 28 ❤️
💚 Chapter 29 ❤️
💚 Chapter 30 ❤️
💚 Chapter 31 ❤️
💚 Chapter 32 ❤️
💚 Chapter 32 ❤️
💚 Chapter 33 ❤️
💚 Chapter 34 ❤️
💚 Chapter 35 ❤️
💚 Chapter 37 ❤️
💚 Chapter 38 ❤️ Special 💚❤️
💚 Chapter 39 ❤️ Special 💚❤️
💚 Chapter 40 ❤️ End
💚💚 Thank you for helping me ❤️❤️
💚❤️Cover❤️💚

💚 Chapter 36 ❤️

807 154 45
ChenQing4 द्वारा

තාමත් ළඟින් දැනෙන යීබෝගෙ සුවඳට ඉව අල්ලන ගමන් බනී අවදි උණේ අවසාන වතාවට ඇති උණ බලාපොරොත්තුවක් එක්ක, උදෑසනම යීබෝගේ දසුනින් හිත පුරවගන්න බලාගෙන උණත් එක තප්පරෙකින් ඒ බලාපොරොත්තු බිදිලා ගියේ ඒ වනවිටත් යීබෝ ඇඳෙ නැති බව දැකමයි.හිත තුල දුකක් එහෙ මෙහෙ යද්දී බනී මුළු නිවස පුරාම යීබෝව හෙව්වා.යීබෝ තමන්ට පෙන මානේ තමන් ළඟින් ඉන්න එක අද කවදාටත් වඩා බනී ට උවමනා වෙද්දී ගැහෙන දෙපා අමාරුවෙන් වාරු කරගත්ත බනී ප්‍රධාන දොර ඇරන් එළියට ගියේ අඳුරැ වළාකුළු හිත පුරා එහෙ මෙහෙ වෙද්දී....

බිම බලාගෙනම ගරාජ් එක ළඟට ගියපු බනී පපුවට අතකුත් තියන් හොඳ හුස්මකින් හිත පුරාවගන්න ගමන් හිස එසෙව්වා....

'ගිහිං....අදත් එයා ගිහිං....මට එයාව ඕනම මොහොතේ....'

"යීබෝ....."

යීබෝගේ car එක ගරාජ් එකේ නැති බව දකිද්දී ආයීමත් බනීගේ හීන ලෝකේ සුණු විසිණු වෙලා ගියා.දෑතින් හිසකෙස් අදින ගමන් කෑ ගහගෙන බිම වාඩි උණ බනී අසිහියෙන් වගේ කෑ ගැහුවා.

"ඇයි මට මෙ...හෙම බෝ... බෝ....මන්...මන් මොකක්ද කරපු...වැරැද්ද....ඇයි හැම...දාම ඇයි රත්තරං....මට මෙහෙම කරන්නේ....මෙහෙම...මේ විදිහට ආයිමත් බිදලා දාන්න නම් ඇයි මගේ බිදුණු හිත හදන්න මේ තරම් මහන්සි උණේ...."

සෑහෙන වෙලාවක් බිම ඉඳගෙන කදුළු සලපු බනී හිතට දහිරිය අරන් නැගිට්ටා.තවත් එක් අවස්ථාවක් බලාපොරොත්තුවෙන් යීබොට කෝල් ගත්තත් phone එක off කියන පණිවිඩේ ඇහෙද්දී හිත හදාගන්න බැලුවා.

"අදින් හැමදේම ඉවරයි යීබෝ....හැමදේම...."

කලින් හැමවතාවකම වගේ බනී තමන්ටම පොරොන්දු උණා.ඒත් වෙනදාට වඩා විස්වාසයක් ඒ වචන වල තිබුනා.

චෙන්,ෆෙමින්ග් වගේම වැන්ග් නිවසට එන විටත් බනී ලෑස්ති වෙලා හිටියා.

"යීබෝ....කොහේද...."

වැන්ග්,ෆෙමින්ග් චෙන් මූණෙන් මූණ බලාගත්තේ මොකුත් හිතාගන්න බැරි වෙද්දී.බනී නිහඬවම දොර ළඟ තිබුණු ලගෙජ් එක අතට ගත්තා.

"අපි යමු...."

