Without me

By crazyarmygirls

8.6K 1.5K 1.4K

ලස්සනට ගලාගෙන ගියපු ජීවිත එක පාරටම විනාස කරපු කුණාටුවක්.. තමන්ගෙ ජීවිතේම තමන්ගෙ මල්ලි වෙනුවෙන් කැප වුණු ආදරණී... More

Broken 01
Broken 02
Broken 03
Broken 04
Broken 05
Broken 06
Broken 07
Boken 08
Broken 09
Broken 10
Broken 11
Broken 12
Broken 13
Broken 14
Broken 15
Broken 16
Broken 17
Broken 18
Broken 19
Broken 20
Broken 21
Broken 22
Broken 23
Broken 24
Broken 25
Broken 26
Broken 27
Broken 28
Broken 29
Broken 31
Broken 32
Broken 33
Broken 34
Broken 35
Broken 36
Broken 37
Broken 38
Broken 39
Broken 40

Broken 30

218 40 47
By crazyarmygirls


"ජිමින් ඒ ඌ...ඌ තමයි ඒ මන් කිව්වෙ ඒ ඌ...මාව අරන් යන්න ඇවිල්ලා...කුකී මාව බේරගන්නකො...අනේ කුකී නූනට බයයි.."

"හේයි හේයි..මන් මෙතන ඉන්නවනෙ..කාටවත් මගෙ චූටිව අරන් යන්න දෙන්නෙ නෑ හොදද.."

ජිමින් මගෙ ඉන වටෙන් අත දාලා මාව ඒ උරහිසට හේත්තු කරගෙන මාව අර ජරා මිනිහා ගාවින් එහාට එක්කන් ගිහින් ළග තිබ්බ බැම්මකින් වාඩි කෙරෙව්වා..

"ජිමින්.. මන් මන්.. මට ඒ මිනිහා.. මොකද්ද.. මොනාද ඌ මෙහෙ කරන්නෙ.. බයයි මට.. රිද්දයි ඌ.. අනේ මම"

"ශ්ශ්ශ්ශ්.. ඉස්සෙල්ලම සන්සුන් වෙන්නකො චූටි මැණික..ඊට පස්සෙ හිමීට මට කියන්න ඌ ගැන හරිද.."

ජිමින් මගෙ කම්මුල් දෙකෙන් අල්ලන් හරිම ආදරෙන් ඒ ටික කියද්දි මන් ටික ටික සන්සුන් වෙන්න උත්සහා කලේ මට එයාව විශ්වාස බව එයාට අගවන්න ඕනෙ නිසා...

"හ්ම්ම්..එදා මාව කෙල්ලෙක් කියලා ඔයාට අහු උන දවසෙ මන්  කිව්වා මතකද මාව බලා ගත්ත මාමෙක් ගැන"

"ඔව්.. ඒත් ඔයා ඒ ගැන වැඩි විස්තර මුකුත් කිව්වෙ නෑනෙ මට.."

"හ්ම්ම්.. ඔය බොරු අහින්සක කමක් පෙන්නං ඉන්න රාක්ෂයා එයා තමයි.."

"මට පැහැදිලි නෑ චූටි..ඔයා කිව්වා මේ මිනිහා නිසා ඔයා ගොඩක් දුක් වින්දා කියලා..තව ෆයිනල් එක්සෑම්සුත් ලියන්න බැරි උනා කියලා.."

"ඒ වගේම ඌ මගෙ ජීවිතේම කෑවා..ඔම්මයි අප්පයි නැතත් මූ මගෙ ජීවිතේට ආවෙ නැත්තන් මට ලස්සනට ජීවත් වෙන්න තිබ්බා..මේ මිනිහා මගෙ ජීවිතේ අපායක් කලා..අද මන් මේ ඉන්න තත්වෙට මාව වැට්ටුවෙ වෙන කවුරුත් නෙමෙයි මූ..."

මගේ අත් ඉබේටම මිට මෙලවුනේ අතීතෙ ආයෙමත් මගෙ ඇස් ඉස්සරහා මැවුන නිසා...

"දැන් කූල් වෙන්නකො චූටියා..ම්ම්ම්.. නැත්තන් ඌට නිකන්ම අහු වෙයි ඔයා කවුද කියන එක.."

