අග්නි✔️

By Oreo_Bambi

81K 14.3K 3.2K

"මං දන්නෙ එක දෙයයි..කුක්ලට් කියන්නෙ ගෑණු වහ වැටෙන ජාතියෙ පිරිමියෙක්..."🔥 More

Chapter 01🔥
Chapter 02🔥
chapter 03🔥
Chapter 04🔥
chapter 06🔥
Chapter 07🔥
Chapter 08🔥
Chapter 09🔥
Chapter 10🔥
Chapter 11🔥🔞
Chapter 12🔥
Chapter 13🔥
Bonus Chapter 🔥
Chapter 14🔥
Chapter 15🔥
chapter 16🔥
Chapter 17🔥
Chapter 18🔥
Chapter 19🔥
chapter 20🔥
chapter 21🔥
chapter Trigger 😁🔥
chapter 22🔥
chapter 23🔥
Chapter 24🔥
last chapter🔥 (pt01)
Last Chapter pt02🔥
Announcement !!!

chapter 05🔥

2.5K 539 98
By Oreo_Bambi

ගොඩක් ස්තූතියි ❤️







කුක්ලට් මාව ඇදගන ආවෙ හරියට මරන්න ගෙනියන හරකෙක් ඇදගන එනවා වගේ.. මාත් ඉතින් පොලෝ මට්ටමෙන් අඩි ගානක් උඩින් පාවි පාවි ආවා..ඒ යන අතරමගදි මගෙ කකුලෙ සුලැගිල්ල බිත්තියෙ කොනක වැදුනත් මං කාගනම හිටියෙ කුක්ලට් හිටිය මූඩ් එක ඒතරම් හොද නැති හින්දා..

කුක්ලට් මාව කාමරේට තල්ලු කරලා දඩාං ගාලා දොරත් වහලා මගෙ දිහාට හැරුනා.. ඒ වෙලාවෙ මට දැනුන බය කොච්චරද කියනවනම් මට හුස්ම ගන්නත් බැරිවුනා.. ඒ තරම් බයහිතෙන විදියට එයා මං දිහා බලාගන හිටියෙ..කුක්ලට්  මං දිහා මරන්න තරම් කේන්තියකින් බලන් ඉදලා අඩියට දෙකට මං ගාවට ආවා.. බය වැඩිකමට මට හෙල්ලෙන්නවත් සිහියක් තිබ්බෙ නෑ..

"තමුසෙට කියන දේ කරන්න බැරිද? ඒතරම් ලොකුකමද තමුසෙගෙ! ආ????"

කුක්ලට් මගෙ අත්දෙකේ උඩ හරියෙන් මිරිකලා අල්ලන ගමන් මං දිහා බලාගන කෑගැහුවා.. ඒ ඇස් තැබිලි පාටින් දිලිසෙනවා.. මං තප්පරේකට ඒ ඇස් දිහා බැලුවා.. හිතේ තිබ්බ බය නැතිවෙලා ගියා වගෙයි දැනුනෙ.. මං හිටියෙ ඒ ඇස් වලට වශී වෙලා වගේ.. මං දිගටම කලේ ඒ ඇස් දිහා බලාගන හිටිය එක..

"ජෝ.... තමුසෙට මං කියන ඒවා ඇහෙන්නැද්ද? කියනවා ඇයි කිව්ව දේ කලේ නැත්තෙ??!"

කුක්ලට් ගෙ කෑගැහිල්ල වැඩිවෙනවත් එක්කම මං හොද සිහියට ආවා.. ඒ එක්කම මට ආවෙ කේන්තියක්.. මෙයාලට උදව් කරන්න කැමති වෙලා මං මොකටද තව බැනුමුත් අහන්නෙ.. අනික මට තේරිලා තිබුනෙ කුක්ලට් මේ වගේ හැසිරෙන්නෙ ඇයි කියලා..

