DOCTOR MAFIA ♠️🎯 || PJM [...

By JinNu97

47K 10.7K 3.4K

🚫සල්ලී බලයට ජීවිත වල වටිනාකම තුට්ටු දෙකට වැටුන කතාවක්.. ♠️ 🚫ආදරය ලග සල්ලී වල වටිනාකමක් නැති වුන කතාවක් 💔 ... More

CHAPTER 1 ♠️
CHAPTER 2 ♠️
CHAPTER 3 ♠️
CHAPTER 4 ♠️
CHAPTER 5 ♠️
CHAPTER 6 ♠️
CHAPTER 7 ♠️
CHAPTER 8 ♠️
CHAPTER 9 ♠️
CHAPTER 11 ♠️
CHAPTER 12 ♠️
CHAPTER 13 ♠️
CHAPTER 14 ♠️
CHAPTER 15 ♠️🚫
CHAPTER 16 ♠️
CHAPTER 17 ♠️
CHAPTER 18 ♠️
CHAPTER 19 ♠️
CHAPTER 20 Pt 1 ♠️
CHAPTER 20 Pt 2 ♠️
CHAPTER 21 ♠️
CHAPTER 22 ♠️
CHAPTER 23 ♠️
FINAL CHAPTER Pt 1♠️
FINAL CHAPTER Pt 2 ♠️
POSTSCRIPT ♠️ & AUTHOR NOTE

CHAPTER 10 ♠️

1.6K 403 105
By JinNu97


©අඩුවක් වුනාදෝ සෙනේ...
හැර යන්න ඇයි ළං වුනේ...🥀

~~~~~~~~~~~~~~~~~~~

End Of 9th Chapter ....

" ජි...ජිමින්...ශි..."

" තමුසේ කටවහා ගන්නවා.... තමුසේ ගැන මං පස්සේ බලා ගන්නම්.... "

සෝයොන් ජිමින් දිහා බලන් පුදුමෙකින් ඇහුවත් ජිමින් කලේ කෙල්ල දිහාවත් නොබලා කෑගහලා සෝයොන්ව පැත්තකට කරලා අඩියට දෙකට vernon ලගට ගිහින් උඩ පැනලා vernon ට පාරක් ගහපු එක.. ඒ පාරේ සැරට vernon මීටර් දෙකක් විතර දුරට විසිවෙලා ගිහින් වැටුනේ , වැටුන පාරට බිමට ඇණුණ අත වේදනාවෙන් අල්ලන් කෑගහන ගමන්...

Since then........

" යහ් කේශික්‍යා .... උඹව මං දන්නවද කියලා නේද ඇහුවේ?... අහ් ? ... දේ.. අරා... ඕනාවටවත් වඩා උඹ ගැන මං දන්නවා... "

බිම වැටිලා බිමට වැදුන අතත් අල්ලන් නැගිට ගන්න බැරුව වර්නන් හිටියේ අමාරුවෙන්.. ඒත් වැස්සේ වුනත් ඒ මූණේ ඇදිලා තිබ්බ කපටි හිනාව ජිමින් දැක්කා.. සෝයොන් හිටියේ ජිමින්ට කවර් වෙලා ..මොකද කෙල්ලට වර්නන්ගේ මූණ බලන්න තරම් හිතේ හයියක් තිබ්බ් නැහෑ...

බිම වැටිලත් , නැගිට ගන්න පණක් නැතුවත් වර්නන් හිනා වෙද්දී ජිමින්ට එයාගේ තරහා පාලනය කරගෙන ඉන්න බැරි වුනා.. වැහි වතුර නිසා ජිමින්ගේ ඉලිප්පිලා තිබුන නහර හොදින් කැපීපෙනුනා..

සෝයොන් ජිමින්ගේ අතකින් අල්ලන් ජිමින්ව පස්සට අදිද්දි ජිමින් කලේ වර්නන් ලගට යන්න හැදුව එකයි....

" අතාරිනවා මාව... තමුසෙට මැරුම් කන්න ඕනේ නැත්නම් අතඇරපන්..."

" චේබාල් ...චේ ....බාල්.. ජිමින්ශී.. අපි යන්.. මට බෑ මෙතන ඉන්න.... අපි යන්..."

" තමුසේ දන්නවද මූ කරන දේවල්...? අහ්?.. මූ තමයි...."

" එපා... එපා. චේබාල් මට ඒ දේවල් අහන්න බෑ.. අපි යන්.. අපි මෙතනින් යන්...."

කෙල්ලව වෙව්ලනවා.. වැස්ස නිසා ඇගට දැනුන සීතලට වඩා හිතට දැනුන බය නිසාම කෙල්ලව වෙව්ලනවා.. හිටගෙන ඉන්න වාරු නැති තරමට කෙල්ලව අඩපණ වෙලා.. ඒත් ඉතුරු වෙලා තිබ්බ අන්තිම ශක්තියත් යොදවලා කෙල්ලට ඕන වුනේ ජිමින්වත් එක්කන් එතනින් ඉක්මනින් යන්න... ජිමින් ආයේ ආයේ වර්නන්ට ගහන්න යන්න හැදුවත් සෝයොන් ජිමින්ගේ අතේ එල්ලිලා ඒකට ඉඩ නොදුන්න නිසා ජිමින් මුල්ම සහා අවසාන වතාවට කෙල්ල කියන දේ අහලා එතනින් එන්න හැරුණා...

" දැනට උඹ බේරුණා... යනවනම් දැන්මම පලයන්... කොහොමත් ඊළග තත්පරේ උඹ මගේ ලගට එනවා... "

වර්නන්ට ඇගිල්ලක් දික් කරලා ජිමින් තර්ජනේ කලේ පල් හිනාවක් දාලා...