ජිමින් මගේ අතකින් අල්ලන් මාව කූල් කරන්න උත්සහ ගනිද්දි මගේ ඇග වෙවුලන්න ගත්තෙ අපේ පැත්තට හිනා කටක් පුරෝගෙන එන ඒ නරුමයව දැකලා...

"හලෝ..ලොක්කා මට කිව්වා ඔයාලත් එක්ක හවුල් වෙලා වැඩ කරන්න කියලා.."

මන් පුළුවන් තරම් නෝමල් වෙන්න හදද්දි ජිමින් මගෙ ඉස්සරහට ඇවිත් ඒ මිනිහත් එක්ක හිනා වුනා..

"මගේ නම සියෝජන්ග්..වයස 38"

පුහ්..තිස් අටයි..ඌ හිතන් ඉන්නෙ අපිට ඇස් පේන්නෙ නෑ කියලද දන්නෙ නෑ..

"මම ජිමින්..මෙයාගෙ නම ටේහෝ..මට වයස 27 යි ටේහොට- "

"මට තිහයි..."

මගේ ඉස්සරහා ඉන්න දෙන්නම මන් දිහා ඇස් ලොකු කරන් බැලුවෙ මෙච්චර පොඩි මට කොහොමද තිහක් වෙන්නෙ කියලා..

"ඕ..ඔව් අපේ ටේහෝ හ්‍යුන්ග්‍ට තිහක්.."

හ්‍යුන්ග්...අම්මෝ මේකා දෙන ආතල් එකක්..

"අමෝ මන් හිතුවෙ විසි තුනක් විතර ඇති කියලා..."

මාව ඇතුලෙ ඉදන්ම හිරිවැටිලා ගියෙ ඌ ඒ කියපු දේ නිසා...මට හරියටම වයස විසි තුනයි...

"හැමෝම කියනවා මම වයසට වඩා බාල පෙනුමයි කියලා..."

"දැන් ඔය උප්පැන්නෙ දිග ඇරියා මදෑ...වැඩ කරමු එහෙනං..."

අපි ආයිත් පුරුදු විදිහට වැඩ පටන් ගත්තා..එදා මහ ලොකුවට මාව යට කරගත්තට අද මන් කරන දේවල් වලින් භාගයක්වත් කරගන්න පණ නෑ ඒ මිනිහට...වයසට ගිහිල්ලා...

"හ්‍යුන්ග්... මන් යනෝ හොදේ..හවස ලෙක්චර්ස් වලට ඉන්න එපැයි..."

බෑ අදනං යන්න දෙන්න බෑ...අනේ..

"අනේ ජිමිනී.."

"හොද චූටියා වගේ අහන්නකො ඉතින්..මන් උදේ ලෙක්චසුත් කට් කරගෙනනේ මෙතන ඉන්නේ...හොද චූටියා වගේ මට යන්න දෙන්නකො ඉතින්...අනිත් එක ඒ පිස්සු මිනිහට බය වෙන්න එපා...ඌට ඔයාව අදුරගන්න බෑ..මෙච්චර කෙල්ලො ආශ්‍රය කරපු මටවත් ඔයා කෙල්ලෙක් කියලා හොයා ගන්න බැරි උනා.."

"ඒත් ඌට පුළුවන්...ඔව් ඔව් ඌ.."

"ශ්ශ්ශ්... චූටි... හරිනම් මගෙ චණ්ඩි කෙල්ල තරහ ගන්න ඕනෙ බය වෙන්න නෙමෙයි..."

නෑ මන් බයයි..ඒ ඇයි කියලා ඔයා දන්නෙ නෑ ජිමිනි...ඌ මාව හැම අතින්ම කෑවා..විනාස කරන්න පුළුවන් උපරිමෙන් මගෙ ජීවිතේ විනාස කලා..මගෙ කුකී නොහිටින්න එදා මට මොනවයින් මොනා වෙයිද කියලා මමවත් දන්නෙ නෑ..මට මගෙ කොල්ලා ගාවට යන්න ඕනෙ දැම්ම..

"ඔච්චර කල්පනා කරන්න එපා මගෙ ලොකු හ්‍යුන්ග්...එයාට ඔයාව හොයාගන්න බෑ..මේ ජිමිනිව විශ්වාස කරන්නකො..ම්ම්..මන් දැන් යනවා හොදේ...පරිස්සමෙන් ඉන්න..."

