🌈️AS YOUR WILL🌈️( Yizhan Sh...

By Axianrhu123

3.3K 906 298

..ඔයාට වෙලාව තියෙනවා අර පායපු දෙදුන්නේ පාට මැකෙනකම්... More

<<Who are you?>>
<<Don't touch him>>
<<That's why i came>>
<<Let me help you>>
<<His will or My will>>
<<family >>
<<I will show you>>
<<Try thiss one>>
<<As my will>> (Last )
<< SPECIAL CHAPTER 01 >>
<< SPECIAL CHAPTER 02 >>

<<How about love>>

239 70 20
By Axianrhu123






..ආදරේ කියන.හැගීම ලස්සනයි ද සීන්..

  ඇහෙන නෑහෙන ගානට යීබෝ අහපු ඒ වචන එක්ක සීන් ඇස් දෙක ලොකු කරන් බැලුවා..කොල්ලගේ කට බාගෙට ඇරිලත් එක්ක..යීබෝ ඇස් පිල්ලම් නොගහා උත්තරයක් බලාපොරොත්තුවෙන් බලන් ඉන්නකොට මං ඉක්මනටම ගිහින් එයාලා දෙන්නා මැද ඉතුරු වෙලා තිබ්බ ඉඩෙන් මූන දැම්මා..කියන්න බෑනේ කොල්ලගේ කටට මැස්සෝ ගියොත්..

..ඔයා ඔය අහන්නේ.ආදරේ ගැනද යීබෝ..

..හ්ම්..ඔයා කාටහරි ආදරේ කරලා තියෙනවද..

  ඒ ප්‍රශ්නෙත් එක්ක සීන් කට පැත්තට ඇද කරලා අහක බලාගත්තා...

🎵..ආදරය කෙරුවාට පන ඇරගෙන
තනිවෙච්ච පෙම්වන්තයෙක් මං අද🎵

...මොකක්..ඒ කියන්නේ ඔයා ආදරේ කරලා තියෙනවද...මේ තමුසේ ඔය අඩනවද ඕයි..

යීබෝ ඇස් ලොකු කරන් මූනට එබෙද්දි සීන් ඇත්තටද බොරුවටද කියන්න දන්නෙ නෑ ඇස් දෙක පිහගත්තා..මං හිතන්නේ දූවිලි ගිහින් ඇති..

🎵..ආදරේ අහවරයි
මගෙ කදුලු සාධාරණයි..🎵

..ආ..ශ්..තේරෙන්න කියනවකෝ ඕයි..තමුසේ ආදරේ කරලා බූට් කාලාද ඉන්නේ..මට කියනවකෝ ආදරේ මොනවගේද කියලා..

🎵..ආදරේ zoom එකක්
මම ඩේටා කාඩ් එක
කෙල්ල කියන වෛරස් එකෙන්
මම වෙන්නම් මාස්ක් එක..
කාලේ කාපු වොච් එක
අතැරුනු කැච් එක
මිස් උනේ මැච් එක
ලිස්සනවා බං පිච් එක..🎵


   දුක් ගීයක් කියනවා වගේ සීන් පැත්තක් බලන් රැප් එකක් කියන් යද්දි යීබෝ ඉදන් හිටිය තැනින් නැගිට්ටා...කොල්ලගේ ඇස් දෙක රතු වෙලා..තරහා ගිහින් වගේ..ඔව් ඉතින් තරහා යන්නෙ නැද්ද තේරෙන බාශාවෙන් කියන්න කිව්වම තවත් පටලවලා රැප් එකක් කියනකොට..

..සීන් මං මේ අන්තිම පාරට අහන්නේ..විකාර නොකියා තේරෙන බාශාවෙන් අහපු දේට උත්තර දෙනවා..

  ඔන්න ඒ පාර නම් සීන් ඔලුව උස්සලා යීබෝ දිහා බැලුවා..සීන්ගේ මූන නම් මොකක්ද මන්දා වෙලා..

..අනේ මන්දා..හැමෝටම ආදරේ එක වගේ දැනෙන්නෙ නෑනේ ඉතින් ..

..ඒ කියන්නේ..

..මෙහෙමයි ඉතින් ..දෛවය තෝරපු කෙනා එනකම් වෙන අය එක්ක කරන ආදරේ ඇත්තටම සාර්ථක නෑ..මාත් ආදරේ කලානේ වැඩක් නෑ ඉතින් ..එයා මට තෝරපු කෙනා නෙවේ..

..ඈ..හ්..තමුසේ ඇත්තටම ආදරේ කරලා තියෙනවද..

