Black Shadow season 2|| KSJ||

By LUMI_05

2.1K 497 146

🥀✨ හිමිවීම හමුවීම නොවූ ලෝකයක හිමිනොවන්නට හෝ ඔබ හමු වූ ජීවිතයට ආදරය කරමි...🥀✨ __________________ Black Shad... More

01st Shadow
02nd Shadow
03rd Shadow
04th Shadow
05th Shadow
06th Shadow
07th Shadow
09th Episode
10th Episode
11th Episode
12th Episode
13th Episode
14th Episode
15th Episode
16th Episode
17th Episode
18th Episode
19th Episode
20th Episode

08th Episode

93 28 6
By LUMI_05

ජින් හිටියෙ තමන්ගේ කැබින් එකට වෙලා ගැන්ග් එකේ ෆයිල්ස් වගයක් බල බල.. කවදාවත් ජින් ගැන්ග් එකේ විස්තර ඔෆිස් එකට ගෙනාවෙ නැතත් අද ජින් අරගෙන ආවේ මේ දවස්වල වැඩ ගොඩ ගැහිලා තිබුන නිසා.. වෙලාව හවස 03.00 විතර වෙලා ඇති.. කවුරුහරි කැබින් එකේ දොරට තට්ටු කරන සද්දයක් ඇහුන නිසා ජින් ෆයිල් එක වහලා ලොකර් එකට දාලා ලොක් කරා..

"කමින්.."

ඒත් එක්ක ම කැබින් එකේ දොර ඇරගෙන ඇතුලට ආවේ හැඩි දැඩි ශරීරයක් තිබුන පිරිමි කෙනෙක්.. එයා දිහා ඔලුවෙ ඉදන් දෙපතුල දක්වාම පරීක්ෂා කරපු ජින් එයාට වාඩි වෙන්න කියලා පුටුව පෙන්නුවා.. කිසි වෙනසක් නොපෙන්වා ඒ කෙනා ජින්ට යන්තම් හිනා වෙලා පුටුවෙන් වාඩි වුණා..

"මිස්ටර්?"

ජින් අහනකොට එයා සාක්කුවෙන් ගත්තු අයිඩී කාර්ඩ් එකක් ටේබල් එක උඩ තියලා ජින්ට පාස් කරා.. කාඩ් එක අතට අරගෙන ඒකේ නම බලපු ජින්ට කට කොනින් හිනාවක් ගියා..

"NIS officer Park Minho?"

එහෙම අහන ගමන් ජින් අයිඩී එක ආයෙත් එයාට ම පාස් කරේ මූණෙ තිබුණු හිනාව නැති කරගන්නෙ නැතිව..

"දේ මිස්ටර් බ්ලැක් වුල්ෆ්"

එයා එහෙම කියනකොට ජින්ගේ මූණෙ තිබුණු හිනාව නැති වෙලා ගිහින් රෞද්‍ර පෙනුමක් මූණට මතු උනා..

"මොකක්ද?"

"මිස්ටර් බ්ලැක් වුල්ෆ්"

ජින්ගෙ මූණෙ තිබුණු හිනාව නැති උනත් එයාගෙ මූණෙ තිබුණු හිනාව නම් නැති උනේ නෑ.. එයා කතා කලේ හරියට ජින් ගැන හැම දෙයක්ම කාලයක් තිස්සේ දන්න කෙනෙක් වගේ..

"මොනාද තමුන් කියවන්නෙ?"

"වේ මං වැරදි ද?"

"තමුන් කවුද?"

"මම ද? මම නම්...."

ඒ කෙනා කිසි කලබලයක් නැතිව කියනකොට ජින් නම් හිටියෙ ඉවසීමෙ සීමාවෙ උපරිම මට්ටමේ..

"තමුන් කවුද කියලා කියනව ද නැද්ද!?

ජින් ඇහුවෙ උපරිම ඉවසීමකින්..

"ඕකේ ඕකේ මිස්ටර් ජින්.. මම නං NIS එකේ වැඩ කරන පොඩි නිලධාරියෙක් හැබැයි තව ටිකකින් මෙතනට එන්නෙ නම් ලොක්කෙක්.."

"මොකක්ද!? NIS එකෙන් මොකටද මෙතනට එන්නෙ?"

