DOCTOR MAFIA ♠️🎯 || PJM [...

By JinNu97

47.1K 10.7K 3.4K

🚫සල්ලී බලයට ජීවිත වල වටිනාකම තුට්ටු දෙකට වැටුන කතාවක්.. ♠️ 🚫ආදරය ලග සල්ලී වල වටිනාකමක් නැති වුන කතාවක් 💔 ... More

CHAPTER 1 ♠️
CHAPTER 2 ♠️
CHAPTER 3 ♠️
CHAPTER 4 ♠️
CHAPTER 6 ♠️
CHAPTER 7 ♠️
CHAPTER 8 ♠️
CHAPTER 9 ♠️
CHAPTER 10 ♠️
CHAPTER 11 ♠️
CHAPTER 12 ♠️
CHAPTER 13 ♠️
CHAPTER 14 ♠️
CHAPTER 15 ♠️🚫
CHAPTER 16 ♠️
CHAPTER 17 ♠️
CHAPTER 18 ♠️
CHAPTER 19 ♠️
CHAPTER 20 Pt 1 ♠️
CHAPTER 20 Pt 2 ♠️
CHAPTER 21 ♠️
CHAPTER 22 ♠️
CHAPTER 23 ♠️
FINAL CHAPTER Pt 1♠️
FINAL CHAPTER Pt 2 ♠️
POSTSCRIPT ♠️ & AUTHOR NOTE

CHAPTER 5 ♠️

1.8K 434 123
By JinNu97

මා සදනම්...
ඔබ මට එළිය දෙන හිරු වෙනවද ? 🥀...

- SoYeon -

~~~~~~~~~~~~~~~~~

ජිමින්ගේ වියරු වැටුන ඇස් ටික ටික රතු වෙද්දී කෙල්ල කදුලු පිරුණ ඇස් වලින් ඇහිපිල්ලමක්වත් නොගහා ජිමින් දිහා බලන් හිටියා... ජිමින්ගේ ඇස් සෝයොන්ගේ මූණ පුරාම ගියත් ඒ ගියේ තරහකින් මිසක් වෙන හැගීමකින් නෙවෙයි....

" කතා කරපන්... උඹ කොහොමද මාව දන්නේ ?".....

" ජි.....මින්..... මං....මං තමයි..... "

" ඔව් කවුද උඹ... ?"

" එදා ..... අර .. අර...නරුමයාගෙන් බේර ගත්තේ.... 😢😢 "

බයෙන් , වේදනාවෙන් වෙව්ලන තොල් වලින් සෝයොන්ගේ වචන පිට වුනේ සද්දේ ඇහෙන නෑහෙන ගානට.. කියන්නද , නොකියන්නද කියලා හිත වද දුන්නත් නොකීවොත් ජිමින්ගෙන් බේරුමක් නැහැයි කියලා දන්න නිසාම අමාරුවෙන් වචන ගැටගහන් කෙල්ල කතා කලේ ඇස් වලින් බේරුණ කදුලු කැටවලට ඔහේ ගලාගෙන යන්න ඉඩ දීලා.....

සොයොන්ගේ වචන ටික වෙලාවකට ජිමින්ගේ කේන්තිය පාලනය කලත් සෝයොන් කියන්නේ මොකක් ගැනද කියලා ජිමින්ට කල්පනා වුනේ නැහෑ... ටික වෙලාවක් ඒ විදිහටම scalpel එක සෝයොන්ගේ බෙල්ලට තද කරන් ඉදලා දිගටම බෙල්ලෙන් ලේ බිංදු කාන්දු වුන නිසා ජිමින් සෝයොන්ව අත ඇරලා නැගිටලා බෙඩ් එකෙන්ම ඉද ගත්තා.......

ජිමින්ගේ අතේ scalpel එක තාලෙකට එහේ මෙහේ ගියේ කෙල්ල ඉතුරු ටික කියයි කියලා බලාපොරොත්තුවෙන්.... ඒත් සෝයොන් වචනයක්වත් කතා නොකල නිසා ජිමින්ම කතාවට මුල පිරුවා...

" තමුන් කියන දේ මට පැහැදිලි නැහෑ....මං ප්‍රශ්න දෙකක් අහන්නම්... කෙලින් උත්තර දෙනවා... "

" ම්ම්ම්.. "

කෙල්ල කිව්වේ අමාරුවෙන් නැගිටලා ආයෙත් හෙඩ් බෝර්ඩ් එකට හේත්තු වෙන ගමන්....

" කවදද ?... කොහෙදීද ?... "

.
.
.
.
.
.

ටික වෙලාවක් යනකනුත් සෝයොන් වචනයක්වත් නොකියා ඉකිගගහා බිම බලන් හිටියේ තමන් මතක් කරන්නවත් අකමැති අමිහිරි දවස ගැන කොහොම කියන්නද කියලා කල්පනා කරන ගමන්....

ඒත් ඒ ගැන ජිමින්ට ගානක් නෑ...ඊටත් වඩා ජිමින්ට ඉවසීමක් නැහෑ.....

" තමුසෙට ...."

" අගෝස්තු 10..... "

" ආ ?"

