කඳුළැලි | tears | Sinhala BL...

By sehasnara

81.5K 16.5K 4.9K

'ඔයා හැමදාම නංගි ගැනම බල බල හිටියොත් ඔයාට බඳින්න කෙල්ලෙක්වත් නැති වෙයි මිනිරු.' සහේෂ්ගේ වදන් මගේ හදවත පසාරු ක... More

කඳුළැලි - 01
කඳුළැලි - 02
කඳුළැලි - 03
කඳුළැලි - 04
කඳුළැලි - 05
කඳුළැලි - 06
කඳුළැලි - 07
කඳුළැලි - 08
කඳුළැලි - 09
කඳුළැලි - 10
කඳුළැලි - 11
කඳුළැලි - 12
කඳුළැලි - 13
කඳුළැලි - 14
කඳුළැලි - 15
කඳුළැලි - 16
කඳුළැලි - 17
කඳුළැලි - 18
කඳුළැලි - 19
කඳුළැලි - 20
කඳුළැලි - 21
කඳුළැලි - 22
කඳුළැලි - 23
කඳුළැලි - 24
කඳුළැලි - 25
කඳුළැලි - 26
කඳුළැලි - 27
කඳුළැලි - 28
කඳුළැලි - 29
කඳුළැලි - 30
කඳුළැලි - 31
කඳුළැලි - 32
කඳුළැලි - 33
කඳුළැලි - 34
කඳුළැලි - 35
කඳුළැලි - 37
කඳුළැලි - 38
කඳුළැලි - 39
කඳුළැලි - 40
කඳුළැලි - 41
කඳුළැලි - 42
කඳුළැලි - 43
කඳුළැලි - 44
කඳුළැලි - 45
කඳුළැලි - 46
කඳුළැලි - 47
කඳුළැලි - 48
කඳුළැලි - 49
කඳුළැලි - 50
කඳුළැලි - 51
කඳුළැලි - 52
කඳුළැලි - 53
කඳුළැලි - 54
කඳුළැලි - 55 [අවසානය]
කඳුළැලි - 56
කඳුළැලි - 57
කඳුළැලි - 58
කඳුළැලි - Q&A
කඳුළැලි - 59

කඳුළැලි - 36

1.2K 253 96
By sehasnara

මම ජීවිතයේ පළමු වතාවට සමාජ ශාලාවක් තුළට පය තැබුවෙමි. යෙහෙනි තවමත් රෝහල්ගතව සිටි අතර මට කිරීමට කිසිවක් සිතා ගැනීමට නොහැකි වූ නිසා අහම්බයකින් දුටු සමාජ ශාලාවකට පිය නැගීමට මම තීරණය කළෙමි. දොරටුව අසල සිටි මුරකරුවා මා දෙස බලා සිටියේ මම බාලවයස්කරුවෙකු ලෙස දිස් වූ ලෙසයි. 

මම ඔහුට මගේ ජාතික හැඳුනුම්පත දිගු කළෙමි. මද වේලාවක් ඒ දෙස බලා සිටි ඔහු මට ඇතුළට යාමට ඉඩ හරිමින් දොර විවර කළේය. මම සුසුමක් හෙළා ශබ්දයෙන් පිරී තිබූ නව ලෝකයට පා තැබුවෙමි. විශාල ශාලාව දම් පැහැ ආලෝකයෙන් පිරී තිබූ අතර මිනිසුන් සෑම තැනකම නටමින් සිටියේ ඔවුන්ට ‌පිටතින් වෙනත් ලෝකයක් නොතිබූ ආකාරයෙනි. මට එහි නුහුරු බවක් දැනුණද මට පිටතට යෑමට වුවමනා වූයේ නැත.

බීම හල අසලට ගිය මම එතැන තිබූ ‌කුෂන් බංකුවකින් හිඳගෙන කවුන්ටරය මතින් දෑත් තබා ගත්තෙමි. මගේ එහා පසින් වාඩි වී සිටි තරුණිය යටැසින් මා දෙස බලන ආකාරය මට දැනුණද මම එය නොදුටුවාක් මෙන් ඉදිරිය බලාගත් වනම සිටියෙමි. ඇය ඇගේ අසුනින් නැගිට මගේ පසුපසට පැමිණ මගේ දෙවුර වටා දෑත් යැවුවාය. මම කිසිවක් නොකර එය නොදැනුණාක් මෙන් සිටීමට තැත් කළෙමි. ඇගේ නිකට මගේ උරහිස මතින් රැඳුණු විට මම ඉවත බලාගත්තේ ඇයගේ මුවින් දැනුණු මත්පැන් ගඳ මග හරවා ගැනීමටයි.

