💚 සිත අතරමං වෙලා❤️ Complete...

By ChenQing4

46.5K 7.9K 2.6K

සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ..වැහි වළාකුළක් නෑ පෙනෙන තෙක්මානයේ..." ❤️🐰 බනී ට, තමන් දුටු මොහොතේ පටන්... More

⬇️ ආරම්භයට කලින්
⬇️ චරිත හැඳින්වීම
💚 Chapter 1 ❤️
💚 Chapter 2 ❤️
💚 Chapter 3 ❤️
💚 Chapter 4 ❤️
💚 Chapter 5 ❤️
💚 Chapter 7 ❤️
💚 Chapter 8 ❤️
💚 Chapter 9 ❤️
💚 Chapter 10 ❤️
💚 Chapter 11 ❤️
💚 Chapter 12 ❤️
💚 Chapter 13❤️
💚 Chapter 14 ❤️
💚 Chapter 15 ❤️
💚 Chapter 16❤️
💚 Chapter 17 ❤️
💚 Chapter 18 ❤️
💚 Chapter 19 ❤️
💚 Chapter 20 ❤️
💚 Chapter 21 ❤️
💚 Chapter 22 ❤️
💚 Chapter 23 ❤️
💚 Chapter 24 ❤️
💚 Chapter 25 ❤️
💚 Chapter 26 ❤️
💚 Chapter 27 ❤️
💚 Chapter 28 ❤️
💚 Chapter 29 ❤️
💚 Chapter 30 ❤️
💚 Chapter 31 ❤️
💚 Chapter 32 ❤️
💚 Chapter 32 ❤️
💚 Chapter 33 ❤️
💚 Chapter 34 ❤️
💚 Chapter 35 ❤️
💚 Chapter 36 ❤️
💚 Chapter 37 ❤️
💚 Chapter 38 ❤️ Special 💚❤️
💚 Chapter 39 ❤️ Special 💚❤️
💚 Chapter 40 ❤️ End
💚💚 Thank you for helping me ❤️❤️
💚❤️Cover❤️💚

💚 Chapter 6 ❤️

1K 205 73
By ChenQing4

ඈත් වෙන්නවත් හිතක් බනී ට නැති වෙද්දී බනී ගේ ඇස් අගින් වැටුණු කඳුළක්  අනිත් පිරිමි ළමයගෙ කමිසයට වැටිලා බොඳ වෙලා ගියා....

වට පිටාවේ හිටපු සෙනඟත් පුදුම වෙලා බලන් හිටියෙ හිනා වෙවී ගුටි කන බනී දිහා.ඇස් කොනෙන් වටපිට බලපු යීබො එන්න එන්නම සෙනඟත් වැඩි වෙනවා දැක්කම බනී ව අත ඇරලා එතනින් යන්න ගියේ ,බයවෙලා හිටපු චින් දිහාවට අගිල්ලකුත් දික් කරලා තරවටු කරන ගමන්...

චින් අමාරුවෙන් ඇවිදන් ගිහිං බනී ට කතා කරත් ,නහයෙන් කටින් ලේ පෙරා ගත්තු බනී යීබෝ ගිය දිහාව බලන්ම කල්පනාවට වැටිලා හිටියා.

එදා ඒ මුණ ගැහුණු පලවෙනි මොහොතේ ඉදන්ම කහ කොණ්ඩයක් තිබුණු පිරිමි ළමයාට බනී හිතින් ආදරේ කරා.  ස්තූතියි කියන්නවත් අවස්ථාවක් නොදීම  ඒ පිරිමි ළමයා එදා යන්න ගිහිං තිබුණා.ඉන්ජෙක්ෂන් එකත් විදලා ඉවර වෙනකම් ළගට වෙලා හිටපු ඔහු  එතනින් ගියේ බනීට බොන්න දීපු බෙහෙත් අරන් එන්න කියලා.බනී ඔහු එකකම් බලන් හිටියත් ,ඔහු වෙනුවට කුලී රථ රියදුරෙක් බනී ගේ බෙහෙත් ටික අරන් ආවා.බෙහෙත් වලට වගේම බනීව පරිස්සමින් ගෙදර ඇරළවන්න කියලා කුලී රථයට වැඩි පුර මුදලුත් ගෙවලා තිබුණා.

