DOCTOR MAFIA ♠️🎯 || PJM [...

By JinNu97

47.1K 10.7K 3.4K

🚫සල්ලී බලයට ජීවිත වල වටිනාකම තුට්ටු දෙකට වැටුන කතාවක්.. ♠️ 🚫ආදරය ලග සල්ලී වල වටිනාකමක් නැති වුන කතාවක් 💔 ... More

CHAPTER 1 ♠️
CHAPTER 2 ♠️
CHAPTER 3 ♠️
CHAPTER 4 ♠️
CHAPTER 5 ♠️
CHAPTER 6 ♠️
CHAPTER 7 ♠️
CHAPTER 8 ♠️
CHAPTER 9 ♠️
CHAPTER 10 ♠️
CHAPTER 11 ♠️
CHAPTER 12 ♠️
CHAPTER 13 ♠️
CHAPTER 14 ♠️
CHAPTER 15 ♠️🚫
CHAPTER 16 ♠️
CHAPTER 17 ♠️
CHAPTER 18 ♠️
CHAPTER 19 ♠️
CHAPTER 20 Pt 1 ♠️
CHAPTER 20 Pt 2 ♠️
CHAPTER 21 ♠️
CHAPTER 22 ♠️
CHAPTER 23 ♠️
FINAL CHAPTER Pt 2 ♠️
POSTSCRIPT ♠️ & AUTHOR NOTE

FINAL CHAPTER Pt 1♠️

1.1K 346 61
By JinNu97

©උපදිනා මතු හැම භවේ....
මං ඉන්නවා ඔබගේ
පපු තුරුලේ උණුහුම වෙලා... 🥀

~~~~~~~~~~~~~~~~~~~~~~


අවසන් දිගහැරුම...


තමන් ගැන ඕනාවටත් වඩා විශ්වාසෙන් ඉන්න මිනිස්සුන්ට තමන්ගේ විනාශේ සිද්ද වෙන්නේ නොහිතන විදිහට... ඒ අපි අනිත් අය ගැන අඩුතක්සේරුවෙන් හිතන නිසා.. මං මෙහෙම කිව්වොත්.. අපි ගැන හොදින් දන්න මිනිස්සු අපේ දුර්වල තැන් හදුනන් ඒ දේවල් වලටම පහර දෙනවනම්... අපි කොච්චර අපි ගැන ඕනාවට වඩා හිතුවත් වැඩක් වෙනවද ?... ජීවිතේ එහෙමයි.. අපිට කරදර එන්නේ අපි නොහිතන විදිහට...



ජිමින්ගේ ජීවිතේට සිද්ද වුනෙත් ඒ වගේ කීයටවත් නොහිතන විදිහේ සිදුවීම්....

සමහරවිට අපිට අපි ගැන තියෙන ආත්ම විශ්වාසයම විනාශය වෙත අරගෙන යන්න ඉඩ තියෙනවා... එහෙම නේද ?...

" ඕකව ගැට ගහපන්.. මූ කරපු දේවල් වලට අද මං පළිය ගන්නවා.... "

" ආආඅ.......හ්හ්..... "

" එපා.... එපා ජිමින්ව අතාරින්න...."

" කටවහපන් උඹ මං වෙනුවන් විතරයි කෑගහන්න ඕන..."


ලේ විලක් මැද වැටිලා හිටිය ජිමින්ගේ බොද වුන ඇස් වලින් , වර්නන්ගේ අත් වලට මැදි වුන  සෝයොන් දිහාත් හ්‍යුන්ජින් ලග ගැට ගහලා ඉන්න ජියා දිහාත් අසරණ විදිහට බලන් හිටියේ බලාපොරොත්තු රහිත  හැගීමකින්.....

" මේකද අවසානය..... ?"

.
.
.
.
.

---------------------------------------------------

මිනිත්තු කිහිපයකට පෙර......


Jimin Pov...



හිත හරිම නොසන්සුන් ... ඔලුව ඇතුලේ ගිණි ජාලයක් වගේ.. කරන්න ඕන මොනාද , නොකරන්න ඕන මොනාද කියලා හරිහමන් විදිහට බේරුමක් කර ගන්න මට බැහෑ.ඒ මගේ හිත නොසන්සුන් නිසා වෙන්න ඇති... එක පැත්තකින් ජිබ්බ්‍රා මාව දාලා සදහටම යන්න ගිහින්, තවත් පැත්තකින් ජියා අණතුරේ... ඒ හැමදේටම වඩා මගේ පන, මගේ ආදරේ අණතුරේ...


ජන්ග්කුක් දුන්න වොච් එකත් බැදගෙන මං පුලුවන් තරම් ඉක්මනට වර්නන් එව්ව ලොකේශන් එකට ගියේ එතන තත්වේ මට පාලනය කර ගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්.. එතන සෝයොන් නොහිටින්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්... එන මග දිගට සෝයොන්ට කෝල් ගන්න උත්සහා කලත් ඒකෙන් වැඩක් වුනේ නැහෑ... සෝයොන්ගේ ආරක්ෂාවට දාලා තිබ්බ ගැන්ග් එකේ අයගේ ෆෝන් වලට ගත්තත් වැඩක් වුනේ නැහෑ. එකේන් මගේ හිතේ තියෙන බය තව තව වැඩි වෙන්න ගත්තා..


