ග්‍රීස්ම කාලේ නිසාමදෝ දූවිලි අවුස්සගෙන ගියපු කාර්, වෑන්වල ඝෝෂාව හැමතැනකම ඇති කලේ නොසන්සුන් ස්වභාවයක්.. දූවිලි වලාවන් එක්ක එකතු වුන වාහන දුම් ඇස්වල වැදිලා දැවිල්ලක් ඇති කලේ නගරේ ස්වභාවය තවත් එපා කරමින්..
කොච්චර ලොකු තැනක ඉදියා උනත් මේ ලොකු නගරේ හෙලවෙන වාහන අතර මම නිකන් පොඩි කූඹියෙක් වගේ...
මම ගැන කියනවා නම් අනිත් අයගේ ඇසින් මම ජෝඩ්න් ස්ටෝම්...
සාමන්‍ය කොල්ලෙක් කියන වචනේ මට දාන්න විදයක් නෑ මම හිතන්නේ..
මාලිමාවක් නැතුව , නාවිකයෙක් නැතුව මුහුද මැද හිරවෙලා තියෙන නැවක් වගේ මම ඉදියේ මගේම ජීවිතේ හිරකාරයෙක් වෙලා..බේරිලා යන්න කොච්චර දැගලුවත් බේරිලා යන්න අමාරු උගුලක පැටලිලා මම..
දගලන්න දගලන්න වෙන්නේ මම තව තවත් ඒ උගුලේ පැටලෙන එක කියලා තේරුන දවසේ මම නිහඩ උනා... තාමත් ඒ යදම්වලට හැමතැනම වේදනාවෙන් කිලිපොලා ගියත් , නිශ්ශබ්දව ඉන්න මට සිද්ධවෙලා...
ජීවිතේ නැති කරගන්නවත් මේ ජීවිතේ ගැන තීරණයක් ගන්න මට අයිතියක් තිබුනේ නෑ.. තමන් හදපු කූඩුවක තමන්ම හිරකාරයෙක් වෙලා යතුරත් අතේ තියාගෙන ඒත් යතුර කරකවන්න ඕනේ මොන පැත්තට ද කියලා හිතාගන්න බැරුව ඉන්නකොට දැනෙන හැගීම ? ඒ හැගීම අසරණබව ද ? නැත්තන් තමන් ගැනම අනුකම්පාවද ? නැත්තන් ලේ නහර ඔක්කොම රත් කරගෙන එන තරහා ද ? එහෙමත් නැත්තන් මේ ඔක්කොම එකතු වුන තාමත් නිර්වචනයක් නැති හැගීමක්ද ? නිර්වචන නැති හැගිම් නම් කොච්චරක් කියලා මේ ලෝකේ ඇති ද ?
මම , මම ගැන මේ විදියට දැක්කට , පිටතින් ඉදන් බලන කෙනෙක් මම ගැන දැක්කෙ සම්පූර්ණ නිදහස් කෙනෙක් විදියට... ඇති වෙන්න හැමදේම තිබුන... කිසිදු අඩුවක් පාඩුවක් නැති ජීවිතයක්..
කාගේ ජීවිතේද අඩුපාඩු නැත්තේ ? කාගේ ජීවිතේ ද සම්පූර්ණ ? එයාලා හැමදාමත් කරන්නේ පිටින් බලලා කෙනෙක්ගේ ජීවිතය සම්පූර්ණයි කියලා තීරණය කරන එක... ඇස් , ඉස් , මස් , ලේ නහර තිබුනා කියලා.... එයා මනුස්සෙයක්ද ? රාක්ෂයෙක්ද මේවා නැද්ද ?
හැමදෙයක්ම පුහු බොළද තර්ක...
ලෝකේ ගොඩනගලාම තියෙන්නෙත් පුහු බොළද තර්ක එක්ක..
අතේ තිබුන තෙත්ගතිය එන්න එන්නම වැඩි උනා... අයිස්ඩ් ඇමරිකානෝ එකේ සීතල පේපර් කප් එක හරහා එලියට ඇවිත්.. දැන් ඇතුලේ තියන අයිස්ඩ් ඇමරිකානෝ එකත් පිටත රස්නෙම වෙලා ඇති.. හරි පුදුමයි නේද ? කොච්චර සීතල විදියට ඉදියත් වටේ තියන උෂණත්වෙට අනුවර්තනය වෙන්න ඒකට සිද්ද වෙනවා.. හරියක සමාජේ ජීවත් වෙන මනුස්සයෙක් සමාජෙට අනුවර්තනය වෙනවා වගේ....