වැන්ග්,ෆෙමින්ග් බයවෙලා බලන් ඉද්දී චෙන් ආයීමත් ඒ බොර පාට ඇස් දකිද්දී කලබල උණා.අහන්න දහසක් දේවල් හිතට ආවත් තුන්දෙනාම මුවින් ගොළු උනෙ හිත ඇතුලේ ඇහෙන ප්‍රස්න වලට තම තමන්ගෙ හිත් වලින්ම උත්තර හොයන ගමන්..හැමෝම බය උණා...තමන්ගෙ එක වචනෙ උණත් බනී හිතේ පුරවන් ඉන්න දහිරිය නැති කරලා දාවී කියලා.

කතාකරගන්න වචන නැතිවෙද්දී කල්පනා කරන්නවත් හිතේ එකලස් බවක් නැති වෙද්දී හිතට දැනෙන කලකිරීම දුක නිහඬවම දරාගෙන හැමෝම එළියට බැස්සා.

හැමෝම එක car එකකට ගොඩවවෙද්දි චෙන් car එක පාරට දැම්මා. බනී ළඟින් වාඩි උණ වැන්ග් පපාගේ අතට තමන්ගෙ අත හිරවෙනවා බනීට දැනුනා.

"පපා....මම හොඳින්..."

බනී මිමිනුවේ වැන්ග් දිහා බලන ගමන් යන්තම් හිනා වෙවි වෙද්දී ඒ බැල්ම දරාගන්න බැරි උණ වැන්ග් අහක බලාගත්තා....

බනීට අවසන් වතාවට තමන් ජීවත් උණු ,තමන්ගෙ ජීවිතේ දුක හොදින්ම දැනං හිටපු ඒ නිවස දිහා තව එක සැරයක් හැරිලා බලන්න ඕනා උණා.දුක උණත් තමන් මහ ගොඩක් ආදරේ කරපු මතකයන් වලට ශාක්සියක් උණු තැන...

'දාලා යන්නෙ හැමදාටම නම්....කවදාවත් ඒ දිහා ආයිමත් හැරිලා බලන්න එපා....'

හිත අතුලෙ කොහේදෝ හැංගිලා තිබුණු දෙයක් එකපාර සිහියට එද්දී පිටු පසට හැරෙන්න ගිය බනී තොලත් හපාගෙන අනිත් පැත්ත හැරුණා.ලොකුම ලොකු එක කඳුලු කැටයක් ඒ ඇස් වලින් වැටිලා බොඳ වෙලා ගියා.....

බනී උදෑසන 10 පහු වෙනවිටත් ගුවන්තොටුපලට ඇවිත් හිටියෙ පිටත් වෙන්න තවත් පැයක් පමන තියෙද්දී.ගෙදරින් පිට උණු වෙළේ ඉඳන් බ්ලූටූත් කනෙ ගහගත්තු චෙන් මඟ දිගට යීබොට කතාකරන්න උත්සාහ කරා.ගුවන් තොටුපලටත් ඇවිත් බනී ට හොරෙන් උත්සාහ කරපු වාර ගණනාවකට පස්සෙ බලෙන් ගොඩනගාගත්තු දහිරියත් හිඳිලා යනවා චෙන්ට දැනුණා....

ඇවිදින මළකදක් වගේ හරිම උදාසීන විදිහට ගමනට අවශ්‍ය වැඩ කටයුතු කරගන්න බනී දිහා හැමෝම බලන් හිටියෙ කම්පාවෙලා වගේ.අන්තිම මොහොත වෙනකං බලාපොරොත්තු තියාගන්න ඒ තුන්දෙනා වගේම වචනයක්වත් නොකීවත් බනිත් ලොකු සටනක හිටියා.

ගුවන් යානය පිටත් වෙන්න කලින් කෙරෙන දැනුම් දිීම් එකින් එක ඇහෙද්දීත් ගැහෙන හදවත් හතරක් බනී යීබෝ ආදර කතාව වෙනුවෙන් අන්තිම මොහොත වෙනකණුත් බලන් හිටියා....

බනී....

මතකේ හසරැල් නැගෙන වෙළේ.....

