DOCTOR MAFIA ♠️🎯 || PJM [...

By JinNu97

47.1K 10.7K 3.4K

🚫සල්ලී බලයට ජීවිත වල වටිනාකම තුට්ටු දෙකට වැටුන කතාවක්.. ♠️ 🚫ආදරය ලග සල්ලී වල වටිනාකමක් නැති වුන කතාවක් 💔 ... More

CHAPTER 1 ♠️
CHAPTER 2 ♠️
CHAPTER 3 ♠️
CHAPTER 4 ♠️
CHAPTER 5 ♠️
CHAPTER 6 ♠️
CHAPTER 7 ♠️
CHAPTER 8 ♠️
CHAPTER 9 ♠️
CHAPTER 10 ♠️
CHAPTER 11 ♠️
CHAPTER 12 ♠️
CHAPTER 13 ♠️
CHAPTER 14 ♠️
CHAPTER 15 ♠️🚫
CHAPTER 16 ♠️
CHAPTER 17 ♠️
CHAPTER 18 ♠️
CHAPTER 19 ♠️
CHAPTER 20 Pt 2 ♠️
CHAPTER 21 ♠️
CHAPTER 22 ♠️
CHAPTER 23 ♠️
FINAL CHAPTER Pt 1♠️
FINAL CHAPTER Pt 2 ♠️
POSTSCRIPT ♠️ & AUTHOR NOTE

CHAPTER 20 Pt 1 ♠️

1.3K 351 76
By JinNu97

© දැනෙනා සෙනෙහේ අයිතිය නැති මං
කවුරුන්දෝ කියලා ඇසුවා.....
අපගේ වරදේ ගැඹුරක් දැනෙනා...
දවසේ මොහොතක් මං සිතුවා...🥀

~~~~~~~~~~~~~~~~

Back To The Present .....

වරුවක් තිස්සේ තමන්ගේ පපුවට තුරුල් වෙලා නිදන් ඉන්න කෙල්ලව ජිමින්ට අතාරින්න හිතකවත් තිබ්බේ නැහෑ.... මොකද ජිමින් බය වුනා ඊළග තත්පරේ මොනවා වෙයිද කියලා.... මාස ගාණක් වේදනා වින්ද හැටි ජිමින්ට අමතක වෙන් නෑ... එදා ගත්ත ඒ හිතුවක්කර තිරණේ නිසා ජිමින් මැරි මැරී ඉපදුනා....සිය දහස් වතාවක් ජිමින් සෝයොන්ගෙන් සමාව ගන්න ඇති ... මොකද කොල්ලට වෙන කෙල්ලෙක්ගෙ පහස ලබන්න බැරි නිසා.. ගේ පුරාම තිබ්බ සෝයොන්ගේ මතක ජිමින්ගේ හිත දවස ගාණේ පෑරුවා....

ඒත් දැන් ඒ ආදරේ තමන් ලග ඉද්දී එක තත්පරේකටවත් කෙල්ලව ඈත් කරන්න නොහිතෙන එක සාධාරණ නැත්ද ?.....

" ම්ම්ම්...ම්ම්...."

පැය ගාණක් ඒ උහුණුමට තුරුල් වෙලා හිටිය කෙල්ල හිමීට ඇහැරෙද්දී කෙල්ල නිදියනකම් පිටට අතකින් තට්ටු කර කර හිටිය ජිමිනුත් නැගිටලා කෙල්ලට නැගිටින්න උදව් කලා....


" සෝයොන් ... ක්වෙන්චානා ?...."

ජිමින් ඇහුවේ සෝයොන්ගේ මූණට වැටිලා තිබ්බ කෙස් රොද අතින් හදන ගමන්.... ජිමින්ගේ කටහඩට බාගෙට පියවිලා තිබ්බ ඒ ඇස් හිමීට ඇරුණේ ලස්සනට හිනා වෙන ගමන්....


" දේ.... මට වතුර ටිකක්.... "

කෙල්ල හීනී කෙදිරියකින් වගේ එහෙම කියද්දී ජිමින් බෙඩ් සයිඩ් ටේබල් එකේ තිබ්බ වතුර එක අරන් හරි පරිස්සමට සෝයොන්ට පෙව්වා...


" දැන් කොහොමද මැණික ?... ඔයාට සිහිය ආවට පස්සේ ආයේ නිදා ගත්තා...මං හුගක් බය වුනා..ඇගට අමාරුවක් නැහැ නේද ?... "


" නැහෑ චිමී.. මගේ ඇගට හුගක් මහන්සී වගේ... "


" එහෙම තමයි.. හුගක් කල් සිහිය නැතුවනේ හිටියේ.. අපි හිමීට සනීප වෙමු අරස්සෝ ... "


ජිමින්ගේ අතක් හරි හිමීට සෝයොන්ගේ කෙස් අතර ගියා... අනිත් අතින් සෝයොන්ගේ සියුමැලි කම්මුලක් පිරිමැදෙද්දී ජිමින්ගේ ඇස් කෙල්ලගේ මූණ පුරා ගියේ හරිම ආදරණීය විදිහටයි....


