DOCTOR MAFIA ♠️🎯 || PJM [...

By JinNu97

47.1K 10.7K 3.4K

🚫සල්ලී බලයට ජීවිත වල වටිනාකම තුට්ටු දෙකට වැටුන කතාවක්.. ♠️ 🚫ආදරය ලග සල්ලී වල වටිනාකමක් නැති වුන කතාවක් 💔 ... More

CHAPTER 1 ♠️
CHAPTER 2 ♠️
CHAPTER 3 ♠️
CHAPTER 4 ♠️
CHAPTER 5 ♠️
CHAPTER 6 ♠️
CHAPTER 7 ♠️
CHAPTER 8 ♠️
CHAPTER 9 ♠️
CHAPTER 10 ♠️
CHAPTER 11 ♠️
CHAPTER 12 ♠️
CHAPTER 13 ♠️
CHAPTER 14 ♠️
CHAPTER 15 ♠️🚫
CHAPTER 16 ♠️
CHAPTER 17 ♠️
CHAPTER 18 ♠️
CHAPTER 19 ♠️
CHAPTER 20 Pt 1 ♠️
CHAPTER 20 Pt 2 ♠️
CHAPTER 22 ♠️
CHAPTER 23 ♠️
FINAL CHAPTER Pt 1♠️
FINAL CHAPTER Pt 2 ♠️
POSTSCRIPT ♠️ & AUTHOR NOTE

CHAPTER 21 ♠️

1.2K 347 70
By JinNu97

© ඔය නෙතු දැහැනේ සමවැදී මෙමා
ඔය නෙතු තුළ මා සිතූ සිතුම්...
බොද වූ සිතුවම් , බිදුනු හසරැල්
සොවින් මා ඒ හෙලූ සුසුම්...
ඔබ නොදනී මුලු ලොවම දනී....🥀

~~~~~~~~~~~~~~~~~~~


සෝයොන් ගෙස්ට් හවුස් එකේම ඉද්දී , ගැන්ග් එකේ අයවත් ආරක්ෂාවට තියලා ජිමින් mansion එකට ආවේ වෙඩිකාපු සතෙක් ගාණටයි...කොච්චර ඉවසන් හිටියත් තමන්ගේ කෙල්ල විදවපු දුක ඒ කටින්ම කියද්දී මොන කොල්ලටද ඉවසන් ඉන්න පුලුවන්... විශේෂයෙන් ජිමින් වගේ ඉවසීමක් නැති කෙනෙක්ට ඉවසීම කියන්නේ නිකන් වචනයක් විතරයි.... වර්නන් ඉන්නේ තමන් ලග නිසා තවත් පරක්කු කරලා කිසි තේරුමක් නැහැයි කියලා ජිමින් හිතා ගත්තා..හැමදේකම අවසනායට හුගක් ලං වෙලා ඉන්න වෙලාවක ජිමින්ට තවත් ඉවසන්න හේතුවක් තිබ්බේ නැහෑ.. ඇත්තටම ජිමින් කාලයක් තිස්සේ එනකම් බලන් හිටිය දවස උදා වෙලා.. ඉතින් කොල්ලට තව ඉවසන් ඉන්න හේතු තියෙනවද ?...

Mansion එකට ආව ගමන් ජිමින් මුලින්ම ගියේ තමන්ගේ රූම් එකට... කාලයක් ආදරයත් එක්ක වලදාපු ජිමින්ගේ පරණ ජීවිතේ අතෑරලාදාපු සගයන්ව ආයේත් එළියට යන්න ජිමින්ට කාලය ඇවිත්... ඉතින් කොල්ලට ඉවසුමක් තිබුන් නැහෑ ඒ දේවල් ආයේ අතට ගන්නකම්....

තමන්ගේ රූම් එකට ගිය ගමන් ජිමින් රුම් එකේ දොරවත් වහන් නැතුව කෙලින්ම ටේබල් එක ලගට ගිහින් ටේබල් එකේ ලොකර් එකක දාලා තිබ්බ ප්ලැටිනම් බොක්ස් එකක් එළියට ගත්තේ කට කොණකින් හිනාවකුත් රදවගෙනයි.....


" ok baby... ඔයාලට ආයෙත් වෙලාව ඇවිත් එළියට එන්න..."


බොක්ස් එකේ දාරේ දිගේම ඇගිල්ලක් හිමීට අරගෙන ගිය ජිමින් කිව්වේ ලොකු ආඩම්බරයකින්... හරියට ඒ දේවල් නිසා ජිමින් ලොකු සතුටක් ලැබුවා වගේ... ඔව් හරියටම කිව්වොත් ජිමින් අද ඉන්න තැනට එන්න එයා එක්ක ලගින්ම හිටියේ ඒ අය.. ඉතින් ජිමින්ට ඒ දේවල් මහා හුගක් වටිනවා....


බොක්ස් එකේ තිබ්බ ලොක් එක ඇරලා ජිමින් හිමීට බොක්ස් එකේ පියන ඇරියේ දිළිසෙන ඇස් වලින්..... බොක්ස් එක ඇතුලේ තිබ්බ දේවල් දැක්ක ගමන් ජිමින්ගේ ඇස් තව දිළිසෙන්න ගත්තා.. ඒ වගේම ජිමින්ගේ මූණට ලොකු හිනාවක් ආවා කිව්වොත් හරි....


" lets go babies...."