වර්නන් ඉන්න පැත්තෙන් හැරුණ ගමන් සෝයොන්ගේ අත ඕනාවටත් වඩා හයියෙන් අල්ල ගත්ත ජිමින් කෙල්ලව ඇදගෙන වගේ තමන්ගේ වාහනේ නවත්තලා තිබ්බ තැනට ගියේ එකම වචනයක්වත් කතාවත් කරන් නැතුව.... වාහනේ ලගට ආව ගමන් කෙල්ලට නගින්න කියන් නැතුව දොර දිහාට තල්ලු කරලා දාලා ජිමින් කාර් එකට නැග්ගේ චෑන්ට කෝල් කරන ගමන්....

" ආෂ්ෂ්.. Pickup The Phone අයිසේ.....ශිට්..."

දෙතුන් පාරක් කෝල් කරත් චෑන් ෆෝන් එක ආන්සර් කලේ නැතිම තැන ෆෝන් එකත් පිටිපස්සේ ශීට් එකට විසී කරලා ජිමින් කාර් එක ඩ්‍රයිව් කලේ යන්න පුලුවන් උපරිම වේගෙන්... ඒ යන අතරතුර ඇහැ කොණකින් සැරින් සැරේ සෝයොන් දිහා බැලුව ජිමින් දැක්කේ කෙල්ල භාගෙට මැරුණ කෙනෙක් ඉන්නවා වගෙයි......

ඉදිමුණ තොල් , මූණේ තැනින් තැන තිබ්බ තුවාල , තෙත් වෙලා තිබ්බ කොණ්ඩේත් සෝයොන්ගේ මූණේ තැන තැන ඇලවිලා තිබුණ නිසා කෙල්ල ඉන්නේ හොදින් නෙවේ කියන එක ජිමින් හොදාකාරවම දැනගෙන හිටියා..

ඒත් එකපාරක් ජීවිතේ වැරදෙන්න ගිය කෙල්ලෙක් මේ වගේ තමන් ගැන පරිස්සමක් නැතිව හැසිරෙන එකට ජිමින් වෛර කලා.. ඉගෙන ගන්න මොළේ තියෙන කෙල්ලෙක් මේ වගේ දුර්වලයෙක් වගේ ඉන්න එකට ජිමින් පිළිකුල් කලා.. මේ වෙලාවේ වුනත් ජිමින් සෝයොන් ගැන බැලුවේ ආජුස්සී නිසාම විතරයි ... මොකද ඒක ජිමින්ගේ වගකීම නිසා...

Mansion එකට ඇවිත් ආව වේගෙන්ම කාර් එක බ්‍රේක් කරලා නවත්තපු ජිමින් සෝයොන් බහින්නත් කලින් කෙල්ලව ඇදගෙන ඇතුලට ගියා... කෙල්ල වේදනාවෙන් මූණ අකුල ගත්තත් එක වචනයක්වත් නොකීවේ කතා කරන එක වචනෙකින් හරි ජිමින්ගේ කේන්තිය තව වැඩි වෙයි කියන බයටයි...

" සෝ....සෝයොනා.....😭 "

ජිමින් සෝයොන්ව ගෙදරට එක්කන් එනකොටම ජේකේ පොඩි එකෙක් වගේ අඩාගෙන ඇවිත් කෙල්ලව බදා ගත්තේ කලින්ටත් වඩා අඩන ගමන්.. ඒ වෙනකොට ටේත් ගෙදරට ඇවිත් හිටියා... සෝයොන්ව වගේම ජිමින්ව දැක්ක ගමන් ටේ ජිමින් ලගට ඇවිත් මොකද වුනේ අහන්න හදද්දීම ජිමින් ඇගිල්ලක් තොල ලගට කරලා කතා කරන්න එපා කියලා අහල බලා ගත්තේ කේන්තියෙන් දත්මිටි කන ගමන්...

" අහ්.. මං කොච්චර බය වුනාද දන්නවද?.. මියාන්හේ ...මියාන්හේ .. මට එවලේ ෆෝන් එක ආන්සර් කරන්න බැරි වුනාට... චොම්මාල් මියාන්හේ .... 😭😭 "

ජන්ග්කුක් දිගටම කතා කලේ සෝයොන්ව තව තව හයියෙන් බදා ගන්න ගමන්...ඒත් ඒ වෙනකොටත් ඇගට පණක් නැතුව හිටිය කෙල්ලගෙ ඇස් අමාරුවටම යන්තමින් පිය වුනා..

" ජේකේ. ඕක නවත්තපන්. අපි පස්සේ කතා කරමු... බලපන් කෙල්ල හොදටම තෙමිලා.. මුලින්ම එයාට චේන්ජ් කරන් එන්න දෙන්න.. "


ටේ කිව්වේ ජන්ග්කුක් දිගටම සෝයොන්ව බදන් ඉද්දී ජිමින් තරහෙන් පුපුර පුපුර ඉන්නවා දැක්ක නිසයි...

" අහ් දේ.. අපි යන්.. ඔයා චේන්ජ් කරන් එනකම් මං ඉන්නම්.. අරස්සෝ ?.. පස්සේ මොකද වුනේ කියන්න..".

මෙච්චර වෙලා සෝයොන්ව බදන් හිටිය ජන්ග්කුක් කෙල්ලගෙන් ටිකක් ඈත් වෙලා අත් වලින් සෝයොන්ව අල්ලන් කීවේ කෙල්ලගේ මූණට බර වෙන ගමන්....

