DOCTOR MAFIA ♠️🎯 || PJM [...

By JinNu97

48.6K 10.8K 3.4K

🚫සල්ලී බලයට ජීවිත වල වටිනාකම තුට්ටු දෙකට වැටුන කතාවක්.. ♠️ 🚫ආදරය ලග සල්ලී වල වටිනාකමක් නැති වුන කතාවක් 💔 ... More

CHAPTER 1 ♠️
CHAPTER 3 ♠️
CHAPTER 4 ♠️
CHAPTER 5 ♠️
CHAPTER 6 ♠️
CHAPTER 7 ♠️
CHAPTER 8 ♠️
CHAPTER 9 ♠️
CHAPTER 10 ♠️
CHAPTER 11 ♠️
CHAPTER 12 ♠️
CHAPTER 13 ♠️
CHAPTER 14 ♠️
CHAPTER 15 ♠️🚫
CHAPTER 16 ♠️
CHAPTER 17 ♠️
CHAPTER 18 ♠️
CHAPTER 19 ♠️
CHAPTER 20 Pt 1 ♠️
CHAPTER 20 Pt 2 ♠️
CHAPTER 21 ♠️
CHAPTER 22 ♠️
CHAPTER 23 ♠️
FINAL CHAPTER Pt 1♠️
FINAL CHAPTER Pt 2 ♠️
POSTSCRIPT ♠️ & AUTHOR NOTE

CHAPTER 2 ♠️

2.2K 464 250
By JinNu97

කිසිම දෙයක් හොද විදිහට සිද්ද වෙන් නෑ.. එයා මගෙන් ඈත් වුනෙත් මං කරන දේවල් වලට එයා අකමැති නිසයි.. ඒත් අන්තිමට මොකද්ද මේ වුනේ ?... මේකද අපේ දෛවය... මගෙන් ඈත් වුන කෙල්ල අන්තිමට මං ලගට ආවත් .... මේ විදිහට ?.. එයාට කවදා හරි සිහිය ආවම එයා මේක කොහොම දරා ගනීද ?...

Pov End ....

හොස්පිට්ල් රූම් එක පුරාවට පැවතුනේ ටීක් ටීක් ගාන මැශින් වල සද්ද විතරයි.. ඒ අතරින් පතර ඇහෙන ජිමින්ගේ ඉකි ගහන සද්දෙත් සැරින් සැරේ ඇහුණා... මැශින් ගොඩකට මැදි වෙලා මූණේ පැත්තක් ගෝස් වලින් වහලා හිටිය සෝයොන්ගේ උඩු කය වැහෙන්න රෙද්දක් විතරක් යන්තමින් දාලා තිබුණේ කෙල්ලගේ ඇගත් යන්තමින් පිච්චිලා තිබ්බ නිසයි... කෝමා එකේ හිටිය කෙල්ලට ඒ කිසි දෙයක වේදනාවක් නොදැනුන එකත් වෙලාවකට හොදයි කියලා මේ වෙලාවේ කෙල්ලව දකින ඕනම කෙනෙක්ට හිතෙන්න පුලුවන්.. ඉතින් එහෙම වෙලාවක ජිමින් තමන් ආදරේ කරපු ඒ කෙල්ල දිහා බලන් නිකන් ඉන්නේ කොහොමද.. ඉවරයක් නැතුව වැටෙන කදුලු එක්කම ජිමින් සෝයොන්ගේ ඔලුව හිමීට පිරිමදින ගමන් කෙල්ල දිහා බලන් හිටියේ මොනවා කරන්නද කියලා තේරුමක් නැතුව වගේ....

ඒ එක්කම රූම් එකට ආව තව ඩොක්ටර් කෙනෙක් ජිමින් ලගින් හිට ගද්දී ජිමින් ඇස් වල කදුලු පිට අල්ලෙන් පිහිදලා ඒ ඩෝක්ටර් ඉන්න පැත්තට හැරුණා...

" ඩොක්ටර් ජොන්... "

" ජිමිනා... මේ වෙලාවේ මට ඔහොම කතා කරන්න එපා... උඹ ඉන්න තත්වේ එක්ක මං මෙතනට ආවේ ඩොක්ටර් කෙනෙක් විදිහට නෙවෙයි.... "

" අරස්සෝ ... සෝයොන්ව බලන ඩොක්ටර්ස්ලා මොකද කිව්වේ ජේකේ ?"

" එයාලා කිව්වේ මූණ භාගෙකට වඩා ඩැමේජ් නිසා සෝයොන්ගේ මූණම දෙන්න අමාරු වෙයි කියලා... "

ජේකේගේ කටින් ඒ වචන පිටවෙනවත් එක්කම ජිමින් අතකින් කොණ්ඩේ ඇදගන්න ගමන් සෝයොන් හිටිය බෙඩ් එකට වාරු දුන්නේ හිටගෙන ඉන්න තරම් කකුල් වලට පණක් නොතිබ්බ නිසයි....

" ජිමිනා.. ඉවසපන්... මේ වෙලාවේ උඹ ශක්තිමත් වෙන්න ඕනේ.."

ජේකේ කිව්වේ ජිමින්ගේ උරිස්සකින් අල්ලලා හොලනව ගමන්...

