💍I SEE YOU💍 ( Zhanyi short...

Da Axianrhu123

8.8K 1.9K 673

මං ඔයාව දකිනවා..... මට ඈතින් හිටියත් .... මගෙ නොවුනත්.... හීනයක් විතරක් ම උනත්... Altro

_💔💔01_
_💔💔02_
_💔💔03_
_💔💔04_
_💔💔05_
_💔💔06_
_💔💔07_
_💔💔08_
_💔💔09_
_💔💔11_( Bonus )
_💔💔12_
_💔💔13_
_💔💔14_
_💔💔15_
_💔💔16_

_💔💔10_

449 120 29
Da Axianrhu123



..


..


..






..එක්ස්කියුස් මී   ඩොක්ටර් විජේවීර ...


   හිතන්නත් කලින් මගෙ බෙල්ල දකුණු පැත්තට හැරුනා...ඒ හිටියේ ගෑනු ළමයෙක්....රතු පාට විලුබ ලගටම දිග ඒ..ත් ශේව් කරපු කලවා හොඳටම පේන විදිහට කැපුමක් තිබ්බ ගවුමෙ  කැපුමකට නිරාවරණය උනු පිට මැදට කොන්ඩෙ වැටෙන්න සරල මෝස්තරයක් දාලා හිටිය කෙල්ලෙක්....මගෙම වයසෙ කියන්න පුලුවන් චාම් ලස්සනක් තිබ්බ කෙනෙක්...සායම් ගෑව තොල් අස්සෙ ඇදුනු ආගන්තුක හිනාවක්....ඒ වගේම ළඟින් එන ජැස්මින් සුවදක්....එයාට හායි කිව්ව මං ඇස් හීනි කලා...මට ඕන උනා මං එයාව අදුනන්නෙ නෑ කියලා කියන්න....


..ඕහ්..සොරි මං හිතන්නෙ ඇවිත් කතා කළාට  ඔයා මාව දන්නෙ නෑ...

..May Be ..

..Huh may be නෙවේ ඔයා කොහොමත් මාව අදුනගන්න විදිහක් නෑ....අපි දෙන්නා කවදාවත් හම්බ වෙලා නෑ.....ම්ම්..මං හිතන්නවා ඩොක්ටර්ගෙ විජේවීරගේ කාලය මං මේ නාස්ති කරනවා නෙවේ කියලා..

..නෑ එහෙම දෙයක් නෑ...මිස්ට කියන්න මොනා හරි තියෙනවද....

..ඇත්තටම ඔව්...ඒක ටිකක් උපදෙසක් වගේ දෙයක්...ඒ කියන්නෙ මට දැනගන්න ඕන අසනීපයක් ගැන....රෝග ලක්ශන තියෙනවා..ඒ උනත් හිතේ සැකයක් තියෙනවා විශාදයද කියලා....මගෙ කසීන් කෙනෙක්ට...ඩොක්ටර්ට පුලුවන් ද මඩ එපොයිමන්ට එකක් දෙන්න..එහෙම නැත්නම් මේ වෙලාවේ ඩොක්ටර් බිසීද....




  අදුනන්නෙ නැති උනත් ඒ ගෑනු ළමයා ඇවිත් හිටියේ අසනීපයක් ගැන උපදෙසක් ගන්න දෙනකොට මං බෑ නොකිය ඔලුව වැනුව...එපොයිමන්ට් එකක් දානවට වඩා දැන් කතා කරන එක මට ලේසියි....කොහොමත් සේනානායක සර් දැන්ම බර්ත්ඩේ කේක් එක කපන්නෙ නෑ...සර් ඉන්නෙ දුවයි බබාලයි  ලෑන්ඩ් කරනකම්...ඒකට වෙලා යනවා....මෙතන හිටියා කියලත් කරන්න දෙයක් නැතිකමට මං එයා එක්ක කතා කලා....ටේබල් එකකට වෙලා  ෆෝන් එකේ එල්ලිලා ඉදගෙන ඉන්නවට වඩා තවත් කෙනෙක්ගෙ අසනීපයක් වෙනුවෙන් ඒ කාලෙ වෙන් කරන එක හොදයි කියලා මට හිතුනා.......

