DOCTOR MAFIA ♠️🎯 || PJM [...

By JinNu97

47.1K 10.7K 3.4K

🚫සල්ලී බලයට ජීවිත වල වටිනාකම තුට්ටු දෙකට වැටුන කතාවක්.. ♠️ 🚫ආදරය ලග සල්ලී වල වටිනාකමක් නැති වුන කතාවක් 💔 ... More

CHAPTER 1 ♠️
CHAPTER 2 ♠️
CHAPTER 3 ♠️
CHAPTER 4 ♠️
CHAPTER 5 ♠️
CHAPTER 6 ♠️
CHAPTER 7 ♠️
CHAPTER 8 ♠️
CHAPTER 9 ♠️
CHAPTER 10 ♠️
CHAPTER 11 ♠️
CHAPTER 12 ♠️
CHAPTER 13 ♠️
CHAPTER 14 ♠️
CHAPTER 15 ♠️🚫
CHAPTER 16 ♠️
CHAPTER 17 ♠️
CHAPTER 19 ♠️
CHAPTER 20 Pt 1 ♠️
CHAPTER 20 Pt 2 ♠️
CHAPTER 21 ♠️
CHAPTER 22 ♠️
CHAPTER 23 ♠️
FINAL CHAPTER Pt 1♠️
FINAL CHAPTER Pt 2 ♠️
POSTSCRIPT ♠️ & AUTHOR NOTE

CHAPTER 18 ♠️

1.2K 366 31
By JinNu97


©නුඹ මගේ හැම භවේ ...
දිව්රලා සෙනෙහසින්....
කී කතාව මාගේ ලෝකේ තනි වෙලා ගියා..... 🥀

~~~~~~~~~~~~~~~~~~~~~~~~

Still Flashback .....

" ජිමිනා උඹ හොදින්ද ?"

කවදාවත් නැතුව හොස්පිට්ල් ඉන්න වෙලෙත් ජිමින් බියර් එකක් බොනවා දැක්ක ජේකේ ඇහුවේ ජිමින්ගේ කැබින් එකේ දොර ඇතුලෙන් අගුලු දාලා එන ගමන්.. මොකද ජිමින් බොනවා කවුරු හරි දැක්කොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා ජේකේ දැනන් හිටියා.....ජේකේ අහපු දේට උත්තර දෙනවා වෙනුවට ජිමින් කලේ පුරව ගත්ත ග්ලාස් එක එක උගුරට බීලා දාලා බියර් එකේ පවර් එක මදි වුන නිසා වෙන බොන්න දෙයක් හෙව්ව එක.. ජිමින්ට අහු වුනේ වොඩ්කා බෝතලයක්... ඊළගට කරන්න වෙන සර්ජරි එකක් නොතිබ්බත් ජිමින්ට මේ වෙලාවේ බොන්න දෙන එක ඇගට ගුණ නැති නිසා ජේකේ ජිමින්ගේ අතේ තිබ්බ වොඩ්කා බෝතලේ උදුරලා අරන් ඒ පිම්මට බිම ගැහුවා....

" මොකද්ද #**#-$ ඒ කලේ ?... අහ්? "

ජිමින් ඇහුවේ ජේකේගේ ඩොක්ටර් කෝර්ට් එකේ කොලර් වලින් අල්ලලා උස්සන ගමන්....

" උඹ ඉන්නෙ හොස්පිට්ල් එකේ...."

" මොන $*-#- ක හිටියත් මට ඕන්නම් මං බොනවා...අනික මේ හොස්පිට්ල් එක මගේ.. උඹ කවුද මාව නවත්තන්න ?"

" උඹට කේන්තිය මගේ පිටින් පිට කරන්න ඕන්නම් කරපන්.. ඒත් මතක තියා ගනින් මේක නෙවෙයි විසදුම කියන එක.. උඹ ඒකිට යන්න දීලා උඹම දැන් පිස්සෙක් වගේ හැසිරෙන්නේ ඇයි...."

" මට ඕන් නෑ එක එක උන් ගාව දෙකට නැවිලා ආදරේ හිගා කන්න.. ඒකිට මොනාද මං අඩු කලේ අහ් ? .. තියෙන හැම සැපක්ම දුන්නා... අන්තිමට මගේ ආදරෙත් දුන්නා... එහෙම වෙලත් ඒකීට තිබ්බා මාව විශ්වාස කරන්න... කෙල්ලෝ !අහ්... මුන් ඔක්කොම ඉන්නේ වාසියට... මට කෙල්ලෙක් ඕන්නම් දැන් උඹට ගෙනත් පෙන්වන්නම්... ඒත් මෙතන ප්‍රශ්නේ ඒක නෙවේ... "

ජිමින් වචනයක් ගාණේ එයාගේ කේන්තිය පිට කලේ කැබින් එක දෝංකාර දෙන තරම් හයියෙන් කෑගහලා.. ඒත් ඒ සද්දෙට ජේකේනම් බය වුනේ නැහෑ.. මොකද ජිමින්ගේ හැසිරීම ගැන ජෙකේ හොදටම දන්න නිසා...

" උඹට ඒක නෙවේනම් ප්‍රශ්නේ මොකද්ද ?"

" අර Son Of B$&*- ch .... ඌව .... අන්න ඌව ඉවරයක් කරන්න ඕන... හැබැයි මට දැන ගන්න ඕන ඌ මොනවද අරකිට කිව්වේ කියලා... මාව අවිශ්වාස වෙන්න තරම් ඒකීට ඌව ලොකු වුන දේ මට දැන ගන්න ඕන..."

" එදා සෝයොන් කීවානේ එයාගේ අප්පා නිසා කියලා..."

" ඔව්... ඒත් ඒ දේ හරියට නොදැනම ඒකී මාව දාලා ගියේ ඇයි ?..."

" එවලේ ආව කේන්තියට වෙන්න ඇති බන්.. මං වුනත් ඒ වෙලාවේ සෝයොන්ගේ තැන හිටියනම් එහෙම කරනවා...."

ජේකේ කිව්වේ බිම විසිරිලා තිබ්බ වීදුරු කටුවක් ඇහිදලා ඒකේ හැඩ බලන ගමන්.. ඒ එක්කම දොරට knock කරන සද්දයක් ඇහුන නිසා ජිමින් ලොකු හුස්මක් අරන් අනිත් පැත්තට හැරුණා.. ජේකේ අතේ තිබ්බ වීදුරු කටුව අතටම මැදි කරන් ගිහින් දොර ඇරියේ කිසිම කලබලයක් නොපෙන්වමයි ..

