Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (�...

By Kolabear0912

77.8K 10K 1.3K

................ තම සහෝදරයට පණ මෙන් ආදරය කරන සොහොයුරෙක් වගේම තම එකම සහෝදරයට දැඩි ලෙස වෛර කරන සොහොයුරෙක්... More

⚠️ Auther note ⚠️
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chaptet 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chaptet 34
Last Chapter
Epilogue
Thanks everyone
Coming soon

Chapter 33

1.7K 230 11
By Kolabear0912

At the night

- Jungkook's room -

නිවසට පැමිණි විගස කාහටවත් කෑමට කිසිඳු ප්‍රියක් නොදැනීමෙන් සියල්ලන්ම තම තමන්ගේ කාමර කරා පිය මැන්න අතර ථේ කුකීගේ ඩයරියත් රැගෙන කුකීගේ කාමරයට ගියා. ජීවිතයේ පළමු වතාවට කුකීගේ කාමරය දෙස හොඳින් පරික්ෂකරිව බලමින් බැලුවේ මුහුණේ වේදනාත්මක සිතිවිලි ගොන්නක් එක් රැස් වෙමින් පපුව රිදුම් දෙද්දි. කුකීගේ අල්මාරිය, ඇද, මේසය එකින් එක අල්ලමින් ඔහුගේ මතකයන් වල රස විඳින්නට උන ථේ කුකීගේ මේසය උඩ තිබු පින්තුරයක් අතට ගෙන එය දෙස බලා සිටියේ දෑස් අගින් වැටුණු කඳුළු බිංදුවක් එම පින්තූරයේ සිනාමුසු මුහුණෙන් සිටි ජන්කුක්ගේ කම්මුලක් මතට වැටිද්දි. ඔවුන් දෙදෙනාගේ කුඩා කල එකට ගත් පින්තූරයක් වුන එය ලස්සනට frame කර තිබුණා. සිනහවෙමින් ජන්කුක් සිටියත් කැමරාවට ඔරවගෙන සිටි ථේ අහක බලාගෙන සිටියේ. හරියට ජන්කුක්ගෙන් පැන යන්නට වගේ. පින්තූරය හිමින් පිරිමැද්ද ථේ හිමින් පින්තූරයෙහි සිටි ජන්කුක්ගේ කම්මුලක් මතට දෑස් වසාගෙන හාදුවක් දුන් ථේ පින්තූරය පපුවට තුරුල් කරන් සිහින් ඉකියක් පිට කලේ අතීත මතකයක් සිහිවෙමින්.

💫💫💫💫💫💫

Flashback
- Memory reflection -

- "තමුසෙ ඇයි මේ ෆොටෝ එක මේසේ උඩ තියාගෙන ඉන්නේ ආ?"

- "අනේ ථේ ඒ අපි දෙන්න ඉන්න එකක්නේ එකයි මන් ඒක තියන් ඉන්නේ."

ථේ තරහෙන් ඇසුවත් ඔහුට ලස්සන සිනහවකින් ම පිළිතුරු දුන් ජන්කුක් ථේ ළඟට පිය මැන්නා.

- "තමුසෙට ඕනෙ නම් තමුසෙගෙ එකක් තියගන්නවකෝ. මාත් ඉන්න එකක් තියාගෙන ඉන්නේ. එදා ඔම්මයි අප්පයි බල කරපු නිසයි තමුසෙත් එක්ක ෆොටෝ එකක් ගන්න ආවේ. නැතුව මට ඕනෙ උනේ නෑ."

- "ඒ උනාට ඒක ලස්සනයි නේ. බලන්නකෝ අවුරුදු 16 උනත් ඔයා හරි හුරතල්. ලස්සන frame එකකුත් දාල තියෙන්නේ මම."

- "ආ... හුරතල්.... මම බබෙක් කියලද හිතන් ඉන්නේ. විකාර..... හ්ම්...... ලස්සන frame එකක් නේ. මේ frame එක නැති උනොත් තමුසේ මේක අයින් කරනවද?"

එසේ කියූ ථේ එම පින්තුරය පොලේ ගසා දැමුවේ කුකීගේ ඇස් වලින් කදුළු කැට ගලන් යද්දී.

- "අනේ ඇයි ථේ එහෙම කලේ? මන් ආසම පින්තුරේ ඒක."

- "දැන් තමුන් කියුවෙ frame එකයි ලස්සන කියලා."

එසේ කියමින් දොර එක්වරම හයියෙන් වසමින් ථේ යන්නට ගියා. නැවත නැවතත් එම පින්තුරය ජන්කුක්ගේ මේසය උඩට පැමිණි අතර දකින දකින වාරයක් පාසා ථේ කලින් කල දෙයම කළ නමුත් කාලයත් සමඟ ථේට එය එපා වූ අතර ජන්කුක්ට ඕනෑ දෙයක් කරගන්න කියා සිතා අතහැර දැමුවා.
.
.
.
.
.
.
- Back to present -

ථේ ඔහුගේ ඇස් වලට කදුළු පුරවාගෙන ඉකි ගසමින් සිටී අතර ඔහු ජන්කුක්ගේ ඇඳ උඩින් වාඩි වුනේ පින්තූරයත් තුරුලු කරගනෙමයි. ඔහුගේ සිතට මේ අවස්ථාවේ ඔහු ජන්කුක්ට කල නපුරුකම් එකින් එක මතක් වී මැවි පෙනෙද්දි ථේ පපුව අල්ලන් හයියෙන් කෑ ගසා හඬන්නට වුණා.