" මං... මං කොහොමද බන් ඉවසන් ඉන්නේ?.. උබ කියන්නේ මගේ කෙල්ලට වෙන මූණක් දෙනකම් මට ඉවසන් ඉන්න කියලද ?.. ඔත්තොක්කේ ?... මේ මගේ පණ ටික බන්... උඹ හොදටම දන්නවා... "

" නා අරා..... ඒත් මේ වෙලාවේ ඩොක්ටර්ස්ලා වුනත් අසරණයි.. එකක් උබ නිසා... අනික සෝයොන්ගේ මූණ ගොඩක් ඩැමේජ් නිසා... "

" මං මොන ලෝකේන් හරි සෝයොන්ට එයාගේ මූණම දෙන්න පුලුවන් ඩොක්ටර් කෙනෙක් හොයා ගන්නවා...මං කවුද කියලා උඹට අමතකද ?.. මං Black Asia බන්....මේ ලෝකේ කෙලවරට ගිහින් හරි සෝයොන්ව හොද කරන්න පුලුවන් ඩොක්ටර් කෙනෙක් මං හොයා ගන්නවා... "

" ජිමිනා... මේ අහපන්... උඹ හොදටම දන්නවා ප්ලාස්ටින් සර්ජරි වලට ලෝකේ හොදම ඩොක්ටර්ස්ලා ඉන්නේ කොරියාවේ කියලා.... ඇයි උඹට මේ සිටුවේශන් එක තේරුම් ගන්න බැරි.... "

" අරස්සෝ ... අපි මේ ගැන පස්සේ කතා කරමු... කෝමා එකේ හිටියත් සෝයොන්ට අපි කියන දේවල් ඇහෙනවා.. ඒ නිසා මේක මෙතනින් නවත්තමු... "

ජේකේගේ කණ ලගට වගේ කිට්ටු වෙලා ජිමින් ඒක කිව්වේ ජේකේට ගහන්න බැරි නිසා පුලුවන් තරම් ඉවසන්... මොකද මේ වෙලාවේ කොල්ලට අහන්න ඕනේ වුනේ හිත හදා ගන්න හරි එයාගේ හිතට හයියක් වෙන වචන විතරයි..

ජිමින්ට කේන්ති ගිහින් ඉන්නේ කියලා දන්න නිසාම ජේකේ එතනින් කතාව නවත්තලා ජිමින්ගේ පිටට තට්ටුවක් දාලා එතනින් යන්න හැරුණා.....

" ජේකේ... "

යන්න ගිය කොල්ලව ටිකකට නැවැත්තුව ජිමින් සක්කු වලට අත් දෙකත් දාන් ජේකේ ලගට ගියේ ටිකකට කලින් තිබ්බ මූණ සම්පුර්ණයෙන්ම වෙනස් කරන් ඇහිබැමකුත් උඩට කරගෙනයි...

" මේක කරපු #&#**$ ව මට හෙට වෙද්දී හොයලා දෙන්න ඕනේ... "

" අපි හොයනවා ජිමිනා.. ඒත් මේ අවට කොහෙන්වත් ඇසිඩ් ඇටෑක් එකක් ගැන information එකක් හොයා ගන්න බැරි වුනා... "

" යකෝ... අපි කවුද කියන එක උඹට මං හැම වෙලේම මතක් කරන්න ඕනේද අහ් ?.. මොන ලෝකෙකින් හරි මට ඒක හොයලා දීපන්... පල්ලී...... මං උගේ මූණ හම ගහන්නේ ඌ පණ පිටින් ඉද්දීමයි... "

" අරස්සෝ ..... උඹ කලබල නොවී ඉදපන්... "

" අහ් තව දෙයක්... ඌව හොයා ගත්තම පොඩි සීරීමක්වත් නොකර මං ලගට ගේන්න ඕනේ.. අඩුම ගානේ ඌට ගහලා රිද්දන්නවත් බෑ... අරස්සෝ ?"

" උඹ මොනවද කරන්න යන්නේ ?"

" ඒක එදාට බලමු.... දැනට මං කිව්ව දේ මතක තියා ගනින්..."

ජිමින් ජේකේට ආයෙත් වෙන්න ඕනේ ටික පැහැදිලි කරලා සෝයොන් දිහාට හැරුණේ ජේකේට එතනින් යන්න කියලා ඔලුවෙන් කියන ගමන්...

" මං කොහොම හරි ඌව හොයා ගන්නවා සෝයොනා... තමුසෙට රිද්දපු එකාව මං ටික ටික පුච්චනවා... මේ ලෝකේ දෙන්න පුලුවන් උපරිම වේදනාව ඌ විදී... තමුසේ අකමැති වුන දේ මගේ මේ දේවල් වලටනේ... මෙච්චර කල් මං ඒ හැම දේම නවත්තලා හිටියේ තමුසේ නිසා.... ඒත් තවත් මං ඉවසන් ඉන් නෑ... ඉක්මනට නැගිටින්න... ඒ දවස වෙනකම් ඌ විදව විදව ඉදී... මොකද මං ඌව මරන්නේ තමුසෙගේ ඇස් ඉස්සරහමයි සෝයොන්...."

ජිමින්ගේ කටින් පිටවුන රලු වචන ඇහෙන කෙනෙක්ට දරා ගන්න බැරි වුනත් ඒ හැම වචනයක් ගානෙම තිබ්බේ ජිමින් සෝයොන්ට තිබ්බ ආදරේ විතරමයි....

කදුලු පිරුණ ඇස් වලින් කෙල්ල දිහා බලන් හිටිය ජිමින් සෝයොන්ගේ අතකින් අල්ලන් ඒ අත උඩම ඔලුව තියා ගත්තේ හිතින් ඒ ආදරණීය දවස් වලට යන ගමන්....

