Without me

By crazyarmygirls

8.6K 1.5K 1.4K

ලස්සනට ගලාගෙන ගියපු ජීවිත එක පාරටම විනාස කරපු කුණාටුවක්.. තමන්ගෙ ජීවිතේම තමන්ගෙ මල්ලි වෙනුවෙන් කැප වුණු ආදරණී... More

Broken 01
Broken 02
Broken 03
Broken 04
Broken 05
Broken 06
Broken 07
Boken 08
Broken 09
Broken 11
Broken 12
Broken 13
Broken 14
Broken 15
Broken 16
Broken 17
Broken 18
Broken 19
Broken 20
Broken 21
Broken 22
Broken 23
Broken 24
Broken 25
Broken 26
Broken 27
Broken 28
Broken 29
Broken 30
Broken 31
Broken 32
Broken 33
Broken 34
Broken 35
Broken 36
Broken 37
Broken 38
Broken 39
Broken 40

Broken 10

201 39 15
By crazyarmygirls


නූනා කිව්ව හින්දා මන් මෙච්චර කල් ඔම්මටයි අප්පටයි ඩිස්ටර්බ් නොකර හොද ළමෙක් වගේ හිටියනේ....තවත් බෑ නූනා.....අපි එයාලට කියමු...කෝ ෆෝන් එක....."

මගෙ පපුව හිල් වෙලා යන්න වගේ රිදෙනවා..ඇස් දෙකෙන් ඔහේ කදුළු ගාලාගෙන යනවා......මන් මොනාද දැන් මගෙ කූට කියන්නෙ.....ඔයාගෙ කෝල් එක ඔම්මටයි අප්පටයි ආන්සර් කරන්න බෑනෙ මගෙ කුකී පැටියෝ....තවත් හන්ගන් ඉදලා වැඩක් තියේද....අද බැයිනං කවදා හරි ඔයා එයාට ඇත්ත කියන්න ඕනෙ හේයොනා....ඔයා දැන් ශක්තිමත් වෙන්න.....මන් බැලුවෙ ෆෝන් එක අතේ තියන් ඔළුවත් කස කස ඔම්මගෙ නම්බර් එක මතක් කරන්න දගලන කුකී දිහා....එහෙට ඇවිදඇවිද මෙහෙට ඇවිදඇවිද කොච්චර මතක් කරලා නම්බර් එක ගැහුවත් ඒක ආන්සර් කරන්න ඔම්මවත් අප්පවත් නෑ කියලා මන් ඒ රෝස මල දිහා බලන් කියන්නෙ කොහොමද.....අමාරුවෙන් නැගිටලා කුකී ගාවට යන්න හැදුවත් මන් නැගිටිනවා දැක්ක කුකී මන් ගාවට දුවන් ආවෙ නූනාට නැගිටින්න හොද නෑ කිය කිය කෑ ගහන ගමන්....

"නූනා....ඔයා ඇදට වෙලා ඉන්න ඕනෙ නැගිටින්න එපා....නැගිට්ටොත් දෙන්නෙ ගුටි.."

"අහ්ම් අහ්ම්....මේ දරුවන්ගෙ භාරකාරයා කවුද...මට පුළුවන් ද එයාත් එක්ක ටිකක් කතා කරන්න......"

ඩොක්‍ටර් කෙනෙක් ඇවිල්ලා අහද්දි කුකී ෆෝන් එකත් අතේ තියන් කෝල් ගන්න ට්‍රයි කරනවා.....

"ආහ්....ඩොක්ටර් අන්කල්...මන් මේ ඔම්මට තමයි කෝල් කරන්නෙ.....පොඩ්ඩක් ඉන්නකෝ...නූනා ඔම්මා ආන්සර් කරන්නෙ නෑනේ.... එයාට වැඩ වැඩි ඇති.....කමක් නෑ ඩොක්ටර්...මන් තමයි නූනාගෙ ඔප්පා...මට පුලුවන් එයාව බලාගන්න ඔම්මයි අප්පයි එනකන් ඉතින් මන් තමයි එයාගෙ භාරකාරයා......"