..නැතුව ඇයි තමුසේ හිතුවේ අවුරුදු එකසිය විසි පහක් මං පොල් ගෑවා කියලා..

..ඇත්තටම ..

..හ්ම්..

..දැන් ඔයාලා බ්‍රේක් අප්ද..

..ඔව්..අවුරුදු දහතුනකට කලින් අපි දෙන්නා වෙන් උනා..

..ඇයි ඒ..

..එයා දෙවි කෙනෙක්ට ආදරේ කලා..

..ඉතින් ඇයි කියලා අහන්නේ..

..අවුරුදු ගානක් තිස්සේ මාව දැකලා එපා වෙලාලු..අපි ඇදුම් ඇදන් නෙවේනේ ඉන්නේ..ඉතින් මගෙ ගැන කුතුහලයක් නැති නිසා එයා ඇදුම් අදින දෙවි කෙනෙක්ට ආදරේ කලා..

..ඒක මොන ජරා වැඩක්ද..හරි නම් හංගන්නෙ නැතුව හැමදේම පේන අයටනේ ආදරේ කරන්න ඕන..

..ඒ ඉතින් ඔයාගේ ලෝකේ වෙන්න ඇති..මගෙ ලෝකේ එහෙම නෑ..ඇත්තම කිව්වොත් මටත් එයාව එපා උනා..කිව්වත් වගේ හැමදාම එකම දේ දකිද්දි එපා වෙනවනේ නේද..

..ඊට පස්සෙ ඔයා ආදරේ කලේ නැද්ද..

..ම්හ්ක්..මං ආදරේ කරන්න ගිහින් ඇන ගත්තනේ..මේ පාර මං මට ආදරේ කරන කෙනෙක් එනකම් බලන් ඉන්නවා..එතකොට මට දුක නෑනේ..

..හ්ම්ම්...

  යීබෝ ලොකු හුස්මක් පාත දාලා ආයෙම සීන්ට එහායින් වාඩි උනා..එයා සීන් දිහා නොබලම කකුල් දෙක දිහා බලන් කතා කලා..

..ඔයාට අනාගතේ පේනවනේ..මට ආදරයක් හම්බෙයිද කියලා කියන්න පුළුවන් ද..

..හිහි..මෙහෙමයි..මට අනාගතේ පේනවා කිව්වේ ඔයාගේ ප්‍රාර්තනාව ඔස්සේ බලන් ගියොත්..දැන් හිතන්නකෝ ඔයාට හොදට ඉගෙන ගන්න ආසාවක් තියෙනවා කියලා..එහෙනම් මට ඒක ඔස්සේ හිතන් ගියාම කියන්න පුළුවන් ඔයා දවසක ප්‍රොෆෙසර් කෙනෙක් වෙනවා කියලා..ඒත් මට ඔයාගේ ආදරේ ගැන දෙයක් කියන්න අමාරුයි..ඔයාට ආදරේ ගැන අරමුණක් නෑනේ..ඔයාට තියෙන්නේ ආදරේ ලැබෙයිද කියලා දැනගන්න උවමානව විතරයි නේ..ඒ නිසා මට කියන්න අමාරුයි ...

..හුම්..ඒකත් එහෙමද..

..මට ලොකුවට අනාගතේ පේන්නේ නෑ..ඒත් මට කියන්න පුළුවන් ඉක්මනටම ඔයාට ආදරේ කරන කෙනෙක් හම්බ වෙනවා කියලා..

..එහෙනම් හොදයි..ඔයාට පුළුවන් ද මට උපදෙසක් දෙන්න..මං කියන්නේ ආදරේ කරන හැටි ගැන...

..ඇත්තටම..ඔයාට මගෙන් උපදෙසක් ඕනද..

..හ්ම්...

..වෝහ්..එහෙනම් මේ පැත්ත හැරෙන්නකෝ...

  සීන් ඒ කියනවත් එක්කම යීබෝ එයා දිහාට හැරුනා..සීන් ඉක්මනටම එරමිනිය ගොතාගෙන වාඩි වෙලා යීබෝගේ මූනට එබුනා..දැන් දෙන්නම ඉන්නේ එකිනෙකාගේ මූන දිහා බලන්..මාත් ඔය මුල්ලක් අල්ලන් දෙන්නගෙම මූනු පේන විදිහට වාඩි උනා..බලමු මෙයා මොනාද කියන්න යන්නෙ කියලා..මටත් උපදෙසක් ගන්න පුළුවන් නේ..

..කැහැම් කැහැම්..

..කෝ පටන් ගන්න..