-----------------------------------------------------------------

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

Flashback .....

ජිමින් කදුලු වලින් තෙත් වෙලා බොද වෙලා තිබ්බ ලියුම අතේම ගුලි කරන් ලොකු හුස්මක් පිට කරලා ෆියුනරල් එකේ වැඩ ටික ගැන බැලුවා.. තමන්ගෙම පවුලේ කේනෙක් වගේ හිටිය ආජුස්සීගේ අවසන් ගමන ජිමින් පුලුවන් උපරිමයෙන් කලේ ආජුස්සීගේ අන්තිම කැමැත්තේ තිබ්බ විදිහටයි.....

ජිමින් මේ විදිහට කරන මාෆියාවෙන් හොයන සල්ලී වලින් වැඩි හරියක් එයා යෙදෙව්වේ පිටරට වල සරණාගත ළමයි වෙනුවෙන්.. ඒක ආජුස්සී දැනගෙන හිටියා.. ඒ නිසාමයි ආජුස්සීට ඕනේ වුනේ නිකන් පොළවට පස්වෙලා යන තමන්ගේ සිරුරෙන් අසරණ කෙනෙක්ට ජීවත් වෙන්න උදව් කරන්න.. මුලින් ජිමින් මේකට අදිමදි කලත් ටේගේ වගේම ජේකේගේ වචන එක්ක ජිමින් හිත හදන් ඒ දේට කැමති වුනා...

හැම දේකම අවසානේ ජිමින්ට ඉතුරු වුන එක දෙයක් එයාට මතක් වුනේ mansion එකට ඇවිත් තමන්ගේ හුරතලාව ටිකක් ලගට අරන් හිතේ තිබ්බ වේදනාවල් ටිකකට අමතක කරන අතරෙයි.... ජිමින් එහෙන්ම හුරතලාවත් එක්කන් එයාගේ රූම් එකට ගිහින් ආජුස්සී දුන්න ලියුම අතට අරන් ඒකේ පිටිපස්සේ ලියලා තිබ්බ ආජුස්සීගේ දුවගේ විස්තරය ටිකක් කියවලා එතනින් යන්න හැදුවත් ජිමින්ගේ හුරතලා ඒකට ඉඩදුන් නෑ......

" වේ.... මොකද මේ හුරතලේ... ම්ම්ම්ම්... අරස්සෝ අරස්සෝ .... ඔය ඔය මගේ ඇදුමේ මවිල් හලන්නද යන්නේ.. හේ..... ලෙවකන්න එපා... "

ජිමින් කොච්චර උත්සහා කලත් මේ අමුත්තනම් එයාගේ හුරතලේ නැවැත්තුවේ නැහෑ.. අන්තිමට කොල්ලව් බෙඩ් එකට වැට්ටලා ජිමින්ව කෙල වලින් නාවලයි එයා නැවතුනේ....

" මොකද පුරු පුරුව.... දන්නවා මේ ටිකේ මං නැතුව පාලුවෙන් නේද හිටියේ...මොනවා කරන්නද... ආජුස්සී අපි දෙන්නව දාලා ගියනේ.... "

~පුරු...පුරු....~

" කවදා ඉදන්ද ඔහොම හුරතල් වෙන්න ගත්තේ අහ්... ටේ තමා ඔයාව නරක් කරන්නේ... "

අන්තිමට ජිමිනුත් මේ හුරතේලට අහු වෙලා ටික වෙලාවක් එයා එක්කම කාලය ගත කලේ කොහොමත් මේ වෙලාවේ මෙයාගෙන් බේරෙන්න බැරි බව හොදටම දන්න නිසයි...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

( Knock ...Knock )

" එන්න..."

පැයකට විතර පස්සේ රූම් එකේ දොරට තට්ටු කරන සද්දේ නිසා ජිමින්ට යන්තමින් ඇහැරෙද්දී ජිමින් හිමිට ඒ කෙනාට කාමරේට එන්න කිව්වේ ලග ඉන්න කෙනා ඇහැරෙයි කියන බයෙන් වගේ...

" ඩොක්ටර් ... "

" චෑන්... මෙන්න මේ ලියුමේ ඉන්න කෙනාව හොයාගෙන අරන් එන්න...එන්න බෑ කිව්වොත් බලෙන් හරි අරන් එන්න"

ජිමින් කිව්වේ බෙඩ් එක ලග තිබ්බ ලියුම අරන් චෑන්ගේ අතට දෙන ගමන්.. චෑන් කියන්නේ ජිමින්ගේ ගැන්ග් එකේ ලීඩර්... ජිමින්ගේ හැම වැඩක්ම ටේ, ජේකේට පස්සේ බලන්නේ චෑන්... චෑන් එහෙම නැත්නම් බැන්ග් චෑන් කියන්නේ UN එක යටතේ වැඩ කල හමුදා නිලදාරියෙක්... කෙටියෙන් කිව්වොත් ජිමින් චෑන්ව ඇමරිකන් හමුදාවෙන් සල්ලී දීලා ගත්තේ තමන්ගේ වැඩ වලට පහසු වෙන්නයි....

ජිමින් දුන්න ලියුම අරන් ඒකේ තිබ්බ දේ හොදට බැලුව චෑන් ආයෙත් ජිමින් දිහා බැලුවේ කවුද ඒ කියලා අහන්න වගේ...

" ඩොක්ටර් මේ කෙනා...."

