💚 සිත අතරමං වෙලා❤️ Complete...

By ChenQing4

47.2K 7.9K 2.6K

සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ..වැහි වළාකුළක් නෑ පෙනෙන තෙක්මානයේ..." ❤️🐰 බනී ට, තමන් දුටු මොහොතේ පටන්... More

⬇️ ආරම්භයට කලින්
⬇️ චරිත හැඳින්වීම
💚 Chapter 1 ❤️
💚 Chapter 2 ❤️
💚 Chapter 3 ❤️
💚 Chapter 4 ❤️
💚 Chapter 5 ❤️
💚 Chapter 6 ❤️
💚 Chapter 7 ❤️
💚 Chapter 8 ❤️
💚 Chapter 9 ❤️
💚 Chapter 10 ❤️
💚 Chapter 11 ❤️
💚 Chapter 12 ❤️
💚 Chapter 13❤️
💚 Chapter 14 ❤️
💚 Chapter 15 ❤️
💚 Chapter 16❤️
💚 Chapter 17 ❤️
💚 Chapter 18 ❤️
💚 Chapter 19 ❤️
💚 Chapter 20 ❤️
💚 Chapter 21 ❤️
💚 Chapter 22 ❤️
💚 Chapter 23 ❤️
💚 Chapter 24 ❤️
💚 Chapter 25 ❤️
💚 Chapter 26 ❤️
💚 Chapter 27 ❤️
💚 Chapter 28 ❤️
💚 Chapter 30 ❤️
💚 Chapter 31 ❤️
💚 Chapter 32 ❤️
💚 Chapter 32 ❤️
💚 Chapter 33 ❤️
💚 Chapter 34 ❤️
💚 Chapter 35 ❤️
💚 Chapter 36 ❤️
💚 Chapter 37 ❤️
💚 Chapter 38 ❤️ Special 💚❤️
💚 Chapter 39 ❤️ Special 💚❤️
💚 Chapter 40 ❤️ End
💚💚 Thank you for helping me ❤️❤️
💚❤️Cover❤️💚

💚 Chapter 29 ❤️

847 171 39
By ChenQing4

චෙන්ට බනී හමු උණ මුල් කාලෙ සිහිකරමින් බෝලයක් වගේ ගුලි උණ බනී කොට්ටෙකුත් බදන් අඩ අදුරු කාමරේ ඇඳ අයිනෙ නිදන් හිටියා....

චෙන්ගේ car එක පාරෙ තිබුණ වාහන එකින් එකට ඉස්සර කරමින් ඉදිරියට ඇදුණෙ වේගයෙන් වෙද්දී පැසෙන්ජර් සීට් එකේ හිටපු බනී දිහා විටින් විට බැලුවා....තොලුත් එක්ක සුදුමැලි වෙලා කිසිම ප්‍රාණවත් ගතියක් නොවුන බනී ගෙ හිස පැත්තකට කඩා වැටිලා තිබුණා.සීට් බෙල්ට් එක නොතිබෙන්න නොවැටි ඉන්න තරම්වත් ශක්තිමත් බවක් ඒ සිරුරෙ තිබුණෙ නැති උණත් දකුණතේ ඇගිලි අතර බනී හැමදාම ආදරෙන් බලාගත්තු යීබෝගේ අයිස් cap එක කිටි කිටියේ හිරවෙලා තිබුණා....

කලබලෙන්ම බනීවත් අරන් චෙන් රෝහලට ආවා වෙද්දී වෛද්‍ය වරු ප්‍රතිකාර පටන් ගත්තේ කඩිනමින්.හිතේ හයියට බනී ව උස්සන් හොස්පිට්ල් ගෙනාවට චෙන් හිටියෙ කරන්න ඕනා මොනවාද කියන්න ඕනෑ කාටද කියලාවත් හිතාගන්න බැරි තත්වෙක....ටිකින් ටික සිහි එළවා ගනිද්දී චෙන්ට මතක් උණේ යීබෝව....

'ඔව් මොනා උණත් ඒ බනී ගෙ හස්බන්ඩ්...'

