Without me

By crazyarmygirls

8.8K 1.5K 1.4K

ලස්සනට ගලාගෙන ගියපු ජීවිත එක පාරටම විනාස කරපු කුණාටුවක්.. තමන්ගෙ ජීවිතේම තමන්ගෙ මල්ලි වෙනුවෙන් කැප වුණු ආදරණී... More

Broken 01
Broken 02
Broken 03
Broken 04
Broken 05
Broken 06
Broken 07
Boken 08
Broken 09
Broken 10
Broken 11
Broken 12
Broken 13
Broken 14
Broken 15
Broken 16
Broken 17
Broken 18
Broken 19
Broken 20
Broken 21
Broken 22
Broken 23
Broken 24
Broken 25
Broken 26
Broken 27
Broken 28
Broken 29
Broken 30
Broken 31
Broken 33
Broken 34
Broken 35
Broken 36
Broken 37
Broken 38
Broken 39
Broken 40

Broken 32

247 41 75
By crazyarmygirls

"චූටි බොන්නෙ නෑ හොදේ.."

"හරි හරි"

"චියර්ස්"

හැමෝම අතේ තිබ්බ වීදුරු එක උගුරට ගහලා දාද්දි මන් වීදුරුව දිහා බලන් භාවනා කෙරුවා..ටික වෙලාවක් යද්දි බිබී හිටපු උන් ටික ටික සූර් වෙලා එක එක විකාර කියවන්න පටන් ගනිද්දි මාත් බයිට් එකක් හප හප එයාලගෙ කතාවලට හිනා උනා..

"කෝ..කෝ අපේ ටේහො කොල්ලට වෙරි නෑනේ..."

එකපාට්ටම මගෙ එහා පැත්තෙ හිටිය මාමා නැගිටලා කෑ ගහද්දි හැමෝගෙම අවදානය මට යොමු උනා...

"ආ...මේ එයා තනියම ගෙදර යන්නත් එපැයි...ඔය බිව්ව තරම ඇති.."

බෙන්ච් එක යටින් ජිමින් මගෙ අත අල්ලන් කියද්දි මට ලොකු ආරක්ෂාවක් දැනුනා..ජිමින්ගෙ කටහඩේ මත් ගතියක් නෑ..

"නෑ.. නෑ එහෙම කියලා කොහොමද..හික්*
යන්න කෙනෙක් නැත්තම් මාත් එක්ක යන්න බැරියෑ.."

අර නාකි සෙවලයා මන් දිහාට බැල්මක් දාලා කියද්දි ජිමින්ගෙ අත ටික ටික තද උනා...

"No thanks එයාට මාත් එක්ක ගිහෑකි.. අංකල් කලබල වෙන්න එපා.."

ජිමිනුයි මාමයි එන්න එන්නම බහින්බස් වෙද්දි මන් ජිමින්ගෙ අතේ තිබ්බ සෝජු බෝතලයක් කටේ ගහගෙන එක හුස්මට ගහලා ඇරියෙ මේ දෙන්නා තව ටිකකින් මෙතන ගහගන්න එක ශුවර් හින්දා..

"යා චූටි...කන්නද ඕනෙ..දෙනවා ඔය බෝතලේ මෙන්න මෙහෙට.."

"ගුඩ් බෝයි..අන්න එහෙමයි ඉන්න ඕනේ.."

"පොඩ්ඩක් ඉන්න චූටි ඔයාගෙ ඔළුවෙ මොනාද තියනවා.."

එහෙම කියපු ජිමින් මගේ ඔළුවෙ තිබ්බ අංකල්කාරයගෙ අත තල්ලු කරලා දැම්මා...

"දැන් හරි...මන් ඒක අයින් කලා.."

අතේ දූවිල්ල වගේ ජිමින් අත් දෙකත් ගස ගස එහෙම කියද්දි මට නිකම්ම හිනා ගියේ මේකගෙ මේ පිස්සු වැඩ වලට..

"මෙතන බයිට් ඉවරයිනෙ මන් තව මොනා හරි අරන් එන්නම්.."

එහෙම කියපු ජිමින් මටත් නැගිටින්න කියලා සන් කරලා නැගිටිද්දි මාමා මගෙ අතින් අල්ලගත්තා..

"අත අරිනවා එයාව.."

"හරි හරි අත අරින්නම්..මොකෝ මෙච්චර කේන්ති යන්නෙ.."

"ජිමින් ප්ලීස් කූල් ඩව්න්..අපි ගිහින් මොනා හරි අරන් එමු.."