මගේ ආදරේ වෙනුවෙන්,මාව ජීවත් කරපු,මට ජීවිතේ එපා කරපු අවුරුදු 10කට කිට්ටු කාලයක් මගේ හැමදේම උණු ආදරේ වෙනුවෙන් අන්තිම මොහොතෙත් මන් බලන් හිටියා.අකමත්තෙන් උණත් මට බලන් ඉන්න ඕනා උණා.තවත් හැඟීමක් දැනුණ නිසා නෙමෙ... පුරුද්දට වගේ....අහස උසට ගොඩ නගන හීන මාලිගා තප්පරෙන් බිමට සමතලා වෙනවා බලන්න මේ පුංචි කාලෙට මන් නිකංම හුරුවෙලා.කඩන් වැටුණාම දැනෙන දුක දරාගන්න නෙමෙ කඩන් වැටෙන බව දැන දැනත් කඩන් වැටෙනකන් බලන් ඉන්න හුරුවෙලා....ගිනි දැල්ලටම ඇදෙන සතෙක් වගේ....

දන්නවද....මගේ හිත මැරිලා හුගාක් කල්.තප්පරෙන් තප්පරේ මොහොතින් මොහොත මන් අවුරුදු 9ක් පුරා රැකගත්තු ආදරේ ඒ රැකගත්තු විදිහටම ඒත් නොහිතපු තරම් වේගෙකින් ගෙවුණු මාස 9ට මගෙ හිත මරලාම දම්මා.මොන තරම් කරදර ආවත් කවදාවත් මගෙන් ඈත් නොවුණ මගෙ හිනාවත් ඒ ආදරේ වෙනුවෙන් නොදැනම මන් කැප කරලා තිබුණා.මට තිබුණු එකම වස්තුව.....

මේ අවුරුදු ගාණ පුරාම මගෙ හදවත,මාව සසල කරපු ඒ රූපේ වෙනුවෙන් ,ඒ සීතල ඇස් වලින් මන් දිහා බලපු බැල්ම වෙනුවෙන්, මන් වෙනුවෙන් ගත කරපු ඒ මොහොත වෙනුවෙන්, එක තත්පරෙකට මට දුන්න උණුහුම වෙනුවෙන් ගැහුනෙ නැති මොහොතක් නැති තරම්.

පලවෙනි දවසේම ඒ ආදරේ මට දුන්නේ බලාපොරොත්තු කඩවීමක් වෙද්දී මට ඒ ආදරේ එදාම අමතක කරන්න උත්සාහ කරන්න තිබුනා.පළවැනි දවසේම මන් එයා වෙනුවෙන් බලන් ඉද්දී,එයා මාව මග ඇරලා යද්දී ,අවුරුදු ගාණක් එයා වෙනුවෙන් බලන් ඉදලත් එයාගේ හෙවණැල්ලක් වත් ඇහැ‌ නොගැහෙද්දී‌ මට තිබුණා මගෙ ආදරේ අමතක කරලා මට ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් හදවත විවර කරන්න.

ඒත් ආදරේ කියන්නේ මහ පුදුම දෙයක්...දැන දැන ‌ඇමාරුවෙ වැටෙන්න හිත යොමු කරන පිස්සුවක්....දවසක අපිව ජීවත් කරන ආදරේ දවසක අපිව මරලම දාන එක....දෛවය හරි අපූරු විදිහට ඒ වෙනුවෙන් පාර කපන විදිහ....

දෙනෙතින් කදුළැල් ගලා ගියේ.....

හැමදාම බලන් හිටියෙ ඒ රූපේ තව එකපාරක් දැකගන්න උණත් ,එදා අපි ආයෙමත් හමු නොවුණා නම් මගෙ හිතේ තිබුණ ආදරේ කලින් වගේම හැමදාත් මගෙ ශක්තිය වෙන්න තිබුණා.මන් හිත ඇතුලේ ඒ පුංචි හීන කුමාරයා ගැන මවන් හිටපු ප්‍රතිරූපේ ඒ විදිහටම හිත ඇතුලෙ පරිස්සමට රැක ගන්න තිබුණා.