හීනෙන්ම වගේ ආව ඒ දේවදූතයා ආව වේගෙන්ම ගිහිං තිබුණෙ බනී ගේ හදවතත් අරන්.අවුරුදු 9කුත් ගෙවිලා ගිය තැන,ඔහු අරන් ගියපු ඒ හිත වෙන කෙනෙකුට දෙන්නෙත් නැතිව ,බනී හැමදාමත් ඔහු වෙනුවෙන් බලන් හිටියෙ,අයිති කරගන්න බැරි උණත් ,තව එකම එක මොහොතක් හරි දැකගන්න ඇත්නම් කියන ආසාවෙන් ....

  වේදනාබර කම්මුල් පාරකුත් එක්ක තමන්ගෙ හීන කුමාරයා,නොහිතපු වෙලාවක දකින්න ලැබුණාම බනී ට අදහා ගන්න බැරි උණා. ගහන්න හේතුව වත් නොදැන හිටියත් කල්පයක් ආදරේ කරපු  ඒ අත් දෙකෙන් ගුටි කන එකත් සැපක් කියලා බනීට ඒ වෙලාවෙ හිතිලා තිබුණා.

මේ කරදර ඔක්කොම අස්සෙ  බනී පියවි සිහියට ආවෙ චෙන් ඇවිත් උරහිස් දෙකෙනුත් හොල්ලලා කතා කරාමයි.අසනීප චින්ව එක්කන් එන්න කියපු බනී ලේ පෙරන් ඉද්දී චිනුත් එතන ඉඳන් බනීට කතා කර කර අඩනවා දැක්ක ම චෙන් හොදටම කලබල වෙලා හිටියා....

"බනී...බනී,නැගිටපන්.."

"චෙන්."

"චෙන් තමා යකෝ මොන ලෝකෙද ඉන්නෙ,මොකද උණේ...කියපන්.."

"චෙන් එයා..."

කලබලේට යමක් මතක් උණ බනී ,බෑග් එකට අත දාලා එළියට ගත්තෙ එයාට මේ ලෝකේ තිබුණ වටිනාම වස්තුව...

එදා හොස්පිට්ල් එකෙන් ගෙදර ගිය වෙළේ ඉදන්ම බනී ඒ පිරිමි ළමයාව මුණ ගැහිලා කරන ස්තූති කතා වලින් ගෙදර හැමෝගෙම කන් පිරෙව්වෙ,කෙලවරක් නැති එකම කතාව අහලා ගෙදර අයට නොරිස්සමකුත් ඇති වෙද්දී.හැම දාම තේරුමක් නැතිව ඕනා එපා හැමදේකටම ඔහේ කියවන බනී ට අද කියවන්න මාතෘකාවක් ලැබිලා තිබුණා.ඉක්මනින්ම මේ කියවිල්ල ඉවරවෙයි කියලා ගෙදර අය හිත හදා ගත්තත් ,ඒ මාතෘකාව සදාකාලික එකක් කියලා ඒ මොහොතේ බනිවත් හිතන්න නැතුව ඇති.

හොස්පිට්ල් ගමනෙන් දවස් දෙකකට පස්සෙ බනී ට කහ කොන්ඩ කුමාරයාව ආයීමත් මුණ ගැහුනෙ කොෆී ෂොප් එකකදී.චෙන් එක්ක ෆිල්ම් එකක් බලන්න ආපු බනී චෙන් අමතර පංති ඉවරවෙලා එනකං කොෆී ෂොප් එකකට ගොඩ උණා.දොර ළඟ තිබුණු මෙසෙන් වාඩි උනෙ පාර පැත්තට පිටුපාන ගමන් වෙද්දී, බනි වටපිට බැලුවේ වේටර් කෙනෙක්ව හොයන ගමන්...

ඒ බැල්ම ගැස්සිලා නතර උණේ ,තමන්ගෙ ඉස්සරහා මේසේ වෙද්දී,මහා කල්පනාවකුත් එක්ක නොයිවසිලිමත් බැල්මකින් පාර දිහා බලන් හිටියෙ වෙන කවුරුත් නෙමෙ බනිගේ හිත අරන් ගියපු ඒ කුමාරයාමයි.තිබුණ බර කල්පනාව නිසාම තමන් ඉදිරි පිට මේසේ ඉදන් කෙනෙක් තමන්ව ගිලින්න වගේ බලන්  ඉන්න වගක්වත් ඒ කුමාරයට ගාණක් නැති වෙද්දී,ඉක්මනින් phone එක එළියට ගත්තු බනි හොරෙන්ම photo දෙක තුනක්ම ගහගත්තා...