" නෑ.. කවුරුත් ....කවුරුත්ම සෝයොන් ගැන බලන්න අවශ්‍ය නැහෑ... අරස්සෝ ?... මට පුලුවන් ඒ දේ කර ගන්න.... තව පැය භාගෙකින් දෙන්නම මගේ රූම් එකට එනව... එතකන් සෝයොන්ව හොයාගෙනවත් උඩට එන්න එපා... "

ජේකේට වගේම ටේටත් ඇගිල්ල දික් කරන ගමන් කිව්ව ජිමින් ජේකේ අල්ලන් ඉද්දීම සෝයොන්ව ඇදලා අරන් ඇදගෙන වගේ උඩට ගියා.. ජිමින් කෙල්ලව එක්කන් ගිහින් නැවතුනේ කෙල්ලගේ රූම් එකේ.. රූම් එකට ගිය ගමන් කෙල්ලව ආපූ වේගෙන්ම ඇදලා අරන් ඉස්සරහට තල්ලු කරපු ජිමින් රුම් එකේ දොර වහලා ලොකු හුස්මක් පිට කලා....

" සෝයොන්.. මං ප්‍රශ්න දෙකක් අහන්නම්.... මට කෙලින්ම උත්තර දෙනවා... "

ජිමින් කිව්වේ අත් දෙක සාක්කු දෙකට දාන් ඇස් යටින් සෝයොන් දිහා බලන් කෙල්ල ලගට ටික ටික ලං වෙන ගමන් .

" එක.....

තමුසේ කොහොමද වර්නන්ව දන්නේ ?....

දෙක.....

ඌ කොහොමද එවලේ එතන හිටියෙ ?..."

ජිමින් කියන වචනයක් ගානේ කෙල්ලගේ මූණට නැඹුරු වුනේ තරහෙන් පුපුරන ගමන්... සෝයොන් බයටම අත් එකට පටලන් පස්සෙන් පස්සට ගියත් අන්තිමට යන්න තැනක් නැති වෙද්දී කෙල්ල ජිමින්ටයි රූම් එක මැද්දෙන් තිබ්බ shelf එකටයි මැදි වුනා..

" දෙන උත්තරේ හොදට හිතලා දෙනවා.. නැත්නම් තමුසෙට ඊළගට වෙන දේට මං වගකියන් නෑ...."

සෝයොන්ගේ මූණ ලගින් Shelf එකට අතකුත් තියන් කෙල්ලගේ ඇස් දෙක දිහා කෙලින් බලන් ජිමින් ඇහුවේ ඇහිබැමකුත් උඩට කරන්... සෝයොන්ගේ ඇස් වලට ඉඹේටම කදුලු පිරුණා.. උත්තර දෙන්න ඕන වුනත් වචන එළියට එන්න බැරුව වගේ හිර වෙලා...ඒත් මේ වෙලාවේ උත්තර නොදුන්නොත් ඊටත් වඩා දෙයක් වෙනවා කියලා කෙල්ල හොදටම දන්නවා.. ඒත් මොනවා කරන්නද... මේ වෙලාවේ කෙල්ල ගොලු වෙලා...

" සෝයොන් !!!!! ..... මං තමුසෙගෙන් හොදින් අහන අන්තිම පාර..... මට උත්තර දෙනවා....."

ජිමින්ගේ කටහඩ හරිම තියුණුයි..ජිමින්ගේ කෑගැහිල්ලට සෝයොන් ගැස්සිලා ජිමින් දිහා බැලුවත් ආයෙත් බයෙන් බිම බලා ගත්තා....
තවමත් තෙත් වෙලා තියෙන ජිමින්ගේ කොණ්ඩේ මූණට වැටිලා තිබුණ නිසා ඒ මූණේ තිබුණ නපුරුකම ඕනාවටත් වඩා පෙනුනා...

ඒත් තවමත් කෙල්ලට කතා කර ගන්න පුලුවන් කමක් නැති තරම්...


" හරි.... තමුසෙට කට අරින්න බෑනේ... එහෙනම්.. මේ කාමරෙන් එළියට එක අඩියක් තමුසෙට තියන්න බෑ අරස්සෝ ?...ඒ වගේම අපි කවුර්ත් තමුසේ මේක අස්සේ මැරිලා ගියත් බලන්න එන් නෑ.. "

ඇගිල්ල දික් කරලම සෝයොන්ට තර්ජණාත්මක ස්වරයෙන් කිව්ව ජිමින් එතනින් එන්න හැරුණා.. ඒත් ඒ එක්කම සෝයොන් ජිමින්ගේ අතින් අල්ලා නැවැත්තුවේ යන්න එපා කියන්න ඔලුව හොල්ලන ගමන්....

" ම....ට... මට....සමා....වෙන්න...."

කෙල්ලගේ කටින් පිටවෙන වචනයක් ගාණේ කෙල්ල ඉකිගහනවා.. වචන පිට කරන්න ලොකු උත්සහයක් ගන්නවා... ඒක ජිමින් හොදටම දැක්කා.. මෙච්චර වෙලා තිබුණ තරහව කොල්ලාගේ මූණෙන් ටික ටික ඈත් වෙද්දී ජිමින් සෝයොන්ට ලං වෙලා කෙල්ලගේ උරිස්වලින් අල්ලන් මූණට එබුනේ හැමදේම කියන්න කියලා ඇස් වලින් කියන ගමන්.....

" ව....ර්..නන්... එයා... එයා මගේ හො...දම යාලුවා.... අනී... මං..එයාව ඊටත්...වඩා..විශ්වාස....කලා.... 😓 ඒත්...ඒත් එයා.. ම...ගෙන්...මගෙන්...හැමදේම ..උදුර ගත්තා.... ජිමින්ශී.... ආහ්හ්හ්.. මට ...මට තවත් ජීවත් වෙන්න බෑ.... 😭 මියාන්ගේ ජිමින්ශී... මියාන්හේ... අප්පා.... මියාන්හේ...... "

සෝයොන් කතා කලේ පිස්සුවෙන් වගේ එයාගේ කෙස් අතින් ඇදගන්න ගමන්... ජිමින්ගෙන් සමාව ඉල්ලන වාරයක් ගානේ කෙල්ල අත් දෙක එකට මැදි කරන් අත්ල එකට අතුල්ලන ගමන් වදින්න ගත්තා... එයා අප්පා කිව්වේ එයාගේ ඇත්තම අප්පට... ජිමින්ගේ අජුස්සිට...එයා එතන නොහිටියත් කොහේම හරි ඉදන් බලන් ඇති කියලා හිතන් කෙල්ල වටේම බල බල වැද වැද කතා කලේ පිස්සුවෙන් වගේ.. ඇත්තටම සෝයොන්ට මේ වෙලාවේ සිහියක් තිබුණ් නැහෑ..