" අගෝස්තු 10... රෙඩ් වයින් ක්ලබ් එකේ..... "

ඉවරයක් නැතුව වැටෙන කදුලු කැට සෝයොන් එකට පටලන් ඉන්න අත් උඩට වැටෙද්දී ඒ වචන පිට කලේ බයෙන් බයෙන් තමන් දිහාම බලන් ඉන්න ජිමින්ගේ ඒ තියුණු ඇස් දිහා බලන ගමන්...

" අගෝස්තු 10 කියලද කිව්වේ ?"....

ජිමින් තරමක් සංසුන් කටහඩකින් අහද්දි සෝයොන් ඔව් කියන්න ඔලුව වැනුවා... එතනින් එහා වචනයක්වත් ජිමින්ට කෙල්ලගෙන් දැන ගන්න වුවමනා නොවුනේ ඒ දවස ගැන ඕනාවටත් වඩා ජිමින් දැනන් හිටිය නිසයි.....
.
.
.
.
.
.
.
-----------------------------

Few Months Ago....

Jimin Pov...

" වේ වේ වේ...... ඇයි උඹලට වැඩක් හරියට කර ගන්න බැරි යකෝ.....😖"

" ජිමිනා කූල් ඩව්න් බන්.. මේක හොස්පිට්ල් එක.. "

" මොන මගුල වුනත් මට වැඩක් නැහෑ.. යකෝ මේක නිකන් ඩිල් එකක් නෙවෙයි... VVIP.....යකෝ කෝටී ගානක් අතේ .... "

" හරි හරි බන්... අපේ වුන් මිනිහව හොයනවා.. "

" චෑන් කෝ.. ඌ මොන මගුලෙද යකෝ ගියේ... "

මං තිබ්බ තරහට කෑගැහුවේ ටේබල් එකේ බඩු එක දෙක පොළේ ගහන ගමන්.... හොස්පිට්ල් එකේ මගේ කැබින් එක soundproof නිසා ඇතුලේ වෙන කිසි දෙයක් එළියට ඇහෙන් නැහෑ.... ඒ නිසා කිසි ප්‍රශ්නයක් නොවුනත් මට තිබ්බ කේන්තියට කැබින් එක නෙවෙයි හොස්පිට්ල් එකම අනිත් පැත්ත පෙරලන්න හිතුනා...

කොණ්ඩේ අත් වලින් ඇදගන්න ගමන් කැබින් එකේ එහා මෙහා ගිහින් ඩොක්ටර් කෝර්ට් එකත් ගලවලා බිමට දමලා ගැහුවේ මාව තරහෙන් පුපුරන්න තරම් කේන්තියකින් මං හිටිය නිසයි....

මාස ගානක් ඉදන් ප්ලෑන් කරන හිටිය ඩිල් එක.. අරාබි කාරයොන් එක්ක ගහලා තිබ්බ ඩීල් එකේ පේශන්ට් කොරියාවේ මිනිස්ටර් කෙනෙක්... මිනිහා ඉන්නේ කෝමා එකක නිසා body parts ටික ගන්නයි ඩීල් එක වුනේ.. මොකද මිනිහා ඇහැරෙන එක ශුවර් නැති නිසා.. ඒත් ඒකට මිනිහගේ ඩොක්ටර්ගේ permission එක ඕනේ.. ඒ documents ටික ඔක්කොම මගේ අතට එන්න ඕනේ.. එහෙම නොවුනොත් වෙන්නේ මට හිරේ ලගින්න.. මොකද VVIP Case වලට ඇගිලි ගහනවා කියන්නේ NIS එකෙන් ගේම ඉල්ලනවා කියන එක....

ඒත් අපේ වැඩ ඔක්කොම කනපිට හැරුණේ නොහිතුව විදිහට මිනිස්ටරයගේ ඩොක්ටර් වැඩෙට permission එක නොදුන්න නිසයි...මට ලේසියෙන් බය කරලා ගේම ඉවරයක් කරන්න පුලුවන් වුනත් මේ ගැන ගොඩක් අය ඇහැ ගහන් ඉන්න නිසා වැඩේ අමාරු වුනා..ඒත් තව මට මේක ඉවසන් ඉන්න පුලුවන් කමක් තිබ්බේ නැහෑ...

ඩීල් එක අරාබි කාරයෝ ක්ලෝස් කරන්න ඉතුරු වෙලා තිබ්බේ පැය දෙකයි...

මුලු සෝල් වලයි ,ඉන්චොන් වලයි පැය ගානක් මගේ මිනිස්සු මිනිහව හොයනවා.. ඒත් තවම කිසිම හෝඩුවාවක් නැහෑ... මූ මේක හිතලම කලේ මිනිස්ටරයා කෝමා එකේ ඉන්නකම් ඌට හොදට කබුර ගන්න පුලුවන් නිසා... ඒත් ඌ හැප්පෙන්නේ වැරදි මිනිහා එක්ක කියලා ඌ දැන ගන්නේ හදිස්සියේ හරි මේ ඩීල් එක ක්ලෝස් වුනොත්....

" F*ck... කොහෙද ... කොහෙද මේ බැ#&#*- පුතා ඉන්නේ... අහ්හ්... ජේකේ තමුසේ මෙතනට වෙලා ඉන්නේ ඇයි.. ගිහින් හොයපන්.... මට මෙතනින් එන්න අමාරුයි ..උඹට ඇයි තේරෙන් නැත්තේ ?"

