Beyond the darkness [horror] ☑

By Hazoo_Shigeta

4.3K 1K 2K

"සෝස් වගේ නෙවෙයි මැට්ටො ලේ !!" "නෑ නෑ..ඔය ඩ්‍රැකිවුලගෙ නැත්තම් මහසෝනගෙ ලේ !" හොල්මන් කියලා දෙයක් ඇත්තටම තිබුන... More

intro.☑️
1.☑️
2.☑️
3.☑️
4.☑️
5.☑️
6.☑️
7.☑️
8.☑️
9.☑️
10.☑️
11.☑️
12.☑️
13.☑️
14.☑️
15.☑️
16.☑️
17.☑️
18.☑️
19.☑️
20.☑️
21.☑️
23.☑️
24.☑️
25.☑️
26.☑️
27.☑️
28.☑️
Thank you.☑️

22.☑️

119 26 53
By Hazoo_Shigeta

@yeonjun's room

sumi : ඔව් ඔප්පා ! ඔයත් කායිගෙ ළඟම කෙනෙක් තමා.. ඒත් මට තේරෙන්නැත්තෙ ඇයි මේ දේවල් මෙච්චර දුරට යනකන් අපිට මොකුත් තේරුනේ නැත්තෙ කියලා..

මේ වෙද්දි සුමී යොන්ජුන් එක්ක යොන්ජුන්ගෙ යටි හිත දිගේ ගිය ගමන ගැන සාකච්ඡා කරන ගමනුයි හිටියෙ..

yeonjun : සුමී ! මට දෙයක් දැනුනා..දැන් ටික දවසකට කලින් මම මගේ රූම් එකට ගියාම මගෙ රූම් එක හොඳටම අස් වෙලා තිබුණා.ඒත් සූබින්ලා කියන්නෙ නම් මගේ රූම් එක අපායක් වගේ කියලා.ඇයි එයාලා දකින්නෙ නැත්තෙ ඒක පිළිවෙලට තියෙන වෙලාවල්???මේක මහ අමුතුයි..

sumi : ඒකට හේතුවක් ඇති ඔප්පා.සමහර විට ඔයා එක්ක කායිගෙ නැති වුන ලොකු නූනා ඇති.මට ඒක ෂුවර් නෑ ඒත් අපි බලමුකො නේද..

සුමීගෙ අදහස වුනේ ඒක.ඒත් සුමී හිටියෙ ඒ ගැන හොඳ විශ්වාසෙකින් නෙවෙයි..

මේ අතරේ....

@kai's room

kai : ටේ හ්‍යුන් !? මේකා ඒ පාර කොහෙටද අතුරුදහන් වුනේ???

කායි පොඩ්ඩකට අහක බලලා ආයෙ බලද්දි කායි ළඟ ටේ හිටියෙ නම් නෑ..

අන්තිමට ඉතින් ටේව හොයාගෙන කායිත් නින්ද පැත්තක දාලා රූම් එකෙන් එලියට ආවා..

කායි කෙලින්ම ගියේ පහළ සාලෙට..

@living room

yeonbi : ඒ හලෝ මේ.. ඇත්තටම දැන් මම හොල්මනක් වුනොත් ඔයා මාව අතාරිනවද??

මේ වෙද්දි යොන්බියි බොම්ග්‍යුයි හිටියෙ ලොකු කතාවක..

beomgyu : අනේ පිස්සුද මැණිකේ !?? හොම්මනක් වුනත් ඔයා මගේනේ...

yeonbi : අනා... හව් ස්වීට් මගෙ ඔප්පා පණ....

kai : මුන් ඔක්කොම තැන තැන ලව් !? යකඩෝ !!! මම දැන් එම් කේ..?

ඒත් එක්කම කායිත් එයාලගෙ කතාවට එකතු වුණා..

beomgyu : අම්මට !? වරෙන් මයෙ අම්මා.. උඹ දොයියලා ඇහැරියද??

