DOCTOR MAFIA ♠️🎯 || PJM [...

By JinNu97

48.7K 10.8K 3.4K

🚫සල්ලී බලයට ජීවිත වල වටිනාකම තුට්ටු දෙකට වැටුන කතාවක්.. ♠️ 🚫ආදරය ලග සල්ලී වල වටිනාකමක් නැති වුන කතාවක් 💔 ... More

CHAPTER 1 ♠️
CHAPTER 2 ♠️
CHAPTER 3 ♠️
CHAPTER 4 ♠️
CHAPTER 5 ♠️
CHAPTER 6 ♠️
CHAPTER 7 ♠️
CHAPTER 8 ♠️
CHAPTER 9 ♠️
CHAPTER 10 ♠️
CHAPTER 11 ♠️
CHAPTER 12 ♠️
CHAPTER 13 ♠️
CHAPTER 14 ♠️
CHAPTER 15 ♠️🚫
CHAPTER 16 ♠️
CHAPTER 17 ♠️
CHAPTER 18 ♠️
CHAPTER 19 ♠️
CHAPTER 20 Pt 1 ♠️
CHAPTER 21 ♠️
CHAPTER 22 ♠️
CHAPTER 23 ♠️
FINAL CHAPTER Pt 1♠️
FINAL CHAPTER Pt 2 ♠️
POSTSCRIPT ♠️ & AUTHOR NOTE

CHAPTER 20 Pt 2 ♠️

1.2K 364 59
By JinNu97


©සදේ මං කෙසේ කියන්නේ..
හිතේ තියෙන මේ ආදරය
මා මන්මත් කෙරුවා කියා...ඔබ දුටු දා.....
නෙතේ වේදනා නිවෙන්නේ ඔබේ රූව නිසා....
හිත පාවෙලා දුර ගියා ...🥀

~~~~~~~~~~~~~~~~~~~~~~~


එදා දවස මගේ ජීවිතේ මං වැඩියෙන්ම පසුතැවුන දවස...

ජිමින්ව අයින් කරන්න ගැහුව ප්ලෑන් එක අවුල් වුන නිසා මං හිටියේ පිස්සුවෙන් වගේ. මොන දෙයක් කරත් ඌ මගෙනුයි අප්පා ගෙනුයි බේරිලා යනවා..ජිමින්ගේ වැඩ නිසා මට මතක් වෙන්නේ එක්කෙනයි .. ඒ බ්ලැක් ආසියා..... මං කරන හැම වැඩකටම හරස් වෙනවා වගේම ඒ හැම දේකින්ම පැනලා යන්නත් බ්ලැක් ආසියා දක්ෂයි..මේ වගේමයි ජිමිනුත්... ඉතින් මං හිටියේ සිහියකින් නෙවෙයි..

එදා මගේ බර්ත්ඩේ එක.. මං හැම පාරම බර්ත්ඩේ එක සැමරුවේ මගේ යාලුවෝ එක්ක ක්ලබ් එකේ ... ඉතින් මේ පාර කියලත් ඒකේ වෙනසක් වුනේ නැහෑ... සෝයොන් ජිමින් ලගට ගියාට පස්සේ එදා කොලේජ් ආවා... මං හිතුවේ එදා දවස සෝයොන්ට අමතක වෙලා කියලා.. ඒත් එහෙම වෙලා නැහෑ ... එයාට තවමත් හැමදේම මතකයි...


එක වෙලාවකට සෝයොන් ගැන මට දුකක් දැනුනා... එච්චර අහිංසක , අවංක වෙන එක ගැන... මං නිසා එයාගේ ජීවිතේ නැති වෙන්න ගියේ කියලා එයා දන්නවනම් මට කවදාවත් සමාව දෙන්නේ නැති වෙයි කියලා මං හිතුවා...


ජිමින්ගේ කේස් එක නිසා ඔලුව ගිනි අරන් හිටිය නිසා කරන්න ඕන මොනවද ? නැත්තේ මොනවද ? කියලා අවබෝධයක් තිබ්බේ නැහෑ. ඉතින් එදා දවස සෝයොන්ට මගේ අතින් ලොකු වරදක් වුනේ මගේම වරදින්.

" මට යන්න දෙන්න ......"

" මට රිදෙනවා..."

සෝයොන් මගේ ලග අඩා වැටුනා.. ඒ වචන මගේ කණ් වලට ඇහෙන වාරයක් ගානේ මං තව වියරු වැටුනා.. හැම කෙල්ලම බලන්නේ මගේ ඇගේ එල්ලෙන්න.. එහෙම වෙලා සෝයොන් විතරක් මාව ප්‍රතික්ෂේප කරන නිසා මගේ තරහා තව වැඩි වුනා .. ඔව් ඒක උමතුවක්.. මං උමතුවෙන් වගේ සෝයොන්ව මගේ කර ගත්තා.....

ලේ මැද්දේ ඒ කෙල්ල වැටිලා අමාරුවෙන් හුස්ම අල්ලද්දී මං හිනා වුනා.. මොකද මං මට අවශ්‍ය දේ කර ගත්ත නිසා... මට සිහියක් තිබ්බේ නෑ. මං ඉන්නේ කොහෙද .මොනවද කරන්නේ කියන එක ගැන මට අවබෝධයක් තිබ්බේ නැහෑ.. ඒත් එක දෙයක් මං දැනන් හිටියා.. ඒ සෝයොන්ව මට තව තවත් ඕන කියන දේ විතරයි.. සෝයොන්ගේ පහසට මං පිස්සු වැටිලා වගේ හිටියේ....

මත් ගතිය ටික ටික මගෙන් ඈත් වෙද්දි මං හිමීට ඇස් ඇරලා බැලුවේ සෝයොන් තවමත් මගේ ලග ඉන්නවද කියලා....

එයා හිටියා.....

ඒත්....

වෙනදට හිනා වෙලා මගේ ලග ඉන්න කෙල්ල අද හිටියේ වේදනාවෙන් කෙදිරි ගාන ගමන්.....