..හෝව් හෝව්..ම්ම්..හ්ක්..කැහැම්.
මෙන්න මේකයි මල්ලි සීන් එක..

..මල්ලි..

..නැතුව මං තමුසෙට වඩා අවුරුදු සීයක් වැඩිමල්...ගරු කරනවා මට..

..ආ හරි හරි කියන්නකෝ...

..ආදරේ කියන්නේ බස් එකක් වගේ..හරි සිහියෙන් නොඉද වැඩ කරන්න ගියොත් වැරදි බස්ටෑන්ඩ් එකකින් බැහැලා කෙලවගන්න වෙනවා..ආ..න් ඒ වගේ මේකත්..ඔයාට ආදරේ කරන්න ඕනම නම් අනිත් කෙනාට හැමවෙලාවකම ඇහුම්කම් දෙන්න වෙනවා...අනිත් කෙනා කියන්නේ අපි කෙල්ල කියලා හිතමුකෝ..කෙල්ල දේකට එපා කිව්වොත් එපාම තමා..ආයේ ඒක කරන්න ගිහින් බොහෝ විට මිනීමැරුමක් වෙන්න ඉඩ තියෙනවා..පිරිමි උනත් අපි ගෑනු අයව දේවත්වයෙන් අදහන්න ඕන..වන්දනාමාන කරනවා කියලා හිතන් හම්බෙන හැම වෙලාවකම ටොෆියක් හරි ගිහින් දෙන්න ඕන..නැත්නම් දෙයියෝ කෝප වෙලා කාලි අම්මා වැහෙන ප්‍රවණතාව නම් ඉතා ඉහල අගේකින් තියෙනවා..

..ආ..ශ්..තේරෙන්න කියනවා ඕයි..ඔයිට වඩා හොදයි අර රැප්වලින්ම කතා කලානම්..

..පොඩ්ඩක් ඉන්නවකෝ..එක එක්කෙනා එක එක ඒවා කියනවා..ආදරේ ආගමක්ලු..ආදරේ පූජනීයයිලු ...ආදරේ බෙහෙතක්ලු..ආදරේ බෝතලයක් කියලත් කියනවා..අනේ මන්දා ඉතින් ඔය එයාලම කියන කතානේ..මට අනුව ආදරේ කියන්නේ ශේප් එකේ ඉන්නකම් පන පිටින් ඉන්න පුළුවන් බල්ලෙක් වගේ...උඩ පනින්න ගිහින් අවුස්සගත්තොත් පන්න පන්න කනවා..මස් කට්ටක් දීලා හිටියොත් ශේප් එකේ ඉන්න පුළුවන් ...

..ඇත්තටම ..

..ඕ..ඔය මගෙ අත්දැකීම්...

  සීන් එහෙම කියද්දි යීබෝ ලොකු හුස්මක් අතෑරියා..හරියට නිකම් මේ මොන පිස්සු කතාවක්ද කියන්න වගේ..

..ඔයා හිතන්නෙ එහෙමද..අනේ මන්දා මට නම් එහෙම හිතෙන්නෙ නෑ..

..ඇයි ඒ..

..මං.කියෙව්ව පොතක තිබ්බා ආදරේ කියන්නේ හැමවෙලාවකම අනිත් කෙනා වෙනුවෙන් කැප වෙන එක කියලා..

..ඒක තමා ඉතින් මං කිව්වෙ හැමවෙලාවකම ටොෆියක් හරි ගිහින් දෙන්න ඕන කියලා..

..නෑ මෝඩයො.එහෙම දෙයක් නෙවේ...කැප වෙනවා කියන්නේ අනිත් කෙනා වෙනුවෙන් පන උනත් දෙන්න ලෑස්ති එක..

..ආදරේ කරද්දි කොහොමත් පන යනවා තමා බැනුම් අහලම..

..තමුසෙට හොදටම සුවර්ද ඕයි තමුසෙ ඔය කරලා තියෙන්නේ ආදරේ කියලා..ඒක නිකම් මේ යටත් වීමක් වගේ දෙයක්නේ..

..ඇයි ආදරේ කරද්දි යටත් වෙන්නෙ නැද්ද..එහෙම උනේ නැත්නම් කෙල්ල තරහා වෙලා දාලා යනවනේ..

..හරියටම කියන්න දන්නෙ නෑ..ඒ උනත් මං හිතන්නේ ආදරේදි දෙන්නටම සමතැනක් ලැබෙන්න ඕන..දෙන්නා ගැන එකිනෙකා ගොඩ නගන් ඉන්න විශ්වාසේ මත තමා ආදරේ ගොඩනැගිලා තවත් ශක්තිමත් වෙන්නේ...