  ගෙවුණු කාලෙත් එක්ක හිත හදාගන්න මට කරන්න පුලුවන් උනු හොදම දේ පඩියට තවත් කෙනෙක්ගෙ හිත හදන එක වෙනකොට නිදාගන්න එන පැය ගානට හැර දවසෙ ඉතුරු කාලේ මට සැනසීමෙන් ඉන්න පුලුවන් උනා...අවුරුදු හතක් ගිහින්....ඒත් කරන්න පුලුවන් වෙයි කියලා හිතුවට මට තාම ඒ වේදනාවෙන් මිදෙන්න බැරි උනා....විහිලුවට බැඳීම් ඇති කරගන්න මිනිස්සු අතරෙ මං ආදරේ කලේ හදවතින්ම වෙද්දි ඒ හැඟීම වෙන් කරන්න බැරි තරමට මගෙ හදවතට කා වැදිලා තිබුනා..අදක ඊයේක වින්දා හා සමානව මොහොතින් මොහොත එයා මගෙ නෙවේ කියන සිතුවිල්ල අලුත් වෙන්න ගන්නකොට තවත් ඇවිලෙනවා මිස මට නිවිමක් නෑ...පිලිගත්තෙ නෑ..විස්වාස කලෙත් නෑ..ඒත් දැන් දැනෙනවා...පලවෙනි ආදරේ කියන්නෙම ගොඩක් දෙනෙකුට අයිති කරගන්න බැරි වගේම අමතක කරන්නත් බැරි හීනයක් කියන එක....


..තෑන්ක්‍යූ ඩොක්ටර් ...ඇත්තටම මං හිතාගන්න බැරිව හිටියේ මේකට කරන්න ඕන මොකක්ද කියන එක...

ගෑනු ලමයා හිනාවෙලා කියනකොට මාත් තොල් හීනි කරන් හිනා උනා...බට්ටි කියනවා මට කා එක්කවත් හිනාවෙන්න එපාලු..මගෙ හිනාවට බලන් ඉන්න ඕන කෙනෙක්ට ලෝබ හිතෙනවලු...ඒ...ත් මගෙන් පිට වෙන හැම හිනාවක්ම ඇල්මැරුනු ජීවයෙන් තොර හිනාවක් විතරයි කියන එක මං විතරක්ම දැනන් හිටියා...කාට ලස්සනට පෙනුනත් මගෙ හිනාව අයිති වෙන්න ඕන කෙනා වෙන කෙනෙක්ගෙ වෙන්න ලෑස්ති වෙලා ඉන්නකොට  හිනාවෙන හැම මොහොතකම මට දැනුනේ මං හිනාවෙන්නෙ මගෙම හදවතේ මලගමට කියන එකයි...ඒ...ත් මං ඉවසුවා...හිනාවෙන හැම මිනිහම සතුටෙන් නෙවේ කියන්නම මං හිනා උනා....


..තෑන්ක්ස් කරන්න ඕන නැ..මිස්..මට සතුටුයි තව කෙනෙක්ට උදවු කරන්න ලැබුණු එකට....ඔයාගේ කසීන්ව ඉක්මනට මං ලගට අරන් එන්න..

..හරි ඩොක්ටර් විජේවීර ...

..ඕහ්...ඩොක්ටර් කියන්න ඕන නෑ..කැශුවලි මට සනුල කියලා කියන්න..ඒක මට පහසුයි....

..හරි එහෙනම්..මං මිස්ටර් සනුල කියලා කියන්නම්....අදුන ලැබීම සතුටක්...මං ආදිති...

..මටත් අදුන ගන්න ලැබීම සතුටක් මිස් ආදිති.....


  මං ආයෙමත් හිනා උනා..හිතේ මොන ගින්දරක් තිබ්බත් කාගෙවත් ඉස්සරහා අඩන්න බැරිකමට මං හදවතින් නොවුනත් හිනා උනා.....කතා කරපු විස්තර අනුව මිස් ආදිතිගෙ කසීන්ගේ රෝග ලක්ශන එක්ක එයා ඉන්නෙ විශාදයේ පලවෙනි පියවරේ කියන එක තේරෙද්දි මට ඕන උනා කවුරු උනත් ඉක්මනට ඒ කෙනාව ගොඩගන්න ට්‍රීට්මන්ට් පටන් ගන්න...මැරි මැරී ජීවත් වෙන එකට වඩා තව කෙනෙක්ගෙ හිත හදන්න , එයාලාට සැනසෙන්න පාරක් හදලා දෙන්න මට ඕනකම දැනුණා..අඩුම තරමේ ඒකෙන්වත් මගෙ වේදනාව අඩු වෙලා යනවා නම්...