" May i come in ?"

ඇවිල්ලා හිටියේ ජියා.... ජේකේ ඔව් කියන්න ඔලුව හොල්ලලා ජියාට ඇතුලට එන්න ඉඩ දීලා ආයෙත් දොර වැහුවා.. ජියා කැබින් එක වටේම ඇස් යවලා අන්තිමට ඒ ඇස් නැවතුනේ බිම සීසීකඩ විසිරිලා තිබ්බ බෝතල් කටු අතරයි .. ආපිටම ජිමින් දිහා බැලුව කෙල්ල ජිමින් ඉන්නේ තරහකින් කියන දේ තේරුම් ගත්තා.. මොකද මෙච්චර කාලයක් ජියා ජිමින් එක්ක එකට වැඩ කරන නිසා....

" මං හිතන්නේ මං වැරදි වෙලාවේ ආවේ...."

ජියා එහෙම කිව්වේ ජේකේ දිහා බලලා මූණ ඇද කරන ගමන්... ඒත් ජේකේ ඇස් වලින් ඔක්කොම හොදින් කිව්වා.. ජිමින් මේ වෙනකනුත් හිටියේ අහක බලන් ..මොකද මේ වෙලාවේ කොල්ලට ජියා එක්ක කතා කරන්න තරම් මූඩ් එකක් තිබ්බේ නැති නිසා.....


" නැහෑ ජියා ඔය දෙන්නා කතා කර ගන්න.. මං එළියට යන්නම්..."

ජියා ආයෙමත් හැරිලා යන්න හැදුවත් ජේකේ ජියාව නවත්තන් ජිමින් දිහාත් බලලා එහෙම කිව්වේ ජිමින් මොනවගේ ප්‍රතිචාරයක් දක්වයිද කියන සැකෙන්. ඒත් ජිමින් මුකුත්ම නොකියා අහක බලන් හිටිය නිසා ජේකේ අතේ තිබ්බ වීදුරු කටුව ලග තිබ්බ ඩස්බින් එකට දාලා කැබින් එකෙන් එළියට ගියා.....

" ජිමිනී...."

" මං සැරයක් තමුන්ට කීවා මේක හොස්පිට්ල් එක කියලා අමතක කරන්න එපා කියලා ජියා..."

ජියාගේ දිහා නොබලම වුනත් ජිමින් කතා කලේ මිටමෙළවුන අත ටේබල් එකට ගහන ගමන්....

" අරස්සෝ ... ජෙසෝහම්නිදා ඩොක්ටර් ජිමින්.. මං ආවේ පර්සනල් දෙයක් කතා කර ගන්න...."

" කියන්න..."

එහෙම කියලා ජිමින් ජියා ඉන්න පැත්තට හැරුණේ ඩොක්ටර් කෝර්ට් එක පස්සට කරලා අත් දෙක කළිසම් සාක්කු දෙකට දා ගන්න ගමන්..

ජිමින් තමන් ඉන්න පැත්තට හැරුණ ගමන් ජියාගේ ඇස් නැවතුනේ ජිමින්ගේ ඇස් ලග.. ඒ ඇස් තරහෙන් රතු වෙලා.. තවමත් ඉතුරු වුන කදුලු පටලයක් ඒ ඇස් මත රැදිලා තිබ්බා .... ජිමින්ගේ එහා මෙහා යන තොල් වලින් වගේම කම්මුල් සැරින සැරේ ඉලිප්පෙන විදිහෙන් තේරුණේ ජිමින් ඉන්නේ දත්මිටි කන ගමන් කියලයි... මෙච්චර තරහක් ජිමින්ට තියෙන්නේ ජියා ආව නිසාද ?... නැහෑ ... ජිමින් ඉන්නේ හොස්පිට්ල් එකේ වුනත් ඒ හිත තවම තියෙන්නේ සෝයොන් ලග.. හරියට ශරීරය තියෙද්දී මනෝකාය ගමන් කරනවා වගේ....ජිමින් ඉන්නේ සිහියකින් නෙවෙයි. කලින් බිව්ව බියර් වල පවර් එකත් එක්ක කොල්ලා ඉන්නෙ දැන් සම්පුර්ණයෙන්ම සෝයොන්ගේ ලෝකේ...

ජියාට ජිමින්ගේ වෙනස තේරුණත් වැඩිය ඒ ගැන තැකීමක් නොකරම ආව කාරණය කතා කරගන්න හිතන් ජිමින්ගේ ටේබල් එකේ තිබ්බ පුටුවක් ඇදලා අරන් ඉදගෙන කකුලක් පිට කකුලක් දා ගත්තා...

ඇදන් හිටිය ඇදුම ඕනාවටත් වඩා කොට වුන නිසා ජියාගේ කිරිගරුඬ පාට කලවා නිරාවරණය වෙලා කැපිලා පෙනුනා.. ජිමින්ගේ ඇස් මොහොතකට ජියාගේ කකුල් ලග නැවතුනත් කොල්ලට තමන්ව කන්ට්‍රෝල් කර ගන්න දැන් පුලුවන්.. ඒ සෝයොන් නිසා... කවදාවත් කෙල්ලෙක් ඉස්සරහා කන්ට්‍රෝල් නොවුන ජිමින් අද තමන්ව පාලනය කර ගන්න පුලුවන් තත්වෙට ඇවිත්.. ඒත් ඒ ආදරේ අද ජිමින්ගෙන් ඈත් වෙලා...



" අනිත් දවසේ හොස්පිට්ල් එකට එනකොට වැදගත් විදිහට ඇදලා එනවා ජියා.. මෙතනට එන්නේ ලෙඩ්ඩු.. නැතුව කෙල්ලෝ එක්ක නටන්න එන ක්ලබ් බහින එවුන් නෙවේ..."


ජිමින් කිව්වේ තමනුත් පුටුව ඇදලා ඉදගන්න ගමන්.. ජිමින් කිව්ව දේට ජියා ටිකක් පුදුම වුනා වගේම කකුලක් පිට දාන් හිටිය කකුල බිමට දාලා ඩොක්ටර් කෝර්ට් එකෙන් ඇදුම වහන් පිළිවෙලට ඉදගත්තා....