- "මියානේ හියුන්ග්. මියානේ....... බොගොශිප්දා හ්යුන්ග්."

🐯 මට ඇයි මෙච්චර වේදනා හියුන්ග්. ඇයි? ඇයි????? මට මේක දරාගන්න බැහැ හියුන්ග්.

මේ ථේ ජන්ග්කුක්ට හ්යුන්ග් කියූ පළමුවෙනි අවස්ථාවයි. මෙපමණ කල් ථේ ජන්ග්කුක්ට කතා කලේ ඔහුගේ නමින්. නමුත් ඒ ගැන කිසිම මතකයක් නැහැයි මෙන් ඔහු හියුන්ග් කියාම හඬා වැලපුනේ එක අතකින් පපුව මත කමිසය මිරිකමින්.

- "මන් කොච්චර එපා කියද්දීත් මගේ හියුන්ග් මේක ආයි ආයි හැදුව නේද? ඇයි හ්යුන්ග් මට මෙච්චර ආදරෙ කරන්නේ? කොහොමද මන් මෙච්චර දේවල් කරලත් ඔයා මට ආදරෙ කලේ?"

අතෙහි තිබූ පින්තුරයෙහි ජන්කුක් දෙස බලා ඉකි ගසමින් එසේ ඇසු ථේ නැවතත් ජන්කුක්ගේ කම්මුල මත විනාඩි ගානක හාදුවක් තැවරුවේ ඔහුටවත් නොවැටහෙන හෑඟීම් ගොන්නකින් හදවත පිරි ඉතිරි යද්දි. පසුව ථේ එම පින්තුරය බදාගෙන හඩන්නට වුණේ ථේගේ නොනවතින කඳුළු ජන්කුක්ගේ කාමරයේ ටයිල් පොළව තෙත් කරමින්.

ටික වෙලාවක් එසේ ගත කල ථේ ජන්කුක්ගේ කාමරයේ තිබෙන washroom එකට ගොස් wash එකක් දාගත් අතර ජන්කුක්ගේ අල්මාරියෙන් ජන්කුක්ගේම ඇඳුමක් ඇද ගත් ථේ ඔහුගේ හැඩ බලන්නට විය.

- "මගේ හ්යුන්ගේ ඇදුම් මට ටිකක් පොඩිනේ. මගේ හ්යුන්ග් උනාට එයා මට වැඩිය පොඩිනේ. හි හි හි

එසේ කියමින් කණ්ඩියෙන් පෙනෙන තමන්ගේ රූපය දෙස බලා හැඩ බලමින් සිටි ථේට එක්වරම මතක් වූයේ ජන්කුක්ගේ ඩයරියයි. එක්වරම ජන්කුක්ගේ මේසය ලඟට ගිය ථේ එහි ලාච්චුවක් ඇර එහි තිබු සුදු පැහැති මදක් විශාල පොතක් එයින් එලියට ගත්තේ වෙව්ලන අත් වලින්. බැලූ බැල්මට එය ටිකක් පරණ වී ඇති නිසා ජන්කුක්ගේ කුඩා කල ඩයරිය වෙන්න ඇති කියා ථේට සිතුණා. එය දිග හැරිමෙන් ථේට මුල්ම පිටුවේ දක්නට ලැබුනේ ජන්කුක් හැම ඩයරියක්ම පටන් ගෙන තිබූ එකම වදන් පේළියයි. ලොකු අකුරින් පුංචි ජන්කුක් හාර්ට් ගොඩක් මැද ලියලා තිබුණ ඒ වචන පේළි නෙත ගැටීමෙන් ථේගේ කඳුළු තවත් අලුත් උනා. ඒත් සමඟම ථේගේ මුහුණේ කුඩා සිනහවක් ද මතුවුනේ නිරායාසයෙනි.

❤ මගේ චූටි මල්ලි කිම් ථේහියුන්ග් මන් ඔයාට ගොඩාක් ගොඩාක් ආදරෙයි. 😘❤






📙📙📙📙📙

(In 7 years)
April

අද මට හලි තතුටුයි. මගේ ඔම්මා මත අයික්රීම් අලම් දුන්නා. මන් ගොඩාක් අයික්රීම් තෑවා. ඒත් මට අයික්රීම් වලට වඩා ගොඩාක් තතුටු දෙයක් තීනෝ. අද අප්ප කිවුව මට මගේ ඔම්මා සෝස කැලෙන් පුංචි බබෙක් ගෙනල්ල දෙනෝ කියලා තෙල්ලම් කලන්න. යේ මන් දැන් හ්යුන්ග් කෙනෙක් වෙන්න යනෝ.