"අහ් මේකයි මිස්ටර් ජින් අද දවල් කෙනෙක් ඇවිත් මිස්ටර් ජින් තමයි බ්ලැක් ශැඩෝ ලීඩර් කියලා අපිට ඔත්තුවක් දීලා ගියා.. මොනා නමුත් ඒ කෙනා හිටියෙ මිස්ටර් එක්ක ලොකු වෛරයකින් වගෙයි මට පෙනුනේ.. ඒ නිසා අපේ NIS එකේ අය මිස්ටර්ව ඇරෙස්ට් කරන්න එන ගමන්.."

ඒ වෙලාවෙ ජින්ගෙ මූණ සාමාන්‍ය මනුස්සයෙකුට බලන්න බැරි තරමට නපුරු වෙලයි තිබුනේ.. ඒ නිසා ම මෙච්චර වෙලා ජින්ගෙ මූණ දිහා බලාගෙන කතා කරපු එයා ජින් ගෙන් ඇස් පැත්තකට අරගත්තා..

"කවුද ඒ?"

"මං ඒ කවුද කියන්න නං දන්නෙ නෑ හැබැයි මං මිස්ටර්ට පොටො එකක් නං ගෙනාවා.."

මින්හෝ ජින්ට පොටො එකක් දුන්නා.. ඒ පොටො එක දිහා හොදට බැලුව ජින් මින්හෝ දිහා බලාගෙන හිටියා..

"මොකටද තමුන් මට උදව් කරන්නෙ?"

ජින් අහනකොට මින්හෝ උත්තරයක් නොදී හිනා උනා..

"මට කියනවා මොකටද තමුසෙ මට උදව් කරන්නෙ? මේ දේවල් මට කියන්නෙ මොකටද? තමුන් NIS එකෙන් නේද?"

"මේකයි මිස්ටර් මං ඔයාට උදව් කරන්නෙ උදව්වක් බලාපොරොත්තුවෙන්.."

"උදව්වක්?"

"ලොකු ලොකු දේවල් නම් නෙවෙයි මට ඕන පොඩි දෙයක්.. මිස්ටර් ඒකට කැමති නම් මට පුළුවන් NIS එකෙන් කම්පැනි එක වටලන එක නවත්තලා දෙන්න.."

එහෙම කියපු මින්හෝ එයාගෙ වොට්ච් එකෙන් වෙලාව බැලුවා..

"ම්ම් තව විනාඩි පහකින් මිස්ටර්ගෙ කම්පැනි එක NIS එකෙන් වටලනවා.."

ජින් තාමත් මින්හෝගේ මූණ දිහා එක එල්ලේ බලාගෙන ඉන්නවා..

"මොකක්ද උදව්ව?"

"සරලයි.. මාව ඔයාගේ ගැන්ග් එකට බදවගන්න.."

"මොව්!?"

එහෙම කියන ගමන් ජින් ටේබල් එකට හයියෙන් පාරක් ගහන ගමන් නැගිට්ටා.. නැගිටපු වේගෙට ජින්ගෙ පුටුව තල්ලුවෙලා ගිහිං කබඩ් එකක වැදුනා..

"තමුසෙට පිස්සු ද අයිසේ? කොහෙවත් යන උන්ව මගෙ ගැන්ග් එකට ගන්න තමුසෙ හිතුවද මට ඔල්මාදේ කියලා ආහ්?"

"හෝව් හෝව් මිස්ටර් අංක එක මම කොහෙවත් යන කෙනෙක් නෙවෙයි මම NIS එකේ නිලධාරියෙක්.. මම හොඳ පුහුණුවක් ලබපු කෙනෙක්.. ඒ නිසා මාව බදවගත්තා කියලා පාඩුවක් නෑ.."

ඒත් එක්ක ම කැබින් එකේ දොර ඇරගෙන ඇතුලට දුවගෙන ආවේ සන්ශික්..

"බොස් කම්පැනි එක NIS එකෙන් වටලලා.."

"ආයිශ් වට් ද ෆ@&"

"තව විනාඩි පහක් යනකොට මෙතනට මීඩියා වලින් පිරෙයි.."

"තමුන්.. තමුන්ට මොනවද කරන්න පුළුවන්?"