අත් දෙකත් එහෙ මෙහෙ විසික් කර කර පැහිච්ච විදිහට කතා කරන මේ දගමල්ල දකිද්දි මට හිතුනෙම ඔම්මා දැන් හිටියනම් කියලා.....අනේ මගෙ චූටි කුකී දැන් ලොකු වෙලා....

"හරි හරි....කොහොමත් මේ පැහිච්ච චණ්ඩි කොල්ලානෙ ඉතින් නූනව බේරගත්තේ"

හිනා වෙවී කුකීගෙ ඔළුව අතගාපු ඩොක්ටර් ඊළගට මන් දිහා බලලා මුමුනපු දේ තේරිච්ච ගමන් මගෙ ඔලුව පහලට බර උනා.....මන් හිතන්නෙ එයාට ඒක තේරෙන්න ඇති......

"හරි දැන් මේ චණ්ඩි කොල්ලා චූට්ටකට එලියට යන්නකො ඩොක්ටර් අන්කල්ට නූනාත් එක්ක කතා කරන්න......."

එහෙම කිව්ව ගමන් ඉක්මනට ඔලුව හොල්ලපු කුකී රූම් එකෙන් එළියට ගියේ මාවයි ඩොක්ටවයි විතරක් රූම් එකේ ඉතුරු කරලා.....

"මේ ළමයා ගොඩක් ශක්තිමත්.....ඔයාට මොනා හරි අමාරුවක් දැනෙනෙවද"

මට හිනා ගියා.....ඔම්මයි අප්පයි මාව කුකී එක්ක තනි කරලා දාලා ගියාට පස්සෙ අද වෙනකන් මට අමාරුවක් නොදැනුන දවසක් මට මතක් කරන්න පුළුවන්ද.....

"මන්...මන් දන්නෙ නෑ ඩොක්ටර්"

"හරි ඒකට කමක් නෑ දරුවෝ...මේ තියන්නෙ ඔයාගෙ මෙඩිකල් රිපෝට් එක....මේක පරිස්සමට බලන්න හොදද....මන් දැන් යන්න ඕනේ....ඔයාගෙ අතේ බෝන්ස් වලට ඩැමේජ් වෙලා...ඒ වගේම තව පිටින් තියන තුවාල වලටත් අපි ට්‍රීට්මන්ට්ස් කරලා තියන්නෙ...."

හිනා වෙලා මගෙ ඔලුව අත ගන ගමන් ඒ ටික කියපු ඩොක්ටර් රූම් එකෙන් එළියට ගියේ මගෙ අතට රිපෝට් එකත් දෙන ගමන්...රිපෝට් එකේ තියන දේ දන්නවා උනත් ඒ දේ තහවුරු කරගන්න තිබ්බ උවමනාවට මන් රිපෝට් එක දිග ඇරලා බැලුවා.......රිපෝට් එකේ පල්ලෙහා කෙළවරට වෙන්න ඒ දේ සදහන් වෙලා තිබ්බා....

"No sexual harassment"

මගෙ තොල් අග්ගිස්සෙන් ඒ වචන ටික පිට උනා.......ඔව් මන් හොදින්....දැන් ඒක තහවුරුයි....මන් දැන් අඩන්නද හිනාවෙන්නද ඕනේ කියලවත් මට තේරෙන්නෙ නෑ.....

"නෑ....අන්ද්වේ..ඔයාලා බොරු කියන්නෙ...එහෙම නෑ........."

මට ඇහුනෙ එළියෙ කවුරුහරි කෑ ගහන සද්දයක්....ඒත් එක්කම මන් හිටිය රූම් එකේ දොර ඇරුනේ අඩ අඩ දුවගෙන ආපු කුකී මගෙ තුරුලෙ නතර වෙද්දි.....

"කුකී මැණික......මොකද උ-...

"නූනා...ඔම්මයි අ-අප්පයි..... අ..අපිව දා..ලා ගි..ගිහිල්ලා නෑ.... නේද....එයාලා ගියේ ඇ..ඇමරිකානේ.....මේ පොලිස් අන්කල්ලට පිස්සු නූ...නා...එ....එයාලා කි-කියනවා.....ඔ-ඔම්මයි... අප්පයි අපි ගා...වට එ..එන්න බැරි ත්තරන්....දු දුර ගිහිල්ලූ...."

