💚 සිත අතරමං වෙලා❤️ Complete...

By ChenQing4

46.5K 7.9K 2.6K

සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ..වැහි වළාකුළක් නෑ පෙනෙන තෙක්මානයේ..." ❤️🐰 බනී ට, තමන් දුටු මොහොතේ පටන්... More

⬇️ ආරම්භයට කලින්
⬇️ චරිත හැඳින්වීම
💚 Chapter 1 ❤️
💚 Chapter 2 ❤️
💚 Chapter 3 ❤️
💚 Chapter 4 ❤️
💚 Chapter 5 ❤️
💚 Chapter 6 ❤️
💚 Chapter 7 ❤️
💚 Chapter 8 ❤️
💚 Chapter 9 ❤️
💚 Chapter 10 ❤️
💚 Chapter 11 ❤️
💚 Chapter 12 ❤️
💚 Chapter 13❤️
💚 Chapter 14 ❤️
💚 Chapter 15 ❤️
💚 Chapter 16❤️
💚 Chapter 17 ❤️
💚 Chapter 18 ❤️
💚 Chapter 19 ❤️
💚 Chapter 20 ❤️
💚 Chapter 21 ❤️
💚 Chapter 22 ❤️
💚 Chapter 24 ❤️
💚 Chapter 25 ❤️
💚 Chapter 26 ❤️
💚 Chapter 27 ❤️
💚 Chapter 28 ❤️
💚 Chapter 29 ❤️
💚 Chapter 30 ❤️
💚 Chapter 31 ❤️
💚 Chapter 32 ❤️
💚 Chapter 32 ❤️
💚 Chapter 33 ❤️
💚 Chapter 34 ❤️
💚 Chapter 35 ❤️
💚 Chapter 36 ❤️
💚 Chapter 37 ❤️
💚 Chapter 38 ❤️ Special 💚❤️
💚 Chapter 39 ❤️ Special 💚❤️
💚 Chapter 40 ❤️ End
💚💚 Thank you for helping me ❤️❤️
💚❤️Cover❤️💚

💚 Chapter 23 ❤️

887 169 52
By ChenQing4

යීබෝගේ ඇස් වලින් වැටුණු කදුළු කැට බනීගේ දෙපා මුල දියවෙලා ගියා....

office යන්න ප්‍රමාද වෙලා තිබුණත් යීබෝ ගිහින් බනී ටත් එක්ක උදෙ කෑම හැදුවා.බනීව දාලා යන්න හිතක් නොතිබුණත් යොදාගත්තු විශේස වැඩ තිබුණු නිසා හදිසියේ මඟ අරින්න බැරි උණා.අනිත් අතට හදිසියේ සිද්ධ උණු හැමදේම නිසා තනියම ටිකක් කල්පනා කරන්නත් යීබොට උවමනා උණා.

ප්ලාස්ක් එකකට කිරි එකකුත් හදාගත්තු යීබෝ පඩිපෙළ නැන්ඟා.යීබෝ ලෑස්ති වෙලා ඉවරවෙනකණුත් බනී තද නින්දේ හිටියා.ඇහැරවන්න හිතුණත් බනී ගෙ ඔලුව අතගාන ගමන් ටිකක් කල්පනා කරා.කොලෙකුයි පෑනකුයි අරන් ලියන්න ගත්තා....

"බනී මගේ මැණික පරිස්සමින් ඉන්න.යොදා ගත්තු විශේස meeting එකක් තියෙන නිසා මට යන්න වෙනවා.ඉවර වෙනකං phone answer කරන්න බැරි වෙයි.ඉවර උණු ගමන් ඔයා ළඟට එන්නම්.කෑම හදලා තියෙන්නේ.පහලට ගිහිං රත් කරගෙන උණුවෙන් කන්න.ප්ලාස්ක් එකෙ කිරි එක බීලා ඉන්න.
අද නම් හිතකින් නෙමෙ දාලා යන්නෙ.බය වෙන්න එපා ඔයාගෙ යීබෝ ආයි වෙනස් වෙන්නේ නෑ.....මාව විස්වාස කරන්න...."