ලෝකේ හැමදෙයක්ම නිශ්ඵල වෙන වෙලාවලුත් තියනවා.හැමදේම නිකම්ම දූවිල්ලක් වෙලා යනවානම් මටත් ඒ දූවිල්ලට මුහුවෙලා යන්න තිබුනා...හැමදේකේම පාටත් කවදාහරි නැතිවෙලා යනවා.. ඒත් ඒ නැතිවෙලා යන පාට එකතු වෙන්නේ කොහේට ද ? හිස් අවකාශයේ ගුරුත්වයක් නැතුව පාවෙනවා වගේ හැගීමක් දැනිලා තියනවද මීට කලින් ? ඒ අදුරු හිස් අවකාශේ මම විතරමයි...
ඒ තනිකම, අසරණකම, බය හැගීම්වල පාලනය නැති කරන්නේ අපි නොදැනුවත්වම වෙන්න පුළුවන්...
අපි අපේම හිත්වලම ගැලවෙන්න බැරි උගුලක හිර වෙන්න පුළුවන්..
මිස්ටර් ජෝඩ්න් ස්ටෝම්..
මගේ කල්පනාවන් හැම එකකට තිත තියමින් ඇහුන කටහඩට මම පියවි සිහියට ආවා..
ඒ කියන්නේ මට ආයේ යන්න වෙලාව ඇවිත්...
අතේ තිබුනු ඇමරිකානෝ එක එක හුස්මට බීගෙන බීගෙන ගියේ ඒකේ යන්තමින් රැදිලා තිබුන සීතල මගේ උණුසුම්ව තිබූ අභ්‍යන්තර ඉන්ද්‍රින් හරහා ගලායනවා දැනෙද්දි..
මගේ සෙකට්‍රි එක්ක මම බිල්ඩින් එකින් එළියට ආවේ සුපුරුදු විදියට දරාගන්න අමාරු ෆ්ලෑෂ් කිරණවලින් මාව නෑවිලා යද්දී,.. කවදද එහෙම නොවුනේ ? රටේම අංක 1 බිස්නස්මන් වෙන එක මගේ හීනේ උනත් ඒ හීනෙට ලගා වුන දවසේ ඉදන් මම පෙළඹුනේ ඒ හීනෙට වෛර කරන්න.. දැන් මේ හීනේ දැක්කට මම මටම වෛර කරගන්න තත්වෙට ඇවිත්...
කොහොමත් ඒකේ වෙනසක් නෑ...
කළු පාට වීදුරුවෙන් පිටත හැමදෙයක්ම මට හොදට පෙනුනට කළු පාට වීදුරුවෙන් ඇතලත ඉන්න මාව කාටවත් පෙනුනේ නෑ,.. කිසිම කෙනෙක් දකින්න උත්සහ කලෙත් නෑ,..
මම ජීවත් වෙන එක් තත්පරයක් ගානේම ,
මම ජීවත් වෙන කාලේ ඇතලත මගේ කකුලට
පෑගෙන හැම වැලිකැටයක් ගානේම , මම ගන්න එක හුස්මක් හුස්මක් ගානේම..
මම මටම වෛර කරගන්නවා...
ඒත් මට අයිතියක් නෑ මටම වෛර කරගන්නවත්..
තව දුරටත් මටම කියලා අයිති නැති ජීවිතයකට මම වෛර කරන්නේ කොහොම ද ?
මම මගේ හැගීම්වලම හිර වුන මෘගයෙක්...
මම කෙලින්ම කාමරේට ගියේ බෙල්ල හිර කරලා තිබුන ටයිපටිය ඇදලා අයින් කරමින්.. මම හිර වෙලා ඉදිය ගැටය එක්ක බලද්දී ටයිගැටය මොකක්ද ? එළියට එන්න දගලන හැම අවස්ථාවකම මම තව තවත් ඒ ගැටේම හිරවුනා..
ඉරිලා තිබුන ඇද ඇතිරිලි , කණ්ණාඩියේ තිබුන ඉරිතැලීම් ,
මේ හැමදෙයක්ම මට මතක් කලේ එක දෙයයි..
" තමුන් මෘගයෙක් ජෝඩ්න්... "
රත්වුන උල් කටුකම්බි දෙකක් කන ඇතුලින් දාලා අඹරනවා වගේ නළල ගාවින් දැනුන ඔළුව පුපුරන තරමේ වේදනාවට මම ඔළුවත් බදාගෙන එතනම බිමින් වාඩි උනේ තවදුරටත් හිටගෙන ඉන්න තරම් ශක්තියක් කකුල් දෙකට තිබුනේ නැති නිසා..