" කියන්න මොකටද ආවේ ?"

" මං කෙලින්ම කියන්නම් ජිමින්... අපේ අප්පා ඔයාව හම්බෙන්න ඕන කීවා..."

" මාව ?.. ඒ ඇයි ? අනික ඔයාගේ අප්පා කොහොමද මාව අදුරන්නේ ?"

" ඒකනම් මං දන් නෑ.. හැබැයි අප්පා ඔයා ගැන හුගක් දේවල් දන්නවා වගේ ජිමින්... ඔයාගේ බිස්නස් වැඩ ගැන අප්පා හුගක් දැනුවත්..... "

" ම්වෝ ?... සොල්මා ...තමුසේ නෙවේ නේද ඒ දේවල් කිව්වේ ?"

" ඔයාට පිස්සුද ජිමින් ? මං ඇයි ඔයා ගැන අප්පට කියන්නේ ?... "


" ඒකනම් ඉතින් මං දන් නෑ.. තමුසෙට තියෙන අමාරුවේ හැටියට මොනවට හරි ප්ලෑන් ගහනවද දන් නෑනේ...."


ජිමින් කිව්වේ හිනා වෙවී වුනත් ඒ දේ ජියාට තදින්ම වැදුනා... කෙල්ලගේ අත් වලින් ඇදන් හිටිය ඇදුම අතට මිරිකෙද්දී උපරිම කේන්ති නොගෙන ඉන්න ජියා උත්සහා කලා.....


" අද හවසට මාත් එක්කම යන්න ලෑස්ති වෙන්න "

" අරස්සෝ ...."


ජියා නැගිටලා දොර ගාවට ගිහින් හිටගෙන එහෙම කිව්වේ ජිමින් දිහා නොබලමයි.. ජිමිනුත් වැඩිය තැකීමක් නොකර ජියා එක්ක යන්න එකග වුනා......

Time Passed .....


ජිමින් හිටියේ ජියා එක්ක එයාගේ අප්පව හම්බෙන්න යන ගමන්.. ජිමින්ගේ කීමට ජියාට ජිමින්ගේ වාහනේම යන්න වුන නිසා ජියා හිටියේ කේන්තියෙන්.. මොකද ජිමින් එතනත් ප්‍රශ්නයක් ඇතිකරගෙනයි ගමන යන්න පිටත් වුනේ.. ජියාට ඕන වුනේ ජිමින්ව එයාගේ වාහනේ එක්කන් යන්න.. ඒත් ජිමින් ඒකට අකමැති වුනා.. ඒ වගේම ජිමින්ගේ ගැන්ග් එකේ වාහන දෙකකුත් එයාලා එක්ක ගෙනියන්න ජිමින්ට ඕන වුනා. අකමැත්තෙන් වුනත් ජියා ජිමින්ට ඉඩ දුන්නේ ජිමින් එක්ක කතා කරලා බේරෙන්න බැරි නිසයි......


ජියා වාහනේට ලොකේශන් දීලා තිබ්බ නිසා ජිමින්ට යන්න ඕන තැන ගැන ජියාගෙන් අහා අහා ඉන්න ඕන වුනේ නැහෑ... පැයකට විතර පස්සේ ජිම්න්ගේ වාහන ටික ඇතුල් වුනේ අහස උසට විහිදුන තාප්ප වලින් වටවෙලා තිබ්බ ලොකු මන්දිරයක් වගේ mansion එකකටයි.....


ඇතුලට වාහනේ දැම්ම ගමන් ජියා ජිමින්ට ඇතුලට එන්න ආරාධනා නොකරම ගස්සගෙන ඇතුලට ගියා. ඒත් ඒ වෙනකොටත් ජියාගේ අප්පා තව ගාර්ඩ්ලා දෙන්නෙක් එක්ක mansion එක ඉස්සරහා හිටියේ ජිමින් එන බව දැනගෙන වගෙයි.....



" මට සමාවෙන්න ඩොක්ටර් ජිමින් දුවගේ මුරණ්ඩුකමට... එන්න ඇතුලට අපි ඇතුලට ගිහින්ම කතා කරමු..."


ජියාගේ අප්පා බොහොම සුහද විදිහට හිනා වෙලා ජිමින්ට අතට අත දුන්නා.. ජිමිනුත් ආපිට හිනාවෙලා අතට අත දීලා ඇතුලට ගියේ වටේ පිටේ ගැන ලොකු අවධානෙකින්... ජිමින් ඇතුලට යද්දී චෑන් වගේම ගැන්ග් එකේ අයත් ඇතුලට යන්න ආවත් ජියාගේ අප්පගේ ගාර්ඩ්ලා ඒකට ඉඩ දුන්නේ නැහෑ. ඒත් ජිමින්ගේ එක බැල්මෙන් ගාර්ඩ් එකේ කෙනෙක් චෑන්ට විතරක් ඇතුලට යන්න අවසර දුන්නා.....


මෙච්චර ලොකු මන්දිරේක ඉන්න ජියාගේ අප්පා ඇත්තටම කවුද?..


ඒ දේ ජිමින්ගේ ඔලුවේ නිතරම වැඩ කලා...

ජියාගේ අප්පා ජිමින්ව එක්කන් ලිවින් ඒරියා එකට ගිහින් ඉද ගන්න කියද්දී චෑන් ජිමින් පිටිපස්සේ හිට ගත්දිම ජිමින් සෝෆා එකේ ඉද ගත්තේ ජියාගේ අප්පටත් ඉදගන්න කියලා අතින් සන් කරන ගමන්.....


" ඉතින් ඩොක්ටර් කොහොමද ?.. ඔයානම් මාව අදුරන් නැතුව ඇති .... මං රෆායල්... ජියාගේ අප්පා... "

රෆායල් තමන්ව අදුන්නලා දෙද්දී ජිමින් එයා දිහා බැලුවේ සැකේකින් .. ජිමින්ගේ ඇස් තදින්ම රෆායල්ව නිරීක්ෂණයක යෙදුනා...


විදේශිකයෙක්ගේ පෙනුම තිබ්බ රෆායල් ඉතාම හොදින් කොරියානු භාශාව හැසිරුවා... ඊටත් වඩා ජිමින්ගේ කල්පනාවට වැටුනේ ජියාගේ අප්පා විදේශිකයෙක් වුනේ කොහොමද කියන එකයි.....