📙📙📙📙📙

2002 December 30

මගේ මල්ලි බබා අද ආවා. එයා හරිම හුරතල් පාටයි. හරිම ලස්සනයි. හීනිම හීනි චූටි ඇස් දෙකකුයි, රවුම් බොල මුණකුයි, රෝස පාට කම්මුල්, චුටිම චුටි කකුල් දෙකකුයි, පුංචිම පුංචි සියුම් අත්, ඒ වගේම තාර පැටියෙක්ගේ වගේ කටකුත් තියෙනවා. හි හි.... අනේ මගේ චුටි මල්ලියාට මත උම්මා දීගෙන දීගෙන යන්න හිතෙනෝ. එයාව මන් මගේ අතට ගනිද්දී මට ගුලි වෙද්දී මත ගොඩාක් සතුටු හිතුණා. ඒත් මට තිකක් විතර දුතයි. ඒත් නෑ මත දුකමත් නෑ. තමක් නෑ මදෙ නම දුන්නේ මදෙ මල්ලි බබාටනේ. කිම් ථේහ්යුන්. ඒ නම එයාට හොඳට ගෑලපෙනෝ මත වදා. මට ජන්කුක් කියන නම හොදයි. හිහි... ඔම්ම මල්ලිට ගොඩාක් ආදරෙයි වගේ. ඒ වගේම ඔම්මට මහන්සි නේ ඒ නිස අද අප්පා තමයි මට කෑම හදලා දුන්නේ. අප්පා මත පාන් එකත බටරුයි ජෑමුයි ගාලා දුන්නා. මම ඉක්මනට කාලා ඉක්මනට දුවගෙන ගියේ මදෙ චුටි මල්ලිව බලන්න. මන් යද්දී මල්ලි බබා ඔම්මගේ තුරුලට වෙලා හොඳට නිදි. මත එයාව ඔම්මා ගාව තියන්න ලෝබ හිතුනා. අනේ මගේ චුටි මල්ලි බබා හරිම හුරතල්. මගේ මල්ලි බබාට තමා මන් මේ ලෝකේ වැඩියෙන්ම ආදරෙ කරන්නේ.

🐯 හ්යුන්ගේ නම මට දුන්නා. මොකක්ද ඒ කතාව

කඳුළු අතරින් වික්ෂිප්ත වුන ථේ පොත පහලට දමා තමන්ගෙන්ම ප්‍රශ්න කලා. ඒත් පිලිතුරක් තමාට සොයා ගත නොහැකි විම නිසා පසුව ඒ ගැන සොයා බලනවා කියා සිතා දිගටම තමන් කරමින් සිටි රාජකාරිය කරන්නට පටන් ගත්තා.

📙📙📙📙📙

2003 January 02

අද ඉස්කෝලේ ගියාම මට හැමෝම විහිලු කලා. මදෙ නම වෙනස් කලා කියලා. ඒත් මත මදෙ නම වෙනස් කලා කියලා දුකක් නෑ. ඒත් එයාල කියපු දේවල් මදෙ හිත ගොඩාක් රිද්දුවා. ඒත් ඒ ඔක්කොම නැති උනා මදේ මල්ලි බබාව දැක්කම. එයා මදෙ ඇගිල්ලක් තදින් අල්ලාගෙන හිටියා. මන් කියන හැමදේම එයා අහන් හිටියා. ඒ වගේම මන් කියපු හැම සින්දුවක්ම එයා අසාවෙන් අහන් හිටියේ හිනා වෙිවි. මන් අද ඉදන් ඔයාට හැමදාම සින්දු කියනවා රෑට ඔයාට නින්ද යන්න. මන් ඔයාව මලක් වගේ ගොඩාක් ආදරෙන් බලාගන්නවා මගේ මල්ලියෝ. මන් පොරොන්දු වෙනවා මොනා උනත් ඔයාව දාල යන්නේ නෑ කියලා.

📙📙📙📙📙

(After 6 years)

අද තමා මගේ කොටි පැටියා මුලින්ම ඉස්කොලේ යන දවස. ඉක්මන් කරලා යන්න ඕනේ. මේ කොල්ලා තාම නිදි ගිහින් ඇහැරවන්න ඕනේ කියලා ගිහින් ඇහරෙව්වම මේ කොල්ලා මටත් ඔරවාගෙන ඇදෙන් බිමට බැහැල ගියා. අනේ මගේ පුංචි හුරතලේ මන් අද මගේ අතින්ම එයාට රාමෙන් පැකට් එකක් හදලා කැව්වා. හොද වෙලාවට මට රාමෙන් හදන්න පුළුවන් උනේ. එයා ඒක කාගෙන කාගෙන ගියේ හරියට හුරතල් බබෙක් වගේ. කට වටේ ගාගෙන මගේ හුරතලේ. අද එයාගේ පලවෙනි දවසනේ. අදින් පස්සේ මට තව වැඩ වැඩි වෙනවා. ඒ උනාට මොකද මන් ආසයි නේ. මට පුළුවන් හැමදේම මන් කරනවා. මොකද ඔයා තමයි මගේ ලෝකේ මට ඉන්න වටිනාම වස්තුව ථේ. මන් මගේ පණ වගේ ඔයාව රැකගන්නවා.

📙📙📙📙📙

(After 16 years)
Feb 01

මන් අද ඉස්කොලේ ඇරිලා ආවේ මගේ මල්ලි එක්කමයි. එයා කොච්චර එපා කිව්වත් මන් එයත් එක්කම එයාගේ පිටිපස්සෙන් ආවේ එයාව ආරක්ෂා කරන්න හිතාගෙනමයි. මේ පොඩි කොල්ලා ඉස්සරහෙන්ම චන්ඩියා වගේ ගියානේ. මට හිනත් එක්ක.

