ONLY YOU ( Completed ☑️)

By kooziwang

6K 1.1K 407

දගකාර කෙල්ලො තුන්දෙනෙක් ... හැන්ඩ්සම් කොල්ලො තුන් දෙනෙක් .. ඒ හය දෙනා අතර එකතුවෙන එක්තරා කපල් එකක් 🌚. ඒ දෙන්... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 24
Chapter 25
--A/N--
Last Chapter
💕Only You Video 💕

Chapter 23

114 27 15
By kooziwang

Doh kyungsoo 's POV

At the police station :- 

අපි බලාගෙන හිටියෙ chanwook sir ගෙන් මොනා හරි දැනගන්න ලැබෙනකන්.  ටික වෙලාවකින් එයා මේ පැත්තටට ආවා.

" සර් මොනාහරි හොයාගත්තද ? " ( වොල්හා )

" සොරි , අපට මේකෙන් මොකුත් හොයාගන්න බෑ. මට හිතෙන්නෙ ඒ ෆෝන් එකට ඩැමේජ් වෙලා . සොරි "

" මොකුත්ම හොයාගත්තෙ නැද්ද ? "

" සොරි , ඒත් බය වෙන්න එපා. අපි එයාව හොයාගන්න උපරිම උත්සාහ දරනවා. "

" හැමදාම ඕක්නෙ කියන්නෙ . ඔයාට එයාව හොයාගන්න බෑ. "

" ක්‍යුන්ග්සූ කලබල වෙන්න එපා " ( වොල්හා )

" තේරුම්ගන්න. අපට මිනිස්සු හොයන්න විශේෂ බලයක් එහෙම නෑනෙ. අපිත් මිනිස්සු . "

" තේරෙනව සර් . " ( වොල්හා )

" ඒකනෙ . ඔයාල උත්සාහය අත අරින්න එපා. අපි අත අරින්නෙත් නෑ. "

" හරි . සොරි කලින් කලබල උනාට "

"ඒකට කමක් නෑ . මට තේරෙනව ඔයා ඉන්න situation  එක "

අපි එතන ඉන්නකොට තව entry  එකක් දාන්නද කොහෙද ගෑනු කෙනෙක් ආවා. මම එයාට වැඩිය අවදානයක් දුන්නෙ නෑ. ඒත් මට එයා කියපු දේ ඇහුනා.

" සර් මට දෙයක් කියන්න තියෙනව " (unknown women )

" ඔව් කියන්න "

" අපේ ගෙවල් හරියෙ ඉස්සර වහල දාපු ගෙයක් තිබුනා. ඒකට කවුරුත් මේ වෙනකන් ආවෙ නෑ. ඒත් මේ ලගකදි ඉදන් ඒකට කවුද එන්න ගත්තා. ඒක ඇතුලෙන් එක එක සද්ද ආවා. හැබැයි එයා එතන නවතින්නෑ. දවසට දෙතුන් වතාවක් ඇවිල්ලා යනව. මට සැක හිතුනෙ මේකයි. එයා හැමදාම කලු ඇදුමක් ඇදගෙන මාස්ක් එකකුත් දාගෙන තමයි එන්නෙ "

" ඉතින් දැන් ඔයා එයාව සැක කරන්න මොනා හරි සාක්ෂි තියෙද "

" එහෙම සාක්ෂියක් නම් නෑ. හැබැයි මම අද දැක්කා එයා කවුද ගෑනු ලමයෙක්ව අරගෙන කාර් එකෙන් යනවා. ඒ ගෑනු ලමයට සිහිය තිබ්බෙ නෑ මට හිතෙන්නෙ. එයා උස්සගෙන තමයි ගියෙ "

" ක්‍යුන්ග්සුයා ඒ ස්‍යෝ ජින් වෙන්න බැරිද 😥" ( වොල්හා ) 

" කොහොමද එහෙම වෙන්නෙ "

" බැරි වෙලාවත් එහෙම උනොත් . "

වොල්හා ඒ ගෑනු කෙනා ගාවට ගිහිල්ල එක එක ප්‍රශ්න ඇහුවා.

" අජුම්මා. ඒ ගෑනු ලමයව ඔයා හොදට දැක්කද . එයා මොන වගේ ඇදුමක්ද ඇදන් හිටියේ "

" මම දැක්ක විදිහටනම් ඒ ලමයා කහ පාට ගවුමක් ඇදන් හිටියේ "

" ක්‍යුන්ග්සුයා  😐. ස්‍යෝ ජින් එදා ඇදන් හිටියෙ කහ පාට ගවුමක්ද ?"

