Without me

By crazyarmygirls

8.6K 1.5K 1.4K

ලස්සනට ගලාගෙන ගියපු ජීවිත එක පාරටම විනාස කරපු කුණාටුවක්.. තමන්ගෙ ජීවිතේම තමන්ගෙ මල්ලි වෙනුවෙන් කැප වුණු ආදරණී... More

Broken 01
Broken 02
Broken 03
Broken 04
Broken 05
Broken 06
Broken 07
Boken 08
Broken 09
Broken 10
Broken 11
Broken 12
Broken 13
Broken 14
Broken 15
Broken 16
Broken 17
Broken 18
Broken 19
Broken 20
Broken 21
Broken 22
Broken 23
Broken 24
Broken 25
Broken 26
Broken 27
Broken 29
Broken 30
Broken 31
Broken 32
Broken 33
Broken 34
Broken 35
Broken 36
Broken 37
Broken 38
Broken 39
Broken 40

Broken 28

213 38 31
By crazyarmygirls


මන් ගෙදර දොර ඇරලා ඇතුලට ගිහින් ලයිට් දැම්මම දැක්ක දේට මට නිකම්ම ඇඩෙන්න ආවෙ ආයි නං කවදාවත් පරක්කු වෙන්නෙ නෑ කියලා හිතලා...

"කුකී..."

මගෙ පොඩි එකා මගෙ ෆොටෝ එකකුත් බදාගෙන සෝෆා එකට ඔලුව තියාගෙන බිම නිදාගෙන ඉන්න විදිහ දැක්කම පපුව හෝස් ගාලා ඇවිලිලා යද්දි මට ඉබේම ඒ නම මිමිණුනා.. ඒ කම්මුල් දිගේ ගලාගෙන ගියපු කදුළු පාරවල් මගෙ කොල්ලා හිටපු විදිහට සාක්ශි දෙද්දි කොල්ලා නින්දෙම්ම කියවන්න ගත්තම මන් ඉක්මනට මගෙ හා පැටියා ගාව දණගහගත්තා..

"නූ..නා.."

"කුකී... මේ බලන්නකො පැටියො මන් ආවනේ..."

මන් ඒ කම්මුල් වලට තට්ටු කර කර කුකීව ඇහැරවන්න හදද්දි මගෙ අත බදාගෙන කොල්ලා අඩන්න පටන් ගත්තෙ මාවත් ශොක් කරලා...

"යන්න එපා නූනා...අනේ.. මාව දාලා යන්න එපා...ඉන්නකො නූනා.."

නින්දෙන් උනත් මගෙ හා පැටියා මට දාලා යන්න එපා කියද්දි නොදැනිම ඇස්වලට පිරුණු කදුළු කම්මුල් දිගේ ගලාගෙන ගියේ නින්දෙන් කියවන මගෙ කුකීව ඇහැරවන්න මම අසාර්ථක උත්සහයක යෙදෙද්දි...

"අනේ මැණික...නැගිටින්නකො.. නූනා ඉන්නවා..කොහෙවත් ගියේ නෑ...අනේ මගෙ කුකී නැගිටින්නකෝ පැටියෝ.."

මගේ කෑ ගැහිල්ල හින්දා හිමීට ඇස් ඇරපු කොල්ලා එක පාට්ට මාව තද කරලා බදා ගත්තෙ ආයි කවදාවත් යන්න දෙන්නෙ නෑ කියන්න වගේ...

"මගේ නූනා..මගෙ පණ... අනේ ඔයා ඇවිල්ලා...මගෙ කෙල්ල ආපහු ඇවිල්ලා..."

පිස්සෙක් වගේ අඩ අඩ කෑ ගහන ගමන් කුකී මාව තවත් තද කරලා බදාගනිද්දි මාත් ඒ උණුහුමට තුරුල් උනේ පුරුදු ආරක්ෂාව හිතට දැනෙද්දි..ඒත් එකපාට්ටම දෙයක් මතක් උනා වගේ කුකී මන් ගාවින් ඈත් උනේ බොද උණු ඇස්‍ රතු පාටින් පාට වැටෙද්දි...