'මොකක්ද ඔයාගේ නම බේබි' ඇය විමසූ විට මම මගේ උරය ගසා දමමින් ඇගේ නිකට ‌මගේ සිරුරින් ඉවත් කිරීමට තැත් කළෙමි. 

ඇගේ දෑඟිලි මගේ කමිසය යටින් යෑමට තැත් කළ විට මම ඇගේ අතට පහරක් එල්ල කළෙමි. 'මම සමලිංගිකයි!' මම ඇයට තර්ජනාත්මක හඬකින් කීවෙමි. 

මදකට පසුව මට වැටහුණේ මම එය තරමක ශබ්දයකින් කියා ඇති නිසා සියල්ලන්ගේ අවධානය මා වෙතට යොමුව ඇති බවයි. තරුණිය මගේ සිරුරින් ඉවත් වූවාය. මම නැවතත් අසුන මත හිඳගෙන දෑත් මතින් හිස රඳවා ගත්තෙමි. 

'එක්ස්කියුස් මී.' ඒ තරුණයෙකුගේ හඬයි. 

මම හිස හරවා බැලුවෙමි. මොහොතකට මම බියට පත් වුණේ ඒ තරුණයා සහේෂ් මෙන් දිස් වූ බැවිනි. කමුත් මදකට පසුව මම ඔහු සහේෂ් නොවන බව හඳුනා ගත්තෙමි. 

'මම මෙතනින් වාඩිවෙන්නද?' ඔහු විමසුවේ මගේ අනෙක් පසින් තිබූ පුටුවක් පෙන්වමිනි. මම හිස වනමින් එය අනුමත කළෙමි.

ඔහු අසුන මතින් හරිබරි ගැසී හිඳගෙන මා දෙස මද වේලාවක් බලා සිටියේය. 'මට ඇහුණා ඔයා සමලිංගිකයි කියනවා. මමත් එහෙම තමයි. මගේ යාළුවා එයාගේ ගර්ල් එක්ක නටන්න ගියපු නිසා මම වෙලාවේ තනියම ඉන්නේ. අපි දෙන්නා කතා කරමුද?' 

මම ඔහු දෙස බලා සිටියේ වදයට පත් බැල්මකින් යුතුවයි. ඔහු සිනාසුණේය. මගේ සිත කීරි ගැසී ගියේ ඔහුගේ සිනහව සහේෂ්ට සෑම අතකින්ම සමාන වූ බැවිනි. 

'අපි නටමුද?' ඔහු මට අත දිගු කරමින් විමසා සිටියේය. මම ඔහු දෙස මද වේලාවක් බලා සිටියෙමි. ඔහු මට වඩා උසින් වැඩි වූ අතර සිහින් මුත් ශක්තිමත් ‌පෙනුමකට හිමිකම් කීවේය. මම මගේ අත ඔහුගේ අත මතින් තැබුවෙමි. මගේ අත ඔහුගේ අත මත හමුවේ දිස් වූයේ ගැහැනු ළමයෙකුගේ සුකුමාළ අතක් ආකරයෙනි. 

ඔහු මට අසුනින් නැගිටීමට උපකාර කර මගේ ඉණ වටා ඔහුගේ අතක් යැවීය. සංගීතයේ තාලයට පාද තබමින් මට නැටීමට උපකාර කර තරුණයා මගේ උරයෙන් ඔහුගේ හිස තබා ගත්තේය.

'මගේ තාත්තා ආදරේ කළේ පිරිමි ළමයෙක්ට. ඒ කෙනා මැරුණා. මැරිලා තියෙන්නේ තාත්තගේ ඉස්සරහමයි. තාත්තා කියනවා ඉතින් මම කැමති කෙනෙක්ට මට ආදරේ කරන්න කියලා.' ඔහු මගේ උරයට මතුරා සිටියේය. මම ඔහුගේ හිසකෙස් අතරින් දෑඟිලි යවමින් ඔහු දෙස මද වේලාවක් බලා සිටියෙමි. 

ඔහුගේ සිනහව ඉතා සුන්දර වූ අතර මම මද වේලාවක් ඇසිපිය නොහෙළා ඒ දෙස බලා සිටියෙමි. ඔහුගේ සමේ වර්ණය තරමක් තද පැහැ වුවත් ඔහු මා දුටු කඩවසම් තරුණයන් අතරින් ඉහළ තැනක් ගන්නා බව මට ‌නොසඟවා කිව හැකි විය. 