" ස්‍යෝ ජින් එදා .. 🤔🤔🤔.ඔව් ඔව් කහපාට ගවුමක් තමයි "

දැන්නම් මටත් ටිකක් ඒ ගෑනු කෙනාගෙන් විස්තර දැනගන්න උනන්දුවක් ආවා.

" අනේ සර් 😐. ඒ ස්‍යෝ ජින් වෙන්න පුලුවන්  . ඒ ගැන පොඩ්ඩක් හොයන්නකෝ "

" අපි කොහොමද දන්නෙ ?"

" දන්නැති නිසා තමා හොයන්න කියන්නෙ 😑. ඒ ස්‍යෝ ජින් වෙන්න පුලුවන් "

" අජුම්මා ඔයාට පුලුවන්ද අපිව ඒ ගෙදරට එක්කන් යන්න "

" ඔව් මට පුලුවන් "

" ලමයි ඔයාල තනියමද යන්න හදන්නෙ "

" ඔයා එනවද සර් 🙄" ( වොල්හා )

"ඔයාලව තනියම යවන්න බෑ. ඉන්න මමත් එන්නම් "

Chanwook  sir  තව දෙන්නෙක් එක්ක අපිත් එක්ක ආවා. අජුම්ම පාර පෙන්නපු විදිහට අපි ඒ ගෙදරට ගියා . හරිම පාලු තැනක් . අනේ ඒ ස්‍යෝ ජින්ද 😥. එයා මේ වගේ තැනක මෙච්චර දවස් 😖. අනේ මගේ ස්‍යෝ ජින් හොදින් ඇති නේද 😖.ස්‍යෝ ජින් 😥 බය වෙන්න එපා මම ඔයාව ඉක්මනටම හොයාගන්නව 😖.

" සර් මේක තමයි ඒ තැන "

" මේ තැන හරිම පාලු තැනක් නෙ "

" අනේ අර මිනහ ස්‍යෝ ජින්ව මෙතනද හිර කරන් ඉන්නෙ 😖" ( වොල්හා )

" අපි තාම දන්නෙ නෑනෙ ඒ ස්‍යෝ ජින්මද කියල. "

මම එහෙම කිව්වට මටත් ගොඩක් බයයි 😒😖. 

" අපි ගෙදර ඇතුලට ගිහින් බලමු " ( chanwook )

අපි chanwook  sir  එක්ක ඒ ගෙදර ඇතුලට ගියා. ඇතුල කුනු ගොඩක් වගේ. වගේ නෙමේ ඇතුල මහ කුනු ගොඩක්.
එතන බාගෙට වහල තිබ්බ කාමරයක් තිබ්බා. Chanwook sir ඒ දොරට පයින් ගහල ඒ දොර ඇරියා. ඒ කාමරෙත් කියල වෙනසක් නෑ , කුනු ගොඩක් 🤮.

" සමහරවිට මේ කාමරේ වෙන්නැති එයා  ඒ කෙල්ලව හිර කරල තියාගන්නැත්තේ " ( chanwook )

" මෙතන 😐 ස්‍යෝ ජින්ව මෙතන හිර කරල . ඔය මිනිහට මම "

" හරි අපි දන්නෑනෙ ඒ ස්‍යෝ ජින්මද කියලා. අපි මෙතන ටිකක් හොයල බලමු "

එයා එයාගෙ අනිත් දෙන්නත් එක්ක ඒ කාමරේ මොනා හරි දෙයක් තියෙනවද කියල හොයන්න ගත්තා.

මම ටිකක් වටපිට බැලුවා. මට බිම බැලුවම එතන චේන් එකක් තියෙනව දැක්කා. ඒක ටිකක් දැකල පුරුදුයි. මම ඒක අතට අරගත්තා.

" මේක...🤔.. 😮 ඔව් මේක තමයි ඒක.!!!"

" මොකද්ද ක්‍යුන්ග්සූ  👀" ( වොල්හා )

" මොනාද හම්බුනේ "

" මේ..මේ චේන් එක 😐. මේක ස්‍යෝ ජින්ගෙ 😐"

" කෝ 😐"( වොල්හා )

" ඔව් සර් 😞 මේක ස්‍යෝ ජින්ගෙ තමයි. සර් ඒ කියන්නෙ ඒ ස්‍යෝ ජින් තමයි ... ස්‍යෝ ජින් 😖" ( වොල්හා)

" හරි හරි බය වෙන්න එපා . මිස් මිස්ට තව මොකුත් මතක නැද්ද . මෙයා කොහෙටද එයාව අරන් ගියේ "

Chanwook  sir අපට පාර පෙන්නපු අජුම්මගෙන් ඇහුවා.

