MONSTER KING

By Kahi_m

19.3K 3.5K 738

දැන් ලැබුන වීශේෂ පුවතක්....... නගරයේ අදත් පුද්ගලයෙක් අතුරුදහන් වි ඇත. පොලිසිය පවසන්නේ ජනතාවට හැකි අයුරින් ආරක... More

01 🩸 🔪 ❤️
02 🩸🔪❤️
03🩸🔪❤️
04 🩸🔪♥️
05 🩸❤️🔪
06 🩸 ❤️ 🔪
07♥️ 🔪🩸
08🩸♥️🔪
09🩸♥️🔪
10🩸❤️🔪
11🩸♥️🔪
13🩸♥️🔪
14🩸♥️🔪
15 🩸♥️🔪
16🩸♥️🔪
17🩸♥️🔪
18🩸♥️🔪
19🩸♥️🔪
20🩸♥️🔪
21🩸♥️ 🔪
22🩸♥️🔪
23🩸 ♥️ 🔪
24 🩸 ♥️ 🔪
25🩸 ♥️ 🔪
26🩸 ♥️ 🔪
27 🩸 ♥️ 🔪
28 🩸♥️🔪
29🩸♥️🔪
30🩸♥️🔪
31🩸♥️🔪
32 🩸♥️🔪
33🩸♥️🔪
34 🩸♥️🔪
35🩸♥️🔪
37🩸♥️🔪
New story
38 🩸♥️🔪
39🩸♥️🔪
40 🩸♥️🔪
41 🩸♥️🔪
42🩸♥️🔪
43🩸♥️🔪
44🩸♥️🔪
THANK YOU
END🩸♥️🔪
Next Story
Special chapter

12🩸♥️🔪

395 75 13
By Kahi_m

අනේ readers මම හොදටම අසනීප වෙලා හිටියේ, සති 1 1/2 විතර උණ හැදිලා හිටියේ. ඔයාලගේ කතාව update දෙන්න බැරි වුන එකට සමාවෙන්න........
________________________________

Dance floor එකේ ඉන්න බෝගම් චිමි මේ කිසි දෙයක් දන් නැතුව හිටියා. වැනි වැනි ගිය සුගා කාර් එකේ දොර ඇරගන්න බැරුව ඉද්දි එක පාර කෙනෙක් එයාට කතා කරා. සුගා එහෙමම හැරිලා බලද්දි දැක්කේ.

සර් ඔයා හොදින්ද.........:.........

සුගා හැරිලා බලද්දි දැක්කේ රෝස් එයාට කතා කරනවා.

නෑ.....මම හොදින් නෑ.......මම කොහොමද හොදින් ඉන්නේ......මැරුනේ මගේ මල්ලි........ඒත් තාම මිනිමරුවව අල්ල ගන්න බෑ මට ...........මම කොහොමද හොදින් ඉන්නේ ආආ........

සුගා කෑගහද්දි රෝස් ගැස්සිලා ගියා. මොකද යුංගිගෙන් දැක්ක කරුණාවන්ත අහිංසක කම සුගා ලග ගෑවිලාවත් නෑ. සුගා වැනි වැනි කෑගහද්දි රෝස් බැලුවේ වට පිට.

සර් කවුරු එක්කද ආවේ........මම හිතන්නේ සර්ට මෙහෙම යන්න බෑ.........

මට පුළුවන්.........

සුගා එහෙම කියලා කාර් එකේ දොර අරින්න ගියා. එතන ඉන්න කාටවුනත් පැහැදිලිවම පේනවා, සුගාට හරියට කෙලින් හිට ගන්නවත් බැරි බව. රෝස් තාමත් වට පිට බැලුවේ සුගාගේ යාළුවෙක් හරි ඉන්නවද කියලා බලන්නයි.

මම කියනවා කියලා තරහා වෙන්න එපා සර්.......සර් දැන් ඉන්නේ තනියම drive කරන්න පුළුවන් තත්වෙක නෙමෙයි..........මම කි-

ෂූෂූ..............