..මිස් ආදිති මට ඔයාගෙ නම්බර් එක දෙන්න....මන්ම ඒ ගැන ටිකක් හොයලා බලන්න..

..ඕහ්..ශුවර් ..ඉන්න මං දෙන්නම්....ආ..හ්හ්..ටිකක් ඉන්න මිස්ටර් සනුල..මගෙ ෆෝන් එකයි කාඩ් එකයි මං මගෙ ෆියෝන්සිට දීලා ආවා...

..ආ..ඒකට කමක් නෑ මිස්...ඉන්න මගෙ කාඩ් එක ම..න්..ආ...හ්හ්හ්හ්....





   ආදිති එක්ක කතා කරලා එයාට කාඩ් එක් දෙන්න ලෑස්ති උනත් ළඟින් ගිය වේටර් කෙනෙක්ගෙ අතින් මගෙ ඇගට ජූස් එකක් හැලුනා..ඒක හැලුනෙම මගෙ වොලට් එක උඩට වෙනකොට මං ඒකත් ගසන ගමන් හිටිය තැනෙන් නැගිට්ටා....කලබල උනු ආදිතිත් ටිශූ එකක් අරන් මගෙ කෝට් එක පිහින්න ගන්නකොට වොශෲම් එකක් තියෙනවද බලන්න මං වටපිට බැලුවා....ඒ...ත් මගෙ ඇස් ඊට කලින් නතර උනේ ටිකක් එහායින් දිනුක එක්ක කතා කරන ගමන් හිටිය තාරු ලග....මේ වෙන වෙලාවක් නම් මටත් ඇස් අහකට ගන්න තිබුනා..ඒ උනත් එයාගේ ඇසුත් නතර වෙලා තිබුනේ මගෙ ඇස් ළඟ වෙනකොට මට දැනුනේ පපුවෙ හිරියක් ඇදිලා ගියා වගේ හැඟීමක්...තේරුම් බේරුම් කරගන්න බැරි හැඟීම් ගොඩක් එක්ක මගේ ඇස් ළඟ නතර උනු එයාගෙ ඇස් ආදිතිගෙ පැත්තට හැරවෙද්දි මාත් ඒ කෙලින්ම ආදිති දිහා බැලුනා..ආ..හ්..ඇයි මට ගානක් ගියේ නැත්තේ...එයා හිටියේ ටිශූ එකෙන් මගෙ පපුව ලග පිහින ගමන්....හිතට වරදකාරි හැඟීමක් දැනෙන්න ගන්නකොට මං එක්ස්කියුස් කරලා ඉක්මනට වොශෲම් එකට ගියා.....තාමත් එයාගෙ කෙලින්ම තිබ්බ බැල්ම හිත හිරිවට්ටනවා වගේ දැනෙද්දි  මං ඕනාවටත් වඩා කාලයක් වොශෲම් එක ඇතුලෙ හිටියා....ජූස් පැල්ලම හෝදගත්තු මං සේනානායක සර්ට ලැබෙන ගිෆ්ට් දිහා බලාගෙනම මගෙ ටේබල් එකෙන් වාඩි උනා.....ආදිති පේන්න හිටියේ නෑ....දිනුක පේන්න හිටියෙත් නෑ...මට කියලා ලොකුවට අදුනන කෙනෙක් නැති කොට මං එයාව හොයන්න ඇස් කැරකෙව්වා....

..ඒ...ත්....ඔනේ නම් විනාඩියක් යන්න ඇති.....


..Can i sit here sanuu..