..හහ්..ඇත්තටම ..

   අනේ ඉතින් ආදරේ ගැන උපදෙස් දෙන්න ආව කොල්ලට අන්තිමට උනේ ඒ ගැන අහපු කෙනාගෙන්ම උපදෙස් ගන්න..ඔයා ගොඩාක් පවු සීන්..ආදරේ කරනවා කියලා කර ගහලා තියෙන්නේ
හෙන පත කුන්ඩවාලෙකට වගේ...

..අපිට තව කොච්චර වෙලා තියෙනවද සීන්..

..ආ..වෙලාවද..ම්ම්..පාට හතරක් ඉතුරුයි..පැය බාගයක්  විතර තියෙනවා...

..මේ තරම් ඉක්මනටම දේදුන්න මැකෙනවද..කලින් එහෙම උනේ නෑනේ..

..ඒක තමා ඉතින් ..අපි දෙන්නා කතා කරන්න පටන් ගත්ත වෙලාවේ ඉදන් තමා දේදුන්නේ පාට මැකෙන්න පටන් ගත්තේ..අපි දෙන්නා කතා කරනකම් පාට මැකෙන්න පටන් අරන් තිබුනේ නෑ..

..හ්ම්..අපිට ඒ වෙලාව එනකම් මෙතන ඉන්න පුළුවන් ද..

..ආ ඔව් ඉමු..කිසි අවුලක් නෑ මාත් මෙතනට කැමති..

..එතකොට ගෙදර අය..

..දැනටමත් කාලේ වැඩ කරන්න පටන් අරන් ඇති..ඒත් එයාලට ඔයා නැති එක ගානක් නෑ...ඒ නිසා අවුලක් නෑ..

..එහෙනම් මං ටිකක් නිදාගන්නද..

..ආ..හ්..

..වෙලාව ආවාම ඔයා මාව ඇහැරනවද..

..දැන් නිදාගන්න හදන්නේ ප්‍රාර්තනාවක් හිතුවද...

..හ්ම්ම්..

..එහෙනම් ඒක කියලා නිදාගන්නවා මෝඩයෝ..

   කට කොනින් හිනාවක් දීපු යීබෝ ඉදන් හිටිය තැනින් අනිත් පැත්ත හැරිලා සීන්ගේ උකුල උඩ ඔලුව තියාගත්තා..උනු දේත් එක්ක සීන් ගැස්සිලා යනකොට කිසිම ගානක් නැතුව යීබෝ උකුල උඩ ඔලුව තියන් පපුවට අත් දෙක බැද ගත්තා..සීන් තාමත් ඇස් බෝල කරන් බලන් ඉන්නකොට යීබෝ ලොකු හුස්මක් අතෑරලා ඒ මූන දිහාම බලන් හිටියා..

..මං දැන් ප්‍රාර්තනාව කළොත් ඔයා යන්න යයිනේ..ඒ පැය බාගේ මට නාස්ති කරගන්න බෑ..ඒ නිසා මං මේ වෙලාවේ ඔයා එක්ක ඉන්නම්..මාව ඇහැරවන්න හොදද...

..ඈ..හ්..එතකොට මං දැන් මෙතන මෙහෙම ඉන්න ඕනද..

..හ්ම්..ඔව්..

..ඒක හරි අසාදාරනයි ..

..හ්ම්ම්..

..හුම් තමා බස්සා..

..සීන්..

..ඇයි..

..මේ හොර දූතයෝ..

..ඇයි මොකද..

..ආදරේ ඇස්වලින් පේනවලු..

..ඇයි ඇස්වල ටීවි එකක් තියෙනවද..

..නෑ..ඇස්වල දොරක් තියෙනවා..හිත ඇතුලේ තියෙන දේවල් වතුර වගේ පැහැදිලි ව බලන්න පුළුවන් ..

..විකාර..

..විකාර නෙවේ..කෝ මේ පැත්ත බලන්නකෝ...

.සීන් හිටියේ වෙන පැත්තක් බලන් වෙනකොට යීබෝ එයාට හැරෙන්න කියලා කිව්වා..අනිත් අතට පෙනුනත් යීබෝ බෙල්ල උස්සලා සීන්ගේ මූන දිහාම බලන් හිටියා..සීන්ගේ ඇස් දෙකත් යීබෝ ළඟ නතර වෙලා තියෙනකොට මං මාරුවෙන්  මාරුවට දෙන්නා දිහාම බැලුවා..මේ මොකද මේ දෙන්නා මූනේ පිම්පල්වත් හොයනවද..මට නම් පිම්පල් මුකුත් පේන්නෙ නෑ..ඒ නිසාද දන්නෙනෑ මේ තරම් ඇස් කරකවලා හොයන්නේ..හහ්..මුන් දෙන්නට පිස්සුවද..කිව්වත් වගේ අර ප්‍රාර්තනාව කියන්නෙ නැතුව මෙතන පිම්පල් බිදින්න ප්ලෑන් කරලා හරි යනවද..