මගෙ හිතේ ඔයාට පිරිලා තිබුණු ආදරේ ඔයා දන්නවානම්,ඔයා වෙනුවෙන් මේ ඇස් අඬපු තරම් දන්නවානම්,ඔයා වෙනුවෙන් හීන මව මව ඔයා වෙනුවෙන් බලන් හිටපු තරම් දන්නවානම්,
නොහිතපු වෙලාවක මගෙ ආදරේ මගෙ වෙද්දී මට දැනුණ සතුට ඔයා දන්නවානම් මගෙ යීබෝ ඔයා කවදාවත් මාව තනි කරන එකක් නෑ නේද....

එයාට මගෙ ආදරේ නොකියපු එක ගැන ඇත්තටම මන් දුක් වෙනවාද....නෑ මේ හැමදේකටම පස්සෙත් මට ඒ ගැන පසුතවීමක් නෑ.මට කවදාවත් ඔයාගෙ අනුකම්පාව ඕනා උණේ නෑ....මන් ඔයාට ආදරේ කරන නිසා විතරක් ඔයා මට ආදරේ කරනවා කියන හැඟීමටත් මන් වයිර කරා....මන් බලන් හිටපු කාලෙ වෙනුවෙන් වන්දියක් විදිහට ඔයා මට ආදරේ කරනවා බලන්න මට ඕනා උණේ නෑ බෝ....

වෙන කෙනෙකුට අයිති වෙන්න හිටපු ඔයාව අයිති කරගෙන,වෙන කෙනෙකුගේ වෙන්න තිබුණු තැනක් හිටිහැටියේ මගෙ වෙද්දී,ඒක ඔයාගෙන් උණු අත්වරද්දක් උණත්,මට දැනුණේ මන් ඔයාට වැරද්දක් කරා වගේ.මට උවමනා උණා ඒ වැරැද්ද හදාගන්න.ඒ වෙනුවෙන් වන්දි ගෙවන්න.ඒත් මන් කරපු ලොකුම වැරැද්ද ආයිමත් ඔයාගෙන් ආදරේ බලාපොරොත්තු උණ එක. කොලෙක ලියලා අපි අපෙ උණ පමණින් ඔයාගෙ හැමදේම වෙන්න බලාපොරොත්තු උණ එක.අන්තිමට මන් ඒ හැඟීමට කොයිතරම් වයිර කරා උණත් මන් ඔයාට ආදරේ කරන නිසා ඔයා මට ආදරේ කළ යුතුයි කියලා බලන් ඉන්න මගෙ යටි හිත මටත් හොරාම පුරුදු වෙලා.මන් නොදැනම....

හිතේ හැඟීීම් තරමටම....දන්නවද මගෙ ගතේ හැඟීම් ඔයාව ඉල්ලලා කෑ ගහපු තරම්....මන් බය උණා ඒ හැගීමුත් දවසක මගෙ ආදරේට කැළලක් ගෙනෙවි කියලා.ඔයා වගේම මමත් ඕනවාටත් වඩා හැඟීම් දැනීීම් තියෙන වයසක ඉද්දී එකට ගැවසෙන නිසාම මහ රෑ ඇතිවෙන හැඟීමක් නිසා මගෙ ආදරේට කැළලක් වෙනවාට මන් බය උණා.හීන දැකපු විදිහටම ඔයා මන් ළඟින් රෑ එළිවෙනකං ඉද්දීත් මගෙ හිතටම තරවටු කරන් ඔයාගෙන් ඈත් වෙලා ඉන්න අමාරුවෙන් උණත් උත්සහ කරෙ ඒකයි....

එදා අපි අපෙ උණ එක ගැන, මගෙ හැමදෙකම මුල්ම අයිති කාරයා ඔයා උණ එක ගැන ඔයාගෙ තුරුලට වෙලා මන් සතුටු උණු තරම්....මට සැනසීමක් දැනුණු තරම්....ඔයා දන්නවානම්....ඒ හැඟීීම් අස්සෙ ඒ තරම් වේදනාවක් හැංගිලා තිබුණා කියාලා මන් හීනෙන්වත් හිතුවෙ නෑ යීබෝ....සීමාවටත් එහා බිදුණු මගේ හිත ගොඩගන්න බැරි තරම් එදා බිදෙනවා කියන්න ඔයා දන්න්වානම්....ළඟටම ඇවිත් හැරිලා නොයන්න ඔයා උත්සාහ කරන්න තිබුණා නේද.....අදටත් මන් කල්පනා කරනවා ළඟටම ආව පය හරවන් යන්න තරම් ඔයාට තිබුණු හේතුව මොකක්ද කියලා....