ජිමින්ගේ අතක් සෝයොන්ගේ මූණ පුරා රටා මවද්දී මෙච්චර වෙලා හිනාවකින් පිරිලා තිබ්බ ඒ මූණ ටික ටික අදුරු වුනේ ජිමින්ගේ ඇස් දිහා එක එල්ලෙන් බලාගෙන .. හරියට මොනවා හරි දෙයකට බය වෙලා වගේ.. ජිමින් ඒ ඇයි කියන්න තේරුම් ගන්න බැරිව ටික වෙලාවක් සෝයොන් දිහා බලන් ඉදලා ආයෙම හිනා වුනා....


" ජිමින්...."

" කියන්න මැණික..."

" ඔයාගේ වයිෆ් ....".

" අහ් ?"

" ජි....ජියා කෝ...."

සෝයොන්ගේ ඇස් වලට බලන් ඉද්දී කදුලු පිරෙද්දී ජිමින් සෝයොන්ගේ මූණ අත්වලින් අල්ලන්ම බිම බලා ගත්තා.. හරියට මෙච්චර දවස් අහයි කියලා බයෙන් හිටිය දෙයක් ඇහුවා වගේ.. ඔව් ජිමින් බයෙන් හිටියේ .. කෙල්ලට සිහිය ආව ගමන් මේ ප්‍රශ්නෙට ජිමින්ට උත්තර බදින්න වෙනවා කියලා ජිමින් දැනන් හිටිය නිසා.

" එයා ඉන්නවා.... "

ජිමින් කිව්වේ කිසිම හැගීමක් නැතුව අහක බලන්... සෝයොන්ගේ මූණේ තිබ්බ ජිමින්ගේ අතකින් කෙල්ලගේ මූණට වැදුන දෙයක් නිසා කෙල්ල හරි හිමීට ජිමින්ගේ ඒ අත තමන්ගේ අත් වලට අර ගත්තා... ජිමිනුත් කෙල්ල කරන්න යන දේ බලන් හිටියේ දුකකින්...

සෝයොන් දිගටම ජිමින්ගේ අත දිහා බලන් හිටියේ කිසිම කතාවක් නොකරමයි.. ඒත් ටික වෙලාවක් යද්දී සෝයොන් අඩනවා කියලා තේරුණේ ජිමින්ගේ අත් වලට වැටුන කදුලු බිංදු වගේම කෙල්ල ඉකිගහනවා ජිමින් දැක්ක නිසයි ....


" ඔයා යන්න ජිමින්.... මගේ ලග ඉදලා ඔයා ජියාට කරන්නේ වරදක්.... "

" අනී මං කොහෙවත් යන් නෑ... "

" ඒ ඔයාගේ වයිෆ් ජිමින්.. මං..... මං..... මං ඔයාගේ කවුරුත් නෙවෙයි....."


සෝයොන් කතා කර ගන්න බැරි තරමට ඉකි ගහනවා..ජිමින්ගේ අතේ තිබ්බ ඒ වෙඩින්ග් රින්ග් එක දිහා බලන් ඉකිගහනවා... කාලයක් තිස්සේ හිර කරන් හිටිය කදුලු වැල් වලින් ඒ මූණම පෙගෙන තරමටම කෙල්ල අඩලා ඉවරයි.... තමන් ජිමින්ගේ කවුද කියලා කෙල්ලට මතක් වෙද්දී කදුලු හිර කරන් ඉන්න පුලුවන්ද ?... ඒ නිසාම කෙල්ල අහක බලන් ඒ වචන ටික පිට කලේ අමාරුවෙන් වගේ.... ඒත් ඒකෙන් වුනේ ජිමින්ගේ කේන්තිය ආයේ ඇවිස්සුන එක විතරයි....


බෙඩ් එකේ ඉදන් හිටිය ජිමින් නැගිටලා කෙල්ලව උරිස් වලින් හයියෙන් අල්ලන් තමන්ගේ පැත්තට හරව ගත්ත ජිමින් තරහෙන් දත්කූරු කන්න පටන් ගත්තා ....

" තමුසේ මගේ කවුරුත් නෙවෙයි ?... කියනවා බලන්න ආයේ ඒක...".

" ජි...මින් ...මට රිදෙනවා..."