ජිමින් එතනින් පිටත් වෙන්න යද්දි මාත් ඉක්මනට මගෙ බෑග් එක අරන් ජිමින් පස්සෙ යන්න පටන් ගත්තෙ මේ වෙලාවෙ මට කුකී ළගට යන්න ගොඩාක් ඕනෙ උනු නිසා..ජිමින් ඇස් ලොකු කර ගෙන මන් දිහා බලන් ඉද්දි මන් ඒ මුකුත් ගණන් නොගෙන ලොක්කාටත් කියලා වැඩපලෙන් එළියට ගියේ මේ වෙලාවෙ මෙතන වැඩකරන්න තරම් මානසික මට්ටමක් මට නොතිබුණු හින්දා

"යා කොහෙද ඔය යන්නෙ?"

"මගෙ පොඩි එකාව බලන්න..මට ඔයාගෙ ගෙදරින් චේන්ජ් එකක් දාගන්න පුළුවන් නේද...."

"ඕනමවෙලාවක.."
.
.
.
_________________

මන් කුකීගෙ ස්කූල් එක ඉස්සරහා බෙන්ච් එකක වාඩි වෙලා බලන් හිටියෙ ස්කූල් එක ඇරිලා මගෙ කුකී එළියට එනකන්...අද උදේ ඉදන් වෙච්ච දේවල් එක්ක මට කුකීව වෙනදටත් වඩා ඕන වෙද්දි මන් ඇස් රිදෙනකන් මෙයින් ගේට් එක දිහා බලන් හිටියෙ මගෙ කුකී මන් ගාවට දුවගෙන එනකන්...

ස්කූල් එක ඉවර වෙලා ළමයි එකා දෙන්නා එළියට එද්දි මන් උවමනාවෙන් බලන් හිටියෙ මගෙ කුකී මන් ගාවට එනකන්..කෙල්ලො කොල්ලො අත් පටලන් ඉද්දි මගේ පාර අවහිර කරගෙන මගෙ ඉස්සරහට ආවෙ කොල්ලො තුන් දෙනෙක්...

"ඔ.. ඔයාලා.."

මගෙ ඉස්සරහා හිටන් හිටියෙ වෙන කවුරුත් නෙමෙයි එදා රෑ මටයි කුකීටයි පාට් දාපු කොල්ලො තුන්දෙනා...

"අ..අන්‍යොන්ග් නූනා..."

මේ මොකද මේ ළමයින්ට වෙලා තියන්නෙ...

"අන්‍යොන්ග්...ඔ ඔයාලා කුක් නෑ මේ ජන්ග්කුක්ව දැක්කද..."

කියලා කට ගන්න හම්බුනේ නෑ එක පාට්ටම කොල්ලො ටික මගෙ ඉස්සරහා දණ ගැහුවෙ මාවත් ශොක් කරලා...

"ළමයි මොකද මේ...නැගිටින්න... කෝ ඉතින්.."

"නූනා බියානේයෝ...අපි අපි එදා රෑ එහෙම කලේ හි..හිතලා නෙමෙයි..අපිට සමාව දෙන්න.."

"අනී.. මොකද මේ..ළමයිනුත් බලන් ඉන්නවා..කෝ නැගිටින්න..."

"ස..සමාව දෙනකන් අපි නැගිටින්නෙ නෑ...නූ..නා චෙබල්.."

"අරස්සෝ..මන් කොහොමත් ඒක වැඩිය ගණන් ගත්තෙ නෑ..කෝ නැගිටින්නකො දැන්..මන් සමාව දෙනවා.."

මන් කොල්ලො ටිකට උඩින් පිටිපස්ස බලද්දි තමයි දැක්කෙ එවිල් හිනාවක් දාන් දණ ගහගෙන ඉන්න කොල්ලො ටික දිහා බලන් ඉන්න කුකීව..වාහ් ඒ කියන්නෙ මේක මූගෙ වැඩක්..ළගට ආපු දෙන්කො මන් අල්ල ගන්නම්..මන් එයා දිහා බලන් ඉන්නවා කියලා දැක්ක ගමන් කුකී එවිල් බනීගෙන් අහින්සක හුරතල් බනියෙක්ට කන්වර්ට් වෙන ගමන් මන් දිහාට පැන පැන වගේ ආවෙ මුකුත් නොකරපු අහින්සකයෙක් ගානට..

"නූනා..."