..සීන්..

..ම්ම්..

..සීන්..

..ම්ම්...

  යීබෝ ඒ ඇස් දිහාම බලන් කතා කරන ගමන් එයාගේ අත උඩට අරන් ගියා..යීබෝගේ අත සීන්ගේ කොන්ඩේ.අස්සේ නතර වෙනකොට ඒක දැනුනේ නෑ වගේ එයා යීබෝ දිහාම බලන් හිටියා..කොන්ඩෙ අස්සෙ ගිය ඒ අත ටික වෙලාවකින් ඔලුවටම තද වෙද්දි යීබෝ එකපාරටම සීන්ව එයාගේ ලගට ඇද ගත්තා..ඒ ඇදුනු පාර සීන් නැවතුනේ යීබෝගේ තොල් පෙති උඩ වෙනකොට එයා එහෙම්මම කිසිම හදිස්සියක් නැතුව  සීන්ට හාදුවක් දුන්නා..මගෙ අත මගෙ පපුවේ නතර උනත් වෙනම ලෝකෙක හිටිය ඒ දෙන්නා නවත්තන්නෙ නැතුව එකදිගටම සිප ගත්තා...යීබෝගේ අතක් සීන්ගේ ඔලුව පිටිපස්සට තද වෙලා තව තවත් එයාව තොල්වලටම ඇදලා ගත්තා..සීන්ටත් හැමදේම අමතක වෙලා වගේ මූන අනිත් පැත්ත හරවන් හිටිය නිසා යීබෝව අල්ලන්න බැරිව එයගේ ශර්ට් එක අතෙන් පොඩි කරගත්තා...මේ ඉන්නෙ ෆිල්ම් එකක් ඇතුලෙද කියලා හිතාගන්න බැරි තරමට ඒ දෙන්නා කදු පන්තිය උඩ හුලගට දෙපැත්තට වැනෙන තනකොල එක්ක සිප ගන්නකොට මං හුස්ම උඩට අල්ලන් බලන් හිටියා...නිදාගන්නවා කිව්ව කොල්ලා ඉතුරු වෙලා තිබ්බ පාට හතරෙන් එක පාටක් මැකිලා යනකම්ම සීන්ව සිප ගත්තා වගේම අන්තිමට එයාගෙන් ඈත් වෙලා කම්මුලක් උඩින් අත තියා ගත්තා..සීන් ඇස් ලොකු කරන් බලන් ඉද්දි ඒ කම්මුලට තිබ්බ අත තවත් තද කරලා යීබෝ ආයෙමා එයාගේ ඇස්වලට එබුනා..




..මාව අමතක කරන්න එපා..


Fly with you🌦️

☔☔☔☔☔☔☔☔☔

☄️අන්තිම එකෙන් එන්නම්..දැන්ම බෑ දොලහට වගේ...

☄️යීබෝගේ ඉල්ලීම ගෙස් කරන්න බලන්න..

මන්
A.xian
ශිරූ බබා💚💛❤️

Continue Reading

You'll Also Like

1.7K 323 10
ජීවිතේ හරිම පුදුමාකාරයි... අහම්බෙන් හම්බුන බැදීමක් නිසා ආයෙත් බලාපොරොත්තු ඇතිවෙයිද? වෙන්වීමක් සහ නැවත හමුවීමක්... අවසානයක් එක්කම ආරම්භයක්.... ආත්මීය...
733K 32.2K 86
ဉီးရွေးချယ်မှုသေချာပြီးဟုတ်။ဉီးရွေးချယ်မှုသေချာပြီးဆိုရင်လုံးဝနောင်တမရနဲ့နော်။ကျွန်တော်တို့ဒီနေ့ကစပြီးဘယ်တော့မှမသိခဲ့သလိုဘဲနေကြမယ်။ထွဋ်ဝဏ္ဏဉီးနဲ့နှော...
3M 232K 52
ဝိညာဉ်လွင့်ပြီးပရလောကကို ရောက်သွားတဲ့ ကောင်‌ငယ်လေးရဲ့ အချစ်ဇာတ်လမ်း started date - 26.1.2023 ended date - 31.3. 2023