මොකද එයාවත් මමවත් අපි දෙන්නට දෙන්නා ආදරේ කරන්නෑ.. ඉතින් මං එයාගෙ ෆ්ලේම් උන එකෙන් එයා ගෙවපු ජීවිතේ එයාට නැතිවෙයි කියලා හිතෙනවා ඇති.. කුක්ලට් හුගක් ම කේන්තියෙන් ඉන්නෙ මං වගේ කෙනෙක් එයාගෙ ෆ්ලේම් උන එකට කියලා මට ඒක අහපු වෙලේ ඉදන් හිතුනා..

මං පුලුවන් තරම් හයියෙන් අත්දෙක ගසලා කුක්ලට් ගෙ අත් දෙක මගෙ ඇගෙන් අයින් කරලා එයා දිහා කෙලින් බැලුවා.. ඒ ඇස් කේන්තියෙන් දිලිසෙනවා.. ඒ ඇස් දිහා බලාගන ඉන්නකොට මට මාව අමතක වෙනවා වගේ දැනෙන හින්දා මං ඒ ඇස් මගඇරල කතාව පටන් ගත්තා..

"මේ අහනවා කුක්ලට් !! ඔයා කිව්වා කියලා මං බෑ කියන්නෙත් නෑ ඔයා කරන්න කිව්වා කියලා මං හා කියන්නෙත් නෑ.. අනික එයාලා දිහා බලාගන මට බෑ කියන්නත් බෑ... ඔයාලට ඔයාලගෙ ලෝකෙට යන්න පාර හොයාගන්නකල් මට මෙහෙ ඉන්නනෙ තියෙන්නෙ.. ඉතින් මං ඉන්නම්.. කොහොමත් මං වගේ අනාථ කෙල්ලෙක්ට දැන් පව්ලක් ලැබිලා කියලයි මට දැනෙන්නෙ.. ඉතින් මං මේක කරන්නෙ සතුටින්.."

මං කියන දේ ගිනි පුපුරු ගහන ඇස් වලින් බලාගන හිටිය කුක්ලට් කතාව ඉවර වෙනවත් එක්කම මහ නෝන්ඩි හිනාවක් කට කොනකට ගත්තා.. ඒක දැක්කාම මට දැනුනෙ ලොකු කේන්තියක් වගේම දුකක්.. මං හොදම යාලුවා කියලා හිතාගන හිටිය කෙනා මෙහෙම හැසිරෙන එක මට දරාගන්න බෑ..

"අ.. අනික මේකත් අහගන්න කුක්ලට් ... මං හොදටම දන්නවා ඔයා මට ආස නෑ කියලා.. මාත් ඔයාට ආස නෑ.. ඔයා මට ආදරේ නෑ.. මාත් ඔයාට ආදරේ නෑ.. අපි යාලුවො වගේ හිටියෙ.. ඔයාගෙ හැසිරීමෙන් මට හිතෙන්නෙ දැන් ඒකත් නෑ වගේ... anyway ... මං ඔයාගෙ ෆ්ලේම් උනා කියලා ඔයා කලබල කරන්න ඕනි නෑ. ඔයා ගෙවපු ජීවිතේ ඔයාට ගෙවන්න පුලුවන්.. මං ඔයාගෙ ෆ්ලේම් උනේ ඔයාලට ඔයාලගෙ ලෝකෙට යන්න උදව් කරන්න කියලා ඔයා හිතාගන්න... මට ඔයාගෙන් කිසිම විශේශ සැලකිල්ලක් අවශ්‍ය නෑ.. කලින් වගේ ඔයා කෙල්ලො එක්ක ඉන්න.. මොකද මටත් ඔයා ගැන ලොකු විශේශ හැගීමක් නෑ.. මං වගේ නිකම්ම නිකන් කෙල්ලෙක් ඔයාගෙ ෆ්ලේම් උන එකට ඔයාට ලැජ්ජ නම් මට සමාවෙන්න.. මං හිතලා කරපු දෙයක් නෙවෙයි ඒක.. අනික ඔයාල මේ ලෝකෙන් ගියාට පස්සෙ කොහොමත් අපි ආයෙ මුණගැහෙන්නෑ නෙ.. so don't make a big issue😊"