බොක්ස් එකේ තිබ්බේ ජිමින් ඉස්සර නිතරම අත අස්සේ හන්ගන් හිටිය scalpel එක , ඩාර්ට් ඇරෝ එකක් , ජිමින්ගේ සාක්කූවේ තිබ්බ ගෝල්ඩ් බ්ලැක් ආසියා කාර්ඩ් එක වගේම ගොල්ඩ් කලර් ගන් එකක්.... ජිමින් තමන්ගේ අතින් විනාශ කල ජීවිත වලට වගකියන්න ඕන ඒ දේවල්... ඒ හැමදේකටම ජිමින් හුගක් ආදරේ කලා...

බොක්ස් එකේ තිබ්බ ගන් එක අරන් එහෙන්ම ඉණ පිටිපස්සේ රදව ගත්ත ජිමින් , ආසියා කාර්ඩ් එක සාක්කුවට දාන් , scalpel එකත් ශර්ට් අත අස්සට දාන් රදවන් ඩාර්ට් ඇරෝ එක ඇගිලි වලට ගත්තා... බොක්ස් එක එහෙන්ම තියෙද්දී ජිමින් ඇරෝ එක ඇගිලි අතර යවන ගමන් රූම් එකෙන් එළියට යන්න ගියේ ඒ දේවල් වලින් වේදනා විදලා වර්නන් මැරෙන හැටි හිතින් හිතන ගමන්....

ඒත් ජිමින්ට වැඩි දුරක් යන්න වුනේ නැහෑ...

" තමුසේ ? "

ජිමින්ගේ ගමනට බාධා කරලා හිට ගත්තේ ජියා.... ජියාව දැක්කා විතරයි ජීමින්ගේ තරහෙන් හිනා වෙවී තිබ්බ මූණේ හිනාව එහෙන්ම මැකිලා ගියා....හරියට තමන් දකින්න අකමැතිම කෙනෙක් තමන් ලගට ආවා වගේ ජිමින් ජියා දිහා බැලුවේ පිළිකුලකින්.... අතේ තිබ්බ ඩාර්ට් ඇරෝ එක එහෙන්ම සාක්කුවට දාන් ජිමින් අහක බලා ගද්දී ජියා ලගට ඇවිත් ජිමින්ගේ අවසරයකින් තොරවම ජිමින්ව බදා ගත්තා....


" මං හිතුවේ ඔයාව අදවත් දකින්න බැරි වෙයි කියලා ජිමිනී.... "

" ඇයි ?.."


" නෑ ඉතින් ඔයා අර කෙල්ලව හම්බුන දවසේ ඉදන් ඉන්නේ එහෙනේ... මේ ටිකේම මෙහේ ආවෙත් නෑනේ...."

" මට ඕන්නම් එනවා.. මට ඕනේ නැත්නම් එන් නෑ... අනික සෝයොන්ව හම්බෙන්න කලිනුත් මං ඕන තරම් ගෙදර නෑවිත් හිටියනේ...."


ජිමින් කිව්වේ තමන්ව බදන් හිටිය ජියාව අත් දෙකෙන්ම අල්ලලා ඈත් කරන ගමන්....


" ඔව් ඒකනම් එහෙම තමයි... ඒත් දැන් ඔයාට තව විශේෂ කෙනෙක් ඉන්නවනේ බලන්න... "


ජියා ඒ වචන කිව්වේ අත් දෙකත් බැදගෙන තරහකින් අහක බලන්...

" ඔව් මට සෝයොන් විශේෂයි තමයි... තමුසෙට මොනවා හරි ප්‍රශ්නයක්ද ?... එහාට වෙනවා මට තමුසෙව නලවන්න වෙලාවක් නැහෑ.. මං ආවේ වැඩකට...."

එහෙම කිව්ව ජිමින් ජියාව පැත්තකට තල්ලු කරලා එතනින් යන්න හැදුවා.. ඒත් ජියා එකට ඉඩ නොදී ජිමින්ගේ අත හයියෙන් අල්ල ගත්තේ ජිමින් අත ගන්න දගලද්දියි.....

" අතාරිනවා අයිසේ..."

" ජිමිනී.. ඇයි ඔයා මට මෙහෙම කරන්නේ...."

" ඇයි කියලා දන්නෙම නැත්ද ?... "

" ඔයා මට ඔච්චරටම වෛර කරන්නේ මං අප්පාට කියලා අපි දෙන්නව මැරි කරවපු නිසානේ.. ඒත් ඔයාට තිබ්බා ඒකට අකමැති වෙන්න එහෙනම්.. ඇයි මාව ලං කරන් මගෙන් පළිගන්නේ...."


" තමුසේ මගේ දුර්වලකම හොදටම දන්නවා..
ඒක දැනගෙන මේ දේවල් ප්ලෑන් කරේ මාව තමුන්ගේ කර ගන්නනේ... ඒකනේ සෝයොන් යනකම්ම ඉදලා මේ ප්‍රපෝසල් එක ගෙනාවේ...තමුසේ මහා කපටි ගෑණියෙක් ... ඒ වගේම මේ මැරේජ් එක බිස්නක් මැරේජ් එකක් විතරයි.... තමුසේගේ අප්පට මං නිසා බිස්නස් වැඩි වෙනවා වගේම මටත් එහෙමයි. එතනින් එහා තමුසෙව මට අදාලම නැහෑ ජියා.. ඒ නිසා සැරින් සැරේ මගේ ඇගේ එල්ලෙන එක නවත්තනවා... සෝයොන් හිටියත් නැත්තත් තමුන්ව ලං කර ගන්න මට කිසිම උවමනාවක් නැහෑ..... got it ? "


" ඔයා හුගක් කතා කරනවනේ ජිමින් දැන්.. අරස්සෝ ... අපි අතර මුකුත් සම්බන්ධයක් නැහෑ තමයි.. එතකොට මේ දරුවට මොකද වෙන්නේ ?.."


