Without me

By crazyarmygirls

8.6K 1.5K 1.4K

ලස්සනට ගලාගෙන ගියපු ජීවිත එක පාරටම විනාස කරපු කුණාටුවක්.. තමන්ගෙ ජීවිතේම තමන්ගෙ මල්ලි වෙනුවෙන් කැප වුණු ආදරණී... More

Broken 01
Broken 02
Broken 03
Broken 04
Broken 05
Broken 06
Broken 07
Boken 08
Broken 09
Broken 10
Broken 11
Broken 12
Broken 13
Broken 14
Broken 15
Broken 16
Broken 17
Broken 18
Broken 19
Broken 20
Broken 21
Broken 22
Broken 23
Broken 24
Broken 25
Broken 26
Broken 27
Broken 28
Broken 30
Broken 31
Broken 32
Broken 33
Broken 34
Broken 35
Broken 36
Broken 37
Broken 38
Broken 39
Broken 40

Broken 29

211 40 35
By crazyarmygirls


One week skipped

අම්මෝ...මන් අර යස්ස පැටියගෙන් බේරිලා දැනට සතියක්..ඒත් දැන් මට ඊට වඩා ප්‍රශ්නයක් වෙලා තියන්නෙ වෙන කාවවත් නෙමෙයි අර කොට පාත්තයව...

"චූටි.. කොහෙද යන්නෙ ඉන්න මාත් එනවා..."

"ඕක තියන්න බර වැඩී...එහා පැත්තෙ තියන පොඩි එක ගන්න...මන් මේක අරගන්නම්.."

"යා යා ඔය ඔය...ඔය මනුස්සයගෙ ඇගේ හැප්පෙන්න එපා..පරිස්සන් වෙනවකෝ..."

"චූටි කැප් එක තදට දාගෙන නේද ඉන්නෙ..."

"අමාරුයිද...තියන්න මන් කරන්නම්..."

ඇත්තටම කිව්වොත් මන් අහු උනාට පස්සෙ ඉදන් මේ මොට්ට පාත්තයා හිතන් ඉන්නෙ මන් බඩ දරු අම්මෙක් කියලා..

"යා පාක් ජිමින්....තමුන් ඔය මාව අහු කරන්නද හදන්නෙ..."

"ඕහ් බියානේ..."

"නන් ක්වෙන්චනා...බය වෙන්න එපා මගෙ මෝචි බෝලෙ.."

ඇත්තටම ජිමින් දැන් ඉන්නෙ මගෙ පර්සනල් බොඩි ගාඩ් සීන් එකේ..පව් අප්පා අහින්සකයා මන් නිසා තව දුක් විදිනවා..ඇත්තටම මට දැන් මාරම නිදහසක් දැනෙනවා...වෙස්මූණක් දාන් ඉන්න හැමකෙනෙක්ම වැඩියෙන්ම බය වෙන්නෙ ඒ වෙස්මූණ කවදා හරි ගැලවිලා වැටෙයි කියලා..තමන්ව විශ්වාස කරන අයව රවට්ටන එක ඇත්තටම ලොකු වේදනාවක්...කුක් මන් ගැන දැනගත්ත දවසට මට මොනා වෙයිද කියලා මන්වත් දන්නෙ නෑ...

"යා චූටි මොනාද අප්පා අහස පොළව ගැටගහන්න වගේ කල්පනා කරන්නෙ.."

මාව ඒ ලෝකෙන් මේ ලෝකෙට ආවෙ ජිමිනා කතා කරනවා ඇහිච්ච නොසා..එක අතක් මගෙ ඇස් ඉස්සරහට කරගෙන වනන ගමන් ඉන්න විදිහ දැක්කම හිනත් යනවා අප්පා..

"නෑ මන් කල්පනා කලේ කුකී ගැන ජිමිනා.."

"ආපෝ අර යස්ස හා කොල්ලා ගැනද..පුදුමයි තවුසෙ තාම කකුල් දෙකෙන් ඇවිදිනවා.."