" තමුසේ දන්නවද මට කොච්චර රිදෙනවද කියලා අහ්... තමුසේ මගේ පන ..... තමුසේ ජීවත් වෙන්නේ මෙතන සෝයොන් .. මෙතන... තමුසෙව මට නැති වුනොත් මාත් ජීවත් වෙන එකක් නැති වෙයි .. ඒක මතක තියා ගන්නවා.... "


ජිමින් කතා කලේ එක අතකින් තමන්ගේ පපුව අල්ලන්.. කොහොම කියන්නද ..කොල්ලගේ මුලු ජීවීතෙම කෙල්ල කියලා.. ඒ හැගීම කියන්න වචන තියෙනවද ?... තවත් වචන කරන්න අමාරු ඒ හැගීම ජිමින් පපුව අස්සේ හිර කරන් තරහා පිට කරනවා.. මොකද ඒ ආදරේ කියලා නිම කරන්න බැරි නිසා....


" ජියා මගේ වයිෆ් .. ඒත් ඒ නමට සෝයොන් ... එදා මං ගත්ත තීරණේ ගැන මං සිය දහස් වතාවක් පසුතැවුනා... මට ඒ වැරැද්ද ආයේ හරිගස්සන්න දෙන්න මැණික.. ඔයාව මගේ ලගට මං ගන්නවා ... එතකන් ඉවසන්න ... ආයේ ඔයාව මං නැතිකරගන්න කීයටවත් ඉඩ තියන් නෑ...."



සෝයොන් ඒකට වචනයක්වත් කීවේ නැහෑ.. මොනවා කියන්නද.. ඒ හිතුවක්කාරයා එක්ක කතා කරන්න බැරි නිසා කෙල්ල කලේ ජිමින්ගේ මූණ දිහා බලන් හිටිය එක විතරයි... ජිමිනුත් ඒ දේට සෝයොන්ගෙන් පිළිතුරක් බලාපොරොත්තු වුනේ නැහෑ.... මොකද කොල්ලා බලෙන් හරි එයාගේ වැඩේ කරන ගන්න නිසා ..... එහෙමයි ජිමින්...


----------------------------

දින කිහිපයකට පසු....




සෝයොන්ට සිහිය ඇවිත් දවස් කිහියක් යනකම්ම ජිමින් කලේ කෙල්ලව බලා ගත්ත එක විතරයි... ගෙස්ට් හවුස් එකේ ඒ වෙනකොට හිටියේ ඒ දෙන්නා විතරක් නිසා ජිමින් හිතේ හැටියට කෙල්ල එක්ක කාලේ ගෙව්වා....මොකද සෝයොන්ට සම්පුර්ණයෙන්ම සනීප වෙනකම් ජිමින්ට කෙල්ලගෙන් ඈත්වෙන්න උවමනාවක් තිබුණේ නැති නිසා...


මාස ගාණක් එකතැන හිටිය නිසා සෝයොන්ගේ කකුල් වල හිරි යනකම් කෙල්ලව ඇවිද්දවන්න ජිමින්ට සිද්ද වුනා.. ඒ අත් පය ආයේ පණ ගහලා එනකම් ජිමින්ට කෙල්ල ලගින්ම ඉදන් බලාගන්න වුනා. ඒ කාලේ ජිමින් සිද්ද වුන කිසි දෙයක් කෙල්ලගෙන් අහන්නවත් ගියේ නැහෑ.... මොකද ජිමින්ට ඕන වුනේ කෙල්ල බාහිරෙන් වගේම හිතිනුත් සම්පුර්ණයෙන්ම සනීප වෙනවා දකින්න....


හැමදාම වගේ හවසක ජිමින් සුපුරුදු විදිහට ගාර්ඩ්න් එකේ ඇවිදින්න ගියේ හවසට දෙන්නා එක්ක එහෙම ඇවිදින එක පුරුද්දට ගියපු නිසයි... ඒත් එදා ජිමින්ට ඕන වුනේ ඇත්තටම මේ හැමදෙයක්ම සෝයොන්ගෙන් අහලා දැන ගන්න... ඒකට හරිම වෙලාව දැන් කියන එක ජිමින් හිතුවා...



මොකද මේ වෙනකොට වර්නන් ඉන්නේ තමන්ගේ යටතේ නිසා මේ ප්‍රශ්න ඉක්මනින් ඉවරයක් කරලා ජියාට ඩිවෝස් එක දෙන්න ජිමින්ට ඕන වුනා... ඊට පස්සේ සෝයොන් එක්ක නිදහසේ ජීවත් වෙන්න , වෙන රටකට යන්නයි ජිමින් ප්ලෑන් කරන් හිටියේ.. වෙන රටකට ?.... ඔව්.. ජිමින් මාෆියාවට සමුදෙන්න තීරණය කරලා ඉවරයි.. මේ හැම ප්‍රශ්නෙකම මුල මාෆියාව නිසා ජිමින්ට ඕන වුනේ නැහෑ තවත් ඒ බර ඔලුවේ තියන් තමන්ගේ ආදරේ තමන්ගෙන් ඈත් කර ගන්න....

" සෝයොනා....."