" මං ස්කොන්ලන්ඩ් ජාතිකයෙක්.... ජියාගේ ඔම්මා කොරියන් ජාතිකයෙක්.."


රෆායල් කිව්වේ ජිමින්ගේ හිතේ තිබ්බ දේ තේරිලා වගේ... බැලූ බැල්මට තරුණ පෙනුමක් තිබ්බ රෆායල් එයාගේම කියලා ස්ටයිල් එකකට කොණ්ඩේ උඩ කොටස විතරක් සුදු කරලා තිබ්බා... ඒ වගේම රැවුලත්... දකින ඕනම කෙනෙක්ගේ ආකර්ෂණය ගන්න පුලුවන් විදිහේ පෙනුමක් තිබ්බ රෆායල් නිතරම සිනාමුසු මුහුණෙන් ඉන්න කෙනෙක් කියලා බැලූ බැල්මට තේරුණා......


" අරස්සෝ මිස්ට රෆායල්.... i mean ජියාගේ අප්පා.... මං කැමති ඇයි මට එන්න කිව්වේ කියලා දැන ගන්න....."


කකුලක් පිට දාන් හිටිය කකුල බිමට තියලා කකුල් වලට වැලමිට තියලා බර වෙන ගමන් ජිමින් ඇහුවේ රෆායල් දිහා තියුණු බැල්මක් හෙලන ගමන්....

" අහ් දේ.. ඩොක්ටර් මං කැමතියි ඔයත් එක්ක ඩීල් එකක් කතා කරන්න... "

" ඒ කිව්වේ...?"

ජිමින් ඇහුවේ ඇහිබැමක් උස්සන ගමන්....

" මං කෙලින්ම කතාවට එන්නම් ඩොක්ටර් .. මං කැමතියි ඩොක්ටර් ජිමින් මගේ දුව ජියාව මැරි කරනවනම්....."

" හහ්... මං දැන ගත්තා...."


නිකටේ තියන් හිටිය අත් වලින් අත්පුඩියක් ගහන ගමන් ජිමින් ඉදන් හිටිය තැනි නැගිට්ටේ මහා හයියෙන් හිනා වෙන ගමන්.... ජිමින්ට තමන්ගේ හිනාව පාලනය කර ගන්න බැරි තරමට ජිමින් හිනා වුනා... ලිවින් රූම් එකේ එහා මෙහා යන ගමන් හිනා වුනා... අන්තිමට ජිමින් නැතුනේ outside view එක පේන ග්ලාස් එකක් ලග සාක්කු වලට අත් දෙක දාන් හිට ගන්න ගමන්.... ඒත් ජිමින් හිනා වුනේ නැහෑ.. ඒ වෙනුවට කලේ තියුණු බැල්මක් රෆායල් වෙත හෙලපු එකයි.....

" ජියා එහෙනම් අප්පගේ මාර්ගෙන් මාව සල්ලි වලට ගන්නද හදන්නේ ?"

" එහෙම නෙවෙයි.. ඩොක්ටර් කැමති නැත්ද මොනවා හරි බොන ගමන් මේ ගැන කතා කරන්න ?... මම ඩොක්ටර්ට කියන්නම් දුව මැරි කරොත් ඩොක්ටර්ට ලැබෙන වාසි ගැන..."

" කුල්... ( එකගයි කියන එක..)."

රෆායල් ජිමින් ලගට ඇවිත් කර වටේ අතක් යවලා දෙන්නා එක්කම ඇවිදන් ගියේ මිනිබාර් එකක් ලගට.... ජිමිනුත් වැඩි කතාවක් නොකරම රෆායල්ට ඉඩ දුන්නා.. මොකද ජිමින් සෝයොන් එක්ක තිබ්බ තරහා නිසා මේ වෙලාවේ කොල්ලට පෙනුනේ බිස්නස් ගැන විතරයි....


රෆායල් ජිමින්ව එක්කන් ගිහින් ග්ලාස් එකකට ඩ්‍රින්ස් දාලා දීලා තමනුත් ටිකක් දාන් බාර් එක ලග තිබ්බ සෝෆා එකෙන් දෙන්නා එක්කම වාඩි වුනා.....

" හරි මිස්ට රෆායල්... දැන් මට කියන්න ඇයි ජියාව මට බන්දලා දෙන්න ඕන කියලා..."

ජිමින් ඇහුවේ වීදුරුව තොල ගාන ගමන්...

" ගොඩක් හොද ප්‍රශ්නයක් ඩොක්ටර් ...."

" මට ජිමින් කියන්න..."

" දේ ...දේ.... ජිමින්.... ඉතින් ඇත්තම කිව්වොත් මේ දේට ප්‍රධානම හේතුව ජියා ජිමින්ට කැමති එක....දුව මට ජිමින් ගැන කිව්වා.. එයාගේ කැමත්තට ඉඩ දුන්නට මං එහෙම ආවට ගියාට වැඩ කරන මනුස්සයෙක් නෙවෙයි.. මං ජිමින් ගැන හෙව්වා... එතකොට මට මගේ මාර්ග වලින් දැන ගන්න ලැබුනා ජිමින් කරන බිස්නස් ගැන..."

" ඒක ප්‍රසිද්ධ රහසක්...."

" ඒක හරි...."

ජිමින් කිව්ව දේට රෆායල් එකග වෙන ගමන් හයියෙන් හිනා වුනා.. ජිමිනුත් රෆායල්ට එකතු වෙලා හිනා වුනත් ඒ කට කොණේ කපටි හිනාවක් ඇදිලා නොතිබ්බම නෙවෙයි ..

" ඉතින් ජිමින් මං කැමති ඔයාගේ බිස්නස් වලට හවුල් වෙන්න.. ඒ වගේම මගේ බිස්නස් වලට ජිමින්ව හවුල් කර ගන්න.... "

" ඔයාගේ බිස්නස් ?"

" දේ... මාත් ජිමින් කරන සයිඩ් එකේම බිස්නස් කරන කෙනෙක්.... "

" ඔහ් එහෙනම් අංකලුත් මාෆියා කාරයෙක්ද ?"