" මූ කොහොමද මෙච්චර දෙයක් කලේ ? "


මගේ හිත ඇහුවෙම ඒ දේ.... වර්නන් කියනේ මාෆියා කාරයෙක් වුනත් ඌත් වුගේ අප්පා වගේම කිසිම වැඩකට නැති එකෙක්.. එහෙම වෙලත් මෙහෙම දෙයක් සිද්ද වුන එක මට හිතා ගන්න බැරි වුනා.... ඇත්ත.. වෙලාවකට මං නිසයි මේ හැමදේම.... සල්ලි පස්සේ ගියා මිසක් මට මගේ අයව ආරක්ෂා කර ගන්න උවමනා වුනේ නැහෑ.... ආයේම අතීතෙට යන්න පුලුවන් වුනානම් මං කීයවත් සෝයොන්ව මගෙන් ඈත් කරන් නෑ.... සෝයොන්ව මෙහේ තනි කරලා දාලා කීයවත් සිවිස් යන් නැහෑ....

වර්නන්ගේ ලොකේශන් එක වැටිලා තිබ්බේ ඉන්චොන් වල තිබ්බ පාලුම පැත්තකට.. එහේ තාම සංවර්ධනය කරන්න තිබ්බ පැත්තක්.... මිනිස් පුලුටක්වත් හොයා ගන්න බැරි තරම් පාලු මූසල පැත්තක්....

" චම්කාන් ... මේ පාර.... ඔව් මේ ඒ පාර.. එදා අරූව බය කරන්න හිතන් කාර් එක අරන් ගිය පාර  .... ඌ එහෙනම් මේ පැත්තේ කරක් ගැහුවේ මෙකටද ?... මූ මගෙන් බේරිලා යන හැම පාරම හැංගිලා ඉන්න ඇත්තේ මෙතන එහෙනම්... වාහ්හ්හ් ....වර්නන් ..වහ් ... මටයි වැරදුනේ. උඹ පොඩි එකෙක් කියලා හිතුවට උඹ මේක කාලයක් තිස්සේ හොදට ප්ලෑන් කරලා කරපු දෙයක්...."

කාර් එකේ වේගේ උපරිම වැඩි වෙද්දී , පාරේ දූවිල්ල කැපීගෙන යන තරම් වේගෙකින් මං එතනට ගියේ හැමදේම විනාශ කරලා දානවා කියලා හිතන්.. මේ දේවල් ඇති.. තවත් මේ වගේ උන් නිසා මං විදවන්න ඕන නෑ... අද මං මේ සෙල්ලම දිනනවා....

" ජිමිනා.. අපේ ගැන්ග් එකේ එහෙන් පිටත් වුනා.. උඹ බය නොවී පලයන් අපි වෙලාවට එතනට එනවා...."


මග දිගටත් කෝල් එකේ හිටිය ජන්ග්කුක් කිව්වේ එහෙම...මගේ හිතට ශක්තියක් ආවා ..පොඩි බලාපොරොත්තුවක් ආවා... අද මට මේ හැමදේම ඉවරක් කරලා සැනසීමේ ඉන්න ලැබෙයි කියලා.... ඒත් හිත ඇතුලෙන් දැනුන නරක හැගීම තවම මට වද දෙනවා....

පැය භාගයක් යන්න කලින් මං ඌ එව්ව ලොකේශන් එකට ආවා.. එතන පරණ ගල් වලක්.... එක ගහක්වත් නොතිබ්බ ඒ තැන අව්වටම කර වෙලා ගිහින්..... කාර් එක ප්ලේස් එක ඇතුලට දාලා ගන් එකත් ඉණ පිටිපස්සේ රදව ගත්ත මං කාර් එකෙන් බැස්සේ  කලු ඇද ගත්ත මිනිස්සු කිහිප දෙනෙක් කර් එක දිහාවට එනවා මං දැක්ක නිසයි....

කාර් එකෙන් බහිනවත් එක්කම ෆෝන් එකට ආව කෝල් එකත් එක්ක මගේ ඉස්සරහාට ආව අයගෙන් කෙනෙක් ඔලුවෙන් සන් කරලා මට කෝල් එක ආන්සර් කරන්න කිව්වා... ඌ කිව්ව දේ ඒ විදිහටම කරන්න මං බැදිලා නොහිටියත් අවස්ථාවට අනුව ඒ දේ කරන්න ඕන නිසා ටික වෙලාවක් අරන්ම මං කෝල් එක ආන්සර් කලේ ඕනාවට එපාවට....

📱 : තමුන්ගේ ගන් එක , අනිත් හැම දෙයක්ම ඔතන ඉන්න කෙනාට දෙනවා....


ඌ කිව්වේ එච්චරයි.... මං කතා කරන්නත් කලින් මගේ ඉස්සරහා හිටිය එකා ෆෝන් එක ඇදලා ගත්තා... පස්සේ බලා ගන්නම් වගේ බැල්මක් මං ඌට දාද්දී ඌ මගේ දිහා බැලුවේ නෝන්ඩි හිනාවක් එක්කයි... එතනින් පස්සේ මාව කකුල් වල ඉදන්ම චෙක් කරලා මගේ ගන් එක  , ෆෝන් එක , ජන්ග්කුක් දුන්න වොච් එක ඒ හැමදේම අරන් ඒ අය මාව ඉස්සර කරන් ප්ලේස් එකේ ටිකක් ඇතුලට වෙන්න ගියේ උන්ගේ ගන් මගේ පැත්තට දික් කරන්මයි..