බොම්ග්‍යු එහෙම කිය කිය හොඳ ඇක්ටින්ග් එක්කුත් දාගෙනම කායිගෙ අතින් ඇදලා අරන් කායිව ඒ ළඟින්ම වාඩි කරවගත්තෙ බොම්ග්‍යු කරන්න ආසම දේ කායිගෙ කොන්ඩෙ අවුස්සන එක නිසා..

kai : ඒ මේ..

yeonbi : මේ කායි පැට්ටෝ !? මොකද්ද අර සුමී ඔන්නි කළේ?

kai : අහ්.. එයා ආවා.. මොනාදෝ කීවා..මට නින්ද ගිහින් එතකොට..ආයෙ ඇහැරුනම ටේ තමා එතන හිටියෙ..ඇත්තට කෝ දැන් ඌ???

beomgyu : අහ්.. ඌ ඇති ඔහෙ කොහෙ හරි.. ඌට මේ ටිකේ රථ ගාය උච්ච වෙලා තියෙන්නෙ..

yeonbi : කායි.. මොකෝ කියන්නෙ අපි කන්න මොනාහරි ඕඩර් කරමුද?? මට නම් යකෙක් කන්න බඩගිනියි !

බොම්ග්‍යු වගේම යොන්බිටත් ඉතින් කන බනේම තමා කටේ තියෙන්නෙ..ඒකට මැච් වෙන කායිත් ඉතින් එහෙමම තමා..

beomgyu : ඔයා දන්නවද කෙල්ලේ.. මම ආසම ඔයාගෙ ඔය අදහස් වලට ! ඒවා සීයට පන්සීයක්ම මගේ ඒවට සමානයි..

kai : මම හූනා කීවා වගේ කියන්නද?? නූනා දැනගෙනනේ හිටියෙ බොම්ග්‍යු හ්‍යුන් දැන් ඕක කියන්න යන්නෙ කියලා??

yeonbi : අන්න හරි කොල්ලෝ..

beomgyu : ඒත් කොහොමද ??

yeonbi : මට ඇහුනා ඔයාගෙ බඩේ සුලි කුණාටුවක වගේ සද්දයක්..හිහ් හිහ්..

කායි එක්ක යොන්බි එකතු වුනාම අන්තිමට ඉතින් එතන ආතල් එක වෙන්නෙ බොම්ග්‍යුම තමා..

sumi : හායි ගායිස්ස්ස්..

ඒත් එක්කම යොන්ජුනුයි සුමියිත් රූම් එකෙන් එලියට ඇවිත් සාලෙන් වාඩි වුණා..

beomgyu : අඩෝහ් ජුනී !! ඉතින් ඉතින්.. වරෙන්කො පොඩ්ඩක් ආශ්‍රය කරන්න !!

යොන්ජුනුයි බොම්ග්‍යුයි බිසී වෙලා හිටිය නිසා ටික වෙලාවකට ඒ ඩබලට ආතල් එකක් ගන්න බැරි වුණා..ඒ පාඩුව පියව ගන්න තමා ඔය බොම්ග්‍යු එහෙම කියන් යොන්ජුන්වත් එයා ළඟටම අද්දව ගත්තෙ..

yeonjun : බොම්ග්‍යු ? මේක නම් පිස්සුවක් බන් !!

beomgyu : මේක පිස්සුවක් කියලා මම දන්නවා කොම්ලෝ..!! ඊට කලින් උඹෙ පිස්සුව හොඳ කරන් හිටහන්කො..

sumi : යොන්බි..? ඔයා දැන්ම එනවද? මම දැන් යන්න ඕනි..ආයෙ හෙට උදෙන්ම මම එනවා..

kai : සුමී නූනා ?? ඔයා යනෝද අනේ??

yeonjun : සුමී.. මම ලිෆ්ට් එකක් දෙන්නම්.. මට බෑ ඔයාව තනියම යවන්න..

සුමී හිටියෙ ගොඩක් මනස වෙහෙසවලා නිසා යොන්ජුන් කැමති වුනේ නෑ සුමීව තනියම යවන්න..

ඇත්තටම එකවැර යටි හිත් දෙකක් අවදි කරවලා කාලයේ ආපස්සට යනවා කියන එක කටින් කියන තරම් ලේසි වැඩක් නෙවේ.ඒකට ඒක කරන කෙනාගෙ මනස ගොඩක් ශක්තිමත් වෙන්න ඕනි.නිදහස් වෙන්න ඕනි..

yeonbi : මමත් තව ටිකකින් යන්න කියලා තමා හිතන් ඉන්නෙ සුමී ඔන්නි..

yeonjun : හ්ම්ම්.. යොන්බි.. බොම්ග්‍යු.. අපි එනකන් මෙහෙ බලා ගන්නලා ඈහ් ?? සුමීව ඇරලවන්න යනෝ මම..ටටා බායි...!!

