කඳුළැලි | tears | Sinhala BL...

By sehasnara

81.5K 16.5K 4.9K

'ඔයා හැමදාම නංගි ගැනම බල බල හිටියොත් ඔයාට බඳින්න කෙල්ලෙක්වත් නැති වෙයි මිනිරු.' සහේෂ්ගේ වදන් මගේ හදවත පසාරු ක... More

කඳුළැලි - 01
කඳුළැලි - 02
කඳුළැලි - 03
කඳුළැලි - 04
කඳුළැලි - 05
කඳුළැලි - 06
කඳුළැලි - 07
කඳුළැලි - 08
කඳුළැලි - 09
කඳුළැලි - 10
කඳුළැලි - 11
කඳුළැලි - 12
කඳුළැලි - 13
කඳුළැලි - 14
කඳුළැලි - 15
කඳුළැලි - 16
කඳුළැලි - 17
කඳුළැලි - 18
කඳුළැලි - 19
කඳුළැලි - 21
කඳුළැලි - 22
කඳුළැලි - 23
කඳුළැලි - 24
කඳුළැලි - 25
කඳුළැලි - 26
කඳුළැලි - 27
කඳුළැලි - 28
කඳුළැලි - 29
කඳුළැලි - 30
කඳුළැලි - 31
කඳුළැලි - 32
කඳුළැලි - 33
කඳුළැලි - 34
කඳුළැලි - 35
කඳුළැලි - 36
කඳුළැලි - 37
කඳුළැලි - 38
කඳුළැලි - 39
කඳුළැලි - 40
කඳුළැලි - 41
කඳුළැලි - 42
කඳුළැලි - 43
කඳුළැලි - 44
කඳුළැලි - 45
කඳුළැලි - 46
කඳුළැලි - 47
කඳුළැලි - 48
කඳුළැලි - 49
කඳුළැලි - 50
කඳුළැලි - 51
කඳුළැලි - 52
කඳුළැලි - 53
කඳුළැලි - 54
කඳුළැලි - 55 [අවසානය]
කඳුළැලි - 56
කඳුළැලි - 57
කඳුළැලි - 58
කඳුළැලි - Q&A
කඳුළැලි - 59

කඳුළැලි - 20

1.4K 306 76
By sehasnara

'යෙහෙනි යුහන්සා?' 

කිසිවෙකුත් යෙහෙනිගේ නම කියනා ආකාරය මට සිහිනෙන් මෙන් ඇසිණි. මම කෙළ ගුලියක් ගිල අනෙක් පස හැරුණෙමි.

'පේශන්ට් යෙහෙනි යුහන්සා සමරසිංහ!' 

මම තිගැස්සි දෑස් විවර කළෙමි. පත්‍රිකා ගොනුවක් අත තබා ගත් වෛද්‍යවරයෙකු යෙහෙනිගේ නම පවසමින් සිටියේය. මම අත එසවූයෙමි.

ශනල්ක මගේ උරය මත නින්දට වැටී සිටියේය. වේලාව උදෑසන අටට පමණ ආසන්න වූ අතර පාන්දර එකට පමණ රෝහලට පැමිණි අපි දෙදෙනා මේ තරම් වේලාවක් සීතල යකඩ පුටු මත එකිනෙකාට තුරුළු වී සිටියෙමු.

වායු සමීකරණ නිසා ‌රෝහල් පරිශ්‍රය සීතල වූ අතර අපි දෙදෙනාම ඇඳ සිටියේ රාත්‍රියට නිදාගන්නට ඇඳ ගත් කොට කලිසම් වලින් හා කමිස වලිනි. මගේ මුළු කමිසය පුරාම රුධිරය තැවරී තිබුණද ඒ පිළිබඳව තැකීමට මට වේලාවක් ලැබුණේ නැති තරම්ය.

වෛද්‍යවරයා අප දෙදෙනා අසලට පැමිණෙන විට මම ශනල්කට තට්ටුවක් දමා ඔහුව අවදි කරවූයෙමි. 'ඒයි...' 

ශනල්ක අඩ නින්දෙන්ම මගේ ගෙලට තවත් හිස තද කළේය. මම ඔහුව අවදි කිරීමට තවත් තට්ටුවක් දැමුවේ වෛද්‍යවරයා නොඉවසිල්ලෙන් මෙන් අප දෙදෙනා දෙස බලා සිටි නිසයි. 

