Beyond the darkness [horror] ☑

By Hazoo_Shigeta

4.3K 1K 2K

"සෝස් වගේ නෙවෙයි මැට්ටො ලේ !!" "නෑ නෑ..ඔය ඩ්‍රැකිවුලගෙ නැත්තම් මහසෝනගෙ ලේ !" හොල්මන් කියලා දෙයක් ඇත්තටම තිබුන... More

intro.☑️
1.☑️
2.☑️
3.☑️
4.☑️
5.☑️
6.☑️
7.☑️
8.☑️
9.☑️
10.☑️
11.☑️
12.☑️
14.☑️
15.☑️
16.☑️
17.☑️
18.☑️
19.☑️
20.☑️
21.☑️
22.☑️
23.☑️
24.☑️
25.☑️
26.☑️
27.☑️
28.☑️
Thank you.☑️

13.☑️

109 29 58
By Hazoo_Shigeta

@tae's room

?? : ඒත් මට කරන්න දෙයක් නෑ !! ආහ්ක්ක්ක්...

ඒ කෙනා ටේ ළඟට ළං වෙන්න උත්සහ කළත් එයාට ඒ පාර නම් ඒක කරන්න බැරි වුණා..එයාට ඇත්තටම ඒකට හේතුව දැනගන්නත් බැරි වුණා..

කවුරුත් නොදන්නවා වුනාට මේ වෙලාවෙ ටේ වෙනුවෙන් කෙනෙක් එතන හිටියා..එයා ටේ ළඟ, ටේ එයා ළඟ ඉන්නකන් වෙන කාටවත් බෑ ටේට අනතුරක් කරන්න..

?? : ආයිශ් !!! ඇයි මට ඒක කරන්න බැරි?????? මට ගොඩක් බඩගිනියී !!!! මට ලේ ඕනී..යාහ් !!!

එයා කොච්චර උත්සහ කළත් ටේ ළඟට එන්න නම් හිතන්නවත් බැරි වුණා..එයා ටේ ළගට එන්න අඩි දෙකක් ඉස්සරහට තිබ්බම එයාව අඩි පහ හයක්ම පිටි පස්සට විසි වුණා...අන්තිමට එයා තරහෙන්ම එතනින් යන්න ගියේ ටේගෙ රූම් එකේ ජනේල් සේරම ඇරගෙන...

මේ වෙද්දි...

@living room

beomgyu : සුමී දැන්ම යන්නද ලෑස්ති ?? මූට අර කායි කීව එකක් දීලා යන්න හරිද? නැත්තම් මට මුගෙ නරි කෙල නාන්න වෙයි !

බොම්ග්‍යුගෙ නම් අදහස අද යොන්ජුන්ට සුමීගෙන් තොත්තුවක් ඉල්ලා දෙන්නමයි..

sumi : උම්...මාහ් ! ඔන්න හරිනෙ දැන්?

අන්තිමේදි ඉතින් සුමී ඒක කළා..සුමී යන්න කලින් යොන්ජුන්ගෙ නළලට තොත්තුවක් දුන්නා..බලන්න එපෑ ඒ වෙලාවෙ බොම්ග්‍යුගෙ මූණෙ තිබ්බ ඒ වල් හිනාව..

yeonjun : පරිස්සමෙන් !

sumi : ගුඩ් බායි ඔප්පා..

එහෙම කියලා සුමී ආපහු ගෙදර යන්න පිටත් වුණා..

beomgyu : අඩෝ මේ ? වරෙන්කෝ බඩ්ඩක් පෙන්නන්න !

සුමී ගියාට පස්සෙ බොම්ග්‍යු යොන්ජුන්ව පොඩි කතාවකට ඇදලා ගත්තෙ බොම්ග්‍යුට යොන්ජුන් එක්ක පොඩි වෙලාවක් හරි කාලය ගත කළේ නැත්තම් රෑට කෑවෙ නෑ හා සමාන නිසා..

yeonjun : මොකද්ද ?? උඹ ඔච්චර පුදුමෙන් කියනවනම් අනිවා ඕක කාගෙ හරි හෑල්ලක් වෙන්න ඇති..

යොන්ජුනුත් එහෙම කියන් බොම්ග්‍යු ළගින් වාඩි වුණා..

