MY TOPS|VMK|✔

Bởi K_yumi_K

59.6K 11.5K 1.7K

VMinKook story -Top Taehyung -Top Jimin -Bottom Jungkook ~Jimin, who was the coolest boy in the univ... Xem Thêm

-Introduction-
-Chapter 1-
-Chapter 2-
-Chapter 3-
-Chapter 4-
-Chapter 5-
-Chapter 6-
-Chapter 7-
-Chapter 8-
-Chapter 9-
-Chapter 10-
-Chapter 11-
-Chapter 12-
-Chapter 13-
-Chapter 14-
-Chapter 15-
-Chapter 16-
-Chapter 17-
-Chapter 19-
-Chapter 20-
-Chapter 21-
-Chapter 22-
-Chapter 23-
-Chapter 24-
-Chapter 25-
-Chapter 26-
-Chapter 27-
-Chapter 28-
-Chapter 29-
-Chapter 30-
-Chapter 31-
-Chapter 32-
-Chapter 33-
-Chapter 34-
-Chapter 35-
-Chapter 36-
-Chapter 37-
-Chapter 38-
-Chapter 39-
-Chapter 40-
-Chapter 41-
-Chapter 42-
-Chapter 43-
-Chapter 44-
-Chapter 45-
-Chapter 46-
-Chapter 47-
-Chapter 48-
-END-

-Chapter 18-

841 212 30
Bởi K_yumi_K

ජන්කුක් අද උදේත් ගොඩක් සතුටින් යුනී ගියා... සතුටු නැතුව තියෙයිද ජන්කුක්ට ජීවිතේ අලුතෙන් ලැබුනා වගේ වෙලා... ජන්කුක්ට මේ දවස් වල ආදරය කරන්න එයාව බලාගන්න එයා ගැන හොයන්න අය ඉන්නවා කියලා තේරුනා... ජන්කුක් මේ දවස් වල බඩ පිරෙන්න කෑම කෑවා... ජන්කුක්ට ගාන්නයි කියලා විශේෂ ක්‍රීම් ජාති නැති උනත් උපතින්ම හම්බෙලා තියෙන ඒ හම නිසාත්, ජන්කුක්ගේ එයාටම ආවේණික උන ලස්සන නිසාත්, ජන්කුක් දැන් හොදින් ඉන්න නිසාත් එයා ගොඩක් ලස්සනට පේන්න අරගෙන... කලිනුත් ලස්සනයි එහෙම නැත්නම් ජිමින්, ටේහ්යුං දෙන්නවම අල්ලගන්න විදිහක් නෑනේ නේද? ඒත් එයා දැන් ගොඩක් ශයිනි වෙලා... ඒ වගේමයි ජන්කුක්ගේ මූණේ ලස්සන හිනාවක් තිබුණා...

ජන්කුක් මේ දවස් වල උදේ පාන්දර යුනී ආවේ නෑ... මොකද එයාට බයෙන් ගෙදරින් පනින්න කවුරුත් නෑනේ... ජන්කුක් සාමාන්‍ය වෙලාවටම යුනී එකට ඇතුල් උනා... ජන්කුක් පයින්ම ආවේ වැඩි විස්තර කරන්න ගිහින් අප්පටවත් ජීහාන්ටවත් මාට්ටු වෙන්න ඕනා නැති නිසයි...

ජන්කුක් යුනී එකට ඇතුල් වෙලා දිගටම යද්දී එයාට ඇහුනා අදුරන කටහඩවල් වගයක්... ඒකට ඇහුම්කන් දෙද්දී ජන්කුක්ට තේරුනා ඒ කටහඩවල් ඇහෙන්නේ වෙන කොහෙන්වත් නෙවෙයි එහා පැත්තේ තියෙන පිට්ටනියෙන් කියලා... ජන්කුක් ඉක්මනට ඒ පැත්තට යද්දී එයා දැක්කා ලමයි හැමෝම වට වෙලා දෙයක් දිහා බලනවා... ජන්කුක්ට ස්තීරයි ඒ කටහඩවල් වල අයිතිකාරයෝ දෙන්නම මේ ලමයින්ගෙන් වට උන තැන ඉන්නවා කියලා...