මගේ පුංචි කොටි පැටියා කියන දේත් ඇත්ත. මං දුර්වලයි තමයි. එයා දන්නේ නෑනේ මගේ ලෙඩේ ගැන. ඒත් දැනිලාද මන්දා ඒක කියවනවා. මං හදවතින් දුර්වල හ්යුන්ග් කෙනෙක් උනත් මගේ පුංචි කොටි පැටියව බලාගන්න තරම් මගේ හිත ශක්තිමත් මැණික. ඒ නිසයි මම ඔයාට ඔම්මගෙයි අප්පගෙයි අඩුව නොදැනෙන්න වෙලාවට බෙහෙත් බීලා ඔයා ළඟින්ම හිටියේ මැණික.

I love my tiger bear so much 😘🐯
❤❤

📙📙📙📙📙

---- Another day ----

අදත් ඔම්ම party එකකට ගියා. අදත් මට තමා මගේ චුටි මල්ලිව බලාගන්න වෙන්නේ. මන් එයා ළඟින්ම හිටියා. එයාට ඇහෙන්න සිංදුත් කිව්වා. අදත් අම්මා එන්න පරක්කු වෙයි කිව්වා. ඒ කියන්නේ අදත් මට තමා මල්ලිට කන්න කෑම හදලා දෙන්න වෙන්නේ. මගේ මැණික පුංචි කාලේ ඉඳන්ම මම එයාට මගේ අතින්ම කැව්වා. එයා රස කර කර කද්දී මට පුදුම සතුටක් දැනෙනවා. ඒත් මගේ ඇස් ඉස්සරහ දවසින් දවස චුට්ට චුට්ට ලොකු වෙන මගේ හුරතල් පණ්ඩිත කොල්ලා දැන් නම් තනියමයි කන්නේ.

ඔම්මා මල්ලිට ගොඩාක් ආදරෙයි. ඒ උනාට මට දැනෙනවා ඔම්මා ගාව මට තියෙන ආදරෙ එන්න එන්න අඩු වෙනවා කියලා. අද කෑම දාල තිබ්බෙත් මල්ලිට විතරයි. නුඩ්ල්ස් පැකට් 2ක් වෙනුවට දාල තිබ්බේ එකයි. කමක් නෑ මගේ මල්ලිගේ බඩ පිරුනනේ මට ඒ හොදටම ඇති. මන් බඩගින්නේ හිටියත් මගේ මල්ලිට බඩගින්නේ ඉන්න දෙන්නේ නෑ මම.

ආ මට තව පොඩ්ඩෙන් අමතක වෙනවානේ මේ චන්ඩි කොල්ලා පළවෙනි දවසෙම රණ්ඩුවකට පැටලුණනේ. තව පොඩ්ඩෙන් එකෙක් මගේ කොටි පැටියට ගහනවා. මම ඉන්නකම් එයාට හීරිමක්වත් වෙන්න දෙන්නේ නෑ මම. ඒ වෙලාවේ මම මගේ ලෙඩේට වෛර කරා. මමත් අනික් ළමයි වගේ ශක්තිමත් උනානම්. එහෙනම් මටත් පුළුවන් වෙනවා නේද මගේ මල්ලිව ෆයිට් කරලා හොදට බලාගන්න.

ආ.... මගේ කොටි පැටියා කෑ ගහනවා. එහෙනම් මම ආයේ තව දවසක එන්නම් ඔයාගේ පිටුවක් පුරවන්න. අදට මං මෙතනින් නවතිනවා.

I love my tiger bear so much 😘🐯
❤❤

📙📙📙📙📙

(After 18 years)

- In the first week of the year -

---- January ----

මට අද හිතාගන්නවත් බැ අද රෑ කෑම මේසේදී අප්පා මොනවද ඒ කිව්වේ කියලා. දෙයියනේ company එක මගේ නමට ලියනවා. මට නම් හිතාගන්නවත් බැහැ. හැබැයි ඔම්මනම් හිටියේ ගොඩාක් කේන්තියෙන් වගේ. ඔම්මාට ඕනේ company එක මල්ලිට දෙනවා බලන්න. මටත් ඕනේ එකමයි ඇයි අප්පා මල්ලිට දෙන්නේ නැතුව මට දෙන්න යන්නේ. දෙයියනේ මොනාද මන් දැන් කරන්න ඕනේ. කවුද මගේ දොරට ගහනවා වගේ මගේ කොටි පැටියද කොහේද ඩයරිය මන් යනවා පස්සේ එන්නම්.

මන් ආදරෙයි මගේ කොටි පැටියට 😘❤

📙📙📙📙📙

---- After a while ----

අනේ දෙයියනේ මට හුස්ම ගන්නත් බෑ. මොකක්ද මේ වුනේ. මොකක්ද එයා ඒ කිවුවේ. ථේ මට කැමති නැද්ද? ඒ උනාට මන් එයාගේ හ්යුන්ග්නේ. මන් එයාට කොච්චර ආදරේද... ඇයි එයා මට හැමතිස්සෙම නපුරු වෙන්නේ. ථේ මට වෛර කරනවද? වෙලාවකට මට එහෙමත් හිතෙනවා. නෑ... නෑ... නෑ.. එක වෙන්න බෑ. පිස්සුද ජන්කුක් මොනවද මේ හිතන්නේ?

ථේ ට හොදටම කේන්ති ගිහින් වගේ. කොහොම උනත් මන් company එක ථේ ගේ නමට ලියනවා. මොකද මට මේ කිසිම දෙකින් වැඩක් නෑ මගේ ථේ මන් ගාව නැත්තන්.