'‌ඩොක්ටර් ඇවිත් ශනල්ක..' මම ඔහුගේ කනට කෙඳිරුවෙමි. 

ශනල්ක තිගැස්සී අවදි විය. අපි දෙදෙනා එක්වරම නැගී සිටියෙමු.

වෛද්‍යවරයා උගුර පෑදුවේය. 'ඔය දෙන්නා පේශන්ට්ගේ කවුද?' 

'අයියා.' ශනල්ක පැවසුවේය.

'මස්සිනා.' මම එය වැඩිදුර නොහිතා පිට කළද එක්වරම මට මහත් ‌මෝඩ ගතියක් දැනිණි. 

ශනල්ක මගේ අතක් මිරිකුවේය. වෛද්‍යවරයා කිසිවක් නොකියා ඔහු අත වූ වාර්තාව දෙස බැලීය.

'පේශන්ට්ව අරගෙන එද්දි එයාගේ හාට්බීට් එක නතර වෙලා තිබුණේ. පපුවට තදබල ප්‍රහාරයක් වැදිලා තියෙනවා. ලොකු තැලුම් පාරක් ‌හිටලා තියෙනවා වගේම ඉළ ඇට වලටත් හානි වෙලා.'

ශනල්ක මගේ අත තවත් තදින් මිරිකද්දී මම අසරණ ලෙස ‌බිම බලාගත්තෙමි. 

'එයාගේ නහය බිඳිලා...' වෛද්‍යවරයා නැවතත් පැවසීය. ඔහු මා දෙසටත් ශනල්ක දෙසටත් බැල්මක් හෙළුවේය. 'මොකක්ද එයාට වුණේ?' 

මම ශනල්ක දෙස බැලුවෙමි. 'එයා කිව්වේ වැටුණා කියලා.' 

'වැටුණා?' වෛද්‍යවරයා තරමක් රළු ලෙස ප්‍රශ්න කළේය. 'ඔයාලා හිතන්නේ එයා ඉන්න තත්වේ ලේසි එකක් කියලද? තව තප්පරයක් හරි එහා මෙහා ‌වුණා නම් මොළේ ලේ නහරය ලේ හිරවෙලා මැරෙන්න තිබ්බා!' 

මමත් ශනල්කත් අසරණ ලෙස බිම බලා ගත්තෙමු. අපි දෙදෙනා කිසිවක් දැන නොසිටියෙමු. ශනල්කද මට වඩා යමක් දැන සිටි බවක් මට නොපෙනුණි.

'මේකට නඩුවක් ෆයිල් කරන්න පුළුවන් මිස්ටර් සමරසිංහ.' වෛද්‍යවරයා මා දෙස බැලුවේ මම යෙහෙනිගේ අයියා බවට වරදවා වටහා ගැනීමකින් ලෙස වුවත් මම කිසිවක් නොකියා ඔහු දෙස බලා සිටියෙමි. 'මේක සම්පූර්ණයෙන්ම පහර දීමක්... අනතුරක් ‌නෙවෙයි.' 

'අපි කිසි දෙයක් දන්නේ නෑ ඩොක්ටර්... අපි දෙන්නා රෑ නිදාගෙන ඉඳිද්දි මහ හයියෙන් කෑ ගහගෙන නංගි කාමරේට ආවා. ගෙදර හැමෝම නිදි වගේ පාටක් තිබුණ නිසා අපි දෙන්නා වැඩිය හිතන්නේ නැතුව නංගිව අරගෙන ආවා.' 

ශනල්ක වචනයෙන් වචනය විස්තර කළේ අසරණ ලෙසයි. 