ජියා කිව්වේ එයගේ අත් දෙකින්ම තමන්ගේ කුස බදන් ඒ දිහා බලන ගමන්.... ජියා එහෙම කිව්වා විතරයි ජිමින් මහා හයියෙන් හිනා වුනා... හිනා වෙවීම ජියාගේ වටේ ගිය ජිමින් කෙල්ලගේ පිටිපස්සෙන් හිටගෙන ටික වෙලාවක් ජියා දිහා බලන් හිටියේ දත්මිටි කන ගමන්...

ඇත්තටම ජිමින්ට මේ දරුවා ගැන කිසිම අවබෝධයක් තිබ්බෙ නැහෑ.. එහෙම දෙයක් වුනේ කොහොමද ? කවදද කියන එකවත් ජිමින්ට මතකයේ තිබ්බේ නැහෑ... ඒත් ජිමින් නොදැනුවත්ව ජිමින්ගේ අතින් ලොකු වරදක් ජියාට සිද්ද වුනා...... ඒ දවසේ එහෙම දෙයක් සිද්ද වුනාවත් කියන්න ජිමින්ට මතකයක් තිබ්බේ නැහෑ.... මොකද ඒ හැමදේම වුනේ ජියාගේ අනු දැනුමෙන් විතරක් නිසා........


Flashback ......



ජිමින් හිටියේ හොස්පිට්ල් සර්ජරි එකකට පැය ගාණක් හිර වෙලා... ලොකු රිස්ක් එකක් තිබ්බ සර්ජරි එක අසාර්ථක වුනත් ඒකෙන් ජිමින්ට ලාභයක් හොයා ගන්න පුලුවන් කම තියෙද්දිත් ජිමින් පුලුවන් උපරිම උත්සහායෙන් පේශන්ට්ව බේර ගන්න තීරණය කලේ සෝයොන් නිසා තමන්ටම වුන පොරොන්දුව නිසයි.....

පැය ගාණක් එක දිගට සර්ජරි එක ඉවර වෙලා එළියට ආව ජිමින් උරිස්සෙන් දැනුන වේදනාවත් එක්ක ඇගේ හිරි අරින ගමන් කැබින් එකට ගියේ ජියාට කවුරුත් කැබින් එකට එවන්න එපා කියලා කියන ගමන්... ජිමින් ඉන්නේ හුගක් මහන්සි වෙලා කියන එක ජියා තේරුම් ගත්තා.... මොකද ජිමින් කතා කලේ හුගක් නිවුන විදිහට නිසා.. ඇගේ අමාරුව එක්කම ජිමින්ට තිබ්බ හිතේ අමාරුව ඊටත් වඩා වැඩි වුන නිසා තවත් හොස්පිට්ල් එකේ ඉන්න ජිමින්ට අපහසුවක් දැනෙද්දි කොල්ලා කාටවත්න නොකියා mansion එකට ගියා.... ඒත් ජිමින් හොස්පිට්ල් එකෙන් යනවා ජියා බලන් හිටියා....


හැම වෙලේකම ජිමින් ගැන අවධානෙන් ඉන්න ජියාගේ ඇස් වලින් බේරෙන්න ජිමින්ට පුලුවන් කමක් තිබ්බේ නැහෑ.... ඒකේ වරදක් තිබ්බෙත් නැහෑ.. මොකද ජිමින් කියන්නේ ජියාගේ හස්බන්ඩ් නිසා.....

ජිමින් හොස්පිට්ල් එකෙන් යනවත් එක්කම ජියාත් ජිමින්ගේ පස්සෙන් mansion එකට ගියේ මේ වෙලාවේ ටේකුක් දෙන්නත් mansion එකේ නැති නිසා දෙන්නට තනි වෙන්න හොදම වෙලාව කියලා ජියාට තේරුණ නිසයි....

ජිමින් එක්කම mansion එකට ආව ජියා වැඩිය නොහිතම ඇතුලට යද්දී ජිමින් ඒ වෙනකොටත් living room එකේ සෝෆා එකේ දිගා වෙලයි හිටියේ..... එක අතකින් නළල පිරිමදින ගමන් හිටිය ජිමින්ට ඒ වෙනකොටත් තද ඔලුවේ කැක්කුමක් ඇවිත් තිබ්බා.... මොකද මේ දවස් වල කොල්ලා ඕනාවටත් වඩා හිතින් වේදනා විදින නිසා......

" ජිමිනී...... "

" ඔහ්... ජියා.. ඔයත් ආවද..."

" දේ... මට වැඩක් නැති නිසා මං mansion එකට ආවා.. ඒ එනකොට ඔයාගේ කාර් එකත් එළියේ තිබ්බා...ඇයි හදිස්සියේ ආවේ ජිමිනී? මොනවා හරි වුනාද ?.."


ජියා කතා කලේ කිසිම දෙයක් නොදන්න ගාණට .මොකද ජිමින්ව ෆලෝ කරන් ආවා කියලා කිව්වොත් ජියාගේ හිතේ තිබ්බ විදිහට ජිමින්ව නම්ම ගන්න වෙන් නෑ කියලා කෙල්ල දැනගෙන හිටියා ..... කතාවත් එක්කම හිමීට ජිමින්ගේ එහා පැත්තෙන් වාඩි වුන ජියා තමන්ගේ අතක් හිමීට ජිමින්ගේ නළලින් තිබ්බේ ජිමින් හිටියේ හොදින් නෙවේ කියලා තේරුණ නිසයි......