සුගා හැරිලා රෝස්ව කාර එකේ හේත්තු කරා. සුගාගේ ඇස් දිව්වෙ බයෙන් ඉන්න රෝස්ගේ මුනපුරාමයි. රෝස්ගේ ඇස් දැක්කේ තරහා දුක හැමදේම හිර කරන් ඉන්න සුගාගේ ඇස් දෙක.

සර්--ඔයා

ඇයි මම තනිවෙලා..............

මො-මොක-මොකක්.......

සුගා රෝසට කිව්ව දේ අහලා රෝස් සුගාගේ මුන දිහා බැලුවා. ඒත් සුගා තාම ඒ කදුළු පිරුනු ඇස් වලින් රෝස්ව බලාගෙන.

ඇයි මම තනිවෙලා ...........කියන්න......යුංගි මාව දාලා ගියා.....ඔයා හරි මං එක්ක ඉන්නවද........මාව දාලා යන්න එපා...................

මොකක් සර් ඔය හ්ම්ම්——-

රෝස්ගේ කට වැහුනේ සුගා එයාගෙ තොල් වලින් රෝස්ගේ තොල් අල්ල ගත්ත නිසා. ටික වේලාවක් ගල් ගැහිලා බලන් හිටිය රෝස්ට කදුළු ගැලුවේ යුංගිව මතක් වෙලා. කොච්චර යුංගිට එන්න එපා කිව්වත රෝස් හිතින් යුංගිට ආදරේ කරා.

සුගා එයාගේ තොල් හිමිහිට රෝස්ගේ තොල් එක්ක යා කරද්දි, රෝස්ට සුගාගේ බෙල්ල වටින් අත දාලා ඒ හාදුව තවත් උණුසුම් කරා. එත් සුගා රෝස්ගේ තොල හැපුව නිසා රෝස් හරි සිහියට ඇවිත් සුගාගෙන් ඈත් වුනා.

මට-සමා-සමාවෙන්න -ආහ්හ්.............

සුගා එහෙමම රෝස්ගේ උරහිස් වලටම කඩාගෙන වැටුනා. රෝස් සුගාව වැටෙන්න නොදි අල්ල ගෙන, සුගාගේ කම්මුල් තට්ටු කරේ නැගිට්ටවන්නයි. ඒත් සුගා නෙමෙයි නැගිටුනේ.

ආහ්..........මම මොකද්ද මේ කර ගත්තේ.......මෙයාව කොහෙද ගිහින් දාන්නේ.......තනියමද club ඇවිත් තියෙන්නේ.......ආහ්හ්හ්..........

රෝස් සුගාවත් අල්ලන් එයාටම කෑගහන්න ගත්තා. අන්තිමේට රෝස් සුගාව එයාගේ කාර් එකට දාගෙන ගෙදර යන්න පිටත් වුනා. ජිමින් මේ කිසි දෙයක් දන් නැතුව බෝගම් එක්ක ඇතුලේ සුගාව හොයනවා.

රෝස්ගේ කාර් එක යනවත් එක්කම තව කළු කාර් එකක් ඒ කාර් එක පස්සේන් ගියා. ඒ ටේ, ටේ club එකේ වුන හැමදේම බලන් හිටියා. සුගා අඩද්දි ටේට ඊටවඩා සතුටක් තිබ්බේ නෑ. ටේත් හිනා වේවීම රෝස්ගේ කාර් එක පිටි පස්සෙන් ගියා.






රෝස් සුගාවත් අල්ලන් ගේ ඇතුලට යනවා දුර ඉදන් කෙනෙක් බලන් හිටියා. ඒ වෙන කවුරුත් නෙමෙයි ටේ. රෝස් අමාරුවෙන් සුගාවත් අල්ලගෙන දොර ඇරන් ඇතුලට ගියා.

Min Suga......මේහෙමද තමුන් ඩියුටි බලන්නේ.........තමුන් මල්ලි මරපු කෙනාව හොයනවට වඩා තමුන්ට girlfriends ලා හොයනවා වගේ........මේකීවත් club එකෙන් එක්කන් ආවේ one night stand එකකටනේ.......කලබල වෙන්න එපා ලගදීම එයත් මගේ list එකට add වෙයි........

