දෙයියනේ ජිමින්....
එයා..එයා මේ යන්නෙ අපේ ගෙදරද...එ...එතකොට කුකී....එයා ගෙදරනේ...ගෝඩ් හෙල්ප් මී චෙබල්...
මන් පුළුවන් තරන් ඉක්මනට ගේ පැත්තට ගියේ ජිමින් මොන නාඩගමක් නටලාද දන්නෙ නැති හින්දා...
"ඔයා හොයන කෙනෙක් මේ ගෙදර නෑ..."
"නෑ නෑ එයා හිටියෙ මෙහෙ තමයි...මට හොදටම විශ්වාසයි.."
දෙයියනේ...මන් දැන් මොකද කරන්නේ...ආයිශ්...නන් ඔතොක්කේයෝ..මගෙ අත කෙලින්ම ගියෙ මගෙ පෝන් එකට....
"ඕ...චූටි කියාම්...."
"............."
"කොහෙද මනුස්සයෝ යන්නෙ කියන්නෙ නැතුව...මන් මේ ගේ ඉස්සරහ ඉන්නේ..."
"............."
හ්ම්ම්...ඔතනම ඉන්නවා මන් එනකන්...."
මන් ඉක්මනට කෝල් එක කට් කරලා පාර දිගේ උමං මාර්ගෙ පැත්තට ගියේ කුකීට මේ ගැන තේරුනොත් මොනවයින් මොනා වෙයිද කියලා හිතන ගමන්...
පනකඩාගෙන දුවලා මන් චුට්ටක් වෙලා හති අරිද්දි බයික් එකක් රේස් කරන් ඇවිත් මගෙ ඉස්සරහා නැවැත්තුවා....
"කොහෙද මනුස්සයෝ යන්නෙ..."
මොකෝ මේ මට කෑ ගහන්නෙ...මොකද මන් මෙයාට මාව වඩම්ම ගෙන යන්න එන්න කිව්වෙ නෑනේ...
"ඔයාට මොකෝ මන් කොහෙ ගියාම.."
"චූටි මේ...මගෙන් අහගන්නෙ නැතුව හිටාම් ඈ..."
පුහ්...අපි බය වෙයි...
"හරි වදේ දැන් තෞසෙ ඔය හුටුහුටුව පැදගෙන තකහනියක් මෙහෙ ආවේ මාව එක්කන් යන්නද..."
මන් කිණ්ඩි හිනා පාරකුත් දාන් කොල්ලගෙන් ඇහුවෙ පොඩ්ඩක් චාටර් කරන්න හිතාගෙන....
"මේ...මන්..නෑ පිස්සුද...මට වෙන වැඩ නෑ කියලා හිතුවද...අනිත් එක මගෙ සූකිරි පුංචා හුටුහුටුක් නෙමෙයි..අන්න ඒක මතක තියාගන්නවා..."
මොකෝ ඒ පාර මේ කොට මොඩ්ල් එක ගොත ගහන්නේ...
"ටොගෙ උසත් එකයි ටෝගෙ බයික් කට්ටෙ උසත් එකයි...කොටින්ම කිව්වොත් දෙකම කොටයි...."
ඒ පාර මට අසූහාරදහට රවනවා....
*%$$%%%*$##*%&$"& මන් කිව්වා කියලා හිතා ගනින් උබට..."
තවත් වෙහෙසකර දවසක් පටන් අරන්...ඒත් මන් එකම තැන...කුලී වැඩ කරන කොල්ලෙක්...ස්කූල් එකේ ටොප් රෑන්ක් ගත්ත මන් දැන් කුලී වැඩ කරනවා...මගේම ඒජ් එකේ කෙල්ලො ලස්සන කාර්වල නැගලා ජොබ් වලට යනවා ඒත් මම...තාම එතනමයි...සමහරු කියයි ජීවිතේ තියන්නෙ විදින්න කියලා...ඒත් මටනං ජීවිතේ තියන්නෙ විදවන්න...ෆයිටින්ග් හේයොනා...ඔයාගෙ ජීවිතේටත් රිදී රේඛාවක් හම්බෙයිනේ...ඒත් එහෙම උනේ නැත්තම්...හිතන්න නං කොච්චර දේවල්ද...කල්පනා ලෝකෙ ගිලිලා අපි දෙන්නා වැඩ කරන තැනටත් ඇවිල්ලා..දැන් ඉතින් පුරුදු තැටිය රත් කර කර පුරුදු රොටිය පුච්චන්න තියන්නේ...
"ටේහෝ.... ඔය වැඩේ කරපන්....ඔය බඩු ටික බාපන්...ඉක්මනට..."