හැමදාම වගේ මගේ කේන්තියට ඉවක් බවක් නැතුව ගිහින්... ජෙකේගේ කොලර් වලින් අල්ලන් ඌටත් එකක් ගහන්නයි මට ඕනේ වුනේ... ඒත් උගෙද මගෙද වෙලාව කියන්න මං දන් නෑ.. ඒත් එවලේ ආව කෝල් එක නිසා ජේකේගේ මූණ බේරුණා....

📞 "ම්ම්ම්ම් "

📞 " ඩොක්ටර් දැන්ම රෙඩ් වයින් ක්ලබ් එකට එන්න... මිනිහා ඉන්නවා.. "

📞 " අරස්සෝ ... "

📱🔇

කෝල් එක ආවේ චෑන්ගෙන්.. එක අතකින් ජේකේගේ කෝලර් වලින් අල්ලන්ම මං කෝල් එකට උත්තර දීලා ඉවර වෙලා ජේකේගේ මූණට පොඩි තට්ටුවක් දාලා ලොකර් එකේ තිබ්බ මගේ ගන් එකයි scalpel එකයි අරන් මං කැබින් එකෙන් එළියට ආවා.... යන්න අමාරු වුනත් චෑන් කතා කල විදිහෙන් මට තේරුණේ වැඩෙට මංම යන්න ඕනේ කියලයි.. ඉතින් ඉතුරු ටික ජේකේ බලා ගන්නවා කියලා මං දන්න නිසා බයක් නැතුව වැඩේට මංම යන්න පිටත් වුනා..

මං එළියට එද්දීම මගේ කැබින් එක ලග හිටිය ගාර්ඩ්ලා දෙන්නයි ඊට අමතරව ව මගේ ගැන්ග් එකේ දෙන්නෙකුයි මට එකතු වුනේ මගේ ආරක්ෂාවට ....

හොස්පිට්ල් එකේ මේන් ඩෝර් එකට ඉස්සරහින් නැවත්තුව මගේ කාර් එකට නගින් නැතුව ඊට පිටිපස්සෙන් තිබ්බ ඩිෆෙන්ඩර් එකට නැග්ගේ යන ගමන් ඇදුම මාරු කර ගන්න ලේසි වෙන්න...

මං අකමැති එකම දේ මගේ ශර්ට් වල ජරා ලේ ගෑවෙන එක.. ඒ නිසාම වැඩකට යද්දී මගේ ඇදුම් මාරු කර ගන්න එක මගේ පුරුද්දක් ....

" ඩොක්ටර් ?"

" රෙඩ් වයින් ක්ලබ් එකට.. "

අතේ තිබ්බ බ්ලැක් කැප් එක දා ගාන්න ගමන් මං කියද්දී ගැන්ග් එකේ කෙනෙක් වාහනේ අරගෙන යද්දී ගාර්ඩ් එකේ කෙනෙක් මගේ කාර් එක අරන් ඉස්සරහින් ගියා....
.
.
.
.
.
.
.

විනාඩි පහළවක් විතර යන්න ඇති.. චෑන් කිව්ව ප්ලේස් එකට ඇවිත් වාහන ටික නවත්තපු ගමන් මිනිස්ටර්ගේ ගාර්ඩ් එක කලබල වුනා... ඒත් ගැන්ග් එකේ අය එකා දෙන්නව බිම දාද්දී ඉතුරු වුන් අත් වල තිබ්බ ගන් බිම තියලා දණ ගහන් අත් උඩට උස්ස ගද්දී මට හිනා ගියේ ඉබේටමයි....

" මෙහෙම උන්ව ගාර්ඩ් එකට තියන්ද මූ රගන්නේ ?... "

ඇත්තටම මට නොතේරුණ එකම දේ මිනිස්ටර්ගේ ගාර්ඩ් එක ඇයි මේ දොස්තරයෙක්ට දෙන්නේ කියන එක... මොනවා වුනත් උන් උන්ගේ ප්‍රශ්න මට වැඩක් නැති නිසා මගේ වැඩේ කරගෙන එතනින් ඉක්මනට යන්න හිතන් ක්ලබ් එක ඇතුලට ගියා...

මං ඇතුලට යද්දීම චෑන් මගේ ළගට ආවේ මට ආරාක්ෂාව දෙන ගමන්..

" ඩොක්ටර් VVIP රූම් නම්බර් 107 ... "

" 7?... මට තේරෙන් නෑ ඇයි මුන් 7ම යූස් කරන්නේ කියලා.. 7 මට ලකී වුනාට මුන්ටනම් ලකී නැහෑ..."

කට කොණකින් මං හිනා වෙන ගමන් කිව්වේ ක්ලබ් එකේ භාගෙට ඇදන් මිනිස්සූන්ගේ ඇගවල් වල ඇතිල්ලි ඇතිල්ලී ඉන්න ගෑණුන් දිහා පිළිකුලෙන් බලාගෙනම රූම් එක දිහාට යන ගමන්.. ඒ යන අතරතුර ගෑණු මගේ ඇගේ එල්ලෙන්න ආවත් චෑන් එකට ඉඩ දුන් නැහෑ......

" ඇත්තටම මගේ මූණවත් හරියට නොපෙනී මුන් ඇයි ඇගේ එල්ලෙන්නේ ?"

" සල්ලී වලට ඩොක්ටර් .."