ජන්කුක් ඉක්මනට පිට්ටනියට දුවලා ගිහින් ලමයි අතරින් ඉස්සරහටම ආවා... ජන්කුක් දැක්කේ ස්පෝට්ස් කිට් වලින් සැරසිලා උන්න ජිමින් වගේම ටේහ්යුංනුත් හොදටම ගහගන්නවා... ජින්, නම්ජූන්, හෝසොක්, යුන්ගි වගේම කෝච් පවා රණ්ඩුව නතර කරන්න උත්සාහ කලත් ඒකත් මේ වෙද්දී නිශ්ඵල දෙයක් වෙලා වගේ...

ජන්කුක් ඇහුනා අහල පහල ලමයි කියන කතා...

"V ටීම් එකෙන් ගියෙත් ජිමින් කැප්ටන් උන නිසාලු... කොහොමත් ඒ දෙන්නා තරහයිනේ"

"ජිමින් ආපහු කැමති වෙලා නෑ එයා ටීම් එකට එනවට ඒකලු ඔය රණ්ඩුව ඇති වෙලා තියෙන්නේ..."

"V කියන්නේ කොහොමත් රස්තියාදු කාරයෙක්නේ... ජිමින් මොකට ඒ වගේ අයත් එක්ක පැටලෙන්න යනවද මංදා..."

"ජිමින් එයාගේ තැන රැකගන්න ඔය හදන්නේ... V කොහොමත් ටීම් එකේ best player කියලා දන්නවනේ ඒක නිසා ජිමින් කැමති නෑලු එයා ඇවිත් ඒ තැන ගන්නවට"

"මොන බොරුද ඒ? ජිමින් ගොඩක් හොද කෙනෙක් මං නම් හිතන්නේ මෙතන සම්පූර්ණ වැරැද්ද V ගේ... ගියා නම් ගිය විදිහට ඉන්න එපැයි ආපහු මොකට ආවද මංදා"

"තව සතියකින් තරග තියෙනවා මෙයාලා මෙහෙම රණ්ඩු කලොත් නම් මං හිතන්නෑ අපේ අයට සෙල්ලම් කරන්නවත් පුලුවන් වෙයි කියලා..."

"ඒක නම් ඇත්ත"

ජන්කුක් එයාලා කියන හැම දෙයක්ම අහගෙන උන්නා... ටේහ්යුං කොහොමත් bad boy කෙනෙක් කියලා ජන්කුක් දන්නවා... ඒත් ජන්කුක් තව දෙයක් දන්නවා ටේහ්යුං හැමෝම ඔය කියන තරම් නරක කෙනෙක් නෙවෙයි කියලා... ජන්කුක් ටේහ්යුංට බය උනත් ටේහ්යුං ජන්කුක්ට කිහිප සැරයක්ම උදව් කලා... ඉතින් ජන්කුක්ට ටේහ්යුංව වැරදි කාරයෙක් වගේ දකින්න බෑ

අනිත් පැත්තෙන් ජිමින්... ජිමින් කියන්නේ කොහොමත් හොද කෙනෙක් ඒත් ජිමින් ආඩම්බරයි... එයා එයාගේ තැන රැකගන්න ට්‍රයි කරනවා... ඒකේ වැරැද්දක් නෑ... ජන්කුක් ජිමින්ට මෙතන වැරැද්ද පටවන්නේ නෑ කොහෙත්ම

ඒත් කාට වැරැද්ද දැම්මත් නැතත් තව ටික වෙලාවක් රණ්ඩුව ගියොත් අනිවාර්යයෙන්ම දෙන්නම අතක් පයක් කඩා ගන්නවා කියලා ජන්කුක්ට නිකමට වගේ තේරුනා... ජන්කුක් එකපාරටම රණ්ඩුව තියෙන මැදට පැන්නා

