Next day
"එහෙනං කොල්ලනේ.. මේකත් ගොඩ දාගෙන උබලත් ගොඩ යමං.."
"කම්සාම්නිදා සජංග්නිම්..."
මායි ජිමිනුයි බොස්ට ස්තූති කරලා එහෙන් එවලා තිබ්බ වාහනේට නැග්ගෙ හා හා පුරා කියලා අතට ගාණක් හොයා ගන්න...
"මේකත් ගොඩ දාමු චූටියො..."
"අනිවාරෙන්.."
ග්ලාස් තනි ටින්ටඩ් වෙච්ච වාහනේ මායි ජිමිනුයි වාඩි වෙලා ගියේ මොනා උනත් ලොක්කා අපිව අමාරුවෙ දාන්නෙ නෑ කියලා හිතේ තිබ්බ විශ්වාසෙට...
"තැනට ආවා සර් බහින්න..."
පැය කාලක විතර ගමනකට පස්සෙ driver අපිට බහින්න කියාගෙනම වාහනෙ නවත්තද්දි හිත නොසන්සුන් උනත් මම වාහනෙන් බැස්සෙ මොන අපායට එක්කන් ආවා උනත් තව මාසයක්වත් අපිට මේකෙ වැඩ කරන්න වෙනවා කියලා දන්න නිසා.. ඒත්..
"දෙයියනේ Minie..."
"අයියට ශුවර්ද මේ අපිව හරිම තැනට එක්කන් ආවෙ කියලා..."
"ඔව් සර් මේක තමයි තැන.."
මාව රත්වෙලා ගියා.. බෑ... මෙතන.. කොහෙත්ම බෑ...
"ජිමිනි ප්ලීස් අපි මෙතනින් යමු.. එයා මාව දකී මිනී.. දෙයියන්ගෙ නාමෙන් මාව අරන් යන්නකො ජිමින්.."
"ශ්ශ්ශ්... කාම් ඩවුන් මැණික...කවුරුත් ඔයාව අදුර ගන්නෙ නෑ..ඉන්න මන් ලොක්කට කෝල් එකක් දෙන්නං...
"යොබුසේයො සජංග්නිම්.."
............................
"අනියො.. ඒත්..
.......................................................
" මන් දන්නවා.. ඒත් අපිට මේ වැඩේ කරන්න විදිහක් නෑ..."
.................................................
"ආයිශ්... අරස්සෝ සජංග්නිම්.. කුමාවොයො..."
"ජිමිනි එයා මොනාද කිව්වෙ... අපි ගෙදර යනවද..."
මන් ජිමින්ගෙ අතේ එල්ලිලා ඇහුවත් මට මන් අහපු දේ ගැන වැඩි විශ්වාසයක් තිබුනෙ නෑ..
"චොම්මල් මියානෙ චූටි.. එයා කියනවා අපි කන්ට්‍රැක්ට් එක සයින් කලේ කම්පැනි එකත් එක්කලු.. එයාලා කීයටවත් අපිට අයින් වෙන්න දෙන එකක් නෑ... මට ඇත්තටම සමාවෙන්න චූටි මෙහෙම එකක් වෙයි කියලා දන්නවනං..."
මම බර හුස්මක් පහතට දැම්මා...
'Soul High school'
අන්තිමට මට මෙතෙන්ටම එන්න උනා.. ලොකුවට ගහලා තියන බෝඩ් එක දිහා බලාගෙන මම හීල්ලුවා..මන් කොහොමද දෙයියනේ ඇතුලට යන්නෙ..
"ආ මේ කැප් එක හිරවෙන්න දාගන්නකො මැණික... කාටවත් බෑ ඔයාව අදුන ගන්න..."
"Excuse me.. ඔයාලා එනකන් ලොකු සර් බලන් ඉන්නවා.."
"අපි එනවා.."