"ක්කුකී.. මම මේ..."

"මගෙ යකා අවුස්සගන්නෙ නැතුව කට වහගන්නවා..."

ගේ දෙදරන්න කෑ ගහපු කුකී මාවත් ඇදගෙන අපේ රූම් එකට ගියේ මාවත් එකසිය ගාන්ට බය කරලා

"අනේ කුක් අත අරින්නකො මාව..."

ඇද ගෙන ආපු මාව කෙලින්ම ඇදට විසික් කරන ගමන් ඇද ගාව තිබ්බ පුටුව ඇදලා අරන් වාඩි වෙන කුකී දිහා මන් බලන් හිටියෙ යකෙක් දැක්කා වගේ....

"දැන් මට කියනවා කොහෙද ගියේ?"

"කු..කී මම මේ.."

"කුකී කුකී නෙමෙයි අහපු දේට උත්තර දෙනවා..."

ඔයාට ඒක අහන්න ලේසි උනාට මන් කොහොමද ඒක කියන්නෙ දෙයියනේ..

"මේ..මට පාර වැරදුනානේ..."

"දඩාස්!!"

ලග තිබ්බ මල් වාස් එක කුඩු වෙච්ච සද්දෙට මට කෑගැහුනෙ කුකී ආපහු යක්සාවේස වෙද්දි..ඒත් එක්කම මූනට සමච්චල් හිනාවක් ගත්ත කුකී හයියෙන් හිනා වෙන්න ගත්තා..

"පාර වැරදුනා...ඇත්තද..අවුරුදු ගානක් තිස්සෙ හැමදාම එන පාර වැරදුනාද තමුන්ට..ආ!!"

ආයිශ් නා ඔතොක්කේයෝ..

"අනේ කුකී...මන් පැ..පැහැදිලි කර..න්නම්"

කොච්චර ගැම්මක් අරන් කියන්න හැදුවත් ඒ මූන දිහා බලපු ගමන් වචන පැටලෙන්නෙ අනාගතේ ගැන සාධාරණ බයක් හිතට දැනෙද්දි..කිව්වා වගේම මගෙ කකුල් දෙක කඩයිද...

"ඉතින් තමුන්ගෙ පැහැදිලි කිරීම අහන්න තමා මන් මෙතන ඉන්නෙ..කියනවා ඉතින්"

පුටුවෙන් නැගිටලා ඇද උඩ හිටපු මගෙ ඇගට බර වෙච්ච කුකී කෑ ගැහුවෙ මගෙ අත් දෙක ඇදට තියලා තද කරන ගමන්...

"නූනට සැර වෙන්න එපා කුකී..."

මට ඉකි ගගහා ඇඩෙන්න ගත්තෙ මේ පොඩි එකා කවදාවත් මට මෙච්චර නපුරු වෙලා නැති හින්දා...

"සැර වෙන්න... සැර වෙන්න නෙමෙයි මන්...ඇඩිල්ල නවත්තනවා මට කියලා කන පලාගන්නෙ නැතුව..."

මෙච්චර වෙලා මගේ ඇගට බරවෙලා හිටිය කුකී මගෙන් එහාට වෙද්දි ඒ ඇස් යන්තම් බොද වෙලා තියනවා දැකලා පළවෙනි පාරට මගෙ අතින් වැරැද්දක් උනාද කියලා හිතුනා...