වටේම තිබ්බේ ලොකු කල් ගල් තලාවක් ... ගල් තලාව උඩ වගේම බිමත් වර්නන්ගේ මිනිස්සු ගන් අතේ තියන් බලාගෙන හිටියා ... තද අව්ව නිසා ඈතින් තියෙන දේවල් හරි හැටි නොපෙනුනත් ගල් තලාව ඇතුලෙන් ගුහාවක් වගේ දෙයක් තියෙන බවනම් මට හොදටම පෙනුනා.... මගේ පිටිපස්සෙන් හිටිය කට්ටියගේ කෙනෙක්ට කවුරු හරි අණ දෙනවා කියලා තෙරුණේ ඒ මිනිහා සැරින් සැරේ කණේ තිබ්බ ear bud එකට අත තියන විදිහෙනුයි... ඒ එක්කම ඒ මින්හා ඔලුවෙන් සන් කල ගමන් එතන හිටිය දෙන්නෙක් මට හෙල්ලෙන්න බැරි වෙන්න මගේ අත් පිටිපස්සට කරලා අල්ල ගත්තා....

" අතෑරපන් යකො... "

" ඔහොම ඉන්නවා.. වැඩිය දගලන්න හැදුවොත් ඔලුව කුඩු වෙන්නම තියනවා  ..."

" ආආආෂ්ෂ්ෂ් ශීබල්...."

ඒ මිනිහා කිව්වේමගේ ඔලුවට ගන් එක තියලා තද කරන ගමන්....

" ඔහ් මෙන්න අපේ වීරයා ඇවිත් ..."


ඈතින් ඇහුන කටහඩ එක්ක මුලු පැත්තම දෝංකාර දෙන්න ගද්දී ඒ මං ඒ පැත්ත බැලුවේ ඔලුව දිගේ බේරුණ දහඩිය බිංදු ඇහි බැම උඩින් බේරෙද්දියි....  මූණවල් පැහැදිලි නොවුනත් ඒ ඉන්නේ වර්නන් වගේම හ්‍යුන්ජින් කියලත් මට අදුර ගන්න අමාරු වුනේ නැහෑ.... ඒ එක්කම එතන ජියාත් හිටියා.. කෙල්ල හිටියේ ලණු වලින් බැදලා දාලා... ඒ කට්ටියම ආවේ එතන තිබ්බ ගුහාව ඇතුලෙන්.... වර්නන්  ඉස්සරහායින් එද්දී හ්‍යුන්ජින් ජියාව අත් වලට මැදි කරන් පිටිපස්සෙන් ආවා... ඊටත් පිටිපස්සෙන් තව වර්නන්ගේ අය දෙතුන් දෙනෙක් එද්දි මං ඒ දිහා බලලා කට කොණකින් හිනා වුනේ මේ හැමදේම තව ටිකකින් ඉවරයි කියලා මතක් වුන නිසයි.....

" ජිමිනී.... "


මාව දැක්ක ගමන් ජියා මගේ ලගට දුවගෙන එන්න හැදුවත් හ්‍යුන්ජින් කෙල්ලව ඇදලා අරන් තවත් හිර කරලා අල්ල ගත්තා....මගේ අත් තරහටම දරඩදඩු වුනත් මාව අල්ලන් හිටිය වුන්ගෙන් ගැනවෙන්න මට උවමනා වුනේ නැහෑ... මට ඕන්නම් තිබ්බා එක පාරින්ම මුන්ව ඉවරක් කරන්න.. ඒත් ඒකෙන් වෙන්නේ ජියාට අණතුරක් වෙන එක.. ඒ වගේම මං දන් නෑ මේ වෙලාවේ සෝයොන් කොහෙද ඉන්නේ කියලවත්... අඩුම මං වර්නන්ගේ ප්ලෑන් එකවත් දැනන් හිටියේ නැහෑ... ඒ නිසා තව කලබල කරලා මේ දේවල් අවුල් කරන්න මට බැහෑ.... ඒ නිසාම මං ඉවසුවා.....

" ඉතින් ඩොක්ටර් ...කොහොමද  ? හුග දවසකින්...."


වර්නන් කතා කලේ කට අග තිබ්බ තුවාලයක් අතින් අල්ලන ගමන්... ඒ තුවාලේ අදුර ගන්න මට අමාරු වුනේ නැහෑ.. ඒ ඔක්කොම මගේ හපන්කම්.. මගේ අත් වලින් වැදුන පාරල් වලට මූණේ ආව කැළැල් තවමත් උගේ මූණේ තිබුණා... සමහර තුවාල තවම හරියට වේලිලාවත් නැහෑ.... 

" ජිමිනී... අනේ මාව බේර ගන්න...අහ්...".

" ඔහොම ඉදපන් දගලන් නැතුව..."

ජියා මගේ ලගට එන්න උත්සහා කලත් ඒ හැම වෙලේම වුනේ ජියාට  තව වේදනාව වැඩි වෙන එක විතරයි....

Pov End


" ජියාව අතෑරපන් ... මේ ප්‍රශ්නේ තියෙන්නේ උඹයි මායි අතරේ. වෙන අයව මේකට ඇදලා ගන්න අවශ්‍ය නැහෑ... මං මේක කියන්නේ උඹේම හොදට...."


ජිමින් කෑගහලා කිව්වත් වර්නන් කලේ වියරුවෙන් වගේ මහා හයියෙන් හිනා වුන එක... ඒ හිනාවෙන් මුලු පළාතම ආයේ දොංකාර දෙන්න ගත්තා  ....

" උඹ මොනවද හිතුවේ.... මං නිකන් මේ සෙල්ලම ඉවරයක් කරයි කියලද.... ඕකිව ගෙනෙන්..."

වර්නන් ජිමින් දිහා බලලා හිනා වෙලා ආයෙම වියරු වැටුන මූණකින් පිටිපස්සේ හිටිය කෙනෙක්ට අතින් සන් කලේ කපටි හිනාවක් කට කොණක රදවන්.... වර්නන්ගේ අණත් එක්කම ඒ කෙනා වර්නන්ගේ ගැන්ග් එකේම කට්ටියකගේ පිටිපස්සෙන් හිටිය කෙනෙක්ව ඇදගෙන එද්දී ජිමින්ගේ ඇස් වලට කදුලු උනන්න වැඩි වෙලා ගියේ නැහෑ.....