බනීගේ හිස සිපගත්තු යීබෝ ප්ලාස්ක් එක යටින් බනීට පෙන්න note එකත් තියලා නිවසින් පිටවුණා....

රෑ තිස්සක් මහන්සිවෙලා තෙහෙට්ටුවත් එක්ක පාන්දර නින්ද ගිය බනී ඇහැරෙනකොට දවල් වෙලා තිබුණා.හීනෙන් වගේ හැමදේම මතක් වෙද්දී මූනෙ ඇදුණු හිනාවත් එක්ක ඇස් කරකව කරකව යීබෝ හොයන ගමන් නැගිටින්න හැදුවා.

"ආ......"

"අනේ යීබෝ.....බෝ අනේ එන්නකෝ.....යීබෝ........"

යීබෝ නිවසේ ඇති කියලා හිතපු බනී කෑගැහුවේ නැගිටින්න හදනකොටම යටි බඩෙන් වගේම කොන්දෙන් දැනුණ ඉවසගන්න බැරි වේදනාව නිසා....යීබෝගේ නම කියන ගමන් බනී කීපසරයක්ම කතා කරා.බලපොරොත්තු බිදිලා යද්දී හිත ටිකක් රිදුණත් ආයි කල්පනා කරා.අමාරුවෙන් phone එක අරන් වෙලාව බැලුවා.ගොඩක් දවල් වෙලා තිබුණා.

"ෂිට්.... මන් ඕනවටත් වඩා වෙලා නිදාගෙන.මඟ අරින්න බැරි වැඩක් තියෙන්න ඇති...."

දැනුණ තෙහෙට්ටුවත් එක්ක බනී ආයිමත් හාන්සි උණා.යන්තම් ඇස් උස්සලා බලද්දී ඇග පුරා තිබුණු ලේ පිරුණු පැල්ලම් දකිද්දී ඒ පහස මතක් වෙලා බනී හිරි වැටිලා ගියා.ඇගට කොයි තරම් අමාරු උණත් කලින් දවසෙ හැමදේම මතක් වෙද්දී බනීගේ හිතට ලොකු සැනසීමක් දැනුණා.....

"අන්තිමේ හැමදේම හරි....යීබො....මගේ යීබො....ඔයා දැන් මගේ විතරයි....."

අත දිගු කරලා යීබෝගේ කොට්ටේ අතට අරගත්තු බනී යීබෝගේ සුවඳට ඉවකරන ගමන් ගෙ දෙදරන්න කෑ ගැහුවා....

ටිකක් වෙලා හීන ලෝකේම අතරමං වෙලා හිටියා.

'දන් නම් ගොඩක් බඩගිනි....wash room යන්න ඕනා....'

බනී නැගිටින්න උත්සාහ කරත් දැනෙන වේදනාව ඉවසන්න බැරි තරම් උණා.අමාරුවෙන් වාඩි උණ බනී ළඟ තිබුණු ප්ලාස්ක් එක දැක්කා.අම්මාරුවෙන් අත දිගු කරලා ප්ලාස්ක් එක ගද්දී යටින් ලියලා තිබුණු note එක පාවෙලා ගිහිං බිම වැටෙනවා බනී දැක්කේ නෑ.කිරි වලින් පිරුනු ප්ලාස්ක් එක දැක්කම බනී ට ලොකු සතුටක් දැනුණා.

අමාරුවෙන් කොට්ටෙ ඇඳ වියලට තියලා හේත්තුවෙලා කිරි එක ටිකින් ටික ඔක්කොම බිව්වේ යීබෝ තාමත් හිත ඇතුලේ හොල්මන් කරද්දි....

හිස් බඩටම කිරි එක බීලා ටිකක් වෙලා යද්දී බනීට wash room යන අවස්‍යතාව තදින්ම දැනෙද්දී දත කාගෙන වේදනාව ඉවසන් නැගිටින්න හැදුවා.නැගිටිණ කොටයි බනී දැක්කේ තමන් තාමත් නිරුවතින් බව.