දන්නවාද එදා දැනුණ වේදනාව දෙගුණ තෙගුණ කරන්නත් ඔයා නොදන හරි පාර කපපු බව...එදා පපා බලලා ආපු දවසට පහුවදා ඔයා ලියලා ගිය චිට් එක මට හම්බ උණේ ඇඳ යට තිබිලා අහම්බෙන්....සීතල පොලවේ වැටිලා මහමෙරක් තරම් කදුළු හෙලපු වෙලාවක....ඒක දැක්කම මට සතුටක් දැනුණා කියලා හිතුණද....නෑ මන් තව අන්තේටම කඩන් වැටුණා.....මගෙ හිතේ තිබුණ බලාපොරොත්තුවක් විතරක් නෙමෙ ඔයා කඩලා දාලා තිබුණෙ.ඔයා ඔයාට වගේම මටත් දිීපු පොරොන්දුවක්....ඔයා නෑවිත් හිටියෙ,ළඟටම ඇවිත් හැරිලා ගියේ ආයි එන්නම් කියලා උණු පොරොන්දුවත් කඩලා දාලා....

ගෙදරින් එළියට යන්න කියලා මන් කෑ ගැහුවත් ඔයා එනකං මන් ඇස් රිදෙනකං බලන් හිටියා දන්නවද....මුළු ලෝකයක් මාව එපා කිව්වත් ඔයා විතරක් ඇති කියලා හිතෙද්දී ඔයා එයි කියලා බලන් හිටියා.හිත හදන්න නෙමෙ පෙන මානේ ඔයා ඉන්නයි මට ඕනා උණේ....

දැනෙන වේදනාව දරාගන්න බැරි තැනයි මන් tablet ගත්තෙ.අමාරුවෙන් බලන් හිටපු දවස් දෙකකට පස්සෙ රෑ වෙනකොට මට ඇහැරෙන්නේ නැති වෙන්නම නිදාගන්න ඕනා උණා.රෑ වෙලා මන් නිදි අතරෙ ඔයා ඇවිත් යන්න ඇති කියලා හිත හදාගන්න ඕනා උණා...ඔයා ඇවිත් රෑ පුරා මගෙ ළඟින් බිම ඉඳගෙන මාව අතපතගාන හැටි මාව ඉබිණ හැටි ඔය ඇස් වලින් වැටෙන කදුළු මගෙ මූණ තෙත් කරන හැටි සමාව ඉල්ල ඉල්ලා සුසුම් හෙළන හැටි මන් හැමදාමත් හීනෙන් දැක්කා.මට ඇහුණා රෑ එළිවෙනකංම. උදේ ඇහරුනාම ඔයාගෙ කොට්ටේ ඔයා නිදියන තැන එකම එක රැල්ලක් ඔයා ඇවිත් හිටපු බවට එකම එක සලකුණක් මට දකින්න ඕනා උණා.....

ඒත් එහෙම දෙයක් පෙනෙන්න වත් නැතිකොට....අන්තිමේ මන් හිත හදාගත්තා....බෝතලේ තිබුණු තරම් පෙති ඔක්කොම අරන් ඔයා නිදියන තැනින් මන් ඇලවුණේ මැරෙන්න හිතන් නෙමෙ...මන් හිතුවා හීනෙන් ආයි ඔයා ඇවිත් මන් ළඟට වෙලා ඉදී කියලා....ඒ හැඟීමටම මන් මහ ගොඩක් ලෝබ උණා....

එදා මන් වැටුණු තැන මාව එහෙමම අත ඇර දාලා ඔයාට ඉන්න තිබුණා.ඒත් ඔයා වෙනුවෙන් හීන පුරවන්න මන් ඇබ්බැහි උණ තරමටම ,ඔයා ඒ හීන අතරමඟ බිදලා දාන්න ඇබ්බැහි වෙලා වගේ....බිදෙන හීන පුරවගන්න අකමැත්තෙන් හරි මට ඕනෑ උණා වගේ ,මන් හීන පුරවන වාරයක් පාසා ඒ හීන අකමැත්තගෙන් හරි බිදින්න ඔයාටත් ඕනා වෙන්න ඇති....සමහර විට ඒක ඔයාට සතුටක් වෙන්න ඇති...