තරුණ වයසෙ කොල්ලො කුරුට්ටො අපි දිහා බලාගෙන යද්දි මන් තවත් ඒ කැප් එක ඔළුවට තද කර ගත්තා.. මට හැංගෙන්න ඕනෙ..හැමෝගෙන්ම..මන් බිම බලාගෙන ඇවිද්දා..මගෙ අතට තද වුන මිනීගෙ අත මට පාර පෙන්නද්දි මන් එයා අදින පැත්‍තට ඇදිලා ගියා.. මන් බය නෑ.. ඒත් මගෙ දුර්වලකම මගෙ ළග තියෙද්දි මන් කොහොමද බය නැතුව ඉන්නෙ.. කුකී..මට මාවම එයාගෙන් හංගන්න ඕනෙ වෙද්දි මේ ඉස්කෝලෙ ඇතුලෙම එයා මන් දිහා බලන් ඉන්නවා කියන දේ මගෙ හුස්ම හිර කලා..
"එයා වෛර කරනවා.."
"මෝ.."
ජිමින් ඇස් දෙකත් ලොකු කරන් මොකද්ද මන් ඒ කිව්ව හරුපෙ කියලා බලන් ඉද්දි මන් ඉස්සරහ බලා ගත්තා...
"රැවටීම... මගෙ කූ රැවටීම කියන වචනෙටත් වෛර කරනවා මිනී.."
"අනේ චූටි..."
නොදැනීම කදුළක් බිමට වැටුනා.. මට අඬන්න ඕනෙ නෑ.. ඒත් දැනිලා තියනවද.. තමන්ට ඉන්න එකම කෙනත් තමන්ට නැති වෙයි කියන බය..ඒක.. ඒක..
"කදුළු එපා චූටියො.. ඔය කදුළු ඕනෙවටත් වැඩී ඔයාට..."
"හ්ම්ම්"
ජිමින් මාව එතන හද හදා තිබුනු බිල්ඩින් එකක් ගාවට එක්කන් යද්දි එතන හිටපු full suit ඇද ගත්‍ත සෙට් එකෙන් එක්කෙනෙක් හිනා වෙලා අපි ඉස්සරහට ආවා..
"Nice to meet you mr."
"Park.. මෙයා mr. Jeon.."
"Ooh.. nice to meet you two.."
එයාලා අපිත් එක්ක මෙතන වැඩ වෙන විදිහ ගැන කතා කරලා අපිට වැඩ භාර දුන්නා.. අපි සාමාන්‍ය කම්කරුවො උනත් මටයි ජිමිනිටයි එකතු උනාම යමක් කමක් කරගන්න පුළුවන්කමක් තිබුණා..
අපිට මෙතන mainly කියලා කරන්න තිබ්බෙ මෙතන වෙන අඩුපාඩු බලන එකයි ප්ලෑන් එක රීඇරේන්ජ් කරන එකයි...
"Minie..."
"ම්ම්ම්..."
"කුකී..."
"බය වෙන්න එපා චූටි එයාට ඔයාව අදුර ගන්න බෑ.. අනිත් එක මේ සයිඩ් එක working area එකක් හින්දා ගොඩක් අය මෙහෙ එන්නෙ නෑ.."
"එතකොට ඔයා..."
"මම ගැන මොනාද.."
ආයිශ්...මගෙ ඔක්කොම බැලුවහම හරිනෙ..එයා ගැන කිසිම ගානක් නෑ..පව් අප්පා මගෙ කොල්ලා..
" ඇයි මැට්ටො.. කුකී ඔයාවත් අදුරනවනේ.."
"Oh god.. මට අමතක උනානෙ.."
ජිමිනි ඉක්මනට සාක්කුවෙන් ගත්ත මාස්ක් එකකින් මූන cover කරගනිද්දි මාත් තව ටිකක් කැප් එක පහත් කර ගත්තා..මෙහෙම ගියොත් නං ටික දවසකින් මට තව කැප් එකක් ගන්න වෙයි වගේ...
"චූටි එන්න ලන්ච් ගන්න.."
" මේ එනවා.."