මන් ජිමින්වත් ඇදන් එතනින් එද්දි මේ යකා ඇස් වලින් අර නාකි සෙවලයට ලේසර් විදිනවා..වැඩ්ඩා වගේ බෝතලයක්ම බිව්වට දැන් ටික ටික මාව මත් වෙන්න පටන් අරන් කියලා මට දැනෙද්දි මන් හිමීට ජිමින්ට වාරු උනා..

"චූටි ඌ ඕනාවට වැඩී..."

"ඔයා මොනාද ජිමින් ඌ ගැන දන්නෙ.."

"මන් දන්නෙ ළගදිම ඌ මගෙන් අම්බානකට කනවා කියලා විතරයි.."

"හම්මෝ ඇති ඇති එනවා යන්න.."

මන් ජිමින්වත් ඇදගෙන ටේබල් එක ළගට ආවත් මට කලින් ඉස්සර උන ජිමින් මාමගෙ එහා පැත්තෙන් වාඩි උනේ මටත් එයා ගාවින් වාඩි වෙන්න කියලා සන් කරලා..
.
.
.

Jimin pov..

මන් අර අංකල් කාරයා එහා පැත්තෙන් වාඩි උනාම මිනිහගෙ මූන බලන් ඉද්දිම තැලිච්ච තක්කාලි ගෙඩියක් වගේ උනා...

"ජිමීනී..."

මෙච්චර වෙලා හොදට හිටපු කෙල්ල එක පාට්ටම ඇදලා මගෙ නම කියද්දි මන් එයා දිහා බැලුවෙ මොකද්ද මේ විපර්‍යාසෙ කියලා අහන්න වගේ

"ජී...මී...නී හික්* "

හරිනේ ඉතින්..ඔය තියන්නෙ..මහ ලොකුවට වීරයා වගේ බෝතලයක් බීලා දැන් මෙතන විකාර කියෝනවා..

"මොකද චූටි.."

"චූටි... කවුද චූටි..හික්*.. මම තමයි ජියො..."

"ටේහෝ... ඔයාගෙ නම ටේහෝ...මතකයි නේ.."

මෙච්චර වෙලා ඔහේ බලාගෙන හිටිය අංකල් ජියොන් කෑල්ල ඇහුණ ගමන් ඊයක වේගෙන් චූටි දිහා බලද්දි මන් පුළුවන් ඉක්මනට ඒ වැරැද්ද නිවැරදි කළා..

"ජිමිනා....හික්*.."

"ඒ පාර මොකෝ..."

"මට චූ බරයිනේ.."

අම්මපා මේ ඔක්කොම වීඩියෝ කරලා හෙට උදේ පෙන්නුවනං නටපු නාඩගම් ටික...හොද ආතල එකක් ගන්න තිබ්බා..

"එනවා යන්න මාත් එක්ක.."

මන් කෙල්ලගෙ අතින් ඇදන් වොශෲම් තිබ්බ ඒරියා එකට කෙල්ලව එක්කන් ගිහින් ජෙන්ස් වොශෲම් එකක් ඇතුලට තල්ලු කරලා මාත් ඇතුලට ගියේ දැන් මේකි ඕක ඇතුළෙ නාන සයිස් එකක ඉන්න හින්දා..ඇතුළට ගියපු ගමන් මේකි කරපු දේට මගෙ ඇස් දෙක පොල් උනේ කටේ කෙළත් හිදෙද්දි..

"යාශ් ඕක නවත්තනවා..."

ඇරපු ශිපර් එක අල්ලගෙන ඉන්න කෙල්ලට කෑ ගහගෙනම මන් අනිත් පැත්ත හැරෙද්දි මෙන්න මේකි අඩන්න පටන් ගත්තා...වෙලාවට මේක අස්සෙ මායි මේ හොල්මනයි විතරක් ඉන්නෙ නැත්තන් ඉතින්...

"හුවෑ.....හුවෑ... හික්*..හුවෑ...."

"ඇයි මොකද..කොහෙද රිදෙන්නෙ..."

මන් ඉක්මනට කෙල්ල ළගට යද්දි කදුළුත් පෙරාගෙන නහයත් ජම්බු ගෙඩිය කරන් අඩද්දි ඇත්තටම එයා හරි කියුට්..

"හුවෑ...ජිමිනී... ඒක නෑ..අනේව් ඒක නෑනේ.. හික්*"

"ඇ..ඇයි මොකද්ද නැත්තෙ.."