හැමදාම වගේ පුරුදු වචන ටික කන් අතර රැදෙද්දි මන් අත ඉක්මන් කරලා වැඩ කලේ කුකී ගෙදර නිසා ඉක්මනට වැඩ ඉවර කරලා ගෙදර යන්න හිතාගෙන..සාමකාමී උදේ වරුවට ආයුබෝවන් කියලා කලබල දවල් වරුවත් එද්දි පුරුදු විදිහටම අර කොට මොඩ්ල් එක යුනි යන්න ගියා...මොනා උනත් ජිමින් ගිහාම මට මෙච්චර හරි තිබ්බ සතුටත් නිකන්ම වාශ්ප උනා..ලොකු හුස්මක් පහතට දාපු මන් ආයි වැඩ පටන් ගත්තෙ හැමදේකටම වඩා මට වටින කෙනා වෙනුවෙන් කැප වෙන්න ඕනෙ නිසා...රෑ හතට විතර වෙද්දි වැඩ ටික ඉවර කරලා සැලරි එකත් අරගෙන මන් පයින්ම ගෙදර එන්න ආවේ අර නසරාණි වල් පැටියාගෙ ජාතික ආහාරය වෙච්ච Banana milk එකකුත් අරගෙන ගන්න...
කරුවල වැටුණු වෙලාවක කෙල්ලෙක්ට පාරෙ යන එක අවදානම් උනත් කොල්ලෙක් වගේ ඉන්න මට එහෙම අවදානමක් ගැන දැනුනේ නෑ..මන් හිතන්නෙ මන් දැන් මේ ජීවිතේට හුරු වෙලා ගොඩක්...කොච්චර දේවල් වුනත්, කවුරු ජීවිතේට ඇවිල්ලා ගියත් තාම මගෙ හුස්ම වැටෙන්නෙ කෙනෙක් වෙනුවෙන් විතරයි..මන් එදා ඔම්මටයි අප්පටයි පොරොන්දු උනා මොන දේ උනත් කුකීව හොදින් බලා ගන්නවා කියලා...ඒ පොරොන්දුව මගෙ හදවත ගැහෙන අන්තිම තප්පරේ දක්වාම වලංගුයි..මන් පරණ දේවල් ගැන හිත හිත එද්දි කොහෙන්ද ආපු මිනිහෙක් එක පාට්ටම මගෙ බෑග් එක ඇදගෙන දිව්වා...මාසයක් වැඩ කරලා, අව්වෙ කරවෙලා,එක එකාගෙන් කුණු බැනුම් අහලා, අත් ගෙවෙනකන්, හම යනකන් වෙච්ච මහන්සියට මට ලැබෙන ඇගයීම කොහෙවත් ඉන්න එකෙක් ඇදගෙන දුවද්දි මට බලන් ඉන්න පුළුවන්ද?
ඔක්කොම දේවල් පැත්තකට දාලා මන් ඒ මිනිහා පස්සෙ පන්නන්න ගත්තෙ අත්වල හම ගැලවෙනකන් එහෙට මෙහෙට බඩු ඇද ඇද වින්ද වේදනාව ඔහේ කොහෙවත් යන එකෙක්ට දෙන්න බැරි හින්දා...මන් කොහොමහරි පස්සෙන් පන්නලා ඒ මිනිහාව අල්ලගත්තත් ඌ මාව ගසලා දාපු පාර මන් බිම වැටුනා..ඒත් එක්කම එතන්ට තව රස්තියාදුකාර පිරිමි දෙතුන් දෙනෙක් වට වෙද්දි මට මුකුත් කරගන්න බැරි උනා...
"මේ අහපන් පොඩි කොල්ලෝ...මෙතන උබට ඇති වැඩක් නෑ...උබේ ඔය ලස්සන මූනත්තහඩුව අපිට කියලා තලා ගන්න ඕනෙ නැත්තන් මෙතනින් මකබෑවිලා පලයන්...."
මගේම සල්ලි අරන් ඌ මටම පාට් දාන්නද...ඒවා කොහෙද මාත් එක්ක...
මන් නැගිට්ට ගමන් අර කලින් කියෝපු මිනිහා හිතන්නත් කලින් උට පයින් එකක් ගැහුවෙ ඌ විසික් වෙලා වැටෙද්දි..තව දෙන්නයිනෙ...බලමුකෝ..
"හහ්, අපේ එකෙක්ට අත තියන්න කොහෙවත් යන පොඩි එකෙක්...අල්ලපන් මූව.."
ඒත් එක්කම මූනට වැදුණු සැර පාර නිසා මාව පිටිපස්සට විසික් වෙද්දි අරූ ආයි මට ගහන්න හදපු අත අල්ලගෙන පිටිපස්සට අඹරලා මන් උන් ඔක්කොටම කෑ ගැහුවෙ මගේ තරහත් උපරිමේටම ඇවිල්ලා තිබ්බ නිසා වගේම සද්දෙ ඇහිලා හරි කවුරු හරි මෙතන්ට ආවොත් කියලා
"උබලා මොන පො%$යො උනත් මට වැඩක් නෑ මගෙ සල්ලි ටික මට දීලා යන දේවාලෙක චුත වෙයන්..."