යොන්ජුන් එහෙම කියන් සුමීවත් එක්කන් කාර් එකෙන්ම යන්න ගියේ තවමත් ගොඩක් දේවල් හිත යට හංගන්..

මේ වෙද්දී....

@tae's house

මේ වෙද්දි ටේ හිටියෙ එයාගෙ රූම් එකේ.ටේ කොච්චර කළත් ටේට රූම් එකට යන එක පාලනය කරගන්න බැරි වුණා.ඇත්තටම කීවොත් ටේවත් දන්නෙ නෑ එයා කොහොමද මෙතනට ආවෙ කියලා..

tae : මම මොකද්ද කරන්න ඕනි???? කවුරුත් ඇයි මොකුත් කියන්නෙ නැත්තේ !!??? ආයිශ් !! එක්කො මාව මරලා දාන්න ! මගේ අයට ආයෙත් කරදර කරන්න නම් එපා !!!!

ටේ හ්‍යුන් අත් දෙකෙන්ම ඔළුව අල්ලන්  එහෙම කිය කිය එයාගෙ පොත් මේසෙ ළඟ තිබුනු පුටුවෙ වාඩි වෙලා ආයෙම හිතේ තියන ප්‍රශ්න අවුස්සන්න පටන් ගත්තා..

tae's mind : ටේ හ්‍යුන්? ඔහෙට පිස්සුද??? මැරෙන්නද ඕනි?? මැරුනම සේරම හරිද?? ගොනෙක් නොවී ඉඳහන් බන් !!

tae : මට මේක තවත් නම් ඉවසන්න බෑ !!!

tae's mind : ඉවසපන් !! උඹට පුළුවන්..

මේ වෙලාවෙ ටේට කතා කරන්න හිටියෙ ටේගෙම යටි හිත විතරයි..

අපි හැමෝටම වගේ යටි හිතක් තියෙනවා.අපි තනි වුනයි කියලා හිතුන හැම වෙලේකම වගේ අපි කරන්නෙ තනියම කල්පනා කරන එක.ඒත් ඒ වෙලාවට අපේ යටි හිත අපිත් එක්ක ඉන්නවා..ඒක නිසා අපි කවදාවත් තනි වෙලා නෑ කියන එක මතක තියා ගන්න ඕනි.

ටේ වුනත් ඒක අමතක කරනවා.ඒත් මේ ටිකේම ටේට හිටියෙ එයාගෙ යටි හිතම තමයි..

tae : ආයෙම ?? තමුන් ????

ඒත් එක්කම ටේගෙ රූම් එක පුරාම කලින් වගේම සීතල හුළඟක් හමාගෙන ගියේ ටේට සුපුරුදු හැඟීමක් එකතු කරගෙන..

"තමුසෙලගෙ එවුන් මාව කෑවා !! විශේෂෙන් උඹ.. !! උඹලා මොනවා කරත් මාව පරද්දන්න බෑ කියන එක මතක තියා ගනින් ! මම උඹලව ඉවරයක් කරනවාආආ !! ආහ් !!"

ටේට ඒ සුපුරුදු කටහඬ ඇහෙනවත් එක්කම ටේගෙ රූම් එකේ තිබුනු ලයිට් නිවි නිවී පත්තු වෙන්න පටන් ගත්තා..

ඒත් එක්කම ටේ හිටිය තැනින් දකුණු පැත්තෙ බිත්තියේ ටේට දෙයක් දකින්න ලැබුණා..

tae : මාව මරලා දානවා !!! තමුන්ට ඕනි ඒකනෙ????????

ටේ ඒ දැක්කෙ කලු මීදුමක් වගේ ඡායාවක්..

"හොඳයි එහෙනම් වර !! තොට ඒක ඕනි නම් ගහගනින් තොගෙ ඔළුව මේ බිත්තියේ !!! ඈහ්.. කොහොමත් මම ලොකු තිබහක තමා හිටියෙ තමුසෙලගෙ ලේ බොන්න !!"

එන්න එන්නම ඒ කටහඩ තීව්‍ර වුණා..ඒ වගේම අර ඡායාව එහෙට මෙහෙට හෙලවෙන්න පටන් ගත්තා..

ඇත්තටම ටේට ඒ වෙලාවෙ ඕනි වෙලා තිබුනෙ මැරෙන්නමයි..

