කඳුළැලි | tears | Sinhala BL...

By sehasnara

81.4K 16.5K 4.9K

'ඔයා හැමදාම නංගි ගැනම බල බල හිටියොත් ඔයාට බඳින්න කෙල්ලෙක්වත් නැති වෙයි මිනිරු.' සහේෂ්ගේ වදන් මගේ හදවත පසාරු ක... More

කඳුළැලි - 01
කඳුළැලි - 02
කඳුළැලි - 03
කඳුළැලි - 04
කඳුළැලි - 05
කඳුළැලි - 06
කඳුළැලි - 07
කඳුළැලි - 08
කඳුළැලි - 09
කඳුළැලි - 10
කඳුළැලි - 11
කඳුළැලි - 13
කඳුළැලි - 14
කඳුළැලි - 15
කඳුළැලි - 16
කඳුළැලි - 17
කඳුළැලි - 18
කඳුළැලි - 19
කඳුළැලි - 20
කඳුළැලි - 21
කඳුළැලි - 22
කඳුළැලි - 23
කඳුළැලි - 24
කඳුළැලි - 25
කඳුළැලි - 26
කඳුළැලි - 27
කඳුළැලි - 28
කඳුළැලි - 29
කඳුළැලි - 30
කඳුළැලි - 31
කඳුළැලි - 32
කඳුළැලි - 33
කඳුළැලි - 34
කඳුළැලි - 35
කඳුළැලි - 36
කඳුළැලි - 37
කඳුළැලි - 38
කඳුළැලි - 39
කඳුළැලි - 40
කඳුළැලි - 41
කඳුළැලි - 42
කඳුළැලි - 43
කඳුළැලි - 44
කඳුළැලි - 45
කඳුළැලි - 46
කඳුළැලි - 47
කඳුළැලි - 48
කඳුළැලි - 49
කඳුළැලි - 50
කඳුළැලි - 51
කඳුළැලි - 52
කඳුළැලි - 53
කඳුළැලි - 54
කඳුළැලි - 55 [අවසානය]
කඳුළැලි - 56
කඳුළැලි - 57
කඳුළැලි - 58
කඳුළැලි - Q&A
කඳුළැලි - 59

කඳුළැලි - 12

1.4K 327 68
By sehasnara

මම ඉන් පසු ගත වූ දින දෙක පුරාවටම සිටියේ මෙහන්සාගේ නිහඬව සාලයේ නින්දට වැටී සිටි තැන අසල බිම හිඳගෙනය. නිවසට පැමිණ යන මගේ මිතුරන් හා මෙහන්සාගේ පන්ති සගයන් පිළිබඳව මට පැහැදිළි අවබෝධයක් නොවීය. මගේ මව මෙහන්සා බැලීමට හෝ පැමිණියේ නැති බවට කිසිවෙකු කියනා ආකාරය මට ඇසිණි. ඔවුන් නිදා සිටින මෙහන්සා බලන්නට පැමිණෙන්නේ මන්දැයි මට වටහා ගත නොහැකි විය.

ලී දාර දෙකක් අතර වැතිර සිටි මෙහන්සා සන්සුන් පෙනුමකින් යුතු වූවාය. දිගු ගවොමකින් සරසා තිබූ ඇගේ සිරුර සාමකාමී ලෙස වැතිර තිබිණි. මට නැගිට ඇයට තට්ටුවක් දමා ඇයව නැගිටවීමට උවමනා විය. නමුත් මගේ සිරුරේ ශක්තියක් ඉතිරිව නොතිබිණි. මම කිසිවක් ආහාරයට ගත් බවක් මගේ මතකයේ නැත. මට උවමනා වූ එකම දෙය නම් මෙහන්සාව නැගිටවා නැවත ඇගේ කාමරයේ ඇඳට රැගෙන යාමයි. ඇගේ පූ වලසා සිටි පැනල් රෙද්දෙන් ඇගේ සිරුර වසා ඇයව නිදි කරවීමට මට උවමනා වුවත් ඇය නැගිටින ආකාරයක් මට පෙනුණේ නැත.