" ජිමිනී.. ඔයාගේ ඇග රස්නෙයි.... ඔයා හොදින්ද ? "

" දේ.... මං හොදින්...."

ජිමින් එහෙම කිව්වත් ජිමින්ගේ කටහඩින් වගේම ජිමින් හිටිය විදිහෙන් හොදටම තේරුණා ජිමින් ඉන්නේ හොදින් නෙවේ කියන එක.....ජිමින් හිටියේ අඩසිහියෙන් වගේ... හරියටම කිව්වොත් උණ විකාරෙන් වගේ... ජිමින්ගේ අඩවන් වුන ඇස් ජියා දිහාට යොමු වෙද්දී ජියා මදකට ගැස්සුනා.. මොකද ජිමින් ජියාට පොඩ්ඩක්වත් අකමැති නිසා ජිමින් බනී කියලා ජියා හිතුව නිසා... ඒත් සිද්ද වුනේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.... ජියා ජිමින්ගේ නළලේ තියන් හිටිය අත ජිමින් තමන් දිහා බලනවත් එක්කම අහකට ගන්න හදද්දී ජිමින් ඒ අත හයියෙන් අල්ල ගත්තා...

ජිමින් එයාගේ අල්ලන් හිටිය අත තමන්ගේ පපුවට තියලා තද කරද්දී ජියා මුකුත් හිතා ගන්න බැරුව ජිමින් දිහා බලන් හිටියේ පුදුමයකින්... ජිමින්ගේ අඩවන් වුන ඇස් ජියාගේ මූණ පුරාම වගේම ඇග පුරාම දිව යද්දී ජියා මේ මුකුත් හිතා ගන්න බැරුව පුදුමෙන් ජිමින් දිහා බලන් හිටියා.....


" සෝයොනා......"

" ආ? "

ජිමින් ජියා දිහා බලන් කතා කලේ ඒ සෝයොන් කියලා හිතාගෙන... කොල්ලට ඒහෙම පේන එක පුදුමයක් නෙවෙයි.. මොකද ජිමින්ට උණ අරන් තිබ්බ නිසා ඒ වෙලාවේ හිතේ තියෙන රූපේ කොල්ලට මැවිලා පෙනුනා.... ජිමින් තමන්ට සෝයොන් කියලා කතා කල එක මුලින් ජියාට කේන්ති ගියත් ජිමින් ඊලගට කරන්න යන දේ ගැන ජියා බලන් හිටියේ හිතින් දෙයක් හිතන ගමන්.....

ජිමින් ජියාව අල්ලන් හිටිය අතින් හිමීට කෙල්ලව තමන් දිහාට ඇදලා අරන් ඒ තොල් වලට නැඹුරු වෙන්න ගත්තේ ඒ සෝයොන් කියලා හිතන්... මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගණ්න කියලා හිතුව ජියා මුකුත්ම නොකියා ජිමිට ඉඩ දුන්නේ මෙහෙම හරි කොල්ලට ලං වෙන්න තමන්ට පුලුවන් වුන එකට හිතින් සතුටු වෙමිනුයි.....

තොල් වලින් පටන් ගත්ත සිපගැනීම ටික ටික රලු වෙලා ජිමින් තමන්ගේ පාලනයෙන් පිට යද්දී කෙල්ලව හරහට වඩන් වැනී වැනී රූම් එකට ගියේ හීනෙන් වගේ... රූම් එකට ගිය ගමන් ජියාගේ ඇදුම් එකින් එක ජිමින්ගේ අතින් ලිහිල් වෙන්න ගද්දී තමනුත් ඇදුම් වලින් නිදහස් වෙන්න ජිමින් අමතක කලේ නැහෑ....

" සෝයොන් ....."

" සෝයොනා...."


ජිමින් ජියා එක්ක ගත කල පැය ගාණම ජිමින්ගේ කටින් පිට වුනේ සෝයොන්ගේ නම විතරයි.... ජිමින් හිටියේ ජියා එක්ක කියලාවත් නොහිතෙන තරමට කොල්ලා හිටියෙ සිහියෙන් නෙවේ... ඒත් ජියාට ඒ කිසි දේක ගාණන් වුනේ නැහෑ.. අඩුම ජිමින් තමනට ලං වෙන්නේ සෝයොන් කියලා හිතලා කියන දේවත් ජියාට ගාණක් වුනේ නැහෑ... ජියාගේ හිතේ තිබ්බ එකම හීනේ ජිමින්ගේ වෙන එක විතරයි...

ආදරේ නිසා සමහර මිනිස්සු හැගීම් වලින් අන්ද වෙනවා . හරියට ජියා වගේ... තමන්ගෙ ආදරේ තමන්ගේ කර ගන්න පරමාර්ථය විතරක් ඒ හිත් වල පිරෙද්දි ආදරයේ නියම අර්ථය ඒ අයට අමතක වෙනවා....

Flashback End .....



එදා දවසේ සිද්ද වුන දේ ජිමින් තවමත් දන් නැහෑ.. මොකද ඒ හැමදේම වුනේ උණ විකාරෙන්... ජිමින් තවමත් හිතන් ඉන්නේ ජියා එක්ක තමන්ගේ සම්බන්දේ දුර දිග ගිහින් නැහෑ කියලා...