මේකා හිනා වෙවී කිව්වට මන්නං එදා රත් වෙලාමයි හිටියෙ...අම්මෝ..

"චුටි යන්කො කන්න...ඔම්මා ඔයාටත් එක්ක බත් එකක් බැදලා.."

"හා හා කමුකො.."
.
.
.
_________________________

අද දවසෙ වැඩ ටිකත් ඉවර වෙලා මන් ගෙදර ආවේ මගේ කුකීට කන්න මොනාහරි හදන්න...

"නූනා ඔයා ආවද?"

මෙන්න මේ කොල්ලා අද වේලාසනින්ම ඇවිල්ලා...

"පොඩි සද්දයක් දැම්මට පස්සෙ වෙලාවට ගෙදර එනවා නේ.."

කින්ඩි හිනාවක් දාගෙන kitchen counter එක උඩින් වාඩි උන කුකී කියද්දි මන් ගස්සලා අහක බලා ගත්තෙ මේකා දැන් ඕනාවට වැඩි නිසා...

"ගස්සන්නත් දන්නවා නේ.."

"ඇයි හිතුවෙ බෑ කියලද..අපි ගස්සන්නත් දන්නවා ගැස්සෙන්නත් දන්නවා..."

"ඒක පෙනුනා.."

උයන්න රෙඩි කරලා තිබ්බ කැරට් අලයක් අරන් කටේ ඔබා ගන්න ගමන් මේකා හිනා වෙවී කියද්දි අම්මාපා දෙන්න හිතුනා දත් දෙක තුනක් බඩට යන්න...හැටි විතරක් යස්ස හාවා..

"යා ඔය කැරට් අලේ පැත්තකින් තියනවා..."

ඒ ටික කියලා ඉවර වෙන්නත් කලින් මේකා මුළු කැරට් අලේම කටේ ඔබාගත්තෙ මන් මේ දැන් ඒක උස්සන් දුවන්න හැදුවා වගේ...

"දෙන්නෙ නෑ ඤම් ඤම්..."

"කුකී.."

"කියන්න කෙල්ලෙ.."

"ඔයාට නූනව විශ්වාසයි නේද කුකී පැටියො.."

මන් කුකී ගාවට ගිහින් ඒ අත් දෙකෙන් අල්ලන් ඇහුවම කොල්ලා මාව බදා ගත්තා..

"අනිවාරෙන් නූනා මටත් වඩා මට නූනව විශ්වාසයි.."

ඒ වචන ටික ඇහෙද්දි ඇතුලෙන්ම පිච්චිලා යනවා වගේ දැනුනත් මන් අමාරුවෙන් මූනට හිනාවක් රන් කුකිත් එක්ක හිනා උනා...

"ඒත් නූනා..."

"ම්ම්.."

"කුකීව කවදාවත් රවට්ටන්න එපා හරිද...හිත කොච්චර හයිය උනත් මට ඒ දේනං දරාගන්න බැරි වෙයි.."

ඒක මට දීපු වෝනින්ග් එකක්...මියානේ කුකී...නූනා මේ දේ කරන්නෙ අසරණකමට මිසක් වෙන දේකට නෙමෙයි..මන් දන්නෙ නෑ ඔයාගෙන් මට සමාවක් ලැබෙයිද කියලා..ඒත් නූනා පුළුවන් තරන් කාලයක් මේ රහස ඔයාගෙන් රැක ගන්න උත්සහා කරනවා...

"නෝ දූ...මට පොරොන්දු වෙන්න හැමදාමත් නූනගෙ චූටි කුකී වෙලා මන් ගාවින් ඉන්නවා කියලා...නූනට ඉන්නෙ ඔයා විතරයිනෙ මැණික..හැබැයි ඔයත් ඔම්මයි අප්පයි වගේ නූනාව දාලා ගිය දවසට ඇත්තමයි නූනාව මැරිලා යයි..."

"මන් කවදාවත් නූනව දාලා යන්නෙ නෑ.."

"පින්කි ප්‍රොමිස්.."