ගාර්ඩ්න් එකේ තිබ්බ චෙරි ගහක් යට තිබ්බ පොඩි බෙන්ච් එකේ වාඩි වෙලා තමන්ගේ උරිස්සට ඔලුව තියන් සනීපෙට ඇස් පියන් හිටිය කෙල්ලගේ ඇස් පිහාටු දිගේ තමන්ගේ ඇගිල්ලක් හිමීට අරන් යන ගමන් ජිමින් එයාගේ හඩ අවදි කලා....


" ම්ම්...."

" මගෙන් අහන් නැත්ද ඇයි මං ජියාව මැරි කලේ කියලා....?"

ජිමින් ඇහුවේ හරිම මෘදු කටහඩකින් .... ජිමින් ඒ දේ අහනවත් එක්කම සෝයොන් ජිමින්ගේ උරිස්සෙන් ඈත් වෙලා අහස දිහා බලන් ලොකු හුස්මක් පිට කලා.....


" ඔයාට ඒකට හේතුවක් ඇති චිමී... මං දන්නවා ඔයා මට වරදක් කරන් නැහෑ කියලා... ඒත් මගේ හිතේ තිබ්බ විශ්වාසේ බිදුනා... මං හුගක් විශ්වාස කල කෙනාම මාව එහෙම අසරණ කරද්දී ඇයි මං තවත් ජීවත්වෙන්නේ කියලා හිතුනා... "

" මං ගැන තරහා නැත්ද ? "


" තරහක් තිබ්බා... ඒත් මට සිහිය නැතුව හිටිය කාලේ ඔයා කියපු දේවල් මං අහගෙන හිටියා චිමි..... අනික එදා මං ඔයාව දාලා නොගියනම් මේ දේවල් මෙහෙම වෙන් නෑනේ.... "

" සෝයොනා...."

ජිමින් සෝයොන්ව තමන්ගේ පැත්තට හරවගෙන ඒ මූණට එබුනේ ටිකක් බැරෑරුම් විදිහට මූණ හදන්....

" අරූ ඔයාට එහෙම දෙයක් කරේ ඇයි ?"

" අරූ ?"

" වර්නන්... ඌ ඉන්නේ දැන් මගේ ලග... "..

" ඇයි එයාව තවත් තියන් ඉන්නේ ජිමින්...මගේ ජීවිතේම අපායක් කල කෙනාව ඇයි තවත් තියන් ඉන්නේ ?"



සෝයොන් කතා කලේ ලොකු වෛරයකින්.. කවදාවත් නැති විදිහට කෙල්ල අද තරහකින් කතා කලා.. මොකද වර්නන්ගේ නම ඇහුණත් සෝයොන්ට දැන් ඉවසීමක් නැති නිසා..


" මං ඒ දේ කරනවා මැණික.. කරනවා... ඔයා හිතන්නේ ඔයාට එහෙම කරපු එකෙක්ට මං නිකන් ඉන්න අරී කියලද.. ඌව මරන්නේ ටික ටික.. හැම තත්පරයකම ඌ කරපු පව් එකින් එක ඌට මතක් කරලයි මං මරන්නේ... මං මෙච්චර කල් ඉවසන් හිටියේ ඔයා නිසා සෝයොන් ...."


" මං නිසා ? "

" දේ.. ඔයා නිසා.. මට ඕන ඌව ඔයාගේ ඇස් ඉස්සරහා මරලා දාන්න... "

" දේ.. එහෙම කරන්න චිමී.. එහෙම කරන්න..."


ඉස්සර හැම දවසකම ජිමින් ලේ හලනවට අකමැති වුන කෙල්ල අද නොඉවසිල්ලෙන් කියන්නෙම ඒ දේ කරන්න කියලා.... ඒ තරමට තරහක්, වෛරයක් සෝයොන්ගේ හිතේ තිබ්බා.. ඒ වෛරය සාධරණ නැත්ද ?.. අද ජීවිත කීයක් එක මිනිහෙක් නිසා දුක් විදිනවද....ඉතින් කොච්චර අහිංසක හිතක් වුනත් මේ විදිහට වෛරයෙන් පිරෙන එක සාධාරණයි නේද...


ජිමින්ට පුදුමයි සෝයොන් මේ වගේ හැසිරෙන එක.. මොකද ඒ දේ කොල්ලට නුහුරු නිසා.. ඒත් ඒ එක්කම ජිමින් කටකොනකින් හිනා වෙලා සෝයොන්ව තමන්ගේ පපුවට තුරුල් කර ගත්තා....


" කරනවා...බොහොම ඉක්මනට මං ඒ දේ කරනවා සෝයොන් .... ඒත් ඔයා මට කියන්න ඕන මොනවද වුනේ කියලා... ඔයා මගෙන් ඈත් වුන කාලේ සිද්ද වුන හැම දෙයක්ම මට කියන්න ඕන...."

" මං කියන්නම් චිමී.... "


සෝයොන් කිව්වේ ජිම්න්ගේ තුරුලෙන් අයින් වෙලා ඒ ඇස් දිහා බලන් බොහොම ස්ථීර ස්වරයකින්....