තමන්ට වෙන්න පුලුවන් ලොකුම අසාධාරණය විදගෙන සිහියෙන් ඉන්න පුලුවන් මොන කෙල්ලටද ?.... මෙච්චරක් හරි වෙලා මේ දේවල් කෙල්ල ඉවසුව එකම පුදුමයක්.....

සෝයොන් කියන දේ තේරුම් ගන්න ජිමින්ට අමාරු වුනේ නැහෑ... කෙල්ල කියන දේ ඕනාවටත් වඩා ජිමින්ට තේරුණා...ඒත් ජිමින්ට ආවේ තරහක්....කෙල්ලට බනින්න ඕන වුනත් කෙල්ලගේ මානසික තත්වෙත් එක්ක ජිමින්ට බනින්න පුලුවන් කමක් තිබ්බේ නැහෑ... කොච්චර දරඩඩු හිතක් වුනත් මේ වගේ වෙලාවක උණුවෙනවා ....
ඒත් ඒ දේ පෙන්වන්න ජිමින්ට ඕන වුනේ නැහෑ. ඒ වෙනුවට ජිමින් කෙල්ලට වචනයක්වත් නොකියා රූම් එකෙන් යන්නයි හැදුවේ...

ඒත් එකපාරට ජිමින්ට පිටිපස්සෙන් බර දෙයක් බිම වැටෙන සද්දෙක් ඇහුණා... යන්න ගිය ගමන නවත්තලා ජිමින් පිටිපස්ස බැලුවේ ඒ මොකද්ද කියලා බලන්න...

" සෝයොන්.....!!! "

බිම වැටිලා හිටියේ සෝයොන් ... ඇගට පණක් නැතුව හිටිය කෙල්ල පූලුවන් උපරිම උත්සහා කලා ශක්තිමත්ව කෙලින් ඉන්න. ඒත් අන්තිම උත්සහායත් කෙල්ලගෙන් ගිලිහිලා යද්දී වටේම අදුරු වෙලා කෙල්ලගේ ඇස් පිය වුනේ පරඩැලක් වගේ බිමට වැටිලයි....

කෙල්ල ලගට දුවලා ගිය ජිමින් තමන්ගේ අත් වලින් කෙල්ලව උස්සන් බෙඩ් එකෙන් තිබ්බේ කවදාවත් නොදැනුන තරම් හිතේ කලබලේකින්....

" සෝයොන් ....යහ්.. සෝයොන්.... ඇස් අරිනවා.. "

ජිමින් සෝයොන්ගේ කම්මුල් වලට ටිකක් හයියෙන් ගහලා කෙල්ලට සිහිය ගන්න උත්සහා කලත් වැඩක් වුනේ නැහෑ.. බැරිම තැන ජිමින් තමන්ගේ රූම් එකට දුවලා ගිහින් stethoscope එක අරන් ඇවිත් කෙල්ලව චෙක් කලේ හිත ඇතුලෙ ඇති වුන අමුතුම බයකින්...

" ඔයා හොදටම වීක් සෝයොන් .. තමුසේ කොහොමද මේවා දරා ගත්තේ... හිතුවක්කාර කෙල්ල... මේ වැඩේ කල එකාව මං කොහොමත් ලේසියෙන් අතාරින් නෑ සෝයොන් ... අතාරින් නෑ..."

කෙල්ලව චෙක් කරන ගමන්ම ජිමින්ගේ කටින් ඒ වචන පිට වුනේ ඇයිද කියන්න කොල්ලවත් දන් නෑ... තරහට වෙව්ලන තොල් එක්කම ජිමින්ගේ ඇස් වලට යන්තම් ඉණුව කදුලු ඇට කම්මුල දිගේ ගලාගෙන ගියේ ජිමින්ගෙන්වත් අවසර නැතුව... ඒ එක්කම සෝයොන්ගේ ඇස් අගිනුත් කදුලු බිංදුවක් බේරුණා..

තමන්ගේ මහපටඇගිල්ලෙන් සිනිදුවට ඒ කදුලු බිංදුව පිහදැම්ම ජිමින් තමන්ගේ ඇස් සෝයොන්ගේ ඇග දිගේ අරගෙන ගියේ වර්නන් ඉතුරු කල ඒ පැල්ලම් දිහා වෛරකින් බලන ගමන්....

තවමත් රතුවට තිබුණ පැල්ලම්, දැනටමත් ලා දම් පැහැයකට හැරුණ පැල්ලම් ඕනාවටත් වඩා සෝයොන්ගේ ඇගේ කැපිලා පෙනුනා.. ඒ කෙල්ලගේ බෙල්ලේ , උරිස් වල අත් වල විතරක් තිබුණ පැල්ලම්... ඒත් ඇදුම් වලින් ආවරණය වෙලා තිබුණ සෝයොන්ගේ ඇගේ තව කොච්චර මේ වගේ පැල්ලම් ඇත්ද කියන්න ජිමින් කල්පනා කලා...

ජිමින්ට දැනුනේ ලොකු වේදනාවක්...කලකිරීමක්... හරියට තමන්ට අයිති දෙයක් වෙන කෙනෙක් බලෙන් උදුර ගත්තා වගේ හැගීමකින් ජිමින් සෝයොන් දිහා බලන් හිටියා....

හිතට එන ආවේගෙට ජිම්න් කලේ බෙඩ් එකේ ශිට් එක අතින් පොඩි කරන් හිටිය එකයි....