වෛද්‍යවරයා නොඉවසිල්ලෙන් වාර්තාව සහිත ෆයිල් කවරය වසා දැමුවේය. 'ඔයාලගේ නංගිට තව සැත්කම් ‌දෙකක් කරන්න වෙනවා. එයාට හුස්ම ගන්න පුළුවන් තරමට අපි ඉක්මනට නහය ඔපරේෂන් කළා. ඔළුවට වැදුණ පාරෙන් මොළේට ලේ යන නහරයක් ‌බ්ලොක් වෙලා. ලේ බිංදුවක් හරි එහා මෙහා වුණොත් අපිට එයාව බේර ගන්න බැරි වෙයි. මම දන්නේ නෑ ඔය ළමයින්ගේ අම්මලා තාත්තලා තාමත් නිදිද කියලා. ඒත් වගකිව යුතු වැඩිහිටියෙක්ට එන්න වෙනවා අනිත් සැත්කම් දෙක කරන්න කලින් අවසර දෙන්න අත්සන් කරන්න.'

ශනල්ක දෑතින්ම සාක්කු අත පත ගෑවේ දුරකථනය ‌සෙවීමට වුවත් ඔහුට එය අමතක වී තිබිණි. මමද හිස දෙපසට වැනුවේ මා සතුවද එය නැති බව හැඟවීමටයි. 

'නංගිව බලන්න පුළුවන්ද ‌‌ඩොක්ටර්?' මම මාතෘකාව වෙනස් කිරීමට විමසුවෙමි.

'ඔව් එන්න. දැනට නම් එයා ඉන්නේ ඉමර්ජන්සි යුනිට් එකේ. සිහිය නැති ‌වෙන්න බෙහෙත් දීලා තියෙන්නේ. සිහිය ඇවිත් පොඩ්ඩක් හරි ඔළුව හෙළෙව්වොතින්...' 

ශනල්ක තදින් මගේ අත මිරිකාගෙන හදිසි වාට්ටුවට ඇතුළු විය. අප දෙදෙනාටම පළමුව යෙහෙනිව හඳුනා ගත නොහැකි විය. යන්ත්‍ර ගොඩක් මැද වැතිරී සිටි ඇයගේ හිස වට කර තිබුණේ ආධාරක කිහිපයකිනි. මුළු මුහුණම වෙළුම් පටිවලින් ‌ඔතා තිබූ හෙයින් ඇයව අපට හඳුනා ගැනීමට නොහැකි වීම පුදුමයක් නොවිණි. 

ශනල්ක අඩපණව මගේ සිරුරට කඩා වැටුණේය. මම යටිතොළ සපාගෙන ඔහුගේ ඉණ වටා අත යවා ඔහුව අල්ලා ගත්තෙමි. දෑතින්ම මූණ වසා ගත් හේ හඬන්නට වූ අතර මගේ පපුව ඇදුම් කන ආකාරය මට දැනුණි. මෙහන්සාව මෙලෙස දුටුවා නම් මට සිදුවන්නේ කුමක්දැයි මට සිතාගන නොහැකි විය. 

'ඔය දෙන්නගෙන් එයාගෙම ලේ තියෙන කෙනෙක්ට හරි ඔයාගේ අම්මට හරි තාත්තට හරි එයාට ලේ දෙන්න වෙයි. දැනට අපි ලේ බැංකුවෙන් ලේ දුන්නා. ඒත් පේශන්ට්ට තව ගොඩක් ලේ ඕන වෙයි අනිත් ඔපරේෂන් දෙක කරන්න යනකොට.' 

ශනල්ක හිස එසවූවේය. 'මම... අම්මට කතා කරන්නම්...' 

'තව පැය දෙකකින් අපි එයාව ආයෙත් තියේටර් එකට ගන්නවා. ඉක්මන් කරන්න.' හෙදියක් විත් යෙහෙනිගේ සේලයින් බෝතලය මාරු කරනා අතරේ පැවසුවාය. 

ශනල්ක මගේ සිරුරෙන් ඉවත්ව සිට ගත්තේ කඳුළු සඟවා ගැනීමට දැඩි උත්සාහයක් දරනා අතරේමය. මම කිසිවක් නොකියා යෙහෙනි දෙස බලා සිටියේ ඇය වටා නද දෙමින් ඉලක්කම් හා සංකේත මාරු කරන යන්ත්‍ර දෙසටම බැලුම් හෙළමිනි. 

සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව මට පැහැදිළි අදහසක්‌ නොතිබිණි. සාමාන්‍ය වැටීමකින් මෙතරම් දරුණු අනතුරක් විය නොහැකි බව මට පැහැදිළිවම විශ්වාස වුවද යෙහෙනිට සිහිය එනතුරු අපිට කිසිවක් දැන ගැනීමටද හැකියාවක් නොතිබිණි. 

