කඳුළැලි | tears | Sinhala BL...

By sehasnara

81.6K 16.5K 4.9K

'ඔයා හැමදාම නංගි ගැනම බල බල හිටියොත් ඔයාට බඳින්න කෙල්ලෙක්වත් නැති වෙයි මිනිරු.' සහේෂ්ගේ වදන් මගේ හදවත පසාරු ක... More

කඳුළැලි - 01
කඳුළැලි - 02
කඳුළැලි - 03
කඳුළැලි - 04
කඳුළැලි - 05
කඳුළැලි - 06
කඳුළැලි - 07
කඳුළැලි - 08
කඳුළැලි - 09
කඳුළැලි - 10
කඳුළැලි - 11
කඳුළැලි - 12
කඳුළැලි - 13
කඳුළැලි - 14
කඳුළැලි - 15
කඳුළැලි - 16
කඳුළැලි - 17
කඳුළැලි - 18
කඳුළැලි - 19
කඳුළැලි - 20
කඳුළැලි - 21
කඳුළැලි - 22
කඳුළැලි - 23
කඳුළැලි - 24
කඳුළැලි - 25
කඳුළැලි - 26
කඳුළැලි - 27
කඳුළැලි - 28
කඳුළැලි - 30
කඳුළැලි - 31
කඳුළැලි - 32
කඳුළැලි - 33
කඳුළැලි - 34
කඳුළැලි - 35
කඳුළැලි - 36
කඳුළැලි - 37
කඳුළැලි - 38
කඳුළැලි - 39
කඳුළැලි - 40
කඳුළැලි - 41
කඳුළැලි - 42
කඳුළැලි - 43
කඳුළැලි - 44
කඳුළැලි - 45
කඳුළැලි - 46
කඳුළැලි - 47
කඳුළැලි - 48
කඳුළැලි - 49
කඳුළැලි - 50
කඳුළැලි - 51
කඳුළැලි - 52
කඳුළැලි - 53
කඳුළැලි - 54
කඳුළැලි - 55 [අවසානය]
කඳුළැලි - 56
කඳුළැලි - 57
කඳුළැලි - 58
කඳුළැලි - Q&A
කඳුළැලි - 59

කඳුළැලි - 29

1.3K 289 90
By sehasnara

සහේෂ්ගේ වදන් සවන් වැකීමත් සමග මට දැනුණේ මම සිහි නැතිවීමට ආසන්න වූවාක් වැනි හැඟීමකි. පාලමේ දාරය තදින් අල්ලාගත් මම ඔහු දෙස බලා සිටියේ කරකියා ගත දෙයක් නොහැකිව අසරණ වූ බැල්මක් සහිතවයි. 

'තිරිසනා...' 

මට පසුපසින් යෙහෙනි පිඹින හඬ ඇසීමෙන් මම පසුපස හැරී බැලුවෙමි. යෙහෙනිගේ අතක් අල්ලා ගත් ශනල්ක මා පසුපස සිටගෙන සිටි අතර යෙහෙනි කෝපයෙන් පිඹිමින් සිටියාය. ඇගේ අතේ තිබුණේ ඇගේ රිදී පැහැ යකඩ වතුර බෝතලයයි. 

ශනල්ක විත් මගේ අතක් අල්ලා ගත් අතර යෙහෙනි හිස වනමින් සහේෂ් අසලට ගොස් ඇගේ අතේ වූ යකඩ වතුර බෝතලයෙන් පහරක් ඔහුගේ හිසට එල්ල කළාය.

'මේකත් එක්ක තමුසෙගේ ඔළුවේ තියෙන ඔය තිරිසන් ලොකුකම බැහැලා පලයන්.' ඇය තවත් පහරක් ඔහුගේ ඔළුවට එල්ල කළේ සහේෂ්ව අඩි දෙක තුනක් පසුපසට තල්ලු වී යද්දීය.

'ශනල්ක තමුසෙගේ පිස්සු නංගිව ගනින් මගේ ඇඟෙන්!' සහේෂ් යෙහෙනිව පාලමේ පඩිපෙළෙන් පහළට තල්ලු කිරීමට වෑයමක් දරමින් බෙරිහන් දුන්නේය. 