මොකද කීවොත් මේ වෙලාවෙ එයාව පාලනය කරන්නෙ එයාගෙ උඩු හිත.. අනික් හැමෝගෙම යටි හිත් එයාලව පාලනය කරන මේ වෙලාවෙ ටේගෙ විතරක් උඩු හිත බලවත් වෙන්නත් මොකක්ම හරි හේතුවක් තියෙනවා..

ඇත්තටම දැන් තීරණය තියෙන්නෙ ටේගෙ අතේ..

"උඹ බයයි නේහ්??? වැඩක් නෑ !! කොහොමත් උඹ අද මැරෙන්නම ඕනි මගෙ අතින් ! උඹලගෙ එක එකා මම මරලා දානවා.උප උපන් හැම ආත්මෙකම තොපි මගෙ අතින්මයි මැරුම් කන්න ඕනි !!"

tae : ඕක නවත්තගන්නවා !!!!

මේ අතරේ....

@soobin's room

yuri : ඔප්පා? දැන් හවස් වේගෙනයි එන්නෙ.. මම මොකද කරන්නෙ?? මට ඔයාව දාලා යන්න හිත දෙන්නෑ..

soobin : යුරී?? ඔයා මං වෙනුවෙන් කොච්චර මහන්සි වුනාද?? දැන් මට අවුලක් නෑනෙ..ඔයා පරිස්සමින් යන්න.. මම බොම්ග්‍යුවට කියන්නම් ලිෆ්ට් එකක් දෙන්න කියලා..

යුරී හිටියෙ සූබින්ගෙන් සමු අරන් යන්න අකැමැත්තකින්..

yuri : ඒත් ඔප්පා??

soobin : හරි එහෙනම් යොන්බි එක්ක යන්න ඉන්න.යොන්බි කොහොමත් බොමාව දාලා යන්නෙ රෑ වුනාම..

අන්තිමට ඉතින් යුරීත් තව ටික වෙලාවක් එහෙ ඉන්න තීරණය කළා..

මේ වෙලාවේ....

@living room

yeonbi : ඒ හලෝ මේ !!

kai : අඩෝ බොම්ග්‍යු හ්‍යුන් !! ඔහෙට කතා කරනෝ..

beomgyu : ඈ..ඈහ්? මටද? හරි.. ඇයි?

බොම්ග්‍යු මෙච්චර වෙලා කතාවට බැහැන් හිටියට මේ වෙද්දි එයාගෙ හිත තිබුනෙ වෙන කොහෙවත්..

yeonbi : ඔන්න අපි සීෆුඩ් ඕඩර් කළා හරිද්??

kai : වැඩක් නෑ නූනා ! මේකට ඔල්මාදෙ ඩබල් වෙලාද කොහෙද..

beomgyu : අහ්.. නෑ.. මේ.. ඉතින් හොඳයිනෙ යොන්බියා !! කායි?? යුරී එක්ක ගිහින් මිල්ක්ෂේක් හදන් වරෙන්කෝ... හැමදාම උඹෙ මිල්ක්ෂේක් බීලා දැන් ඒක පුරුද්දට ගිහින් තියෙන්නෙ බන් කායියෝ !!

බොම්ග්‍යු එහෙම කියලා කායිවයි යොන්බිවයි එතනින් යැව්වෙ බොම්ග්‍යුට වෙන දෙයක් කරන්න තිබුන නිසා..

To be continued 😪

*********************************

ටේගෙ තීරණේ මොකක් වේවිද??
බොම්ග්‍යු අහුලන හොරගල් මොනාද??
සුමී එක්ක යොන්ජුන් එලියට ගියේ ඇයි??
සූබින් එක්ක යුරී නතර වුනේ ඇයි??

හොඳට කල්පනා කරලා බලන්න..
.
.
.
.
.

අප්ඩේට් එක පරක්කු වුනාට සොලියෝ..

-heshi✍️

Continue Reading

You'll Also Like

1.5K 212 9
මේ එයාමද...එයා කොහොමද මෙහෙ ඉන්නෙ...ඇත්තටම මේ එයාද...මේ අවුරුදු ගානටම එයාගෙ ලොකු වෙනසක් වෙලා නෑ...ඒත් එයා .... namjin ff ship story
849 52 5
How would you define depression? Alex knows, all he's ever felt his entire life was suffering, pain, sadness like he was cursed by the gods to never...
785K 26.5K 149
Urban legends and myths from around the world will be published here.
42.2K 1.4K 14
How is someone supposed to tell their best friend they love them? How does someone continue on with their day as if someone isn't constantly on thei...