" මං නැති වෙද්දිම මෙහෙම වුනේ ඇයි ?... තමුසේ.... ත..මුසේ ඇයි එහෙම කර ගත්තේ සෝයොන් .... 😖 ... "

ජිමින් කිව්වේ ලොකු වේදනාවකින්.. ඊටත් වඩා දෙයක් කොල්ලට කියන්න ඕන වුනත් ඒකට හිතට හයියක් තිබුණ් නැහෑ...


රූම් එකේ තිබ්බ First Aids Box එකෙන් වේදනා නාශකයක් අරන් සෝයොන්ට ඉන්ජෙක්ට් කරලා ජිමින් ටික වෙලාවක් සෝයොන්ගේ වේදනාවෙන් වෙනස් වෙන මූණ දිහා බලන් හිටියා... හැමදාම වගේ ජිමින්ගේ ඇස් නැවතුනේ සෝයොන්ගේ රෝස තොල් වල.. ඒත් ඒ තොල් දැන් ඉදිමිලා.. තොල් අග පැලිලා රතු වෙලා...

හිතට ආව ක්ෂණික අදසකට ජිමින් සෝයොන්ගේ තොල් උඩ තමන්ගේ තොල් හරි පරිස්සමෙන් තිබ්බේ කිසිම හැගීමක් නැතුවමයි.... ඇස් පියන් කෙල්ලගේ තොල් වලින් දැනුන උණුසුම ටික වෙලාවක් ජිමින් හිතේ හැටියට වින්දා...

තත්පර කිහිපයක් සිපගෙන ජිමින් සෝයොන්ගේ තොල් වලින් ඈත් වුනේ කෙල්ලගේ මූණට වැටිලා තියෙන කෙස් රොද අතින් හදන ගමන්....

" මියාන්හේ ... මට පරිස්සම් කරන්න බැරි වුනාට... මං පරක්කු වුනාට.... "

ජිමින් කිව්වේ එච්චරයි... කෙල්ල දිහාවත් නොබලා ශීට් එකත් පොරවලා ජිමින් රූම් එකෙන් එළියට ඇවිත් දොරට හේත්තු වුනේ අතකින් පපුවත් අල්ලන්...

" මොකද මේ...වේ?.. ඇයි මං මෙහෙම හැසිරෙන්නේ ?..."

ජිමින් තමන්ගෙන්ම ප්‍රශ්න කලේ තමන් මේ හැසිරෙන විදිහ ඇත්තටම තමන්ට නුහුරු නිසයි.. ජිමින්ට කෙල්ලෝ කියන්නේ මහා ලොකු දෙයක් නෙවෙයි.. ඒත් ඒ හැම වතාවෙම තිබුනේ රාගයක් විතරයි.. ඒත් මේ හැගිම හුගක් වෙනස්.. හිත යටින් ඒ හැගීමට ආදරේ කරන ජිමින් මතුපිටින් රලු වෙන්නේ තමන් කරන දේවල් එක්ක ඒ හැගීම් වලට තමන් විසින්ම නීති පනවන් ඉන්න නිසයි...

කොහොම වුනත් තමන්ගේ හිතට දැනුන මේ හැගීම එක්ක ජිමින්ට වැඩි වෙලා ඉන්න වුනේ නැහෑ. මොකද ඊටත් වඩා කරන්න ඉතිරි වුන ලොකු දෙයක් ජිමින්ට තිබුණා...

තමන්ගේ සුපුරුදු මූණත් හදන් ජිමින් එයාගේ රූම් එකට ගිහින් රූම් එකේ කෙළවර තිබ්බ ග්ලාස් එකෙන් එළියේ තවමත් ඉවරයක් නැතුව වැටෙන වැස්ස දිහා කොල්ලා බලන් හිටියේ ටේකුක් දෙන්නව බලාපොරොත්තුවෙන්.....

" ජිමිනා... "

ටේ කිසි බලබලයක් නැතුවම ජිමින්ට කතා කලා.. ඒත් ජේකේ හිටියේ ජිමින් මොනවා කියයිද කියන බයෙන්.. මොකද මේ වෙලාවේ ජිමින් ජේකේට වුනත් ගහන්න ලොකු ඉඩක් තිබ්බා...

ටේගේ කටහඩට ජිමින් ඒ පැත්තට හැරුණේ සාක්කුවේ තිබ්බ බ්ලැක් ආසියා කාඩ් එකත් අතේ තියන්.. ජිමින්ගේ අතේ scalpel එක වගේම නොවැරදීම තිබුණ දෙයක් තමයි බ්ලැක් ආසියා.. ඩීල් එක ඉවර වෙලා අනිත් අතට ආව නිසා ජිමින්ගේ සාක්කුවේ කාඩ් එක තවමත් තිබුණා.. වැස්සට තෙමුණත් ඒ කාර්ඩ් එකට කිසි හානියක් වෙලා තිබ්බේ නැහෑ.. මොකද ඒක ගෝල්ඩ් වලින් හැදුව ආසියා කාර්ඩ් එකක්...


ඒ කාර්ඩ් එක කැසිනෝ වල සෙල්ලම් කරන්න වගේම ජිමින් හදිස්සී අවස්ථාවකදි ආයුධයක් විදිහටත් පාවිච්චි කරනවා...

ලේසියෙන් ඉලක්කයක් නොවරදින ජිමින්ගේ අතේ ඒ කාර්ඩ් එක තියෙනවා කියන්නේ ඊළගට වෙන දේ ටේ වගේ ජේකේත් හොදටම දන්නවා.. ඒත් ප්‍රශ්නේ වුනේ ජිමින් ඇයි ඒක මෙතනදි එළියට ගත්තේ ඇයි කියන එකයි...