'වෙන වෙලාවක නම් මම එයාව නවත්තන්න තිබ්බා. ඒත්... මම හිතනවා එයාට ඔයාව පේන්න බැරුව තිබුණ එක හරි කියලා.' ශනල්ක කීවේ මගේ උරහිස මතින් ඔහුගේ හිස තබාගෙන යෙහෙනිට වචනයෙන් සහය පල කරමිනි. මමද කිසිවක් නොකියා යෙහෙනිට සිත්සේ සහේෂ්ට පහර දෙන්නට ඉඩ හැරියෙමි.

ඔහු මගේ සිරුරින් ‌ප්‍රයෝජන ගැනීම පිළිබඳ නොතකා සිටීමට මට හැකියාවක් තිබිණි. එනමුත් ඔහු මෙහන්සාව එලෙස භාවිතා කළා යන කරුණ මගේ සිතේ ඇති කළේ පිළිකුලක් හා අප්පිරියාවකි. අවසාන වරටත් තමාගේ සපත්තුවෙන් සහේෂ්ගේ දෙපා මැදට පහරක් එල්ල කළ යෙහෙනි අප දෙසට ඇවිද ආවාය. 

'ඌ නම්...' ඇය දත් මිටි කෑවේ ශනල්ක මාව වාරු කරගෙන පඩිපෙළ බහිද්දීය. 'ගස් බල්ලෙක්.' 

මගේ මුවගට සිනහවක් ඇඳෙද්දී යෙහෙනිද මා දෙස බලා සිනාසුණාය. ඇය එක අතකින් අනෙක් අතට ඇගේ වතුර බෝතලය මාරු කළාය.

'යෙහෙනි නම්... අනේ මන්දා.' ශනල්ක මට කීවේ යෙහෙනි අසල වූ බේකරියකින් බනිස් ගෙඩියක් මිලට ගැනීම සඳහා ගිය විටයි. 

'එයා මරු.' මම අනුමත කළෙමි. 

ඇති වූ කම්පනය මගේ හිසේ තවමත් රැඳී තිබුණද මම ඒ පිළිබඳ නොතකා සිටීමට හැකි තරමින් උත්සාහා කළෙමි. බේකරියෙන් එළියට පැමිණි ‌යෙහෙනි ශනල්කටත් මටත් මයිලෝ පැකට් දෙකක් අතට පත් කළාය. 'වාහානේට ගිහින් බොමු?' 

මම හිස වැනුවෙමි. ශනල්ක මගේ අතකින් අල්ලා ගත් අතර යෙහෙනි අප දෙදෙනාට ඉදිරියෙන් ඇගේ බෝතලයද වනමින් ඇවිද ගියාය. ශනල්කගේ දුඹුරු පැහැ වාහනය නවතා තිබූ තැනට ගිය අපි වාහනයේ හිඳ ගත්තෙමු. යෙහෙනි වාහනයේ පසුපසත් මමත් ශනල්කත් ඉදිරිපස අසුන් වල හිඳගෙන අපේ අත වූ මයිලෝ පැකට්ටු විවර ‌කර නිහඬවම ඒවා උරා බොන්නට වූයේ පාරේ යන වාහන වල හඬවල් අප වටකර තිබියදීමය. 

'මට ගෙදර යන්න බෑ.' මම මදකට පසුව කීවෙමි.

ශනල්ක කිසිවක් නොකියා ඔහුගේ මයිලෝ පැකට්ටුව හිස් කරන්නට විය.

'අපි පාක් එකට යමු? ගිහින් පොඩ්ඩක් ඇවිදලා එමු?' යෙහෙනි පසුපස අසුනේ සිට යෝජනා කළ විට මම ඇය දෙස බලා සිනාසු‌ණේ එය අනුමත කිරීමටයි. 

'දියත පාක් එක?' ශනල්ක හඬ අවදි කළේය. මම හිස වැනුවේ එය අනුමත කිරීම සඳහායි. මට අවැසි වූයේ මදකට මගේ සිතේ වූ සිතුවිලි නිදහස් කර ගැනීමටයි. 