අහසක් වගේ පැහැදිලි,හදක් වගේ ලස්සන ඒ මූණ දිහා බනි වශි වෙලා බලන් හිටියෙ ,ස්තූති කතා ඔක්කොම අමතක වෙද්දී....ඒ තප්පරේට දහසක් සිතුවිලි හිතපුරා එහෙ මෙහෙ යද්දී මේ තරම් කටකාර බනී ටත් මොන විදිහෙන් කතාව පටන් ගන්නද කියලා හිතා ගන්න බැරි උණා....

බනී ගේ හීන ලෝකේ එක තප්පරෙන් බිදිලා යද්දී කලබලෙන් නැගිටපු කහ කොණ්ඩකුමාරයා ළඟ තිබුණු phone එකත් අතට අරන් වේගයෙන් ෂොප් එකෙන් එළියට ගියා.තවත් වරක් ඔහු හිටපු මේසේ දිහා බලපු බනී ,මේසේ උඩ ඔවුන් හමු උණ මුල්ම දවසෙ දැකපු අයිස් cap එක තියෙනවා දැක්කා.අඩියට දෙකට එතන්ට ගිහිං cap එකත් අතට අරන් බනීත් කුමාරයා පස්සෙන් එළියට දිව්වා.නමුත් එක තත්පරේට සෙනඟ අතරෙ ඔහු අතුරුදන් වෙද්දී වටපිට බලපු බනි දැක්කේ පාර අයිනෙ නවත්තපු වාහනේකට නැගපු කුමාරයාවයි....

අවුරුදු 9ක් තිස්සේ පුළුවන් උණ හැම වෙලාවකම බනී අයිස් cap එකත් තුරුලු කරන් ෂොප් එකට ඇවිත් බලන් හිටියෙ ඒ මූණ තව එක පාරක් හරි දැකගන්න වෙද්දී ,ඒ වෙනකොටත් තමන්ගෙ හීන කුමාරයා සත්සමුදුරෙනුත් එහා ගිහින් කියලා බනී දැනගෙන හිටියෙ නෑ...

අදත් කොෆී ෂොප් එකට යන්න හිතන් ආපු බනීගේ බැග් එකේ අවුරුදු 9ක් පණ වගේ රැකපු කලු පාට අයිස් cap එක තිබුණා වෙද්දී ,බනී ගෙ love story එක අහලා අහලාම කටපාඩම් වෙලා හිටපු චෙන් වගේම චිනුත් මූණෙන් මූණ බලාගත්තේ ,කදුලකුත් වැටෙද්දී බනී cap එක අතට අරං  මූණට තදකර ගන්නවා දකිද්දී...

"කහ කොන්ඩ කුමාරයා ...?"

චෙන් අහුවේ පුදුමෙනුත් පුදුමයට පත් වෙන ගමන්.බනී ඔව් කියලා ඔළුව වනද්දී, ගැහුවොත් ගහන බැන්නොත් බනින බනී,අතක්වත් උස්සන්නේ නැතුව ගුටි කෑවේ ඇයිද කියලා චින්ට තේරුම් ගියා.චින්ගේ කදුළු අලුත් වෙද්දී චින් කතා කරේ ඉකියකුත් එක්ක...

"ඒ යීබො...."

මතුසම්බන්ධයි....
👩‍💻 dil

🪁🪁🪁🪁
කතාව දිග මදීද වස්තුලා....දිගට දාන්නම් කියලා පටන් ගත්තාට සාමනයෙන් ටයිප් කරන වචන ගාණ එද්දී කුතුහලෙන්ම ඉවර වෙන තැනක් සෙට් වෙනෝ නෙ 🥺🥺
තව එකක් දෙන්නම් හවසට අනිවාර්යෙන් . බෝනස් එකක් දෙන්නම් පුළුවන් උනොත් ☺️
comment කරන් vote කරන් යන්න කියලත් ආදරෙන් ඉල්ලනෝ ඉතිම් ☺️☺️🥰🥰

Continue Reading

You'll Also Like

1.1M 19.1K 44
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...
396K 6.4K 79
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
19.6K 3K 49
අවාරෙක ඇදහැලුන පුංචි වර්ශාවකින් පණ ගැහුන මල් කැකුළක්.............
1M 38.7K 90
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...