" අනේ සර්, මට එහෙම ලොකු දෙයක් නම් මතක නෑ. අද  එයා ඒ ගෑනු ලමයව කාර් එකක දාන් අරන් ගියා "

" මිස්, මිස්ට බැරි වෙලාවත් ඒ කාර් එකේ අංකෙ  මතකද "

" අනෙ මම ඒකනම් දැක්කෙ නැහැ "

" හරි කාර් එකේ පාට මොකද්ද ?"

" රතු පාට කාර් එකක් "

" හරි කුමාවෝ මිස් "

" අජුම්මා  😞 චොම්මල් කුමාවො අජුම්මා . ඔයා අපට ලොකු උදව්වක් කලේ "

මම ඒ අජුම්මට තෑන්ක්ස් කලා. ඇත්තටම ඒ අජුම්ම නැත්තන් ස්‍යොඉ ජින් හිටපු තැනක්වත් අපි හරියට දන්නෑ.

Min soo ah's POV 

ජින්ගු ස්‍යෝ ජින්ට මොනා කරලද දන්නෑ 😐. අනේ ඉතින් මට මොකටද එයාට මොනව උනත්. මම හිතුව අද එතනට යන්න. මම ටිකක් දවල් වෙලා එතනට ගියා . එතනට යනකොට එතන ටිකක් අමුතුයි . ගොඩක් කට්ටිය එතන හිටියා. එතන එලියෙ ආන්ටි කෙනෙක් හිටියා. මම ගිහිල්ල එයාගෙන් විස්තරේ ඇහුවා.

" අජුම්මා ,මෙතන මොකද්ද වෙන්නෙ ?"

ඒ අජුම්මා මට සේරම විස්තරේ කිව්වා. දැන් ඔක්කොම ඉවරයි එයාල අහුවෙලාද ? 😮. ජින්ගු ඔප්පට කතා කරල බලන්න ඕන . මම එයාට කෝල් කලා.

" යොබුසෙයෝ "

" යොබුසෙයෝ ඔප්පා. ඔයා දැන් කොහෙද ඉන්නෙ 😐"

" මම ඉන්නෙ මගේ ගෙදර "

" ගෙදර ? එතකොට ස්‍යෝජින් ?"

" එයත් මමත් එක්ක ගෙදර . මම එයාව මෙහෙටගෙනාවා . මට ඒක ලේසී"

" ඔප්පා . ඔයා එයාව කලින් හංගං හිටපු තැන දැන් මම ඉන්නේ "

" ඉතින් 🙄"

" එතනට පොලිසියෙන් ඇවිල්ලා  . "

" ඒ කොහොමද 😐"

" මේක ගැන කියල තියෙන්නෙ . ලග හිටපු නැන්ද කෙනෙක්. "

" නැන්ද කෙනෙක් ? "

" ඔව් . එයාගෙන් තමයි මම ඔක්කොම අහගත්තේ 😐"

" කවුද ඒ අජුම්මා 😡"

" ඔයා හිටපු තැන ලග ගෙදරක කෙනෙක් "

" ගොඩක් වයසද 😏"

" නෑ .. ඇයි 😐"

" නෑ.. මට හිතෙන්නෙ එයාගෙ ආයු කාලෙ ඉවරයි. බායි මම තියනවා "

" මොකද්ද කරන්න යන්නෙ?? ඔප්පා .. යොබු 😑 අහ් ජින්චා , එයා මොනාද කරන්න හදන්නේ 😐"

Yeo jingoo's POV 

අපි කලින් හිටපු තැන පොලීසියෙන් හොයාගෙන . ඔත්තුව දීල තියෙන්නෙ ලග ගෙදරක නැන්ද කෙනෙක් 😏. හහ් 😏 එයා ජීවත් වෙන්නෙ අද විතරයි .

මම එයාව අද මරනවා . මොකද තව මොනව කියයිදදන්නෑ . ඔෆ්ෆ් පව් අසරන ජීවිතේ 😒. ඒත් ඉතින් මොනා කරන්නද නේද 😒.