" ෂ්ෂ්ෂ්ෂ් 🤫🤫🤫 "

චෑන් අහන්න ගිය දේ එහෙන්ම ගිල ගත්තේ ජිමින් ලග නිදන් ඉන්න කෙනාව ඇහැ කොණෙන් පෙන්නුවට පස්සෙයි .... ඒ කෙනා දිහා බලලා චෑන් යන්තමින් හිනා වෙලා ජිමින්ට ඔලුව නවලා එතනින් ගියේ අඩි සද්දේ ඇහෙයි කියලා බයෙන් බයෙන් වගේ.... ජිමින්ට චෑන් කරපු දේට හිනා ගියත් ආයෙත් අනිත් පැත්තට එයාගේ හුරතලාව බදන් නිදා ගත්තා.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

--------------------------

හවස් වරුවේ වැඩකුත් නොතිබ්බ නිසා ජිමින් පහළට ආවේ ටේකුක් ඩබලගේ කෑගැහිල්ලට .... අද තුන් දෙනාටම වැඩක් තිබුන් නැත්තේ ෆියුනරල් එක් නිසා කට්ටියම නිවාඩු දාලා හිටිය නිසයි...

" යහ්හ් ඔය කෑගැහිල්ල නවත්තනවා... මෙතනට දැන් අමුත්තෙක් එනවා..."

ජිමින් පිලිවෙලින් ටේගෙයි ජේකේගෙයි ඔලුවට පාරක් ගහගෙනම දෙන්න රණ්ඩු වෙවී හිටිය සෝෆා එකට පැනලා කකුලත් උඩට කරන් ඉද ගත්තේ පොඩි ලා හිනාවකුත් දාගෙන...

" නුගූ?..."

ඒ කෙනා ගැන වැඩියෙන්ම කුතුහලය තිබ්බේ ජේකේට... මොකද කොල්ලා මේ දවස් ටිකේම හිටියේ හොස්පිට්ල් එකේ නිසා ආජුස්සීගේ ලියුමක් ගැන එයා දැනන් හිටියේ නැහෑ... ඒත් ටේ ඒ ගැන දන්න නිසාම කටවහන් පොඩ්ඩක් පිළිවෙලකට ඉද ගත්තා....

" ආවම බලනවකෝ...."

ටේ කිව්වේ ආයෙත් ජේකේගේ ඔලුවට ශොට් එකක් දෙන ගමන් ..

" යහ්හ් පෙට්ටියා .. තව්සෙගේ දතින් දත ගලවනවා අරස්සෝ .... "

දෙන්නා ආයෙත් රණ්ඩු.. ටේ ගහපු පාරට ජේකේව ඉස්සරහටම පාත් වුන නිසා කොල්ලා කෙලින් වුන ගමන් ආයෙත් ටේගේ ඇගට පැනලා දෙන්නා එක්ක මරාගන්න ගත්තා...

" යහ්හ් මට යන්න දෙනවා... යායිෂ්ෂ්ෂ්ෂ්ෂ්..... තමුසෙලා කවුද අහ්.... මෙහෙම කෙල්ලොන්ව උස්සන්නේ... මැරයොද.... දන්නවද මටත් හොදට ගහාගන්න පුලුවන්.... යහ් අතාරිනව..... මං පොලීසි යනවා...ය්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ"

Mansion එකේ දොර දිහාවින් ඇහුන කෙල්ලෙක්ගේ කෑගැහිල්ල එක්ක ටේ වගේම ජේකේත් සොෆා එකට උඩින් ඔලුව දාලා බැලුවේ ඇස් දෙකත් ලොකු කරන් කටත් රවුන් කරන්... ඒත් ජිමින්ටනම් ඒ කටහඩ ඇහෙනවත් එක්කම හිනාවක් ගියා.. මොකද ජිමින් එහෙම දෙයක් බලාපොරොත්තු වුනා... ටික වෙලාවක් යද්දී හැමෝම බලාගෙන හිටිය කටහඩේ අයිතිකාරිය ගෙට ආවේ චෑන්ගේ වගේම තව කෙනෙක්ගේ අත් වලට මැදි වෙලා කකුල් වලින් උඩ පැන පැනමයි... උඩ පැන පැන කිව්වේ ඒ කෙල්ල හැදුවෙම ඒ හැඩුදැඩි අත් වලින් පැනලා යන්න.. කෙල්ලගේ දැගලිල්ලට ශොට් දෙක තුනක් කොල්ලෝ දෙන්නට වැදුනත් ඒ බව ගානක් නැතුවම ඒ අය කෙල්ලව අරන් ඇවිත් ජිමින් හිටිය තැනින් හිට ගත්තා.....

"වහ්හ්හ් මේ කවුද ? "

ජේකේ කිව්වේ පොඩි මනමාල හිනාවක් දාගෙන කෙල්ල දිහා ඇස් දෙකත් ටීක් බෝල සයිස් කරගෙන බලන්... ජේකේ ඒක අහනවත් එක්කම ජිමින් සෝෆා එකේ ඉදගෙනම අතින් සන් කරද්දී චෑන් වගේම අනිත් කෙනත් කෙල්ලගේ අත් අතෑරියා... ජිමින් හිටියේ ඒ අයට පිටිපාලා නිසා කෙල්ල ජිමින්ගේ මූණ දැක්කේ නැහෑ....