I love my tiger bear so much 😘🐯
❤❤

📙📙📙📙📙

---- Another day ----

අද මගේ කොටි පැටියා උදේම නැගිටලා කෑම හදලා. ඒ වගේම කෑම මේසේදී එයා කියපු දේ. අනේ දෙයියනේ මට නම් හිතාගන්න බෑ. අද ඉදලා එයත් වැඩට එනවලු. මොනවා උනත් මට හරි සතුටුයි. මගේ පුංචි මැණික දවසින් දවස ලොකු වෙනවා.

මගේ කපටි කොල්ලා එයා උදෙන්ම නැගිටලා කෑම හැදුවේ internet එකෙන් බලාගෙනලු. ඒ උනාට මට හොදටම තේරුණා ඒ මගේ රෙසිපි එක කියලා. මොනා උනත් මගේ ආඩම්බර කොටි පැටියනේ. කාටවත් දෙවෙනි වෙන්න කැමති නෑනේ. එයාට කියන්න ලැජ්ජා හිතෙන්න ඇති. එයාගේ හ්යුන්ග්ගෙන් ඉගෙන ගත්ත කියලා කියන්න. ඒකට කමක් නෑ මැණික මොනා උනත් ඔයාගේ කෑම එකනම් හරිම රහයි. මටත් වඩා රසට ඔයා හදලා තියෙනවා. ම්ම් ඒත් එයා අන්තිමට කියපු කතාවෙ තේරුම මොකක්ද? එයා අද ඉදන් වැඩට එන එක ගැන මට හරිම සතුටුයි. මට දැන් තනිකමක් නැති වෙයි. මට එයත් එක්කම දැන් office යන්නත් පුළුවන්. එන්නත් පුළුවන්. එයත් එක්ක වැඩ කරන්නත් පුළුවන්. මගේ කොටි පැටියාගේ ක්ලබ් යන නෝටි වැඩේ මේකෙන් ටිකක් අඩු වෙයි. ඒත් එයාට ඕනෙ දේ එයා කොහොමහරි කරන කෙනෙක් නිසා මගේ කොටි පැටියා මොන විදිහට එතනට යන්නේ බලමුකෝ. කොහොමහරි කමක් නෑ මැණික ඔයාට ලස්සන අනාගතයක් හදලා දෙන්නකම් මේ හ්යුන්ග් ඔයා එක්කම ඉන්නවා මැණික.

හ්ම්....... මගේ මැණික කෑම මේසේදී කිව්ව වචන මට තාමත් තේරුන්ගන්න බැහැ.

"මට ඕනේ සමහර අයට තමන්ට අයිති තැන පෙන්නලා දෙන්න විතරයි"

පෙන්නලා දෙන්න?? කාටද??

අයිශ් ථේ මොකක්ද ඒ අදහස් කලේ? කා ගැනද ඒ කිවුවේ?

I love my tiger bear so much 😘🐯
❤❤

📙📙📙📙📙







ථේ ඩයරිය තුරුළු කරගෙන හයියෙන් කෑ ගසා හඬන්නට ගත්තේ කාමරයේ කවුළුව මත සිටි පුංචි කුරුල්ලාවද බිය ගන්වමින්. කෙසේ නමුත් ථේ මේ වනවිට ජන්ග්කුක්ගේ ඩයරි 6න් 5ක්ම කියවා අවසන් කර තිබුණා. අවසානයට ඉතුරු වී තිබුණේ ජන්කුක්ගේ දැන් ලියමින් පවතින ඩයරියයි. කලින් ඩයරිවල සමහර තැන් ලියද්දි ජන්කුක් හැඬු බවට ඩයරියේ සමහර පිටු ඝණකම් වී තිබීම සාක්ෂි දැරුවා.

ටික වෙලාවකින් හඬලම හෙම්බත් වීම හේතුවෙන් දිව ගිලෙන්නට මෙන් දැනෙන පිපාසය සන්සිඳුවා ගැනීමට සිතා දෝතින්ම ඩයරිය ඇඳ ළඟ තිබු මේසය මත දමා කුස්සිය වෙත හිමින් ගෑටුවේ තවමත් දෑස් අගින් වැටෙන කඳුළු බිංදු ගැන නොතකමින්. කුස්සිය වෙත ගිය ථේ එක උගුරට ශීතකරණයේ තිබු වතුර බෝතලයෙහි තිබූ වතුර බිව්වේ නියඟයකට අහුවෙලා හිටිය කොටියෙක් වගේ. පිපාසය සන්සිඳුවා ගත් පසු ථේ නැවතත් ඇවිදින මමියක් මෙන් ඔහේ පාවි පාවි උඩ තට්ටුව කරා පිය මැන ජන්කුක්ගේ කාමරය ඇතුළට ගොස් දොර වසා ඇඳේ හෙඩ් බෝඩ් එකට හේත්තු වී දෑස් පියාගත්තා. නමුත් අනිත් ඩයරියේ ජන්කුක් ලියා ඇත්තේ කුමක්ද කියා දැනගැනීමට තිබූ කුතුහලය නිසා ථේ හිමින් ඇස් ඇර පහළ ලාච්චුව ඇර අනිත් ඩයරිය වෙව්ලන අත් දෙකෙන් අරගත්තා.