" අංකල්?... ඔහ්..මං හිතුවේ නැහෑ ජිමින් මෙච්චර ඉක්මනට මට එහෙම කතා කරයි කියලා... ජියා කිව්වේ ජිමින් හුගක් තදයෙක් කියලා..."

" එහෙමත් කිව්වද ?... ඒත් අංකල් අපි එකම ෆීල්ඩ් එකේ නිසා දුරින් ඉන්නවට වඩා ලං වෙන එක හොදයිනේ..."

වීදුරුව තොල ගාණ ගමන්ම ජිම්න් එහෙම කියලා රෆායල්ට ඇහැක් ගැහුවා... මේ වෙලාවේ ජිමින් හිටියේ සල්ලි වල සුවද විදින ගමන්...

" මං කැමතියි පුතා හිතන විදිහට "

" පුතා ?"

" ලං වෙලා ඉන්නවට වඩා නෑදෑකමක් හදා ගන්න එක හොදයි නේද ?"

රෆායල් ජිමින්ගේ වචනෙන්ම ජිමින්ට ගැහුවේ අන්තිම තුරුම්පුවෙන් ගේම ඉවරයක් කරන්න හිතන්.... ඒත් ජිමින් ඒකට හිනාවෙන් විතරක් සංග්‍රහා කලා... බිබී හිටිය වීදුරුව ස්ටුල් එකෙන් තියලා ජිමින් යන්න නැගිට්ටේ කිසිම කලබලයක් නොකරමයි..

" එහෙනම් අංකල් අපි මේ ගැන තව නිදහසේ කතා කරමු .... දැන් මට යන්න වෙනවා..."

" අහ් දේ දේ... පුතා හුගක් බිසී කෙනෙක් නේ. අපි නිදහසේ දවසක කතා කරමු.. මං කැමති මගේ බිස්නස් ගැනත් පුතාට විස්තර කරලා දෙන්න...."

" දේ අංකල්...එහෙනම් මං ගිහින් එන්නම්.."

ජිමින් රෆායල්ට සමූදීලා එහෙන් ආවේ ලොකු අරමුණක් හිත යට තියන්.....

" ඩොක්ටර් මේ මැරේජ් එක කරනවද?"

මෙච්චර වෙලා වෙන හැමදේම අහගෙන හිටිය චෑන් ජිමින්ගෙන් ඇහුවේ සෝයොන් ගැන මතක් වෙලා.. මොකද ජිමින් සෝයොන් ගැන වද වෙන තරම් අනිත් හැමොටම වඩා චෑන් දන්න නිසා....

" ඇයි එපාද ? "

" එහෙම නෙවෙයි ඩොක්ටර් ..."

" මිනිහා සල්ලි කදක් චෑන්.... මිනිහා කරන දේ තවම නොකීවට ගේ දිහා බැලුවම හිතා ගන්න බැරිද මිනිහා කරන දේ ගැන .. "

" ඒ කිව්වේ ඩොක්ටර් ...?"

" Antiquities mafia... ලෝකේ තියෙන සල්ලි ගලාගෙන එන මාෆියා වලින් එකක්....."

" ඩොක්ටර් කොහොමද ?"

" මිනිහගේ ගේ ඇතුලේ තියෙන හුගක් බඩු පුරාවස්තු වලට අයිති දේවල්.. ඒවගේ දේවල් සල්ලි වලට ගන්න පුලුවන් කියන්නේ මිනිහා කරන්නේ පුරාවස්තු ජාවාරම්..මං අතගහලා නැති දේවල් වලින් එකක්... මේක මට අතට ආව චාන්ස් එකක් චෑන්... "

" ඩොක්ටර් එතකොට සෝයොන්ශී .."


චෑන් ජිමින්ට මතක් කලේ මෙච්චර වෙලා ජිමින්ට අමතක වෙලා තිබ්බ දෙයක්.. ඇත්තටම ඒ දේ ජිමින්ට අමතක වෙලා තිබ්බටත් වඩා සල්ලි නිසා ජිමින් අන්ද වෙලයි හිටියේ..

සල්ලී... අනිත් හැම බැදීමකටම වඩා සල්ලි බලය ඉස්සර වෙනවා... සල්ලි ලග මිනිස්සු දණින් වැටෙනවා... ඒ තරම් මිනිස්සුන්ව පාලනය කරන්න පුලුවන් හැකියාවක් සල්ලි වලට තියෙනවා....

ඒ නිසා වෙන්න ඇති සමහර වෙලාවට ආදරේට වඩා සල්ලි වල වටිනාකම වැඩි වෙන්නේ....

රෆායල්ට කීවත් වැඩක් තියෙනවා කියලා ජිමින්ට ඊට පස්සේ කරන්න වැඩක් තිබ්බේ නැහෑ.. නයි පොලොන්ගු ගැවෙසෙන තැන් වල වැඩි වෙලා ඉන්න බැරි නිසයි ජිමින් ජියාගේ ගෙදරින් එළියට ආවේ....

එතනින් එහා ජිමින්ට කරන්න වැඩක් නොතිබ්බ නිසා කොල්ලා හැමදාම වගේ සැනසීම හෙව්ව තැන හොයන් ගියේ චෑන්ගේ විරුධත්වය මැදයි...

ක්ලබ් එක....


වේදනාකාරී ජීවිතේ ජිමින් සැනසීම හේව්ව තැන...

මේ වෙනකොටත් සෝයොන් ගැන තරහෙන් පිරිලා තිබ්බ ජිමින්ගේ හිත වෙනතකට යවන්න රෆාල්ගේ යෝජනාවට පුලුවන් වුනා....ඒ නිසා ජිමින්ගේ හිත ,


සෝයොන් , ජියා

අතර දෝලනය වුනා... ක්ලබ් එකට ඇවිල්ලත් වොඩ්කා වීදුරු කීපයක්ම හිස් කල ජිමින් හිටියේ කෙලින් ඉන්නවත් පුලුවන් තත්වෙක නෙවෙයි....

දාඩියට පෙගිලා තිබ්බ ශර්ට් එක ඇගටම ඇලිලා තිබ්බ නිසා ජිමින්ගේ කඩවසම් ශරීරය ඕනාවටත් වඩා කැපිලා පෙනුනා ..ක්ලබ් එකේ හිටිය කෙල්ලන්ගේ අවදානේ මේ වෙනකොටත් ජිමින් දිනාගෙන ඉද්දී කෙල්ලො කිහිපදෙනෙක්ම ජිමින්ව වටකර ගන්න ගියේ බොහොම පොඩි වෙලාවයි...