" සෝ.....සෝයොන් ....යහ්හ්හ් කේශික්‍යා .. උඹ මොනවද කරන්න හදන්නේ අහ් ... කියපන්.... "


ජිමින් තමන්ව අල්ලන් හිටිය අයගෙන් බෙරිලා සෝයොන් ලගට එන්න හැදුවත් ඒකට ඉඩක් ලැබුණේ නැහෑ.... ජිමින්ගේ ඇස් දිගටම තිබ්බේ සෝයොන් ලග... කෙල්ල හිටියේ අත් බැදලා දාලා..... කෙල්ලට කතා කර ගන්න උවමනා වුනත් මොකද්දෝ හේතුවකට සෝයොන් ගොලු වෙලා... තොල් අග පැලිලා තිබ්බ  ලේ පැල්ලමත් එක්ක කියන්න පුලුවන් කෙල්ලට කවුරු හරි ගහලා කියන එක .. ඒ ඇස් රතු වෙලා.. කම්මුල් වල තවම අලුත් වුනම කදුලු පාරවල් වලින් පෙගිලා ගිහින්...


" චිමී චේබල්.. එපා...."


සෝයොන් යන්තමින් සිහින් හඩකින් එහෙම මිමිණුවේ ජිමින් හැසිරෙන්න විදිහෙන් ජිමින්ටම කරදරයක් වෙයි කියන බයයෙන්... තමන්ගේ ආදරේ දිහා බලන් වේදනාවෙන් කෑගහන කොල්ලාට මෙච්චර වෙලා තිබ්බ ඉවසුම තවත් නැතුව ගිහින්... කොහොම ඉවසන්නද.... තමන්ගේ ආදරේ මේ විදිහට දකිද්දී...ඒ පපුව වේගෙන් ගැහෙනවා.. රිදුම් දෙනවා... ඒත් ඉවසනවා.. ඒ මේ හැමදේම සතුටු අවසානයක් දකින්න්...


තමන්ව අල්ලන් හිටිය එකා දෙන්නව ජිමින් සැර පාරවල් වලින් බිම හෙලද්දී වර්නන් ඒ දිහා කපටි හිනාවක් මුව අග රදවන් බලාගෙන හිටියා.... ඒත් වැඩි වෙලා ජිමින්ට එහෙම තමන්ගේ හපන් කම් පෙන්වන්න ලැබුණේ නැහෑ....ජිමින් එක මිනිහෙක් එක්ක පොර බදද්දී තව කෙනෙක් තමන්ගේ අතේ තිබ්බ ගන් එකේ මිටෙන් සැර පාරක් ජිමින්ගේ ඔලුවට එල්ල කරද්දී ජිමින් වේදනාවෙන් බිම ඇදගෙන වැටුනේ ඔලුව පැලිලා ආව ලේ වලින් ඒ වැළි පොළව තෙත් කර ගමන්.... ජිමින්ගේ දුර්වල වීමත් එක්ක බිම වැටිලා හිටිය අය නැගිටලා ඇවිත් ජිමින්ට පාරවල් පිට පරවල් එල්ල කරද්දී ජිමින්ගේ ඇස් දිගටම තිබ්බේ සෝයොන් ලග..



ජිමින්ගේ මූණ දිගේ බේරුණ ලේ වලට වැලි කැට ඇලිලා ගිහින් තිබ්බා....අමාරුවෙන් වැටෙන හුස්ම වලින් බිම දූවිල්ල ඇවිස්සෙද්දී , ඇස් ලේ වලින් පිරෙද්දී පවා ඒ ඇස් තිබුණේ තමන්ගේ ආදරේ ලග.....


" එපා ඕක නවත්තන්න...චේබාල්.. මං ඕන දෙයක් කරන්නම්.. ජිමින්ට කරදර කරන්න එපා..."


සෝයොන් වැද වැටුනා... වර්නන්ගේ කකුල අල්ලන් වැද වැටුනා... උගුර ලේ රහා වෙනකම් අඩා වැටුනා. ඒත් ඒ අනුකම්පාවක් නැති වෛරයෙන් පිරුණ හිතට ඒ ගැන ගාණක් නොවුන තරම්.. කෙල්ල තමන්ගේ කකුල ලග වැද වැටෙද්දී පවා ඒ ඇස් තිබ්බේ බිම වැටිලා ගුටි කල ජිමින් ලග. ඒ ඇස් දිළිසෙනවා... සතුට වැඩි කමටම දිළිසෙනවා....


" තමුසෙගේ දුර්වලකම සෝයොන් ජිමින් .. ඒත් මං හිතුවේ නැහෑ තමුසේ ජියා වෙනුවෙන් දුවගෙන එයි කියලා.. ආ හරිනේ.. තමුසෙට සල්ලි එපැයි.. ඒකට තමුසෙට ජියාව ඕන.... "


වර්නන් තව තවත් වියරුවෙන් කතා කලා.. ඒ හිතේ අංශුමාත්‍රෙක තරම්වත් අනුකම්පාවක් ගෑවිලාවත් නොතිබ්බ තරම්.....

" ඕකව ගැට ගහපන්.. මූ කරපු දේවල් වලට අද මං පළිය ගන්නවා.... "

" ආආඅ.......හ්හ්..... "

" එපා.... එපා ජිමින්ව අතාරින්න...."

" කටවහපන් උඹ මං වෙනුවන් විතරයි කෑගහන්න ඕන..."