📙📙📙📙📙

---- Another day ----

හයියො මම ඇපල් ගෙඩිය නිකන් කන්නෙ නැතුව කපන්න ගියානේ. ඒකෙන් මගේ අතත් කැපුණා. මන් කෑ ගහද්දි එක පාරට උඩ කාමරයේ ඉදන් පහළට ජෙට් එක වගේ දුවගෙන ආපු ථේ මන් කවදාවත් හිතපු නැති දෙයක් කලා. එකපාරටම මගේ ඇඟිල්ල අරගෙන කටට දාන් සූප්පන්න ගත්තා. ඒ වෙලාවේ මාව තක්කාලි ගෙඩියක් වගේ රතු වෙලා කියලා මගේ මුණ මට පෙන්නේ නැතුවත් තේරුණා. ඇඟ සීතල වෙලා අමුතුම හැඟීමක් මගේ හදවත වටා බැඳෙමින් මගේ මූණේ ලේ පිරෙනවා කියලා මට තේරුණා. ලේ යන එක නැවතුනා කියලා මට තේරුණාම මන් ථේට ඒක කිව්ව ගමන් එයා හරි සිහියට ආවා වගේ බිම බලාගෙන ගොත ගහන්න ගත්තේ අම්මට හොරෙන් අයිස්ක්‍රීම් කාලා හැංගෙන්න හදන පුංචි බබෙක් වගේ. එතකොට තමා මන් දැක්කේ මගේ කොටි පැටියත් රතු පාට චෙරි ගෙඩියක් වගේ කියලා. මන් දැක්ක කියලා එයා දැක්කම එකපාරටම එයාගේ කාමරේට දිව්වේ මගේ අතේ තුවාලේ ගැනත් මතක නැතුව මන් හිනවෙද්දී.

මගේ පුංචි ලැජ්ජකාරයා......

📙📙📙📙📙

---- Another day ----

මන් wash එකක් දාගෙන ඔලුවත් පිහිද පිහිද washroom එකෙන් එලියට එද්දී ථේ හිටියේ හරිම අමුතු විදියට බිත්තියට හේත්තු වෙලා නියපොත්තකුත් හපාගෙන හරිම සරාගී විදිහට මන් දිහා බලාගෙන. මගේ ඇඟත් එක්ක සීතල වෙලා ගියා එයා බලන් හිටපු විදියට නම් හැබැයි. එයා මන් ලගට ලං වෙද්දී මොනවද මන්දා ලොකු හැඟීමක් මට දැනුණා. මන් හිතුවේ මගේ හදවත ගැහෙන වේගෙට එලියට පනී කියලා. මගේ මුණ රත් වෙනව දැනෙද්දී තමා තේරුණේ මන් තව තවත් රතු වෙනවා කියලා. එකපාරටම ථේ එයාගේ ඇස් දෙක පියාගෙන මගේ සුවද බැලුවම මට පොඩි කිතියක් දැනුණා. ඊට පස්සේ මගේ කනට කරලා ඇහුවේ අප්පයි ඔම්මයි කොහේද කියලා.

හයියෝ වස ලැජ්ජාව. මන් එයාගේ හ්යුන්ග්. මන් මොනවා හිතනවාද මන්දා. ථේ දැනගත්තොත් මාව දෙකට ඉරනවා. හි හි....

📙📙📙📙📙

- Another day -

අප්පා මට project එක භාර දුන්නට මට ඕනේ ථේ මේක කරනවා දකින්න. මට විශ්වාසයි එයා මේක කරනවා අනිවාර්යෙන්ම හොදට මටත් වඩා හොදට එයා මේක කරනවා. ඒ නිසා මන් මේකට ථේට උදව් කරනවා. ථේ ගැන අප්පාගේ හිතේ විශ්වාසයක් ඇති කරන්න ඕනේ. ඒත් මන් එක කොහොමද කරන්නේ මට මගේ කොටි පැටියව විශ්වාසයි. එයා මේ project එක හොදටම කරයි. අප්පා මට අද ඇවිල්ලා කතා කලා. එයා කියන්නෙම මට මේ project එක කරන්න කියලා. ඒත් මන් කොහොමද හිතට එකඟව එක කරන්නේ. මට බෑ මට කොහෙත්ම ථේට මේ විදියට ඉන්න දෙන්න මට බෑ. එයා මගේ චුටි මල්ලි. මන් එයාට කවදාවත් වරදින්න දෙන්නේ නෑ. මගේ වගකීම එයාව හොද තැනකට ගේන එකයි එයාට ලස්සන පවුලක් හදලා දීලා මගේ මැණිකගේ අනාගතය සුන්දර ලස්සන තැනක් කරන්න පාර හදලා දෙන එක. ඉතින් එහෙම කරන්න නම් මට මේ project එක ථේට කරන්න දෙන්නම වෙනවා. ඔව්... මං කොහොමහරි ථේ ගැන අප්පාගේ හිතේ විශ්වාසයක් ඇති කරනවාමයි. බය වෙන්න එපා මැණික ඔයා වෙනුවෙන් මන් ඒක කරනවා.