මං පසුතැවුනා... සිය දහස් වතාවක් මං පසුතැවුනා.. ඒත් ඒ වගේම මං සතුටු වුනා... සෝයොන් මගේ වුන නිසා... එත් ඒ සතුට මගෙන් ඈතට ගියේ අර ජිමින් අපි දෙන්නා අතරට ආව නිසා.......

ඌ එදා නාවනම් සෝයොන් මගේ ලගම නවතින්න තිබ්බා... මොකද කෙල්ලෙක්ට බැහෑ එහෙම හැමදේම අමතක කරන්න.. කෙල්ලෝ එහෙමයි....

ඒත් සෝයොන් ....එයා වෙනස් වුනා....

මගේ වුන එකී ඒ හිතින්ම පිස්සුවෙන් වගේ ජිමින්ට ආදරේ කලා.... එහෙම වෙන්න පුලුවන්ද?....

අනික ජිමින් වගේ කෙනෙක් එහෙම ආදරේ කරයිද ?....

මට තිබ්බ එකම පුදුමේ මේ හැමදේම දැනගෙනත් ජිමින් මුකුත් නොකල එක....

මං මගේ විදිහට සෝයොන්ව මගේ ලගට ගන්න හුගක්ම ලං වෙලා හිටියේ... ඒ අවස්ථාව තව ලේසි කලේ ජිමින්මයි....

ජිමින් මැරි කරන්න යනවා.....

" පිස්සෙක්.... ඌ පිස්සෙක්.... ඌ කොහොමද සෝයොන්ට එහෙම කරන්නේ... "

" බොස් මේක අපිට තව ලේසි වෙනවා..."

" දේ... ඒත් අරකි ඌ වෙනුවෙන් අඩයි... තමුසේ මට කියන්නේ ඒකී ඌ වෙනුවෙන් අඩනවා මට බලන් ඉන්න කියලද ?"

" ඒත් බොස් කෙල්ලව අපේ ලගට ගන්න පුලුවන්නේ..."

" බැහෑ...."

" ඒ ඇයි..."

" ජිමින්ගේ කවුරු හරි මාව ෆලෝ කරනවා හ්‍යුන්ජින් .... මාස ගාණක් කවුරු හරි මගේ හෙවනැල්ල වගේ මගෙත් එක්කම ඉන්නවා.. ඒත් ඌ කවුද කියන්න මට තාම හොයා ගන්න බැහෑ...."

" ගැන්ග් එකේ අයට කියලා මිනිහව අල්ලගමු..."

" මං උත්සහා කලා.. ඒත් ඒ හැම වෙලේකම මං අසාර්ථකයි හ්‍යුන්ජින් ...දැන් ඒ දේ අමතක කරමු.....අපි ජිමින්ගේ මැරේජ් එකට යන්න ඕන...."

" ඒත් බොස් ජිමින්ගේ කට්ටිය ගාර්ඩ් එකට ඇති. අනික රෆායල්ගේ අය.. "

" තමුසේ බය නොවී ඉන්නවකෝ... "

මං එහෙම කිව්වත් මොනවා වෙයිද කියන්න මටවත් විශ්වාසයක් තිබ්බේ නැහෑ.. අප්පා නැති වුනාට පස්සේ ඉදන් මං ගෙව්වේ හැංගුන ජීවිතයක්.. සැරින් සැරේ බ්ලැක් ආසියාගෙන් එන මරණ තරජනයි , ජිමින් එවල තිබ්බ හෙවනැල්ලයි එක්ක මං හැමදේම කලේ හරි පරිස්සමින්.. මේ වගේ තත්වෙක ඒ වගේ තැනකට යනවා කියන්නේ හරියට මරණයේ කටට යනවා වගේ වැඩක්.. ඒත් මට ඕන වුනේ ඒ අවධානම ගන්න ... ඒ සෝයොන් නිසා....

මගේ මිනිස්සුන්ගේ මාර්ගෙන් මටයි හ්‍යුන්ජින්ටයි ඇතුලට පැන ගන්න ලේසියෙන් පුලුවන් වුනා.. ගිය වෙලේ ඉදන් මං කලේ ජිමින් ගැන ඇහැ ගහන් හිටිය එක... මිනිහා හැමෝටම පේන්න රැස් විදිහන් හිටියට හිත ඇතුලෙන් ළාමකයි.. ඒක මට තේරුනේ මිනිහා හැමෝටම හොරෙන් අඩනවා මං දැක්ක නිසා... ඔව් ඌ අඩන්න ඕන... මොකද සෝයොන්ට දුක් දුකට ඌ ඊට වඩා අඩන්න ඕන නිසා....මගේ අප්පට කල දේට ඌට ඔය දුක ලැබෙන්න ඕන...

වෙඩින් එක කිසි ප්‍රශ්නයක් නැතිව සිද්ද වුනා.... ඒත් මං දැක්කේ මං කීයටවත් බලාපොරොත්තු නොවුන කෙනෙක්...


" සෝයොන් ?... එයා මොනවද මෙතන කරන්නේ ?"


මං දැක්කේ පැත්තක ජිමින්ගේ එකෙක්ගේ අතේ එල්ලිලා අඩ අඩ ඉන්න සෝයොන්ව.. ඊටත් වඩා ජිම්න්ගේ ඇස් තිබ්බේ සෝයොන් ලග.. ඌ හිතාමතාම කෙල්ලව රිද්දනවා...

" චහ් චහ්.. මහා බොලද ආදරවන්තයෝ.... "

මැරේජ් එකේ අන්තිම වෙනකම් ඉදලා මායි හ්‍යුන්ජිනුයි එළියට ඇවිත් වාහනේට වෙලා හිටියේ සෝයොන් එළියට එනකම්... ඒත් සෝයොන් එළියට ආවේ තනියම නෙවේ...

" මූ ඇයි ඒකීගේ ලගින් අයින් වෙන් නැත්තේ..."