"මට පුලුවන් චෙක් කරන එක නවත්තලා මිස්ටර්ව ඇරෙස්ට් කරන එක නවත්තලා දෙන්න.."

මින්හෝ කියන කොට ජින් හොඳ හුස්මක් ගත්තා..

"ඕකේ.. මං තමුන්ට උදව් කරන්නං.. හෙට උදේ 10.00ට එනවා.. දැං ගිහිල්ලා මේක නවත්තනවා..!!!"

"ඕකේ.."

සන්ශික් පුදුමෙන් ජින් දිහාත් මින්හෝ දිහාත් බලනකොට මින්හෝ ජින්ට ආචාර කරලා ඉක්මනට කැබින් එකෙන් එලියට ගියා.. ඒ පස්සෙන් සන්ශික්ත් කැබින් එකෙන් එලියට ගියා..

විනාඩි පහක් ඇතුලත NIS එකේ වාහන හරවාගෙන ආයෙත් යන හැටි ජින් කැබින් එකේ වීදුරුවෙන් බලාගෙන හිටියා.. ඒත් එක්ක ම ජින් පුටුවට හයියෙන් පාරක් ගහලා ටේබල් එකටත් හයියෙන් පාරක් ගැහුවෙ තමන් මෙච්චර වෙලා හිර කරගෙන හිටපු කේන්තිය පිට කරලා දාන්න..

"ශිට් වට් ද ෆ@&.. මොන මගුලක් ද ඒ උනේ.. අහර්ර්ර්ර් කොහෙවත් යන පොඩි එකෙකුට දෙකට නැවෙන්න ශිට්!"

ජින් සාක්කුවෙ තිබුණු ෆෝන් එක අරගෙන සන්ශික්ට කෝල් එකක් ගත්තා..

"ඉක්මනට කැබින් එකට එනවා!!"

ජින් කෝල් එක කට් කරන ක්ෂණයෙන් සන්ශික් කැබින් එකට ආවා..

"බොස්.."

"ඒ ආපු එකා ගැන මට සේරම විස්තර ටික හොයලා ඕන.. ඒ වගේ ම මං ගැන ඔත්තුව දීපු ඒ අපතයාවත් මට අද දවස ඇතුලත ගෙනත් දීපම්.. ඌට කිසි හීරීමක්වත් වෙන්න බෑ.. ගොට් ඉට්.."

"දේ බොස්"

"දැන් යනවා.."

මින්හෝ දීපු පොටෝ එකත් අරගෙන සන්ශික් කැබින් එකෙන් එලියට ගියා..

"කිසි බයක් නැතුව මං ලගට ඇවිත් මට ම පාට් දාලා මගේ ම ගැන්ග් එකට බැඳෙන්න! උඹ හිතං ඇත්තෙ මාත් එක්ක ලේසි කියලනේ.. උඹේ ජීවිතේ මං අපායක් කරනවා..!"

වීදුරුවෙන් පේන හිස් අහස දිහා බලාගෙන ජින් කල්පනා කරන්න ගන්නකොට කේන්තියට ජින්ගේ අතේ තිබුණු ප්ලාස්ටික් වතුර බෝතලේ පොඩි වෙලා ගියා..

ටික වෙලාවකින් ජින්ගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.. ජින් හොඳ හුස්මක් අරගෙන කෝල් එක ආන්සර් කරා..

"කියන්න ටේයොන්"

"හ්යොන්ග් ජන්ග්කුක්ට තුවාලයි.."

_____________________

මින්හෝ 🙂💖

කිසිත් නොකියමි බලා සැනසෙමි🙂

කමෙන්ටුවක් ඕනා හූම්😪

බායිම් 👋

Continue Reading

You'll Also Like

49.3K 2.7K 42
កាលពីកន្លងមកគេចាត់ទុកយើងត្រឹមតែជាប្អូនប្រុសម្នាក់ប៉ុណ្ណោះ ជុងហ្គុក ចនអេនឡាក់ដែលជាកូនប្រុសទោលតែម្នាក់នៅក្នុងវង្សត្រកូលចន នាយសង្ហាម្នាក់នេះគ្មានចិត្តប្...
178K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
37.8K 5.6K 37
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
13.1K 1.5K 67
ဖတ်ကြည့်နော်🥰🥰