මම ඒත් සමඟින්ම හිස සෙළවූයේ මට නැවත වතාවක් කෙනෙකුට ආදරය කිරීමට අවැසි නොවූ බැවිනි. ශනල්ක මියගොස් තවම ගතව තිබු‌ණේ මාස හතරක් පමණි. ශනල්ක මිය ගිය දිනයේ සිදු වූ අතවර වලින් යෙහෙනි ගැබ්ගෙන සිටියාය. ඇය වේදනා විඳිද්දි මට නැවත වතාවක් තවත් කෙනෙකුට ආදරය කිරීමට අයිතියක් ඇති බවක් මට හැඟුණේ නැත. මම දෑස් පියාගෙන තරුණයාගේ හිසින් මගේ අත ඉවතට ගත්තෙමි. ඔහුට මගේ වෙනසක් තේරුණාක් මෙන් ඔහු මා ‌දෙස බලා සිටි අතර මම නැවත වතාවක් ඔහු‌ගේ ගෙල පසුපසින් අත තබාගත්තේ ඔහු අපහසුතාවයට පත් වීම වළක්වනු පිණිසයි. 

'ඔයා ගැන කියන්නකෝ ඉතින්.' ඔහු මගේ කමිසයේ දාරයක් ඔහුගේ ඇඟිලි තුඩුවලින් අදිමින් කීවේය.

මම සුසුමක් ගත්තෙමි. 'මම මිනිරු දෙවන්ම. මගේ බෝයිෆ්‍රෙන්ඩ් මැරුණේ මීට මාස හතරකට කලින්. එයාව මැරුවා... ඒ මරපු අය අතින් එයාගේ නංගි දූෂණය වුණා. දැන් ඒ නංගි ‌ප්‍රෙග්නට්. මට දැන් කරන්න දෙයක් හිතාගන්න බෑ.' 

'මම ප්‍රාර්ථනා කරනවා ඒ සේරම ඉක්මනට හරියන්න කියලා.' තරුණයා මා දෙස බලා සිනාසුණේය. මම ඔහුගේ සිනහව අගය කරන දෑසින් ඔහුගේ මුහුණ දෙස බලා සිටියෙමි. 

'මම දෙමළ.' තරුණයා කීවේ මා පුදුමයට පත් කරමිනි. ඔහුගේ හඬේ කිසිඳු වෙනසක් නොවූ අතර ඔහුුගේ සිංහල උච්ඡාරණය පරිපූර්ණ එකක් විය. මම ඔහු දෙස දෑස් විසල් කරගෙන බලා සිටියෙමි. 

තරුණයා සිනාසුණේය. 'මම පොඩි කාලේ ඉඳලම හැදුණේ සිංහල අයත් එක්ක. දෙමළ වලට ඕලෙවල් වලට තිබුණේ බී එකක්. උපතින් දෙමළ වුණාට මට දෙමළ බෑ. යන්තම් වාක්‍යක් ගැට ගහගන්න විතරයි පුළුවන්.' 

'ඒක තමයි.' මම කීවේ කීමට වෙන කිසිවක් සිතාගත නොහැකි වූ තැනයි.

'අපි යමුද ‌එළියට? මම ක්ලබ් වලට කැමති නෑ. යාළුවා ආපු නිසා ආවා මිසක් කැමැත්තෙන් ආවා නෙවෙයි.' ඔහු විනාඩි දහයකට පමණ පසුව පවසා සිටියේ නර්ථනය මදින් මද අලස බවින් පිරෙන්නට වූ විටයි. 

'ම්ම්ම්.... යමු. මම දන්න ජූස් බාර් එකක් තියෙනවා. අපි ඒකට ගිහින් මොනවා හරි බොමු. ශනල්ක මැරුණට පස්සේ මම ඒකට ගියේම නෑ.' මම නිහඬව පවසා සිටියේ තරුණයා ශනල්කව නොදැන සිටි බව මොහොතකට අමතක කොටයි. 

'ඔයා කියනවා නම් යමු.' ඔහු මා දෙස බලා සිනාසී මගේ අතකින් අල්ලාගෙන සමාජ ශාලාවේ දොරෙන් පිටතට පැමිණියේය.

වීදිය රාත්‍රී අන්ධකාරයෙන් පිරී තිබුණු අතර අහසේ එකඳු තරුවක් හෝ දක්නට ලැබුණේ නැත. වීදි පහන්වලින් පැමිණි මන්දාලෝකය පොළොව මත කහ පැහැ ඡායා ඇති කර තිබූ අතර මගේ හිස කියා ගත ‌නොහැකි හැඟීමකින් පිරී තිබිණි. තරුණයාගේ දිගු ඇඟිලි මගේ අත සමග වෙළී තිබියදී මට දැනුණේ සනීපදායක උණුසුමකි. 