අතේ ඇගිලි වල කාර්ඩ් එක කරකවන ගමන් ජිමින් දෙපැත්තට බෙල්ල කඩලා හිරි ඇරලා ටේ වගේම ජේකේ ඉන්න තැනට හිමීට අඩිය තියන් ආවා....

ජේකේ ඇස් දෙකත් ලොකු කරන් ටේ දිහා බයෙන් බලද්දී , ටේ කිසි අවුලක් වෙන් නෑ කියන්න ඇස් වලින් ඉගි කරලා ජිමින් දිහාට හැරුණා...

" ජිමිනා.. මෙතන කලබල වෙන්න දෙයක් වුනේ නැහෑ.. පොඩ්ඩක් අහපන් අපි දෙන්නම හිටියේ...."

" කලබල වෙන්න දෙයක් නෑ?... කලබල වෙන්න දෙයක් නෑ කියලද උඹ කීවේ? "

ටේ සිද්ද වුන දේ කියන්න හැදුවත් ජිමින් ඒකට ඉඩ නොදී දිගටම ටේ ලගට ආවේ බිම බලන් හිනා වෙවී....

" ජිමිනා පොඩ්ඩක් අහලා හිටපන්... "

" මොනවද අහන්න ඕනේ ?.. උඹලට මං කරන්න දුන්නේ එක දෙයයි... මොකද්ද ඒ ?.. සෝයොන්ව... සෝයොන්ව බලා ගන්න විතරයි උඹලට කිව්වේ මං... දවස් 4ක්.. නැහෑ.. දවස් 3ක් ... එක කෙල්ලෙක්ව බලා ගන්න බැරි උඹලට ...එහෙම වෙලා උඹලා කොහොමද යකෝ මාෆියා කාරයෝ කියන්නේ... අහ්?.. "

" මායි සෝයොන්ව කොලේජ් එකට ගෙනිච්චේ.. මොකද එයාට යන්නම ඕන කිව්වා.. "

" එයා යන්න ඕනෙ කිව්වම උඹ යැව්වා.. එහෙමද ?...මං උඹලට තේරෙන භාශාවෙන් කිව්වා මං එනකම් ඒකීව යවන්න එපා කියලා.... "

" ජිමිනා. ඒකී තවම ඉගෙන ගන්නවා බන්.. අපිට බෑ එහෙම එයාව හිර කරන්න..."

ටේ කතා කලේ සෝයොන් ගැන කිසිම දෙයක් නොදැන.. මොකද මීට කලින් සෝයොන්ට වුන සිද්දිය ගැන ටේවත් ජේකේවත් දැනන් හිටියේ නැහෑ.. මේ හැමදේම දැනන් හිටිය එකම කෙනා ජිමින් විතරයි.. එක අතකින් ටේ හරි වුනත් මේ වෙලාවේ ජිමින්ගේ ඔලුවේ වැඩ කලේ සෝයොන් ඉන්න විදිහ.. ඒ කෙල්ල දුක් විදින හැටි.....

" උඹ දන්නවද සෝයොන්ට මොනවද වුනේ කියලා ?..."

ජිමින් කිව්වේ ලොකු හුස්මක් පිට කරලා සංසුන් වෙන ගමන්...

" ඒක දැන ගන්න තමයි අපි මෙතනට ආවේ "

ටේ ටිකක් දැඩි ස්වරයකින් එහෙම ඇහුවත් ජිමින් කලේ කිසි දෙයක් නොකියා අතේ තිබ්බ කාර්ඩ් එක ඇගිලි දෙකකින් කැරකුව එක විතරයි....

" Vernon..."

" නුගූ?.."

" Vernon...Hansol Vernon..."

" ඒ කවුද ?.. "

" ඌව හෙට වෙද්දී මගේ ප්ලේස් එකට ගේන්න ඕනේ.. ඌ මොන ලෝකේ හිටියත් හෙට වෙද්දී මෙතන ඉන්න ඕනේ... අරස්සෝ ?... "

" ඒ කවුද ?.. ඇයි ඌව ගේන්න ඕනේ ?. අනික අපි තවම සෝයොන්ගේ කතාව ඉවර කලේ නැහෑ ජිමින්.. සෝයොනාට මොකද වුනේ කියන්න... "

ටේ අහන්න කට අරිනවත් එක්කම මෙච්චර වෙලා හැමදේම අහගෙන හිටිය ජේකේ තරහෙන් වගේ ජිමින් ඉන්න පැත්තට ආවේ එයාට හිතේ ඇදුන ඔක්කොම ප්‍රශ්න ටික එක දිගටම අහන ගමන්...

ඒත් ඒ එක්කම ජිමින්ගේ අතේ තිබ්බ කාර්ඩ් එක ජේකේගේ දිහාට විසි වුනේ ඇහි පිය ගහන්නවත් වෙලාවක් ඉතුරු නොකරයි.....

" ය්හ් ජිමිනා මිච්චස්සෝ ?.... "

ජිමින් කරපු දේට ටේ ඇහුවේ ජිමින්ගේ කොලර් වලින් අල්ලන්.. ජේකේ තවමත් සිද්ද වුන දේ හිතා ගන්න බැරුව හිටිය තැනම ගල් වෙලා ජිමින් දිහා බලන් හිටියා...

" ජන්ග්කුකා ලේ... 😟 "

ජිමින්ව අල්ලන් හිටිය ටේ ජිමින්ව අතඇරලා ජේකේ ලගට දුවගෙන ගිහින් ඇහුවේ ජේකේගේ බෙල්ල පැත්තකින් ආව ලේ බිංදුව දැකලයි... එතකොටයි ජේකේ දන්නේ කාර්ඩ් එකට බෙල්ල කැපිලා කියලා.. අඩුම ගානේ කාර්ඩ් එක ගියේ කොහෙන්ද කියලවත් හිතා ගන්න බැරි තරම් වේගෙකින් ජිම්න් කාර්ඩ් එක විසි කලා..