බොම්ග්‍යු ඒ යොන්ජුන්ට පෙන්නන්න හැදුවෙ අර ඉස්සරලා හම්බුනු අලුත් ඉන්ස්ටග්‍රෑම් ෆලොවර්ගෙ එකවුන්ට් එක..

beomgyu : ආයිශ් කෝ ඒක??? අඩේහ් කොහෙටද බන් අතුරුදහන් වුනේ??

yeonjun : මොනාද??

බොම්ග්‍යු කොච්චර හෙව්වත් මේ වෙද්දි ඒ එකවුන්ට් එක පේන්න තිබුනෙ නෑ..හරියට නිකන් එහෙම එකවුන්ට් එකක් තිබිලම නැති ගානට ඒක නැත්තටම නැති වෙලා ගිහිල්ලයි තිබුනෙ..

Beomgyu : ෆලොවර්ස්ලා ගාණ හරි ඒත් කෝ ඒක?

yeonjun : මොකද්ද බන්?? ඔබේ සිත සොරා ගත් ඒ රූමතිය කවුරුන් ද?

beomgyu : රූමත් කෙහෙම්මලක් නෙවේ බන්..දැන් වැඩක් නෑ ඉතින් ! උඹ පරක්කුයි..හරි හරි ඒකෙන් වැඩක් නෑ ! මේහ් ? අපි මොනාහරි ඕඩර් කරමුකො !!

yeonjun : උඹ ඕක කියනවා කියලා මගෙ හිත මට කීවා.ඉතින් මම කලින්ම ඕඩර් කළා.දැන් මග එනවා ඇති !

beomgyu : වාව් උඹ නම් මාර යකෙක්නෙ බන් !? උඹට හිත් කියවන්නත් පුලාම්ද බන්?

එන්න එන්නම එයාලගෙ කතාව වෙන අතකට හැරුනෙ එයාලටත් නොදැනුවත්වමයි.....

මේ අතරේ.....

@soobin's room

kai : අඩේ හ්‍යුන් !? තමුසෙ ඇත්තටමද ඕයි කීවෙ ?? මං හිතුවෙ බොරුවක් කියලා..කවද්ද කොහෙදිද හම්බුනේ ???

මේ වෙලාවෙ සූබින් හිටියෙ කායිගෙ බෙල්ලෙ තිබ්බ සීරීමට බෙහෙත් දාන ගමන්....

ඒ දෙන්නම හිටියෙ ඇඳේ වාඩි වෙලා..ඒ අතරෙ කායි සූබින්ගෙ ෆෝන් එක අස්සට බැහැලා ඕපෙ හොයන්න පටන් ගත්තෙ ඒ වැඩේ හෙනම ආතල් නිසා..

soobin : උඹට ඒවා වැඩක් නෑනෙ ! කටවහන් ඉඳහන්කො !!

kai : අපෝ මහ !! ඔව් ඉතින් මං දන්නැතෑ ඔහේගෙ හැටි.. අනේ සුදු බෝලෙ..ඔම්මා කැටේ..අයි ලව් යූ කීව ගමන් කොල්ලගෙ හිත උණු වෙන්න ඇති !

soobin : කායි දැන් උඹ මගෙන් කන්න තමා හදන්නෙ ඔය !!!!

බෙහෙත් දැමිල්ල පැත්තක දාලා සූබින් ඉක්මනටම කායිගෙන් එයාගෙ ෆෝන් එක උදුරලා ගත්තෙ තව ටිකක් වෙලා ඕක කායි ගාව තිබ්බොත් සූබින්ට එල්ලෙන්න වැලේ වැල් නැති වෙන නිසා..

kai : අනේඒඒඒඒ !! තමුසෙ නම් මහාආආආ !!

soobin : දඟලන්නැතුව ඉන්නවා පොඩ්ඩක් ! හතර වටේට බෙල්ල කැරකුවාම මම කොහොමද මේක කරන්නෙ???

කායිට ඕක කීවට වඩා හොඳයි සූබින් එයාගෙ කට ගලේ ගහගත්තනම්..කායිට දෙයක් කියලා තේරුම් කරන්න බෑනෙ කොහොමත්...

soobin : පොඩ්ඩක් ඉන්නව මම ප්ලාස්ටර් එකක් අරන් එන්නම් ! ටේගෙ රූම් එකේද කොහෙද ප්ලාස්ටර් ටික..

සූබින් එහෙම කියලා ටේගෙ රූම් එකට ගියා..

ඒ අතරේ.....

?? : ආහ්හ්හ්හ් ! මේ තියෙන්නෙ???

kai : යකෝ උඹ ගිහිල්ලත් ආවද හ්‍යුන්??