යීබෝගේ no එකක් තමන් ළඟ නැති වෙද්දී internet search කරලා වැන්ග් group එකේ no එක හොයාගත්තත්
යීබෝව කන්ටැක් කරගන්න එක කරගන්න බැරි වෙද්දී චෙන් අකමැත්තෙන් උණත් වැන්ග් ට පණිවිඩේ දැනුම් දුන්නා....එකපිට එක ආපු කරදර නිසා තෙහෙට්ටුවක් දැනෙද්දී සුසුමක් හෙළපු චෙන් කල්පනාවට වැටුණා.
.
.
.
කර්ට්න් වලින් ආවරණය උණු බල්බ් එකක්වත් පත්තු නොවුන කාමරේ තිබුණෙ අදුරක් වෙද්දී අමාරුවෙන් ස්විච් එක හොයන් චෙන් බල්බ් එක දැල්වූවා....බනී ඉන්න විදිහෙන්ම චෙන්ට මහා ලොකු අමුත්තක් දැනෙද්දී බනී ළඟට ගිහිං උරහිසින් හොල්ලලා කතා කරා.

කොයිතරම් කතාකරත් ප්‍රතිචාරයක් නැති තැන බනීවත් උස්සන් එළියට බැස්සා හැටි මතක් වෙද්දී චෙන්ගේ ඔලුව තව තව අවුල් උණා.
.
.
.
චෙන් ට මතක් උණේ බනී ව දැකපු මුල්ම දවස්.තමන්ට සෙල්ලම් කරන්න මල්ලි කෙනෙක් ගේනවා කියලා පපා කිව්වම තමන් යැන්ලි අක්කාත් එක්ක උඩ පැන පැන සතුටු උණ හැටි චෙන්ට මතක් උණා.බනී ව බලන්න මුලින්ම රෝහලට යද්දී චෙන් ගෙ ඔළුවේ හිටියෙ පුංචි රෝස පාට ඇගිලි උරණ මල්ලි බබෙක් වෙද්දී බනී ව දැකපු චෙන්ගේ බලාපොරොත්තු කඩන් වැටුණා.

"ඒව් එයා ලොකුනේ...."

"ලොකු නෑ චෙන්....ඔයා තරම් ම ඇති..."

යැන්ලි කිව්වේ චෙන්ගේ ඔළුව අත ගාණ ගමන් වෙද්දී පපා මේ දිහා බලන් හිටියෙ හිනා වෙවී.

"ඒත් ඇයි...ඇයි එයා එහෙම ඉන්නෙ....බෝලයක් වෙන්න ගුලිවෙලානේ.රිදෙන් නැද්ද ඔහොම ඉද්දී..."

"එයා...අසනීපෙන් ඉන්නෙ පුතේ...."

"අසනීප උණාම ඔහොම ඉන්නවාද...මේ රස්නෙත් එක්ක හොඳටම..."

"එයා බයවෙලා පුතේ...බය නැති වෙනකොට හරි යාවි..."

"බය උණේ මොකටද ....එයාගෙ මමාටයි පපාටයි එයා බය වෙන්නේ නැතුව බලාගන්න තිබුණානේ...."

පපා ඇස් දෙකට උණන කදුළු පිහදා ගන්න හැටි යැන්ලි දැක්කත් බනී දිහාම ඇස් තියන් හිටපු චෙන්ට ඒකේ ගාණක් තිබුණෙ නෑ...

"එකනේ... එයාලට බැරි වෙලානේ....ඔයාලට පුළුවන් නේද එයාව බලාගන්න...."

"අපිද..."

"ඔව්..."

"ඉතිං එතකොට ඔහොම නිදාගන්න එකක් නෑ ද..."

"ඔයාලට පුළුවන් උණොත්.... එයාගෙ බය නැති කරන්න....එයා ඔහොම නිදියන එකක් නෑ...."

