MEOW MEOW || MYG ✔️

By _nim_nim_

17.8K 4.4K 453

✨️🥀දෛවය දඬුවමක්.. දෙවියන් විසින් ලියූ 🥀✨️ Started Date - 28.05.2021 Ended Date - 25.06.2021 All... More

DISCLAIMER
PREFACE 🥀
2nd Meow🥀
3rd Meow🥀
4th Meow🥀
5th Meow🥀
6th Meow🥀
7th Meow🥀
8th Meow🥀
9th Meow 🥀
10th Meow🥀
11th Meow🥀
12th Meow🥀
13th Meow🥀
14th Meow🥀
15th Meow🥀
16th Meow🥀
Last Meow🥀
EPILOGUE

1st Meow🥀

1.6K 297 29
By _nim_nim_


Hana pov

" ම්ම්ම්ම් බොගෝශිප්පෝ..........!!! "

මං ලොකු හුස්මක් පිට කලේ ජනේලෙන් එලිය බලන ගමන්.. මගේ කටෙන් එහෙම වචනයක් පිටවුනේ ඇයි කියලා මංවත් දන්නේ නෑ... ඒත් මං එහෙම කිව්වේ කාගෙදෝ අපහැදිලි රූපයක් මගේ ඇස් ඉස්සරහා මැවෙද්දියි.. වැටෙන්න ඔන්න මෙන්න තිබුන කඳුලු බින්ඳුත් පිහිදන් මං කල්පනා කලේ සැරෙන් සැරේ මගේ ඔලුවේ ඇදෙන ඒ රූපේ කවුද කියලයි...

" යා ටුටූ.... අස් කරනවකෝ.. මගේ පන යනවනේ......"

මම ගැස්සිලා අනික් පැත්ත බැලුවේ මගේ ආදරනීය සහෝදර යානාවගේ බෙලෙක් වොයිස් එකට... කොහෙද ඉතින් සැහ් මගේ මනෝලෝකේ කෑවා..

" අහා!!! පණ පලයන් ලබන සුමානේ..... කොහෙ යනවද මේ මරගාතේ...!!!! කැරකිලා... පණ පලයන් ලබන සුමානේ.... කොහෙ යනවද මේ මරගාතේ.... අහා.. කැරකිලා දෙකට නැමිලා........... හොබා කෝ හරියට තාලේ අල්ලනවකෝ..."

" හිටහම් රත්තරන් නම්කියේ මේ එනෝ... ගුමර ටපර ගුමර ටපර... "

මං කියද්දි මගේ සහෝදර පරානේ කිචන් එකට ගිහින් ස්ටීල් භාජනේකුත් උස්සන් ආවා....

" කෝ පටන් ගන්න.... "

" අහා පණ පලයන් ලබන සුමානේ....කොහෙ යනවද මේ මරගාතේ.... කැරකිලා..."

මම කොස්සත් අතේ තියන් කියද්දි මගේ අයියත් ඒකටම හරියන්න පිස්සෙක් වගේ එයාගෙ දඟරපනු ඩාන්ස් එක දාන්න ගත්තා...අද ඉරිදා... මේ හිමිදිරි පාන්දර දහයට අපි දෙන්නා ගේ අස් කරන්න ගත්තේ අද ගේ අස් කරන දවස නිසයි... මොකද මගේ හොබාට පිලිවෙල කියන එක අංක එක.....

මලහත්තිලව්යි තව ටිකෙන් මං ගැන කියන්න අමතක වෙනවා.. මේ උදේ පාන්දර මේසයක් උඩ නැගන් දහඅට වන්නම නටන මං ජන්ග් හනා... මම වයස 23 ක් උන අහිම්සක ජීවියෙක්.... ගෙදරට වෙලා ඉදන් ගේ බලාගන්න එක තමයි මගේ නිත්‍ය රැකියාව... ඒ අතර තුරේ අයියගේ සැලරි එකට වගකියමින් කා.බෝ.නී තනතුරේ අඛණ්ඩ ලෙස රාජකාරි කරන ගමන් ඉන්නේ...

ආ .... කා.බෝ.නී කියන්නේ කනවා.. බොනවා.. නිදියනවා.. මම ගෙදර ඉදන් කරන්නේ ඒක... මොකද මගේ අයියා පරානේ කැමති නෑ මං රස්සාවක් කරනවට... ඇරත් මාව තැනකට යවන්න බෑ කියලයි එයා නම් කියන්නේ ... ඒ උනාට මම ඒ තරම් නරක නෑ .. අපි දෙන්නා ඉන්නේ තනියෙම...අයියගේ සැලරි එකෙන් තමා හැමදේම කරන්නේ...