" යහ්හ් තමුසෙලා කවුද කියනවා... අහ්හ්.. දන් නෑ මයේ හැටි.... "

කෙල්ල එහෙම කියන ගමන් කරේ එල්ලන් හිටිය බෑග් එක හතර වටේටම වැනුවේ ලගට එන කෙනෙක්ට ඒකෙන් එකක් දෙනවා කියන්න වගේ... ඒත් කෙල්ල කරපු දේට ජේකේට වගේම ටේටත් මහා හයියෙන් හිනා ගියා... ඒ එක්කම ජිමින් ඒ ඩබලා දිහා රවලා බලද්දී දෙන්නම තොල් කට ඇතුලට දාන් හිනාව තද කරගත්තා...

" යහ්.. තමුසෙලගේ කටේ පිට්ටුද.. කතා කරනවා.... මාව මොකටද ගෙනාවේ අහ්?... "

" ආයිෂ්.... shut up අයිසේ..... "

මෙච්චර වෙලා කෙල්ලගේ කෑගැහිල්ල අහන් හිටිය ජිමින් සෝෆා එකටත් හයියෙන් පාරක් ගහලා නැගිටලා කෙල්ල දිහාට හැරුණා.. ජිම්න් ඒ පැත්තට හැරෙනවත් එක්කම මෙච්චර වෙලා කෑගගහා හිටිය කෙල්ලගේ කට ඉබේටම ඇරුණේ ජිමින්ගේ පෙනුම දැකලයි... අතේ තිබ්බ බෑග් එකත් කෙල්ලගේ අතින් රූටලා බිමට වැටෙද්දී කෙල්ල ඇහිපිල්ලමක්වත් නොගහා ජිමින් දිහා බලන් හිටියා....

කෙල්ල පුදුම වෙලා වගේ තමන් දිහා බලන් ඉද්දී ජිමින්ටනම් ඒ ගැන පුදුමයක් තිබ්බේ නැහෑ.. මොකද තමන්ව දකිද්දී මෙහෙම හැසිරුණ පළවෙනි කෙල්ල මේ කෙල්ල නෙවෙයි නිසා...

කිසි පිළිවෙලක් නැතුව තිබ්බ කෙල්ලගේ කොණ්ඩේ , කොටට ඇදගත්ත කලිසම, ඇගටත් වඩා ලොකුවට ඇදන් හිටිය හූඩිය නිසා කෙල්ලව හුරුබූටීයට පෙනුනත් ජිමින් කෙල්ලොන් ගැන වැඩිය තැකීමක් කල කෙනෙක් නෙවේ නිසා එයාට ප්‍රශ්නයක් වුනේ නැහෑ.. ඒත් මේ වෙලාවේ ටේකුක් ඩබලගේ ඇස් දෙකනම් තිබ්බේ නළලේ...

ජිමින් කෙල්ල හිටිය තැනට ටික ටික එනවත් එක්කම චෑන් වගේම අනිත් කෙනත් ජිමිනට ඔලුව නවලා එතනින් ගියා...

" තමුසේ ඔච්චර හයියෙන් කෑගහන්නේ කොහෙට ආවා කියලා හිතන්ද අහ්...?"

කලිසම් සාක්කු දෙකට අත් දෙකත් දාන් ඔලුවත් ඇලකරලා ජිමින් ඇහුවේ කෙල්ලව අමුවෙන්ම කන්න තරම් තරහකින්...මොකද ජිමින් කැමති නැහෑ එයගේ ගෙදර එයාට වඩා උස් හඩින් කවුරුත් කතා කරනවට... ජිමින් එක පාරම එහෙම අහනවත් එක්කම හීන ලෝකෙක හිටිය කෙල්ල පියවි සිහියට ආවේ ඔලුවත් දෙපැත්තට ගසලමයි....

"අම්.. මං... අහ් මේ හලෝ.. මං මේ කොහෙද ඉන්නේ කියලවත් දන් නැතුව හිමින් කතා කරන්න ඇයි මං පන්සලකටද ආවේ.. අහ්... "

" තමුසේ අද ඉදන් ඉන්නේ මෙහේ... මේක ඉල්ලීමක් නෙවේ.. අණක්... ඒ නිසා කියවන් නැතුව පාඩුවේ ඉන්නවා.. "

" වහ් චින්චා... යහ්... මේක ඔහේට ගිය රටද ... ?... මොන මගුලක්ද මේ ?.. කොලේජ් එකෙන් එළියට ආව විතරයි අර භූතයෝ වගේ ඉන්න දෙන්නා මාව ඇදගෙන මෙහෙට එක්ක ආවා මදිවට මෙතන ලබු ඇට දෙකක් උස නැති තමුන්ට මං බයවෙන්න ඕනේද ?"

" තමුසෙට පේනවද මගේ මේ අතේ තියෙන එක?"

ජිමින් කිව්වේ එයා ඇදන් හිටිය ඩෙනිම් ජැකට් එකේ අතින් එළියට ආව Scalpel එක හිමීට කරකව කරකව බලන ගමන්.... කෙල්ලට ඒක දැක්කා විතරයි තඩි කෙල ගුලියක් ඉබේටම ගිලුනා....

" යහ් ඕවා පෙන්නලා මාව බය කරන්නද ?.. ඒවා හදේ... මාත් හොදට මොළේ තියෙන කෙල්ලෙක් හරිද... මං ලෝයර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න කෙල්ලෙක්.. මාත් නීතිය හොදට දන්නවා... "

" තමුසේ කියවනවා වැඩි.. දැන්ම ඔය කටවහා ගන්නවා නැත්නම් "

ජිමින්ට එයා කියන්න ගිය දේ කියලා ඉවර කරන්න වුනේ නැත්තේ ටේ ඇවිත් ජිමින්ගේ උරිස්සෙන් අල්ලලා ජිමින්ව නතර කළ නිසයි....