" සමහරවිට ජිමින් කියලා ඇති බොස්..."

" ශිට්.. මූ ලග ඉන්නකම් මට කෙල්ලට ලංවෙන්න බැහෑ අයිසේ..."

" අපි මිනිහට ගේමක් දෙමුද "

" එපා..අර බලනවා...."

මං පෙන්නුවේ ඈතින් ඉන්න ජිමින්ගේ ගැන්ග් එකේ අයව.... ජිමින් ලග ඉන්න යාලුවෝ දෙන්නා ලගම ගැන්ග් එකේ අය 10ක්වත් ඒ අවටින් අනිවාර්යයෙන් ඉන්නවා... ඉතින් නිකන් මෝඩ වෙලා අවධානමක් ගන්න බැරි නිසා මං හ්‍යුන්ජින්ට වාහනේ ගන්න කියලා කෙලින්ම ගියේ සෝයොන් නැවතිලා ඉන්න ගෙදරට......

SoYeon Pov......

ජීවිතේ එක පිට එක අහිමීවීම් ගොන්නක් ලැබෙද්දී හිතට දැනෙන්නේ මහා හිස්බවක්... අපි ජීවත් වෙන්නේ ආශාවන් ගොන්නක් පොදිබැදන්.. ඒ අශාවන් එකින් එක ලං කර ගන්න අපි හුගක් මහන්සි වෙනවා.. ඒත් ඒ ආශාවල් අපේ ඇස් පනාපිටම සුනු විසුනු වෙලා යද්දී දැනෙන හැගීම වචනයෙන් විස්තර කරන්න බැරි තරම්...


කෙල්ලක්ට දැනෙන්න ඕන උපරිම හිත් වේදනාව මං මේ වෙනකොට විදලා ඉවරයි... හුස්මෙන්ම මගේ වෙන්න ප්‍රාර්ථනා කරපු, ආත්මයෙන්ම අපේ වෙන්න පොරොන්දු වුන එයා අද වෙන කෙනෙක්ගේ වෙලා....

අඩන්න තවත් ඇස් වල කදුලු ඉතිරි වෙලා නැති තරම්...මටත් පුදුමයි මෙච්චර කදුලු මගේ ඇස් වල තිබුණද කියලත්.... කොච්චර කදුලු හැලුවත් අහිමි වුන දෙයක් අපිට ආයේ ලං කර ගන්න බැහෑ... ඇත්තට මූණ දෙන්න ඕන.. ඒකට හිත හයිය වෙන්න ඕන.. මං වින්ද දුක හැටියට මගේ හිත ගලක් කර ගන්න මට පුලුවන් වුනානම් අද මේ තැන මං නොහිටින්න තිබ්බා.. ඒත් අවාසනාවකට මට එහෙම කරන්න බැහෑ... හැමදාම වගේ එයා ලග මං බොලදයි....

වෙඩින් හෝල් එකෙන් මං එළියට ආවේ කොහොමද කියන්න මටවත් හරිහමන් මතකයක් නැහෑ... හරියට මළකදක් ගාණට වැටිලයි මං හිටියේ.. කුක්ගේ අත් වලට වාරු වෙලා මං හීනෙන් වගේ වාහනෙට ආවා මට මතකයි..... ඒත් මට ඕන එයා ලගට යන්න.. ඒත් මට බැහෑ.... අමාරුවෙන් හිර කරන් හිටිය කදුලු ආයේ නිමක් නැතුව වැගිරුනා....

" සෝයොනා .... චේබාල් අඩන්න එපා... දැන් හැමදේම අමතක කරන්න...."


කුක් මාව සනසන්න හුගක් උත්සහා කලා. එක අතකින් එයා පව්.. එයා මොනවා කියලා කරන්නද... එයාගේ ජීවිතේ තියෙන ප්‍රශ්නත් එක්ක මාත් එයාට තව බරක් වෙලා...

" ඔයා යන්න ජන්ග්කුක් .. මං යන්නම්..."

හිත සනසන්න කෙනෙක් හිතින් ඉල්ලුවත් තවත් මේ බැදීම් වලට හිර වෙන්න බැරි නිසා මං කුක්වත් ඈත් කරන්න බැලුවා.. ඒත් ජන්ග්කුක් මගේ කීම ඇහුවේ නැහෑ.. මාවත් එක්කන් යන්න ලෑස්ති වුන ජන්ග්කුක් අතින් සන් කරලා ගැන්ග් එකේ කෙනෙක්ට වාහනේ ගන්න කියලා මාත් එක්කම පිටිපස්සේ ශීට් එකේම වාඩි වුනා...

එක වෙලාවකට මට මහා පුදුමයි ජන්ග්කුක් ගැන....

ජිමින්ගෙන් සම්පුර්ණයෙන්ම වෙනස් විදිහේ ගතිගුණ වලි ජන්ග්කුක් පරිපූර්ණයි... ඒත් ඒ ජීවිතේ ආදරයෙන් අසම්පූර්ණයි... මේ වගේ කෙනෙක් නෙවේද ආදරෙන් සතුටෙන් ඉන්න ඕන... ඒත් ඒ අසරණයත් මං වගේම ආදරෙන් පැරදිලා... එක වගේ අය ලෝකේ එකට මුණගස්සනවා වගේ මගේ වේදනාව දන්න කෙනෙක්ම මගේ ලගින් ඉන්න එක මට සහනයක් වුනා......

වාහනේ එනකම්ම මං කලේ වීදුරුවෙන් එළිය බලන් ඇඩුව එක.... ඉකිගැහුව එක....අඩලම හෙම්බත් වෙලා හිටිය මට තව කෙලින් ඉන්න පණක් නැති තරම් .. ඒත් මං ඔලුව උස්සන් ඉන්න උපරිම උත්සහා කලා....අවාසනාවකට මට තවත් දරාගෙන ඉන්න බැරි වුනා...