" එදා... එදා ඔයා ජියාව මැරි කරලා ගිය දවසේ....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.


-------------------------------

" කියපන් උඹ මොන හිතකින්ද බල්ලෝ එහෙම කලේ අහ්.... තෝ ආදරේ කලේ ඒ කෙල්ලටනම් මොන හිතකින්ද උඹ ඒකිව එහෙම විනාශ කලේ?...."


" ටේ ඇති බන් ..මූ මැරෙයි... එහෙම වුනොත් ජිමින් අපිව මරයි...."

" තව කොච්චර දවස් මූව හුරතල් කරන්නද උඹ මට කියන්නේ ?...."

" ටේ මේ අහපන්... "

ජේකේ කිව්වේ දැනටමත් වර්නන්ගේ ලේ වලින් නෑවිලා හිටිය ටේව තමන්ගේ පැත්තට හරව ගන්න ගමන්....

" උඹ ඇයි මෙහෙම හැසිරෙන්නේ ?... මං දන්න ටේ ඔහොම හැසිරුන් නැහෑ.... මට දැනෙන දේ ඇත්තක් කියලා නම් කියන්න එපා ටේ...."


" මොනවද උඹ කියවන්නේ... විකාර නොකර පලයන් එහාට..."


තමන්ගේ උරිස්සේ තිබ්බ ජේකේගේ අත අයින් කරලා ටේ එතනින් යන්න හැරුණේ ගැන්ග් එකේ අයට වර්නන්ට වතුර ගහන්න කියලා ඇහෙන සන් කරන ගමන්... ඒ වෙනකොටත් ටේගේ පාරවල් වලට වර්නන් ලේ පෙරන් ගැටගහලා හිටිය පුටුවේ අඩ සිහියෙනුයි හිටියේ.... මුලු පොළවම වගේම ටේවත් ඒ වෙනකොට වර්නන්ගේ ලේ වලින් පෙගිලා ගිහින්...


තමන්ගේ තාත්තගෙන් පළිගත්තට පස්සේ අද ඒනකම් මනුස්සයෙක්ගේ ලේ හොල්ලපු නැති ටේ අද වියරු වැටිලා... ඒ ඇයි...?... ටේ ගැන දැනන් හිටියේ ටේගේ හදවතම විතරයි ....


" මට මුගෙන් හුගක් දේවල් අහගන්න ඕන.. ජිමින් මෙතනට ආවොත් මූට ඒ දේවල් කියන්නවත් ඉඩක් ලැබෙන් නෑ කියලා මං දන්නවා ජේකේ.... ඒ නිසා මට මූට කතා කරන්න ඉඩ දීපන්..."


වර්නන් ලගින් පුටුවක් තියන් වාඩි වුන ටේ අතේ තිබ්බ පොඩි අඩුවක් අතේම කරකවන ගමන් කිව්වේ ඇස් යටින් වර්නන් දිහා බලන්.... ටේ කියපු දේ ඇත්තක් කියලා තේරුණ නිසාම ජේකේ ටේට ඉඩ දීලා ඊට ටිකක් එහාට වෙන්න තිබ්බ ටේබල් එකට අත් දෙක බැදන් හේත්තු වුනේ ටේ කරන්න යන දේ බලා ගන්නයි....



ටේගේ කීමට වර්නන්ගේ මූණට ගැන්ග් එකේ කෙනෙක් වතුර ගැහුව නිසා මෙච්චර වෙලා අඩ සිහියේ හිටිය වර්නන්ට යන්තමින් ඇස් ඇර ගන්න පුලුන් වුනා.....


" මට කියපන්... ඇයි උඹ එහෙම කලේ....?"


" ඇ....යි කියලද...උඹ ...හිතන්නේ ?"

" මෙතන ප්‍රශ්නේ ඇහුවේ මං යකෝ..."


හැමදාම නිහඩව සංයමයෙන් ප්‍රශ්න විසදන ටේ අද දරුණු වෙලා... ටේගේ අතක් වර්නන්ගේ කම්මුල හරහා ගිහින් නවතිද්දී වර්නන් ආයෙම කටින් ලේ විසි කලේ ටේට කෙල ගහනවා වගේ හැගීමකින්...

" කියපන් ඇයි එහෙම කලේ?"



ටේ ඇහුවේ වර්නන්ව බැදලා තිබ්බ පුටුවේ ඇන්දට අත් තියලා වර්නන්ගේ මූණට එබෙන ගමන්..

" මං එකීගේ මූණට වෛර කරන නිසා.... "

" ම්වෝ ?"