වර්නන් තමන්ගේ මිනිස්සුන්ට අණ කරද්දී සෝයොන් තවත් වර්නන්ගේ කකුලේ එල්ලිලා වැද වැටුනා.. ඒත් ඒකෙන් වුනේ වර්නන්ගේ තරහා තව වැඩි වුන එක.... තමන්ගේ කකුලේ එල්ලිලා හිටිය කෙල්ලව කොණ්ඩෙන්ම අල්ලලා උඩට උස්සලා අරන් කට දෙපැත්තෙන් තද කරලා අල්ලන් වර්නන් තව හයියෙන් කෑගහන්න ගත්තා......


වර්නන්ගේ අණට ගැන්ග් එකේ අය බිම වැටිලා හිටිය ජිමින්ව නැගිට්ටලා ලණු වලින් බදින්න ගද්දී අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත ජිමින් ආයෙත් අත් වල හිරි ඇරලා එකා දෙන්නව බිම දාන්න ගත්තේ ඇහිපිය ගහන තරම් ඉක්මනින්.....


" මැරියන්... ශෙක්‍යා ...."


තමන්ට කලින් ඔලුවට ගැහුව එකාව බිම දාලා උගේ ඔලුවම පාගගෙන ජිමින් වියරුවෙන් කෑගැහුවා.... තව වෙලා ගියොත් ජිමින් මේ හැමදේම ඉවරයක් කරනවා කියලා දැනුන නිසාම වර්නන් සෝයොන්ව තමන්ගේ අත් වලට හිර කරන් හොදම තුරුම්පුව දැම්මේ ජිමින් කීයවත් නොහිතුව විදිහටයි...


" උඹ මොනවද හිතුවේ ?..වයිෆ්වත් තියන් තව කෙල්ලෙකුත් තියන් ජීවත් වෙන්නද ?.. උබ හිතන කිසි දෙයක් වෙන්න මං ඉඩ තියන් නෑ .. උඹ මහා මෝඩයෙක් පාර්ක් ජිමින්... උඹ මෝඩයෙක්.... "


" වර්නන්... සෝයොන්ව අතෑරපන් .. උඹට මං හොදින් කියන්නේ  . කෙල්ලව අතෑරපන්.. "

" චිමී..."

" මැණික.. ඉවසන්න... මං.. මං ඔයාට මුකුත් වෙන්න දෙන් නෑ.... ව...ර්නන්....අන්දෙව්ව්ව්ව්ව්ව් ..අන්දේව්... ඕක..ඕක කරන්න එපා.....
.
.
.
.
.
.
.

අන්දෙව්ව්ව්ව්ව්ව් ........... "




වර්නන් හැම වෙලේම හිටියේ ජිමින් හිතනවටත් වඩා අඩියක් ඉස්සරහායින්... ජිමින් කීයටවත් නොහිතුව විදිහට වර්නන් තමන්ගේ සක්කුවේ තිබ්බ සිලින්ජරයක් අතට ගත්දී ජිමින් එතනට යන්නත් කලින් වර්නන් ඒ සිලින්ජරේ ඇතුලේ තිබුන දේ සෝයොන්ගේ බෙල්ලට ඉන්ජෙක්ට් කලා...


සිලින්ජරය ඇතුලේ තිබ්බේ කොකේන්... ඒකත් අධීමාත්‍රාවක්... ඩ්‍රග් එකේ සැරට සෝයොන්ගේ ඇස් ටික ටික  පිය වෙද්දී ඒ අසරණ ඇස් දිගටම තිබ්බේ ජිමින් ලග...

" මැ....ණික..."

ඉකිගහලා අඩන්න ඕන වුනත් ඒ හිතට අඩන්න අවසර නැහෑ... හිත දුර්වල කරන් හැමදේම විනාශ කර ගන්න උවමනා නැහෑ.... ඒත් දැන් සෙල්ලමම අනිත් පැත්ත හැරිලා... වර්නන් හදන්නේ හැමදේම විනාශ කරන්න.... ඒත් ඒකට ඉඩ දෙන්න ජිමින්ට ඕන වුනේ නැහෑ... සෝයොන් අඩ සිහියෙන් වර්නන්ගේ අත් වලට හිර වෙලා ඉද්දී ජිමින් තමන් ඉස්සරහාට ආව එකා දෙන්න බිම දාන්න ගත්තා.....  තමන් ලග හිටිය අන්තිම එකාවත් තමන්ගේ අතකින් බෙල්ල හිර කරන් හිටිය ජිමින් හිටියේ ඒ මිනිහගේ බෙල්ල කඩන්න ඔන්න මෙන්න.... ජිමින්ගේ දත් කීරී ගැහෙනවා.. ඇස් තරහෙන්ම වෙව්ලනවා.... දාඩිය වලින් ලේ වලින් පෙගිලා ගිය ජිමින්ගේ හැදි දැඩි රූපය භයානක පෙනුමක් අරගෙන තිබුණා......

ඒත් දෛවය කොච්චර ජීවිත වලට සරදම් කරනවද... හැමදේම වෙනස් වෙන්න ගතවෙන්නේ ඇහිපිය ගහනවටත් වඩා අඩු කාලයක්....

" නවත්තපන් ඔය විකාරේ....."

ජිමින්ගේ ඇස් දිගටම තිබ්බේ වර්නන් ලග...ඒත් ඒ ඇස් ක්ෂණිකයෙන් ජියා ඉන්න පැත්තට හැරෙද්දී ජිමින්ගේ ඇස් ඉබේටම ලොකු වුනේ තමන් දැක්ක දේ අදහා ගන්න බැරි වෙද්දියි.

" ජි...යා...."