මගෙ අයියා ජන්ග් හෝසොක්...එයාට අවුරුදු 30යි... අයියා ලොකූ කලාගාරයක ටිකක් උසස් තනතුරක් දරපු නිසා අපිට සල්ලි වල නම් ඒ තරම් ලොකු ගැටලුවක් තිබුනේ නෑ... කොහොම උනත් ඉතින් මට වියදම් කරාම භාගයක් ඉවරයී ඒකෙන්... ඒ උනත් අපි දෙන්නම හුඟක් සතුටෙන් තමයි ඉන්නේ... පුංචි කාලේ උන ඇක්සිඩන්ට් එකක් නිසා ඔම්මයි අප්පයි දෙන්නම නැති උනා අපිට... එදා ඉදන් මගේ හැමදේම ඔප්පා තමයි ... එයාටත් එහෙමයි... මගේ අයියට මේ වෙනකන් යෝජා චින්ගු කෙනෙක්වත් නොහිටින්න හේතුව මං... එයා හැමතිස්සෙම කියන්නේ එයාට මං ඉඳියම ඇති කියලා.. මගේ ඔම්මා අප්පා දෙන්නම මගේ අයියා...

ඒ එක්කම,

[ Ding dong..........ding dong..... ]

" හොබාරී.. කවුද බෙල් කරනවා නෙහ්? "

මම ඇහුවේ මේ උදේ පාන්දර අපි දෙන්නගේ ෆන් එක කන්න ආපු ඒ අජූත බෙල් එකේ හඬ ඇහුන නිසයි...
.

.
" ආ එන්න මිස්ටර් කන්ග් වාඩි වෙන්න...."

හොබා කිව්වේ මිස්ටර් කන්ග්ව ගේ ඇතුලට ගන්න් ගමන්...

පුහ් ඔය ඇවිත් තියෙන්නේ බඩ බෝල කන්හා.. සල්ලි ගෙනියන්න නම් එනෝ වෙලාවට... නෙදකින්... නොදෝමකින්......

කන්ග් කියලා කියන්නේ අපි දෙන්න ඉන්න ගෙදර අයිතිකාරයා ... අයිතිකාරයා කිව්වට ගේ අපේ... ඒත් ඉතින් අපේ ඔම්මයි අප්පයි නැති උනාට පස්සේ මේ ගෙදර අපේ නැන්දා උකසට තිබ්බා... එයා සල්ලි අරන් යන්න ගියා... ඒත් ඒ පව කරගහන්නේ අපේ අයියා... අනේ අම්මපා මට එන තරහට ඔය ගෑනිගේ ඇස් ගලවලා ලොලි පොප් හදන්න හිතෙනවා ... ඉතින් මේ සීදේවී ගිනි පොලීකාරයා හැමදාම මාසේ 25 වෙනිදට එනවා සල්ලි අරන් යන්න... අදත් ඒ වගේ අති උත්කෘෂ්ට දවසක්...

" හනා... බොන්න මොනාහරී ගේන්නකෝ...."

" දේ... "

අනේ පුලුවන් නම් මං තොට වහ දාලා දෙන්නේ... සැක්....

මම හිතෙන් කන්ග්ගේ ජාතිය අමතන ගමන් ගිහින් ෆෘට් ජූස් එකක් අරන් ආවා... ඒ බඩ තඩියත් ඒක බොන ගමන් හොබා එක්ක කියවන්න ගත්තා...
.

.

" ආ ලමයො... "

" දෙන්න.... "

කන්ග් මට වීදුරුව දික් කරලා කිව්වා... මගෙ උත්කෘෂ්ට සිහිමද ගතිය නිසා වීදුරුව බිම වැටුනත් මගේ වාසනාවට ඒක නොකැඩී බේරුනා....

" ඌඌඌඌඌඌයී..............!!!!!!! "

තට්ටයා මට රිදුනත් එක්ක... වැලි මලුවට හඳ පායලා වගේ තියෙන ඔලු කට්ටෙන් මට පාරක් වැදුනේ මං වගේම මිස්ටර් කන්ග් ත් වීදුරුව අහුලන්න පහත් උන නිසයි...

