11th Meow🥀

751 214 10
                                    

#𝗠𝗲𝗼𝘄_𝗠𝗲𝗼𝘄 😻💙💜️

🍁🥀 දෛවය දඬුවමක්
දෙවියන් අතින් ලියැවුනු🥀🍁
-------------------------------------------------------------

11th Meow🥀
Author pov~

අදින් වසර එක්දහස් පන්සීයයකට පමණ පෙර

අතීතයේ ජීවත් වූවන් දෙව්ලොව මහා මැවුම්කරුගෙන් තමන්ට දූත පුත්‍රයෙකු මනුලොව වෙත එවන ලෙස ආයාචනා කරන්නට පටන් ගත්තේ අඳුරු මායාවන් මනුශ්‍ය ලොව ආක්‍රමණය කරන සමයකදීය... දෙව්ලොව මැවුම්කරු විසින් නීල ආත්මය මනුලොව වෙත එවන ලද්දේ එවැනි සමයකදීය..හන්‍යාන් කඳුවැටිය තම වාස භූමිය කරගත් මොහු මනුලොවට පහල වනවාත් සමඟම ඔහුත් සමඟ එක් මායා රුක්ෂයක්ද පහල විය.. එය ඉතා විශාල , එමෙන්ම සෑම කලකදිම පුෂ්පයන් හටගන්නා පීච් රුක්ෂයකි... එමෙන්ම ඔහු වටා නිල් පැහැති ජීවින් කිහිප දෙනෙක් එක් රැස් වූයේ ඔහු තම සැබෑ ස්වරූපයෙන් පෙනී සිටින විටදීය... පුරහඳ දිනයන් හී ඔහු සතු ශක්තිය නිරායාසයෙන්ම වැඩි වූයේ ඔහු සඳෙහිද පුත්‍රයෙකු ලෙස සැලකු හෙයිනි .. ඔහුට ලැබුන නාමය වූයේ මින් යුන්ගි යන්නයි...

එතැන් පටන් ඔහු සෑම අනතුරකදීම මනුශ්‍යන්ට උපකාර කලේ අඳුරු මායාවන්ට එරෙහිව සටන් කරමිනුයි.. නමුත් මොහුට මනුශ්‍ය ජීවිතයන්ට මැදිහත් වීම තහනම් විය.. කිසිඳු මනුශ්‍යයෙක්ට හානි සිදුකිරීමද තහනම් විය... මොහුගේ කාර්යය වූයේ අඳුරු මායාවන් හසුරුවන්නන් විනාශ කිරීම පමණි ... දෙවියන් විසින් ඔහුව මැවූ හෙයින් ඔහු එම මැවුම්කරු හට ඇමතූයේ පියාණන් ලෙසයි..

කල්‍ යත්ම අඳුරු මායාවන් කෙමෙන් කෙමෙන් අඩු වූයේ මෙම දේව පුත්‍රයාගේ ක්‍රියාවන් නිසාවෙනි... නමුත් තවත් පිරිසක් ඔහු ගැන පැතිරවූ කට කතා හේතුවෙන් ජනයා ඔහුට ගෞරව කිරීම නවතා ඔහුව පිලිකුල් කිරීමට ඔහුට බියවීමට පටන් ගත්තේ ඔහු රාක්ෂයෙකු ලෙස සලකමිනි.. ඔහු මනුශ්‍යන්ට ලබා දුන් දෑ වෙනුවට ප්‍රති උපකාර ලැබුනේ එලෙසිනි... කිසිදාක මනුශ්‍යන් විශ්වාස නොකරන ලෙසට ඔහුට ජීවිත පාඩමක් ලැබුයේ ඇස අසල ඇති කැළල ජීවිත කාලෙටම ඔහුගේ මුහුණ විරූපි කරමින්ය... එදා පටන් ඔහු මනුශ්‍යන්ගෙන් ඈත් වී හන්‍යාන් කඳුවැටිය තුල හුදෙකලාවේ ජීවත් වන්නට විය..

MEOW MEOW || MYG ✔️Dove le storie prendono vita. Scoprilo ora