හවස හයට පමණ ආසන්න වද්දී අපි තිදෙනා සිටියේ බත්තරමුල්ල දියත උයනෙහි බංකුවක හිඳගෙන වැව දෙස බලාගෙන අයිස් ක්‍රීම් ‌කෝන් කිහිපයක් ‌රස විඳිමින් සිටියෙමු. වැව හරහා ගලා ආ සුළඟ ඉතා සනීපදායක වූ අතර මම මගේ අත ශනල්කගේ අත සමග වෙලී ඔහුගේ පාදයක් මත රැඳී තිබෙන්නට ඉඩ හැරියෙමි. ‌අප ඉදිරියේ සිටි යෙහෙනි ඇගේ පාඩුවේ මේසය මතින් දෙපා තබාගෙන වැව දෙස බලා සිටියාය. ඇගේ හිසකෙස් සුළඟට අවුල් වී මුහුණ පුරා විසිරී ගොස් තිබූ අතර එය ඇයට ගෙන දුන්නේ අමුතු ආකාරයේ සුන්දරත්වයකි. අපු පසු කොට ගිය පිරිසගෙන් විශාල ප්‍රමාණයකගේ අවධානය ඇය දෙසට ‌යොමු වූ බව ශනල්කගේත් මගේත් දෙදෙනාගේම දෑසට හසුවිය. 

ශනල්ක සුසුමක් හෙළා මගේ අතක් මිරිකුවේය. 'මිරූ...' 

'හ්ම්ම්?' 

'මට‌ පොරොන්දුවක් වෙන්න පුළුවන්ද?' ඔහු විමසා සිටියේය.

මම ඔහු දෙස බැලුවෙමි. 'මොකක්ද?' 

'කවදා හරි... මට හදිස්ස‌ියේ හරි මොනවා හරි වුණොත්... ‌යෙහෙනිව පරිස්සමට බලාගන්න. ඔයා දන්නවනේ... අම්මා ගාව එයා පරිස්සම් නෑ. එයා ලස්සනයි... ඒක නිසා,' 

මම ඔහු ‌දෙස බලා සිටියෙමි. 'ඔයාට මුකුත් වෙන එකක් නෑ. ඒත් මම පොරොන්දු වෙන්නම් මට පුළුවන් උපරිමේ කරනවා කියලා.' 

ඔහු නැඹුරු වී මගේ කොපුලක් සිප ගත්තේය. මම සිනාසී නැවතත් අයිස් ක්‍රීම් රසය මගේ මුවට දැනෙන්ට ඉඩ හැරියෙමි. සහේෂ්ගේ සිදුවීම වැඩිදුර සිතිය නොයුතු බව මම දැන සිටියෙමි. එය සිතීමෙන් සිදුවන්නේ මගේම හිසට නුවුමනා බරක් එකතු වීම පමණක් බව මම දැන සිටියෙමි. එහෙයින් මම ශනල්කගේ උණුසුමට පමණක් මාව වැළඳගන්නට ඉඩ හැරියෙමි. 

වර්ණවත් ආලෝක එකිනෙක ආලෝකමත් වද්දී අපි ‌තිදෙනා එතැනින් නැගිට කඩපිල් අතර ඇවිද යන්න වූයේ කඩපිල් වල තිබූ දේවල් පිළිබඳ සොයා බලමිනි. ‌විසිතුරු භාණ්ඩ තිබූ කඩපිළකින් වලසුන් තුන් දෙනෙකු සිටි පොතක් මිලදී ගත් යෙහෙනි මට කියා සිටියේ එම වලසුන් තිදෙනා අප තිදෙනා බවයි. 

'මේ ඉන්න සුදු වළහා ඔයා. ඔයා සුදුයි... දුඹුරු වළහා අපේ අයියා. කළුයි සුදුයි වළහා මම.' ඇය කියා සිටියේ හුරුබුහුටි ආකාරයෙනි. මගේ මුවට සිනහවක් නැගුණු අතර ශනල්කද සිනාසී ‌යෙහෙනි මිලදී ගත් පොතට මුදල් ගෙවා දැමුවේය. 