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මුලු පරිසරයම නිහඩ වෙලා... හැමෝම ඇස් අදහා ගන්න බැරිව වගේ මේ සිද්ද වෙන දේ දිහා බලන් හිටියේ පුදුමයකින්...

" ඇති.. හොදටම ඇති.... "

" ජියා තමුසේ ? "

" ඔව් මං... ඇයි විශ්වාස කරන්න බැරිද?"


ඒ වෙනකොටත් අත් වල තිබ්බ ලණු ගලවන් හිටිය ජියා කට අග රැදුන කපටි හිනාවක් එක්ක ජිමින් ඉන්න තැනට හිමින් අඩි තිය තිය ආවේ ඒ වෙනකොටත් ලණු වලට කැපිලා තිබ්බ අත් දිහා බල බල අතගාන ගමන්...

" ආයිෂ් .... මං කිව්වා තමුන්ට බුරුලට ගැට ගහන්න කියලා...."


ජියා කිව්වේ හ්‍යුන්ජින් දිහා බලලා තරහකින්.. ඒත් ඒ තරහා ඒ ක්ෂණිකව නැති වෙලා හිනාවක් මූණට ආවා... ජියාට විතරක් නෙවෙයි වර්නන්ගේ වගේම හ්‍යුන්ජින්ගේ මූණවලුත් හිනාවෙන් දිළිසෙන්න ගත්තා..... ඒත් මේ කිසි දෙයක් තේරුම් ගන්න බැරිව තවමත් ජිමින් ඉන්නේ දෙලොවක් අතර තනිවෙලා.....

" පුදුමයිද ?... "


ජියා ඇහුවේ ජිමින් දිහා බලන් තවමත් මූණේ තිබ්බ හිනාව අඩුවක් නොකරමයි.... ඒ එක්කම ජිමින් තවමත් තමන්ගේ අතට මැදි වෙලා හිටිය මිනිහගේ බෙල්ල අනිත් පැත්තට ඇදලා කඩලා දාලා බිම වැටුන මිනිහටත් පයින් ගහලා ජියා ඉන්න තැනට ආවේ ඇස් යටින් ජියා දිහා බලන් රවාගෙන....

" නෝ ම්වෝයා...( තමුන් කවුද ? )... "

" තමුන් මාව දන් නෑ ජිමින්.... "

" ම්වෝ ?"

" ඔහ් ගෝඩ්... එහෙනම් දැන් තමයි වෙලාව... මේ හැමදේම කියන්න..."


තමන්ගේ මුණට වැටුන කෙස් රොද අතින් හදන ගමන් ජියා ලොකු හුස්මක් පිට කරලා වර්නන් දිහ බලලා ආයේ ජිමින් ලගටම කිට්ටු වුනා.....

" මං... තමුන්ගේ....මරයා..."


ජිමින්ගේ පපුවට ඇගිල්ලකින් අණින ගමන් එහෙම කිව්ව ජියා මහා හයියෙන් හිනා වෙන්න ගත්තා... තමවමත් මේ වෙන දේ ප්‍රෙහෙලිකාවක් වුන ජිමින් පිස්සුවෙන් වගේ හිනා වෙන ජියා දිහා බලන් හිටියේ හිස් හැගීමකින්..

" මන් තමුන්ගේ මරයා ජිමින්.... තමුන්ගේ මාරයා....... "

.
.
.
.
.
.
.
.
.
.
.

-----------------------------------

10 Years Ago....

Jiya Pov....


Aisha... Kang Aisha.. ඒක තමයි මගේ ඇත්ත නම...මගේ ඔම්මා අප්පා මට දුන්න නම.... පුංචි කාලේ මගේ ඔම්මා අප්පාගේ හුරතලී වගේම ඒ අයගේ මුලු ලෝකෙම වුනේ මං... මගේ ඔම්මා ඉන්දියන් කෙනෙක්.. අප්පා කොරියානුවෙක්... Kang Daniel ...මගේ අප්පා... මගේ අප්පා කියන්නේ  කොරියාවේ හිටිය ප්‍රසිද්ධ දේශපාලනඥයෙක් ..... ඒ වෙනකොට අවුරුදු 15ක් වුන මට ඒ දේවල් ගැන වැඩි දැනුමක් නොතිබ්බත් අනිත් ළමයින්ට වඩා මාව මගේ අප්පට හැම වෙලේම විශේෂ කෙනෙක් වුනා... මගේ අප්පා මට හුගක් ආදරේ කලා... ඒ වගේම මාත්.. මගේ මුලු ලෝකෙම වුනේ මගේ අප්පා.... අපි හැමෝම ජීවත් වුනේ හුගක් සතුටෙන්... මගේ අප්පා දේශපාලනඥයෙක් වුනත් අපේ පවුල ඇතුලේ කිසිම ප්‍රශ්න නොතිබ්බ තරම්.. ඒ තරමට මගේ ඔම්මා මගේ අප්පාව තෙරුම් අරන් තිබ්බා... ඒත් අපේ සතුට අපෙන් ගිලිහෙන්න වැඩි කාලයක් ගියේ නැහෑ.....

අප්‍රේල් 21....

මගේ 15නි උපන්දිනේ දවස... අපි හැමෝම එදා දවස හරි ලස්සනට ගත කරන්න හිටියේ.. ස්කූල් දවසක් නිසා ස්කූල් ගිහින් ඉවර වෙලා ඇවිත් අපි ලොකු පාර්ටි එකක් දාන්න ප්ලෑන් කරන් හිටියා....ස්කූල් ඉවර වෙනකොටම ආව වැස්සත් එක්ක එදා දවස මහා මූසල වෙනවා වගෙයි මට දැනුනේ..ඒත් ස්කූල් එක ලගටම ආව අප්පා එවලා තිබ්බ  කාර් එකේ  නැගලා එද්දී මං කාර් එකේ වීදුරුවට වැටෙන වැහි බිංදු දිහා බලන් වෙනම ලෝකෙක තනි වුනා..... ඒත් මගේ සිහින ලෝකේ බිදුනේ ඈතින් දැක්ක අප්පාගෙම කාර් එක නිසයි  ...