" මට සමාවෙන්න "

මං හිතින් ජන්ග්කුක් ආදරේ කරන කෙනාගෙන් සමාව ගත්තා... මොකද මට මේ වෙලාවේ අඩන්න උරහිසක් ඕන....මං කරන්නේ වරදක් කියලා හිත කීව නිසාම මං නාදුනන ඒ කෙනාගෙන් සමාව ගත්තේ ඒකයි...

මගේ එහා පැත්තෙන් වාඩි වෙලා තවත් මාව සනසන්න උත්සහා කරන ජන්ග්කුක්ගේ උරිස්සට ඔලුව තියන් මං ඇති වෙනකම කදුලු හැලුවා....

" නා ඔත්තොක්කේ ... මං...මං දැන් මොනවද කරන්නේ ජන්ග්කුක් .... "

කතා කරගන්න බැරි තරමට මගේ කටින් ඉකිගැහෙනවා... ජන්ග්කුක්ගේ උරිස්සම මගේ කදුලු වලින් තෙත් වෙලා.. ඒත් එයා වචනයක්වත් නොකියා තවත් මාව ලං කරන් මගේ ඔලුව අතගාන ගමන් මාව සැනසුවා.....

" ෂ්ෂ්ෂ්ෂ්ෂ්.... තවත් අඩලා තේරුමක් නැහෑ සෝයොනා... මට මේ දේට මොනවා හරි කරන්න පුලුවන් වුනානම් ඇත්තටම මං සතුටු වෙනවා.. ඒත් මේ වෙලාවේ මට කරන්න දෙයක් නෑ.. මට පුලුවන් ඔයාව සනසවන්න විතරයි... මේ ඔක්කොම මගේ වැරදි...."


හැමදාම වගේ ජන්ග්කුක් එයාගෙ පිටින් මේ හැමදේම දා ගත්තා.. ඒක එහෙම නෙවෙයි කියන්න මට ඕන වුනා... ඒත් අඩලම හෙම්බත් වෙලා හිටිය මට තවත් වචන පිට කරන්න ශක්තියක් තිබ්බේ නැහෑ....

ජන්ග්කුක්ගේ පපුවට හේත්තු වෙලා අඩ අඩ හිටිය මට කොයි වෙලේ ඇස් පිය වුනාද කියන්න මං දන් නෑ.. එත් මට යන්තමින් දැනුනා හැඩි දැඩි අත්වලින් මාව අරන් ඇවිත් බෙඩ් එකක් උඩින් තියනවා...

ජන්ග්කුක් මාව පරිස්සමෙන් ගෙදරට ගෙනත්.. ඒක මගේ හිත කීව නිසා ඇස් ඇරලා බලලා කතා කරන්නවත් මට ඕන වුනේ නැහෑ.. මං නින්දෙන් කලෙත් අඩන එක....






ඇගට දැනුන සීතලත් එක්ක යන්තම් මං කෙදිරිගෑවේ ඒ උනුහුම හොයන ගමන්.. ඒත් නින්දෙන්ම ඒ උනුහුම දැන් මට අයිති නෑ කියලා දැනෙද්දී රස්නේ කදුලු බිංදුවක් මගේ කම්මුල දිගේ ගලාගෙන යනවා මට තේරුණා.... ඒත් ඒ කදුලු බිංදුවේ ගමන අවසාන කරන්න කලින් සීතල අතකින් පිහදැම්මා කියලා මට දැනුනා...

ඒ අත ....

ඒ සීතල..

හරියට ජිමින්ගේ වගේ....

ඒත් එයා කොහෙද මං ලග... මං ඇස් පියාගෙනම අනිත්පැත්ත හැරිලා බෙඩ් ශීට් එක අස්සට ගුලි වුනා....

පහුවදා මං නැගිටිද්දී මගේ නළල උඩ තිබ්බ රෙදි කැල්ල නිසයි මං තේරුම් ගත්තේ මට උණ අරන් කියලා.. ඒත් කවුද මාව බලා ගත්තේ.....?

මූණට වැටුන ඉර එළියත් එක්ක යන්තිමින් ඇස් ඇරලා බැලුවේ මගේ ලග ඉන්න කෙනා දිහා... බෙඩ් එකටම ඔලුව තියන් බිම වාඩි වෙලා හිටිය කෙනාව මට අදුර ගන්න අමාරු වුනේ නැහෑ....

" ජ...න්ග්කුක්..."

මං හිමීට එයාට කතා කලා... ඒ කියන්නේ මුලු රෑම එයා මගේ ලග ඉදන් මාව බලාගෙනද.. ?. ඒත් මුලු කාමරේම මට දැනුනේ ජිමින්ගේ සුවද....ඒ මගේ හිතෙන් ජිමින්ව හොයන නිසා වෙන්න ඇති කියලා මං මගේ හිතටම ඇගෙව්වා.. මගේ කටහඩට නිදන් හිටිය ජන්ග්කුක් ඇහැරුණා... තවම පොඩි ළමයෙක් වගේ නැගිට්ට ගමන් ඇස් දෙකත් පුංචි කරන් එයා කවුද කියලවත් නොදන්නවා වගේ බැල්මකින් බැලුව ජන්ග්කුක්ව දැක්කම මට එක පාරට හිනාවක් ගියා....

ඔව් මං හිනා වුනා.. ඒත් ඒ මුලු හදවතින්ම නෙවේ..

" ඔහ් ඔයා ඇහැරුණාද බබා..."

ජන්ග්කුක් ඇහුවේ කලබලෙන් වගේ මගේ උණ බලන ගමන්....

" මං බය වුනා දිගටම උණ තියෙයි කියලා.. දැන්නම් බැහැලා ගිහින්... "

මගේ කම්මුලට අතක් තියලා ජන්ග්කුක් හරි ලස්සනට හිනා වුනා ... ඇත්තටම ජන්ග්කුක් හරිම ආදරණීය කෙනෙක්.. ඒ එයා ඩොක්ටර් කෙනෙක් නිසා වෙන්න ඇති... මොකද මේ වගේ දේවල් එයාලට සාමන්‍ය නිසා..