ඒක ඇත්ත... මං මූණ වැහෙන්නම පහළට කැප් එක දාන් හිටිය නිසා කාටවත් මගේ මූන පැහැදිලිව පේන් නැහෑ.. ඒත් මේ ගෑණුන්ට ඒකේ ගාණක් වුනේ නැහෑ.. ගාර්ඩ් එකක් එක්ක එද්දි බර අත්තක් කියලා හිතුණ ගමන් උන්ට හැමදේම අමතක වෙනවා... අවුරුදු 20 25 කෙල්ලෝ මේ වගේ වෙන එක ගැන මට දැනුන්නේ ඇත්තටම පිළිකුලක්..

" ඩොක්ටර් මෙතන "

චෑන් පෙන්නුවේ ගාර්ඩ් එකට දෙන්නෙක් දොර ගාව දාලා තිබ්බ රූම් එකක් පෙන්වන ගමන්...

" යන්..."

මං කිව්වේ ඇදන් හිටිය ජැක්ට් එකේ අත අස්සේ තිබ්බ scalpel එක ඇදලා අතට ගන්න ගමන්....

" උඹලා අද ඉවරයි.."

මගේ කටින් ඒ වචන පිටවුනේ අතේ තිබ්බ scalpel එක ගාර්ඩ් එකේ එකෙක්ගේ බෙල්ල හරහා අරින ගමන්.. ඒත් මැරෙන්නම නෙවෙයි... ඌ බෙල්ල අල්ලන් බිමට වැටෙදී අනිත් එකාව බිම දාන්න චෑන්ට පුලුවන් වුනා.. මොකද කොල්ලගේ එක ශොට් එකකින් එකෙක්ගේ අස්ථියක් උනත් එක පාරින් කඩන්න පුලුවන් හයියක් චෑන්ට තිබ්බා..

" ගුඩ්... "

හැමදාම වගේ මගේ ප්‍රශංසාවෙන් ලැජ්ජ හිතුන කොල්ල හිනා වෙලා බිම බලන්ම දොර ලගට ගියේ මට ඇතුලට යන්න දොර ඇරලා දෙන්න...

" දුල් ....සෙත්..... ගෝ..."

චෑන් අතින් සන් කරලා දොර අරිනවත් එක්කම මං scalpel එක ආයේ ජැකට් එකට දාන් ඉණේ ගහන් හිටිය ගන් එක අරන් ඒම් කරන්ම රූම් එක ඇතුලට ගියා...

ඒත් මං දැක්ක දෙයින් මගේ මුලු ඇගම රත් වුනේ බලන් ඉද්දීමයි...

පොඩි කෙල්ලෙක් ඇගේ නූල් පොටක්වත් නැතුව අර නරුමයගෙන් බේරෙන්න දගලනවා... මිනිහට සිහියක් තිබුන් නෑ කියලා තේරුණේ බෙඩ් සයිඩ් ටේබල් එකේ තිබ්බ හිස් වුන බෝතල් දිහා දැක්කමයි.. එතන තව ඩ්‍රග්ස් වගයකුත් සිසීකඩ වැටිලා තිබ්බා... වීදුරු දෙකක් තිබ්බ නිසා තේරුණේ මිනිහා කෙල්ලටත් බොන්න දීලා කියලයි...

ඒත් කෙල්ල අවසිහියෙන් වගේ අර නරුමයගෙන් බේරෙන්න හදනවා වුනත් කෙලින් ඉන්නවත් පණ නැතුව ඌ කෙල්ලට වද දෙනවා.... ඒකෙන් හොදටම තේරුණා මේක කෙල්ල කැමැත්තකින් කරන දෙයක් නෙවේ කියලා...

මිනිහට අපි ආව එක ගැනවත් ගානක් නැහෑ..

මං ඇහැ කොණෙන් දැක්කා චෑන් බිම බලා ගන්නවා.. ගැන් එකේ තව දෙන්නෙක් රූම් එකේ දොර එළියෙන් වැහුවේ අපිට පහසු වෙන්න නිසා චෑන් එළියට යන්න බැරි කමට අහක බලන් දොර ලගට ගියේ මෙතනින් එහා වැඩේ මට කිසි අමාරුවක් නැතුව කර ගන්න පුලුවන් කියලා තේරුණ නිසයි....

මං කැප් එක පහළටම කරන් හිටිය නිසා ඒ කෙල්ලගේ මූණ හරියට පෙනුනේ නැතත් තොල් වල ඉදන් දෙපතුලට යනකම්ම පැහැදිලිව හැමදේම දැක්කා... මට බලන්න බැරි කමටම අහක බලා ගත්තේ තරහෙන් පුපුරන ඇස් වලට කදුලු උනාගෙන එද්දියි...

අරූව මරලා එවලෙම කෑලි කරන්න කේන්තියක් ආවත් මගේ වැඩේට ඌ සිහියෙන් ඉන්න ඕන නිසා කේන්තිය පාලනේ කරන් ඌ හිටිය තැනට ගිහින් ගන් එක කරකවලා මිට පැත්තෙන් ඌගේ ඔලුවට පාරක් ගහලා මිනිහව බිමට තල්ලු කරලා දැම්මා...

තවත් ඇහිපිල්ලමක්වත් ගහන්න වෙලාවක් පරක්කු නොකර මං බෙඩ් එකේ තිබ්බ ශීට් එක අහක බලන්ම ඇදලා අරන් කෙල්ලව ඔලුවේ ඉදන්ම වැහෙන්න දාලා බිම වැටිලා ඉන්න එකා ගවට ගියේ ආයෙත් මගේ අතට හුරු scalpel එක ගන්න ගමන්....