එදා ඉදන් යැන්ලිගේ වගේම චෙන්ගේ ලොකුම රාජකාරිය උණේ බනීව බලාගන්න එක වගේම බය නැති කරන එක.බනී හැමදාම ඒ ඉරියව්වෙන් ඇදෙ ගුලිවෙලා නිදියද්දී චෙන් යැන්ලි දෙන්නා පුංචි කමට දෙපැත්තට වෙලා තනි රැක්කා. රෑ මැදට බයවෙලා දඟලන බනී ව නළවන්න බලන් යැන්ලි හැමදාම අඩ නින්දේ හිටියෙ පණ්ඩිත කම් කියෙව්වත් චෙන් ට ඉක්මනින් නින්ද යන නිසා.

කාලයක් යනකොට මේ පුංචි උන් දෙන්නගේ ආදරෙ නිසාම පපාගේ රැකවරණේ නිසාම බනී ඉක්මනින් සනීප උණා.ඇදෙන් පුංචි පංගුවක නිදියපු බනී, එක ඇදෙ නිදියපු චෙන්ටත් ඉඩ මදිවෙන තරමට අත පය විහිදුවන් නිදියන්න පුරුදු උණේ චෙන්ගෙන් පයින් පාරවලුත් කන ගමන්....

"ගුලි වෙලාම ඉන්න දෙන්නයි තිබුණෙ අයියෝ...."

මහ රෑ මැද ඇහෙන සද්දෙ අනිවාර්ය දෙයක් වෙද්දී චෙන් යැන්ලි බනී එක පවුලක් වගේ උස්මහත් උණා.accident එකෙන් පස්සෙ වෘකයන්ට බයේ ආසනේ තුල තව තවත් ගුලි උණු බනී පැය ගාණකට පස්සෙ හොයා ගද්දීත් සිහි නැතුව ඒ ඉරියව්වෙන් ම හිටපු බවත්, ඇති වෙලා තිබුණු පීඩනෙන් වගේම මානසික බලපෑමෙන් බනී ව මුදවා ගන්න අපහසු තරමටම, ඒ ඉරියව්වෙන් මුදවා ගන්න එකත් හුගාක් අමාරු උණ බව චෙන් යැන්ලි දන ගත්තෙ සෑහෙන වයසකට ආවට පස්සෙයි.

කාලෙත් එක්ක බනී සුව උණත් ඉද හිට යූ මමාගේ කේන්තියට හෝ වෙන කෙනෙකුගෙන් කරදරෙකට මූණ දෙන්න උණාම ඒ වෙලාවේ හිනා වෙලා මොකුත් නොවන ගාණට හිටියත් එදාට නිදාගන්න ගියාම ඒ ඉරියව්ව ආයිමත් මතු වෙන බව චෙන් කල්පනා කරේ හදවතට ලොකු දුකක් දැනෙද්දී....

මේ කිසිවක් නොදැන හිටපු යීබෝ හැමවෙළේම හිතුවෙ බනී ඒ විදිහට නිදාගන්නෙ, අතපයක්වත් තමන්ගෙ ඇගේ නොවැ දී ඉන්න උවමනා උණු නිසා කියලයි...

'පපා... පපාගේ අසනීපෙ....යූ මමත් කෑ ගහන්න ඇති....ඒ අස්සෙ මමත් කෑ ගැහුවා....ගොඩක් දුකින් ඉන්න ඇති....එත යීබෝ.... මේ තරම් දෙයක් වෙනකං මොනා කරාද....
කිව්වා නෙ හැමදේම හරි කියලා....."
.
.
.
බනී කතා කරෙ මුළු ලෝකයක් ලබාගත්තා වගේ සතුටින්....

"අඩෝ චෙන්....යීබෝ මට ආදරෙයි කිව්වා බන්...."

"උඹ හීනයක්වත් දැක්කද..."

"නෑ බන්....ඊයෙ රෑ...හි...හී....ඔක්කොම උණා....යීබෝ කිව්වා මන් දැකපු මුල්ම දවසෙ ඉදන් ආදරේ කරා කියලා..."

"මොන මුල් දවසක්ද බන්...එදා උඹට ගහපු දවසද..... 😂 ආදරේ වැඩි වෙලාද ගැහුවේ එතකොට...."