'ඕනා දෙයක්'

වේදනාව වැඩි කමට ඇස් වලින් කදුළු වැටෙද්දී වේදනාව දරාගෙන බනී නිරුවතින්ම wash room එකට ගියත් ගිය වැඩෙ කරගන්න බැරිව තව වේදනා වින්දා.දරන්න පුළුවන් සීමාවටත් වඩා තමන්ගෙ උවමනාව නිසාම තමන් යීබොට ඉඩ දිලා බලන් හිටපු එකට තමන්ටම ශාප කරන ගමන් තොල හපාගෙන ඇඬුවා.අමාරුවෙන් අවශ්‍යතාව ඉටු කරගෙන නැගිටපු බනී දැක්ක දෙයින් ඇගම සීතල වෙලා ගියා.කොමඩ් එකම රතු පාට වෙලා තිබුණා.

'ෂිට්...පලවෙනි පාරම ඒ තරම් දුර නොයා ඉන්නයි තිබුණෙ මට...'

යීබෝගේ සුවද මැකිලා යන එක දුකක් උණත් ඇගේ අමාරුව යන්නත් එක්ක අමාරුවෙන් උණත් හෙමිහිට නාගත්තා.කණ්ණාඩියෙන් පෙන රතු ලප එකින් එක අතගෑවා...

'අම්මෝ රිදෙන තරමක්....ඉවසිල්ලක් නම් ගෑවෙලාවත් නෑ ඒ වෙලාවට.කලින් හැමවෙලෙම කොයි විදිහෙන් ඉවසන් මඟ ඇරලා ගියාද මන්දා.....'

බනී කල්පනා කරෙ හිනාවෙන ගමන්....
නාලා ඉවරවෙනකොට බනීට සැහැල්ලුවක් දැනුණත් එහෙට මෙහෙට ඇවිදපු නිසාදෝ යටි බඩින් දැනුන වේදනාව තවත් වැඩි වෙලා තිබුණා.කාමරේට ගිහිං කලිසමක් හොයන් ඇදගන්න හැදුවත් දැනුණ වේදනාවට කලිසම අත ඇරිලා ගියෙ තවත් උත්සාහ කරන්නවත් ශක්තියක් නැති වෙද්දී.ඇඳන් හිටපු ටවල් එක පිටින්ම බඩ අල්ල ගත්තු බනී සීතල ටයිල් පොලවේම ඉන්ද වෙද්දී මේ තරම් වෙලා දරන් හිටපු හිත ටික ටික බිදිලා යද්දී බනීට තනිකමක් දැනෙන්න උණා.යීබෝ නැති අඩුව දැනෙන්න උණා.

අමාරුවෙන් phone එක අතට අරන් යීබොට කතා කරා.විටින් විට ආයි ආයිම ගත්තත් යීබෝ phone එක answer නොකරද්දී ආයිමත් බනී ගෙ හිත දෙගිඩියාවෙන් පිරුණා.....හිත නිදහස් කරගන්න හිතේ තියෙන හැමදේම කාට හරි කියන්න ඇත්නම් කියලා හිතෙද්දී යැන්ලි අක්කට වගේම චෙන් ට කොල් ගත්තා....

මේ අතර වැඩට ගියත් යීබෝගේ හිත තිබුණෙම බනී ළඟ වෙද්දී meeting එක ඉවර වෙද්දීම office ඇවිල්ලා පැය දෙක තුනක්වත් යන්න කලින් ආපහු එන්න එළියට බැස්සා. meeting එක ඉවරවෙලා phone එක අතට ගත්තු වෙළේ ඉදන් බනී ට කොල් ගත්තත් phone එක බිසී වෙලා තිබුණා.
බනීව බලන්න යන්න ඉවසිල්ලක් නැති උණත් හිතට මොකක්දෝ නොසන්සුන් කමක් දැනෙද්දී පාර අයිනෙන් car එක නතර කරලා කුවාන්ට කතා කරා.

"හලෝ... යීබෝ....

" ගගා...."

"මොකුත් ප්‍රස්නයක්ද යීබෝ....බනී හොදින්ද"

කුවාන් ඇහුවේ විශේසම දෙකදී අරුණම යීබෝ තමන් කතා කරොත් ඇරෙන්න තමන්ට කතා නොකරන බව දන්න නිසයි.

"අපි...අපි හොදින් ගගා....ඒ උණාට....."