" යහ් කේශික්‍යා ..... උඹ අද මැරෙන්නේ මගේ අතින් පර#&*#***#..... "

" මාව අතඇරපන්....
උඹ.... ? "

" ඔව් මං.... හිතුවේ නැහෑ නේද මෙහෙම හම්බෙයි කියලා කේශික්‍යා ..."

මිනිහා කිව්වේ කැප් එක යටින් දැකපු මගේ මගේ මුණ දිහා බය වෙලා වගේ බලන්.. ඒත් ඒ එක්කම මගේ අත මිට මොළවලා පාරක් මිනිහගේ මූණට වැදෙද්දී මිනිහගේ මූණ පැලිලා ලේ ආවා...

බීලා හිටිය නිසා ඌට නැගිට ගන්නවත් පණක් නොතිබ්බ නිසා මට වැඩිය මහන්සි වෙන්න වුනේ නැහෑ..... ඒත් මං ඕනම වුනේ ඒ තිරිසනාට මගේ ඇගේ උපරිම ශක්තිය යොදවලා නැගිට ගන්න බැරි වෙන්න ගහන්න.. ඒත් ඒකට කාලය හරස් වුනා...

ඉතිරි වෙලා තිබ්බේ තව පැයයි .....

" කියපන් ෆයිල්ස් ටික කොහෙද ... අහ්... කියපන්..... බ#&*#*$ .... "

" මං කියන් නෑ..... හහ්..... තුහ්..... "

මිනිහා කිව්වේ නක්කලේට මට හිනා වෙන ගමන්....

" උඹ හිතුවේ මං බය වෙලා උඹට ඕකට අවසර දෙයි කියලද ?... උඹට වැරදිලා... එතකොට කෝ යකෝ මට ජීවත් වෙන්න විදිහක්... අර නාකියට පින් සිද්ද වෙන්න මං කාලා ඇදලා ෆන් එකේ ඉන්නවා.... "

" තොපි වගේ දෝහියෝ.... මැරියන්..."

මට ආව කේන්තියටම පාරවල් දෙක තුනක් මිනිහගේ මූණ මැද්දටම ගැහුවේ නාස් මොල්ල කැඩිලා ලේ විසි වෙන්නමයි... ඒත් ඒ පාරවල් වල සැරට මිනිහගේ දතුත් කැඩුනා කිව්වොත් හරි....

" ඩොක්ටර් ...ඩොක්ටර් ඇති අපි මිනිහගෙන් ෆයිල්ස් ටික ගන්න ඕනේ... "

අන්තිමට චෑන් මාව නැවැත්තුවේ නැත්නම් ඌගේ අන්තිම හුස්ම පොද යනකම් මගෙන් ගුටි කාලා මැරෙනවා....

" කියපන්.... කොහෙද ෆයිල්ස් ටික...?"

Scalpel එක මිනිහගේ උගුරු දණ්ඩටම තියලා තද කරද්දී අන්තිමට ඌ බය වෙලා වෙව්ලන්න ගත්තා....ඒ ඇස් වල කිසිම පසුතැවීමක් නැහෑ.. ජීවිතේ බේර ගන්න තිබ්බ බයක් විතරක් ගෑවිලා තිබ්බා...

" අර.....අර....අතන..."

ඌ කිව්වේ රූම් එකේ සෝෆා එකක් උඩ තිබ්බ බෑග් එකට අත දික් කරන ගමන්.. මං ඔලුවෙන් චෑන්ට ඒක ගන්න කියද්දී චෑන් බෑග් එකේ තිබ්බ ෆයිල්ස් වගයක් අරන් චෙක් කරලා හරි කියන්න අතින් සන් කලා....

" මැරියන්...."

" ඩොක්ටර් ටිකක් ඉන්න..."

අතේ තිබ්බ scalpel එක කරකවලාම අරන් උගේ බෙල්ලටම අනින්න යද්දි ආයෙත් මාව චෑන් නතර කරේ කලබලෙන් ෆයිල් එකක් අරන් මගේ ලගට එන ගමන්....

" මේක මූ තාම සයින්ග් කරලා නෑ..."

" අහ්.. ඒකට මූ පණ පිටින් ඉන්න ඕනේ නැහෑ... "

මං කිව්වේ බයේ ගැහි ගැහී මගේ දිහා බලන් ඉන්න මිනිහගේ මූණ දිහා බෙල්ල ඇද කරලා බලලා හිනා වෙන ගමන්....

" මොකද කියන්නේ ?... මෙහෙන්මම අත අරින්නද ?.... නැත්නම් මිනිස්ටර් ගාවටම යවන්නද ?..... අහ් උප්ස් මියාන්... එයා තාම මෙහෙනේ... ඔයාට ටිකක් වෙලා බලන් ඉන්න වෙයි හැබැයි..... "

" මං මං සයින්ග් කරන්නම්... මට යන්න දෙන්න.... චේබාල් .... black asia ...මං මේ ගැන කාටවත් කියන් නෑ..."

" අහ් චින්චා...?.... වහ් නියමයිනේ... එහෙනම් තමුසෙත් අද ඉදන් මගේ එකෙක්.."