ඔයා ඒ ටික දවසට මවපු ලොකෙ නිසා බිදිලා තිබුණ හිත නොහිතපු වේගෙකින් ටිකෙන් ටික පණ ගහලා ආපු හැටි ඔයා දැක්කද බෝ....මන් ඔයාව දාලා යන්න ගත්තු තීරණේ වැරදියි කියලා හිතෙන තරමටම ඔයා මන් ඉස්සරහ හුගාක් සාර්ථක විදිහකට ඒ ජීවිතේ ගොඩ නඟපු බව ඔයා දන්නවාද....

ජීවිතයේ රස දැනෙන වෙළේ.....

ඊයේ රෑ දෙවනි වතාවටත් ඔයාගෙ උණාට පස්සෙ රෑ පුරා මන් නිදි නැතුව හේතු හෙව්වා....ඔයා ළඟ රැදෙන්න එකම එක හේතුවක් හරි හෙව්වා.....අන්තිමේ මන් හේතුවක් හොයාගත්තා.....මට මතක් උණේ කුවාන් ගගාව....ඈතින් ඉඳන් මට හැමදාම ආදරේ දුන්න කුවාන් ගගාව....ඔයා නිදි අතරෙ මන් එයාට කතා කරා මන් එයාගෙන් එකම එක හේතුවක් ඉල්ලුවා.ඔයා ළඟින් රැඳෙන්න....තව පාරක් ඔයාව විස්වාස කරන්න....

"බනී.... ඔයාට තාමත් එන්න ඕනා කියලා විස්වාසද...."

"ගගා මට සැකයි ගගා...."

"සැකයි ද...නැත්තම් විස්වාසයක් නැද්ද..."

"මට....මට හේතුවක් ඕනා ගගා....නවතින්න හිත හදාගන්න තරම් හෙත්වක් ඕනා..."

"බනී ඔයා යීබෝව විස්වාස කරන්න...මේ ටිකේ ඔයාට දුන්න ආදරේ විස්වාස කරන්න බනි..."

".....මට බෑ ගගා....මට විසවාස කරන්න බයම ඒ දේවල්....මට ගොඩක්ම රිදෙන්නෙ යීබෝව වගේම එයාගේ ආදරේ විස්වාස කරන්න ගියාම තමා..."

"....."

"මට වෙන හේතුවක් දෙන්න ගගා....මට කියන්න ඇයි එයා මෙහෙම උණේ....ඇයි එයා මට මෙහෙම කරන්නේ...."

"එයා පොඩි කාලෙ ඉඳන් හුදෙකලා කෙනෙක් බනී....මමා ඉන්න කාලෙ උණත් එයා ටිකක් වෙනස් කෙනෙක්....මමා නැති උනාම ඒක ගොඩක් වැඩි උණා....එයා පපා වගේ....ඉතිං තනි වෙද්දී පපාගේ හැසිරීම එයාට ගොඩක් බලපෑවා මන් හිතන්නෙ.එයා උත්සාහ කරත් එයාට වෙනස් වෙන්න බැරි උණා.දුකක් පීඩනයක් දැනෙනකොට එයා උත්සාහ කරේ එයාගේම ලොකෙක තනි වෙන්න.මන් උත්සාහ කරත් එයාටම හිතුණු වෙලාවක ඇරෙන්න එයා කවදාවත් මටවත් විවුර්ත උණේ නෑ.එයාගේ මුළු ලෝකේම පිරිලා තිබුණෙ සීමිත දේවල් කීපෙකින් විතරයි.පපා දිහා බලන් හිටපු එයා හැමදාම මහන්සි උණේ එයාගෙ හීන වෙනුවෙන් නෙමෙ.පපා එයා වෙනුවෙන් දැකපු හීන වෙනුවෙන්.එයාට දෙයක් ඕනද කියලා කවුරු හරි අහුවොත් ,එයාගෙ හිතට ඒ දේ ඕනා උණත් එයා නොදැනීම එයා පුරුදුවෙලා හිටියෙ එපා කියන්න.ඕනා මොනාද එපා මොනාද කියන එක අතරෙ හැමදාම එයා අතරමං උණා .දුකක් දැනුණත් අනිත් අය ඉස්සරහා තද මූණක් පෙන්නන් හිටියත් ඒ වගේ වෙලාවට ඒ වේදනාවෙන් ගොඩ එන්න බැරිව එයා සති ගාණක් මාස ගාණක් තනියම විදවපු වෙලාවල් තිබුණා.