ජින්, නම්ජූන්, යුන්ගි, හෝසොක් හතර දෙනාම ජන්කුක්ගේ පැමිණීම බලාපොරොත්තු උනේ නෑ... එයාලා පුදුම උනා පුංචි දේටත් බය වෙන ජන්කුක් මේ වගේ තැනකට ආවා කියලා දැක්කාම... ජන්කුක්ටත් පුදුමයි එයාට කොහෙන්ද මෙතනට එන්න ශක්තියක් කියලා ඒත් ඊට වඩා ජන්කුක්ට අර දෙන්නටම තුවාල වෙනවා බලන්න ඕන උනේ නෑ...

ජන්කුක් ජිමින්, ටේහ්යුං මැදට පැන්නේ හැමෝම එකපාරටම කෑ ගහද්දී...































ජින් ජන්කුක්ගේ මූණේ තිබුණු ලේ පාරවල් පිහදලා ඒවට බෙහෙත් දාලා ප්ලාස්ටර් ගැහුවා... ජන්කුක්ට තවමත් සිහිය තිබුණේ නෑ... ජන්කුක්ගේ මුණේ එක පැත්තක් නිල් වෙලා තිබුණා... ජින් එතන හෙමීට අත ගෑවාම ජන්කුක් කෙදිරිගෑවා...

කට්ටියම ජන්කුක්ට සිහිය එනකං බලාගෙන උන්නා... ඒත් එතන ජිමින් ටේහ්යුං දෙන්නා උන්නේ නෑ... එයාලට තුවාල වලට බෙහෙත් දාගන්නවත් අඩුම ජන්කුක් ගැනවත් බලන්න නොදී principle එයාලා දෙන්නව ඔෆිස් එකට එක්කන් ගියා... දෙන්නටම හොදටම තුවාල වෙලා තිබුණට දෙන්නගෙම හිත නම් තිබුණේ වැරදිලා තමන් විසින් පාරක් ගහපු තවමත් සිහි නැතුව ඉන්න ජන්කුක් ගාවයි...

ඔව් ජන්කුක් එවෙලේ ටේහ්යුං ජිමින් වලිය මැදට පැන්නත් එයාට ඒක එකපාර නතර කරන්න බැරි උනා... එවෙලෙත් හොදටම ගහ ගනිමින් උන්න දෙන්නා ඒ දෙන්නට ගහන්න යද්දී ඇත්තටම ඒ පාර වැදුනේ ජන්කුක්ට...

ගුටි කාලා පලපුරුද්ද තිබුණත් අවාසනාවට ඒ වැදුන පාරවල් දෙකේ සැරට ජන්කුක් ලේ පෙරාගෙන බිම ඇදගෙන වැටුනා... ඒ වෙලේ ජින්ලා ජන්කුක්ව එක්කගෙන ආවත් ටේහ්යුංටවත් ජිමින්ටවත් ජන්කුක් ගාවට යන්න උනේ නෑ...

ජන්කුක්ට සිහිය එද්දීත් ගොඩක් දවල් වෙලා තිබුණා... හැබැයි එයා ඇහැරෙද්දී එයා ගාව තවත් ජින්, නම්ජූන් වගේම හෝසොක් යුන්ගි දෙන්නත් උන්නා... එයාලා ගොඩක් බය වෙලා උන්නේ ජන්කුක් ගැන ඒකයි යාලුවෝ දෙන්නට මොනා උනාද හොයනවාට වඩා ජන්කුක් ගැන බලන්න නතර උනේ... ටේහ්යුං ජිමින් තාමත් ඇවිත් උන්නේ නම් නෑ...