ජන්ග්කුක් හිනාවට මාත් හිනාවකින් පිළිතුරු දෙද්දී එයා එක පාරට බය වෙලා වගේ වටපිට බලලා අයේ මගේ දිහා බලලා මෝඩ හිනාවක් දැම්මා...


" ඔයා යන්න ජන්ග්කුක් දැන්.. මට තනියම ඉන්න පුලුවන්..."

" දේ..දේ.. පුලුවන් කියලා මට තේරෙනවා.. ඊයේ මං බලෙන් හරි නාවනම් මොනවා වෙයිද දන් නෑ...හොද වෙලාවට අරුත්..."

ජන්ග්කුක් කියන්න ගිය දේ ගිලගෙන බයවෙලා වගේ මගේ දිහා බලලා ආයෙත් මුකුත් කීවේ නැහෑ වගේ බෙඩ් එක ලග තිබ්බ වතුර භාජනෙත් අරන් නැගිට්ටා ....

ජන්ග්කුක් මොනවද කියන්න ගියේ ?.. මගේ හිත වද දුන්නා.. ඒත් මං ඒ ගැන අහන්න ගියේ නැහෑ....



" වොශ් එකක් දාන් එන්න. මං කන්න දෙයක් හදලා තියන්නම් ... පුලුවන් නේද තනියම වොශ් දා ගන්න..."

ජන්ග්කුක් ඇහුවේ ඇහැක් ගහන ගමන්.. මොන දේ වුනත් ඒ දගකාර කමනම් කවදාවත් නවතින් නෑ.. ඒත් මොහොතකට හරි මගේ හිතේ තිබ්බ දුක නැති කරන්න ජන්ග්කුක්ට පුලුවන් වුනා.....

ජිමින් දැන් මොනවා කරනවා ඇත්ද ?...

මගේ හිත වද දුන්නා.. එයා එයාගේ වයිෆ් එක්ක ඉන්නවා ඇති නේද කියලා මතක් වෙද්දී මගේ පපුව දිගේ පිහි තුඩක් යනවා වගේ වේදනාවක් දැනුනා...

වතුර යටට වෙලා ඇති වෙනකම් අඩලා යන්තම් කොණ්ඩෙත් පිහදාන් ඇදුමක් දාන් මං කිචන් එකට ගියේ ජන්ග්කුක් මං එනකම් බලාගෙන ඉන්න හින්දයි.. තවත් එයාට වදයක් වෙලා බරක් වෙන්න මට උවමනා වුනේ නැහෑ.. මේකනම් මගේ දෛවය මං ඒකට මූණ දෙන්න ඕන... මං අකමැති වුනත් මට ඕන ඕන විදිහට මගේ දෛවය මට වෙනස් කරන්න බැහැනේ....

" කුක්... මොනවද මේ....?"

මං ඇහුවේ පුදුමෙන් ටේබල් එක දිහා බලන්.. ඒ එක්කම බයට මං කිචන් එක දිහාත් බැලුවා.. කිසිම දෙයක් අවුලක් නැතුව තිබ්බත් ජන්ග්කුක් දත් තිස් දෙකම පෙන්වන් අතේ හැන්දකුත් තියන් හිනා වෙවියි හිටියේ.....

" හී... මියාන්... ඔක්කොම කර වුනා.. ඕක කන්න.. ඕක විතරයි කර නොකර මට හදන්න පුලුවන්.. අහ් ඔය තියෙන පාන් කෑල්ල පොඩ්ඩක් කර නොවී බේර ගන්න පුල්වන් වුන නිසා ඒකත් තිබ්බා.. ඕන්නම් නූඩ්ලස් එකේ පොගවන් කන්න...."

ජන්ග්කුක් එහෙම කියලා ඉවර වෙනවත් එක්කම මං ආයේ ටේබල් එක උඩ තිබ්බ කෑම එක දිහා බැලුවා. රාමෙන් එකක් හදලා භාජනේ පිටින්ම තියලා ඊට එහා පැත්තෙන් වාටිය විතරක් කර වුන පන් පෙත්තක් බටර් එකක් එක්ක තියලා තිබ්බා...ඒක දැක්කා විතරයි කොහේදෝ තිබ්බ හිනාවක් එළියට ආවේ කදුලුත් එක්කමයි....


" ඔහ් ගෝඩ් කුක් ඔයානම්.. "

මං පුලුවන් තරම් හයියෙන් හිනා වුනා.. මට ඕන වුනේ මගේ හිතේ තියෙන දුක යවා ගන්න.. ඉතින් ඇති වෙනකම් මට හිනා වෙන්න ඕන වුනා... බඩ අල්ලන් මං පුටුවේ ඉදගෙන හිනා වුනා.. ඒත් වැඩි වෙලා මට හිනා වෙන්න වුනේ නැහෑ.. මතකය ආයේ අලුත් වෙද්දී එයා එක්ක ආදරෙන් හිටිය දවස් වල අපි කරපු කියපු දේවල් , එකට හිනා වුන හැටි, හිනා වෙලා වැඩි කමට කදුලු පුරවන් ආයේ හිනා වුන හැටි , ඒ හැම දේම එකින් එක ආයේ මතක් වුනා.... හිනාව ඇඩිල්ලකට හැරෙද්දී මෙච්චර වෙලා හිනා වෙවී හිටිය ජන්ග්කුක් පවා කලබල වෙලා මගේ ලගට දුවගෙන ඇවිත් මාව සනසවන්න උත්සහා කලා....

" ඒ සෝයොනා.. නෝ ක්වෙන්චානා ?. ඇයි ආයේම අඩන්නේ.. මොකද වුනේ ළමයෝ...?"

ජන්ග්කුක් මාව එයාට තුරුල් කරන් කතා කලා.. ඒත් මට එයාට උත්තර දෙන්න උවමනා වුනේ නෑහෑ.. නැහෑ.. මට උත්තර දෙන්න බැහෑ.. මගේ කටි පිටවෙන ඉකියත් එක්ක මට කතා කරන්න අමාරු වුනා.....