" ආජුස්සී.. චාම්කාන්මන්යෝ.. "

" ඇයි බේබී ? "

" අප්පාගේ කාර් එක... අතන... "


මං ඩ්‍රයිවර් ආජුස්සීට ඇගිල්ල දික් කරලා මගේ අප්පගේ කාර් එක පෙන්නුවා.. අප්පගේ කාර් එක තිබ්බේ අපි යන පාරෙන් පිට පැනලා.. බැලූ බැල්මට අප්පගේ දාහනේ ඇක්සිඩන්ට් වෙලා වගෙයි තිබ්බේ...වාහනේ ලගම මිනිස්සු කට්ටියක් වටවෙලා හිටිය නිසා මං බය වුනා.. මගේ අප්පට කරදරයක් වෙලා ඇති කියලා මං බය වුනා...

" බේබී ටිකක් ඉන්න මං බලලා එන්නම්..."

අජුස්සී කාර් එක අප්පාගෙ කාර් එකට හුගක් ඈතින් නවත්තලා කාර් එකෙන් බැහැලා ඒ පැත්තට ගියේ මගේ කීමට වැස්ස ගැනවත් නොහිතමයි... ඉස්සරහා  වීදුරුවෙන් මං අප්පාගේ කාර් එක දිහාම බලාගෙන හිටියා.. මගේ ඇස් වලට කදුලු උනන්න ගත්තේ ඇයි කියන්න මං දන් නෑ. ඒත් මගේ හිතට ලොකු බයක් ඒ වෙනකොටත් ඇවිත් ඉවරයි ....


" බේබි.. බහින්න එපා... බහින්න එපා ඔහොම්මම ඉන්න...."


අප්පගේ කාර් එක ලගට දුවගෙන ගිය අජුස්සී එක පාරට ආයෙම හැරිලා දුවගෙන එන ගමන් මට කාර් එකෙන් බහින්න එපා කියලා කෑගැහුවා.. ඒත් ආජුස්සී කලබල වෙලා... එයා මට මොනවා හරි හංගනවා කියලා තේරුණ නිසාම ආජුස්සී කියන දේ අහන් නැතුවම මං කාර් එකෙන් බැහැලා අප්පාගේ කාර් එක පැත්තට දුවන්න ගත්තා....


අප්පගේ කාර් එක ලග මිනිස්සු හිටිය නිසා මං හිතුවේ ඒ අය අප්පාට උදව් කරනවා කියලා... ඒත් ලං වෙද්දී මං දැක්කේ ඒ එක මිනිහෙක් අතේ තිබ්බ පිහියකින් කාර් එක ඇතුලෙන් හිටිය මගේ අප්පට අනිනවා...


" අප්පාආආආආආආආආආආ........"

මං වේදනාවෙන් කෑමොර දුන්නත් ආජුස්සී මගේ කටත් අතකින් වහන් කාර් එකට දාලා වාහනෙත් හරවන් ආයේ වෙන පාරකින් ගෙදරට ආවා...




එදා දවස මගේ ජීවිතේ කාලකණ්ණිම දවස..  මගේ අප්පා මාව මගේ ඔම්මාව තනි කරලා දාලා සදහටම යන්න ගියා... අප්පා දේශපාලනඥයෙක් නිසා මිණීමැරුම ගැන හොයද්දී කිව්වේ ඒක මෆියා කල්ලියකින් කරපු දෙයක් කියලා... දේශපාලන ආරවුලක් නිසා ඇති වුන ප්‍රශ්නයක් කියලා.. ඒ අය මොනවා කිව්වත් මට නැති වුනේ මගේ අප්පා....

අප්පාගේ මරණෙත් එක්ක මගේ ඔම්මත් ටික ටික අසනීප වෙන්න ගද්දී ඒ විශාල ගේ ඇතුලේ මං තනි වෙන්න පටන් ගත්තා....

.
.
.
.
.
.

අවුරුදු 3කට පසු....

අදට මගේ ඔම්මා මාව දාලා ගිහින් අවුරුද්දක්.
මගේ අප්පා වගේම මගේ ඔම්මාත් මාව දාලා යන්නම ගියා.... පොඩි වයසින් මං මේ ලෝකේ තනි වුනා... ඒත් මගේ හිතේ තිබුන වෛරය ,මගේ අප්පාව මගෙන් උදුර ගත්ත එකේ තරහා දවස ගාණේ වැඩි වුනා....

මං දවස ගානේ පළිගැනීමේ චේතනාවෙන් වියරු වැටෙද්දී මං බීමට වගේම සිගර්ට් වලට ඇබ්බැහි වුන... කොකේන් මගේ ජීවිතේම වුනා.... ඒ දේ ප්‍රතිඵලයක් විදිහට තමයි මට රෆායල්ව මුණ ගැහුණේ.... රෆායල් කියන්නේ මාෆියා වල ඉන්න බල කණුවක්.. මට මගේ පළිගැනීම සම්පූර්ණ කරන්න මට ලැබුන හොදම පළිහක්....