"ඔයාට ගොඩක් රිදෙනවද ජන්කුක්"

ජන්කුක්ගේ තුවාල වෙලා තියෙන තොල උඩ ඇගිල්ල එහාට මෙහාට කරපු ජින් ඇහුවා... ඒක එයා කරේ ගොඩක් ආදරෙන්, එතන කිසිම වැරදි වැටහීමක් නෑ... ජින් ජන්කුක්ට එයාගෙම සහෝදරයෙක්ට වගේ ආදරෙයි...

ජින් අහද්දී ජන්කුක් හෙමීට ඔලුව හෙලෙව්වා... එයාට ටිකක් නෙවෙයි ගොඩක් රිදෙනවා... ඒත් එයාට සතුටුයි මොකද කවදාවත් නැතුව අද එයා ගුටිකාපු එකේදී එයාව බලාගන්න අය ඉන්නවා...

"ආ මෙන්න, ඔයා මොනාටද ආස කියලා නම් දන්නෑ කැමති දෙයක් තියෙනවා නම් කියන්න ගෙනත් දෙන්නම්..."

හෝසොක් ජන්කුක්ට පාර්සල් එකක් දුන්නා... ඒකේ ජන්කුක්ට බොන්න වගේම කන්න කෑමත් තිබුනා...

"ටේහ්යුංගේ අතේ වැරැද්දක් නෑ කියනවා නෙවෙයි ඒත් සමාවෙන්න එයා වෙනුවෙන්... එයාටත් කියන්නම් අපි සමාවගන්න කියලා එතකං එයා වෙනුවෙන් අපි ඔයාගෙන් සමාව ගන්නවා... එයා ගොඩක් නරක ඇති ඒත්- ඒත් ජන්කුක් එයා ටික දවසක ඉදන් වෙනස් වෙන්න උත්සාහ කලා... ඒකට හේතුවක් ඔයාට අපිට තවම කියන්න බෑ ඒක නිසා එයාට විතරක් වැරැද්ද පටවන්න එපා..."

හෝසොක් කතා කලේ ගොඩක් දුකෙන්... ටේහ්යුං කියන්නේ එයාගේ යාලුවා බව ඇත්ත ඒත් හෝසොක් ටේහ්යුංගේ පැත්ත අද ගන්න හේතුව ඇත්තටම අද රණ්ඩුවේ ටේහ්යුංගේ වරදක් නැති නිසයි...

කොහොමත් හැමෝම මේ වෙද්දිත් ටේහ්යුංට වැරැද්ද දාලා ඉවරයිනේ... ජිමින්ට වැරැද්දක් දාන එකට වඩා කොහොමත් නරක වැඩ කරන ටේහ්යුංට වැරැද්ද දාන එක ලේසී... ඒත් හෝසොක්ට ඕන උනා ජන්කුක් එහෙම හිතන එක නතර කරන්න... ටේහ්යුං වෙනුවෙන් ජන්කුක්වත් හිටියොත්-

හෝසොක් එහෙම කතා කලේ ජින්ලා එතන ඉද්දිමයි... ජින්ලට තිබුණත් ආපස්සට ඒකට විරුද්ද වෙන්න, මොකද හෝසොක් කෙලින් නොකිව්වට ඇත්තටම එයා කිව්වේ අද වැරදි ජිමින් කියලා ජින්ලා ඒකට මුකුත් නොකිව්වේ ඇත්තම සිද්ධිය දන්න නිසා...

"ඔයාට සිහිය ආවා කියලා අපි එයාට කියන්නම්... ඔයා කොහොමත් එයාව මීට් වෙන්න කැමති නැති වෙයි... ආපහු පාරක් එයා නිසා ඔයාට උන දේට සමාවෙන්න.."

හෝසොක් එහෙම කියලා යුන්ගිට ඔලුවෙන් යමුයි කියලා කිව්වා... ඊලගට දෙන්නම යන්න හැදුවත් ජන්කුක් කතා කලා...