'මල්ලි...' කිසිවෙකු මගේ එහා පසින් හිඳගන්නා ආකාරය දැනී මම යන්තමින් හිස ඔසවා බැලීමි. මගේ එහා පසින් සිටියේ මගේ නැන්දාගේ දුව සන්තුෂීය. මම නැවතත් බිම බලාගත්තෙමි. මට කිසිවක් කීමට පණක් හෝ නොතිබිණි. මෙහන්සා සාලයේ නිදාගත් දිනයේ සිට මේ දක්වා මම කිසිවක් ආහාරයට ගෙන තිබූ බවක් මට මතක තිබුණේ නැත.

'මල්ලි...' අක්කා සෙමෙන් ඇගේ වදන් පිට කළාය. 'මොනවා හරි කන්න යමු මල්ලි... මෙතන හිටියා කියලා නංගි බබා ආයෙත් එන්නේ නැහැනේ්...' 

මම බිත්තියට හිස තද කර දෑස් පියාගත්තෙමි. ඇය නැවතත් නොඑන බව සිතෙහි මවා ගැනීමට පවා මට අවැසි නොවීය. මෙහන්සා නිහඬ තැනැත්තියක් වුවත් ඇයව නොදකින දවසක් මවා ගැනීමට මට අපහසු විය. මගේ දෑස් වේදනා දුන්නේ හරිහමන් නින්දක් නොලැබීම හා දෑස් වියැළෙන තුරුම හැඬීම හේතුවෙනි. 

'තව දවසක් එයා මෙතන ඉන්නවනේ මල්ලි බබෝ...' තුෂී අක්කා මගේ හිස අතගෑවාය. 'අපි ගිහින් මොනවා හරි කාලා ටිකක් නිදාගමු...'

මම තුෂී අක්කා දෙස බැලුවෙමි. 'මම නිදාගත්ත වෙලාවට එයා නැගිට්ටොත් අක්කා මට කතා කරනවද?' මම වියැළුණු උගුරින් යුතුව විමසුවෙමි.

තුෂී අක්කාගේ දෑසින් කඳුළු වැගිරෙන ආකාරය මට පෙනුණත් ඒ ඇයිදැයි වටහා ගැනීමට මට හැකි වූයේ නැත. ඇය හිස වැනුවාය. 'මම කතා කරන්නම් මල්ලි... එන්න යමු අපි ටිකක් කාලා නිදාගන්න.' 

ඇය නැගිටීමට තැත් කළ විට මම ඇගේ අතකින් අල්ලා නැවැත්වීමි. 'අක්කේ... මට කවන්න...' 

ඇය හිස වනා එතැනින් පිටව ගියාය. මම බිමට අත්ල තද කොට අත්ලට බරදී නැගිට මෙහන්සා නිදා සිටි තැනට ගියෙමි. ඇගේ දෑත් අතර සුදු රෝස මලින් තැනූ මල් පොකුරක් රඳවා ඇත. මෙහන්සා මල් පිළිබඳ දැක්වූයේ අල්ප උනන්දුවකි. නමුත් ඇය සුදු රෝස මල් පොකුරකට අකමැති නොවන බව මම විශ්වාස කළෙමි. මගේ සිරුර පසුපසට වැටෙන්නට ගියත් මම නැවතත් බිත්තියට වාරු වී බිමට රූටා වැටුණෙමි. මෙහන්සා කොයි මොහොතක හෝ අවදිවී මා අසලට එන බව මට විශ්වාස විය. තුෂී අක්කා නැවතත් මගේ එහා පසින් හිඳගන්නා ආකාරය මට දැනිණි. 

ඇය මොනවාදෝ අනා මගේ මුවට එබුවද පළමු උගුරම මට සිර විය. අක්කා මට වතුර උගුරක් පොවා නැවතත් කෑම දීම ආරම්භ කළාය. ඇය කවා අවසාන වද්දී මට පෙරට වඩා යම් වෙනසක් දැනිණි. තුෂී අක්කා මා වාරු කොටගෙන පහළ මාලයේ තිබූ අමතර කාමරයකට මා ගෙන ගොස් මා ඇඳ මතින් දිගාකොට මගේ සිරුර වැසෙන සේ රෙද්දක් පෙරවා දැමුවාය.

ඇය පිටව යන්නට යද්දී මම ඇගේ අතකින් අල්ලා ගත්තෙමි. 'අක්කේ... මෙහන්සා නැගිට්ටොත් මට කතා කරන්න...'

'හරි බබෝ...' ඇය සෙමෙන් පවසා සිටියාය. 