" මියාන්හේයෝ සෝයොන්ශී.... ඔයාට කරදරයක් කරන්න අපිට ඕනේ නැහෑ... මේක ඔයාගේ අප්පාගේ ඉල්ලීමක්... "

" අප්පාගේ ? මොන අප්පාද?.. මගේ අප්පා නැති වෙලා ගොඩක් කල්..."

" ඔයාගේ ඇත්තම අප්පා ගැන අපි මේ කියන්නේ.. "

ටේ එහෙම කියනවත් එක්කම සෝයොන්ගේ මූණ බලන් ඉද්දි අදුරු වුනා... ඒ දුකකට වඩා වෙනස් හැගීමකින්.. මොකද සොයොන් එයාගේ අප්පාට කැමත්තක් තිබ්බේ නැති නිසා...

" මො...මොකද්ද එයාගේ ඉල්ලීම ?... අනික මගේ අප්පා ගැන කතා කරන්න ඔයාලා කවුද ?"

" සෝයොන්ශී.. ඔයාගේ අප්පා වැඩ කලේ මෙහේ... එයා දවස් කිහිපයකට කලින් නැති වුනා... "

ටේ කෙලින්ම ඒ දේ කියනවත් එක්කම ජිමින් scalpel එක තිබ්බ අත මිටිමොළවන් අහක බලා ගත්තේ අමාරුවෙන් අමතක කරන්න හදපු ඒ දවස ආයෙත් මතක් වුන නිසයි.. ඒ වගේම සෝයොන්ගේ ඇස් වලට බලා ඉද්දී කදුලු පිරෙද්දී කෙල්ල ඒ කදුලු හන්ග ගන්න ලොකු උත්සහයක් ගත්තේ එයා ඒ ගැන දුක් වෙන් නෑ කියලා පෙන්වන්න වගෙයි .

" ආජුස්සීගේ අන්තිම කැමැත්ත ඔයාව බලාගන්න එක.. ඒක අපේ වගකීම.. නැහෑ.. ඒක ජිමින්ගේ වගකීම...ඒ නිසා ඔයා අද ඉදන් මෙහේ ඉන්න ඕනේ..."

ටේ කියලා ඉවර වෙනවත් එක්කම කෙල්ල ටේ දිහා බැලුවේ ජිමින් කවුද කියලා අහන්න වගේ....

" අහ් මේ ඉන්නේ ජිමින්.. ඩොක්ටර් පාර්ක් ජිමින්... "

" වහ්... මේ මාෆියා කාරයා ඩොක්ටර් කෙනෙක්ද ?.. සොල්මා තමුසෙලා මාව මෙහෙට ගෙනාවේ මගේ ඇගේ කෑලී අරන් විකුණන්නද ?"

" තමුසෙට ......."

සෝයොන් ඔහේ කියවන් යද්දී ජිමින් මෙච්චර වෙලා හිරකරන් හිටිය තරහා එයාට පාලනේ කර ගන්න බැරි වුනා..ඒත් කලින් වගේම ටේ ජිමින්ව නතර කරද්දී ජිමින් අතේ තිබ්බ scalpel එක බිමට දමලා ගහලා අනිත් පැත්ත හැරුණේ ඒ කෙල්ලව දැක්කත් ජිමින්ට දැන් කේන්ති යන නිසයි.... සෝයොන් ජිමින්ව දන්නේ නැති වුනාට එයාගේ අප්පා හිටියේ මොනවගේ අය ලගද කියලා දැනන් හිටිය නිසා කෙල්ලගේ හිතේ තිබ්බ තරහා ආයෙත් අලුත් වුනා...ඒත් ජිමින්ට ඒ ගැන වැඩක් තිබුන් නැහෑ...

" මං ඉන්නෑ... ඔහේලා කවුද මාව එහෙම තියා ගන්න.. අනික අප්පා කිව්වද නැත්ද කියලා මං කොහොමද දන්නේ ?... මං යනවා... මට කරදර කලොත් මං පොලීසියට කියනවා... "

සෝයොන් බිම තිබ්බ බෑග් එකත් අතට අරන් ගස්සලා දාලා එතනින් යද්දී ටේ ජිමින් දිහා බැලුවේ ජිමින් මුකුත් නොකියා අහක බලන් හිටිය නිසයි.... ජිමින්ට සෝයොන්ව නවත්ත ගන්න උවමනාවක් තිබ්බේ නැහෑ.. මොකද ඊළගට වෙන දේ ජිමින්ට ඉවෙන් වගේ දැනුනා...

" හනා...

දුල්....

සෙත්...."

ටේ කිසි දෙයක් හිතා ගන්න බැරිව ජිමින් දිහා බලන් ඉද්දී ජිමින් බිම බලන්ම හිනා වෙවී Count කරන්න ගත්තා... ජිමින් එහෙම කරන හේතුව ටේ වගේම ජේකේත් දන්න නිසාම ඒ දෙන්නටත් හිනා ගියේ ඊළගට වෙන්න යන දේ දන්න නිසයි.....

