Beyond the darkness [horror] ☑

By Hazoo_Shigeta

4.3K 1K 2K

"සෝස් වගේ නෙවෙයි මැට්ටො ලේ !!" "නෑ නෑ..ඔය ඩ්‍රැකිවුලගෙ නැත්තම් මහසෝනගෙ ලේ !" හොල්මන් කියලා දෙයක් ඇත්තටම තිබුන... More

intro.☑️
1.☑️
2.☑️
3.☑️
4.☑️
5.☑️
6.☑️
7.☑️
8.☑️
9.☑️
10.☑️
11.☑️
12.☑️
13.☑️
15.☑️
16.☑️
17.☑️
18.☑️
19.☑️
20.☑️
21.☑️
22.☑️
23.☑️
24.☑️
25.☑️
26.☑️
27.☑️
28.☑️
Thank you.☑️

14.☑️

113 33 114
By Hazoo_Shigeta

@tae's room

Beomgyu : මොකද්ද ටේ ඇත්තටම ඔහෙට වෙලා තියෙන්නෙ??? වැඩේ බරපතල වුනොත් ගෙදර ගිහින් දානවා හරිද?

taehyun : අනේ හ්‍යුන් !!! හරි මම එන්නම් !

අන්තිමට බොම්ග්‍යු කපටියා වගේ ටේහ්‍යුන්ව කොහොමහරි පහළට එක්කන් ගියා..

@living room

taehyun : ඕහ් ? උඹට මොකද්ද වුනේ කායියෝ??

kai : අර පූසා බන් !!

මේ වෙද්දි හැමෝම හිටියෙ කෑම මේසෙ..

taehyun : අහ් ? කිටීද??

beomgyu : මොන කිටියෙක්ද ඒ??

soobin : අර කාමරේ අස්සෙ මීව් මීව් කියන්නෙ !?? ඌ තමා..

beomgyu : මොකා?

yeonjun : යකා !

beomgyu : මොකා ?

yeonjun : මොකා නෙවේ කාපිය මෙන්න මේක !

යොන්ජුන් එහෙම කියන් ලොකු පිට්සා කැල්ලක් බොම්ග්‍යුගෙ කටේ එබුවෙ වෙන ක්‍රමයකින් ඔය කියවිල්ල නවත්තන්න බැරි නිසා..

කවුරුත් නොදන්නවා වුනාට එයාලා පස් දෙනා වටේ වෙනම ලෝක පහක් තිබුනා..ඒත් එයාලට තාම ඒ දේවල් හරියට තේරුම් ගන්න පුළුවන්කමක් තිබුනෙ නෑ..

soobin : මේ !? මට මේකෙ ඉඳලා එපා වෙලා බන්..අපි හෙට කොහෙ හරි යමුකො රවුමක් දාන්න ??

beomgyu : අන්න ඒක නම් එල !

yeonjun : හ්ම්..ඒක හොඳයි හැබැයි..අපි සෝල් ටවර් එකට යමු..

kai : අපිව හලන්නෙ එහෙම නෑ හරිද??අපිත් එනවා !!! කොහොමත් මම හෙටත් කොලේජ් යන්නෑ..මේ දැක්කනෙ බෙල්ල...

කායිටත් හොඳ පල්ලම තමා ඉතින් කොලේජ් කට් කරන්න..

soobin : හරි හරි ! එහෙනම් හෙට උදේම යමල්ලා..

අන්තිමට ඉතින් කලබලකාරී විදියට එදා දවසත් එහෙමම ගෙවිලා ගියා..

.
.
.

In the morning..

@soobin's room

?? : කොහෙ යන්නද දන්නෑ හිතන් ඉන්නෙ මාව දාලා???

soobin : ක්..ක්..කව්ද ඔය??

උදේ පාන්දරම සූබින්ට දෙයක් ඇහුණා..

?? : මම මෙහෙ ඉන්නකන් ඔහෙලට මාවා දාලා යන්න දෙන්නෑ මම !! ආහ්ක් !!

soobin : ම්..මොකද්ද?? ක්..කව්ද ඔය??

සූබින් නිදිමතේම ඇස් ඇරලා වටපිට බැලුවා.ඒත් කවුරුත් පේන්න නම් හිටියෙ නෑ..

එයා එලාම් එක දිහා බලද්දි වෙලාව තිබුනෙ පාන්දර තුනයි ගානකට..

ඒත් එක්කම සූබින්ගෙ රූම්
එකේ ලයිට්ඩ් ඔටෝ ඔන් වෙනවත් එක්කම ජනෙල් දොරවල් සේරම ඇරීගෙන ලොකු සීතල හුළඟක් සූබින්ගෙ රූම් එක පුරාම පැතිරුණා..

soobin : අනේ ඩ්‍රැකිවුලා !!! මාව බේරගන්නෝ...

