EPILOGUE

1K 240 92
                                    

#𝗠𝗲𝗼𝘄_𝗠𝗲𝗼𝘄 😻💙💜️

🍁🥀 දෛවය දඬුවමක්
දෙවියන් අතින් ලියැවුනු🥀🍁
--------------------------------------------------------------------------------

පසුවදන 🌸🍃
------------------------ •

" ඉතින් දෛවය නුඹ ඇත්තටම දඬුවමක්ද? "

" අනී ...ඒක අවසානයක ආරම්භයක්...."

" මොහ්..!! පීච් මල් පෙත්තක්? "

ඒක හරි ලස්සන මොහොතක්... ක්ෂනයෙන් මගේ කොන්ඩේ නිල් පාටට හැරෙද්දි, ඒ කෙස් ගස් හමාගෙන ආව ලොකු හුළඟ එක්ක ඒ මේ අත දඟ කරද්දි, හුරුපුරුදු සුවඳක් එක්ක ඇහුනේ ලෙන්ගතු කට හඬක්... මම පිටි පස්ස හැරුනේ ඒ මූණ දකින්න නොඉවසිල්ලෙන්.... ඒ හිටියේ එයා... හ්ම්ම්ම්ම් මගේ පූස්... මගේ යුන්ගි කැට්.... නිල් පාටෙන් දිලිසෙන කොන්ඩේ එක්ක මම ආසම නිල් පාට පුංචි යාලුවෝ ටික වට කරගෙන හිටියෙ එයා... පීච් මල් පෙති ඒ මේ අත දඟ කරද්දි සමහර මල් පෙති ඒ කොන්ඩේ අතරේ රැඳිලා තිබුනා... එයා සුරදූතයෙක් වගේ.... ඒ වගේම පීච් ගහා... ඒක ආයෙම මල් වලින් පිරිලා... හරිම ලස්සනයී

" ඒයි වඳුරු කෙල්ල! මං ආයේ ආවා..! "

එයා අත් දෙකත් දෙපැත්තට දික් කරලා කිව්වේ හිනා වෙන ගමන්... එයා ලඟට දුවාගන්නවත් සිහියක් තිබුනේ නෑ මට... මට දැනුනේ මගේ කකුල් එක තැන ගල් වෙලා වගේ... ඉතින් ඇයි මම තවත් බලන් ඉන්නේ...?? මමත් දුවලා ගිහින් නැවතුනේ ඒ පපුවෙ.... ම්ම්ම් රස්නෙයි.... වෙනදා වගේම.... මම හිතේ හැටියට ඇඬුවා එයාට තුරුල් වෙලා... එයා මුකුත් නොකියම මගේ ඔලුව අතගෑවේ හරි ආදරෙන්...

" යා.....දවසෙම අඬන්නද ලෑස්තිය..? "

" පූස්.... ඔයා.... හොඳින්... ඉඳියද...??? මම මේ හීනයක් නෙමේ නේද දකින්නේ...??? "

" අනී... "

" මට විශ්වාස නෑ..."

" ඉන්නකෝ....."

" ඌඌඌඌඌඌයී!!!! "

ඒ මගේ පූසාම තමා... මම විශ්වාස නෑ කියද්දි එයා මගේ කම්මුලක් තදින් ඇල්ලුවේ ඒක හීනයක් නෙවෙයි කියලා කියන්න වගේ....

" හනා....... හොඳින්ද...?? "

මගේ බෙරිහන් දෙවිල්ලට දුවන් ආවේ හොබා එක්ක ජූන් ඔප්පා ... ජූන් ඔප්පගෙ ඇස් වල කඳුලු පිරිලා තිබුනා...

MEOW MEOW || MYG ✔️حيث تعيش القصص. اكتشف الآن