" ඔම්මාආආආආආආආආආආආආආආආආආආආආඅ 😩😩😩 "

ජිමින් count කරලා ඉවර වෙනවත් එක්කම බෑග් එකත් උස්සන් ගස්සන් දුවගෙන ගිය කෙල්ල පණ එපා කියලා ගිරියටින් කෑගහන් දුවගෙන ඇවිත් සෝෆා එකටත් උඩින් පැනලා බිම දිගා වෙලා හැන්ගිලා බයේ වෙව්ලන්න ගත්තා... සෝයොන්ගේ කෑගැහිල්ලට ටේකුක් ඩබලා හිනා වෙද්දී ජිමින් කෙල්ල දිහා බලලා නෝන්ඩි හිනාවක් දාලා ආයේත් සෝයොන් දුවන් ආව පැත්ත බැලුවේ ජිමින් අපේක්ෂාවෙන් හිටිය කෙනා එනකම්....

හැමෝම හිනා වෙවී කිසි ගානක් නැතුව ඒ පැත්ත බලන් ඉද්දී සෝයොනුත් හිමීට සෝෆා එකෙන් ඉස්සිලා ඒ පැත්ත බැලුවේ අතේ තිබ්බ බෑග් එක කටේ ඔබන් වෙව්ලන ගමන්...

" ජිබ්බ්‍රා.... come here girl... "

ජිමින් බිමට ටිකක් පාත් වෙලා අමුත්තට කතා කරද්දී ඒ කෙනා දුවගෙන ඇවිත් ජිමින් ලග හුරතල් වුනේ සෝයොන් දිහා බලාගෙන ගොරවන ගමන්....

~grrrrrrrrrrrrrr~

" 😰😰😰😰 මා...ව....මාව...මෙයාට කන්න දෙ....න්න...එපා.... චේබාල්...."

සෝයො බයටම ජෙකේගේ ලග වැටිලා වදින්න ගත්තා... ජේකේ හිනා වෙවීම සෝයොන් ඉන්න දිහාට පාත් වෙලා කෙල්ල වැදන් හිටිය අතින් අල්ලන් එයාව නැගිට්ටුවා..

" බය වෙන්න එපා.. ඒ අපේ ජිමින්ගේ හුරතලා.... "

" ම්වෝ ?.... ක..කවුද අනේ.. මෙහෙම හුරතල්ලු හදන්නේ..."

" මං... ඇයි තමුන්ට ප්‍රශ්නයක්ද ?"

~grrrr ~

කෙල්ල බය වෙලා අහද්දී ජිමින් ඒකට උත්තර දුන්නා. ඒ එක්කම ජිමින්ගේ හුරතලත් ඒකට උත්තර දුන්නේ හරියට ජිමින්ට අයිතිය අගවන්න වගේ....

" සෝයොන්ශී බය වෙන්න එපා... මෙයා අපිට නපුරක් කරන්නේ නැති අයට සැර නැහෑ.. මෙයා ගොඩක් හීලෑයි... "

ටේ කිව්වේ ජිමින් ලගට ගිහින් ජිබ්බ්‍රාව අත ගාන ගමන්....

" මෙයා මාව කයි 😭 "

" අයිගූ සෝයොන්ශී 😂... අපිට චණ්ඩියා වගේ කෑගැහුවා නේද ..මොකද දැන් මේ බය වෙලා... අහන්න.. මේ ඉන්නේ ජිබ්බ්‍රා.. "

ජේකේ කිව්වේ ජිබ්බ්‍රාව සෝයොන්ට හදුන්වලා දෙන ගමන්....

" මෙයා south african King cheetah කෙනෙක්.. මෙයාලා හරි දුර්ලභ චීටා විශේෂයක්... මෙයාව ජිමින්ට හම්බුනේ බිස්නස් වැඩකදී තෑග්ගක් විදිහට.. මෙයා ගෑණු සතෙක්... ඒ නිසයි ඔච්චර හීලෑ.... අහ් මෙයා මෙහෙට එද්දී හරිම පොඩී අනේ.. හනේ මයේ උක්කුන් බෝලේ එන්න කුක් ඔප්පා ගාවට.. "

ජේකේ ජිබ්බ්‍රාට අඩගහනවත් එක්කම ජිබ්බ්‍රා ජේකේ ලගට දුවගෙන ඇදිත් ඇගට පැන්නා..

" දන්නවද සෝයොන්ශී මෙයා ඔයාට කැමතියි වගේ... නැත්නම් මෙයාව අපිට මෙතනින් ගෙනියන්න වෙන්නේ ඔයාගේ ඇගේ කෑල්ලක් එක්කමයි... "

ජේකේ ජිබ්බ්‍රාගේ බෙල්ල අතගාන ගමන් කියද්දී ජිමින් සෝයොන් දිහා බලන් හිටියා... ඒ ඇස් නැවතිලා තිබ්බේ කෙල්ලගේ ඇස් ලග .... කෙල්ල කලින් බය වුනත් ජිබ්බ්‍රා කට්ටිය එක්ක හුරතල් වෙද්දී කෙල්ල ආසාවෙන් ඒ දිහා බලන් හිටියා.....ඒ වගේම කෙල්ලට ජිබ්බ්‍රා ගැන තිබ්බ බය ටිකක් අඩු වුනා..

" කවුද අනේ මෙයාට නම තිබ්බේ 😂 ජිබ්බ්‍රා... "

කෙල්ල ටික වෙලාවක් ජිබ්බ්‍රා දිහා බලන් ඉදලා මහා හයියෙන් හිනා වෙවී සෝෆා එකට වැටුනේ ඇත්තටම ජිබ්බ්‍රා කියන නම කොරියන් නම නෙවේ නිසයි...