   .මන් හුස්මක් ඇදලා ගත්තා...පපුව පිරෙන්නම....මොකද මට ඕන උනා....එයාගෙන් ඈත් වෙලා යන්න....කවදා දකින්න ලැබෙයිද කියලා හිතාගන්න බැරි එයා හෙට හවස යන්න යනකොට ඒ වේදනාවෙන් තවත් හිත පෑරෙනවා දරාගන්න බැරිව මට යන්න ඕන උනා...ළඟින් රැඳෙන මොහොතක් මොහොතක් පාසා අතාරින්න  බැරි තරමට මං එයාට ලන් වෙයි කියන බයටම මං යන්න නැගිට්ටා...ඒ අතට මගෙ අත හිර වෙලා තිබ්බත්...සීතලේම උනුහුමක් හොයන් එයා මට ගුලි උනත් හිත පිච්චෙන වේදනාවත් එක්ක මං යන්න හැදුවා....ඇස්වලින් කදුලු කැට කඩන් වැටෙද්දි එයා දිහා නොබලා ඉන්න උත්සහා කලා.....ඒ හුස්ම ගන්න හඩට සමානව පපුව ගැහෙන වේගෙත් එකහා සමානව යනකොට නැවතියන් කියලා මං මගෙම පපුවට මිට් මොලවලා ගහගත්තා....ඒ..ත් ඊටත් වඩා  වේගෙන් ගැහෙන්න ගත්තා මිසක පැනලා යන්නවත් කකුල්වලට පණක් නොවෙනකොට මං අකමැතිකමට උනත් මගෙ අත එයාගේ අතෙන් ඇදලා ගත්තා....වාන් දැම්මා වගේ ඇස්වලින් කඳුළු කැට පල්ලම් බහිද්දි මං ටෙන්ට් එකේ කොනක තිබ්බ එයාගේ බෑග් එක ඇදලා ගත්තා....කෑ ගහලා අඩන්නවත් මට හයියක් නැති කොට බෑග් එකේ තිබ්බ ට්‍රැවල් බුක් එක අරන් හිස් පිටුවක් පෙරලුවා...පෑන් තුඩටත් කලින් කඳුළු බින්දුවකින් ඒ පිටු හැඩවෙනකොට මං එයාටත් හොරා නහය ඉහළට ඇද්දා....



..ඒ හැගීම මං විඳිනවා ..
අල්ලන්න බැරි
දකින්නත් බැරි
ආදරය කියලා කියන...

මේ මොහොත මං විඳිනවා..
කදුලක ඉතිරියක් උනු
වේදනාවක සේයාවක් උනු
වෙන්වීමකට අත වනන...

මං ඔයාව දකිනවා..
මගෙ නොවුනත්
මට ඈතින් හිටියත්
හීනයක්ම විතරක් උනත්...

බලාපොරොත්තුවක් තියෙනවා...
ඔයා මගෙ තුරුලට වී
මං එක්කම පියවර තියන
දවසක් කවදා හෝ එනකම්....




    පෑන  අල්ලන් හිටිය අත ගැහුනා...මුහුදු හුලගට වඩා හිතේ තෙරපෙන හැඟීම් දරාගන්න බැරි තැන...මගෙ තොල් පොට වෙවුලුවා..ඉවසන් නොයිද අඩපන් කියලා හිත කෑ ගහන තැන...හරවපු පය එකතැන නතර උනා...එයාවත් යමන් කියන සිතුවිල්ලෙන් හිතම පෑරෙන තැන...ඒත් මං  අමාරුවෙන් ඉවසුවා....එයා මට අයිති වෙන්නෙ නැති බව ලෝකෙම කියයි කියලා දැනුනු තැන.....




     යන්න ඕන උනා...ආපහු හැරීමක් නැතිව..අඩුම ගානේ නැවතීමක් නැතුව ...ඒ උනත් අසිහියෙන් වගේ එයා කියපු වචන දෙකක් මාව හිටිතැනම නතර කලා.....














..ය..න්නේපා... ආ...දි....





If i say ...🥀

☘️☘️☘️☘️☘️

..අද නේද මං වට්පෑඩ් එකෙන් යනවා කිව්ව දවස...

..හිකිස්...

මන්
A.xian
ශිරූ බබා💛💚❤️




   

Continua a leggere

Ti piacerà anche

41.5K 9.5K 87
විසි අටයි... විසි දෙකයි.. එතකොට තමා ඒගොල්ලො හමු වුනේ. විවාහය නිසා බලෙන් එකට එකතු කලා. නමුත් ආදරය නිසා දෙන්නා එක් කෙනෙක් වුණා. ලෝකයේ හැමදාම අන්දකාරයෙ...
82.9K 4.9K 42
សរសេរដោយ : ជុងឈូ Jungguk Top X Jimin Bottom take ur own responsible for reading this.
569K 1.1K 28
နာမည်ကြီး သဘောကျခဲ့သော စာအုပ်များကို ပြန်တင်ပေးထားချင်းသာဖြစ်ပါသည်
291K 311 12
စာရေးရမှာ ပျင်းနေသေးလို့ ရေမယ်ဆိုရင် ဘယ်လိုလေးတွေရေးပေးရမလဲ ပြောပြခဲ့နော်