" මියානේ..."

" හනා... අන්දෙවේඒඒඒඒඒඒඒ ......"

සොරි මිස්ටර් කන්ග්... මට මේක කරන්නම වෙනවා.. හොබා කෑගැහුවේ මං කරන්න යන දේ දන්න නිසයි... ඒත් හොබාට කලින් මං ඉස්සර වෙලා මගේ ඔලුවෙන් කන්ගේ ඔලුවට පාරක් දුන්නේ මිනිහට ඉර හඳ තරු ග්‍රහලෝක සේරම එකපාර පේන්නයි... මෑන් ඔලුව අල්ලන් බෙරිහන් දෙද්දි මං ෆ්ලෑශ් වැහිලා වගේ දිව්වේ කිචන් එකට..

" මියානේ....!!! චොම්මල් මියානේ කන්ග්ශී...!! "

" ම්ම්ම්ම් මම යන්නම්... "

මම කිචන් එකේ හිටියට සේරම අහගෙන හිටියේ.... මම කෙලින්ම කාමරේට දුවන්න ගියේ ඊලග තප්පරේ හොඳවෑයෙන් කෑමක් කන්න වෙනෝ කියලා දන්න නිසයි...

" යාහ්.... පාබෝ....!!!! "

හොබා කන්ග්ව යවලා බෙරිහන් දීගෙන ඇවිත් මගේ ටීශර්ට් එකෙන් අල්ලගත්තා..

" මියානේ... හොබාරී මියානේ... "

" ටුටූ මං කොච්චර කියලා තියෙනවද ඔය විකාර පුරුද්ද අතෑරගන්න කියලා ආහ්...? මේ යකාගෙන් ගේ බේරගන්නකන් ඉන්නවකො පොඩ්ඩක්... "

" ඉතින් අනේ මට ඒක නිකන්ම වෙනවනේ... ඒක එහෙම කලේ නැත්තං අසුභයි..."

" අනේ මන්දා කොහෙන් ඉගෙනගන්නවද කියලා...මල විකාරේ..."

" කොහොමත් මං ඒක හිතලමයි කලේ.... මට දෙකක් ඇනගන්න බැරුව හිටියේ..."

" අනේ ... මේ කෙල්ල නම්.... මං දන්නවා ටුටූ කවදාහරි අපි දෙන්නා ලොකු අමාරුවක වැටෙනවා මේ විකාර නිසා..."

" මේ වෙලේ මට හොඳ චීන කියමනක් මතක් වෙනවා..."

" මොහ්? "

" ඛානා චෞහානා කබරචේන් තලගොයියා හ්වාං..."

" ඈ...මොකක් කිව්වා? "

මං බලන් හිටියේ හොබාගේ මූන දිහා... ඒ මූනේ ප්‍රශ්න කෝටියයි... කටත් ඇරිලා.... මම හිනාව කාගෙන හිටියේ ආයෙම බැනුම් අහන්න වෙයි කියලයි...

" ඒකේ තේරුම කන්න ඕනේ උනාම තලගොයත් කබරගොයා වෙනවා කියන එක...."

මම දත් තිස් දෙකම දාලා කියද්දි හොබාගේ මූන කලුවෙලා ගියා..... එයත් ලාවට වගේ කට කොනෙන් හිනා වෙන ගමන් මට එරෙව්වේ 'මහා පිස්සෙක්' කියලා කියන්න වගේ..

" ඌයි අනේ...!! "

හොබා මගේ කම්මුලක් තදින් මිරිකන ගමන් කියලා ඔලුවටත් ගහලා යන්න ගියා... ඇත්තටම කිව්වොත් මගේ මේ පුරුද්දට අවුරුදු විස්සක පලපුරුද්දක් තීනෝ... මට තේරෙන කාලේ ඉදන් කවුරුහරි මගේ ඔලුවේ හැප්පුනොත් මට ඒ මනුස්සයගේ ඔලුවට මගේ ඔලුවෙන් එකක් ගහන්නම ඕනේ... නැත්තං මට කෑවේ නෑ වගේ... ඔලුවේ හැපුනේ ජනාධිපති උනත් මට පාරක් ගහන්නම ඕනේ... මේ වැඩේ නිසා හොබාට මම ඉස්කෝලේ යද්දි අපේ හෙඩ්මාස්ටර් හම්බෙන්න උන අවස්ථා නම් එමටයි...