'මට වයස දහ නවයයි. ඔයාට කීයක් වෙනවද?' 

'මට විසි පහකට ළඟයි. ඔයාට තාම දහ නවයද? මම හිතුවා ඔයා මට වඩා වැඩිමල් ඇති කියලා. ඔයා ගොඩක් උසයිනේ.' මම ඔහුගේ සිරුරේ යන්තමින් වදිමින් කීවෙමි. 

තරුණයාගේ නම තවමත් මම දැන නොසිටි බව මට සිහි වූයේ ඉන් මදකට පසුවයි. නමුත් ඔහු ඔහුගේ පාසලේ සිදු වූ විහිළු කතා රැසකින් මා පිනවමින් සිටි නිසා මම ඔහුගෙන් ඒ පිළිබඳ ඇසසීම මදකට පමා කළෙමි. 

වේලාව රාත්‍රී දොළහට ආසන්න වූ අතර බීම හල වසා තිබූ හෙයින් අපි දෙදෙනා පාර අද්දර පඩිපෙළකින් හිඳගෙන එකිනෙකාට තුරුළුව සිටියෙමු. 

මට නැවත වතාවක් ආදරයෙන් බැඳීමට අවැසි නොවූ බව සැබෑවක් වුවත් මෙම තරුණයාගේ උණුසුම හැරදා යාමටද මට උවමනා වූයේ නැත. අපහසුකාරී ජීවිතයට සැනසීමක් ලෙසින් මට ඔහුගේ පහස දැනිණි. 

'මට සතුටුයි ඔයාව හම්බුණ එක ගැන.' මම සිනාසී ඔහුගේ කොපුලක් සිප ගත්තෙමි.

තරුණයා සිනාසෙන දෑසින් යුතුව මා දෙස බලා සිට මගේ දෙතොල් මතට නැඹුරුව හාදුවක් තැබීය. ඔහු ඔහුගේ දෙතොල් ඉවතට නොගත් අතර මම එහි වූ ස්ට්‍රෝබෙරි රසය මගේ මුවට දැනෙන්නට ඉඩ හැරියෙමි. ඔහුගේ ‌යටිතොළ යන්තමින් සපා කෑ මම සිප ගැනීම බිඳ දැමුවෙමි.

ඔහු මා දෙස බලා සිනාසුණේය.

'මට ඔයාගේ නම්බර් එක දෙන්න.' මම අනපේක්ෂිත ලෙසින් පැවසුවේ වැඩිදුර සිතීමකින් තොරවයි. 

ඔහු ඔහුගේ දුරකථන අංකය පවසද්දී මම එය මගේ දුරකථනයේ සටහන් කරගත්තෙමි. 

'ඔයාගේ නම?' 

තරුණයා මගේ අත මිරිකුවේය.

'මගේ නම නෙතිල් අයියර්.' 

_________

_කඳුළැලි_

2022 - 06 - 12

*********

නෙතිල් කවුද කියලා මුලාව ෆෑන්ස්ලා දන්නවා ඇතිනේ?

නාදන්ගේ පුතා. :)

අද මගේ උපන්දිනේ නිසා ඔන්න මම ඔයාලව සප්‍රයිස් කළා.

මුලාව x කඳුළැලි

මුලාව කියවලා නැති අය කැමති නම් peaceful_softie acc එකෙන් කියවන්න.

_සස්_



Continue Reading

You'll Also Like

19K 3.3K 27
A true story..... 29🅞︎🅒︎20 #Shanemluvstory [ ෆිල්ම් එකකින් ඇහිද ගත්තේ නැති, ඕතර් විසින් හිතින් ගොතපු නැති මේ කතාව ඔයාට මට ව්ශ්වාස කරන්න බැරි ඇත්ත...
320K 36.2K 79
අතිශයින්ම වැඩිහිටියන්ට පමණි. අසබ්‍ය වචන , bdsm , smut අඩංගුය. Only for Zhanyi fans **හිතට නැඟුණු අදහසක් පමණි.සැබෑ ජීවිතයේ චරිත සමඟ පටලවා නොගන්න**
9.3K 1.5K 38
අණ වින මායා බන්ධන දවයි ආදරේ ගිනිගෙන
45.6K 7.7K 63
අසීමාන්තික අව්‍යාජ ප්‍රේමයක් වේද එය ලෞඛික නිවනක්ම වනු ඇත, එවන් ප්‍රේමයක් ලග කාලයද නවතිනු ඇත, එවන් ප්‍රේමයක් කාලයද පරදනු ඇත... Category :Bl, Gay love...