ඒත් ජියා ඒ හැමදේම එකින් එක ජිමින්ට පැහැදිලි කරද්දි මෙච්චර වෙලා හිතේ හන්ගන් හිටිය තරහා පිට වුනා.....

" උඹ බැල්ලී.... ලැජ්ජ නැත්ද ?... හහ් ?... බලෙන් පිරිමියෙක් එක්ක ඉන්න ?..."

ජිමින්ගේ කේන්තිය උපරිමයට එද්දී කොල්ලගේ අතක් ජියාගේ බෙල්ලට හිර වුනේ ජියාට හුස්ම ගන්නත් අමාරු කරලයි....

" මං ඇයි ලැජ්ජ වෙන්නේ ජිමින්... ඔයා මගේ හස්බන්ඩ් ....."

තමන්ගේ බෙල්ලට හිර වෙලා තිබ්බ ජිමින්ගේ අත ගලව ගන්න උත්සහා කරන ගමන් ජියා කතා කලෙත් තරහකින්.. ඇස් වලට පිරුන කදුලු වැටෙන්න නොදී ඇස් වලම හිර කරන් ඉන්න ජියා උපරිම උත්සහා කලා. මොකද තමන් දුර්වලයි කියන එක මොනම වෙලාවකවත් පෙන්වන්න ජියා කැමති වුනේ නැහෑ.....


" මේ දරුවා මගේ වුනොත් ඒක මට ප්‍රශ්නයක් නෑ..ඒත් එකක් මතක තියා ගන්නවා... තමුසේ මගේ ලග ඉන්නේ දරුවා ලැබෙනකම් විතරයි..."

" ම්වෝ?...."

" දේ..මට ඩිවෝස් එක ඕන.. මේ දරුවා ලැබුන ගමන් මං තමුසෙව අප්පා ලගටම යවනවා... "


" ජිමින්......යහ් පාර්ක් ජිමින්.....!!!! "

ජියා කොච්චර කෑගැහුවත් ජිමින් ජියාට පොඩ්ඩක්වත් ඇහුකම් දුන් නැහෑ... ඒ වෙනුවට ප්‍රශ්න ගණනාවක් ජිමින්ගේ හිත ඇතුලේ වද දුන්නා.. ජියා කියන්නේ නරක කෙල්ලෙක් නෙවේ කියන එක ජිමින් මුල ඉදන් දැනන් හිටිය නිසා දරුවා සම්වන්ධව ජියාට වැරදි චෝදනාවක් කරන්නවත් ජිමින් කැමති වුනේ නැහෑ... ජියාගේ වචන ජිමින් විශ්වාස කලා.. ඒ නිසාම ජියාගේ දරුවව තමන්ගේ කියලා හිතන් ඒ දරුවව භාර ගන්න ජිමින් තීරණය කලේ ඒකයි.. ඒත් ජියාව තව දුරටත් තමන් ලග තියා ගන්න ජිමින් කැමති වුනේ නැහෑ.. මුල ඉදන්ම ඒක ජිමින්ගේ තීරණය නිසා....


ජියා නිසා මූඩ් අවුල් වෙලා හිටිය ජිමින් mansion එකෙන් එළියට ඇවිත් ලොකු හුස්මක් පිට කලේ තමන් කරන්න ආව දේ ආයේ සිහියට ගන්න ගමන්.. ජිමින් එළියට එනවත් එක්කම චෑන් ජිමින් ලගට ඇවිත් දෙන්නත් එක්කම ග්‍රවුන්ඩ් එකේ තිබ්බ සමර් හට් එකට ගියා....

ජිමින්ට ඇතුලට යන්න දොර ඇරලා දුන්න චෑන් ජිමින් ඇතුලට ගියාට පස්සේ වටපිට බලලා සමර් හට් එකේ දොර වහලා දැම්මා... වර්නන්ව හිර කරන් හිටියේ සමර් හට් එකේ බිම තිබ්බ පොඩ් කාමරයක වගේම ඒ ගැන ජියා ඇරෙන්න අනිත් හැමකෙනාම දැනන් හිටියා... ජිමින්ට ඕන වුනේ නැහෑ ජියා මේ දේවල් දැන ගන්නවට.. නැහෑ ඊටත් වඩා ජිමින්ට ඕන වුනේ නැහෑ මේ දේවල් ජියාට කියන්න හරි ඒ තත්පරේවත් ජියා එක්ක කතා කරන්න.....

සමර් හට් එක ඇතුලට ගියාට පස්සේ එතන තිබ්බ ලොකු මේසයක් එහාට කරපු චෑන් මේසේ යට තිබ්බ ලොකු දොරක් උස්සද්දී එතනින් පහළට විහිදෙන පඩිපෙලක් තිබුනා... ජිමින් චෑන්ටත් එන්න කියලා ඇස් වලින් ඉගි කරන ගමන් පහළට බැහැගෙන ගියේ සාක්කුවේ තිබ්බ ඩාර්ට් ඇරෝ එක ආයේ ඇගිලි වලට අරන් කරකවන ගමන්.....