මගේ කතාවේ මුල ඉදන් අගටම රෆායල් දැන ගත්තා.. ඒ වගේම රෆායල් මට උදව් කරන්නත් කැමති වුනා..රෆායල් මාව එයාගේ දුව විදිහට හදා ගන්න ගද්දී මගේ අප්පාගේ මිනිමරුවොත් මට හොයා ගන්න පුලුවන් වුනා... ඒත් මං ඒ වෙනකොටත් පරක්කු වැඩී.... මගේ අප්පගේ මිනුමරුවා ඒ වෙනකොටත් මේ ලෝකෙන් ගිහින්...


Park...ඒ තමයි මගේ අප්පගේ මිනීමරුවා...පාර්ක්ට වගේම  ඒ පවුලටම මං වෛර කලා...  රෆායල්ගේ මාර්ගෙන් දැන ගන්න ලැබුන තොරතුරු එක්ක පාර්ක්ට ඉන්නේ පුතෙක්... ඒ කොල්ලත් මගේ වයසේ... මිනිහා හදන්නේ අප්පගේ බිස්නස් තමන්ගේ අතට ගන්න... ඒ වගේම මිනිහා ඩොක්ටර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා....


ඒ දේවල් එක්ක මට මගේ ජීවිතෙට අලුත් අරමුණක් ලැබුණා.... ඒ කොල්ලගේ අප්පා කල වැරැද්දට පළිය ගන්න මට අන්තිමට ක්‍රමයක් ලැබුනා...

අන්තිමට රෆායල්ගේ උදව්වෙන්  වෛද්‍ය විද්‍යාලයට ගිය මං පළවෙනි පාරට එයාව දැක්කේ ලැබ් එකේදී...

" පාර්ක් ජිමින්.... එහෙනම් ඒ ඔයා...."

මගේ හිත මොහොතකට අතරමං වුනා... පළිගැනීම එක්කම මගේ හිතේ ජිමින් ගැන කැමැත්තක් ඇති වුනා... ඒ කැමත්ත එක්කම ජිමින්ට ලං වුන මට අන්තිමට එයාගේ හොදම යාලුවෙක් වෙන්න පුලුවන් වුනා ...කාලෙත් එක්ක මං හිතුවේ ජිමින් මට කැමති වෙයි කියලා... ඒත් මගේ ප්ලෑන් හැමදේම වෙනස් වෙන්න ගත්තේ කොහෙවත් හිටිය කෙල්ලෙක් අපි අතරට ආවට පස්සේ....


මට ඒ කෙල්ලව අයින් කරන්න ඕන වුනත් ඒකට මට ඉඩක් ලැබුනේ නැහෑ.. ඒත් මගේ වාසනාවකට ඒ කෙල්ල වර්නන්ගේ හොදම යලුවා .. වර්නන්  කියන්නේ රෆාල් එක්කම බිස්නස් කරපු පොඩි කොල්ලෙක්... උගේ වයසට මිනිහා ඒ වෙනකොට මාෆියා වල තැනක හිටියා.. ඒත් මිනිහා හැම වෙලේම හිටියේ මගේ යටතේ.. මොකද රෆායල් වර්නන් භාර දීලා තිබ්බේ මට... ඇත්තටම වර්නන් කියන්නේ මගේ ගෝලයෙක්....

ලෝකය හරි පුංචී.. මට එහෙම හිතුන වාර අනන්තයි ... හැම කෙනෙක්ම එනිනෙකාට සමබන්ධ වෙලා.... වර්නන්ගේ උදව්වෙන් සෝයොන් කියන කෙල්ලට පාඩමක් ඉගෙන්නුවත් ඒකෙන් වුනේ ජිමින් තවත් මගෙන් ඈත් වුන එක..

ඒත් කොහොම හරි ජිමින්ගේ දුර්වලතාවයෙන් ප්‍රයෝජන අරන් ජිමින්ව මගේ කර ගත්තා.. ඒත් කවදාවත් මට එයාගේ හිතේ ඉඩක් ලැබුනේ නැහෑ... මට සිද්ද වුනේ ලෝකෙට ජිමින්ගේ වයිෆ් විදිහට ජීවත් වෙන්න විතරයි.......


අන්තිමට මං මගේ පළිය ගන්න හිතුවේ එහෙමයි.. වර්නන්ව උසිගන්වලා මං මගේ අරමුණට යන්න තිරණය කලා....

අන්තිමට මං මගේ පළිගැනිමේ ලගටම ඇවිත්..... හැමදේම විනාශ කරන්න කාලේ ඇවිත්....

Flashback End
.
.
.
.
.
.
.
.
.
.
.
.

To Be Continued ..........


___________________________________________

♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️

අන්තිම කොටස හුගක් දික් වුන නිසා දෙකට කැඩුවා බබූලා...

මියාන්හේ...

හවසට අනිත් කොටස දෙනවා.... සිංදු දෙක ලැස්ති කරන් ඉන්න...

Borahae 💜️
✍JinNu

Continue Reading

You'll Also Like

215K 29.7K 56
ආදරය කියන්නෙ විඳින දෙයක් විතරක්ම නෙවෙයි...විඳවන දෙයක් ❤ JJK Mafia FF 💜️ Completed : 22/05/2021 Rankings : #1 - jungkook #1 - jk #9 - fanfiction #4...
5K 1.1K 19
යදම් ලූ දෙවගන සොයා පළමු සේනාංකය අදුරට පල්ලම් බසිද්දී අවසන් දෙපිළ සෑදෙනු ඇත ජලය නිසා අග්නිය විනාශ වුවත් ආදරයේ දියණිය අග්නිය සුවපත් කරනු ඇත සියල්ල ලෙය...
179K 26.7K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
66.6K 10.4K 23
Don't Copy My Work ? Sinhala story MAFIA KIM NAMJOON 21+ The fate of a young girl who was hunted by a monster. romantic Lovefight revenge murder...