" දේ....දේ....."

මිනිහා බයයෙන් බයෙන් හිනා වෙවීම කියලා නහයෙන් එන ලේ අතින් සැරින් සැරේ පිහි දදා මගේ අතින් අල්ලන් මට පක්ෂපාතී බව පෙන්වනවා.. මට හිනා යන්න ආවත් මං ඒක බොහොම අමාරුවෙන් හිර කර ගත්තේ මගේ මූඩ් එක වෙනස් කර ගන්න ඕනේ නැති නිසා....

චෑන් පෑනක් එක්ක මිනිහගේ අතට ෆයිල් එක දෙද්දී මිනිහා වෙව්ල වෙව්ලම ඒක සයින්ග් කරලා ආයෙත් ෆයිල් එක චෑන්ට දුන්නා....

" ඕකේ... එන්ජෝයි.... "

මට ඕන දේ කරගෙන ඉවර නිසා ෆයිල්ස් ටික අරගෙන මං බෙඩ් එක උඩ ගුලි වෙලා හිටිය කෙල්ල දිහා ඇහැ කොණකින් බලලා එතනින් එන්න ආවේ හිතේ හිර වුන අමුතු කලබල ගතියකින්....

" මොනවද මට මිස් වුනේ... මොනවද ..?"

" ඩොක්ටර් ?..."

" චෑන් ඔයා යන්න මං එන්නම්..."

එහෙම කියන ගමන් රූම් එකෙන් එළියට ඇවිත් හිටිය මං ආයෙත් රූම් එකට ගියේ ගන් එක ලෝඩ් කර ගන්න ගමන්......

රූම් එකට යද්දීම අර කෙල්ලගේ කෑගහන සද්දේ අයේත් මගේ කන් වලට වැටෙද්දි නිවිලා තිබ්බ තරහා අයේ අලුත් වුනා......

කෙලින් ඉන්නවත් පණ නැතුව ලේ පෙරන් ඒ තිරිසනා ආයෙත් අර කෙල්ලට වද දෙන්න අරන්.... එහෙම උන් ජීවත් වෙන්න ඕනේද ?.. අසානකාරයෝ.. ඊටත් වඩා ඌ ද්‍රෝහියෙක්... කන්න අදින්න දුන්න එකාටම ද්‍රෝහී වෙනවනම් තව එකෙක්ට ඒ දේම කරන්න මුන් වගේ උන් දෙපාරක් හිතන් නෑ... ඉතින් එහෙම උන් මැරෙන එකමයි හොද...

රූම් එකට ගිහින් එක තත්පරේකටවත් මං හිත හිත හිටියේ නැහැ....

💥💥💥💥

" බැ #&*#**$- පුතා... මැරියන්.."

මගේ ගන් එකේ බුලට්ස් දෙක තුනක්ම එක දිගට මිනිහගේ ඔලුවට බස්සද්දී ඌ ලේ පෙරාගෙනම බෙඩ් එකේ මුනින් අතට වැටුනා....

මං කැප් එකට යටින් බලද්දී කෙල්ල ශීට් එක අත් වලින් ගුලි කරන් අඩන්න ගත්තේ තමන්ගේ එහා පැත්තේ ලේ පෙරන් ඇස් දෙකත් ඇරගෙනම වැටිලා හිටිය මිනිහා දිහා බලාගෙනමයි....

වෙඩි සද්දෙට චෑන් ආයෙත් රූම් එකට දුවගෙන එද්දී මං මැරුණ මිනිහව අයින් කරලා , කෙල්ලව ගෙදරට ගිහින් දාන්න චෑන්ට කියන ගමන් ෆයිල්ස් ටිකත් අරන් ගැන්ග් එකේ තව කිහිප දෙනෙක් එක්ක ක්ලබ් එකෙන් එළියට ආවේ ලොකු සැනසීමකින්...

" වහ්... ඒකයි එහෙනම් කලින් මගේ හිතට හරි මදී වගේ තේරුණේ...."

ඇත්තටම ඒ කෙල්ලගේ ප්‍රශ්නේ මට අදාලම නැති වුනත් ඒ වගේ තත්වෙක ඒ ළමයව එතන දාලා එන්න මට හිත දුන් නෑ... මොකද මං ඒ වගේ නරුමයෙක් නෙවේ නිසා... අද මං එතනට නොගියනම් ඒ අහිංසක කෙල්ල ලොකු වේදනාවක් විදිනවා නේද කියලා මතක් වෙද්දී මං කරපු දේ ගැන මට ලොකු ආඩම්බරයක් දැනුනා.....

ඒ පොඩි වෙලාවට ඒ අහිංසකී ගැන අනුකම්පාවක් මට ඇති වුනේ නැහෑ කිව්වොත් ඒක බොරුවක්... ඇගේ නූල් පොටක්වත් නැතුව කාමාතුරයෙක්ගේ ආශාවල් සංසිදවන්න වුන එක ගැන ඒ ළමයට කොහොම දැනෙනවා ඇත්ද ?.. කවදා හරි ලස්සනට මැරි කරලා ආදරේ කරන කෙනා ගාව ඒ වගේ ඉන්න ඕන ගෑණු දරුවෝ අද කී දෙනෙක් මේ වගේ විනාශ වෙනවා ඇත්ද ?... මට අද සිද්ද වුන දේ කවදාවත් අමතක කරන්න බැරි වෙයි....