බෙල්ලෙන් ආව ලේ ටික අතින් පිහදාන්ම ජේකේ වගේම ටේත් පිටිපස්ස හැරුණේ කාර්ඩ් එක බලන්න. බලාපොරොත්තු වුන විදිහටම කාර්ඩ් එක ජේකේට පිටිපස්සෙන් තිබ්බ ලී කබර්ඩ් එකට ගිහින් වැදිලා හිටලා තිබ්බා....

" මං දන්නවා මං නිසයි මෙහෙම වුනේ කියලා... ඒත් මං සෝයොන්ට හිතලා වැරැද්දක් කලේ නැහෑ ජිමිනා.. සෝයොන්ට මොනවද වුනේ කියලා නොදන්නවා වුණත් ඒක මං හොයා ගන්නවා.. ඒ වගේම උඹ ඔය කියන එකානම් ඒකට වගකියන්න ඕනේ ඌ මැරෙන්නේ මගේ අතින්.. "

තමන්ට ඉස්සරහින් අහක බලන් හිටිය ජිමින් දිහා කදුලු පිරුණ ඇස් වලින් බලන් හිටිය ජේකේ එහෙම කියලා එතනින් ගියේ ටේ තමන්ව අල්ලන් හිටිය අතත් ගසලා දාලමයි...


ජේකේ ගියාට පස්සේ ටේ ජිමින් ලගට ගිහින් උරිස්සට තට්ටුවක් දාලා ජිමින්ට තනියම ඉන්න ඉඩ දීලා එතනින් ගියා....

.
.
.
.
.
.
.
.
.
.
.
.

අතොරක් නැතිව වැටෙන වැහි වතුර ජනේලෙට වදින සද්දෙ , තත්පර කට්ට කඩිමුඩියේ යන ගමනක සද්දේ ඇරුණම මුලු පරිසරයම ලොකු නිහැඩියාවක... මේ වගේ වෙලාවක හැමෝම ආස බෙඩ් එකේ ගුලි වෙලා සුව නින්දක් ලබන්න වුනත් ජිමින්නම් හිටියේ එහෙම සුව නින්දක නෙවෙයි...

සෝයොන්ට තවමත් සිහිය ආවේ නැති වුනත් විටින් විට ආව උණ ගතිය නිසා කෙල්ල සැරින් සැරේ වේදනාවෙන් කෙදිගෑවා.. සෝයොන් හිටියේ තනිවම නෙවෙයි... කෙල්ලගේ තනියට අර දරදඩු පිරිමියත් ඒ ලගටම වෙලා බෙඩ් එක ලගම බිම ඉදන් කෙල්ලගේ අතකින් අල්ලන් බෙඩ් එකට ඔලුව තියන් හිටියා....

මුලු රෑම කෙල්ල සැරින් සැරේ කෙදිරි ගාද්දි ජිමින් කලේ රෙදි කෑල්ලක් පොගවලා කෙල්ලගේ නලලට තියලා නින්ද යනකම් ඔලුව අතගෑව එක.. වැස්ස නිසා තෙත් වුන ඇදුම් සෝයොන්ගේ අවසරේකින් තොරව ගලවන්න ජිමින් අකමැති වුන නිසා කොල්ලා කලේ මතුපිටින් ඇදුම් වල තෙත මාත්තු කල එක විතරයි...

මේ වෙලාවේ බෙහෙත් දීලා සුව කරන්න පුලුවන් තත්වෙක නෙවෙයි සෝයොන් හිටියේ... හිතේ ඇති වුන තුවාලයකට බෙහෙත් නෑ කියලා ජිමින් අනිත් කාටත් වඩා හොදින් දැනන් හිටිය නිසා කලින් දුන්න වේදනා නාශකයට අමතරව දෙයක් ජිමින් දෙන්න ගියේ නැහෑ...

දවස් ගාණක් මහන්සි වෙලත් ගමන් මහනසියවත් නොහිතා කෙල්ලව හොයාගෙන ඇවිල්ලත් තවමත් හරියට ඇස් පියා ගන්නවත් ජිමින්ට පුලුවන් කමක් නැහෑ... නින්ද යන්න ආවත් අමාරුවෙන් ඇස් ඇරන් ඉන්න කොල්ලා ලොකු උත්සහයක් ගත්තා.. ඒත් ඉවසන් ඉන්න බැරිම තැන ඒ ඇස් පියවීගෙන ආවත් ඊටත් වඩා ඉක්මනට ඒ ඇස් අවදි වෙන්නේ කෙල්ල වේදනාවෙන් කෙදිරිගාන නිසයි...

" ෂ්ෂ්ෂ්ෂ්ෂ්.... නිදා ගන්න... මං ඉන්නවා.. "

කෙල්ල ඇහැරෙන හැම වෙලේම හරි පරිස්සමට ඔලුව අත ගාලා කෙල්ලව නිදි කරවන්න ජිමින් ලොකු උත්සහයක් ගත්තා.. කෙල්ලෙක් ලග කවදාවත් මෙලෙක් නොවුන ඒ හිත අද ඕනාවටත් වඩා උණුහුම් වෙලා.. ඒත් ඒ උණුහුම තේරුම් ගන්න සෝයොන් සිහියෙන් නැහෑ...

හැගීම් හන්ගන් හිත ගලක් කරන් ඉන්න උත්සහා කලා වුනත් තව කොච්චර කාලයක් ජිමින්ට එහෙම ඉන්න පුලුවන් වෙයිද කියලා ජිමින්වත් තවම දන්නේ නැහෑ.....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

-------------------------------------------

~ පසුවදා ~

@Vernon's Place ...