" ඒක මෙයාව ජිමින්ට දුන්න අයමයි දාලා තිබ්බේ... ඒක ඇෆ්‍රිකන් නමක්.. ජිමින් ගොඩක්ම ආස වුනෙත් එකයි.. ජිමින් + ජිබ්බ්‍රා... නිකම් ඒ දෙන්නට දෙන්නා මැවිලා වගේ 😂 ජීජී කපල්..."

ටේත් සෝයොන්ටම එකතු වෙලා මහ හයියෙන් හිනා වෙන්න ගත්තා... ඇත්තටම දැන් කෙල්ලට එතනින් යන්න ඕන වුන එකත් අමතක වෙලා..ජිමින් මේ හැම දේ දිහාම බලාගෙන හිටියේ තියුණු ඇස් දෙකකින්...

" තමුසේ යන්න නේද ගියේ ?... 🤨 "

මෙච්චර වෙලා ටේ එක්ක හරි හරියට හිනා වෙන කෙල්ල දිහා බලන් හිටිය ජිමින් එහෙම අහනවත් එක්කම හිනා වෙවී තිබ්බ කෙල්ලගේ මූණේ හිනාව අතුරුදන් වෙලා ඒ වෙනුවට කෙල්ල හැටට හැටේ ජිමින්ට ඔරවන්න ගත්තා.....

" අරස්සෝ ... මං යනව..හුම්... "

කෙල්ල ආයෙත් අමතක වුන දෙයක් මතක් වුනා වගේ සෝෆා එකෙන් නැගිටලා එතනින් යන්න හැදුවා විතරයි....

~grrrrrrrrrrrrrrrrrr ~

" ඔම්මාආඅ 😭 ....... අරස්සෝ ..අරස්සෝ .. මං යන් නෑ...මෙයාව ගන්න.... "

සෝයොන් එතනින් යන්න හැදුවත් ජිබ්බ්‍රා එකට ඉඩ නොදී සෝයොන්ගේ මග හරස් කලේ කෙල්ලට ඉහෙන් කණෙන් දාඩියා දාන්න තරම් බය කරලා.... ඕනම සතෙක් තමන්ගේ ස්වාමියාට ඉහළින් කෙනෙක් යනවනම් ඒ කෙනාට විරුද්ධ වෙන්න දෙපාරක් හිතන් නෑ... ඒ වගේම තමයි ජිබ්බ්‍රාත්...

ජිබ්බ්‍රාගේ හැසිරීම ජිමින්ට ගෙනාවේ ආඩම්බරයක් .... කටකොණකින් හිනා වුන ජිමින් ජිබ්බ්‍රාගේ ඔලුව අතගාලා එතනින් යන්න ගියේ කෙල්ලට රවාගෙනමයි.....

" තමුසේ ඔතනට වෙලා අල තම්බනවද ?...මෙහේ නවතිනවනම් මගේ පස්සෙන් එනවා.. "

පඩිපෙළේ පඩි දෙක තුනක් නැගලා නැවතුන ජිමින් ආයෙත් කෙල්ල දිහා බලන් කියනවත් එක්කම සෝයොන් තමන්ගේ බෑග් එකත් යන්තමින් වගේ අහුලන් ජිමින් ලගට දුවන් ගියේ ජිබ්බ්‍රා කෙල්ලව කන්න වගේ බලන් ඉද්දී.....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

To Be Continued ......


( පළවෙනි ෆෑන් මේඩ් කවර් එක 😭💜️ බ්ලින්කීයා.... තැන්කූ බබා... _BlinkeY_.. )

___________________________________________

♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️

හායි ළමයි 🙂

හිතුවට වඩා ඉක්මනින් අප්ඩේට් එකක් දුන්නා.. මං හොදයි නේද ?....

ළමයි ජේකේ ඩොක්ටර් කෙනෙක් 🙂...

ජිබ්බ්‍රා ගැන මොකද හිතෙන්නේ 😭 හනේ සෝයි කෙම්ල්ල නේද... හව් හව් හව්... අහ් මුලින් පුරු පුරු ගෑවා කිව්වම ඒ පූසෙක් කියලා හිතුව අය මේ කොණට 😂 👉

Votes,Comments කරන හැමෝටම ස්තූතී 😘❤️

Borahae 💜️
✍JinNu

Continue Reading

You'll Also Like

18K 4.4K 20
✨️🥀දෛවය දඬුවමක්.. දෙවියන් විසින් ලියූ 🥀✨️ Started Date - 28.05.2021 Ended Date - 25.06.2021 All rights reserved under the copyright cla...
20.5K 3.7K 47
❤ ඉරණම මුල සිට ම මගේ බව මම කියමි.. ඔබ මගේ සෑම හෘද ස්පන්දනයකම රැඳී සිටින්න... මගේ දෑතට පැමිණ මා සමඟ සිහින දකින්න.... මට එක හීනයක් තියෙනවා ... ඔයා මග...
37.1K 8K 20
චරිත ඇතුලෙ හැංගිලා ඉන්න චරිත අදුරගන්න ඒ චරිත කතා කියවන්නම ඕන.. මේකත් අන්න එගෙම චරිත ගොන්නක් ඇතුලෙ හිරවුනු කතාවක්..
51.6K 9.3K 31
" යා! තමුසෙ කොහොමද කියනවා තමුන්ගෙම දුවට මෙහෙම කරන්නෙ?තමුසෙ තිරිසනෙක්ටත් අන්ත වල් සතෙක් ජිමින් !!!!" ...