ශනල්කත් මමත් හදිසි අනතුරු ඒකකයෙන් පිටට පැමිණියේ  හෙදියක් අපි ‌දෙදෙනාට පිටව යන ලෙස සන් කළ පසුවයි. 

'අම්මට කෝල් කරන්නත් ඕන.' ශනල්ක මතුරා සිටියේය. 

මම වටපිට බැලුවේ රෝහලේ සිටිනා අනෙක් රෝගීන් සමග පැමිණි මිනිසුන් අතරින් කරුණාවන්ත පෙනුමැති කෙනෙකු සොයා ගැනීම සඳහායි. අවසානයේ මැදිවියට ආසන්න කාන්තාවක් දුටු මම ශනල්කවද මගේ සිරුරට වාරු කරගෙන ඇය කරා ඇවිද ගියෙමි.

'එක්ස්කියුස් මී... අපිට කෝල් එකක් ගන්න පුළුවන්ද ගෙදරට?' මම හැකිතාක් ආචාරශීලීව විමසා සිටියෙමි. 

කාන්තාව මා දෙස බලා අනෙක් පස බලා ගත්තේ මා කී දේ නොඇසුණ ලෙසකිනි.

මම සුසුමක් හෙළා ඊට මදක් එහා පසින් ‌සිටි කෙනෙකුගෙන්ද එයම ඇසුවෙමි. ඔවුන් සියල්ලන්ගේම පිළිතුර  වූයේ රළු බැල්මක් හා අහක බලා ගැනීමකි. 

'කෝල් එකක් ගන්න ඕනද මල්ලි?' අවසානයේ යමෙකු මගේ පිටට තට්ටු කළ අතර මම පසුපස හැරී බැලුවෙමි. 

තරුණ වියේ පසු වූ කොණ්ඩය පාට කළ කරාබුවක් දමා ගත් තරුණයෙකු මා දෙස බලා සිටියේය. 

'ම්ම්ම්.... ඔව්...' මම පිළිතුරු දුන්නෙමි.

තරුණයා ඔහු අත වූ දුරකථනය මගේ අතින් තැබුවේය. 'අරගන්න...' 

මම ස්තූති පූර්වක බැල්මකින් ඔහුට සංග්‍රහ කරන අතරේම දුරකථනය ශනල්ක අතට පත් කළෙමි. ශනල්ක බිම බලාගෙන අසිහියෙන් මෙන් නිවසට ඇමතුමක් ගත්තේය.

'හෙලෝ අම්මේ...'

'ගෙවල් ළඟ හොස්පිටල් එකේ...' 

ඊළඟට ශනල්ක එක්වරම හඬා වැටුණේය. 'එන්නකෝ... නංගිට අමාරුයි...' 

ඔහු එක්වරම බිමට කඩා වැටුණු අතර මම ඔහුව අල්ලා ගත්තෙමි. ශනල්ක ඉකි ගසමින් හඬන්නට විය. මට එය බලා සිටීමට පවා අපහසු වූයේ ඔහු සාමාන්‍යයෙන් හඬනා අයවද සිනහා ගස්වන ජාතියේ කෙනෙකු වූ බැවිනි. 

විනාඩි පහළවක් පමණ ගත වූ පසුව මාත් ශනල්කත් නැවතත් පුටුවල හිඳගෙන බලාගත් අත බලාගෙන සිටියෙමු. දුරකථනය දුන් තරුණයාට ස්තූති කිරීමට පවා මට නොහැකි වූ අතර මම ඒ පිළිබඳව පසුතැවීමෙන් සිටියෙමි.

ඊටත් වඩා මට දැඩි ලැජ්ජාවක් ඇති වූයේ මම පෙනුමෙන් මිනිසුන් මැනි නිසාය. ඒ තරුණයාගේ පෙනුමෙන් ඔහු රස්තියාදුකාරයෙකු සේ දිස් වූවත් වැදගත් ලෙස සිටි මිනිසුන් අපව නොසළකා හරිද්දී අපගේ උදව්වට පැමිණියේ ඔහුය.

'මල්ලි.' නැවතත් කිසිවෙකුත් අපට කතා කරන හඩ ඇසීමෙන් මම හිස ඔසවා බැලුවෙමි. 