* බොස් .... බොස් කොහෙද හිටියේ ? *

" අයිනට වෙනවා.... ආ... මගේ අත... ශිට්.. අර බ#*--#-... ඌව මට ඉවරයක් කරන්න ඕනේ.. ඌ හැම වෙලේම මට බාධා කරනවා... "

* බොස් කා ගැනද කියන්නේ ?.. ඊට කලින් අපි බොස්ගේ අතට බෙහෙත් දාලා ඉමු... *

" එපා... හ්‍යුන්ජින් ....අප්පා තවම ආවේ නැත්ද ? "

වර්නන් කිව්වේ ඇදන් හිටිය ඇදුම් ගලවලා බෙඩ් එකට දමලා ගහලා අතේ තිබ්බ තුවාලේ දිහා මිරර් එකෙන් බලන ගමන්... වර්නන් එපා කිව්වත් හ්‍යුන්ජින් First Aids Box එක අරන් ඇවිත් වර්නන්ගේ අතට බෙහෙත් දාන්න ගත්තා...

* තවම නැහෑ බොස් .... *

" ම්ම්...හ්‍යුන්ජින්.. අරූ ආයෙත් මට හරස් වුනා... "

*කවුද බොස් ?.. *

" ජිමින්... "

* වට්?.. එහෙම වෙන්නේ කොහොමද ?.. බොස් අපි ඊයේ ඩීල් එකක් කලේ නැහැනේ...*

" මිනිහා සෝයොන්ව දන්නවා... "

* සොල්මා... කලින් පාරත්....ඒ කියන්නේ ?..*

" හරියටම කියන්න බැහෑ උඹ ගැන හොයලා බලපන්..
නෑ නෑ.. සෝයොන්ට උගේ තියෙන සම්බන්දේ හොයලා බලපන්..."

* දේ...*

" ආඅව් ආව්.. මිනිහෝ.. රිදෙනවා.. "

හ්‍යුන්ජින් බෙහෙත් දාද්දී එක පාරට තුවාලෙට ඇණුන නිසා වර්නන් කෑගහන්න ගත්තේ පොඩි එකෙක් වගේ....ඒත් හ්‍යුන්ජින් හිනා වෙලා ආයෙත් බෙහෙත් දාන්න ගත්තේ වර්නන් කෑගහනවා කණකටවත් ගන් නැතුවයි....

හ්‍යුන්ජින් කියන්නේ වර්නන්ගේ දකුණු අත.. වර්නන්ගේ හැම ජරා වැඩක්ම, ඩීල් එකක්ම හැඩ්ල් කරන්නේ හ්‍යුන්ජින් .... වර්නන් කියන්නේ මාෆියා කාරයෙක් නොවුනත් අන්ඩර් වර්ල්ඩ් එකත් එක්ක ලොකු සම්බන්ධ කමක් වර්නන්ට තිබුණා...ඒ නිසාම කියන්න පුලුවන් විදිහේ තරමක බලයක් වර්නන්ටත් තිබුණා...

* ඊයේ කොහෙද හිටියේ ? *

" ආඅහ් .. ම්වොල්ලා.. අන්තිමට මං හිටියේ සෝයොන් එක්ක.. පස්සේ ඒකී පැනලා ගියා.. එතකොට තමයි අරූව හම්බුණේ.. "

* ඌද මේක කලේ ? *

හ්‍යුන්ජින් ඇහුවේ තුවාලෙට බෙහෙත් දාලා ප්ලාස්ටර් එක ගහන ගමන් අමුතු පල් හිනාවක් දාලයි....

" ම්ම්ම්.. එවලේ අරකි හිටිය නිසා මුකුත් කර ගන්න බැරි වුනා... පස්සේ වාහනෙට ඇවිත් ඉද්දී එහෙන්ම නින්ද ගියා... මට මහන්සියි... හවස් වෙනකම් මාව ඇහැරවන්න එපා ... මොනවහරි වුනොත් උඹ බලා ගනින්.. "

* දේ.. එහෙනම් නිදා ගන්න.. *

හ්‍යුන්ජින්,වර්නන්ට නිදා ගන්න ඉඩ දීලා රූම් එකෙන් යද්දී වර්නන් එහෙන්ම බෙඩ් එකට වැටුනේ කලින් දවසේ රෑ තමන් කරපු හපන්කම් එකින් එක මතක් කරන ගමන්....

" Baby Girl... තමුසේ අයිති මට... මේ vernonට විතරමයි.... 😖"

.
.
.
.
.
.
.
.
.
.
.
.

To Be Continued ....

( HyunJin : Hey , You Wanna Come In ? 😉
.
.
.
🤤 )

___________________________________________

♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️

හැමදාම දිග චැපි දෙන්න ඕතර්ට පිස්සුවක් ඇතෑ.. 🙂 හික්..

මං Stan කරන ගූප් වල Bias , Bias Wrecker ඔක්කොම මේ කතාවට දාන් මං පුදුම තෘප්තියක් ලබන්නේ ළමයි.. 😌..

කතාව කොහොමද ?... 🙂
ගැම්මක්ත ?...නැත්ත ?...

Votes , Comments කරන හැමෝටම ගොඩක් ස්තූතී 😘

Borahae 💜️
✍JinNu

Continue Reading

You'll Also Like

289K 49.9K 62
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
30.7K 6.8K 17
Don't Copy My work 🚫 Kim seokjin comedy romance fight jealous marrieg life crazy 2021/09/11
66.4K 10.4K 23
Don't Copy My Work ? Sinhala story MAFIA KIM NAMJOON 21+ The fate of a young girl who was hunted by a monster. romantic Lovefight revenge murder...
15.3K 3.9K 15
Don't Copy My Work 🚫 Sinhala FF MIN YOONGI MAIN. මුදලට බලයට යට වූ ජීවිත වලට කවදා හෝ සැනසීමක් ලැබේවිද 😕 ? රැඳී සිටින්න.. 😈❤️