"පලයං බන් යන්න....ඊයේ නම් ගැහුවේ ආදරේ වැඩි වෙලා මන් හිතන්නෙ 😂😂"

"ඇත්තමද කියපන්කෝ බන්....මට සතුටු වෙන්නවත්...."

"ඇත්ත යකෝ....මේ මගේ පු..තාම රිදෙනවා..."

"අමාරුද උඹට..."

"නෑ බන් මන් හොදින්..."

"හොදින්ම හිටපන් අරූගෙන් හම්බවෙයි අවුස්ස ගත්තානම් දන්..."

"යීබෝ මට අමුතුවෙන් මොනා කරන්නද බන්...."

"උඹට දුක නැද්ද ඉතිං....ඒ වෙලාව, නිසා ආදරේ කිවද දන් නෑනෙ..."

"නෑ මට දුකක් නෑ....කොහොමත් ඒ දවස එනකන්නෙ බලන් හිටියෙ.."

"උඹට ගොඩක් රිදෙනවාද බන්"

"ඔව්.... රිදෙනවා තමා...මගේ වාරේ එනකම් හිටපන්කෝ....මන් එයාට රිද්දන්නෙ මීට වඩා දහ ගුණේකින්...."

"ඇයි උඹ ගහන්නද කල්පනාව...දෙයි දෙයි බලන් හිටපන්..."

"හහ හ් හා..හරි හරි උඹ බය නැතුන් හිටපන්...මන් හැමදේම බලාගන්නම්... මන් මගේ වාඩුව ගන්න හැටි උඹ බලන් හිටපන්කෝ.."

"ගනී ගනී ඌ උඹෙන් වාඩු ගනී..."

"අඩෝ මේ බනී හරි...මට රිද්දපු හැම තප්පරයක් වෙනුවෙන්ම යීබෝ වන්දි ගෙවන හැටි උඹ බලපන්කෝ...."

"ඉතිං ඌ දන්නවාද උඹ කැමැත්තෙන් හිටියා කියලා.."

"මන් කාටහරි ආදරේද අහනවා....මන් කිව්වා ඔව් කියලා....හ හා"

"ඇයි යකෝ උඹ කිව්වේ නැද්ද...උඹ කලින් ඉදන්ම ඌ ව දන්නවා කියලා..."

"නෑ බන් එයා දන්නෙ නෑ....මේ කිසි දෙයක් එයා දන්නෙ නෑ..."

"ඇයි යකෝ දැන්වත් කියපන්කෝ....ෂොක් වෙන්නත් එක්ක.."

"මාව මේ තරම් බලන් ඉන්න සැලැස්සුවාට,ඊට වඩා පාඩමක් උගන්නනවා ඔය වැන්ග් යීබොට මම..."

"උගන්නයි උගන්නයි උඹම.."

"බලු කුක්කෙක් වගේ පස්සෙන් ගෙන්නන්නේ... බලපන්කෝ මට බැරිද කියලා..."

"හොටු පෙරාගෙන love කරන්න නම් පුළුවන්...."

"බනී ආදරේ කරන්න වගේම පලිගන්න ඊටත් වඩා දක්ෂයි බන්..."

හිතේ දාහක් ප්‍රශ්ණ තියෙද්දීම චෙන්ට හිනාවක් ගියේ බනී ගෙ කියවිල්ල මතක් වෙද්දී.office වැඩ වල පහසුවට ඔටෝ රෙකෝඩින් දාලා තිබුණු phone එකේ තිබුණ රෙකොඩ් එක චෙන් යැන්ලියි චිනුයි එක්ක කීප සැරයක්ම අහලා තිබුණා වෙද්දි ආයි එකතු උණ දවසක බනී ව බයිට් කරන්න හිතන් save කරපු රෙකොඩ් එක තාමත් චෙන් ගාව තිබුණා....

චෙන් කල්පනාවෙන් මිදුණේ කලබලෙන් එතන්ට ආපු වැන්ග් නිසා.කතා කරන්න තබා මූණ බලන්නවත් හිතක් තිබුණෙ නැති උණත් චෙන්ට මේ වෙලාවේ මඟ ඇරලා ඉන්න බැරි උණා....