මං කොච්චර දරුණු වුනත් මගේ හිත ඇතුලේ ඉන්න කරුණාවන්ත මනුස්සයා ගැන මට ආඩම්බරයි.....
.
.
.
.
.
.
.
.
.
.

----------------------------------

මාස ගානක් ගියත් එදා සිද්දිය තවම මගේ යටි හිතේ තිබුනා.. එකක් නෑර ඒ හැම දේම මතක් වෙද්දී මට ඒ ගෑණු ළමයා ගැන හොයන්න බැරි වුනා නේද කියලා මතක් වුනේ එවලෙයි... ඒත් අන්තිමට ඒ ළමයා සෝයොන්ම වෙලා... මගේ අජුස්සීගේ එකම දරුවා වෙලා....

මං දෛවය විශ්වාස කරන් නැහෑ... ඒත් නොදැනුවත්ව හරි සෝයොන්ට මං ආයෙම උදව්වක් වෙලා.....

" මං එදා ඉදන් මාව බේර ගත්ත ඒ කෙනාට සිය දහස් වාරයක් ස්තූතී කළා.. මං දන් නෑ මං කොහොම එයාට thanks කරන්නද කියලා... එදා එය නාවනම්..මං කියන්නේ ඔයා නාවනම් අද සෝයොන් කෙනෙක් නැති වෙන්න තිබ්බා... මං එදත් ඔයාගේ ඔය ටැටු එක දැක්කා.. ඒ මිනිහා ඔයාට කතා කලේ black asia කියලා.. ඉතින් මට ඔයාව මතක තිබ්බේ එහෙම.. අනික එදා ඔයාගේ මූණ හරියට පෙනුනේ නැහැනේ.. ජිමින්ශී....
කම්සාහම්නිදා ජිමින්ශී...චොම්මාල් කම්සාහම්නිදා ....😢😢😢😢 "

මෙච්චර වෙලා මට බයේ වෙව්ල වෙල හිටිය කෙල්ල මගේ අත් දෙකම එකට අල්ලන් අඩ අඩම මට ස්තූති කරන්න ගත්තා.. ඒ ඇස් වලින් වැටෙන කදුලු හරිම රස්නෙයි.. ඒක මගේ අත් වලට හොදටම දැනුනා...

" ඒ කෙනා ජිමින්ශී වුන එක ගැන මට දැන් සතුටුයි.... මට ඔයාට අඩුම ගානේ මගේ ණය හරි දැන් ගෙවන්න පුලුවන් නිසා... 😢... "

කෙල්ල ඔහේ කියවනවා.. ඒ වචන වලට කදුලු වලට ඉවක් බවක් නැහෑ වගේ... මට අහන්න ඕනේ වුනේ එයාට ඇයි එහෙම වුනේ කියලා.. ඒත් අද දවසට මේ ඇති කියලා හිතුනේ කෙල්ලගේ මූණේ තිබ්බ තෙහෙට්ටු ගතිය මං හොදටම දැක්ක නිසයි......

මටත් නොදැනීම මගේ අතක් සෝයොන්ගේ සිනිදු කම්මුලක් සිපගද්දී කෙල්ල හරි අහිංසක විදිහට මං දිහා බලලන් හිටියේ ඇත්තටම හදවතින්ම මට ස්තූති කරනවා කියලා කියන්න වගේ...

මේකද එහෙනම් මට දැනුන හුරු බව ?... ඒ තොල්... ඔව් එදා මං දැක්ක ගෑණු ළමයාගේ බයේ වෙව්ල වෙව්ල තිබ්බ තොල් මට මැවිලා පෙනුනේ ආයෙත් මගේ ඇස් සෝයොන්ගේ තොල් ලග නතර වෙද්දීයි... ඒත් ඒ ක්ෂණිකව මං අහක බලන් බෙඩ් එකෙන් නැගිට්ටා....

" අම්ම්ම් දැන් නිදා ගන්න..ටිකක් රෙස්ට් කරන්න.. මෙතන බෙහෙත් ඇති බෙල්ලට දා ගන්නවා.. "

අහක බලාගෙනම එක දිගට වචන පිට කරලා මං එතනින් ආවේ මොකද්දෝ නුහුරු හැගීමකින් මගේ හිතම වෙලා ගනිද්දියි.....

Pov End

.
.
.
.
.
.
.
.
.
.

එක දවසට සිද්ද වුන ඕනාවටත් වඩා දේවල් නිසා හෙම්බත් වෙලා හිටිය ජිමින් ජිබ්බ්‍රාවත් එක්කන් mansion ගාර්ඩ්න් එකට ගියේ රෑට මුහුද දිහාවින් එන හීතල හුළන් ටිකක් වැදෙන ගමන් හිත ටිකක් නිදහස් කර ගන්නයි... ජිමින් එළියට යනවත් එක්කම චෑනුත් ජිමින්ට එකතු වුනේ ජිමින්ට තනියම ඇවිදින්න දෙන පුරුද්දක් චෑන් ලග නොතිබුන නිසයි....

" චෑනා.. "

" දේ ඩොක්ටර් .... "

" ඔයා දැනගෙන හිටියද ?"

