2.☑️

217 45 127
                                    

@yeonjun's house

taehyun : කායියා !!!! උඹ මගේ එකත් බීවද බම්ලෝ !!?

kai : පිස්සුද නරියෝ ! මංම හදන් ඇවිත් අතටම ගෙනත් දීලා මංම බොන්නෙ මොකටද ඔහේගෙ එක?

මෙච්චර වෙලා කායි එක්ක හෑල්ල දාන් හිටිය ටේ එකපාරටම උඩ ගියේ එයාගෙ අතේ තිබුන මිල්ක්ෂේක් එක සම්පූර්ණ හිස් වෙලා තිබුන නිසා..

kai : තොටත් ඉතින් කියවන්න ගියහම් බ්‍රේක් නෑනෙ ! උඹම බොන්න ඇති කියව කියව !!

taehyun : හ්ම්ම්...ඒකත් ඇත්ත..එක්කො මංම බොන්න ඇති ඒක..

අන්තිමට ටේ එහෙම කියලා එයාගෙ හිත හදා ගත්තා..ඒ වුනාට ටේගෙ බඩ නම් තාම කෑහගනවා..ඒකෙන් ඔප්පු වෙන්නෙ මිල්ක්ෂේක් එක බීලා තියෙන්නෙ ටේ නෙවෙයි කියන එක.....

මේ අතරේ.....

@yeonjun's room

soobin : යකඩෝ !! මොකද්ද බන්  උඹ ඇත්තටම රෑට මේකෙ යකා නටනවද??

සූබින් යොන්ජුන්ගෙන් එහෙම ඇහුවෙ යොන්ජුන්ගෙ කාමරේ ඒ තරම් පිළිවෙලට තිබුන නිසා..

beomgyu : නෑ බන් බෝලේ !!! මේකා රෑට අර කෙල්ල එක්ක මල් කඩද්දි මෙතන ඇඹරෙන ඇඹරිල්ලට මේක මෙහෙම හරි හො‍ඳට තියෙන එක ලොකු දෙයක්..

yeonjun : අනේ මගෙ කට ! මෙන්න මෙහෙ වරෙව් යන්න ගොන්නු දෙන්නා !!

අන්තිමට යොන්ජුන් අර සෝස් හැලුණු ටී ‍ෂර්ට් එකත් පැත්තක තියලා අර ඩබලවත් ඇදන් රූම් එකෙන් එලියට ගියා...

taehyun : කායි ! තව එකක් හදන් එනවකො ඕයි ! මට බඩගිනියි.....

kai : ආහ්? මං ඉන්නෙ තොට මිල්ක්ෂේක් හදන්නයෙ ?? ඕන්නම් ගිහින් හදාගන්නවා..ඇයි එක පාරක් හදලා දුන්නා මදිද?

කායිත් ඉතින් එහෙම ටේට සෙකන්ඩ් වෙන්නෙ නෑ...

taehyun : හරි හරි ඕනිනෑ !!

අන්තිමට ටේ හ්‍යුන් ආයෙම මිල්ක්ෂේක් එකක් හදාගන්න කියලා කිචන් එකට ගියා..

beomgyu : ඒ ටේ !! වැඩිපුර ටිකක් හැදුවට අවුලක් නෑ හරිද !

yeonjun : ඔව් ඔව් ! ඒක හොඳයි !!! ටේ මල්ලි කොහොමත් හොඳ එකානෙ...

taehyun : තව බටර් ටිකක් ගෑවනම් නරකද?

soobin : බෑනෙ මල්ලියෝ..උඹ ලෙස්සලා වැටුනොත් කොහෙන්ද අපි ආයෙ ටේ කෙනෙක්ව හොයන්නෙ??

Beyond the darkness [horror] ☑Where stories live. Discover now