"තමුසෙ අඩපන් නූනා...එතකොට ඔක්කොම හරිනෙ..දන්නනවද මන් මන් කොච්චර පිච්චුනාද කියලා...නෑ ඔයා ඒවා දන්නෙ නෑනෙ..සැර වෙන්න එපාලු..එතකොට මන් පපුවෙ ගින්දර තියාගෙන හිටපු විදිහ..ඒවා උබට.. නෑ ඔයාට පේන්නෙ නෑනෙ..දන්නවද තමුන් පරක්කු උන විනාඩියක් විනාඩියක් ගානෙ මන් කොච්චර බය උනා...ද කි.කියලා..එකම එක කෝල් එකක් දුන්නනං..තමුන්ට තිබ්බා එකම එක පාරක් හරි කෝල් එකක් දීලා කුකී නූනා අද එන්න පරක්කු වෙනවා කියලා එක පාරක් කියන්න..ඒවා කොහෙද..ඔය පේන්නෙ මන් ගැන තියන කැක්කුම...මන් ලෝදිය වලක ගිනි ගත්තත් තමුන්ට මොකද නේද..ආහ්..දන්න..වද මෙ..ච්චර ලොකු කො..ල්ලෙක් කෙල්ලෙක් හොය හොය පාර පුරා අඬ අඬ ඇ..ඇවිද්ද විදිහ..ම..ට පිස්සු නොහැ..දුන ටික විතරයි..ද..න්නවා නේද ඔ..ඔයාගෙ කුකීට මේ.. මේ ලෝකෙ ඉන්න එ..කම කෙනා ත.තමුසෙ කියලා..ද..දන්නෙ නැද්ද තමුසෙ නැතුව මට ජී..වත් වෙලා වැඩ..ක් නෑ ක්..කියලා..තව පාරත් වැරදුනාලු..අ..අනිත් එක ද..දන්නෙ නැද්ද අ..අර නාකි බල්ලා තාමත් ඔයා ගැ...ගැන සෙවිල්ලෙන් ඉ..ඉන්නෙ කියලා..ආ...ආයි තමුසෙට නි..කන් හරි ම්..මොනහරි උනා..නම් මට ජී..වත් වෙලා වැඩක් ති..තියනවද..මට උත්..තර දෙනවා නූ..නා..."

ආවේගෙන් කියන්න පටන් ගත්තත් අන්තිම හරියට එද්දි මගෙ කුකී ඉකි ගගහා අඩන්න ගත්තෙ ඒ පපුවෙ තියන වේදනාව කියන්න වෙන්න ඇති..ඉකිගගහා අඩන මගෙ කොල්ලා බිත්තිය දිගේ රූටලා බිම ඉදගනිද්දි කදුළු  මගෙ කම්මුල් දිගේ ගලාගෙන ගිහින් කොට්ටෙට වැටුනෙ නොදැනුවත්වම මම මගෙ කොල්ලගෙ හිත කොච්චර රිද්දලද කියලා තේරෙද්දි...

"අ..නේ කු..කී නූනට සමාව දෙ..දෙන්නකො..ආයි කවදාවත් නූනා පරක්කු වෙලා ගෙදර එන්නේ නෑ..."

මන් නැගිටලා ඉක්මනට කුකී ගාවට ගියේ මගෙ කොල්ලා මේ විදෙව්වා ඕනවටත් වඩා වැඩි නිසා..ඔම්මයි අප්පයි අපිව දාලා ගියත් මන් කිසිම අඩුවක් දැනෙන්නෙ නැති වෙන්න මගෙ කුකීව බලා ගත්තා...අම්මෙක්ට දරුවෙක්ගෙ දුකක් වාවන්නෙ නෑ වගේ මටත් ඒ දරු දුක උහුලන්න හරි අමාරුයි...මන් ළගට ගිහින් අත් දෙකම දික කරලා මගෙ යෝධ හා පැටියව බදා ගත්තා..

"එපා එන්න...යනවා පැත්තකට..."

"ආහ්..."