මන් පුළුවන් තරන් පහල නොබලා ඉන්න ට්‍රයි කරන ගමන් අහද්දි ආයිත් මේකි අඩන්න පටන් ගත්තෙ මට උඩ ඉන්න දෙයියො ඔක්කොම සිහි කරලා...

"මගෙ හික්* මකරා නෑ...හුවෑ...තවත් ජීවත් වෙලා මොකටද..හුවෑ..අනේ මගෙ මකරා වැටිලා...හික්*.."

"මොන මකරද..."

"ආයිශ් චූටි තමුසෙනං.."

මගේ කම්මුල් දෙකටම ලේ පිරෙන්න ගත්තෙ මේකා මේ හොයන මකරා මොකාද කියලා තේරුන හින්දා..සිකේ..මේකි කිව්වට මටයි ලැජ්ජා හිතුනේ...

"අනේ මැණික හොද කෙල්ල වගේ අරක ඇතුළට ගිහින් වැඩේ කරන් එන්නකො රත්තරනේ...දැනටමත් රෑ වෙලා..අපි යන්නත් ඕනෙනේ.."

"බෑ බෑ හික්* මට ඒක වහගෙන කරන්න බෑ..උයාලා වගේ හික්* මේ පෙට්ටියට කරන්න ඕනේ..."

"ආයිශ් මරපිය මාව...චූටී මගෙන් ගුටි නොකා යනවා අරක ඇතුලට..දැම්ම..ආවා මෙතන පෙට්ටි වලට චූ කරන්න..."

"හුවෑ...ජිමිනි මට සැර කරනවා හුවෑ..."

"කෝ කෝ යනවා ඉතින් කිව්වම අහලා.."

මන් කෙල්ලව තල්ලු කරන් ඇතුලෙ තිබ්බ ටොයිලට් එහෙකට තල්ලු කරලා දොර වහගෙන නළලෙ තිබ්බ දාඩිය බින්දු ටික පිහිද ගත්තෙ මේ වෙච්ච දේවල් වලට ඇයි මන් මෙච්චර කලබල වෙන්නෙ කියලා මටම හිතා ගන්න බැරි වෙද්දි..

"යා කොට ටාරාවා...හික්* ඇරපිය මේ දොර..."

"ඉවරද..."

"ඕ අරින්නකො දොර හික්*..."

මන් දොර ඇරියට පස්සෙ මේකි වැනි වැනී එළියට ඇවිල්ලා hand wash කරගත්තට පස්සෙ මන් කෙල්ලගෙ අතින් අල්ලගෙන එළියට එක්කන් යන්න හදද්දි මේකි මගෙ අතින් ඇදලා අරන් මාව එතන තිබ්බ සින්ක් එකකට හේත්තු කලේ මාව එයාටයි සින්ක් එකටයි මැදි වෙන විදිහට....

"යා යා...මොකද මේ කරන්නෙ.."

"උයා දන්නවද ජිමිනි හික්* උයා හරී හොදයි.."

"ඒ පාර මොකද්ද උනේ...කෝ මට යන්න දෙන්න..."

"උයා මාව හික්* ඒ නරුමයගෙන් බේර ගත්තනේ...."

"ඇයි චූටි ඔයා ඒ මිනිහට එච්චර බය..."

මන් එහෙම්මම ඒ අත් දෙක එයාගෙ ඉන වටේ දාලා කෙල්ලව උස්සලා සින්ක් ටේබල් එක උඩින් තිබ්බෙ එයාව මටයි සින්ක් එකටයි මැදි වෙන විදිහට..

"උ..උයා දන්නෙ නෑනේ...හික්* කු..කුකී නං දන්නවා ඔක්කොම.."

"මොකද්ද ඔක්කොම.."

"එයා මට ඉගෙන ගන්න හික්* දුන්නෙ නෑ..මට හරියට හික්* කන්න දුන්නෙ නෑ..ඒ වගේම මට නිදහසේ හික්* ඉන්න දුන්නෙත් නෑ..."

"ඉන්න දුන්නෙ නෑ කිව්වේ...දෙයියනේ චූටි ඒ මන් හිතන දේ නෙමෙයි නේද..කියන්නකෝ.."

නොදැනීම මගේ ඇස් වලට කදුළු පිරෙද්දි මගේ අත් ඒ කම්මුල් දිගේ බේරෙන කදුළු පිහිදාන්න උනා..

"හුම්ම්.. ඒ මිනිහා හික්* මාව රේප් කරන්න හැදුවා..හික්* ජරා මිනිහා...ඉහි ඉහි..."