මේ වගේ වෙලාවල්වලදි සාමාන්‍යයෙන් අනික් අයට මතක් වෙන්නෙ ඔම්මවනෙ.ඒත් සූබින්ට නම් මතක් වුනේ එයාගෙ ඩ්‍රැකිවුලව..

?? : ආයිශ් !! චෝයි සූබින්??? අද මට තමුන්ව හොඳටම ඇති !!

soobin : ආආආහ් !!

ඒත් එක්ක සූබින්ට ලොකු වේදනාවක් දැනෙනවත් එක්කම සූබින්ගෙ කටින් ලේ එන්න පටන් ගත්තා..

Three hours later....

@tae's room

beomgyu : ටේ???? උඹ කොහේ??

taehyun : ඇයි මේ ඉන්නෙ ?? ඇස් පේන්නැද්ද?

beomgyu : කොහෙද යකෝ??උඹ ට්‍රාන්ස්පේරන්ට් වුනාද??

taehyun : අයියෝ හ්‍යුන් ?? පිටිපස්සෙ ඕයි !

බොම්ග්‍යු උදේම ආවෙ ටේ ළඟට..ඒත් බොම්ග්‍යු ටේගෙ රූම් එකට එද්දි ටේ රූම් එකේ හිටියෙ නෑ..ඒත් බොම්ග්‍යුට ටේගෙ කටහඬ නම් හොඳටම ඇහුණා..

beomgyu : අයිසේ මගෙ යකා අවුස්සන්නැතුව එලියට එනවා ඉන්න දිහාවකින් !

taehyun : පුළුවන් නම් හොයා ගන්න එකයි ඇත්තෙ !

බොම්ග්‍යුටත් මාර අවස්ථාවක් ලැබුනෙ උදේම මල්ලි එක්ක අල්ලන් සෙල්ලම් කරන්න..

beomgyu : ආ..මේ ඉන්නෙ පස්ස වන වන ! ඉඳහන්කො මං කරන්න හොඳ වැඩක් !!

අහම්බෙන් වගේ බොම්ග්‍යු දැක්කෙ ටේගෙ ඇඳ යටින් එලියට පේන්න වැනි වැනී තිබුනු පස්සක්...

ඒක ටේගෙ පස්සමයි කියලා ෂුවර් නිසා බොම්ග්‍යු කෙලින්ම දුන්නා ටේගෙ පස්සට පයින් පාරක් ආයෙ ගොන් විහිලු නොකරන්නම..

taehyun : මොනාද හ්‍යුන් මගෙ ඇඳ අස්සට එබි එබී කරන්නෙ??

ඒත් එක්කම ටේහ්‍යුන් තෙත කොන්ඩෙත් පිහ පිහ බාතෲම් එකෙන් එලියට ආවා..

ටේට ඒ වෙලාවෙ ඒ පේන්න තිබුනෙ ඇත්තටම ඇඳ අස්සට එබි එබී හිටිය බොම්ග්‍යුව..

ඒත් බොම්ග්‍යු ඒ වෙලාවෙ හොය හොය හිටියෙ ඇඳ අස්සෙන් පස්ස වන වන හිටිය ටේව.

ඒත් ටේ මෙච්චර වෙලා ඉඳලා තියෙන්නෙ බාතෲම් එක ඇතුළෙ..

beomgyu : මොකක්?? උඹ දැන් මේකෙ අස්සෙ නේද හිටියෙ ???

taehyun : පිස්සුද හ්‍යුන්? මම වොශ් එකක් දාන්න ගියා..

beomgyu : යකෝ එතකොට මොකාද මේකෙ අස්සෙ හිටියෙ ?? උඹත් එකයි මේ කාමරෙත් එකයි..මහ හොල්මන් ගුහාවක්නෙ !?

අන්තිමට බොම්ග්‍යු ආපු කාරනේ පැත්තක දාලා ටේට එහෙම කියන් ගස්සගෙන යන්න ගියේ තව ටිකක් මෙතන හිටියොත් ඇත්තටම පිස්සු හැදෙයි කියලා බයේ..

@soobin's room

kai : හ්‍යුන් ?? මේකා මාර යකෙක්නෙ?? ඔක්කොටම කලින් ප‍ඬි ටෝක්ස් දීලා දැන් නිදි හොඳට ! නැගිටපන් ගෝරිල්ලා !!!!!

කායිගෙ කන්කලු නාදෙන් සූබින්ගෙ රූම් එක පිරිලා ගියේ තවමත් නැගිටලා නැති එකම එක්කෙනා සූබින් නිසා...