"ඇයි බෝ ඔයා ආයිමත් එයාව මඟ ඇරියද....ආයිමත් එයාට රිද්දෙව්වද...."

මැරි කරපු දවසෙ ඉදන් බනීව අඩවලා ඇවිත් දුක කිය කිය අඬා වැටෙන
යීබෝගේ වැඩ ගැන සහසුද්දෙන්ම දන්න නිසා කුවාන් ඇහුවා.

..........

"නෑ ගගා ඒ ත්....මන් එයාට කිව්වා.මන්...එයාට ආදරෙයි කියලා....."

"යීබෝ ඔය ඇත්තමද යීබෝ.....දෙයියනේ මට....මට ගොඩක් සතුටුයි යීබෝ....."

තමන්ගෙ හිතුවක්කාර මල්ලි ගැන ඇත්තටම සතුටු වෙන ගමන් කුවාන් කෑ ගැහුවා....යීබෝ මේ තරම් ඉක්මන්ට බනීව පිළිගනී කියලා කුවාන් හීනෙන්වත් හිතුවෙ නෑ.යීබෝ ගෙ අගක් මුලක් නැති ආදර කතාව දැනන් හිටපු කුවාන් හැමදාමත් හිතුවෙ යීබෝ මැරි කරත් එතනින් එහාට අඩියක්වත් තියන්නේ නැති වෙයි කියලාමයි.ඒ ත් ඒ හැඟීම බනී දැක්කම වෙනස් වෙද්දී ඉක්මනටම නැතත් පහු වෙලා හරි බනී යීබෝව වෙනස් කරයි කියලා කුවාන් විස්වාස කරා....

"ඒත් ගගා...."

"ඇයි...ඇයි ඒත් කියන්නේ....බනී අකමැති කිව්වාද....නෑ ඒක වෙන්න බෑ. මන් ඔයාට කියද්දි ඔයා පිළි නොගත්තට පලවෙනි දවසේම බනී ගෙ ඇස් වල ඔයාට තිබුණු ආදරේ මන් දැක් කා..."

"නෑ...එයා...එයා කැමතියි.... නෑ මන් දන්නෙ නෑ....එයා කැමති ද කියන්න....ඇත්තටම.... එත එයා...එයා එහෙම කිව්වා.එයා...එයා එයාගෙ හැමදේම මට දුන්නා....ඊයෙ ඊයේ එයා මගේම උණා....ඒ...ත්..මට මොකක්දෝ බයක් දැනෙනවා...."

යීබෝගෙ කට හඩ බිදෙනවා කුවාන්ට දැනුණා

"ඔයා ....ඔයා තාමත් අර ළමයා ගැන හිතනවාද යීබෝ....ඒ නිසාද ආයිමත් මේ හැමදේම...."
......
.....
......
"යීබෝ...." සද්දයක් නැති තැන කුවාන් කලබල උණා....

"ගගා....ගගා ඒ බනී ගගා...."

"ආහ්...."

"ඔව්.... ඒ.... පිරිමි... ළමයා....බනී"

"ඕක නවත්ත ගන්න යීබෝ...ඔයා බනී ගෙන් එයාව දකින්න හදන එක බනීට ලොකු අසාධාරණයක් යීබෝ...."
..........
කුවාන් කෑ ගැහුවේ යීබෝ ගැන කෙන්ති යකු ත් ඇති වෙද්දී.යීබෝගෙන් සද්දයක් නැතිකොට කුවාන් දිගටම කතා කරා.

"එක වගේ birth mark තිබුණ පලියට ඒ කෙනා එකම කෙනා වෙන්න බෑ යීබෝ....ඔය birth mark එක නිසා ඔයා මුල ඉදන්ම බනීට ලොකු ආසාධාරණයක් කරා.දැන්වත් ඕක නවත්වන්න.අදුරන්නෙවත් නැති කෙනෙක් නිසා දැන්වත් බනී ට දුක් දෙන එක නවත්වන්න...."

යීබෝ සද්ද නැතුව හිටියෙ තමන්වම විස්වාස නැතු ව නෙමෙ.කුවාන් කියන අනිත් හැමදේම ඇත්ත කියලා මතක් වෙනකොට යීබොට බනී ගැන ලොකු දුකක් දැනුණා.....