ඇය කාමරයේ දොර වසා පිටව ගිය පසු මම දෑස් පියාගත්තෙමි. මෙහන්සා අවදි වුවහොත් තුෂී අක්කා මට පවසනු නොඅනුමානය. එනිසා මට පැයක් හෝ දෙකක් නිදාගත හැකිය. යන්තමින් මගේ දෑස් පියවෙද්දී මම නැවතත් තිගැස්සී අවදි වූයේ කිසිවෙකු හෝ මගේ කමිස කරෙන් ඔසවා මා ඇඳෙන් බිමට ඇද බිත්තියකට තද කළ හෙයිනි.

මගේ අඩවන් වූ දෑසින් මම එම පුද්ගලයාව දුටුවේ සහේෂ් ලෙසටයි. 'සහේෂ?'

ඔහු අත දිගහැර මගේ කම්මුලට අතුල් පහරක් එල්ල කළ විට මම දෑස් විවර කර ඔහු දෙස බැලුවෙමි. 'ඇයි...'

ඔහු හඬමින් සිටියේය. 'ඇයි?' ඔහු කෑ ගැසීය. 'තමුසේ ඇයි කියලා අහනවද! තමුසේ නිසා තමයි මෙහන්සා නැති වුණේ...' 

මට ඔහු පවසන දේ වටහා ගත නොහැකි විය. මෙහන්සා සාලයේ නින්දට වැටී සිටියි. ඇය නැති වූ වගක් සහේෂ් පවසන්නේ මන්දැයි මට වටහා ගත නොහැකි විය. මම අතක් දිගු කළෙමි.

'මෙහන්සා... සාලේ නිදි...' මම පවසා සිටියෙමි. 

සහේෂ් මගේ කමිස කර තද කොට මාව තවත් බිත්තියට තදකොට මගේ මුහුණට නැඹුරු විය. ඉන් පසුව වූ රළු සිප ගැනීමට ප්‍රතිචාර දැක්වීමට මට නොහැකි වූයේ මගේ සිරුරේ කිසිඳු පණක් නොවූ බැවිනි. මගේ පෙනහළු හිස්වන තුරුම ඔහු මාව සිප ගත්තේය. මදකට පසු සහේෂ් මගේ අතකින් ඇද මාව ඇඳකට ඇද දැමීය. 

ඉන් පසුව මට මගේ සිරුර මත සිටි තැනැත්තා අඳුනා ගැනීම අපහසු වන තරමේ හිස වේදනාවක් දැනිණි. මා වටා සියල්ල බොඳ වී ගිය මුත් මගේ සංවේදන සියල්ල හොඳින් ක්‍රියාකරමින් තිබිණි.

එක්වරම මගේ ගෙල දෙසින් ආ වේදනාව හේතුවෙන් මම කෑ ගැසීමට තැත් කළද මගේ සිරුර මත සිටි තැනැත්තා ඔහුගේ අතකින් මගේ මුව තද කොට වැසීය. 

'තමුසේ... මම ආදරේ කළ කෙල්ලව මැරුවා.' හේ කෑ ගසයි. මට ඔහුගේ හඬෙහි හුරුපුරුදු බවක් ඇත. 

මතකයේ තිබූ නමක් එක්වරම මතකයට විත් වියැකී ගියේය. මම දඟලන්නට තැත් කරද්දී ඔහුගේ අතක් මගේ කලිසම අතරින් යන ආකාරය මට දැනෙයි. මම දඟලන්නට වීමි. ඔහුගේ පහස මට ගෙන දුන්නේ අපහසුවකි. මම දඟලා ඔහුගෙන් ගැලවී යාමට උත්සාහා කළෙමි. 

මා අවට වෙන සියල්ල මට දැනෙන්නේ කැරකෙන ආකාරයකිනි. 

'නතර කරනවා ඕක!' තවත් යමෙකු කෑ ගසයි.

මගේ සිරුර මත සිටි පුද්ගලයා ඉවතට විසිව ගොස් මා සැහැල්ලුවට පත් වූ ආකාරය මට දැනිණි. කාමරය තුළ ඉන්පසුව කතා කරනා ශබ්දයකින් පිරී ගියද අධික වෙහෙස හේතුවෙන් නින්දට වැටෙමින් සිටි මට එය වටහා ගත නොහැකි විය. මම කොට්ටයට මුහුණ තද කොට දෑස් පියා ගත්තෙමි. කිසිවෙකු ඇඳට නැග මගේ හිස පිරිමදින්නට විය. එම ඇඟිලි ඉතා කුඩා වූ අතර මට එයින් හුරුපුරුදු බවක් නොදැනිණි. කෙසේ වුවත් එය සනීපදායක විය. මම හිස එම අතට තද කොට මගේ මනසට නින්දට වැටීමට ඉඩ හැරියෙමි.