හොබා නිසා බේරිලා ඉන්නවා.... නැත්තං කපෝති ....

" හ.......නාආආආආආ.............................."

හරි හොබාට අහුවෙලා මම නවනවා කියලා ගුලි කරලා දාපු රෙදි ටික... සැක්...අද ඉතින් හැඳිපාර තමා... මම හොරෙන් හොරෙන් සද්ද නැතිව ගිහින් හොබාටත් දත් තිස්දෙකම දාලා ශේප් එකේ රෙදි ටික නවද්දි හොබා එතනින් යන්න ගියේ දවල්ට කෑම හදන්න කියලයි..
.


.


.

එදිනම රාත්‍රියේ ...

" හනා....!!!! "

" ම්ම්ම්ම්...."

මෙච්චර වෙලා කෑම මේසේ තිබුන නිහැඬියාව බිඳින ගමන් ඔප්පා බැරෑරුම් මූනක් මවාගත්තු නිසා මම කෑමත් කටේ පුරෝගෙනම හොබා දිහා බැලුවා... අනිවාර්යයෙන්ම හොබා මගේ නම කියනවා කියන්නේ මොකක්හරි සීරියස් වැඩක්.. කමක් නෑ අහන් ඉමුකෝ... දැන් ඉපදුන දවසේ ඉදන් මේකගේ බණේ අහනවනේ...

" පවසන්න හොබාරී...."

" යා..කලවැද්දි... හෙට ඉක්මනට නැගිටිනවා... දන්නවනේ පුරහඳ පායනවා කියලා...? මං ඉක්මනට ගිහින් එන්නම්... තමුන් උදෙන් නැගිටලා මට උදව් කරන්න ඕනේ.. මං ඉක්මනට ගිහින් එන්නම්.. "

" හරි හරි.... දැන් ඕක ගිය මාසෙත් කිව්වේ..."

" ඇහුවද නෑනේ..? දෙන්න හිතයි..."

" ඔමෝ මගේ හොබාරියා... වයසට යයි වස්තුවේ..."

" මට ප්‍රෙශර් නගිනවා ටුටූ තමුන්ගේ වැඩ නිසා... ගිහින් නිදාගන්නවා ඉක්මනට .."

" ම්ම් හා..."

හොබා බනිද්දි මම කාමරේට ආවේ නිදි මතක් අහලකවත් නැති උනත් එතන හිටියොත් කනේ ඇබ ගහගන්න වෙන නිසයි... හොබා නම් මහා අමුතු ජීවියෙක්... නවය වෙද්දි නිදාගන්න යනෝ... ඒකට මං ... රෑ නවයට තමා වැඩ අල්ලන්නේ... මොනා උනත් මගේ හොබා පව්

ජනේලේ ලගට වෙලා මං කල්පනා කලේ මට මේ වෙන අමුතු දේවල් ගැන ... ඒ වගේම මං බයම දවස හෙට... පුරහඳ දවස කියන්නේ මම ආසම නැති දවසක්... මට දැනෙන බය , වේදනාවට වඩා මං බය මගේ අයියට දැනෙන වේදනාව ගැන... මට වඩා විඳවන්නේ එයා.. මේ දේවල් පටන් ගත්තේ මට අවුරුදු 21 ලැබුවට පස්සේ... එතකන් අපි දෙන්නම සතුටෙන් හිටියා පොඩි පොඩි ප්‍රශ්න තිබුනත්...

" යා... ඔය උඩ ඉන්න කෙනා... පරිස්සමෙන් ඉන්න හරී... මම ආවම බලාගන්නම්කෝ... පලිගන්නවාහ්... මේක දඬුවමක්ද? "

මම අත් දෙකත් අහස දිහාවට දික් කරන් බැන්නේ මටම මේ දේවල් වෙන නිසයි... ඒ එක්කම හැමදාමත් වගේ පුරහඳ දවසට කලින් හැමදාම රෑට මගේ ජනේලේ ලඟට එන පුංචි නිල්පාට කනාමැදිරියො ටික ආවා.. විනාඩී කීපයක් මගේ වටා කැරකිලා ඉඳලා එයාලා ආයෙම යන්න ගියා..