"මොකක්...නෑ...ඔයා පොඩීනෙ චූටි..ඒ නරුමයා කොහොමද..ශිට්..කාලකන්නි.."

කේන්තිය ඉවසගෙන මන් එයාව මට තුරුල් කරගනිද්දි එයා කෑ ගහලා ඇඩුවා..ශිට්...මන් ඌව ඉතුරු කරන්නෙ නෑ...පො##යා..ටික වෙලාවකින් එයා අඩන එක නවත්තලා මන් දිහා බැලුවා..

"චූටී..."

"උයා දන්නවද ජිමිනි හික්*  එදා මගෙ පොඩි එකා...මගෙ කුකී..මාව බේරුවා...අවුරුදු 15 පොඩි එකා අර තිරිසනාට බිම දාගෙන ගැහුවා..උයා දන්නවද හික්* එදා කුකී හිටිය නැත්තන් හික්* මන්... මන්..."

"ශ්ශ්ශ්... දැන් ඒවා ඉවරනෙ චූටි..ම්ම්ම්..මන් ඔයාට ආයි ඒ මිනිහගෙ හෙවනැල්ලක්වත් වැටෙන්න දෙන්නෙ නෑ..තේරුනාද...කෝ දැන් ඔතනින් බහින්නකො අපි ගෙදර යමු හොදේ..."

"ම්හූ...බෑ..."

"අනේ චූටි...මගෙ හොද කෙල්ලනේ.."

"එහෙනම් හික්*"

"ඔව්.."

"චූටිව වඩා ගෙන යන්න එහෙනං..."

"අනේ චූටි..හොද කෙල්ල වගේ බහින්නකො..."

"ම්හූ..."

"අරස්සෝ..."

මන් චූටිගෙ කලවා අතරින් අත දාලා එයාව උස්ස ගනිද්දි මගේ බෙල්ල බදාගත්ත කෙල්ල කකුල් දෙකත් පද්ද පද්ද හිනා වෙද්දි මන් එයාවත් අරන් වොශෲම් එකෙන් එළියට ආවා...

"අපි බැලුවා ඒත් කොල්ලො දෙන්නා මොකද පරක්කු කියලා.."

"බොස්.. මන් හිතන්නෙ මන් දැන් මෙයාව ගෙදර එක්කන් ගියානං හරි.."

"දැම්ම.. අනිත් එක මොකද ඔය වඩාගෙන කරන්නෙ..."

හහ්..අංකල්ට රිදුනද..මගෙ කෙල්ලට දෙන්න තියන ඔක්කොම වද ටික දීලා..මන් ටිකක් වඩා ගත්තම කටු ඇනෙනවා ඇති..මෙයා මගෙ බෙල්ල බදාගෙන නැත්තන් අනිවා තමුසෙ මගෙන් අම්බානකට කනවා...

"ආ ඒකද...දැන් ඉතින් රෑ වෙලානේ..අනිත් එක මන් එයාව බලෙන් වඩාගෙන නෑනේ...my car my petrol.."

" ඒ..ඒ උනත්.."

"ජිමිනී...කෝ උයා හික්*මාව අස්සගුඩුන් හික්* එක්කන් යන්නෙ නෑනේ..හුවෑ..."

"බොස්.. මන් දැන් යන්න ඕනේ.."

"අරස්සෝ..චොසිම්හේයෝ.."

මන් චූටිවත් උස්සන් බයික් එක පාක් කරපු තැනට ආවත් මෙයාව කොහොම බයික් එකේ එක්කන් යන්නද කියලා මතක් වෙද්දි මන් ආයෙත් බැලුවෙ පේන තෙක්මානෙක ටැක්සි එකක්වත් තියේද කියලා...කොච්චර බැලුවත් ටැක්සි එකක් නැති වෙද්දි මන් මගේ අත් අතර හිටිය කෙල්ලව පරිස්සමට බයිසිකලේ ශීට් එක උඩින් තියලා මාත් බයික් එකට නැග්ගා..

"චූටි මාව හයියෙන් අල්ල ගන්න හොදද..."

"ම්ම්ම්..."

මන් එයාගෙ අත් දෙක මගේ ඉනවටේ පටලද්දි එයා හොදට හරිබරි ගැහිලා මගේ පිටේ ඔලුව තියා ගත්තා..හාට් එක එකසිය ගාණට ගැහෙද්දි මන් බයික් එක පන ගන්වලා slow එකේ ඉස්සරහට ඇදුනෙ side mirror එකෙන් එයා දිහාත් බල බල...

"චූටි අපි ගෙදර ආවා...කෝ බහින්න දැන්.."