මාව ගොළු උනා......මන් මොකද්ද දැන් කරන්න ඕනේ.....මන් මොකද්ද දෙයියනේ දැන් කුකීට කියන්නේ......මේ දවස එන්න එපා කියලා මන් කොච්චර නම් දෙයියන්ගෙන් ඉල්ලුවද......මට මෙච්චර වේදනා විදින්න තරම් මන් මොකද්ද දෙයියනේ කරලා තියන පව....ඔම්මා,අප්පා....මන් දැන් මොනාද කුකීට කියන්න ඕනේ.....මගෙ පපුව රිදෙනවා.....මේ හැමදේම දරාගන්න තරන් මගෙ හිත හයියද දෙයියනේ....

"නූ....නා දැම්ම ගන්නකො ඔ-ඔම්මට කෝල් එකක්.......අපි මේ අන්කල්ලට පෙන්නමු ඔම්මයි අප්පයි ඇමරිකාවල හොදින් ඉන්....නවා කි..කියලා.....

නූනා....කෝ..නූ....නගෙ පෝන් එක.....ආ මේ තියන්නෙ.....මන් ගන්නම්කො කෝල් එ...එකක්.....නූනා බය වෙන්න එ...එපා..."

අනේ මගෙ කුකී පැටියෝ......ඔයා ගන්න කෝල් ඔම්මටයි අප්පටයි ආන්සර් කරන්න බෑ මගෙ පන.....මන් කො..කොහොමද ඒක ඔයාට කියන්නෙ කුකී...මන් අසරණයි පන....ගොඩාක් අසරණයි....අනේ ඔය කරන වැඩේ දැන්වත් නතර කරන්නකො කුකී.... කුකී පෝන් එකත් කනේ තියාගෙන එහෙට මෙහෙට ඇවිදිනවා.....ඒ ඇස්වල කදුළු පිරිලා කම්මුල් දිගේ පහළට ගලාගෙන යනවා....මන් මොකද කරන්නෙ කුකී....

"ඔම්මා ගන්නකො කෝල් එක....නැත්තන් මේ අන්කල්ලා මට හිනා වෙයි.....අප්පා...කෝ ඔයා.....කුකී බයවෙලා...... නූ...නා... කතාකරන්නකෝ

ඇයි.... ඔම්මයි අ..අප්පයි කතා කරන්නෙ නැත්තෙ...ඒ ගොල්ලො හො..හොදින් නේද....මට කියන්නකො නූනා....ඔයාවත් කතා කරන්නකො නූනෝ"

කුකී මගෙ උරහිස් දෙක තද කරගෙන හොලෝ හොලෝ මගෙන් අහන ප්‍රශ්න වලට දෙන්න උත්තරයක් මන් ගාව නෑ...මන් ගොළු වෙලා......කුකී මාව බදාගෙන කියෝනවා ඒ කදුළු වලින් මගෙ පපුව තෙමෙනවා...ඊට වඩා වේදනාවකින් මගෙ හදවත රිදෙනවා.....මගෙ හදවත කඩාගෙන වැටෙන්න වගේ......මන් කුකීව තද කරලා බදාගෙන කෑ ගහලා අඩන්න පටන් ගත්තා.....පුළුවන් තරන් කුකීව මගේ ඇගට තද කරන් මන් කෑ ගහද්දි කුකී කලබල උනා......

"නූ......නා... වේ........උල්ජිමා......මේ මිනිස්සු කියන ඒවා අහන්න එපා.....කෝ ඉතින්.....කු..කී කියන... දේ....

අ..අහන්නකෝ...."

"මැණික මියානේ.......නූනාකා මියානේ......ඔම්මයි අ....අප්පයි..."

"අනී....අන්ද්වේ....නූ...නා බො...බොරු කි..යන්නෙ......දන්නවනේ ලස්සන ළමයි බො...බොරු කිව්වම කැ..කැත වෙනවා කියලා.....මේ...මේකද නූනා ඔම්මයි,අප්පයි මට දෙ..දෙනව කිව්ව...සප්‍රයිස් එ..එක නූනා....අනේ ඒ හැ...හැමදේම බොරු කියන්නකෝ......චෙබාල්.."