ටේ එහෙම කියලා කාර් එක අරන් ගියා. Club එකේ ජිමාන් සුගාට කෝල් කරත් එයා answer කරන් නැති නිසා තවත් කලබල වුනා.

රෝස් සුගාව ඇදෙන් හාන්සි කරවලා, සුගාගේ සපත්තු දෙකයි, කෝට් එකයි ලගවලා ටිකක් ෂර්ට් එකත් ලිහිල් කරා. සුගාව පොරවලා යන්න යද්දිම, රෝස් එකපාරම ඇදට වැටුනේ සුගා එයාව ඇදලා ගත්ත නිසා.

ආහ්.....මාව අත අරින්න.......

රෝස්ව බදාගත්ත සුගා, නින්දෙන්ම අඩන්න ගත්තා. රෝස් කලබලෙන් නැගිටින්න හැදුවත් සුගා කියන දෙයින් එයා එහෙමම ඉදන් අහගෙන හිටියා.

යුංගි........ඇයි මාව දාලා ගියේ.......අයියා කොච්චර දුකින්ද ඉන්නේ ඔයා නැතුව.....කව්ද මාත් එක්ක ඉන්නේ....චිමී.....චීමි එයා ඉදියිද.......ඒත් ඔයා වගේ කව්ද මං එක්ක ඉන්නේ.....අපි දෙන්නා ඉපදුනේ එකටනේ......ඇයි මට කලින් ඔයා ගියේ...................

රෝස් සුගාගේ පිටට තට්ටු දැම්මේ සුගා අඩ අඩ කියවන නිසා. සුගාත් පොඩි ලමයෙක් වගේ රෝස්ට තුරුල් වෙලා නිදා ගත්තා.





ආහ්ම්...................

උදේ අව්ව මුනට වැදුන නිසා, කලින්ම සුගා ඇස් ඇරලා බැලුවා. ටිකකින් එයා උඩ ගිහින් නැගිට්ටේ රෝස් ලග නිදාගෙන ඉන්නවා දැකලා.

ආආආආ...........::..:..

රෝස්ද සුගාගේ කෑගැහිල්ල ඇහිලා නැගිටිලා බැලුවා.

-මට සමාවෙන්න........මම ඊයේ-

ඒකට කමක් නෑ............

රෝස් එහෙම කියලා නැගිටිලා යන්න ගියා. සුගා මුන දෙන්න බැරිකමට යන්න හැදුවා. ඉක්මනින් එයාගේ සපත්තු දෙකයි කෝට් එකයි අරගෙන යන්න ගියා.

ඉන්න...............

සුගා නැවතුනේ රෝස් කතා කරපු නිසා.

ඔයා මෙහෙම යන්න ඕන නෑ........අතන washroom එක ගිහින් wash එකක් දා ගන්න......මම කෝපී එකක් හදන්නම්..............

රෝස්....—-

මම දන්නවා සුගා...........මටත් ඕන ඔයා යුංගිව මරපු කෙනාව අල්ල ගන්නවා බලන්න.....ඊයේ රෑ ඔයා හැමදේම නින්දෙන් කිව්වා...... දුක්වෙන්න එපා යන්න ගිහින් wash එකක් දාගන්න...........

රෝස් එහෙම කියලා කුස්සියට ගියේ කෝපි හදන්න. සුගාත් මුන හෝදන් එද්දි රෝස් එයාට කෝපි එක දුන්නා. සුගා දැක්කේ tv එකේ news එක

අදත් නගරයේ කාන්තා දේහයක් සොයාගෙන ඇත. පොලීසිය පවසන පරිදි මෙයත් කලින් මිනිමැරුම් හා සම්බන්දයි කියලයි. නගරයේ ජනතාවට තවත් පරිස්සමින් ඉන්නා ලෙස පොලීසිය දැනුම් දෙයි.