" මං ආදරේ කරපු එකී ඒ ඇස් වලින් අරූ වෙනුවෙන් කදුලු හලද්දී... ඒ මූණට අරූත් ආදරේ කරනවට මං වෛර කලා යකෝ.... ඒකීව අයිති මට..... උඹට ඒක තේරෙන් නැත්ද ?.. අහ්.? ..... හොදින් හරි නරකින් හරි එකිව මගේ වුනා.... එහෙම වෙලෙත් ඒකී කොහොමද අරූටම ආදරේ කරන්නේ..."

" කටවහා ගනින් වල් බල්ලා......"


වර්නන්ගේ වචන ටේගේ තරහා ආයෙම අලුත් කලා.. ඒකෙන් වුනේ වර්නන්ගේ අනිත් කම්මුලටත් ටේගෙන් පාරක් ලැබුන එකයි....


" මට කියපන්...මුල ඉදන් කියපන් උඹ කරපු දේවල්.... මේ අන්තිම අවස්ථාව වෙන්න පුලුවන් උඹට කතා කරන්න ලැබෙන... මොකද ජිමින් උඹට කතා කරන්න අවස්ථාවක් දෙන් නෑ.... "


" හහ්.... මහ ලොකු වීරයා.. එන්න කියපන් ඌට.. සල්ලි වලට කෑදරකමේ තමන් ආදරේ කරන කෙල්ලව දාලා යද්දී ඌගේ ආදරේ බල්ලට දාලද තිබ්බේ ?... අහ්හ්... "




වරනන් කිව්ව දේ ඇත්ත ... ඒ නිසාම ටේ ඒ වෙලාවේ ඉවසුවා.. මොකද ඒ දේ ගැන වර්නන්ට වගේම ටේටත් ඒහා සමානම තරහක් තිබ්බ නිසා...




වර්නන් සෝයොන්ව විනාශ කලා කියලා දැන ගත්ත දවසේ ඉදන්ම ටේ කලේ ජිමින්ටත් හොරෙන් වර්නන් ගැන හෙව්ව එක.. වර්නන් යන එන තැන හැමදේම ගැනම හොරින් හොයලා බැලුවේ ටේ... ටේට ඕන වුනේ හැම වෙලේකම වර්නන්ට පාඩමක් උගන්වන්න.. ඒත් ඒ හැම වෙලේකම ටේ ඉවසුවා... ඒ ජිමින් වෙනුවෙන්ද ?... එහෙම නැත්නම් ටේට ඒකට වෙන හේතුවක් තිබ්බද ..?....



මේ වෙනකොටත් ටේගේ පාරවල් වලට හෙම්බත් වෙලා හිටිය වර්නන්ට ටේ කිව්ව දේ ඇත්තක් කියලා තේරුණා.. ඒ ජිමින් ආවොත් තමන්ට මෙහෙම ඉන්න ලැබෙන් නෑ කියලා දන්න එක...


" දේ ... මං කියන්නම්.... මං හැමදේම කියන්නම්...."


කටේ තිබ්බ ලේ ආයෙම බිමට විසිකරලා ටේ දිහා එක එල්ලේ බලාගෙන වර්නන් තමන්ගේ කතාව පටන් ගත්තා .....

.
.
.
.
.
.
.
.

Vernon Pov....


සෝයොන් .... මගේ පළවෙනි ආදරෙවත් , මං හදවතින්ම ආදරේ කල කෙල්ලවත් නෙවේ... ඒක නිකන් ආකර්ෂණයක්... කොලේජ් එකේ සෝයොන්ට හිටිය එකම යාලුවා මං විතරයි.. මං සෙල්ලක්කාරයෙක් කියලා දැන දැනම සෝයොන් මගේ ලගින් හිටියා.. මොකද සෝයොන්ට මං එයාගේ හොදම යාලුවෙක් විතරක් නිසා.... මටත් තිබුණේ එහෙම හැගීමක්.. ඒත් සෝයොන් ලගදි මගේ හිතට අමුතු හැගීමක් දැනෙනවා.. ඒක ආදරේ නෙවේ.. හරියට ඒ දේ රස බලන්න ඕන වගේ ආසාවක්.... ඒත් කවදාවත් මං සෝයොන්ව වැරදි විදිහට අල්ලලවත් නැහෑ....


මගේ බිස්නස් වුනේ Human trafficking.... මගේ අප්පාවත් නොදැන මං mafia වල ලොකු තරුවක් වුනා. මොකද මගේ වයසේ ඒ වගේ බිස්නස් එකක් කල එකම කෙනා මං නිසා...