" කු...ක්...එය...එයාත් ඔහොමයි...."

මට කතා කරන්න පුලුවන් වුනේ එච්චරයි... ජන්ග්කුක් මාව තේරුම් අරන් ආයෙම එයාගේ පපුවට හේත්තු කර ගත්තා.....

" ඔයා දැන් යන්න කුක්..."

ඇඩිල්ල අතරින්ම මං එහෙම කිව්වේ මාව තුරුල් කරන් හිටිය ජන්ග්කුක්ව එහාට තල්ලු කරන ගමන්...

" සෝයොන් ඇයි මේ... ? එක පාරට මොකද වුනේ ?"

" ඔයා යන්න කුක්.. ඔයා ඉන්න එකෙන් වෙන්නේ මට තවත් එයාව මතක් වෙන එක.. මට මගේ හිත හදා ගන්න ඕන .. චේබල් . ඒ නිසා ඔයා දැන් යන්න.. ."

අඩ අඩම මං ජන්ග්කුක්ව ගෙදර දොර ලගටම තල්ලු කරගෙන ගිහින් එයාට කතා කරන්න ඉඩක් නොදීම එළියට දාලා දොර වැහුවා... මගේ හිතින්ම මං ජන්ග්කුක්ගෙන් සමාව ගත්තේ එයාව රිද්දන්න අදහසක් මගේ හිතේ නොතිබ්බ නිසයි... මට ඕන වුනේ ජිමින්ගේ මතක වලින් ඈත් වෙන්න.. ඉතින් ඒ දේ තේරිලා වගේ ජන්ග්කුක් මට පරිස්සමෙන් ඉන්න කියලා යන්න ගියා .....

එදා මං තනි වුනා....

මගේ උවමනාවෙන්ම මං හැමෝගෙන්ම ඈත් වෙලා තනි වුනා....

වරු ගණන්, දවස් ගණන් ඒ ගෙදර බිත්ති වලට කොටු වෙලා මං කදුලු හලන්න ඇති.. හිතින් ජිමින්ට කතා කරන්න ඇති. ඒත් ඒ එක දවසකවත් එයා ආවේ නෑහෑ.. හිත බලාපොරොත්තු වුනේ එයාව වුනත් එයා ආවේ නැහෑ...ඉස්සර වගේ මගේ කදුලු පිහදාන්න , මාව ඒ පපුවට ගුලි කර ගන්න එයා ආවේ නැහෑ... ඉතින් මං තනි වුනා....




මාස කිහිපයකට පසු.....


ගෙවුන මාස කිසිපයේ හිතට සැනසීම නොදැනුන තරම්.. ඒ සැනසීම සහමුලින්ම නැති වුනේ වර්නන් නිසා... ජන්ග්කුක් මගේ ගෙදරින් ගිය දවසේ ඉදන් වර්නන්ගේ වදේ එන්න එන්න වැඩි වුනා... මුලින් මුලින් වර්නන්ව බැනලා එලව ගන්න පුලුවන් වුනත් දවස් ගෙවෙද්දී මගේ වචන වලට වර්නන් බය වුනේ නැහෑ.. ඒ වෙනුවට එයා කලේ මට තර්ජනේ කල එකයි මට කරදර කල එකයි .....


" මට යන්න දෙනවා වර්නන් .. ගෙදර යන්න පරක්කු වෙනවා..."

මං හිටියේ කැම්පස් එකට යන පාරේ. ලෙක්චර්ස් ඉවර වෙලා ලයිබ්‍රි එකට වෙලා පාඩම් කල නිසා මට ඒ වෙනකොටත් ගෙදර යන්න පරක්කු වෙලයි හිටියේ... බලු බල්ලෙක්වත් ඒ වෙලාවේ පාරේ හිටියේ නැති නිසා මට දැනුනේ ලොකු බයක්.. විශේෂයෙන් එතන වර්නන් හිටිය නිසා....

මං ආව පාර හරස් කරන් වර්නන් හිට ගත්ද්දී එයාව මගඇරලා මං යන්න හැදුවත් වර්නන් ඒකට ඉඩ දුන්නේ නැහෑ.......

" සැරයක් කිව්වා වර්නන් ... තමුසේ එක්ක සෙල්ලම් කරන්න මට වෙලාවක් නැහෑ...."

" ඔහ් හෝ.. බේබී ගර්ල් ඇයි මේ කලබල වෙලා... මං ඔයාව පරිස්සමෙන් ගිහින් ඇරලවන්නම්.. කෝ එන්න යන් අපි ."

වර්නන් කිව්වේ එයාගේ අතක් මගේ උරිස්ස වටේ දා ගන්න ගමන්..

" ගන්නවා ඔය ජරා අත....


වර්නන් මගේ කරවටේ දා ගත්ත අත එහෙන්ම ගසලා දාලා එහෙම කියලා මං ආයේ ඉස්සරහාට ඉක්මන් අඩියෙන් ඇවිදගෙන ගියා ...

" ම්වෝ ? ජරා අත .. ? ඔහොම ඉන්නවා.... "


මගේ පිටිපස්සෙන්ම දුවගෙන ආව වර්නන් ආයෙත් සැරයක් මාව එයාගේ පැත්තට හරවලා කතා කලේ රතු වුන ඇස් වලින් තරහෙන් මගේ දිහා බලන්...


" තමුසෙට මගේ අත ජරා අත . එතකොට අර ගෑණු එක්ක ලැගලා තමුසේ ලග නැලවුන අරූ සුද්දවන්තයද ?...."


" ජස්ට් ඉනෆ් වර්නන් ඕකේ... මට යන්න දෙනවා...."