පහළට බැහැලා ගිය ජිමින් කෙලින්ම නැවතුනේ යකඩ කූරූ වලින් වට වෙලා තිබ්බ කූඩුවක් වගේ තැනක... එතන හරියටම මැදට වෙන්න තිබ්බ ලයිට් එකකින් කණ මැදිරි එළියක් වගේ වටේටම විහිදුනා... හරියටම ලයිට් එක යටම කූඩුවේ මැද කියන්න පුලුවන් තැනක දෙකට තුනට නැවිලා අත් පය ගැට ගහලා යට ඇදුමක් විතරක් ඇදන් වේදනාවෙන් කෙදිරි ගගා ඉන්න වර්නන්ව දැක්කම ජිමින්ගේ කට කොණකට පොඩි හිනාවක් ආවා.... මොකද වර්නන් ඒ වගේ වේදනාවක් විදිනවා බලන්න ජිමින් මුල ඉදන් කැමති වුන නිසා... ජිමින් අතින් සන් කරද්දී චෑන් කුඩුවේ අගුල ඇරියට පස්සේ ජිමින් හිමීට බර අඩි තිය තිය වර්නන් ලගට කිට්ටු වුනේ බොරු අනුකම්පාවකින් වර්නන් දිහා බලන ගමන්......


වර්නන් හිටිය තැනටම ගිය ජිමින් මිනිහා ලගට පාත් වෙලා ටික වෙලාවක් බලන් ඉදලා ආයෙත් නැගිටලා වර්නන්ගේ බඩ හරියට වෙන්න කකුලෙන් පාරක් ගැහුවේ කිසිම අනුකම්පාවක් නොපෙන්වමයි....

" නැගිටපන්... "

ජිමින් කකුලෙන් ගහපු පාරට කැස්සක් එක්කම අමාරුවෙන් හුස්ම ගත්ත වර්නන් දැනටමත් ඉදිමිලා තිබ්බ ඇස් වලින් ජිමින් දිහා බලලන් හිටියේ වෛරකින්......

" මූව කෙලින් කරපන්..."

ජිමින් චෑන්ට අණ කරලා කෙලින්ම ගියෙ කුඩුව කෙලවරේ තිබ්බ මේසේ උඩ තිබ්බ ටූල් බොක්ස් එකක් ලගට... බොක්ස් එක ලගට ගිය ජිමින් හිමීට ඒක ඇරලා ඇතුලේ තිබ්බ ආයුධ දිගේ අත ගෙනිහින් ආයේම වර්නන් දිහා බලලා හිනා වුනා.... මේ වෙනකොට වර්නන් හිටියේ බිම ඉදගෙන අත් පිටිපස්සට ගැටහලා .... දවස් ගාණක් හරියට කන්න නොලැබුන නිසා වර්නන් හිටියේ අඩපණ වෙලා....

වර්නන් දිහා බලලා අපහාසෙට හිනා වුන ජිමින් ආයෙම ටූල් බොක්ස් එකේ කොණක තිබ්බ දෙයක් අතට ගත්තේ හිනා වෙන ගමන්.....

" ම්ම් ... මං කවදාවත් මේක යූස් කරලා නැහැනේ... මං ආසයි මේක උඹට යූස් කරලා බලන්න...."

ජිමින්ගේ අතේ තිබ්බේ twin නූල් බෝලයක්.... ඒක දැක්ක ගමන් වර්නන් නෝන්ඩියට වගේ හිනා වුනේ හරියට නූල් බෝලයකින් මොනවද කරන්න පුලුවන් කියලා අහන්න වගේ...


" හෝව් හෝව් කොල්ලෝ... පිටින් බලලා තීරණ ගන්න එපා.... උඹට මේක නිකන් නූලක් වෙන්න පුලුවන්.. හැබැයි මේ පොඩි දේටත් උබට ලොකු වේදනාවක් දෙන්න පුලුවන්...."


" උඹ මොනවද කරන්න යන්නේ?... කරන දෙයක් එක පාර කරපන්.... උඹ පිරිමියෙක් නම් කෙලින් වැඩ කරපන්.... "


" ඔන්න ඔන්න.. කොල්ලා කට වරද්ද ගන්න යන්නේ..... මං පිරිමියෙක්ද නැත්ද කියන එක උබ ලව් කරපු කෙල්ල හොදටම දන්නවා කොල්ලෝ... මං හිතන්නේ උබට වඩා මගේ ලග ඒ පිරිමි ගතිය තිබ්බ නිසා වෙන්න ඇති ඒ කෙල්ල මට කැමති වුනේ..."


ජිමින් කටත් ඇද කරලා පහළ බලලා ( හිතා ගන්න කොහෙද කියලා ) ඇහැකුත් ගහලා එහෙම කිව්වේ වර්නන්ව අවුස්සන්න හිතන්....

ජිමින් හිතුවා වගේම වර්නන් ඇවිස්සිලා දගලද්දී චෑන් වැලමිටෙන් වර්නන්ගේ බෙල්ලේ පැත්තට පාරක් ගහපු පාර වර්නන් ආයේම කටවහන් වේදනාවෙන් බිම ඉද ගත්තා.....


" එහෙනම් අපි ටිකක් සෙල්ලම් කරමු.. උබව උඩට... අහ් නෑ උබලා වගේ උන් උඩට නෙවේනේ යන්නේ.... පහළට යවන්න අද හොද දවසක් නෙවේ... මට අද මූඩ් එකක් නැහෑ..හැබැයි මං මෙහට ආවෙනම් උඹව ඉවරයක් කරන්න.. ඒත් ජියාට පින් සිද්ද වෙන්න උඹට තව චාන්ස් එකක් හම්බුනා... ඒ නිසා අපි දෙන්නා ටිකක් සෙල්ලම් කරමු....හරියට ඉදිකට්ටට නූල දානවා වගේ සෙල්ලමක්...."


" උඹ මොනවද කරන්න යන්නේ ?"