මන් දෙතුන් පාරක් කතා කලත් සද්දයක් නැති තැන පිටිපස්ස හැරිලා බලද්දි කෙල්ල මගෙ පිට උඩ ඔලුව තියාගෙන නිදා ගෙන ඉන්න විදිහ දැක්කම මගෙ මූනටත් ලස්සන හිනාවක් ආවෙ මටත් නොදැනීමයි.. 'මගේ එකිත් කොල්ලොත් එක්ක මෙහෙම තුරුල් වෙලා හිටියොත් අඩු කඩනවා මම ඕකිගෙ'..මගෙ ඇග පුරා එක පාට්ට හිරියක් ගියේ එදා අර පොඩි කුක්කා කිව්ව කතාව මතක් වෙලා..වෙලාවට ඒ යස්ස හාවා මෙහෙ නැත්තෙ..නැත්තන් මෙලහට මගෙත් දත් දෙකතුනක් ගලෝලා..

මන් කෙල්ලව වැටෙන්නැති වෙන්න බයික් එකෙන් බැහැලා ආයිත් කෙල්ලව අත් අතරට අරගෙන ගේ ඇතුළට ගිහින් පරිස්සමට එයාව කාමරේ ඇද උඩින් තියලා දාන් හිටිය සපත්තු දෙකත් ගලෝලා සීතල දැනෙන්නෙ නැති වෙන්න ඩුවට් එකෙනුත් වහුවා..ඒ දාන් ඉන්න wig එක ගලවද්දි ඒ සිනිදු දිග කොණ්ඩෙ කොට්ටෙ පුරාවටම විසිරුනා..එයාට  හැමදාම මෙහෙම සැනසීමේ ඉන්න පුළුවන්නම්..මටත් නොදැනිම මගේ අත් ඒ සිනිදු කොණ්ඩෙ පුරාවට දග කරද්දි මන් ඒ මූණට වැටිච්ච කෙහෙ රැල්ලක් කන පිටිපස්සෙ රැදෙව්වා..ඔයා මොන ගිනිගොඩක් උඩද පිච්චෙන්නෙ චූටි..මට පුළුවන් උනානං ඔයාව මේ කරුමෙන් ගොඩ ගන්න..බර හුස්මක් පල්ලෙහාට දාලා මන් කාමරෙන් එළියට යන්න යද්දි..

"කජි..මා..(don't leave)"

"කු..කී ක..ජිමා..."

"චූටි මන් කුකී නෙමේනෙ මැණික.."

"ක..ජිමා.."

එයා මගෙ අත අතඅරින්නෙම නැති තැන මන් ඇද උඩින් වාඩිවෙලා ඔම්මට මැසේජ් එකක් දැම්මේ එන්න රෑවෙයි බලන් ඉන්න එපා කියන්න...
.
.
.

By crazyarmygirls

_____:]___________________________________

ළමයි මම ප්‍රශ්නයක් අහන්නද..

කිසිම හේතුවක් නැතුව තමන් පන වගේ ආදරේ කරන කෙනෙක්(bf හෝ gf නොවේ)
පැහැදිලි හේතුවක් නැතුව එකපාට්ටම තමන්ව අත ඇරියොත්..තමන්ට වෛර කරන්න ගත්තොත් තමන් මොකද්ද කරන්න ඕනේ..(තමන්ට ගොඩක් වටින බැදීමක්)එක්කො තමන් ඒ බැදීම අත අරින්න ඕනෙද..

චැපි දිග වැඩීද..

ඉක්මනට ඉවර කරනවා මේක..

අරගල කරන හැමෝටම කිසිම කරදරයක් වෙන්න එපා කියන එක තමයි එකම ප්‍රාර්ථනාව🖤

Vote and comment pls~

To be continued~

Continue Reading

You'll Also Like

194K 26.6K 63
දුප්පත් අහිංසක කොල්ලෙක් ආවොත් ඔයාගේ ඔෆිස් එකට... ඔයාව දැක්කත් එයා බයේ වෙව්ලනවනම්.. ඔයා මොකද කරන්නේ... 💚 හඃ හඃ තව තවත් බය කරනවා... හැබැයි ඉතින් ආදරේට...
673K 30.9K 21
Story Name - Signs Of The Fate (ကံၾကမၼာခ်ည္တဲ့ျကိုး) Own Creation Written by choyee6 Fic cover by - Wang Qiu I own the photo , please do not use Sta...
433K 68.5K 70
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
25.9K 3.8K 29
ජීවිතේ ප්‍රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️