" කොහේ යන්නද ඔහොම ඉන්නවා.. අද මං මේකේ දෙකෙන් එකක් විසදගෙන මිසක් තමුසෙට යන්න දෙන් නෑ..... "


එහෙම කියපු වර්නන් එක තත්පරේකටවත් පරක්කු නොකර මාව ඇදලා අරන් මගේ තොල් වලට නැඹුරු වුනා... තවත් වර්නන් එක්ක හැප්පෙන්න මට ශක්තියක් නොතිබ්බ තැන මගේ අතක් වර්නන්ගේ කම්මුලේ හිටිද්දී වර්නන් හිටියේ මගේ දිහා බලන් වෛරයකින්... මගෙන් වැදුන පාරට ඒ කම්මුල අතකින් අල්ලන් හිටිය වර්නන් අනිත් අතින් එයා ඇදන් හිටිය ලෙදර් ජැකට් එක අස්සට අත දාලා දෙයක් එළියට ගත්තා.. ඒ දේ මොකද්ද කියලා මට බලන්න උවමනාවක් නොතිබ්බ නිසාම ආයෙත් පරක්කු නොවී මං එතනින් එන්න ආවේ පාරට හුගක් කිට්ටු නිසා ඉක්මනින් ටැක්සි එකක් අරන් එතනින් යන්න හිතන්...

ඒත් මට යන්න වුනේ අඩි කිහිපයක් විතරයි....

" ඔහොම ඉදපන් බැල්ලී....."

මගේ පිටිපස්සෙන්ම ආව වර්නන් මගේ කොණ්ඩෙන් ඇදලා අරන් මාව පාරෙ අයිනට තල්ලු කරද්දී මං බිම ඇදගෙන වැටුනේ ඇගේ බැලන්ස් එක මගෙන් ගිලිහෙද්දියි.... වැටුන පාර මගේ අත් බිම වැදුන නිසා ආයේ වර්නන් දිහා බලන්නවත් මට බැරි වුනේ අතෙන් දැනුන වේදනාව නිසයි..... ඒත් බිමට හැරිලා තිබුන මගේ මූණ වර්නන්ගේ අතකට හසුවෙද්දි මං දැක්කේ වර්නන්ගේ අනිත් අතේ තිබ්බ බෝතලයක්...


" ව..ර්නන්.. මොනවද....ඔය?"

" හහ්... තමුසේ හිතන් ඉන්නේ ආයේ අරූ ලගට යන්නම් ඒක වෙන් නෑ. තමුසේ මේ වර්නන්ගේ විතරයි.. එහෙම නැත්නම් උඹ මැරිලා පලයන්...."


මගේ මූණෙන් අල්ලන් ඒ රතු වුන ඇස් වලින් මගේ මූණ දිහා හොදින් බැලුව වර්නන් කටකොණකින් හිනා වුනා... ඒත් ඒ එක්කම ඒ මූණට කලින් තිබ්බ යක්ෂ මූණ එන්න වැඩි වෙලා ගියේ නැහෑ... කටින් පිට වුන වචනත් එක්ක අන්තිම වචන ටික කියනවත් එක්කම වර්නන් එයාගේ අතේ තිබ්බ ඒ බෝතලේ මගේ මූණට විසි කලේ කිසිම හිතක් පපුවක් නැතුව මාව බිමටම තල්ලු කරලා දලා මගේ බඩට වගේම පපුවටත් කකුලෙන් පාරක් දෙකක් ගහන ගමන්....


" ආආආආආආආආඅ........ඔ..ම්ම්මා.....ආ.... දැව්ල්ලයි..... අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්"


මං පුලුවන් උපරිම කෑගැහුවා.. ඒ වේදනාව.... හරියට මාව පන පිටින් පිච්චෙනවා වගේ මට දැනුනේ. මගේ මුණ වගේම පපුවත් වර්නන් ගැහුව ඇසිඩ් වලින් පිච්චුනා... ලග පාතක උදව්වටවත් කෙනෙක් නැති වෙද්දී උගුර වේලෙනකම් කෑගහපු මට ඇස් පිය වුනේ කොයි වෙලේද කියන්න මං දන් නෑ... ඇස් පිය වෙනවා වගේ දැනෙනකම්ම මගේ බොද වුන ඇස් වලට පෙනුනේ මාව සතෙක් ගාණට දාලා කිසි ගාණක් නැතුව උමතුවෙන් හිනා වෙවී යන වර්නන්ව.....

" ජි.....මි....න්..."

ඇගට පන තිබ්බ අන්තිම මොහොතෙත් මං කතා කලේ එයාට.. ඒ හැමදාම වගේ මගේ උදව්වට එයා එයි කියලා බලාපොරොත්තුවෙන්.. නොඑන බව දැන දැනත් මං ඒ රුව හෙව්වා.. මොකද මූණෙන් දැනුන වේදනාවට වඩා මට හදවතින් දැනුන වේදනාව වැඩි නිසා....

විශ්වාස කරනවද වෛරය පටන් ගන්නෙත් ආදරෙන් කියලා..

ආදරය කරන හදවතින්ම මිනිස්සුන්ට වෛර කරන්නත් පුලුවන් කියලා....

ඒ හැගීම විදින කෙනෙක්නම් ඒ මංම විතරක් වෙනවනම් මං කැමති වුනා.. මොකද මං විදින වේදනාව තව කෙනෙක් විදිනවටවත්මං කැමති නොවුන නිසා.. මොකද ඒ වේදනාව පිහිපිට තියෙන වේදනාකාරිම දේ නිසා..

Flashback End....

Back To The Present .....


" ඔ...යා.....ඔයා කොහොමද මැණික එච්චර වේදනාවක් ඉවස ගත්තේ.....කොහොමද ඔයා එහෙම කලේ..."