කුකීගෙ කටහඩ ඇහිච්ච ගමන් අර කොල්ලො ටික දඩිබිඩි ගාලා නැගිටලා බිම බලාගත්තෙ හරියට නිකන් කාට හරි බය වෙලා වගේ..

"අ..අපි ගිහින් එන්නම් නූ..නා.."

"නෑ ආයි කවදාවත් තමුසෙලා මගෙ නූනට පේන්න එන්න ඕනෙ නෑ.."

ඒ ළමයි දිහා දවා අලුවෙන බැල්මක් දාපු කුකී මාත් එක්ක හුරතලේට හිනා උනා..

"මොනාද තවත් බලන් ඉන්නෙ යනවා ඉතින්..."

කුක් කෑ ගහපු පාරට බය වෙලා ඒ කොල්ලො ටික මටත් බව් කරලා යද්දි මන් කෙළින්ම අල්ල ගත්තෙ නසරාණි කුක්කගෙ කනෙන්...

"යා නූනා...ආ ආ..රිදෙනවා..ඕයි අත අරිනවකෝ..නූනෝ..."

"අත අරින්න! අත අරින්න නෙමෙයි හොද වැඩක් කරනවා මන්..දැන් ස්කෝලෙ චණ්ඩියද..ආ..ළමයි බය කරන්න පටන් ගත්තෙ කවදා ඉදන්ද.."

"ආ...අනේ මගෙ හොද කෙල්ලනෙ.. අත අරින්නකො රත්තරනේ කන ඉරෙයි.."

මන් කුකීගෙ කන අත ඇරියෙ ඒක ඕනාවටත් වඩා රතු වෙලා තිබ්බ නිසා..

"ඔයා හරි දුස්ටයි නූනා..ඒක නෙමෙයි මොකෝ අද කලින්ම මාව බලන්න ආවෙ..ම්ම්ම්"

කුකී එහෙම අහනවත් තෙක්කම හිතේ තිබ්බ සැහැල්ලුව වාශ්ප වෙලා ගිහින් හිත ආයෙමත් බර උනේ උදේ ඉදන් වෙච්ච දේවල් නිසා...

"අනී...මුකුත් නෑ මැණික.."

මන් කුකීව බදා ගන්න ගමන් එහෙම කිව්වත් කුකීනං ඒක විශ්වාස කරන පාටක් පෙනුනෙ නෑ..

"නූනා.. මොකද්ද උනේ..මට කියන්න බැරි දේවල් ඔයා ගාව නෑනෙ... ම්ම්ම්.. මගෙ හොද කෙල්ල වගේ මට කියන්නකො ඉතින්.."

"කුකී මට..මට.."

"මන් අහන් ඉන්නෙ පැටියො...
කියන්නකො ඉතින්.."

කුකී මගෙ කම්මුල් වලට අත තියලා ඒවා සිනිදුවට පිරිමදිද්දි මගෙ කටින් ඉබේම ඒ දේ පිටවුනා..

"මට අද මාමව හම්බුනා කුකී..."

"මොකක්!!"

.
.
.
By crazyarmygirls~

_________________________________________

ළමයි ඊළග එකේ ඉදන් වචන 1500ක වගේ චැපි දෙනවා හොදේ..අපිට මේ කතාව ඉක්මනට ඉවර කරන්න ඕනෙ..

Vote and coment pls~

To be continued~

Continue Reading

You'll Also Like

585K 36.8K 73
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
176K 16.6K 91
🍓🍎🍒🍑 ဘယ်ရည်းစားကိုအချစ်ဆုံးလဲ🍓🍎🍒🍑 📣📣📣ရှောင်းကျန့်...ရဲရဲ ကြီးဖြေလိုက်စမ်းပါ...ဘယ်ရည်းစားကို အချစ်ဆုံး လဲဆိုတာ...✨✨✨ 🍓🍎🍒🍑 ဘယ္ရည္းစားကို...
48.7K 2.6K 42
កាលពីកន្លងមកគេចាត់ទុកយើងត្រឹមតែជាប្អូនប្រុសម្នាក់ប៉ុណ្ណោះ ជុងហ្គុក ចនអេនឡាក់ដែលជាកូនប្រុសទោលតែម្នាក់នៅក្នុងវង្សត្រកូលចន នាយសង្ហាម្នាក់នេះគ្មានចិត្តប្...
486K 66.2K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...