" දේ ?... "

" සෝයොන් ගැන ... "

ජිමින් සෝයොන් ගැන අහනවත් එක්කම චෑන් වැරැද්දක් කලා වගේ බිම බලා ගත්තා... තුන් දෙනා එක්කම mansion එකේ ගාර්ඩ් එකේ කෙලවර තිබ්බ outdoor pool එක ලගට ගහින් ජිමින් එතන තිබ්බ පුටුවක ඉද ගත්දී චෑන් අත් දෙක බැදන් ජිමින් ඉස්සරහින් හිට ගත්තා... ජිබ්බ්‍රාටනම් මේ කතාවෙන දේවල් ගැන ගානක් නැති නිසා කෙල්ල මොකද්දෝ බිම තිබ්බ කෝට්ටක් අරන් එහෙට මෙහෙට කර කර සෙල්ලම් කරන්න ගත්තා....

" වැරැද්දක් කලා වගේ ඉන්න එපා චෑනා... "

" මට ඩොක්ටර්ට ඒ ගැන කියන්න තිබ්බා... "

" චෑන් කොහොමත් මං අහන කරන දේවල් වලට අමතරව දෙයක් කතා කරනවා අඩුයිනේ... "

" ජෙසෝහම්නිදා ඩොක්ටර් ... "

" මිච්චස්සෝ ? "

" අහ්?..."

" චෑන් ඇයි සමාව ගත්තේ.. මංනේ ඇහුවේ නැත්තේ... අනික චෑන් මොනවා හරි වරදක් තියේනම් මට ඒක කියනවනේ.... කොහොමත් ඒ කෙල්ලගේ මූණ මං එදා දැක්කේ නැහැනේ... "

" මටත් මතකයක් තිබ්බේ නැහෑ ඩොක්ටර් ... එදා ගෙදරට එක්කන් එන වෙලේ තමයි මට මතක් වුනේ.... "

" ඒ කියන්නේ කෙල්ල එදා ගිහින් දැම්ම ගෙදර නෙවේද හිටියේ?"

" දේ ඩොක්ටර් .... එදා එයා ගියේ කොලේජ් හොස්ටල් එකකට... "

" ම්ම්ම් ... හිටන් ඉන් නැතුව ඉද ගන්න.. "

චෑන්වත් ලග තිබ්බ පුටුවකින් ඉන්දව ගත්ත ජිමින් එදා සෝයොන්ව ගිහින් දැම්ම හැටි හැම විස්තරයක්ම චෑන්ගෙන් අහලා දැන ගත්තේ හිතේ ඇති වුන අමුතු සතුටකින්...කෙල්ලව දැක්ක වෙලේ ඉදන් ජිමින්ට තිබ්බ තරහත් ඒ වෙනකොට ටිකක් අඩු වෙලයි තිබ්බේ....

ඒත් ඒ සම්පුර්ණයෙන්ම කියන්න බැහෑ.. මොකද ජිමින්ට කෙල්ල ගැන තිබ්බේ අනුකම්පාවක් ... නැතුව පැහැදීමක් නෙවෙයි...
.
.
.
.
.
.
.
.
.
.
.

To Be Continued ........


( ජිමින්ගේ කාර් එක 🙂.. )


( හනේ මේ කවර් එක මයේ ඕතර් හම්බාවගෙන් _nim_nim_ 😭😭💜️💜️ තැන්කූ මයේ හම්බාවෝ...)


( දුක් මහන්සියෙන් හැදුවේ 😒 බලලා යනවා නේthe ?... ඇහ්හ් ඇහ්හ්? 🙂❤️)

___________________________________________

♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️

හනේ මොකthe මං මේ කරන්නේ ?.. ඇයි මං මේක කලින් දුන්නේ 😭

කතාව කම්මැලි වගේද ළමයි ?.. කමක් නෑ කියවන්න.. 😒

Votes ,Comments කරන හැමෝටම ගොඩක් ස්තූතී..😘

Borahae 💜️
✍JinNu

Continue Reading

You'll Also Like

5.3K 1.2K 11
සැබැවින්ම ධවල හීයක් බදු සුරූපී,හැඩකාර දරුණු කෙල්ලක්, ලේ බැඳීමකින් නොබැදුනත් ප්‍රාණ සම සහෝදරයින් සත් දෙනෙක්. මුලු ලොවෙන්ම සැගව සිටින අතිදක්ෂ අපරාධ...
44.1K 7.8K 20
Don't Copy My Work 🚫 Sinhala fanfication PARK JIMIN ☘︎ මේක මාෆියා සයිඩ් NIS side ශාරීරික මානසික වද හිංසා සහිත කතාවක් නිසා මම හිතනව 16 වැඩි අය විතර...
5K 1.1K 19
යදම් ලූ දෙවගන සොයා පළමු සේනාංකය අදුරට පල්ලම් බසිද්දී අවසන් දෙපිළ සෑදෙනු ඇත ජලය නිසා අග්නිය විනාශ වුවත් ආදරයේ දියණිය අග්නිය සුවපත් කරනු ඇත සියල්ල ලෙය...
57K 7.7K 48
" කියන්න ඔයාව කාටද අයිති" " ඔ-ඔයාට ජන්කුක්." " හය්යෙන්...!" " ඔ..ඔයාට ජ..ජන්කුක්..!!!!" ඉතින් ඇත්තටම ඇය අයිති ඔහුටද..? Start Date - 2023/01/23 En...