#𝗠𝗲𝗼𝘄_𝗠𝗲𝗼𝘄 😻💙💜️
🍁🥀 දෛවය දඬුවමක්
දෙවියන් අතින් ලියැවුනු🥀🍁
-------------------------------------------------------------5th Meow 🥀
" ආහ්.. මොන වදයක්ද..?? ............. "
ඤාව්වා එලියට ඇවිත් ඇහුවා..මිනිහගෙ මූන අටපට්ටම් වෙලා ගියා ආපු කෙනාව දැක්කා විතරයි ... ඒ මූනේ තිබුනේ තරහවක්...
" නම්ජූන් ඔහේ...??? "
" යාහ් මින් යුන්ගී...!!!! "
ඤාව්වයි කඩන් වැටුනාස් ඔප්පයි මූනට මුන බලන් හිටියේ පටණ තරහා කාරයෝ දෙන්නෙක් වගේ... ආ කඩන් වැටුනාස් ඔප්පා කිව්වේ ඔය දැන් ආපු ජූස්ද කවුද කෙනාට... ඔහේ කඩාගෙන බිඳගෙන වැටුන නිසා මගේ කටට ආවේ ඒ නම...
" මම ආයේ කියන්නේ නෑ යුන්ගි තමුසේ මගේ වැඩ වලට මැදිහත් වෙන්නෙපා... ඔහේ දන්නවද මම එක්ක තව කීදෙනෙක්ට රෑ වැඩ කරන්න උනාද කියලා ... "
" ඉතින් මට මොකද්ද කියන්නේ? "
ඤාව්වත් දමලා ගන්න වගේ කිව්වා... ඊලඟ විනාඩි කීපයේ කෙලින්ම ගියේ වන්ඩේ මැච් එකක්.. කඩන් වැටුනාස් ඔප්පා බෝල් කරනවා... ඤාව්වා හයේ ඒවම ගහනවා...
" යුන්ගි මේ අන්තිම පාර...!!!"
කඩන් වැටුනාස් ඔප්පා කෑගහපු පාර මුලු ගෙදරම මහා අදුරු පෙනුමක් ගත්තේ වටෙන්ම ගෙරවිලි සද්දෙත් එන ගමන්... ඒ එක්කම වටේම සීතල වෙන්න ගත්තේ ජනේල වල වීදුරුවල පවා මීදුමක් වගේ පටලයක් බැඳෙන ගමන්..
" ඕක නවත්තනවා....!!! "
ඒ එක්කම සුගතන් ඔප්පා කෑගහද්දි ආයෙම සීතල නැතුව ගිහින් පරණ තත්වෙට ආවා... බෝගම් ඔප්පා නම් ගානක් නැතිව ඉන්නවා... ඒකට හොබා... මිනිහට නම් උණ ගනීද මන්දා ... හොබා කොහොමත් මේ වගේ දේවල් වලට බයයි... මම නම් ඉතින් පිටසක්වල ජීවියා වගේ නේ ගානක් නෑ... මට පුරහඳ දාට පේන දේවල් හොබා දැක්කා නම් මිනිහා පරලොව... අනේ මගේ මෝඩ සහෝදරයා..
" අද ඉදන් මම මෙහේ නවතිනවා... තමුසේ නිසා මට ලැබුන දඬුවම ඒක..."
" එහෙම කොහොමද?? "
" සුගා දැන් ඇති නේ? නම්ජූන්ශී ඔයා මෙහේ ඉන්න..."
සුගතන් ඔප්පා ආයෙම ඇටෑක් එක... දෙන්නා දැන් ගහගනි දැන් ගහගනි කියලා මම කට ඇරම් බලන් හිටියේ.. කොහෙද බෝගම් ඔප්පා කෑවා වැඩේ... සාම විනිසුරු වගේ මැද්දට පැනලා සුගතන් ඔප්පව එයා අරගෙන ගියා ..
YOU ARE READING
MEOW MEOW || MYG ✔️
Fanfiction✨️🥀දෛවය දඬුවමක්.. දෙවියන් විසින් ලියූ 🥀✨️ Started Date - 28.05.2021 Ended Date - 25.06.2021 All rights reserved under the copyright claim. Copyright 2021 © Nim_Nim (Fiction by Nim ) A MYG AU Fiction ⚠️️ Don't copy, reproduce, republ...