" ඩවුට් ද ?...ඔම්මෝ ඔම්මෝ...කොල්ලා බය වෙලානේ.. කෝ උබගේ කලින් තිබ්බ රැස්...."


ජිමින් හිනා වෙවිම එහෙම කියන ගමන් වර්නන් ලගින්ම බිම ඉදගෙන නූල් බෝලේ දිග අරින්න ගත්තා..... නූල අතේ දිග අරින ගමනුත් ජිමින් නෝන්ඩියට හිනා වෙන ගමන් වර්නන් දිහා බලන්න අමතක කලේ නැහෑ......

" හරි එහෙනම් අපි සෙල්ලම පටන් ගමු... වැඩි දෙයක් නෑ කොල්ලෝ... මේ නූල මං නහයෙන් දානවා උබට තියෙන්නේ කටින් ඇදලා ගන්න විතරයි.. "

" ම්වෝ ?.... යහ්හ් මිච්චන් ශෙක්ක්‍යා... "

" මූව අල්ල ගනින් ...."

වර්නන් ජිමින්ට කෑගගහා දගලන්න ගත්දී චෑන් ජිමින්ගේ අණට වර්නන්ගේ උරිස්සට වැල මිට තියලා පහළට තල්ලු කරද්දී වර්නන් දගලන්න බැරුව වේදනාවෙන් කෑගැහුවා.. ඒ අතරතුර ජිමින් twin නූල වර්නන්ගේ කෑගැහිල්ල මැද්දෙම නහයෙන් ටික ටික ඇතුල් කලා....

" ඕක නව....ත්ත...පන්...... ය....හ්....කේශික්‍යා ....."

" තව ටිකකයි කොල්ලෝ.. තව ටිකයි....."


" ආආආආආආආආ......."



වර්නන්ගේ වේදනාවෙන් මුලු කාමරේම දෝංකාර දෙද්දී ජිමින් වර්නන්ගේ කටට අත දාලා නහයෙන් ආව නූල කටින් ඇදලා ගත්තා... වර්නන් වේදනාවෙන් කෑගගහා දැගලුවත් ඒ හැම වෙලාවකම සිද්ද වුනේ මිනිහට චෑන්ගෙන් තව පාරවල් කිහිපයක් හම්බුන එක විතරයි ....



" තමුසේට දැන් තේරෙනවද අර කෙල්ල කොහොම වේදනාවක් විදින්න ඇත්ද කියලා ?..අහ්... උඹ සතෙක් ගාණට ඒ කෙල්ලව පාරේ දාලා යද්දී ඒ කෙල්ලට කොහොම දැනෙන්න ඇත්ද කියලා උඹට තේරුණද ?... විදවපන්.. තව විදවපන් "


වර්නන් කෑගහද්දී ජිමින් ඒ දිහා බලන කතා කලේ ලොකු වෛරයකින්....

නූල් බෝලයෙන් භාගෙකටත් වඩා වර්නන්ගේ නහයෙන් දාලා ඇදලා ගත්ත ජිමින් ලේ තැවරුන නූල එක පාරට ඇදලා අරන් ඒ දිහා බලන් හිටියේ ලොකු තෘප්තියකින්.... වර්නන් කටින් වගේම නහයෙනුත් ලේ පෙරන් බිම වැටෙද්දී ජිමින් චෑන්ට ඔලුවෙන් සන් කරලා කාමරෙන් එළියට ගියා...... ඒ අතර තුර චෑන් වර්නන්ට වතුර එකක් ගහලා ආයෙම කූඩුව ලොක් කරලා එළියෙන් ඉන්න ජිමින් ලගට ආවේ අතේ තිබ්බ ලේ ගසන ගමන් ..



" ආඅ... අරූගේ සද්දෙට මගේ කන් දෙකත් බීරී වුනා වගේ...."

ජිමින් කිව්වේ ඇගිල්ලක් කණට දාලා කසන ගමන්....ජිමින් කිව්ව දේට චෑන් මුකුත් නොකියා කටත් වහන් අහක බලන් හිනා වුනා....


" චෑනා මං යනවා.. මෙහේ වැඩ ටික බලා ගන්න.... "


" ඩොක්ටර් මේ වෙලාවේ ?..හෙට ගියානම් හරි නේද ?"

" සෝයොන්ව තනියම තියන්න බැහෑ චෑන්.... මං ගැන්ග් එකේ දෙන්නෙක් එක්ක යන්නම් චෑන් අරූව බලා ගන්න..."


" දේ ඩොක්ටර් ..... "


ජිමින් ගැන්ග් එකේ දෙන්නෙක්ව ගාර්ඩ් එකට අරන් ආයෙම mansion එකෙන් පිට වුනේ ගෙස්ට් හවුස් එකට යන්න... ජිමින් පොඩ්ඩක්වත් කැමති වුනේ නැහෑ සෝයොන්ව එක දවසකවත් තනියම තියන්න... මෙච්චර කල් තමන්ගෙන් කෙල්ලව ඈත් කරලා තිබ්බට පහුගිය කාලෙම තමන්ට දොස් පවර ගත්ත ජිමින් මේ වගේ පොඩි දේ ගැනත් හිතන එක සාමන්‍යයයි.....


ගෙස්ට් හවුස් එකට ආව ගමන් ජිමින් සෝයොන්ව හොයන් රූම් එකට ගියේ ගැන්ග් එකට එළියේ ආරක්ශාව බලන්න කියලා කියන ගමන්... මොකද වර්නන්ව අහු වුනාට වර්නන්ගේ ගෝලයා හ්‍යුන්ජින් තවමත් නිදැල්ලේ නිසා ඕනම දෙයක් වෙන්න පුලුවන් කියලා ජිමින් දැනන් හිටියා...