හැම කෙනෙක්ම කෙල්ලොන්ව ආරක්ශා කරන විදිහට නීති හැදුවට පිරිමින්ව ආරක්ශා කරන්න නීතියක් හදලා තියෙනවද ?... ඒත් ඒ නීති තිබ්බට වැඩක් තියෙනවද ?... තමන්ට කැමතිනම් ඕනම ගෑණියෙක්ට පිරිමියෙක්ට විකිණෙන්න පුලුවන්... ඉතින් මං කලේ එහෙම කැමති අයට අවස්ථාව හදලා දුන්න එක... කොරියාවේ හුගක් ක්ලබ් වලට කෙල්ලොන්ව ඩීල් කලේ මං.. එකක් ...මං කොලේජ් යන නිසා හුගක් කෙල්ලොන්ව මට හම්බෙන එක.. අනික මගේ පෙනුමට ඕනම කෙල්ලෙක් දෙපාරක් නොහිතා මට කැමති වෙන එක....අනිත් දේ සල්ලී....

කොරියාවේ ජීවත් වෙනවා කියන්නේ ජීවිතේ පටන් ගත්ත තැන ඉදන් මැරෙනකම්ම සල්ලි ඕන... වෙන කෙනෙක්ගෙන් යැපිලවත් ජීවත් වෙන්න බැරි තත්වයක් තියෙන රටක , මෙහේ කෙල්ලොන්ට තියෙන ප්‍රධානම අවශ්‍යතාව සල්ලී....

ඉතින් හුගක් කෙල්ලෝ සල්ලි වලට ඕනම දෙයක් කරනවා.....

ඒත් නොහිතුව විදිහට මේ දේවල් වලට සෝයොන් සම්බන්ධ වුනා....

මගෙත් එක්ක ඩිල් එකක් කතා කල එක මිනිහෙක්ට ඕන වුනේ සෝයොන්ව..මිනිහා මාත් එක්ක සෝයොන් ඉන්නවා දැකලා තියෙනවා... .මෙච්චර කෙල්ලෝ ඉන්න රටේ ඒ මිනිහට සෝයොන්වම ඕන වුනේ ඇයි කියන්න මං දන් නෑ.. මං මිනිහගේ ඉල්ලීමට මං විරුද්ධ වුනා...ඒත් නොහිතුව විදිහට මිනිහා මටත් හොරෙන් එදා සෝයොන්ව අරන් ගිහින් තිබ්බා.. මිනිහාගේ මිනිස්සු කට්ටියක් දම්මලා... නෑ.. ඇත්තම කිව්වොත් ඒ තත්වෙට පත් වෙන්න සෝයොන්ව ඇදලා දැම්මේ මං...



එදා අපේ කොලේජ් එකේ අයට ක්ලබ් එකේ පාර්ටි එකක් තිබ්බා... මගේ තවත් ඩිල් එකක හැටියට එතන හිටිය කෙල්ලෝ කිහිප දෙනෙක්ව දෙන්නයි වැඩේ ලෑස්ති කරලා තිබ්බේ.. ඒත් ඒ අවස්ථාවෙන් අර මිනිහා ප්‍රයෝජනය ගත්තා.. මං නැති වුන වෙලාවක් බලලා සෝයොන්ව අරන් ගිහින් තිබ්බා...


ඒත් නොහිතුව විදිහට එදා එතනට බ්ලැක් ආසියා ආව නිසා මගේ හැම ඩීල් එකක්ම අවුල් වෙලයි තිබ්බේ... ඒත් මින්හාගේ උදව්වෙන් මට සෝයොන්ව හොයා ගන්න පුලුවන් වුනා.. ඒ වෙනකොටත් අර මිනිහාව බ්ලැක් ආසියා මරලා දාලා තිබ්බ නිසා මට එතනින් එහා ඒ ගැන කරදර වෙන්න වුනේ නැහෑ... ඒත් එදා මට සිද්ද වුන පාඩුවට බ්ලැක් ආසියා ගැන තිබ්බේ වෛරයක් ....



මොකද මිනිහා හැම වෙලේම මගේ වැඩ වලට හරස් වෙන නිසා... මං දන් නෑ මිනිහා කවුද කියන්න.....ඒත් මං දන්න එකම දේ... මිනිහාගේ මූණ දකින එක්කෙනෙක්වත් ජීවත් වෙන්නේ නැහෑ කියන එක විතරයි..







එදා සිද්දියෙන් පස්සේ සෝයොන්ව මං හුගක් ආරක්ෂා කලා.. ඒත් එක දවසක් සෝයොන් එයා හිටිය තැනින් ගිහින් තිබ්බා.... කවදාවත් මට නොකියා කොහෙවත් යන් නැති කෙල්ල එදා ගිහින් තිබ්බා... මට ආවේ තරහක්.. මොකද මට ඉවසිම නැති නිසා... ඒත් දවස් කිහිපයකින් සෝයොන් ආයෙම කොලේජ් ආවා... එයා වෙනදා වගේම මාත් එක්ක සුහදව කතා බහා කලා..ඒත් එයා මට වෙනදා වගේ ලං වුනේ නැහෑ... මාත් එක්ක නිතරම හිටියේ නැහෑ....


එක පාරට කෙල්ලගේ සිද්ද වුන මේ වෙනස මට දරා ගන්න බැරිවුනා....