ජිමින්ගේ ඇස් මටත් වඩා තෙත් වෙලා. මුලූ මූණම තිබ්බේ කදුලු වලින් තෙත් වෙලා.. ඇස් දෙක අඩලම රතු වෙලා වගේ.. ඒ කියන්නේ ජිමින් මේ මුලු කතාව අහනකම්ම අඩලා... එයාට මටත් වඩා මගේ වේදනාව දැනෙනවා... මාත් හිටියේ තවත් කතා කරන්න පුලුවන් තත්වෙක නෙවෙයි නිසා ජිමින් අහපු දේට උත්තර නොදී ඒ කම්මුල් වල තිබ්බ කදුලු හිමීට පිහිදැම්මේ අඩන්න එපා කියලා ඇස් වලින් කියන ගමන්.... ඒත් ජිමින් ඒයාගේ කදුලු නැවැත්තුවේ නැහෑ.. හැමදාම වගේ ඒ මුරණ්ඩු හිත තවත් මාව රිද්දලා අඩන්න ගත්තා. මාව ඒ පපුවට තද කරන් අඩන්න ගත්තා...


" මට සමාවෙන්න සෝයොනා.. මට සමාවෙන්න.... මේ හැමදේම මගේ වැරදි...ඔයාව මං තනි නොකරනම් අද ඔයා මෙහෙම දුක් විදින් නෑ.. එහෙම වේදනාවක් විදින් නෑ... "


" ෂ්ෂ්ෂ්ෂ් දැන් ඇති චිමී...දැන් ඇති. තවත් අපි අඩලා තේරුමක් නැහෑ.. මං හොදින්.. බලන්න මං ඉස්සරට වඩා හොදින්...."

ජිමින්ව සනසන්න හිතන් මං එහෙම කිව්වේ ජිමින්ගේ පපුවෙන් ඈත් වෙලා ආයාසයෙන් හිනාවෙන ගමන්.... ඒත් ජිමින් හිනා වුනේ නැහෑ.. ඒත් ඇඩුවෙත් නැහෑ.. ඒ වෙනුවට ජිමින්ගේ රතු වෙලා තිබ්බ ඇස් තරහෙන් වෙව්ලන්න ගත්තා.......ඒ ඇයි කියන්න මට ජිමින්ගෙන් අහන්න ඕන වුනේ නැහෑ.....මොකද ජිමින්ගේ හැම හැසිරීමක්ම මං හොදින් දන්න නිසා....


" ඔයා හරි මැණික.... තවත් අපි මෙහෙම අඩලා තේරුමක් නැහෑ.... මේ හැමදේකම ඉවරයක් තියෙන්න ඕන... දැන් ඔයා මගේ ලග නිසා මට කිසිම බයක් නැතුව මේ හැමදේම ඉවරයක් කරන්න පුලුවන්....."

ජිමින් එහෙම කියද්දී මං ඔව් කියන්න ඔලුව වැනුවා.. ඇත්ත.. මේ හැමදෙයකම අවසානයක් තියෙන්න ඕන. ජිමින් මං එකතු නොවුනත් මේ හැදෙයකටම මුල වුන වර්නන් ඉවරයක් වෙන්න ඕන.. අපි හැමෝම එයා නිසා වේදනා වින්දා.. ඉතින් අපි තව ඉවසන් ඉන්න එකේ තේරුමක් තියෙනවද......

" සෝයොන් ... ලෑස්ති වෙන්න.... ඔයාගේ ඉස්සරහම මං ඌව ඉවරයක් කරනවා.. ඔයාට දුන්න වේදනාව දහා ගුණයකින්... නැහෑ ඊටත් වඩා මං ඌට විදින්න සලස්වනවා..... "

ජිමින්ගේ සීතල අත් වලින් මගේ මූණ අල්ලන් එහෙම කිව්වේ දරා ගන්න බැරි තරම් වෛරයකින් වගේ උතුරලා යන ආදරෙකින් කියලා මට තේරුණේ එයාගේ ඇස් වලින්.. ඒ ඇස් වලින් වෙනම කතාවක් කියනවා..හරියට මං ජිමින්ව දැක්ක පළවෙනි දවසේ වගේ.....

මගේ හිතට පුංචි සතුටක් දැනුනා... මොකද ජිමින්ගේ ඇස් වලින් කිව්වේ වර්නන් ඉවරටම ඉවරයි කියලා...

.
.
.
.
.
.
.
.
.
.
.

To Be Continued ......

___________________________________________

♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️

එහෙනම් ළමයි ....වරනන්ව ඉවරයක් කරලා කතාව ක්ලෝස් කරමු නේ ?...

එහෙම කරන්න පුලුවන් වෙයිද ?...

මතක තියා ගන්න ළමයි. අවසානය වෙනකම් කිසිම දෙයක් විශ්වාස කරන්න එපා.. !

Votes , Comments කරන හැමෝටම ගොඩක් ස්තූතී 😘❤️

Borahae 💜️
✍JinNu

Continue Reading

You'll Also Like

20.7K 4.8K 17
- වේදනාවක් නැතුව ආදරේ හැගීම ලබන්න ඕනේනම් ආදරේ කරන්න ,.... ඒ තමන්ටත් ආදරේ කරන කෙනෙක්ට ... 🥀- ------Alpha Tae ------ Start Date 📅 : 2021.08.24 End...
18K 4.4K 20
✨️🥀දෛවය දඬුවමක්.. දෙවියන් විසින් ලියූ 🥀✨️ Started Date - 28.05.2021 Ended Date - 25.06.2021 All rights reserved under the copyright cla...
45.4K 8.1K 42
මේක අපි කවුරුත් දන්න අපේ ජිමින් කොල්ලා ගැන තමයි තියෙන්නේ ,එයා තමයි මේකේ main character එක කෙල්ලගේ නමනන් ආරෝහි 🥰 මේක ආදර කතාවක් 😘ඒත් ටිකක් කරදර මැද්...
31.3K 7.5K 21
"තමුන්ට මට ලන් වෙන්නද ඕනේ?කියනවා..ඒකද ඕනෙ තමුන්ට?" "Jhopeශි මන්..." "ආ.. ඒකට අලුත් විදියක්ද මේක..මන් දැකලා තියෙනව ඕනෙ තරම් තමුන් වගේ අයව.. අහ්.. මාවත...