කායි කෙලින්ම කළේ සූබින්ගෙ බෙඩ් ෂීට් එක ඇදලා දාපු එක..

ඒත් සූබින් නම් නෙවේ ඇහැරුනේ..

kai : අඩෝ හ්‍යුන් ?? නැගිටපන් මනුස්සයෝඕ !! පරක්කු වෙනවා !

soobin : ක්..ක් ආ ය් ඊ?

සූබින් යන්තමට වගේ කෙනෙක්ගෙ රූපයක් දැක්කා..ඒක නිසම තමයි එයා එහෙම කීවෙ..ඒත් එයාට ඒක පෙනුනෙ බොඳට..ඒ වුනාට එයාට හිතා ගන්න පුළුවන් වුනා ඒ හිටියෙ කායි කියලා...

kai : හ්‍යුන් ?? මොකද්ද ප්‍රශ්නෙ?? ඕහ් ! තමුසෙ නිකන් තම්බපු අල ගෙඩියක් වගේ වෙලා ඕයි ! බලනවකො රස්නෙ? දුම් දාන්නැති ටික විතරයි !!

කායි එහෙම කීවෙ සූබින්ගෙ නළලට අත තියලා බලන ගමන්මයි....

kai : යොන්ජුන් හ්‍යූ.............න් !!!!

yeonjun : මොකද බෙරහන් දෙන්නෙ කමලෝ???

ඒත් එක්කම යොන්ජුනුත් එතනට ආවෙ කායිගෙ ස්පීකර් එකේ සද්දෙ ඇහුන නිසා.

kai : අපිට අද යන්න වෙන්නැති පාටයි..

yeonjun : සූබින්?? ඒහ්? කායි මගෙ ෆෝන් එක අරන් එනවකො ඉක්මනට..

යොන්ජුනුත් ඇවිත් සූබින් ගැන බැලුවෙ කවදාවත් නැතුව සූබින්ට මේ මොකද වුනේ කියලා පුදුමෙන්..

මේ අතරේ....

@kitchen

beomgyu : නොදකින් ! මුං සේරම කාලනෙ ? හුවා... අඩුම තරමෙ මට එක චීස් පෙත්තක් තියන්න තිබ්බනෙ !!

බොම්ග්‍යු මේ වෙද්දි හිටියෙ කිචන් එකේ..

එයා හිටියෙ ෆ්‍රිජ් එකේ දොර ඇරන් අංශක අනූවක් විතර පහළට නැවිලා කන්න දෙයක් හොය හොය...

හැබැයි පිටිපස්සෙන් ගිය කෙනෙක්ට නම් පේන්න තියෙන්නෙ පස්ස වන වන ආතල් එකේ ෆ්‍රිජ් එකට බැහැන් ඉන්න බොම්ග්‍යුව..

taehyun : හ්‍යුන් ?

ඒත් එක්කම බොම්ග්‍යුට ටේගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබෙනවත් එක්කම බොම්ග්‍යු ගැස්සිලා බිමට පත බෑවුනා..

beomgyu : තමුසෙ මෙතනටත් ආවද?? මොකද්ද ඕයි ඔහොම බය කරන්න එපා !

taehyun : ඇයි වදේ??? මම ආවෙ සැන්විචස් ටික අරන් යන්න..

beomgyu : මොකා?? කෝ ඉතින්?? මමත් මේ හොයන්නෙ ඒවම තමා..

taehyun : ඇයි අර මේසෙ උඩ තියෙන්නෙ ?? ඇත්තමයි ඔහෙට නම් මොලේ අමාරුවක්ද කොහෙද?? මෙන්න මෙහෙ එනවා ඕක වහලා..

අන්තිමට ටේ මේසෙ උඩ තිබුනු සැන්විචස් ප්ලේට් එකත් අරන් සාලෙට ගියේ බොම්ග්‍යුවත් ඇදගෙනමයි....

ඒත් බොම්ග්‍යුට තියෙන පුදුමෙ එයා එද්දි මේසෙ උඩ නොතිබුනු සැන්විචස් ප්ලේට් එක එකපාරටම ෆ්‍රිජ් එකෙන් ඔලුව අරන් ආයෙ බලද්දි එතනට මතු වුනේ කොහොමද කියලා..

මේ වෙද්දි.....

@soobin's room

kai : ආ මෙන්න ඔහේගෙ ආදර වස්තු කැටේ !

යොන්ජුන් කීවත් වගේ කායි යොන්ජුන්ගෙ ෆෝන් එක එයාට ගෙනත් දුන්නා..

kai : කාටද කතා කරන්න හදන්නෙ?? අහ් ! අර මුගෙ සුදු බෝලෙටද?

yeonjun : ඔව් ඔව් ! කටවහන් හිටු හරිද??