"බනී...බනී ට මොකද පුතා...."

වැන්ග් කතාකරේ පලවෙනි පාරට දැක්කත් ,

හුරු පුරුදු කමක් දැනුන පෙනුමක් තිබුණු තරුණයා දිහා බලන්...

"තාම දන්නෙ නෑ....doctor ලා තාම බලනවා..."

චෙන් කිව්වේ වැන්ග් දිහාට බැල්මක් වත් නොහෙළා අහක බලාගෙනම.

"යීබෝ කොහේද...."

චෙන් අහන්න ලෑස්ති උණ ප්‍රස්නෙ වැන්ග් චෙන්ගෙන් ඇහුවේ චෙන් පුදුම වෙද්දී.

"මමද දන්නෙ..."

'මහ ලොකු ආදරවන්තයා...මේ තරම් දෙයක් වෙනකං පොල් ගෑවද...'

චෙන් හිතුවෙ නොරිස්සුමින්.

"යීබෝ....යීබෝ මන් හිතුවෙ බනී එක්ක ගෙදර කියලා...."

චෙන් කටත් ඇරන් වැන්ග් දිහාට හැරුණේ ලොකු කමත් අමතක වෙද්දී....

වැන්ග් මේ වෙනකං හිතන් හිටියෙ යීබෝ බනී එක්ක ගෙදර ඉන්න ඇති කියලා.කොයිතරම් කොල් ගත්තත් phone එක off වෙද්දී යීබෝ තමන්ට කතා නොකරන්නේ ෆෙමින්ග් එක්ක තිබුණ ප්‍රස්නෙ නිසා බව වැන්ග් දැනගෙන හිටියා.බනී ගෙ phone එකත් off වෙද්දී හිත යටින් සතුටු වෙන ගමන් යීබොට office එන්න කියන්න කෝල් ගන්න එක නතර කරේ තමන්ගෙ මිතුරෙකු උණ family doctor කතා කරලා කියපු දේවල් මතක් වෙද්දියි.

"යීබෝ අර ළමයාට හුගාක් අමාරු කරලා බන්....පුතණ්ඩියා ඉන්න විදිහට හිතන්නත් බෑ.... ඔක්කොම කර තියලා වැඩට ගිහිං.pain killer එකක්වත් දිලා නෑ.... ඒ දරුවට නැගිටගන්න බැරිව දවසම කාලා නෑ.... යීබෝ රෑ වෙලා එද්දී හොදටම උණ ගැනිලා. නොකා හිටපු නිසා paint වෙලා.යීබෝ මට කතාකරේ මහ රෑ මැද. මන් බෙහෙත් දීලා ආවා.යීබෝ ගොඩක් අවුලෙන් හිටියෙ.මන් ඉස්සරහම ඇඬුවත් එක්ක.මං හොදින් තේරුම් කරා.මොන වැඩ තිබුණත් ලගින් ඉන්න ඕනා වෙලා වල් තියෙනවා කියලා.ආයි අතක්වත් තියන්න බයවෙයිද දන්නෙ නෑ.අත තිව්වත් පස්සෙ ළඟින්වත් හෙළවෙන එකක් නෑ මූණ හදන් හිටපු හැටියට...."

වැන්ග් හිතුවේම යීබෝ බනී එක්ක ඇති කියලා වෙද්දී බනී අදත් රෝහල් ගත කරේ එදා වගේම paint උණ නිසා කියලා හිතුවා.යීබෝගෙන් කෙලින්ම නාව පණිවිඩේ office එකට නොදන්න කෙනෙකුගෙන් ලැබුණ ඇමතුමක් නිසා ලැබුණා වෙද්දී ඇති උණ කලබලේ නිසාම තමන්ම ඇවිත් බලන්න තිරණේ කරා.

"යීබෝ....කොහේද මේ මනුස්සයා...."

යීබෝගේ phone එකට ආයි ආයීමත් කොල් ගත්තත් ansver නොකරපු නිසා වැන්ග් හිටියෙ කේන්තියෙන්.