එක කෙල්ලෙක් සෝෆා එකේ ඉදන් ජිමින්ගේ නිරාවරණය වෙලා තිබ්බ පපුව දිගේ අතක් යවද්දී තව කෙල්ලෙක් ජිමින්ගේ උකුල උඩින් වාඩි වෙලා ජිමින්ගේ එහා මෙහා වෙලා තිබ්බ අකීකරු කෙස් අතර තමන්ගේ ඇගිලි තාලෙකට අරන් ගියේ ජිමින්ගේ මූණ මන්ගේ ඇගට ලං කර ගන්න ගමන්...


" Babe...... "

" Daddy....."

" Ba......be....... ක....ජිමා...."

" i'm here Daddy...."


" සෝ....යොනා..... "


" මං ශෙමී....."


" අනී... මගේ....සෝයොන් ....මගේ සෝයොන් කෝ....."


කෙල්ලන්ගේ පහසින් වගේම වොඩ්කා වල පවර් එකෙන් මත් වෙලා හිටිය ජිමින් එක පාරට තමන් ලග ඉදිය කෙල්ලොන්වත් පෙරලන් එතනින් නැගිටලා ලොකු කලබලේකින් එළියට දුවගෙන ආවා...


" කී එක... මගේ කී එක කෝ...."

ජිමින් වාහනේ ලගට ගිහින් සාක්කු වලට අත දදා තමන්ගේ කී එක හොයන්න පටන් ගත්තා.. ක්ලබ් එකට එන්න කලින් තමන්ගේ බඩු ටික චෑන්ට දුන්නා කියන එකවත් ජිමින්ට සිහියක් තිබ්බේ නැහෑ.. මේ වෙලාවේ ජිමින්ගේ ඔලුවේ වැඩ කල එකම දේ සෝයොන් .... මොකද්දෝ හේතුවකට කෙල්ලෙක් තමනට ලං වෙන හැම වෙලාවකම ජිමින්ට සෝයොන්ගේ පහස මතක් වෙනවා. ඒක නෙවෙයිද ආදරේ ?....

ඒත් ඒ මුරණ්ඩු හිත ඒක පිළිගන්න කැමති නැහෑ.....

ජිමින් කී එක හොයලා බැරිම තැන හොයා ගන්න බැරි වෙද්දී චෑන්වත් දාලා පාර දීගේ දුවගෙන ගියේ ටැක්සි එකක් නවත්ත ගන්න හිතන්....



" ඩොක්ටර් ඔහොම ඉන්න... ඩොක්ටර් ..... "

" සෝයොන් .....එයා..එයා ලගට යන්න ඕන...."


චෑන් ජිමින්ගේ පස්සෙන් දුවගෙන ආවත් ජිමින්ට ඒ කිසි දෙයක් ඇහුවේ නෑ..කොල්ලා හිටියේ සෝයොන්ගේ සිහියේ....

චෑන් ජිමින් ලගට එන්නත් කලින් ජිමින් පාරේ ආව ටැක්සි එකක් නවත්තන් නැගලා යන්න ගියා.... චෑන්ට කරන්න කිසි දෙයක් තිබ්බේ නැහෑ.. ජිමින් ගිය වාහනේ අංකයත් කටපාඩම් කරන්ම චෑන් ගැන්ග් එකේ අයට වාහනේ ෆලෝ කරන්න කියලා ජිමින්ගේ කාර් එක ලගට ගියේ ඒකත් අරන් ජිමින් යන තැනට යන්න හිතන්....

ජිමින් වෙරිමතින්ම ගියේ සෝයොන් නැවතිලා හිටිය ගෙදරට...

ටැක්සි එකේ ගාණවත් අහන් නැතුව ජිමින් සාක්කුවේ තිබ්බ සල්ලි ටිකක් අරගෙන ඩ්‍රයිවර්ට විසික් කරලා දාලා සෝයොන්ගේ ගේ ඇතුලට ගියා..

ටැක්සි එක පිටිපස්සෙන්ම ආව ජිමින්ගේ ගැන්ග් එකේ වහන් ටික ගේ ගාවම දුරින් දුරින් නවත්තන් ඉද්දී ඒ එක්කම ගැන්ග් එකේ අයගේ මාර්ගෙන් ජිමින් ආව තැන හොයා ගත්ත චෑනුත් කාර් එකේ එතනට ආවේ ඒ වෙලෙයි... ජිමින් යන්නේ සෝයොන් ලගට කියල දැන ගත්ත චෑන් තවත් ජිමින්ට කරදර නොකරම ජිමින් එනකම් වාහනේ සෝයොන්ගේ ගේ ලග නවත්තන් හිටියා...



ජිමින් හිටියේ අවසිහියෙන්... සෝයොන් දොර අරිනකන්වත් ඉන්න බැරි වුන ජිමින් දොරට එක දිගටම ගහගෙන ගියා ......


" මේ දොර අරිනවා... සෝයොනා... මේ දොර අරිනවා... මේක කඩන්න කලින් අරිනවා අයිසේ ....."

අහල පහළ මිනිස්සු ඉන්නවා කියලවත් සිහියක් නැති වුන ජිමින් සෝයොන් දොර අරිනකන්ම එක දිගටම කෑගහන්න ගත්තා.....


සෝයොන් හිටියේ කොලේජ් එකේ වැඩ කරන ගමන්... එක පාරට ආව දොරට ගහන සද්දෙයි ජිමින්ගේ කෑගැහිල්ලයි එක්ක කෙල්ලගේ හිතට දැනුනේ බයක්... මෙච්චර දවසක් තමන් ගැන හොයලා බැලුවේ නැති ජිමින් එක පාරට මෙහෙම ගෙදරට කඩන් පනිද්දී සෝයොන් බය වෙන එක සාධරණයි..