" ඔයාලා කවුද? ඇයි හැමදාමත් එන්නේ මෙහෙම... අයියෝ මැරෙන්න ලන් වෙලාද මන්දා... අනී.... නිදාගන්නවා හනා මේ මහා රෑ විකාර හිතන්නේ..."

.

_________________

Time passed
Next day morning

ට්‍රීංං ට්‍රීංං ....... [ Arlam beeps ]

" ආයිශ් මේ මගුලේ එලාම් එක.. "

ඒ එක්කම වැදුන එලාම් එක නිසා මම අඩිබාගයක් විතර උඩ ගිහින් ඇහැරුනේ...

" සැක්... මටමයි වෙන්නේ.. දැන් අර පෝරිසාදයා මට බනී නිදාගත්තා කියලා..."

මම ඉක්මනට ඇදෙන් බැහැලා දුවන් ගියේ කිචන් එකට යද්දිත් මෑන් වැඩ... අද නම් කන්න වෙන්නෙ මට පොඩිකාලේ දනගාපුවා මතක් වෙන්න... අහෝ දුකකි ඉරකි තිතකි...

" හනා... "

" ව්...වේ...වේ... "

මේ මනුස්සයට පස්සටත් ඇස් තියෙනවද මන්දා .. මං අඩියක් තිබ්බත් දැනගන්නවනේ...

" ඔහේ නම් මාවම කන්න ඇවිත්... අද පුරහඳ පායනවා කියලා දන්නේ නැද්ද.. දැන් මං පරක්කු වෙලා ගියාම එද්දි රෑ වෙයි... ඔහේ තනියෙන් ඉන්නේ කොහොමද බලනවා... "

" හරි හරි බබෝ... ඔයාගේ මේ නංගි පන හෙන වැඩ්ඩා... ඔයා බය නැතුව ගිහින් එන්නකෝ... "

" හ්ම්ම්ම්... මම කියන්නේ නෑ වැඩ්ඩගේ තරම "

මම වාතාවරණය හොදයි කියලා තේරුන නිසා ෆ්‍රිජ් එක ලගට ගියේ මම ඊයේ රෑ හන්ගපු අයිස්ක්‍රීම් එක ආරක්ෂිතද බලන්න... මොකද මගේ අයියා කියන එකාගෙන් ඒවා බේරගන්න සෑහෙන අමාරුයි...

" මොහ්... මගේ අයිස්ක්‍රීම් එක... කෑවා නේද... "

මං බලද්දි අයිස්ක්‍රීම් එක තිබුනේ නෑ... ඒ වෙනුවට මෝඩ අයියාකාරයගේන් අහද්දි මිනිහා අත්දෙකත් බැඳන් මට හිනා වෙව්වී හිටියේ... අද නම් පලිය ගන්නවා....

" යාහ් හොබාරීඊඊඊඊඊඊ ................................ "

මම පැනපු ගමන් අල්ලගත්තේ හොබාගේ කොන්ඩෙන්... ඒ එක්කම හොබා මගේ කොන්ඩෙන් අල්ලගත්තා.. අපි දෙන්නම තරඟෙට ගහගන්න ගත්තේ සෝමාලියාවට දාපු පාන් කෑල්ලක් බෙදාගන්න බැරුව වගේ...

" මහන්සි බන්... හවසට ආවම අල්ලගන්නම්කො... දුශ්ටී "

" ඇයි යන්නේ..හූ...... යා හොබාරී... මගේ අයිස්ක්‍රීම් එක කෑවා නම් දැන් ගෙනත් දීලා යනවා...."

හොබා මගේ ඔලුවටත් ගහලා යන්න ගියා.. කොහොමහරි මගේ බඩේ ඉන්න අසරණ හිඟන්නට තමා ශොට් එක වැදුනේ... මේ අර දහ දෙනෙක්ට යවන්න කියපු මැසේජ් එක සීන් කරලා නිකන් හිටපු එකේ පලවිපාක ද කොහෙද..
.

.

.
Time passed
In the night

📞 " ඔප්පා... එන්නේ නැද්ද මට බයයි..."

📞 " එන ගමන් ඔහොම ඉන්නවා.. හපෝ... කට නම් ඒ උනාට..."

📞 " සරන්හේ ...ඉක්මනට එන්න මගෙ සුලුබුලියා.."