'දැන් ඔයා ඔය පොතේ මොකක්ද කරන්න යන්නේ?' ශනල්ක විමසා සිටියේ අපි නැවතත් කඩපිල් අතර ඇවිද යන්නට වූ විටයි. 

'මම මේකේ කතාවක් ලියනවා. ඕ ලෙවල් ඉවර වුණු ගමන්.' ඇය කියා සිටියාය. 

'මොකක් ගැනද?' මම ඇගෙන් ප්‍රශ්න කළේ සැබෑ කුතුහලයකින් යුතුවයි.

ඇය මදක් කල්පනා කොට ශනල්ක දෙස බැලුවාය. මමද ඔහු දෙස බැලුවෙමි. ඔවුන් දෙදෙනා අතර හුවමාරු වූ බැල්ම කුමක් පිළිබඳවද යන්න මට තේරුම් ගත නොහැකි වුවත් ඊළඟට යෙහෙනි කී වදනින් මගේ සිත උණුසුම් වූවාක් මෙන් මට දැනිණි.

'මෙහන්සා ගැන.' 

මම මගේ නිදහස් අතින් යෙහෙනිගේ අතක් අල්ලා ගත්තෙමි. ඇඟේ දිගු ඇඟිලි මගේ අත සමගි වෙලී යද්දී මට දැනුණේ ආරක්ෂාවකි. ශනල්ක හා යෙහෙනි දෙදෙනා මම කරදරයක වැටුණු සෑම අවස්ථාවකම මා සමගින් සිටි ආකාරය මට සිහියට නැගිණි. ඔවුන් දෙදෙනා සමග සිටියදී මට දැනුණු උණුසුම හා ආරක්ෂාව අනෙක් සියල්ල පරදවන්නට සමත්ව තිබිණි.

'අපි බාබකියු කරපු අල ටිකක් කමුද? කාලා ගෙදර යමු?' ශනල්ක විමසා සිටියේ අපට එහා පසින් තිබූ බාබකියු කඩයක් අතින් පෙන්වමිනි.

මම හිස වැනුවෙමි. 

ඉන් විනාඩි දහයක් ගත වද්දී අපි උණු බාබකියු අල කූරු අත තබාගෙන ඒවා අනුභව කරන්නට තැත් කරමින් සිටියෙමු. ‌මේස මත එළා තිබූ ටිෂූ කඩදාසි මතට සෝස් බේරෙද්දී අපි සිනාසෙමින් යෙහෙනි පාසලේ කළ කුපාඩි වැඩ පිළිබඳ අසා සිටියෙමු. 

'මම මෙහන්සාගෙන් ඇහුවා වොෂ්රූම් යමුද කියලා. මම එයාව කතාවට අල්ල ගන්න හැදුවේ. කටට ගත්තු ගමන් එයා කිව්වා බෑ කියලා.' 

මම මහත් හඬින් සිනාසුනෙමි. 'එයා හදිස්සියේ හරි ඔයාට හා කිව්වා නම් මම මිනිරු දෙවන්ම නෙවෙයි.' 

'ඒත් ඊට මාස කීපෙකට පස්සේ අපි දෙන්නා තනිවෙන්න බල බල දැඟලුවා මිනිරු දෙවන්මට හොරෙන්.' 

'මොකක්?' මම අල කැබැල්ලක් දත් අතරට ගත්තෙමි.

'එයා කිව්වා ඔයාට පේන්න ඉන්න බෑ කියලා. ඉතින් අපි දෙන්නා උවමනාවෙන් පන්තියේ හිටියා පරක්කු වෙනකන්. අත් අල්ලගෙන කතා කර කර හිටියා.' 

'සිරාවටම!' 

'යෙහෙනි!' ශනල්ක ඇගේ අතට පහරක් එල්ල කළේය. 'මම දැනන් හිටියේ නෑ ඔයා කවදාවත් මේ වගේ දෙයක් කරලා ඇති කියලා. යාළුවෙන්න අහපු හැමෝටම ගහන සීන් එකේ හිටපු ඔයා?' 