කුකී මාව බදා ගෙන අඩන්න පටන් ගත්තා....මට දැන් අඩන්න කියලා කදුළු නෑ......මන් කුකී අඩලා ඉවරවෙනකන් එයාගෙ ඔළුව අත ගෑවා.....මියානේ ඔම්මා,මියානෙ අප්පා කුකීට ඔයාලා ගැන කියන්න මෙච්චර කල් ගත්තට...ටික වෙලාවක් යද්දි කුකීගෙ සද්දෙ නැවතුනාම මන් කොල්ලා දිහා බලද්දි අඩ අඩම මහන්සියට නින්ද ගිහිල්ලා....පව් මගෙ චූටි කොල්ලා....කවුරු නැතත් ඔයාට මේ නූනා ඉන්නවා කුකී....මන් ඔයාව පරිස්සම් කරනවා....

දවස් දෙකක් යනකන් මන් හොස්පිට්ල් එකේ හිටියා...ඒ වගේම මගෙ මාමා කියන ජරා මිනිහව මන් අවුරුදු හතරකට හිරේ යැව්වා..මට පුළුවන්නම් මන් ඒ තිරිසනාව ජීවිත කාලෙටම හිරේ අරිනවා....ඒත් මන් වගේ කාළකණ්ණි කෙල්ලෙක් කොහොමද නීතියට පිටින් යන්නෙ....

මාමාව හිරේ ඇරපු දවසෙ මන් කුකීවත් එක්කන් ගමනක් ආවා.....ඒ වෙන කොහෙවත් නෙමෙයි ඔම්මයි අප්පයි ළගට........ඔම්මා.....ඔන්න මන් පොරොන්දු වෙච්ච විදිහට කුකීව ඔයාලා බලන්න එක්කන් ආවා....ඔම්මටයි අප්පටයි සතුටුයි නේද දැන්.........බලන්නකො ඔම්මා ඔයා අන්තිම පාරට දැක්කට වඩා අපේ කුකී ගොඩක් ලොකු වෙලා නෙද.....බය වෙන්න එපා ඔම්මා...හේයොන් කොහොම හරි කුකීව බලාගන්නවා....එදා කුකී අඩපු තරම්.....මන් ජීවිතේ කවදාවත් කුකී එච්චර අඩනවා දැකලා තිබුනෙ නෑ...එදා හරියට මන් වගේ අද කුකී අඩනවා.......ඇති තරන් අඩන්න කුකී...ආයි නූනා ඔය ඇස් වලට කදුළු දෙන්නෙ නෑ.....පැය ගාණක් අපි දෙන්නා එතන්ට වෙලා ඇඩුවා....අන්තිමට මන් කුකීගෙ අතින් අල්ලන් නැගිට්ටා.....

"දැන් ඇති කුකී.....උල්ජිමා....නූනා ඔයත් එක්ක ඉන්නවා.....ඉස්සරහට මොන දේ උනත් නූනා ඔයාව ආරක්ෂා කරනවා....

ඒ හින්දා ඔයා තනිවෙලා කියලා හිතන්න එපා කුකී අරස්සෝ...."

කුකීගෙ අතින් අල්ලගෙන මන් ගෙදර ගියා.....දැන් අපිට කියලා ඉතුරු ඒ ගේ විතරයි....මන් ගෙදර එද්දි ගෙදරට පොලිසියෙන් ඇවිල්ලා හිටියා.....තව black colour කිට් එකක් ඇදපු අජුම්මා කෙනෙකුත් එයාලත් එක්ක හිටියා....

"කොහොමද ළමයිනේ"

.

.

.

~By crazyarmygils~

________________________________

Vote & comment pls

To be continued~

Continue Reading

You'll Also Like

12.7K 1.5K 67
ဖတ်ကြည့်နော်🥰🥰
152K 7.1K 15
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။
232K 22.9K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...
36.7K 5.5K 37
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...