ඒ අර තරුණයාය. ඔහු වතුර බෝතලයක් හා කවරයක දැමූ බනිස් ‌දෙකක් මට දිගු කළේය. 'ඊයේ රෑ ඉඳන් ඔය දෙන්නා නොකා නොබී මෙතන ඉන්නවා දැක්කා මම. මේක කන්න. ඔයාලගේ අම්මා කෝල් කළා මට. දැන් එනවා කිව්වා.' 

මම කෘතඥපූර්වකව ඔහු දෙස බලා බනිස් බෑගය හා වතුර බෝතලය අතට ගත්තෙමි. ශනල්කට බනිස් ‌හා වතුර බෝතලය දුන් මම තරුණයා දෙස බැලුවෙමි. 'අයියා ඇයි මෙතන?' 

තරුණයා සිනාසුණේය. 'මගේ අම්මට මොළේ ගෙඩියක් මල්ලි. එයාගේ ඔපරේෂන් එක කරලා තෙරපි දෙන්න ලොකු ගාණක් යනවා. ඉතින් ඒක කරන්න සල්ලි හොයා ගන්නකන් මම පුළුවන් විදිහට වැඩ කරනවා. ඊයේ රෑ හොස්පිටල් එක අස් කරලා ගාණක් හොයා ගත්තා. දැන් නංගි අම්මා ගාවට ආවහම මම යනවා පාරේ මොකක් හරි වැඩක් කරන්න.' 

මම සපමින් සිටි බනිස් කැබැල්ල මගේ උගුරේ සිරවෙන්නාක් මෙන් මට දැනිණි. 

මම බිම බලාගත්තේ සැබැවින්ම වරදකාරී හැඟීමකින් යුතුවයි. 

'යෙහෙනි!' 

අපි සියල්ලන් රෝහලේ දොර දෙස බැලුවෙමු. ‌ශනල්කගේ අම්මා හඬමින් රෝහල තුළට දුවමින් පැමිණියාය.

ශනල්ක ඇය පසුපස දුවන්නට වූ අතර මම තරුණයා දෙස බැලුවෙමි. 'මම යන්නම් අයියේ...' 

'හරි මල්ලි. නංගිට ඉක්මනට හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.' ඔහු සිනාසුණේය.

'ස්තූතියි...' මම ඔහුට සිනාසී ශනල්ක පසුපසින් දිව ගියෙමි.



_____________

_කඳුළැලි_

2022 - 02 - 24

******

හෙට මිනිරුගේ උපන්දිනේ.

:)

එයාගේ උපන්දිනේට මම කවර් කම්පිටිශන් එකක් තියන්න හිතුවා.

කඳුළැලි එකට කවර් එකක් හදලා අප්‍රේල් 30ට කලින් sasorilisara@gmail.com එකට මේල් කරන්න.

හෙහ‌ෙ....

_sas_

________________

Continue Reading

You'll Also Like

40K 7.3K 22
ලෝකෙට කවුරු උනත් අශේල්ගෙ ලෝකෙදි එයා ආශු....ඒක අශේල් ආදරෙන් තියපු නම....හිතට අස්වැසිල්ලක් නිදහසක් අරන් ආපු ආශිර්වාදයක් විදිහට දකින හින්දා අශේල් එයාට ආ...
45.7K 7.7K 63
අසීමාන්තික අව්‍යාජ ප්‍රේමයක් වේද එය ලෞඛික නිවනක්ම වනු ඇත, එවන් ප්‍රේමයක් ලග කාලයද නවතිනු ඇත, එවන් ප්‍රේමයක් කාලයද පරදනු ඇත... Category :Bl, Gay love...
19K 3.3K 27
A true story..... 29🅞︎🅒︎20 #Shanemluvstory [ ෆිල්ම් එකකින් ඇහිද ගත්තේ නැති, ඕතර් විසින් හිතින් ගොතපු නැති මේ කතාව ඔයාට මට ව්ශ්වාස කරන්න බැරි ඇත්ත...
60.9K 11.7K 60
The treasure that belongs to royal blood and guardian half demon..... Deadly war between incubus... ♡♡♡♡♡ The second unfolding of their soulful roman...