ඔළුවෙන් ආපු වේදනාවට හැමදෙයක්ම බොදවෙලා ගියේ මගේ දෑස් ඉදිරියේ අන්ධකාරයම විතරක් ඉතිරිකරමින්....
මගේ අත් කිටිකිටියේම ඔළුව වටේ තද වෙන විදියත් , වේළිලා තිබුන දෙතොල් වෙව්ලනවාත් මට දැනුනත් තව දුරටත් මගේ පාලනයෙන් ගිලිහිලා තිබුන ශරීරිය මට අවනත වුනේ නම් නෑ,. මට දැනුනේ මම ඒ අදුරේ හිර වෙනවා විතරයි.. ඒ අදුර මාව ගිලගත්තා... මාව බේරගන්න කව්රුත් එන්නේ නැතත් හය්යෙන් කෑගහන්න මට ඕන උනා..
මගේ දකුණු අතට අහුවුන මේසේ උඩ තිබුන පෝසිලේන් මල්වාස් එක මම වියරුවෙන් බිමට අතඇරියේ ඕක කරන්න එපා කියලා මගේම ඇතුලේ ඉදපු අසරණයෙක් හය්යෙන් කෑගහලා කියද්දී....ඇහැරිලා ඉදපු මෘගයාට නම් ඒක ඇහුන බවක්වත් පේන්න තිබුනේ නෑ...ඇතුලේ ඉදපු අසරණයා අනුකම්පා විරහිතව පාගලා දාපු මෘගයා නැගිටනවා මට දැනුනා...
බිදුනු වාස් එකේ වීදුරු අැගිලි අතරට හිරකරගත්ත මගේ අත් මගේ ඇග හරහා වීදුරු කටු ඇනගෙන ගියේ වේදනාව කියන්නේ මොකක්ද කියලත් මටම අමතක වෙද්දී,...
ඔළුව තව තවත් ඇදුම් කද්දී ඇගහරහා පසාරු කරගෙන ගියපු වීදුරු කටුව ඇගින් ඇදලා එළියට ගත්ත මෘගයා ඒකේ තැවරිලා තිබුන රතුපාට ලේ දිහා බලලා හිනාවුනේ සතුටින්... ඇගිලි අතර හිරවෙලා තිබුන වීදුරුකටුවට කැපිලා ගලපු ලේවල යකඩ සුවද මුසු වුන පුළුටු සුවදට මෘගයා ඉව කලේ සතුටින්... වේදනාවෙන් කෙදිරිගාන අසරණයාගේ තුවාලවලට මෘගයා මහහඩින් හිනාවුනේ තව තවත් ඇගපුරා තුවාල ඇති කරමින්..
එන්න එන්නම මගේ ශක්තිය අඩුවෙලා ගියේ මම දණින් ඇදගෙන වැටෙද්දී,...වීදුරු ගොඩ උඩම වැටුන මගේ දණිස් හරහා වීදුරු කටු පාසාරු කරගෙන යනවා මට නොදැනී දැනුනේ හිසින් ආපු වේදනාව මේ හැමදේටම වඩා ප්‍රබල උන නිසා... තවමත් දණහිසේ ඇමිණිලා දිගටම ලේ ගලමින් තිබුන පෝසිලෙන් කටුව අයින් කරන්නවත් මෘගයා ඉඩ දුන්නේ නෑ..
වේදනාව කියන්නේ මොකක්ද කියලා වෙනමම උගන්නන්න වෙයි වගේ... එයාගේ ලේ දැකීමෙන් මෘගයා තෘප්තිමත් උනා..
දොර ඇරගෙන ඇතුලට ආපු මේඩ්ගේ දිහාවට යොමුවුන මගේ බැල්ම මොනවගේ එකක් වුනාද කියන්න මම දන්නේ නෑ,..
මම පහළට වැටුනා..
තාමත් වැටෙනවා.....
නිමක් නෑ.... අදුර විතරමයි...
මම ආයේ අහන්නම් මොකක්ද මේ හැගීම ?
ඒ හැගීම අසරණබව ද ? නැත්තන් තමන් ගැනම අනුකම්පාවද ? නැත්තන් ලේ නහර ඔක්කොම රත් කරගෙන එන තරහා ද ? එහෙමත් නැත්තන් මේ ඔක්කොම එකතු වුන තාමත් නිර්වචනයක් නැති හැගීමක්ද ?
ඒ හැගීම මොකක් උනත්.. මම තවත් අදුරට වැටුනා.....
තවමත්.......
අදුරුයි..............
.
.
.
.
.
.
.
.
~ TO BE CONTINUED ~
_LED _