"නෑ...නෑ ගගා....මට විස්වාසයි....ඒ මගේ බනීම කියලා මට විස්වාසයි....
.......
" බනී ගෙ කකුල....බනී ගෙ කකුලේ ගගා ඒ තුවාල කැළල ඒ දත් පාර එහෙමම තියෙනවා ගගා....ඒ ඇස් ඒ කදුළු පිරුණු ඇස් එවා මාව පිස්සු වට්ටනවා ගගා...."

යීබෝ කියන දේවල් විස්වාස කරනවාදෝ නැද්දෝ කියලා කුවාන්ට හිතාගන්න බැරි උණා..

"ඔයා බනී එක්ක මේ ගැන කතා කරාද යීබෝ....එයාට ඔයාව මතකයිද"

"නෑ... මට කතාකරන්න බයයි ගගා....ඒ එයා නිසා මට තවත් බයයි...."

යීබෝ ඉකිගහනවා ඇහෙද්දී කුවාන් කලබල උණා.

"යීබෝ ...මල්ලි ඔයා අඩනවාද....ඒ තරම් බයවෙන්න මොනාද තියෙන්නේ...."

"එයා එයා කිව්වා....එයා වෙන කෙනෙක් ට ආදරේ කරා කියලා... තාමත් ආදරෙයි කිව්වා.ඒ ත් එහෙම වෙලත් එයා ඕනාවටත් වඩා මට ළංවෙන්න හදනවා ගගා...."

"ඔයාට විස්වාසද එයා ඇත්ත කිව්වේ කියලා...."

"මන් මන් ඇස් දෙකෙන්ම දැක්කා.දවස් 4ක්ම දැක්කා. එයා එයාගෙ girl friend එක්ක...."

"ඉතිං ඔයාට විස්වාසද ඒ බනීගේ girl friend කියලා.ඔයාලඟට ගිහිං කතා කරාද...."

"අහ්....."

"එකපාරක් උණ දේ අමතකද යීබෝ....ඔයාගෙ වරදවා වටහා ගැනීම නිසා උණ දේවල් අමතක වෙලාද .....දැකපු ගමන් හැමදේම විස්වාස කරන්නෙ...."

"ඒ උණාට එයා කිව්වා ගගා...."

"ඒ වෙන කෙනෙක් වෙන්න බැරිද ...නැත්තම් ඔයාට රිද්දන්න බොරු කිව්වා වෙන්න බැරිද..."

"රිද්දන්න....එයාට ඇත්තටම මට රිද්දන්න ඕනා ඇති ද ගගා.මන්... මන් එයාව අමාරුවේ දැම්මට එයා මට වචනයක්වත් කිව්වේ නෑ ගගා.මට වයිර කරන්න ඕන උණත් මට බැන්නෙ වත් නෑ.....එයාගෙ ජීවිතේ විනාස කරත් එයා පලවෙනි දවසෙ ඉදන් මට ඕනවටත් වඩා හොදට සැළකූවා...."

"යීබෝ....ඕනාවට වඩා මවා ගන්න එක නවත්තනවා....පපා වගේම මමත් කිව්වා ඔයාට හොඳට සලකන්න කියලා.ඔයාට ළංවෙලා ඔයාව බලාගන්න කියලා.ඒ නිසා එහෙම කරන්න ඇති..."

"ඒ උණාට....එහෙම අඳුණන්නවෙත් නැති කෙනෙක් ඉල්ලුවා කියලා එයා එහෙම කරයිද...අනික එයාගෙ පවුලට කරදර කරපු අයම...."

ඒ ගැන නම් කුවාන්ටත් දෙගිඩියාවක් දැනුණා.....

"එයා...මගේ බනී.... මාව දාලා යන එකක් නෑ නේද ගගා....එයා අපෙන් පලිගන්න එකක් නෑ නේද..... ඒ එයාම උණාට පස්සේ.... බනී ....බනී මාව දාලා ගියොත් මට දරාගන්න බැරිවෙයි ගගා...."