පාඩම් කර කර හිටිය පොත පැත්තකට දාලා සෝයොන් බයෙන් බයෙන්ම ගිහින් දොර ඇරියේ වෙන ඕනම දේකට මුහුණ දෙනවා කියලා හිතන්.. ඒත් දොර ඇරිය ගමන් සෝයොන්ට හිතන්නවත් වෙලාවක් ඉතිරි නොකර ගේ ඇතුලට ආව ජිමින් ආව ගමන්ම දොරත් කකුලෙන් තල්ලු කරලා වහලා කෙල්ලව තමන්ගේ ඇගට හිර කරන් ඒ තොල් අල්ල ගත්තා....

සෝයොන්ගේ අත් ජිමින්ගේ පපුවට හයියෙන් වදිද්දී ඒ අත් තමන්ගේ අත් වලින් හයියෙන් අල්ලන්ම ජිමින් දිගටම සෝයොන්ගේ තොල් සිප ගත්තා. වියරු වැටිලා වගේ හිටිය ජිමින් දිගටම සෝයොන්ව සිප ගත්තේ ඒ තොල් ජිමින්ගේ දත් අතර හිර වෙලා තුවාල වෙන තරම් හයියෙන්..වේගෙකින්...සෝයොන්ගේ කටින් කෙදිරි හඩවල් පිට වුනත් ජිමින් ඒ බවක් තැකීමක් කලේ නැහෑ.... කෙල්ලගේ දැගලිල ටික ටික අඩු වෙද්දී සෝයොන්ගේ අත් වල පැටලිලා තිබ්බ තමන්ගේ අත් වලින් කෙල්ලව උස්සලා තමන්ගේ ඇගට තද කර ගත්ත ජිම්න් දිගටම සිප ගන්න ගමන් පස්සෙන් පස්සට ගියේ කෙල්ලව බිත්තියට තියලා හිර කර ගන්නයි....

බිත්තියටයි , ජිමින්ගේ ඇගටයි හිර වුන සෝයොන්ට හෙල්ලෙන්නවත් පුලුවන්කමක් තිබුනේ නැහෑ..කෙල්ලට පුලුවන් වුනේ ජිමින් දෙන වේදනාව දරාගෙන ඇස් වලින් කදුලු හලන්න විතරයි....

ඇත්තටම ජිමින් කවදාවත් නැති විදිහට වියරුවෙන් සෝයොන්ට වේදනා දුන්නා... ආදරෙන්, වෛරයෙන් හිටිය ජිමින්ට මේ වෙලාවේ සෝයොන්ගේ වේදනාව ගාණක් වුනේ නැහෑ.....

තොල් වලින් නතර නොවුන ජිමින් සෝයොන්ගේ බෙල්ල දිගේ සිපගත්තේ ඉතා රලු විදිහට සැපීම් එක්කමයි.... සමහර තැන් තුවාල වෙලා ලේ එන තරමටම ජිමින් රලු විදිහට සැපුවා.. ඒත් ජිමින් ඒවගෙන් නැවතුනේ නැහෑ....

ජිමින්ගේ සීතල තොල් සෝයොන්ගේ උඩුකය පුරාම යද්දී කොල්ලගේ අත් කෙල්ලගේ ඇග පුරාම දිව ගියා....

ඒ ආදරෙකට වඩා තරහකින්.. හරියට ඒ දේවල් මගේ, මට අයිති වුනත් මට අයිති කර ගන්න බැරි නිසා හිතේ ඇති වුන වෛරයක් වගේ....


" ජි.....මින්... මට...රිදෙනවා... චේබාල්..නවත්තන්න...."

බැරිම තැන සෝයොන් එයාගේ හඩ අවදි කලා... මොකද මේ වෙනකොට කෙල්ලගේ ඇගේ හුගක් තැන් සීරිලා ලේ ගලන්න අරන් තිබුණ නිසා.. ඒ දේවල් වේදනාවක්..විශේෂයෙන්ම සෝයොන්ට... පරණ මතක ආයේ අලුත් වෙනවා වගෙයි... ඒත් එතන හිටියේ වර්නන් වෙනුවට ජිමින්.. තමන් වැඩියෙන්ම ආදරේ කරන , තමන් වැඩියෙන්ම ගරු කරන කෙනා...


" ඇයි මට රිද්දන්නේ....?"

සෝයොන් ඇහුවේ අඩන ගමන් ..ඉකිගගහා අඩන කෙල්ලට කෙලින් ඉන්නවත් පණක් තිබ්බේ නැහෑ.. ඒත් ජිමින් දිගටම සෝයොන්ට වද දුන්නා... සෝයොන් ඒ වචන එක්ක ටිකකට නතර වුන ජිමින් හිමීට එයාගේ මූණ සොයොන්ගේ මූණ ලගට ගෙනාවේ දිගටම ඇස් බිමට හරවන්....

තත්පර කිහිපයක් එහෙම ඉන්න ඇති.. සෝයොන් දිගටම ජිමින්ගේ දිහා බලන් හිටියත් ජිමින් හිටියේ සෝයොන්ට මූණ දෙන්න බැරුව බිම බලන්...... ඒත් තත්පර ටික ටික ගෙවිලා විනාඩියක් විතර යද්දී ජිමින්ගේ කම්මුල දිගේ කදුලු බිංදුවක් ගලාගෙන යනවා සෝයොන් දැක්කා... ඒ එක්කම ජිමින් විටින් විට නහය උඩට ඇද්දා... ඒත් ඒ ඇයි කියලා අහන්න සෝයොන්ට ඕන වුනේ නැහෑ... මොකද සෝයොන් දැනගෙන හිටියේ නැහෑ ජිමින්ට ඒ දේට ලොකු හේතුවක් තියෙන බව.. සෝයොන් හිතුවේ ඒ කලින් වුන රණ්ඩුව නිසා කියලා විතරයි.....


" මං තව එක පාරක් අහන්නම් මැණික... එකම එක පාරක් අහන්නම්... මගේ ලගට එන්න බැරිද ?..... "

ජිමින් ඇහුවේ සෝයොන්ව දිගටම බිත්තියට හිර කරන් එක අතක් බිත්තියට තියන් බිම බලන්.... ඒත් ඒ වචන ඇහෙනවත් එක්කම සෝයොන් අහක බලා ගත්තා...

" ඔයා සමාව ගන්න "

කිසිම හිතේ තෙතමනයක් නැතුවම සෝයොන් එහෙම කිව්වා.... ඒත් ඒ දේට තරහා ගන්නවා වෙනුවට ජිමින් කලේ අඩපු එක.. හිමිට කදුලු හැලුව ජිමින් අඩනවා... හැමදාම වගේ එයාගේ ආදරේ ලග ඒ හිත උණු වෙලා අඩනවා....