ඉන්පසු වරින් වර මම අවදි වුවද ඒ කිසිඳු අවස්ථාවක ඇඳෙන් නැගිටීමට නොහැකි තරම් වෙහෙසක් මා ආක්‍රමණය කර තිබිණි. මගේ මුළු සිරුරම ගල් වී ඇත්තාක් මෙන් මට දැනිණි.

මෙහන්සා තවමත් සාලයේ නිදිදැයි අවදි වූ එක්වරම මම මගේ එහා පස සිටි තැනැත්තාගෙන් විමසුවෙමි. ඔහු හෝ ඇය පැවසූ දෙය වටහා ගැනීමට මට නොහැකි වූයේ මගේ මනස ආක්‍රමණය කර තිබූ අධික වෙහෙස හේතුවෙනි. 

මම දෑස් විවර කර එක් වතාවක මට දැනුණේ මගේ වටා කාමරය කැරකෙන්නාක් මෙනි. මගේ කන අසලින් යමෙකු කොඳුරන්නාක් මෙන් මට දැනුණු හෙයින් මම අපහසුවෙන් අත ඔසවා හඬ ආ දිසාවට පහරක් එල්ල කළෙමි. නමුත් අත කිසිවක නොවැදිනි. මට මා වටා වන කිසිවක් වටහා ගැනීමට නොහැකි ආකාරයක් මට දැනිණි. 

ලෝකය මා වටා ගල්ව තිබිණි.

මා වෙහෙසට පත්ව සිටියෙමි.

වෙනදා මෙන් වෙහෙසට පත් මා අසලින් ගුලි වී නිදාගන්නා මෙහන්සා නැති අඩුව දැඩි වෙහෙසකර බව අතරේ වුවද මට දැනිණි. නමුදු ඇය සාලයේ නිදිය. මට ඇය අවදි කිරීමට නොහැකිය. ඇය අවදිව මා කරා පැමිණ 'අයියේ' යැයි පවසමින් මගේ කුසට තුරුළු වන තුරු මා ඉවසා සිටිය යුතුය.

එය අපහසු මුත් මට ඉවසීමට සිදුව ඇත.

ඇය මා හමුවට එනතෙක් මා ඉවසිය යුතුව තිබිණි.

_______________

2022-03-16

_කඳුළැලි_

********

අවසිහියෙන් ඉන්න පුද්ගලයෙක්ගේ මනස විස්තර කරන්න මම පුළුවන් උත්සාහය දුන්නා. සමහර හැඟීම්... බොඳ වෙන ඒවා... ඒ ගොඩක් දේවල් මට දැනුණු දේවල්...

මගේ ඒ උත්සාහය සාර්ථකද නැද්ද කියන එක තීරණය කරන්න ඕන කියවන ඔයාලා ඉතින්.

_සස්_

Continue Reading

You'll Also Like

39.9K 7.2K 22
ලෝකෙට කවුරු උනත් අශේල්ගෙ ලෝකෙදි එයා ආශු....ඒක අශේල් ආදරෙන් තියපු නම....හිතට අස්වැසිල්ලක් නිදහසක් අරන් ආපු ආශිර්වාදයක් විදිහට දකින හින්දා අශේල් එයාට ආ...
45.5K 7.7K 63
අසීමාන්තික අව්‍යාජ ප්‍රේමයක් වේද එය ලෞඛික නිවනක්ම වනු ඇත, එවන් ප්‍රේමයක් ලග කාලයද නවතිනු ඇත, එවන් ප්‍රේමයක් කාලයද පරදනු ඇත... Category :Bl, Gay love...
158K 22.8K 59
21+ අසබ්‍ය වචන හා mature content අඩංගුය.
76.3K 11.2K 23
အချိန်တွေနောက်ပြန်လှည့်လို့ရရင် ငါ မင်းကို နောက်တစ်ကြိမ် ပြန်ချစ်မိမှာလား....