ඒ නිසයි මං හ්‍යුන්ජින් ලවා සෝයොන් ගැන හැමදේම හොයා ගත්තේ...

එතකොටයි මට දැන ගන්න ලැබුනේ සෝයොන් ඉන්නේ ජිමින් ලග කියලා...

ජිමින්....ඩොක්ටර් පාර්ක් ජිමින්... මගේ අප්පගේ එකම හතුරා... ජිමින් කියන්නේ ඔලුව උදුම්ම ගත්ත තවත් මාෆියා කාරයෙක්... ඒක හැමෝම දන්න ප්‍රසිද්ධ රහසක්....

මිනිහගෙන් පළිගන්න හිතන් ඉද්දී තමයි දවසක් මිනිහා සෝයොන්ව දාලා රට ගියේ... එදා තමයි මේ හැම දේකම පටන් ගැන්ම....


" බොස් මිනිහා ගියා...."

" සෝයොන්ව මගේ ලගට ගන්න ඕන...."

" අපි මොකද කරන්නේ බොස්?"

" මිනිහව එහෙදී ඉවරයක් කරන්න...."

" දේ......"


හ්‍යුන්ජින් මට ඕන දේ කරන්න එහේ ඉන්න අයට අණ කලා.. ඒ වෙනකොට මගේ අප්පාත් එහේ ඉන්නේ කියලා මං දැන ගත්ත නිසා අප්පගේ මිනිස්සු ලව්වම මං මගේ වැඩේ කර ගන්නයි හැදුවේ....


ජිමින් කියන්නේ කෙල්ලෙක්ට ආදරේ නොකලට කෙල්ලොන්ට ඇබ්බැහි වුන කෙනෙක්. ඉතින් ඒ දෙයින්ම මං ප්‍රයෝජනයක් ගන්න හිතුවේ ඒකයි...

" මැටිල්ඩව දම්මලා මිනිහව ක්ලබ් එකේදිම ඉවරයක් කරන්න.... "

" වැඩේ ගැස්සුනොත්...."


" එහෙම වුනොත් අප්පව ඒ දේට අහු කරන්න ... මොකද මට ඕනේ නැහෑ ජිමින් මගේ ගැන දැන්ම දැන ගන්නවට... සෝයොන් මගේ ලගට ගන්නකම් මිනිහා මගේ ගැන දැන ගන්න බැහෑ..... "


" දේ බොස්......

" එහෙනම් ජිමින්... සෙල්ලම පටන් ගමු.... මෙච්චර කල් උඹ මගේ අප්පව නැටෙව්වා.. දැන මං උඹව නටවන්නම්....."


මේ හැමදේකම පටන් ගැන්ම... ජිමින් , මං..අපි දෙන්නට දෙන්නා සෙල්ලම පටන් ගත්ත තැන.....


එක පැත්තකින් මගේ බිස්නස් වලට හරස් වෙන බ්ලැක් ආසියා... අනිත් පැත්තෙන් ජිමින්... මට හිටිය එකම හතුරෝ දෙන්නා උන් දෙන්නා... ඉතින් ,


මිනිහා සෙල්ලම පටන් ගත්තා වුනාට සෙල්ලම ඉවර කරන්නේ මං.......


මේ වර්නන්.....
.
.
.
.
.
.
.
.
.
.
.

To Be Continued .......

___________________________________________

♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️

චැප්ටර් එක කොට වුනා ළමයි. මොකද මේක ටිකක් දිග නිසා දෙකට කැඩුවා... තව කොටස් 5යි.... ( එහෙම වෙන්න කියලා හිතනවා.. )

වර්නන් පවු නේද ළමයි...

Votes , Comments කරන හැමෝටම ගොඩක් ස්තූතී 😘❤️

Borahae 💜️
✍JinNu

Continue Reading

You'll Also Like

17.4K 3.6K 53
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
1.8K 330 16
"මං මේ සටහන ලියන්නෙ මගෙ කුකී ජීවිතේ ත් මරණයත් එක්ක ඔට්ටු වෙමින් ඉන්න වෙලාවක . දන්නවද මං කියාගන්න බැරි තරම් ලොකු දුකකින් හිටියේ මගෙ පුංචි දගකාරයාව දාල...
5.6K 1K 34
ඒ දෑස් දෙස බලද්දි, හිනාවන් දකිද්දි, උණුසුම දැනෙද්දි, හදවත ස්පර්ශ කරද්දි, ඒ දැනෙන හැගීම, උමතුවක්__ ඒ ආදරය උමතුවක්__ ...
215K 29.7K 56
ආදරය කියන්නෙ විඳින දෙයක් විතරක්ම නෙවෙයි...විඳවන දෙයක් ❤ JJK Mafia FF 💜️ Completed : 22/05/2021 Rankings : #1 - jungkook #1 - jk #9 - fanfiction #4...