මං කියෝගන ගිය හැම වචනයක් ම කුක්ලට් හුගක් නිහඩව අහගන හිටියා.. මූණෙ කිසිම ඉරියව්වක වෙනසක් නොවුනත් ඒ ඇස් වල තාමත් දිස්නෙ ගහන තැබිලි පාට තිබුනා..  මං කිව්ව දේවල් ඇත්තද බොරුද කියන්න මං දැනගන හිටියෙ නෑ.. ඒත් මං එහෙම කිව්වෙ කුක්ලට් මං එයාගෙ ෆ්ලේම් උන එක ගැන හිතේ කණගාටුවෙන් මෙහෙම හැසිරෙන එක නවත්තන්න ඕනි හින්දා..

මං අන්තිම වචන ටික කියනවත් එක්කම කුක්ලට් එකපාරට මාව තල්ලු කරගන තල්ලු කරගන ගිහින් බිත්තියට තියලා තද කලා.. උන දෙයින් මං ගැස්සුනත් මං හිටියෙ බිම බලාගන.. කුක්ලට් මාව ගිනිතියලා දායිද කියලා එක තප්පරේකට මට හිතුන හින්දා මගෙ කකුල් දෙකත් පණ නැති උනා.. මොනා වුනත් මං ඒ ඇස් දිහා නොබලා ඉන්න පරිස්සම් උනා..මොකද මට නොතේරෙන මොකක්දෝ දෙයක් ඒ ඇස් වල තියනවා..

"තමුසෙගෙ පණ්ඩිතාකම් වලින් මට වැඩක් නෑ..! මට හ්‍යුන්ලා කියන ඔය ෆීනික්ස් ලෝකෙ මතකත් නෑ. මට එහෙ යන්න ඕනිත් නෑ..!අනික තමුසෙ හිතනව නම් ෆීනික්ස් රාජ්‍යට යන්න ඔයාට කරන්න තියෙන්නෙ අපි එක්ක ඉන්න එක විතරයි කියල තමුසෙ මහ මෝඩයෙක් ජෝ!! තමුසෙ තියා අපිවත් දන්නෙ නෑ මානය විවෘත කරන්න මොනාද කරන්න ඕන කියලා!"

කුක්ලට් ඒක කියලා ඉවර වෙනවත් එක්කම මං එයාගෙ මූණ දිහා බැලුවා.. එයා තාමත් ඉන්නෙ හුගක් තරහින් මං දිහා බලාගන..

"ඇ..ඇයි ඔයාට ඔයාගෙ ලෝකෙට යන්න ඕනි නැත්තෙ?"

මං ඇහුවෙ ඇත්තටම මට පුදුම හිතුන හින්දා.. ඇයි මෙයා මෙහෙම හැසිරෙන්නෙ..

"මොකද මට එහෙම ලෝකයක් මතක නෑ.. මට මතක මෙහෙ.. මං දන්න කාලෙ ඉදන් ඉන්නෙ මේ ලෝකෙ.. අනික... අනික තමුසෙට..."

කුක්ලට් කියන්න ගිය දේ ගිලගන මං දිහා බලාගන හිටියා.. මං බලන් හිටියෙ එයා ඉතුරු ටික කියනකල්..ඒත් කුක්ලට් ට ඒක කියන්න උවමනාවක් තියනවා කියලා පෙනුනෙ නෑ.. එයා දිගටම මං දිහා බලාගන හිටිය එකයි කලේ..

තවත් කියන්නවත් අහන්නවත් දෙයක් නැති හින්දා මං එතනින් යන්න හැදුවත් කුක්ලට් මාව ඇදලා අරන් ආයෙම බිත්තියට තදකලා..

"ම්..මොකද්ද ඔයාට වෙලා තියෙන්නෙ?? මාව අතාරින්න කුක්ලට්..."