මගේ චුට්ටන් ඇගිල්ල කුකී දිහාට දික් කරන ගමන් මන් කියද්දි කුකී හිනාවෙලා එයාගෙ සුළැගිල්ලෙන් මගේ ඇගිල්ල අල්ල ගත්තා..

"පින්කි ප්‍රොමිස්.."

හා දත් දෙකත් එළියෙ දාගෙන කියද්දි ළගට අරගෙන උම්මා කෝටියක් දෙන්න හිතුනත් මේ යකා දැන් ඕනාවට වැඩි නිසා මන් පාඩුවෙ හිටියා..

"හැබැයි ඉතින් නූනා වගේ සෙස්සි කෑල්ලක් සෙට් උනොත් නං ඉතින් යන්න බැරි කමකුත් නෑ හැබැයි.."

"ආව්... ආ නූනා... කන අනේ...ගැලවෙයි.."

"ආයි කියනවා බලන්න මොකද්ද කිව්වෙ ආ...පොඩිකමට නෙමෙයි කට..ආවා මෙතන සෙස්සි කෑලි හොයා ගන්න..කන විතරක් මිරිකලා අත ඇරපු එක ගැන සතුටු වෙනවා..."

"අම්මෝ මහ කොච්චි කරලක්නෙ..පිරිමි අතක් වගේ මාර ගොරෝසුයිත් එක්ක අත..වැස්ලින් ටිකක්වත් ගානවකො නූනා..."

"මේ..කුකී ආ මේ..ක කන්න.. බඩගිනී කිව්වනේ... ම..මන් වොශෲම් එකට යනවා.."

බාතෲම් එකට ඇවිත් දොර වහ ගත්ත ගමන් ගැහෙන පපුවට අතකුත් තියන් මන් සන්සුන් වෙන්න හැදුවෙ තාමත් පපුව රේස් යන්න වගේ ගැහෙන නිසා...
කුකීට ඒක තේරුනාද..නෑ නෑ එහෙම කොහොමද තේරෙන්නෙ..

"අනේ මාව මාට්ටු වෙන්නනං එපා.."
.
.
.
__________________________

"ජිමින් නා ඔතොක්කේයෝ..."

"ආයිශ් චූටි දැන් ඔය නහයෙන් ඇඩිල්ල නවත්තනවකො..ඒ යස්ස පැටියට ඒක තේරෙන්න නැතුව ඇති.."

"හ්වක් සිරේයෝ...එයාට ඒක තේරුනානං...අන්ද්වේ....ආයිශ්.."

"අම්මපා මන් ඔය නසරානි කුක්කගෙ හා දත් දෙක ගලෝලා අතට දෙනවා..ඇයි යකෝ ඌ කිව්ව දේකට කරුමෙ ගෙවන්න වෙලා තියන්නෙ කොහෙවත් ඉන්න මටනේ යකෝ.."

ජිමිනා අත් දෙකෙන්ම ඔලුව බදා ගෙන කියපු විදිහටනං මට දුකත් හිතුනා අෆ්ෆා..

"දැන් ඔය මළ ඇඩියාව පැත්තකින් තියලා යමු වැඩ ටික...මට දවල්ට ලෙක්චසුත් එක්ක.."

"ඔයාට ඉතින් මගෙ දුක තේරෙන එකක් යෑ...නපුරු පාත්තයා.."

"ඇති යන්තන් කොට කෑල්ල හලලා.."

මහ සද්දෙට හිනා වෙන ගමන් ජිමින් කියද්දි තමයි මට කොට කෑල්ල ඇඩ් කරන්න මතක් උනේ..

"කොට නපුරු පාත්තයා.."

"ටේහෝ.. ජිමින්.. අනිත් අයත් එක්කන් මෙහෙට එන්න.."

සජන්ග්නිම් කතා කරද්දි මායි ජිමිනුයි දෙන්නම ඒ පැත්තට ගියේ ඒ පාර මොන බාල්දියක්ද කියලා කල්පනා කරන ගමන්...