මන් අරූගෙ අත තව ටිකක් අඹරන ගමන් කෑ ගහද්දි උන් ඔක්කොම අඩියක් පස්සට ගියත් මගෙ බෑග් එකනං දෙන්න අදහසක් තිබ්බෙ නෑ...මගෙ අත චුට්ටක් ලිහිල් වෙච්ච ගමන් ඒකෙන් ප්‍රයෝජනය ගත්තු ඌ මට කකුල් මාට්ටුවක් දාලා වට්‍ටද්දි මන් මෙච්චර වෙලා බයෙන් හිටපු දේ මගෙ ඇස් පනා පිට ඇත්ත උනේ මගේ කැප් එකත් එක්ක විග් එක ගැලවිලා දිග කොණ්ඩෙ මූන පුරා දග කරද්දි..
"අඩෝ...ඔහොම හිටපන්...කෙල්ලෙක්..
යකෝ අපිට මෙච්චර පිප්පුවෙ වේ%$යෙක්ද..."
එකෙක් හයියෙන් හිනා වෙලා කියද්දි මෙච්චර වෙලා මට තිබ්බ කන්ෆිඩන්ස් ඔක්කොම කඩාගෙන වැටුනා..
"මගෙ සල්ලි ටික දීලා යන දේවාලෙක පල පව් නොදී කාළකණ්ණි හැ#%ත..."
"අම්මෝ බලපන්කො මේකිගෙ කටේ සැර...කට විතරයි වැඩි හොදේ අනිත් ඔක්කොම ගාන්ට..."
එහෙම කියලා ඌ ළගට එද්දි මන් ඉක්මනට නැගිටලා දනිස්ස නවලා ගහපු පාරට ඌ කෑ ගහගෙන එතනම ඇද ගෙන වැටෙද්දි එකෙක් මගෙ පපුවටම පයින් ගහපු පාරට හුස්මත් නතර වෙලා කකුල් පන නැතුව මන් එහෙම්ම බිම දණ ගහගත්තා....
"අම්මෝ බන්...කකුළට මාර සනීපයක්නෙ දැනුනෙ දැන්නං අල්ලන්නමයි හිතෙන්නෙ.."
'මොකද්ද මෙතන වෙන්නෙ!"
කාගෙදෝ මන්දා කටහඩක් ඇහුනත් හැරිලා බලන්නවත් මට පනක් තිබුනෙ නෑ...
මට ඇහුනු පොලිස් නලා හඩත් එක්කම මට ගහපු උන් ටික පන කඩාගෙන දුවද්දි ඒ පස්සෙන් තවත් පොලිස්කාරයෝ දෙතුන් දෙනෙක් දුවනවා දැකලා හිතට සැනසීමක් දැනෙද්දි කෙනෙක් ඇවිත් මට නැගිටින්න උදව් කලේ අමාරුවෙන් හිටපු මට සහනයක් වෙන්න හිතාගෙන වෙන්න ඇති...
"අගශ්ශි කින්චනායෝ..."
(Are you Ok madom)
"යේ යේ කමසාම්නිදා"
ස්තූති කරන්න මන් ඒ මූන දිහා බැලුවත් එසැනින්ම මට බිම බැලුනෙ ඒ මූන දිහා මට තවදුරටත් බලන් ඉන්න බෑ කියලා දැනෙද්දි...
"ට්...ටේහෝ.. ඔයා?"
.
.
.
~By crazyarmygirls~
_________________________________________
ඔන්න චැප්පක් දුන්නා..
විශේශයෙන්ම කියන්න තියේ මේ චැප්ටර් එක කෙනෙක්ට බද්ඩේ ගිෆ්ට් එකක් විදිහට ඕන් දුන්නේ😁❤️
Olivia_27_27ඔන්න වස්තුවේ හැපිම හැපි බර්ත්ඩේ..❤️ඇත්තටම සමාවෙන්න හොදද වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරගන්න බැරි උනාට🙁අතේ ප්‍රශ්නෙ නැත්තන් අනිවා ටයිප් කොරලා දෙනවා..ඒ වගේම ඔයාගෙ කරන කියන වැඩ කටයුතු වගේම කවදාම හරි දවසක ඔයා දකින හීනත් සැබෑවක් බවට පත් වේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්තනා කරනවා...❤️❤️wish you many happy returns and thank you for staying with us❤️❤️හැපි බර්ත්ඩේ පැට්ටෝ❤️❤️
Vote & comment pls~
To be continued ~