මන් ජිමින් හිටපු දිහාට යද්දි අපිට සපෝට් එකට හිටපු ඔක්කොම අනිත් පැත්තට ගියා..
"එයාලා කොහෙද යන්නෙ ජිමිනි.."
"ග්‍රවුන්ඩ් එක කොනේ තියන කැන්ටින් එකට.."
"එතකොට අපි මේ කොහෙද යන්නෙ.."
"ස්කූල් මෙයින් කැෆටේරියා එකට.."
දෙයියනේ...මේ කොල්ලගෙ මොලේ නරක් වෙලාද..
"යා මැටි තාරාවො.. පිස්සු හැදිලද ඒකට යන්න.."
"අපිට කැෆටේරියා එකට යන්න පර්මිශන් තියනවා.. මාත් එක්ක එන්න.."
මෙයාට මොකක් වෙලාද.. මාව අල්ලලා දෙන්නද ඕනෙ.. වැරදිලා හරි කුකී කැෆටේරියා එකට ආවොත්..
"මට බෑ මන් යනවා එහා පැත්තෙ කැන්ටින් එකට.."
"චූටි මගෙ යකා අවුස්සන්නෙ නැතුව මාත් එක්ක එනවා.."
"තමුන්ගෙ මොලේ කරවෙලාද පාක් ජිමින්.."
මන් ජිමින්ගෙ අතත් ගසලා කෑ ගහද්දි එයා මන් දිහාට හැරුනෙ උපරිම ඉවසීමෙන්..
"ඔවු මට පිස්සු.. එතන ගුහාවක් වගේ..අදුරු තැන් ඕනවටත් වඩා.. අනිත් එක තමුසෙ හිතන් ඉන්නෙ හැම මිනිහම සුද්දවන්තයො කියලද.. මෙතන වැඩ කරන බාගෙට බාගයක් උන් කුඩ්ඩො එහෙම නැත්ත්න් සල්ලාලයො කියලා තමුසෙට පේන්නෙ නැද්ද ආ..තමුසෙ මන් වගේ උන් මෙතන වැඩ කරන්නෙ අසරණකමට උනාට මෙතන ඉන්න ගොඩක් උන් වැඩ කරන්නෙ කීයක් හරි අතට අර ගෙන බාර් ගානෙ ගිහින් බීලා ගෙදර ගෑනිට ගහන්න.. එහෙමත් නැත්තන් ඉස්කෝලෙ ඉන්න අහින්සක කෙල්ලන්ගෙන් අසහනේ නිවා ගන්න.. තමුසෙටත් ඕනෙ උන් අස්සෙ ඉදන් තොතොල් වෙන්න නං ගිහින් #මින ගන්න එකයි ඇත්තෙ උන් එක්කම..තමුසෙට තමුසෙව වටින්නැති උනාට තමුසෙව වටින උන් මේ ලෝකෙ ඉන්නවා..හරි පිරිමියනෙ නේ... තමුසෙට ඕන #ත්තක් කරගනිං.. මන් යනවා යන්න.."
ජිමින් මාව දාලා යද්දි මන් බොඳ වෙලා පේන ඒ රූපෙ දිහා බලන් හිටියා.. මාව ශොක් වෙලා.. ජිමිනි කවදාවත් ඔච්චර සද්දෙන් මට කතා කරලා නෑ..
"ආයිශ්..."
"මමයි එයාගෙ යකා ඇවිස්සුවෙ.."
මන් මටම බැන බැන ජිමින් හොයාගෙන දිව්වා.. පපුවක ඔළුව ගහගත්තම මට ආරක්ෂාවක් දැනුනෙ තුන් දෙනෙක් ළග විතරයි.. එතනින් එක්කෙනෙක් මාව දාලා ගිහින් ඉවරයි..අප්පෙක් ගාව හැමදාම දුවෙකුට ඕනෙ ආදරේ රැකවරණෙ අඩු නැතුව තිබුණත් ඒ රැකවරණෙ විදගන්න දෙයියො මට ඉඩ දුන්නෙ හරිම පොඩි කාලයයි..තාත්තෙක් නැතුව , මිනිහෙක් නැතුව දුවෙක් , ගෑනියෙක් අන්තෙටම අසරණ වෙන එක අමුතු දෙයක් නෙමෙයි...ඒ නිසයි එයාලා තවත් කෙනෙක්ගෙන් රැකවරණයක් , ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්නෙ..