"ඔයාලත් එක්ක වැඩ කරන්න අලුතෙන් කෙනෙක් එකතු වෙලා ඉන්නවා..එයාව අදුන්වලා දෙන්න තමයි මන් මෙතනට ඔයාලට එන්න කිව්වෙ..."

සජන්ග්නිම් එයාට එහා පැත්තෙන් ඉන්න මනුස්සයෙක්ව පෙන්නන ගමන් කියද්දි මන් ටිකක් උනන්දුවෙන් බැලුවෙ මොකාද මේ අලුතෙන් ආපු පොර කියලා..මූණ වැහෙන්න දාන් හිටපු කැප් එකක් නිසා ඒ මූන මට නොපෙනුනත් උසින්නම් ඒ මිනිහා ජිමින්ටත් වඩා කොට මැදි වයසෙ කෙනෙක් වගේ පෙනුනා...

"දෙයියො බැලුවා වගේ මිනිහා හින්දා මෙච්චර කල් මගෙ බෙල්ලෙ එල්ලිලා තිබ්බ කොට පට්ටම ගැලවිලා මිනිහගෙ බෙල්ලට වැටෙන්න යන්නෙ..ආයි මට කොටයි කිව්වොත් බලාගමුකො එකෙක් හරි..මන් දැන් පාක් උස ජිමින්.."

හෙන වැඩක් කලා වගේ උජාරුවෙන් කියවන ජිමින් එක්ක එකතු වෙලා හිනා වෙවී හිටපු මම ඇහිච්ච දෙයක් නිසා ගල් ගැහුනෙ ජිම්න්ටත් මගෙ වෙනස තේරිලා මගෙ අතින් අල්ල ගනිද්දි..

"මේ මහත්තයා Jeon Seojung..අද ඉදන් ඔයාලත් එක්ක එකට වැඩ කරනවා.."

ඒ නම ඇහිච්ච ගමන් මාව වෙව්ලන්න පටන් ගත්තේ පරණ දේවල් ආපහු යටි හිතෙන් උඩ මතු වෙච්ච නිසා...වෙනසක් පෙන්නන්න එපා හේයොනා..පුළුවන් තරන් නෝමල් වෙමු..ඒ ජරා මිනිහට ඔයාව අදුර ගන්න බෑ...මන් මටම කියන ගමන් සන්සුන් වෙන්න හැදුවෙ මගෙ වෙනසක් තේරුනොත් ඌ මාව අදුනගනී කියලා බය හිතුන හින්දා...

"අන්‍යොන්ග්.. මම ජියොන් සියෝජන්ග්..ඔයාලත් එක්ක වැඩ කරන්න ලැබීම සතුටක්..."

"චූටි මොකද්ද ප්‍රශ්නෙ.."

"ජිමින් ඒ ඌ...ඌ තමයි ඒ මන් කිව්වෙ ඒ ඌ...මාව අරන් යන්න ඇවිල්ලා...කුකී මාව බේරගන්නකො...අනේ කුකී නූනට බයයි..

.
.
.

By crazyarmygirls~

ඔන්න ළග ළගම අප්ඩේට් කළා..ඕතර්ලට උණ ළමයි ඊයෙ දෙන්න හිටියට දෙන්න බැරි උනේ ඒකයි..secretary wife එකත් ඉක්මනට දෙන්නම්කො..කතාව කියවන ඔයාලා හැමෝටම ආදරෙයි❤️

_________________________________________

Vote & comment pls~

To be continued~

Continue Reading

You'll Also Like

67.2K 5K 65
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
10.7K 2K 20
ජීවිතේ ප්‍රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️
65.3K 5K 29
"ဘယ်က ဇယားလေးလဲ? Kim" "အကြွေးနဲ့ သိမ်းလာတာလေ မွေးစားဖို့" "ဘယ္က ဇယားေလးလဲ? Kim" "အေႂကြးနဲ႕ သိမ္းလာတာေလ ေမြးစားဖို႔"
95K 12.7K 46
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]