'හැමෝම ඇහුවට මෙහන්සා කලින් ඇහුවේ නැහැනේ...' ඇය රැවුවාය.

මෙහන්සා අප අතරින් නොඑන්නම ගොස් සිටියද ඇය සතුටින් සිටි දින පිළිබඳ ඇසීම පවා මට ගෙන දුන්නේ සැනසීමකි. 

'එයා මට අරන් දුන්න පොතක් තමයි,' ඇයගේ වචන නතර විය.

ශනල්ක ඇය දෙස බලා සිටියේ යමක් තේරුම් ගිය ලෙසකිනි. ඔහු මා දෙස බලා දෑසින් සන් කළේ මාතෘකාව වෙනස් කළ යුතුය යන්නයි.

'අද ගියාට පස්සේ අපි ෆිල්ම් එකක් බලමු යෙහෙනිට හෙට පන්ති නැත්තම්.' 

ඇය කෙළ ගිලිමින් මා දෙස බැලුවාය. 'මට හෙට පන්ති නෑ... හවසට එකක් ඇති. රෑට මොනවා හරි බලමු.' 

ඉන් පසුව අපි තිදෙනා නිහඬව සිටියේ වදනක් හෝ පිට නොකරයි. 

නිවසට පැමිණ විගස යෙහෙනි ඇගේ කාමරයට පිටව ගිය අතර ශනල්ක මගේ අතකින් අල්ලා මා නතර කර ගත්තේය.

'මිනිරු,' ඔහු කලබලකාරී ලෙස මුත් සෙමෙන් පවසා සිටියේය. 'මෙහන්සා... නැති වුණා කියලා දැනගත්තහම යෙහෙනි...'

මම ඔහු දෙස බලා සිටියේ සිත දැවෙනා වේදනාවෙන් යුතුවයි.

'යෙහෙනි එයාවම කපාගත්තා... ලේ සෑහෙන තරම් ගියා.' 

මට සිහි වූයේ මම ඇගේ පිට පුරා දුටු ගැඹුරු කැපුම් සලකුණු රාශියයි. ශනල්ක නැවතත් මුව විවර කළේය.

'හේතුව තමයි මෙහන්සා නැති වෙන්න කලින් එයාට දීලා තිබුණු සියදිවි නසාගැනීම ගැන පොත.' 



____________

_කඳුළැලි_

2022. 05. 19

සියදිවි නසා ගැනීම ගැන ඔයා දන්න කවුරුම හරි පෙර සලකුණු පෙන්වනවා නම්... 

එයා කොච්චර බැන්නත්, කිව්වත් එයාට උදව් ඕන නෑ කියලා, කරුණාකරලා ඔයාට පුළුවන් තරම් එයාට උදව් කරන්න බලන්න.

ඔයා නිසා එයා ජීවත් වෙයි.

__________

:)

Continue Reading

You'll Also Like

Drizzle By Monaliza

General Fiction

100K 16.9K 41
රළු දෙඅත'තර ගැවසෙමී නුඹෙ ආලේ තරමත් දන්නෙමී මුදු වදන් දෙන්නෙමී නුඹ අහිංසක බව දන්නෙමී _කොල පාට ඇස්_ තුරුල්ලේ සඟවමී නු...
91.2K 12.3K 99
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුල...
1.6M 125K 41
( ရိုးမာန်ဂုဏ် ♡ နွေလရိပ် ) ♡ 28 . 8 . 2021>♡< 19 . 12 . 2021 ♡
149K 5.1K 50
"ငါယဥ့်ကိုဘယ်တော့မှချစ်လာမှာမဟုတ်ဘူး" "ငါလည်း ညီ့ကိုချစ်တယ်လို့မပြောမိပါဘူး " "နင်စိတ်ချပါ နန်းစုယဥ်ဆိုတဲ့ငါက ကိုယ့်လည်ပင်းကိုကိုယ်ကြိုးကွင်းပြန်မစွပ...