ඒ අතර එළියට ආපු doctor කියපු දෙයින් වැන්ග්ට වගේම චෙන්ටත් උන් හිටි තැන් අමතක උණා....

"එයාගෙ තත්වේ ගොඩක් බරපතලයි....

" doctor...."

"suicide කරගන්න හදලා වගේ....sleeping tablet ගොඩක් අරන්...."

"ආහ්..."

"එයාට කලින් ඉදන්ම depression තිබුණද..."

වැන්ග් වගේම චෙන් මූණෙන් මූණ බලාගත්තේ බයවෙලා.

"දැන් දැන් සතුටුද තාත්තලාට පුතාලට....අර පාඩුවේ හිටපු අහිංසකයාව උස්සන් ගිහිං ඌව විනාස කරලම දැම්මා.... අපි මලක් වගේ බලාගත්තෙ දෙවියනේ...."

සිහි එළවා ගත්තු හැටියේ චෙන් කෑ ගැහුවා.අනිත් අතට තමන් ගැනම කෙන්ති ගත්තා.

'ප්‍රස්න...ප්‍රස්න ගොඩක ඉන්න ඇත්තේ දෙයියනේ අසරණයා ....ඒ අස්සෙ මාත් කෑ ගැහුවා.කොයිතරම් දුක හිතෙන්න ඇද්ද.දෙයියනේ මොනවා හරි උනොත්...."

චෙන් කෑගැහුවත් වැන්ග් ඒ කිසිම දෙයක් ඇහුණේ නෑ වගේ phone එක ඔබන්න ගත්තා.දන්න හැම ක්‍රමයක් ම දාලා යීබෝ ඉන්න තැනක් හොයාගන්න හැදුවා. යීබෝගේ phone එක off වෙලම තිබුණා.
.
.
.
යීබෝ පහුගිය දවස් වල වගේම පාරට වෙලා ඉදලා රෑ වෙද්දී ගෙදර ගියා.ඝන අන්ධකාරේ තිබුණ gate එකෙන් ඇතුලට car එක දානකොට car එකේ ලයිට් එළියෙන් යීබෝ දැක්කේ විවර වෙලා තියෙන නිවසේ දොර වෙද්දී යීබෝ කලබල උණා.

යීබෝ කලබලෙන් පියගැට පෙළ නැග්ගෙ බනීව හොයන් උණත්,තාමත් බනී ගෙ සුවද රැදුණු කාමරේ බනීව හොයාගන්න බැරි උණේ යීබෝව තව තවත් කලබල කරමින්.දොරත් අරිලා තිබුණු හැටි මතක් වෙද්දී බයේ ගැහෙමින් phone එක on කරේ බනී ට කෝල් එකක් ගන්න වෙද්දී phone එක on වෙනකොටම ආව වැන්ග් ගෙ කෝල් එක answer කරේ නොරිස්සුමින්....

"කොහේද මිනිහො ඉන්නෙ...."

"පපා..."

නොරිස්සුමෙන් හිටියත් ඒ කට හඬේ තිබුණ කේන්තියට යීබෝ ගැස්සුණා....

"මේ දරුවා මැරෙන්න දාලා උඹ මොන ලෝකේද ඉන්නෙ...."

"පපා බනී..."

"බනී තමා යකෝ....ඉක්මන්ට හොස්පිට්ල් එකට වරෙන්...."

යීබෝ ගෙයින් එළියට බැස්සේ අසිහියෙන් වගේ.....

මතුසම්බන්ධයි....
👩‍💻 dil

💔💔💔💔
දැනෙන දේ comment කරම් යන්න වස්තුලා....

Continue Reading

You'll Also Like

827 137 7
සිහිනයක තනි වූ තුහිනයක සේයාව... උබ මට මගේ දරුවෙක් වගේ... මම තමුන්ගෙ දරුවෙක් නෙමේ පැහැසර..
493K 7.5K 83
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
354K 12.9K 60
𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire is the first female f1 driver in 𝗗𝗘𝗖𝗔𝗗𝗘𝗦 OR 𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire and charle...
994K 61.5K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...