ජිමින් යනකොටත් සෝයොන් නින්දට ගිහින් හිටිය නිසා ජිමින් කෙල්ලව ඇහැරවන් නැතුවම වොශ් එකක් දාලා බෙඩ් එකට ගිහින් කෙල්ලව තමන්ට තුරුල් කරන් ඇස් පියා ගත්තේ අද දවසේ සිද්ද වුන දේවල් එකින් එක ආයේ මතක් කරන ගමනුයි...


ජිමින්ගේ උණුහුම දැනුන නිසා සෝයොන් නින්දෙන්ම තව තව ජිමින්ට තුරුල් වෙද්දී ජිමින් සෝයොන්ගේ ඔලුව හරි පරිස්සමට පිරිමැද්දා......


" තව ටිකයි මැණික.. වර්නන්ගේ හැමදේම මගේ අතට ආවම මං ඌව ඉවරයක් කරනවා...."


ජිමින් සෝයොන්ව තුරුල් කරන්ම හිතින් හිතුවා.... වර්නන්ව ඉවරයක් කරන එක ජිමින්ට කරන්න ඕන වුනත් ජිමින් තව තවත් ඉවසුවේ වර්නන්ව කිසි දෙයක් නැති අන්ත අසරණ විදිහට ඉවරයක් කරන්න හිතාගෙනයි.... මොකද ජිමින් එන්න එන්න හැමදේටම ලෝභ වුනා... සල්ලි නිසා තමන්ගේ ආදරේ නැති වුන වාඩුව වර්නන්ගෙන් පියව ගන්න ජිමින්ට ඕන වුනා.. ඉතින් හිගන්නෙක් ගාණට ඇදලා දාලා අන්ත අසරණ විදිහට වර්නන්ව මරන්න ජිමින් හැමදේම ආයේ ගෙස්ට් හවුස් එකට එනකම් ප්ලෑන් කර කරයි ආවේ...ජිමින්ට ඒ හැමදේම කරන්න ඕන වුනේ වර්නන්ගේ ගෝලයා අතට අහුකර ගත්තට පස්සෙයි.. වර්නන්ව අහු වුන දවසේ ඉදන් හ්‍යුන්ජින් ආගිය අතක් නැති නිසා මෙච්චර කල් ජිමින්ගේ ගැන්ග් එකේ අය කලේ හ්‍යුන්ජින්ව හෙව්ව එක... ඒත් අද වෙනකම් හ්‍යුන්ජින් ගැන කිසිම හෝඩුවක් නැහෑ... පොඩි පොඩි හෝඩුවාවල් ලැබුනත් ඒ හැම වෙලේම ජිමින් පරක්කු වුනා... ඒ ඇයි කියන්න ජිමින්වත් දැනන් හිටියේ නැහෑ....



පසුවදා ......




ජිමින් හිටියේ සෝයොන් එක්ක බ්‍රෙක්ෆ්ස්ට් ගන්න ගමන්... දෙන්නා ආදරෙන් හුග කාලෙකට කලින් වගේම අදත් සතුටෙන් ගත කලා... ඒත් ඒ සතුට වැඩි වෙලා රැදුනේ නැත්තේ ජිමින්ට ආව කෝල් එක නිසයි.......


📱:යොබොසෙයෝ චෑනා... මොකද මේ උදේම...


📱: ඩො....ක්..ටර්...... ආෂ්ෂ්ෂ්.....



📱 : යහ් චෑන්.. යහ්හ් යහ්.. මොකද වුනේ.. ඇයි අමාරුවෙන් වගේ කතා කරන්නේ අහ් ?..."


📱:ඩොක්ටර් .... ව....ර්නන්.. පැන ගත්තා....

📱 :ම්වෝ???....මොනවද තමුසේ කියවන්නේ අහ්... ?

📱: ඩොක්ටර් .... ඉක්මනට ... එන්න...

📱🔇



📱 : යහ් චැන්... යහ් බන්ග් චෑන්.... !!!!! ඔහ් ශිට්.... F#*#-- k....


චෑන්ගේ කෝල් එක එක පාරට කට් වෙද්දී ජිමින්ට දැනුනේ එයාගේ ඔලුව ඇතුලේ හෙන පුපුරනවා වගේ හැගීමක්...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

To Be Continued .......




___________________________________________

♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️


උප්ස් වර්නන් පැන ගත්තනේ... 🙊

ඕම්කේ බායි.....

Votes , Comments කරන හැමෝටම ගොඩක් ස්තූතී 😘❤️

Borahae 💜️
✍JinNu

Continue Reading

You'll Also Like

179K 26.7K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
32.2K 8.5K 35
ඉතින් ආදරනීය ලා ලිලී මල් ගොමුව.. මමත් එන්නද නිතර හැමදාම.. ඔබත් සමග එකම පිටුවක වන්න.. ~~ We may not be on the same page But I want to walk this path S...
215K 29.7K 56
ආදරය කියන්නෙ විඳින දෙයක් විතරක්ම නෙවෙයි...විඳවන දෙයක් ❤ JJK Mafia FF 💜️ Completed : 22/05/2021 Rankings : #1 - jungkook #1 - jk #9 - fanfiction #4...
43.4K 6.3K 39
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...