කුකී මාව තල්ලුකරපු පාර මාව පිටිපස්සට විසික්වෙලා කෙලින්ම ගිහින් වැටුනෙ කුකී බින්ද මල් වාස් එක තිබ්බ හරියට...අතක් කැපිලා කකුල් දෙකත් හීරෙද්දි දැනුන වේදනාවට මට කෙදිරි ගෑවුනත් දැන් බර වැඩ කරලා කරලා තුවාල වෙලා හොදට පදම් වෙලා හිටිය මට ඒකෙ වේදනාව මහ ලොකුවට දැනුනෙ නෑ...ඒත් මන් හිතන්නෙ කෙනෙක්ට ඒක මට වඩා වේදනාවක් උනා...

"දෙයියනේ නූනා...."

"දෙවියො මට සාප කරයි නූනා....අනේ මන් මොකද්ද මේ කලේ..ආහ් ඔතොක්කෙ ජියොන් ජන්ග්කුක්..."

මාව හරහට වඩාගත්ත කුකී ඉක්මනට මාව ඇදෙන් තිබ්බත් ඒ ඇස්වල කදුළු වලටනං නැවතුමක් තිබ්බෙ නෑ...එයා හතර වටේ දුව දුව ෆස්ටේඩ් එක හොයාගෙන ඇවිත් මන් ගාවින් බිම දණ ගහගෙන

"රිදුනොත් කියන්න රත්තරන්..."

කිය කිය බෙහෙත් දාන්න පටන් ගත්තා..බෙහෙත් දානවට වඩා මගේ කුක් කරන්නෙ මගෙ තුවාලෙට පිඹින එක...ඒ මූන දැකලා මට හිනා යන්න ආවත් මම හිනාව කාගෙන හිටියෙ කලින් මට කරපුවට රිටර්න් දෙන්න..

කුකි මගෙ අත් දෙකත් අරගෙන ඒ තුවාල වලටත් බෙහෙත් දාලා ඉවර වෙලා ඇස් දෙකේම කදුළු පුරවන් මන් දිහා බලන් හිටිය විදිහට නං හදවත පුපුරන්න ආවා...

"නූනා චොම්මල් මියානේ...මන් මන් මට නූනට රිද්දන්න ඕනෙ උනේ නෑ..මට අනේ මම.."

"ඇති මැණික..නූනට සමාවෙන්න ඔයාව බය කලාට...මගෙ මැණිකට කෝල් එකක් ගන්න නූනගෙ පෝන් එකේ බැට්‍රි තිබුනෙ නෑ..අද මට ප්‍රොජෙක්ට් එකක වැඩ වගයක් රෑ වෙනකන් කරන්න උනා...ඒකයි මැණික පරක්කු උනේ..පෝන් එකත් ඕෆ් වෙලා තිබ්බෙ.."

ඔම්මයි අප්පයි මට සාප කරයි මේ කියන බොරු වලට දෙයියනේ...

"මියානේ නූනා කිසිදෙයක් හොයන්නෙ නැතුව නූනට රිද්දුවට...කුකී නරක කොල්ලෙක් වෙලා නේද නූනා...දැන් නූනටත් සැර දානවා.."

"අනී පැටියො...නූනට ඇත්තටම සතුටුයි කුකී මේ ඉන්න විදිහට...

.
.
.
By crazyarmygirls~

_________________°_°_____________________

Update පරක්කු උනාට සොරි ළමයි...
පෝන් එක කැඩිලා හදාගත්ත ගමන්ම තමයි මේ දුන්නේ..පුලුවන් ඉක්මනට තව චැපියක් දෙන්නම්කො..

අනේ yet to come එක හරිම ලස්සනයි නේද ළමයි❤️❤😭


Streaming Army🌝❤️

Vote and comment pls

To be continued~

Continue Reading

You'll Also Like

64.2K 4.9K 64
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
293K 50.3K 62
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
64.5K 4.9K 29
"ဘယ်က ဇယားလေးလဲ? Kim" "အကြွေးနဲ့ သိမ်းလာတာလေ မွေးစားဖို့" "ဘယ္က ဇယားေလးလဲ? Kim" "အေႂကြးနဲ႕ သိမ္းလာတာေလ ေမြးစားဖို႔"
36.6K 4.5K 41
I don't wanna be right .