ඒත් එකම එක දෙයක් තිබුණා...එයාව වෙනස් කරපු...."

"ඒ මොකක්ද ගගා...."

"එයා කෙනෙක්ට ආදරේ කරා බනී...."

"ආහ්..."

"ඔව් ඒ ආදරේද කියන එක එයා නොදන්නවා උණත් එයාට ඒ කෙනා වෙනුවෙන් බලන් ඉන්න ඕනා උණා....එ වගෙම එයා බලන් හිටියා...."

"ගගා..."මගෙ හදවතට දුකක් දැනුණා.මගෙ කියලා හිතපු දෙයක් වෙන කෙනෙකුගේ උණා වගේ.

"ඔව්...ජීවිතේ පළවැනි පාරට එයාට දෙයක් ඕනා උණා...එයා පපා එක්ක රන්ඩු කරා....පළවැනි වතාවට....ඒත් එයා ඉල්ලපු එකම දේ ඒ කාලෙ දෙන්න පුළුවන් දෙයක් උණේ නෑ.යීබෝ වගේම පපා ගොඩක් අසරණ උණා.හැමදාම ප්‍රස්න වලින් පැනලා යන්න යීබොට ඕනා උණා වගේම මේ වතාවේ පපා ඒකට උදව් කරා.යීබෝ වෙනුවෙන්ම.පපා යීබෝව ඇමරිකා යැව්වා.ඒ වෙලාවේ යීබෝ වෙනුවෙන් හොදම දේ උණේ හැමදෙකින්ම ඈත් වෙන එක කියලා තමා මට උණත් හිතුණේ..."

"ඉතිං එයා හොදින් හිටියද ගගා...."

"නෑ බනී...එයා හිටියටත් වඩා හුදෙකලා උණා.කැමති වෙලා එයාගෙ කරගන්න සටන් කරපු එකම දේත් එයාට නැති වෙද්දී කව්රුත් කැමැත්තෙන්ම දෙන දෙයක් උණත් ගන්න එයා බය උණා.ඒ බඩුවක් උණත් යාලු කමක් උණත් ආදරයක් උණත්...."

"ගගා...එයා ට තාමත්...ඒ කෙනාව අමතක කරන්න බැරිද ගගා..."

"හ්ම්ම්...මන් හිතුවා ඔයා ආවට පස්සෙ එයා ඒ දේවල් අමතක කරයි කියලා.ඒත්....එයා මුල ඉදන්ම ඔයාගෙන් දකින්න උත්සාහ කරෙ එයාව...."

"අනේ ගගා...."

"ඒක එහෙම උණත් යීබෝ ඔයාට මුල ඉඳන්ම ආදරේ කරා බනී...ඒකයි එයා හැම වෙළේම ඔයා ළඟදී බය උණේ....එයා බයවුණා එයාගෙ අතීතේ නිසා ඔයාට අසාධාරණයක් වෙයි කියලා.අවුරුදු ගාණක් එයාගෙ හිතේ තිබුණු ආදරේට අසාධාරණයක් වෙයි කියලා....ඔයාව ඕන වෙන හැම වෙළේම එයා පැනලා ගියේ ඒකයි....ඔයා විතරක් නෙමෙ ඒ හැම වෙලාවකම එයත් ගොඩක් විදෙව්වා...."

"ගගා යීබෝ...."

"එයා ඔයාට ආදරෙයි බනී....ආදරේ තරමටම එයා බයයි ඔයා එයාට ආදරේ කරන තරම දැක්කාම.එයා හිතන් ඉන්නෙ හේතුවක් නැතුව ඔයාට එයාව ඒ තරම් ඉවසන්න බෑ කියලා.එයා හිතන්නෙ ඔයා පලිගන්න ඕන නිසා එයාට ලං වෙන්න හදනවා කියලා...."