" මට දැන ගන්න ඕන ඔයාට මගේ ලගට එන්න පුලුවන්ද කියලා විතරයි සෝයොන් ...."

ජිමින් ඕනම වෙලාවක සෝයොන්ගෙන් සමාව ගන්න ලෑස්ති වෙලයි හිටියේ.. ඒත් ඊට කලින් ඒ මුරණ්ඩු හිතට ඕන වුනේ කෙල්ල තමන් ලගට එන්න කැමතිද කියලා දැන ගන්න එක.. ඒ වගේම සෝයොන්ට ඕන වුනෙත් ජිමින් සමාව ගන්න එක විතරයි...



" සමාව අරන් ඉන්න ජිමින්...."


" මං තමුසෙට ආදරේ කලා සෝයොන් .... මේ පපුවේ තමුසෙට විතරයි ඉඩක් තියෙන්නේ... මට වෙන කෙනෙක් ලගට යන්න බැහෑ ... ඒ නිසා එක පාරක් කියන්න මාව ඕන කියලා මැණික.. චේබාල්.. ඔයාගේ කටින් මට ඒ දේ අහන්න ඕන..."

බිත්තියට හිර වෙලා තිබ්බ ජිම්න්ගේ අත හිමීට සෝයොන්ගේ තොල් අතර ගියේ සිනිදු මල් පෙත්තක් අල්ලනවා තරම් සැහැල්ලුවට... ටිකකට කලින් ඒ තොල් වලටම රිද්දුවා කියන එකවත් ජිමින්ට මතක නැති හැඩයි ...කදුලු එකින් එක කම්මුල දිගේ ගලාගෙන යද්දී ඒ හිත ආදරේ වෙනුවෙන් යදිනවා.... ඒත්,


" මට ලං වෙන්න එපා ජිමින්.... ඔයා හැමදාම වගේ මට රිද්දනවා... අනික මගේ අප්පට එහෙම සැලකුව කෙනෙක් ලගට මං ආයෙම එයි කියලා හිතනවද ?".


සිය දහස් වාරයක් ජිමින් ලගට යන්න ඕන කියලා යටි හිත කීවත් හිත ගලක් කරන් සෝයොන් ඒ වචන වලින් ජිමින්ට දමලා ගැහුවේ කිසිම ගාණක් නැතුව වගේ... අඩුම හැමදාම වගේ ජිමින්ගේ කදුලු ලග අසරණ වෙන හිත අදා අසරණ වුනේවත් නැහෑ....



" එහෙමද ?... ඒ කියන්නේ... ඒ කියන්නේ තමුසෙට මාව එපා කියන එකද ?"


අඩ අඩ වුනත් ජිමින් එහෙම ඇහුවේ තරහකින්....

" දේ.. එන්න බෑ.. නැහෑ.. එන්නෑ...."


" අරස්සෝ ... තමුසේ පසුතැවෙයි සෝයොන් ...සිය දහස් වතාවක් පසුතැවෙයි ...නැහෑ.. මැරෙනකම් තමුසේ පසුතැවෙයි.... ඒත් මතක තියා ගන්නවා මේ හිත තමුසෙට විතරයි ආදරේ කරන්නේ.... මං ගැන ආයේ හොයන්න එපා... මියාන්හේ මං කරන්න යන දේ ගැන මට පසුතැවෙන්න සිද්ද කරන්න එපා.... මොකද මං ඒ තීරණේ ගන්නේ ඔයාගේ අන්තිම වචනෙත් අහලා නිසා...."


ජිමින්ගේ සීතල තොල් හරි හිමීට සෝයොන්ගේ නළල තෙත් කලා... අවසන් වතාවට ඒ උණුහුම ලග ඇස් පියන් ජිමින් තත්පර කිහිපයක් හිටියා.. ඒත් ඊළග තත්පරේම ජිමින් එළියට බැහැලා ආවේ සෝයොන් ගැන තියෙන ආදරේ එහෙන්ම තමන්ගේ හිත යට වලදාන ගමන්....

" මියාන්හේ මැණික... මේ දේ වෙන්නේ ඔයා නිසා... එක පාරක් කිව්වනම් මගේ ලගට එනවා කියලා... මං මගේ හැම දේම නවත්තලා වුනත් ඔයා ලගම ඉන්න මං හිත හදාගෙනයි හිටියේ. ඒත් දැන් පරක්කු වැඩියි..... මං ගිහින් එන්නම් සෝයොන් .... පරිස්සමෙන් ඉන්න මගේ පන...."

එළියට ගිහින් සෝයොන්ගේ ගේ දිගා බලන් ජිමින් එහෙම හිතුවේ ඇස් අග රැදුන කදුලු බිංදුවක් පිට අල්ලෙන් පිහන ගමන්.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

To Be Continued .....

___________________________________________

♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️

පරක්කු වුනා මියාන්....

කතාව ගැන හිතන දේ කියන් යන්න....

Votes , Comments කරන හැමෝටම ගොඩක් ස්තූතී 😘❤️

Borahae 💜️
✍JinNu

Continue Reading

You'll Also Like

215K 29.7K 56
ආදරය කියන්නෙ විඳින දෙයක් විතරක්ම නෙවෙයි...විඳවන දෙයක් ❤ JJK Mafia FF 💜️ Completed : 22/05/2021 Rankings : #1 - jungkook #1 - jk #9 - fanfiction #4...
1.6K 311 5
"මගෙ උවමනාවකට හැදුන එකෙක් නෙමේනෙ මේ ඉන්නෙ.තමුසෙට ඔනෙ නම් මෙ කුණුගොඩ තියාගන්නවා....!!!!! . "කට පරිස්සම් කරගන්නවා.තමුසෙට මෙ දරුවා ඔනෙ නැතිවුනාට මට ඔනෙ...
179K 26.7K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
57K 7.7K 48
" කියන්න ඔයාව කාටද අයිති" " ඔ-ඔයාට ජන්කුක්." " හය්යෙන්...!" " ඔ..ඔයාට ජ..ජන්කුක්..!!!!" ඉතින් ඇත්තටම ඇය අයිති ඔහුටද..? Start Date - 2023/01/23 En...