'ඇත්තටම....බනී ගෙ අරමුණ මොකක් ද....'

යීබෝගේ කතාවෙන් පස්සේ දැකපු මුල් මොහොතේ ඉදන්ම බනී හැසිරුණ විදිහ ගැන කල්පනා කරාම කුවාන්ටත් බයක් දැනෙන්න ගත්තා....
එහෙම උනොත්....එහෙම උනොත් යීබෝ කොයි විදිහෙන්වත් දරන් ඉන්න එකක් නෑ....අතීතය මතක් වෙද්දී ,යීබො ආදරෙ කරන්න ගියාම හැසිරෙන හැටි මතක් වෙද්දී කුවාන් හිතුවා.

"යීබෝ....ගිහිං මේ ගැන බනී එක්ක කතාකරන්න.මන් එක්ක කිව්වා වගේ එයත් එක්ක කෙලින් කතා කරන්න.
ඔයාගෙ හැම ප්‍රස්නෙකටම නැත ත් කීපෙකට හරි උත්තර හම්බවෙයි...."

කුවාන් එක්ක කතාවෙන් යීබොට පොඩි සැනසිල්ලක් දැනුණා

'ඔව් මන් අද හැමදේම අහනවා.ඒ අහිංසක මූණ තියන් එයාට කාගෙනවත් පලිගන්න බෑ....එයා පලිගන්න ආවත් මන් එයාට යන්න දෙන්නෙ නෑ....බනී මගේ බනී....එයා මගේ විතරමයි....'

"එයාට මොනා හරි අරන් යන්න....සැකේ හිතේ තියන් එයාට දුක් දෙන්න එපා.අන්තිමේ ඔයාගෙ ආදරේ ඔයාට හම්බ වෙලා....ඒ ගැන සතුටු වෙන්න...."

හිතට පොඩි සහනයක් දැනෙනකොට යීබෝ car එක පාරට දැම්මා....බනී ටත් එක්ක දවල් කෑම අරන් ලොකුම ලොකු රතු රෝස මල් පොකුරකුත් ගත්තා.ප්‍රස්න අතරින් උණත් හිනා වෙවි ගෙදර ගියේ බනී බලන්න ඉවසිල්ලක් නැතුව....

ගෙනාපු කෑම, කෑම මේසෙ උඩින් තියපු යීබෝ මල් පොකුරත් අතට අරන් කළාතුරකින් දකින්න පුළුවන් හිනාවකුත් එක්ක පඩිපෙළ නැංගා....

කාමරේට කිට්ටු වෙද්දී බනී කාත් එක්කදෝ කතා කරනවා යීබොට ඇහුණා.කතා වලට කන් දෙන එක නුසුදුසු උණත් මොකක් දෝ අහේතුවකට යීබෝ දොර ළඟ නතර උණා.නතර වෙලා ඇහුම් කන් දුන්නා....

යීබෝගේ හදවත ගැහෙන වේගේ වැඩි උණා....ඇස් දෙකෙන් කදුළු කඩන් වැටෙද්දී අතේ තිබුණු මල් පොකුර අත ඇරුණා....බිත්තියට අත තියලා දෙකට නැමුණ යීබෝ අනික් අත අරන් වේදනාවෙන් පපුව මිරික ගත්තා....එළියට එන්න හදන ඉකිය මැඩගෙන පඩිපෙල දිගේ පහලට දිව්වා....

මතුසම්බන්ධයි....
👩‍💻 dil

💔💔💔💔
අනිත් පැත්තටත් ගුලිය අඹරන්න ඔන්න පටන් ගත්තා ළමයි.....😁😁 දුස්ට ඔතරි තව දුස්ට වෙන්නයි යම්නේ....

බනී ගෙ කාමරේ අස්සෙ මොකාද ඇත්තෙ අප්පා 🙃🙃🙃🙃

comment කරන් vote කරන් යන්න මැණිකෙලා 🤗🤗🤗

Continue Reading

You'll Also Like

32.7K 6.2K 51
සත්තයි , වසන්තය නැවත ඔබ සොයා එනවාමයි.
396K 6.3K 79
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
1.2M 52.1K 98
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
1M 38.7K 90
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...