📙📙📙📙📙







මෙලෙස ථේ මුළු රැයම හඬමින් ජන්ග්කුක්ගේ ඩයරිය කියවූ අතර කියවා අවසන් වන විට උදේ වීමටද ආසන්න වී තිබුණා. ආහාරයක්වත් නොගෙන තිබීමත්, තෙහෙට්ටුවත්, මුළු රෑම නොනවත්වාම ඇඬීමත් හේතුවෙන් ජන්කුක්ගේ ඩයරිය ථේ පපුවට තුරුළු කරගෙනම නිදි දෙව්දුව වැළඳ ගෙන තිබුණා.
.
.
.
.
.
.
- In the morning -

ථේ උදේ පාන්දරම එක්වරම ගැස්සි ඇහැරුණු අතර වෙලාව බැලූ ඔහුට තේරුම් ගියේ තමන් හරිහැටි පැය 2ක්වත් නිදාගෙන නැති බවයි. කෙසේ හෝ සිටී තැනින් නැගිට wash එකක් දාගත් ථේ වාහනයේ නැගී ඉක්මනින් hospital එක කරා පදවාගෙන ගියේ කෙසේ හෝ අද ජන්කුක්ව තමන්ගේ ඇස් දෙකෙන්ම බලාගන්නවා කියා සිතේ අදිටන් කරගනිමින්. ථේගේ වාසනාවකට මෙන් ඔහු රෝහලට යන විට කිසිවෙකුත් පැමිණ හිටියේ නෑ. එම නිසා වේගයෙන් ගැහෙන හදවතත් සමඟ ඔහු හිමින් හිමින් අඩි තබමින් ජන්ග්කුක් සිටින කාමරය වෙත පිය නගන්නට විය. ඔහුට කාමරයට යන විට දැකගන්නට හැකි උනේ තමන් සැමදාම දකින වේදනාව හංගන් සිනහවෙන් සිටි ජන්ග්කුක්ට වඩා බොහොමයක් තුවාල කැළැල් ඇති විශාල බට ප්‍රමාණයක් ඇඟට සවිකර විවිධ වර්ගයේ උපකරණවලට සම්බන්ධ කර තිබූ ජීවිතයත් මරණයත් අතර සටන යෙදෙන පණ මෙන් තමන්ට ආදරය කළ හ්යුන්වයි. මෙය දකින විට නැවතත් ථේ ගේ ඇස් වලට කදුළු උනන්නට වුනේ නිරායාසයෙනි.

- "මට සමාවෙන්න හ්යුන්ග් මන් නිසා තමයි මේ හැමදෙම. මට සමාවෙන්න. මට සමාවෙන්න මගේ හ්යුන්ගි."

ජන්කුක් දෙස බලා සිටි ථේගේ හදවත වේගයෙන් ගැහෙනවත් එක්කම තමන්ගේම ටී-ෂර්ටය තදින් මිරිකු ඔහු හිමීට ජන්කුක්ගේ කෙස් රොද අතරින් ඇඟිලි තුඩු යැව්වේ ජන්කුක්ට රිදෙයි වගේ.

- "මන් ආයි එන්නම් ඔයාව බලන්න හ්යුන්ග්... මාත්..... මාත් ඔයාට ආදරෙයි........."

කඳුළු අතරින් හිමිට ජන්කුක්ගේ කනට කර එසේ පැවසු ථේ ඔහුගේ බෑගයත් රැගෙන යන්නට ලැහැස්ති වූ අතර එක් වරම හිතේ ඇති වූ සිතුවිල්ලක් හේතුවෙන් ජන්කුක්ගේ නලල මත වැටි තිබූ කෙස් රොද එහාට කර විනාඩි ගාණක් දෑස් පියාගෙන ඔහුගේ නලල මත තම තොල් තද කරන් දීර්ඝ හාදුවක් තැබීය. ඒත් සමඟ කාමරයේ එක්වරම දොර විවෘත වූ අතර ජිමින් එයින් ඇතුළු වුනේ අත මිට මොලවාගෙනය. ථේ හාදුව දී එහාපැත්ත හැරෙද්දීම ඔහුගේ කම්මුලට වරෙන් පහරක් එල්ල වුණ නිසා ථේ ජිමින්ගේ දෙපා මුලට ඇදගෙන වැටුණා.

- "ආ....."

- "තමුසේ.. තමුසෙ මෙතන මොනාද කරන්නේ ආ මගේ හ්යුන්ග්ට මෙහෙම වෙලා තියෙන්නේ තමුන් නිසා කියලා දැන දැනත් තමුන් කොහොමද මෙතනට ආවේ. තමුන්ට කිසිම අයිතියක් නෑ මගේ හ්යුන්ග් දිහා බලන්නවත්. ආ...... කියපන්........."

යැයි පවසමින් දිගින් දිගටම ජිමින් ථේට ගසන්නට විය. ථේ නැවත රණ්ඩු වීමට නොගියේ ඔහුත් ඔහුගේ වැරැද්ද දැනටමත් තේරුම් අරන් සිටී නිසාවෙනි. ථේගේ වාසනාවට නැතිනම් වෙන මොකක්හරි නිසාවට මන්දා එක්වරම ලීසා පැමිණි අතර ජිමින්ව අල්ලාගත්තේ ඔවුන් සිටින්නේ රෝහලක යන වග සිහියේ තියාගෙනයි. ලීසා දුවවිත් ජිමින්ව අල්ලගන්නවා එක්කම ලීසා බැලුවේ බිම ඉඳගෙන අමාරුවෙන් කටින් වැගිරෙන ලේ පිහද පිහද ඉන්න ථේ දෙස.

- "ථේ මෙතනින් යන්න."