මං කොච්චර දැගලුවත් කුක්ලට් කලේ තවත් මාව බිත්තියට තියලා තදකරපු එක.. එයා එයාගෙ පපුව ගැහෙන වේගෙ දැනෙන තරමටම මට ලංවෙලා හිටියෙ... මොනා කරන්නද කියලා හිතාගන්න බැරුව මං හෙල්ලෙන්නෙවත් නැතුව ඒ මූණ දිහා බලන් හිටියා..

කුක්ලට් එයාගෙ එක අතක් මගෙ උරහිසෙන් අයින් කරලා මගෙ කම්මුලෙන් තිබ්බා.. ඒ අත හුගක් උණුසුම්.. මගෙ ඇස් එක තප්පරේකට ඉබේටම පියවුනා ඒ උණුසුමට.. මං ආයෙ ඇස් අරිනකොට එයා මං දිහා බලාගන හිටියෙ.. ඒ මූණෙ යන්තන් හිනාවක් ඇදිලා තියනවා දැක්කාම මට ලොකු සතුටක් දැනුනා.. ඒ ඇයි කියන්න මට තේරුනේ නෑ..

"එක්කො තමුසෙ මෙහෙ ඉන්නවා"

කුක්ලට් මගෙ ඇස් දෙක දිහා මාරුවෙන් මාරුවට බලන ගමන් එහෙම කියලා එකපාරට හැරිලා කාමරෙන් එලියට ගියා... උනේ මොකද්ද කියලා හිතාගන්න බැරුව මං හීන ලෝකෙක අතරමං වෙලා එහෙම්ම හිටගන හිටියා

><


දවස් දෙක තුනක් යනකල් කැම්පස් නොගිහින් ගෙදර ඉන්න කියලා නම්ජූන් ඔප්පා කිව්ව හින්දා මං හිතේ කොනක පොඩි අකමැත්තක් තිබ්බත් ගෙදර හිටියා.. පුදුමෙ කියන්නෙ කුක්ලට් මේ දවස් තුනේම කැම්පස් ගිය එක..

එයා මාව දකිනවට ආස නැතුව ඇති ඒකනේ මං ගෙදර ඉද්දි එයා කැම්පස් යන්නෙ..

මටත් ආසාවක් තිබ්බා කට්ටියව ටිකක් අදුනගන්න.. ඒකමයි මං බෑ නොකියා නැවතුනෙ.. ඩාශා ඔන්නි එක්ක ගිහින් ඇදුම් අරගන ආවෙ ආයේ අපාර්ට්මන්ට් එකට යන්න ඕනි නෑ කියල ජින් ඔප්පා කිව්ව හින්දා

මේ ටික දවසට මට තේරුම ලොකුම දෙයක් තමයි ජිමින් ඔප්පා ඩාශා ඔන්නි එක්ක හුගක් ලග ආශ්‍රයක් නෑ කියන එක.. ඒත් ඔන්නි නම් ඔප්පට හුගක් කැමති.. එයා වචන දහයක් කිව්වොත් නවයක්ම ජිමින්!

අදත් පුරුදු විදියටම කුක්ලට් මං නැගිටින්නත් කලින් කැම්පස් ගිහින්.. මං වොශ් දාගන පහලට එනකොට දැක්කෙ කුස්සියට වෙලා වතුර බිබී ඉන්න ජිමින් ඔප්පාව.. ක්ශනිකව හිතට ආපු කුතුහකයක් හින්දා මං ටක්ගාලා කුස්සියට ගිහින් ජිමින් ඔප්පගෙ එහාපැත්තට වෙලා හොදට කන දීගන හිටියා..

"මොනාද බලන්නෙ"

වතුර කෝප්පෙත් අතේ තියාගන ජිමින් ඔප්පා මගේ පැත්තට හැරුනා..

"න් නෑ.. මේ ...ජිමින් ෂි..  චුස් ගාන්නැද්ද??"

"චුස්???"

"ඔව් චුස්....?"

"මොන චුස් ද?"

ජිමින් ඔප්පා මං දිහා බලාගන හිටියෙ මේකි මොන අන්ඩරදෙමලයක් ද මේ කියන්නෙ වගේ..