"මට....මට හේතුවක් තිබුණා තමයි....ඒත් කවදාවත් මට පලිගන්න ඕන උණේ නෑ..."

"යීබෝ දන් ඒක දන්නවා බනී...."

"ඒත් ඇයි එහෙනම් එයා මන් යනකං බලන් ඉන්නෙ.මට යන්න එපා කියලා කියන්නේ නැත්තෙ."

"ඒ ඔයාට ආදරේ නිසා....එයා නිසා තවත් ඔයාට රිදෙනවා බලන්න බැරි නිසා.ඔයාට නැති උණ ජීවිතේ අයිමත් ඔයාට දෙන්න ඕන නිසා...."

"ගගා...එයාට මන් නැති උණත්,අපිට බැරිද එයාට එයා ආදරේ කරපු කෙනාව හොයලා දෙන්න...."

යීබෝ වෙනුවෙන් ,එයාට අහිමි උණ ජීවිතේ වෙනුවෙන් මගෙ හිතේ අලුත් බලාපොරොත්තුවක් ඇති උණා.මගෙ හිත හදාගන්න එක ගැන තාමත් විස්වාස නැති නිසා මන් අහුවා.

"ආහ්..."

"ගගා දන්නවාද ....ඒ කවුද කියලා....සමහර විට යීබොට අහම්බෙන් ආපු මන් ගැන අපහසුවක් දැනුණත් ,එයාගෙ හිතේ ජීවත් උණු ඒ කෙනා ළඟ පහසුවක් දැනේවි..."

"......ඔයාම යීබෝ එක්ක කතා කරොත් මොකද බනී.බල කරලා ඇහුවොත් යීබොට නොකියා ඉන්න බැරි වෙයි....එයාද ඔයාද කියලා තෝරාගන්න සමහරවිට ඒක එයාට උදව්වක් වෙයි...."

ගගත් එක්ක කතා කරාම යීබෝ ගැන පපුව පැළෙන්න තරම් වේදනාවක් දැනුණත් මට සැහැල්ලුවක් දැනුණා ,මට උවමනා උණා තව අවස්ථාවක් දෙන්න....එයාගෙ මගේ අපි දෙන්නගේම ආදරේ වෙනුවෙන්.ඉතිං මන් හිත හදාගත්තා....උදේට එයත් එක්ක හැමදේම කතා කරන්න.ලොකු කම් පැත්තකට දාලා වෙන දෙයක් වෙන්න ඉඩ ඇරලා යීබොට මගෙ හිතේ තිබුණු ආදරේ කියන්න..... එයාව දාලා ගිහිං ඉන්න බෑ කියලා කියන්න....,ඒ නැතත් එයා ආදරේ කරපු කෙනා හොයලා දෙන්නද අහන්න...
පැය ගාණක් මහන්සිවෙලා නිදන් ඉන්න එයා දිහා බලන් රෑ එළිවෙනකං වචන ගැලපෙව්වා.... ඒත් මට අවස්ථාවක් ඉතිරි නොකරම මගෙ ඇස් පිය උණු ටිකට ආයිමත් එයා අතුරු දහන් වෙලා තිබුණා.....ආයිමත් එයා මගෙ හීන බිදලා,එයාව අවශ්‍යම මොහොතේ හැමදාම වගේ මාව මඟ ඇරලා ගිහිං තිබුණා.....

නුඹ මා හැර දා ඇයිද ගියේ.....

මතුසම්බන්දයි.....
👩‍💻 dil

🥺🥺🥺🥺
බනී හැමදාමත් ආදරේ නිසා වේදනා විදපු බනී....එයාට කියන්න හුගාක් දේවල් තිබුණා....

යීබෝ එයා කොහෙ යන්න ඇතිද.....

හවස් වෙද්දී ඉවර කරමු නේද කතාව 😔😔

पढ़ना जारी रखें

आपको ये भी पसंदे आएँगी

985K 61K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
11.7K 1.6K 13
සම්මතයත් අසම්මතයත් අතර දෝලනය වන ඔවුන්ගේ ආදර කතාවයි මේ...... ❤️💚
32.9K 6.2K 51
සත්තයි , වසන්තය නැවත ඔබ සොයා එනවාමයි.
Doors open. ash द्वारा

फैनफिक्शन

483K 7.3K 82
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...