- "ඉන්නවා. මං අද තමුසෙව මරනවා."

ලීසාගෙන් ගැලවී ථේට නැවතත් ගහන්න දඟලන ජිමින්ව අමාරුවෙන් හෝ තදින් අල්ලන්  සිටි ලීසා එසේ කියද්දිත් ථේ කලේ ජිමින් පැවසු දේට බිම බලන්ම ලාවට සිනහ වීම පමණයි. ථේගේ සිනහව දුටු ලීසට වෙන්නේ මොකක්ද යන වග කිසිඳු තේරුමක් නැති වුනත් ඇයට එක් දෙයක් නම් හොඳින් වැටහුණා. ඒ ජිමින් ථේව ගහලා මැරන්න හැදුවත් ථේ මෙතනින් පැන යන්න උත්සාහ නොකරන වග. ඒ නිසා ලීසා ඉක්මනින් ක්‍රියාත්මක උණා. ලීසා පාලනයකින් තොරව සිටි ජිමින්ව වේගයෙන් බාත්රූම් එක දෙසට තල්ලු කල සැනින් බිම වැටි තිබූ ථේගේ බෑගය ථේගේ කරට දමා ථේව නැගිට්ටුවා අතින් ඇඳගෙන රෝහල් කාමරෙන් දිව්වා. ථේ පිහාටුක් මෙන් පාවි පාවි ඔහේ ලීසාගේ පසින් දිව්වේ ලීසා තමන්ගේ අත තදින් අල්ලන් දුවනවා යන වග වත් නොදැනයි. ඔහු ඔහේ ලීසා පසුපස දිව්වේ අවසිහියෙන් මෙනි. කම්මුල් තෙත් කරමින් දෑස් අගින් නොනවත්වා වැටෙන කඳුළු බිංදු ගැනවත් නොතකා ථේ ලීසා පසුපස ඔහේ දිව්වා. රෝහලෙන් පිටතට ආව සැනින් ථේගේ අත ඇරිය ලීසා ථේගේ මුහුණ දෙස බලා අත පය විසික් කර කර කේන්තියෙන් මොනවදෝ හයියෙන් කියෙව්වත් ඒ කිසිඳු දෙයක් අසන්නට හොඳ සිහියෙන් නොසිටි ථේ ලීසා කියවන අතරතුරම ඇය දෙස නොබලා පාරේ ඔහේ ඇවිද ගියේ තමන් කොහෙද යා යුත්තේ යන්න ගැනද කිසිම අරමුණකින් තොරවයි.

●・○・●・○・● - ・○・●・○・●

හායි........ 😁 කොහොමද කට්ටියට... 😘💜

ඔන්න මම ආයේ ආවා. 🤗🤗 කොහොමද මගේ රීඩර් බබාලා ටික. හොඳින් නේද?

අද චැපිය හොදද? ඩයරිය දිග වැඩිද? 🤧

මේ චැපියත් ටයිප් කරලා උදව් කරපු මගේ ටයිපින් මාස්ටර් බෙයාට මුලින්ම ස්තූති කරන්න ඕනේ. මගේ ටයිපින් බෙයාට ගොඩාක් ස්තූතියි. 💙❤😘

I love u so much my bear 🐻 (Taehi) ❤

*********************

අවසානයට ළඟයි. ලෑස්තිද හැමෝම.....

එහෙනම් අවසන් කොටස් දෙකෙන් හමුවෙමු. 😙

ඉක්මනට ඊළඟ චැපියත් අරන් එන්නම් එහෙනම්. 😁
මේ ඕතර්ට යන්න අවසරයි!

මම ගියා ඔන්න. 😁

ඊළග කොටසින් නැවත හමුවෙමු 😘✌

Stay safe.... 🎈

හැමෝම පරිස්සමෙන් ඉන්න. 😘😘

Lv u all 💜

සරන්හේ ❤

✍ -M_o_n_s_t_e_r Jeni- 🐨✌ (MJ)

Continue Reading

You'll Also Like

47K 6.3K 24
🐯 ම්-මැණික 🐰 හ්-‍යුන්ගී Taehyung,Yoongi,J Hope,Namjoon Top↑ Jungkook,Jimin,Jackson,Jin Bottom↓
32.1K 5.2K 38
"ඉතින් ටේ මට කියන්න ඔයාගෙ ආදරේ මට විතරක් දෙන්න, ඔයාගෙ හුරතල්කමෙන් මාව පිස්සු වට්ටන්න, ඔයාගෙ පොසෙසිව් වුල්ෆිවත් හුරතල් කරන්න, ඔයා වගේ කියුට් බාබාලා ගො...
113K 18.8K 55
එක වෙන්න පුළුවන් ද...‚ අවුරුදු ගානක් තිස්සේ දැනන් හිටිය මනුස්සයෙක්ට පස්සේ ආදරයක් දැනෙන්න..? Bl✔️ Angst✔️ Happy end ✔️ Story Cover: @ChoiJaehi
350K 12.2K 74
𝐛𝐨𝐨𝐤 𝐨𝐧𝐞. gilmore girls universe. 𐙚 | B L U E ˖⁺‧₊˚♡˚₊‧⁺˖ ─── blue eyes like the sea on a cold, rainy day ❝ 𝘉𝘓𝘜𝘌 𝘌𝘠𝘌𝘋 𝘉𝘌𝘈𝘜𝘛�...