"හියුන්ලට පුලුවන් නම් ටේහ්යුංගීට කියන්න මං එයා එක්ක තරහා නෑ කියලා... මමයි එයාලගේ රණ්ඩුව මැදට පැන්නේ ඒක නිසා එයාට වැරැද්ද දාගන්න එපා කියන්න... එයාටත් තුවාල වෙලා ඇති ඒක නිසා ඔයාලා එයා ගැන ටිකක් බලනවද?"

ජන්කුක් එහෙම කතාවක් කිව්ව එකට අනිත් හැමෝම පුදුම උනා... ඒත් හෝසොක් අවසානේ ජන්කුක්ට ඔලුව වනලා හා කියන ගමන් එයාලා දෙන්නා එතනින් ගියා...

"හියුන්ගී කොහෙද දැන් ජින් හියුන්?"

ජන්කුක් ඇහුවා...

"එයාලව තාම ඔෆිස් එකෙන් එලියට එවලා නෑ ජන්කුක්... එයාලා කියපු දේවල් ඇත්ත ජන්කුක් අද රණ්ඩුව ඇති උනේ ජිමින්ගේ වරදින් තමයි... ඒත් ජිමින් එහෙම කරන්න එයාට හේතුවක් තියෙන්න ඇති"

ජිනුත් ගොඩක් දුක් උනා...

"මං ඒ දෙන්නා එක්කම තරහා නෑ හියුන් මං කාටවත් වැරදී කිව්වෙත් නෑනේ දැන්... ඔයා අඩනෝද?"

ජන්කුක් හුරතල් විදිහට අවසාන ටික ඇහුවේ ජින් අප්සට් උන්න නිසයි...

"ඔයා ගොඩක් හුරතල් ජන්කුක්... ජිමින්ට ඔයා ගැන හිතක් පහල උන එක ගැන අහන්නත් දෙය-

ජින්ට කියවුනේ නම් කියන්න ඕන දෙයක් නෙවෙයි... ජින් ඉක්මනට කටපියා ගත්තත් මේ වෙද්දිත් ජන්කුක් ගොඩක් රතු වෙලා... ජින් වරදකාරී හැගීමකින් වගේ බිම බලාගද්දී ජන්කුක් එයාගේ රේස් දුවන හදවත පාලනය කරගන්න බැලුවා... ඒත් එක පාරටම,

"කුකී ඔයාට හොදින්ද?"

ජිමින් දුවගෙන කාමරේට ආවා... ජිමින් ගොඩක් හති අරිමින් ජන්කුක් ගාවට ලං උනා... ජන්කුක් ජිමින් දිහා බැලුවා... ජිමින්ගෙත් තොල තුවාල වෙලා, අත් කකුලුත් තුවාල වෙලා, කම්මුලක් ඉදිමිලා රතු වෙලා... ජිමින්ටත් හොද හොද පාරවල් වැදිලා තියෙනවා කියලා දකින කෙනෙක්ට කියන්න පුලුවන්...

"හියුන්ගී..."

ජන්කුක් තොල් අතරින් මිමිනුවේ ඇස් වලත් කදුලු පාරවගෙනයි... ඇත්තටම ජිමින්ගේත් ඇස් වල කදුලු වගේම වරදකාරී හැගීමක් හිතටත් ආවේ ජන්කුක්ගේ මූණේ තිබුණ තුවාල කැලැල් නිසයි...









__________________________________

මේක ජීකුක් විතරක් වෙයිද?🙂

Bye
Sarangeo💚💜💙

Đọc tiếp

Bạn Cũng Sẽ Thích

931K 21.4K 49
In wich a one night stand turns out to be a lot more than that.
19.9K 286 17
It about Snowbarry. Caitiln need help from Barry to pretend to be her boyfriend while not knowing they both have feeling for each other.
11.5K 187 26
Join David, a Royal Demon and Royal Human Hybrid who was killed as an Hour old infant and wrongly sent to Hell. Adopted By Phenex, The Young boy has...