ගොඩක් හවස් උනා. දැන් අර අජුම්මට මේ ලෝකෙන් යන්න ඕන කාලෙ ලං වීගෙනයි එන්නෙ 😏. මම මගේ කලු කෝට් එකයි කලු තොප්පියයි දාගත්තා.මුලු ඇගම කවර් කරගත්තා. මම මගේ කාර් එකේ නැගල එහෙට ගියා. 

මේ හරිය හරිම පාලුයි නෙ. කොහෙද ගෙයක් තියෙන්නෙ 👀.

මට ටිකක් ඇතුලට වෙන්න තිබ්බ පොඩි ගෙයක් හම්බුනා. මේකෙ වෙන්නැති එයා ඉන්නෙ. මම ගිහිල්ල දොරට තට්ටු කලා. දොර ඇරියෙ මැදි වයසෙ විතර ගෑනු කෙනෙක්.

මේ එයා වෙන්න ඕන.

" අන්‍යොන්හසෙයෝ "

" මේ සර් මොකටද ? "

" මම පොලීසියෙන් . ඔයා නේද අර ගෙදර ගැන පොලීසියට කිව්වෙ "

" ඔව් මම තමයි සර් . එන්න සර් ඇතුලට "

ඕ ඔයා මට වැඩේ තවත් ලේසි කරනවා 😏.

" මොනවද සර් දැනගන්න ඕන "

" මුලින් කියන්නකෝ. ඇයි මේ වගේ පාලු පැත්තක ගෙදරක ඉන්නෙ. මේ අහල පහල කිසිම ගෙයක් නෑ "

" මේ පැත්තෙ ඉස්සර ගෙවල් තිබ්බ සර් . ඒත් ඒ ගොඩක් අය වෙන පලාත් වලට ගියා. සමහරු රට ගියා. මමනම් මෙහෙමයි 😁"

" ඇයි ඉතින් ඔයත් වෙන පලාතකට ගියෙ නැත්තේ "

මම ඒක ඇහුවෙ ටිකක් වෙනස් හඩකින් .

" ඇ..ඇයි සර් ? "

" නෑ නිකන්. මට වතුර එකක් බොන්න පුලුවන්ද ?"

" හා ඉන්න සර් මම ගේන්නම් "

එයා වතුල ගේන අතරෙ. මම එතන තිබ්බ බිත්තිය ගාවින් හැංගුනා. මගේ පිහිය එලියට ගත්තා.  එයා වතුර එකත් අරගෙන ආවා.

" සර් ඔයා කො.....අහ් 💔 ස්...ස්...ස..සර්... 😖"

" මම පොලීසියෙ කෙනෙක් නෙමේ . මම තමයි ඒ ගෙදර හිටපු පිරිමි කෙනා. ඇයි ඔයා මම ගැන ඔත්තු දුන්නේ . ආ "  .

මම එයාට තව පාරක් ඇන්නා 💔. දැන්නම් එයා ඉන්නෙ අන්තිම හුස්ම ටිකෙන්.

" ම්..ම....මම 😖 මම .......................................................................... 💔

එයා මැරුනා . සමාවෙන්න  . මට මේක කරන්න උනා . ඔයාමයි විහින් මේ දේ කරගත්තේ .

මන එයාව එතන දාලා එහෙන් ආවා. එලියට ආවම මට සූ අහ් ගෙන් කෝල් එකක් ආවා.

" මොකද 😑"

" ඔප්පා. ඔයා කොහෙද මොනාද කරන්නෙ "

" මැරුවා. 🙂 මම්ම් එයාව මැරුවා "

" කාවද ???"

" ඒ අජුම්මව "

" අහ් ඔප්පා ඔයා "

" මම දැන් ගොඩක් තරහින් ඉන්නෙ.ඒ නිසා මම තියනවා . 🙂"

මම ආයිමත් මගේ ගෙදර ගියා.

......................................................................

Hi readers

අනේ සොරි ගොඩක් පරක්කුයි නේද 🙂.
කිව්වනෙ ඉතින් පරක්කු වෙනව කියල.

ඊලග එකත් දෙන්නම් . හැබැයි ඉක්මනට නෙමෙ 😂.

ඊලග එකෙන් හම්බෙමු 😁

උම්මා😘

Continue Reading

You'll Also Like

812 141 5
Taekook Top kook⬆️ Bottom Tae⬇️ werewolf love story😘 Smut warning🔞 Male pregnant😇
747K 27.5K 102
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
553K 8.5K 85
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
1M 40.6K 93
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...