කායිට කටහඬහක් ඇහුන නිසා එයා හිතුවෙ සූබින් ගිය පයින්ම ආයෙ ඇවිත් ඇති කියලා.ඒත් ඒ එයා නෙවෙයි...

kai : ආ..ආ...ආව් !!!! ඌයි !!!!! හ්‍යූඌඌඌඌන් !!!!!!

කායිට දැනුනෙ ලොකු වේදනාවක්..හරියට බල්ලෙක් හපද්දි දැනෙනවා වගේ එකක්..

ඒත් කායිට කිසි දෙයක් හිතා ගන්න බැරි වුණා..

සූබින් ගෝස් කැල්ලක් තියලා ගිය කායිගෙ ඒ තුවාලෙන් ආයෙම ලේ එන්න පටන් ගත්තා..

ඒක පුංචි සීරිම් පාරක් වුනාට මෙච්චර වෙලා ගිහිල්ලත් ඒකෙන් ලේ එනවා කියන්නෙ එතන වෙනම දෙයක් වෙනවා කියන එකනෙ..

?? : අද දවසට ස්තුතියි කායි !! ඌව්හ් !

kai : ඔම්මා !! හ්‍යුන් තමුසෙ කොහෙද ගියේ????? මේක රිදෙනවා හලෝ !!!!

මේ වෙද්දි සූබින් හිටියෙ ටේගෙ රූම් එකේ..

@tae's room

soobin : ඔහ්? මේ කොල්ලට මක් වෙලාද?? ජනෙලුත් ඇරන් සීතල නැතුවයෙ ඉතින් !?

සූබින් යද්දිත් ටේගෙ රූම් එකේ ජනෙල් හොඳටම ඇරිලා තිබුන නිසා සූබින් එහෙම කිය කිය ජනෙල් වහන්න ගත්තෙ ටේ ගුලි වෙලා නිදියන් හිටිය විදියට එයා ගැන දුක හිතුන නිසා..

soobin : අහ් ? තව ඩිංගෙන් කෙලියා තමා ! මූ මේක මෙතන තියන් ඉන්නෙ මොකටද ඒ පාර?

සූබින් ජනේලයක් වහන්න යද්දි එයාගෙ අත වැදිලා ටේගෙ මේසෙ උඩ තිබුනු ඩ්‍රැගන් වයිටි පැලේ වැටෙන්න ගිය නිසා සූබින් එහෙම කීවෙ ඕක ටේගෙ පණටත් වඩා ටේ ආරක්ෂා කරන දෙයක් නිසා..

අන්තිමට සූබින් ප්ලාස්ටර් එක්කුත් අරන් ආපහු එයාගෙ රූම් එකට යන්න ගියා..
.
.
.
.
.
@soobin's room

soobin : කායි මොකද්ද වුනේ??මගෙ ඇ‍ඳේ පේන්ට් හැලුවද ඔහේ??? මේ ඇඳුම්වලත් එක්ක ගාගෙන???

සූබින් එතනට යද්දි සූබින්ගෙ ඇඳේ වගේම කායිගෙ ටී ෂර්ට් එකෙත් රතු පාට පැල්ලම් තිබුනා..

සූබින් ඒ වෙලාවෙ හැටියට කොහොමත්ම හිතුවෙ නෑ ඒ ලේ වෙන්න ඇති කියලා..

kai : හ්‍යුන් මම මැරෙන්න යන්නේ !!? ඔහේ මොන පේන්ට් එකක් ගැනද කියවන්නෙ??මේ බලන්වකෝඕඕ !! ඔම්මාආආආආ !! මට රිදෙනවා හලෝ..ආහ්ව්...

කායි එහෙම කියන් සූබින්ට එයා ටිකකට කලින් බෙහෙත් දාලා ගිය කායිගෙ තුවාලෙ පෙන්නුවා..

soobin : මොකක්???? මොනාද ඒ පාර කරගත්තෙ??? කායි?? මම මේකට බෙහෙත් දාලනෙ ගියේ???කොහොමද ආයෙ පෑරුනේ????

ලේ ගල ගල තිබ්බ කායිගෙ බෙල්ල දැකලා සූබින් ගොඩක් කලබල වුණා....

kai : මං දන්නෑ අයිසෙ !!!! මොනවාහරි කරනවකෝ !!

soobin : ඔහොම ඉන්නවා මම මේක පිහින්නම්..

අන්තිමට සූබින්ට ආයෙ මුල ඉඳන්ම බෙහෙත් දාන වැඩේ කරන්න සිද්ධ වුණා...