එහෙම කියලා යොන්ජුන් කෙනෙක්ට කෝල් එකක් ගත්තා..

yeonjun : හෙලෝව් සූබින්ගෙ සුදු බෝලෙ?

?? : ඔහ් ! යොන්ජුන් ?

yeonjun : කොල්ලට අසාධ්‍යයි කෙල්ලේ !

?? : ඈහ්? මොකද්ද වුනේ??

yeonjun : ඒක දන්නවනම් මං ඔහේට කෝල් කරනවද මැට්ටියේ? මූ දැන් නිකන් ගිනි ගන්න ඔන්න මෙන්න තියෙන යකඩ ගොඩක් වගේ..

?? : ආහ්?? හරි මම එන්නම් ඔප්පා.ඔයාලා පොඩ්ඩක් එයා ගැන බලන්න..

call ended....

යොන්ජුන් ඒ කතා කළේ මේ වෙලාවෙ මෙතනට ඕනිම කෙනාට.....

ඒ සූබින්ගෙ මෙයා..මෙයා කීවෙ එයාට..එයා කියන්නෙ අරයට..

kai : හොඳ වෙලාවට මූ ඩොක්ටර් කෙනෙක්වම සෙට් කරගත්තෙ ! ඕන් බලහන් හ්‍යුන් මුට සුදු බෝලෙ දැක්කම නිකන්ම සනීප වෙයි...

soobin : ය්..ඔ..න්..ජ්..උ..න්?

yeonjun : මොකද කෙදිරි ගාන්නෙ බලු කුක්කෙක් වගේ??? උඹ කරවහන් නිදාගනින්..බෝලෙ එයි ඉක්මනට..

මේ දෙන්නා මෙහෙම ආතල් ගත්තට සූබින් විතරයි දන්නෙ එයාගෙ අමාරුවේ තරම..

අන්තිමට ඉතින් යොන්ජුන්ලා සූබින්ට රෙස්ට් කරන්න ඉඩ දීලා පහළට ගියා..එයාලා යද්දිත් ටේයි බොම්ග්‍යුයි හිටියෙ කෑම මේසෙ වාඩි වෙලා..

@living room

beomgyu : නොදකින් !!? නඩේ ගුරා ලෙෆ්ට්ද?

kai : හුම්..හුම්.. ඒකට මොකෝ දැන් මෙහාට එයි අර සුදු බෝලෙ !

yeonjun : හ්ම්.. මම එයාට තමා කෝල් කළේ.. වෙන ඩොක්ටර්ස්ලා මොකටද එයා ඉද්දි?

taehyun : ආහ්ක් !! ක් හැ... ක් හැ..

ඒත් එක්කම ටේහ්‍යුන්ට කකා හිටිය සැන්විච් එකත් පිට උගුරෙ ගියේ අහම්බෙන් වගේ..

To be continued 😭

---------------------------------

3.ඔයාලට හිතෙනවද මේ අදෘශ්‍යමාන කෙනා හෝ කට්ටිය මේ පස් දෙනාගෙම වටේ කැරකෙන්න විශේෂ හේතුවක් ඇති කියලා?

4.මෙයාලට වුන හැම නරක දෙයක්ම වෙන්නෙ එයාලා තනි වුන වෙලාවට.අනික එයාලාට ටිකකින් ඒවා හීනයක් වගේ අමතක වෙලා යනවනෙ.ඔයාලට හිතෙන විදියට ඒක හොඳකට වෙන්නෙ නරකකටද වෙන්නෙ?



ප්‍රශ්න හෙමීට විසඳෙයි කාලයත් එක්කම..

-heshi✍️

Continue Reading

You'll Also Like

10.1K 1.9K 21
عائلة سعيدة تنهار في لحظة غضب وغيرة وجنون وتفقد سعادتها اثر ظروف مستعجلة وغريبة
1.8K 139 4
කොරියන් කියන්නෙ මට අනුව නම් මේ ලෝකේ තියෙන ලස්සන ම භාෂා වලින් එකක්...අවුරුදු 03 Self studies කරපු මම දැන් ක්ලාස්ත් යනවා...ඔයාලාට පුලුවන් තරම් උදව් කරන...
20.3K 1K 40
After 5 years, both Clementine and (YN) have both worked together, alongside with Alvin "Lee" Junior, AJ in short, who has taken cared of him as thei...
474 201 11
හදවතෙහි දොරගුළු විවර කර ඇහුම්කන් දෙන්න තාලයට ගැහෙන හදවතේ ශබ්දයට ලස්සන කවි පද වැල් ගෙතේවී ඔබගේ සිත තුළින් ඉතින් ඔබගේ හදවතට ඉඩ දෙන්න සිත තුළ තෙරප...