මේ සමාජෙ හරි භයානකයි..හැම එකාම බලන්නෙ අසරණකමෙන් ප්‍රයෝජන ගන්න විතරක්ම වෙනකොට කිසිම වාසියක් නොතකා තමන්ට හයියක් වෙන්න ආපු ජිමිනි වගේ දේවදූතයොත් නැත්තෙම නෑ... නැති දේවල් ඕනෙ නෑ.. තියන පොඩි දේ හොදටම ඇති මනුස්සයෙක්ට සතුටුවෙන්න.. ලැබිච්ච මනුස්ස ආත්මෙත් තව මිනිහෙක්ට බරක් නොවී ජීවත් වෙන එක ඇත්තටම ගොඩක් වටිනවා..මියානෙ මිනී.. මන් ඒ ගැන ලොකුවට හිතුවෙ නෑ..
"මෙන්න මෙහෙ වරෙන් යන්න.. හිතන් ඇත්තෙ අරුන් එක #මිනෙන්න වෙන්න ඇති..."
"මියානෙ මිනී.."
කොහෙදෝ ඉදන් ආපහු මතු උනු ජිමින් ආයෙමත් මගෙ අතින් ඇදගෙන මාව කැෆටෙරියා එකට එක්කන් යද්දි මාත් ඒ පස්සෙන් මීක් නොකියා ගියේ ආපහු මෙයා බයින්න ගත්තොත් රෙදි ගැලවෙන්නම බයිනවා කියලා දන්න හින්දා..මායි ජිමිනුයි කැෆටේරියා එකේ අයිනෙම තිබ්බ ටේබල් එකක වාඩි වෙද්දි කැෆටෙරියා එකේ හිටපු ළමයි ඔක්කොම මායි ජිමිනියි දිහා කන්න වගේ බලන් ඉද්දි මන් ඒ එක්කෙනෙක්වත් ගණන් නොගෙන බිම බලා ගත්තා..
"මේ මිස්ට..."
මගෙ ළගට ආපු කෙල්ලො තුන්දෙනෙක් මන් වාඩිවෙලා හිටිය ටේබල් එක උඩින් වාඩි වෙද්දි මන් මූණ උස්සලා ඒ ළමයි දිහා බැලුවා..වැඩිම උනොත් දාසයක් ඇති ඒ කෙල්ලන්ට..
"මොකක් හරි ප්‍රශ්නයක්ද.."
මන් කෙලිම්ම අහද්දි ඒ කෙල්ලො විනාඩියක් විතර මන් දිහා නක්කලේට බලාගෙන ඉදලා ආයි කතාව පටන් ගත්තා..
"ඔව් ලොකු ප්‍රශ්නයක්..මේකෙ කෑම කන්න පුළුවන් ඉගෙන ගන්න බුද්ධිමත් ළමයින්‍ට මිසක් දූවිලී කාගෙන අවුවෙ කරවෙන තමුසෙලා වගේ නූගතුන්ට නෙමෙයි.."
.
.
.
By crazyarmygirls_
_________________________________________
ඔන්න ළග ළගම අප්ඩේට් දුන්නා ශුඩූලා🌝❤️
බණ වැඩී වගේද🙂අර කුක්කා මට බයිනවා බණ වැඩි.. රීඩර් බබාලාට කියවන එක එපාවෙයි කියලා🙂💔
ඒක නෙමෙයි ළමයි.. මේක චැප්ටර්ස් 45ක් 50ක් විතර ඇද්දට කමක් නැද්ද😕
ඔයාලගෙ අදහස් කියන් යන්න..
මන් යනෝ🌝 චෙරියෝ❤️
Vote and comment pls _
To be continued_