මේ අතරේ......

*knock .... knock ....*

beomgyu : අන්න කෑම ඇවිත් !!

බෙල් එක රින්ග් වෙන්නත් කලින්ම බොම්ග්‍යු දොර ළඟට දීවෙ එයාට වාහනේක සද්දයක් ඇහුන නිසා..

ගිහින් දොර ඇරලා බලද්දි....

beomgyu : වාහ්.. තැන්ක්ස් කොල්ලෝ...

බොම්ග්‍යු හිතුවා හරි..ඒ ඇවිත් තිබුනෙ එයාලගෙ ඕඩර් එක....

yeonjun : බලපන් උඹ මෙතන ඉඳන් හිටිය ටිකට මෙතන කොච්චර රත් වෙලාද කියලා ?? උඹ ලිමිට් එකක් තියන් කාපන් හරිද? නැත්තම් උඹ වල් ඌරෙක් වගේ තඩි වුනොත් මම එපෑ ඒකත් කරගහන්න ?

යොන්ජුන් එහෙම කීවෙ බොම්ග්‍යු ඉඳන් හිටිය තැන ඇත්තටම රස්නෙට තිබුන නිසා....

beomgyu : අනේ පල යන්න ! එහෙනම් උඹ ඉන්න තැන තෙතද බලහන්කො !?

අන්නේකයි අන්තිමට යොන්ජුන්ට කට වරද්ද ගත්තා නේද කියලා තේරුම් ගිය එකම තැන..

yeonjun : පලයන් ඕක මට දීලා ගිහින් අනික් එවුන්ව අඬගහන් වරෙන්..

යොන්ජුන් එහෙම කීවෙ කෑමයි බොම්ග්‍යුයි එකට තියන එක ඒ තරම් ෂුවර් නැති නිසා..

අන්තිමට ඉතින් කෑම වෙනුවෙන් බොම්ග්‍යු අනික් අයව එක්කන් එන්න උඩට ගියා..

සූබිනුයි කායි නම් බොම්ග්‍යු යද්දිම වගේ පහළට ආවා..ඒක නිසා බොම්ග්‍යු ගියේ ටේගෙ රූම් එකට..

@tae's room

beomgyu : අඩෝ !? නැගිටහන් ?? මට බඩගනියී...

බොම්ග්‍යු ගිහින් ටේගෙ නින්ද ඒ විදියට කාලා දැම්මෙ බඩගින්න වැඩිකමට..

taehyun : අයියෝහ්...මට බඩගිනි නෑ ! ඔහේ ගිහින් කනවා ඉතින් !! මට නිදාගන්න ඕනි..

To be continued 😬

---------------------------------

මම අද ඉඳන් ඉඟි දෙන්න පටන් ගන්නවා...

1.ඔයාලා හිතනවද ගහකට පණ තියෙයි කියලා?

2.ඔයාලා හිතනවද කවුරු වුනත් මැරුනයින් පස්සෙ අලුත් අම්මෙක් ළඟට නොයා බොරුවට කාලෙ කන්නෙ හොඳකට කියලා?




බලමු නේහ් ඉතින්..

-heshi✍️

Continue Reading

You'll Also Like

478 201 11
හදවතෙහි දොරගුළු විවර කර ඇහුම්කන් දෙන්න තාලයට ගැහෙන හදවතේ ශබ්දයට ලස්සන කවි පද වැල් ගෙතේවී ඔබගේ සිත තුළින් ඉතින් ඔබගේ හදවතට ඉඩ දෙන්න සිත තුළ තෙරප...
10.2K 905 8
البيت أظلم وبس گلوب واحد مشتغل وضعيف وگوة اشوف عبرت الدرج صعدت جبت القفل أفتح باب الغرفة خليت المفتاح بالباب حسيت واحد واگف وراي ! التفتت ماشفت شيء...
14K 2.5K 27
عائلة سعيدة تنهار في لحظة غضب وغيرة وجنون وتفقد سعادتها اثر ظروف مستعجلة وغريبة
5.9K 600 14
අරමුණක් නැතිව ඔහේ පාලුවෙන් තනි වෙච්ච හිතකට දඩබ්බර හිතකින් ලැබිච්ච වෙනම ආදරේ ඒ තනිකම පාළුව සදහටම නැති කරලා දැම්මා දඩබ්බරයෙකුට පෙම් බැඳි ඒ අහිංසක රෝස...