News බලපු ගමන් සුගාට මතක් වුනේ එයාගේ phone එක, එතකොටයි එයා දැක්කේ ජිමින්ගෙන් එයාට කොල් 200 විතර ඇවිත්.

Oh shit.............

සුගා එහෙම කියන ගමන්, කෝපී කෝප්පේ බිමින් තියලා කාමරේට දිව්වා. තමන්ගේ පර්ස් එකයි කෝට් එකයි අතට ගත්ත සුගා සාලේට ආවේ ජිමින්ට call back කරන ගමන්.

රෝස් මම යන්න ඕන.......මම පස්සේ ඇවිත් ඔයාට හැම විස්තරයක්ම කියන්නම්..........

සුගා එහෙම කියන ගමන් දඩිබිඩියේ එලියට ගියා. එලියට ගිහින් වට පිට බලද්දි තමයි එයා දැක්කේ එයාගේ කාර් එක රෝස්ගේ garden එකේ නැති බව. රෝස් ගෙන් මේ ගැන අහන්න හැරෙනවත් එක්කම.

මෙන්න............

රෝස් දුවගෙන ඇවිත් කාර් එකේ යතුර සුගාගේ අතට දුන්නා. ඒත් ඒක දැක්ක ගමන් සුගා.

මේක මගේ car key එක නෙමෙයි............

ඔයාගේ කාර් එක club එකේ......ඊයේ මම මගේ කාර් එකේ ඔයාව එක්කන් ආවේ..........

රෝස් කියද්දි සුගා කල්පනා කරා. එයාට මේ හදිස්සියේ යන්නත් ඕන, ඒත් රෝස්ගේ කාර් එක අරන් යන එක ගැන එයා කල්පනා කරේ, අතේ තියෙන යතුර දිහා බලාගෙන. ඒක් තේරුම් ගත්ත රෝස්.

මම අද කොහෙවත් යන් නෑ......ඔයා දැන් යන්නම ඕනනේ.....කමක් නෑ යන්න සුගා.......

ඒත්......

යන්න......ඉක්මන් කරන්න..........

රෝස් සුගාව අනිත් පැත්ත හරවලා පිටට අත තියලා , තල්ලු කරේ යන්න කියලයි. සුගාත් ඔළුව වනලා යතුර අරන් කාර් එක ලගට ගියා.

මම ගිහින් එන්නම්......thank you..........

Ok.........bye............

රෝස් සුගා යනකම් ඉදලා එයත් ඇතුලට ගියා.

Continue Reading

You'll Also Like

91.1K 2.9K 51
𝐒𝐂𝐇𝐎𝐎𝐋 𝐁𝐔𝐒 𝐆𝐑𝐀𝐕𝐄𝐘𝐀𝐑𝐃 "𝚝𝚑𝚎 𝚋𝚎𝚜𝚝 𝚠𝚊𝚢 𝚝𝚘 𝚐𝚘, 𝚒𝚜 𝚒𝚗 𝚜𝚝𝚢𝚕𝚎. 𝚆𝚑𝚊𝚝𝚜 𝚖𝚘𝚛𝚎 𝚜𝚝𝚢𝚕𝚒𝚜𝚑 𝚝𝚑𝚊𝚗 𝚊 𝚖𝚘𝚝...
74.2K 9.9K 31
Top - Jungkook Bottom - Taehyung Boy Love Male pregnancy 𝚃𝙰𝙴𝙺𝙾𝙾𝙺 ♡ Start - 2022.06.18 End -2022.08.28
55K 1.4K 9
مافيا - حب - قسوه - غيره renad231_5 مرت سنه والقلب ذابحهه الهجر ومرت سنه والهجر عيا يستحي الروايه موجوده في انستا : renad2315
27.9K 4.9K 38
"ඉතින් ටේ මට කියන්න ඔයාගෙ ආදරේ මට විතරක් දෙන්න, ඔයාගෙ හුරතල්කමෙන් මාව පිස්සු වට්ටන්න, ඔයාගෙ පොසෙසිව් වුල්ෆිවත් හුරතල් කරන්න, ඔයා වගේ කියුට් බාබාලා ගො...