මම හොබාට බටර් පාරකුත් ගාලම ෆෝන් එක තිබ්බා... හඳ හරි ලස්සනට අහසේ පායල තිබුනා... ඒ එක්කම මට දැනුනේ ඇග දිගේ ආපු ලොකු වේදනාවක් .... අමාරුවෙන් කාමරේට ගියපු මං ඇඳෙන් හාන්සි උනේ මගේ මුලු කොන්ඩෙම නිල්පාටෙන් දිස්නේ ගහද්දියි.. ඒ එක්කම කිනිස්සකින් අනින තරමේ වේදනාවක් මගේ බඩ හරියෙන් දැනෙන්න ගත්තා...

" ලේ...? අනේ ඔප්පා ඉක්මනට එන්න මට බයයි..."

මම ඇදේ කෙලවරකට වෙලා ඇස් පියාගෙන කන්දෙකත් අතෙන් වහගත්තේ ආයෙම අමුතු රූප කීපයක් මගේ ඉස්සරහා මැවෙද්දියි ...
.


.

Hana pov end~

_____________________

Meanwhile Yoongi

" අයිශ් .. මේ වැඩේ නම් මට දැන් ඇති වෙලා... මුන් කොහොම පැනලා එනවද මන්දා... ආඅහ් ... Damn it... තමුන්ලා පුරහඳ දවස බලලම එලියට පනින්නේ මොකෝ ආහ්..? ආයිශ් මගේ නිවාඩුව.... "

" මට යන්න දෙන්න..."

" ආහ්...මේ ආත්ම නම්... එක්කො මට අහු නොවෙන්න ඉන්න ඕනේ... ශිට්... යන්න දෙන්න නෙමේ නේ මං අල්ලගත්තේ... දැන් කරන්න දෙයක් නෑ... ඔයාගේ කාලේ ඉවරයී ..."

තමන් ඉස්සරහා වැඳ වැටුන ආත්මය ගානකටවත් නොගෙන යුන්ගි අත ගසලා දාද්දි එකවරම යුන්ගිගේ අතෙන් මතු උනේ රිදීපාට කඩුවක්....

" ඒත්..."

නිල් පාටෙන් දිස්නේ ගහපු කඩුව එකවරම ආත්මය ඇතුලට කිඳා බැස්සේ තවත් වචනයක්වත් කතා කරන්න ඉඩ නොදියි

" සාමයෙන් ඉන්න..."

යුන්ගි ඇස් වහන ගමන් කිව්වා....

" මින් යුන්ගි ... එහෙම නැත්තං මම blue spirit කියන්නද? "

" ඔමෝ...!!! ආයිශ් ඒපාර මොකෙද්ද මේ...? "

කටහඬ ආපු පැත්තට පිටුපාලා හිටපු යුන්ගි අනික් පැත්තට හැරිලා බැලුවේ තමන්ගේ පිටිපස්සෙන් ආපු කටහඬ මොකද්ද කියලයි... කලුවරේම හිටපු ආගන්තුකයා එතනම රැඳෙද්දි යුන්ගි අඩියක් දෙකක් ඉස්සරහට ආවා...

" තමුන් කවුද? "

" මට ඔයාගේ කාඩ් එක ලැබුනා... තව සතියකින් ආපහු යන්න ලෑස්ති වෙන්න.."

අඩ අඳුරේ හිටපු ආගන්තුකයා කිව්වෙ යුන්ගි දිහාවට එන ගමනුයි..

" මරණයේ දෙවියෙක්? "

.

To be continued ..........

කතාව කියවන වෝට් කරන හැමෝම ස්තූති ... අදහසක් කියාගෙන යනවා නම් මං කැමති

#Nim

Continue Reading

You'll Also Like

9.2K 2.1K 20
THE WORLD IS FULL OF SECRETS ~ START = 141121 END = 301221 A KTH AU FICTION ©ALL RIGHTS RECEIVED BY @KIMvikii04
94.8K 12.7K 46
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
27.3K 4.3K 16
when you say that you love me feels like i'm walking across the sky tell me about forever, just one more time when you say that you love me I ju...
3.6M 285K 89
|| Zaw & Uni || မေမ်ွာ္လင့္ထားေသာ အခ်စ္.... ဒါက fantasy အမိ်ဳးအစားေလးပါ။ Title မွာလိုမ်ိဳး ' မာနႀကီးတဲ့ကြၽန္ေတာ့္ ေယာက်ာ္းရဲ႕ကိုယ္ဝန္ရိွေနတယ္တဲ့ ' bl...