"න් නෑ.. මේකයි.. ගින්දරට වතුර වැටෙද්දි චුස් ගානවනේ.. ඉතින් මං ඒකයි බැලුවෙ ඔයාලා වතුර බොනකොටත් චුස් ගාලා ඇහෙනවද කියලා.. නෑ නේද.."

මං එහෙම කිව්වාම ජිමින් ඔප්පාට බිබී හිටපු වතුර එකත් හිරවුනා.. මං දඩබඩ ගහලා පිටට  ගැහුවෙ නැත්තම් හිරවෙලා මැරෙනවා.. කැහැලා කැහැලා ඉවරවෙලා.. මහහයියෙන් හිනාවෙවීම ඔප්පා දනිස් දෙක නවලා බිමින් ඉදගත්තා

"මොකද මොකද මේ...?"

මදිපාඩුවට ටේහ්‍යුන් ඔප්පත් කුස්සියට ආවා.. දැන් ඉතින් ජිමින් ඔප්පා මං අහපු කතාව මෙයාටත් කියයි...

"යා...ටේහ්‍යුනා.. හම්බෝ !!!!"

"මොකෝ මේ?? ඉයුන් ජෝ? මොකද උනේ?"

"න් නෑ ටේහ්‍යුන් ෂි... මේකයි මං...."

ටේහ්‍යුන් ඔප්පා අහපු එකට මට උත්තර දීගන්න බැරිවුනේ ජිමින් ඔප්පා ටේහ්‍යුන් ඔප්පාට වාරු වෙලා නැගිටලාත් හිනාවෙන්න ගත්ත හින්දා.. මං කටවහගත්තෙ ජිමින් ඔප්පා කොහොමත් හිනාව නවත්‍ත ගත්ත ගමන් ඕක කියනවා කියලා දන්න හින්දා..

"යා..මොකද ජිමිනො තනියම හිනාවෙන්නෙ..මටත් හිනාවෙන්න ඕනි!!! මටත් කියනවකෝ"

"අම්බෝ ටේ..! ම්..මං වතුර බිබී ඉද්දි  ඉයුන් ජෝ අහනවා චුස් ගාන්නෑ නේද ජිමින් ෂි කියලා!"

"චුස්?? මොන කුනුහරපයක් ද ඒ?"

"මාත් ඇහුවා මොකද්ද චුස් කියලා.. ගින්දර වලට වතුර වැටෙද්දි චුස් ගාන හින්දා අපි වතුර බොනකොටත් චුස් ගායි කියලලු හිතුවෙ"

ඒක ඇහුනා විතරයි ටේහ්‍යුන් ඔප්පාගෙ කටෙන් පෘස් ගාලා කෙලත් එක්කම හිනාවක් පැන්නා.. ඊටපස්සෙ එයා මං දිහා බැලුවෙ තනිකරම සර්කස් එකක ජෝකර් කෙනෙක් දිහා බලනවා වගේ.. මං ඉතින් ගොන් බැල්මක් දාගන හිනාවුනා.. මොනා කරන්නද ගොන් ප්‍රශ්න ඇහුවනම් විදෝපං ඉයුන් ජෝ කිව්වලු..

"යා.. ඉයුන් ජෝ.. ඔයානම් ගොන් ගහක් අප්පා!!"

ටේහ්‍යුන් ඔප්පා මගෙ ඔලුවට ටොක්කක් අනින ගමන් එහෙම කිව්වාම මගෙ මූන සතපහ වගේ උනා.. ඔහොම මූනටම කියනවද අනේ ඕවා..

"යා... එහෙම කියන්නෙපා ... ඉයුන් ජෝ අපිටම ගැලපෙනවා.. තව ඩිංගෙන් චුස් නෙවෙ හුචස් තමා මට වතුර ටික හිරවුනානම්!"

ජිමින් ඔප්පාගෙ ඇස්වල කදුලුත් පිරිලා හිනාවෙලා වැඩිකමට.. මටත් හිනාගියා අන්තිමේ කිව්ව කතාවට..

"ඉයුන් ජෝ... අපි ෆීනික්ස් ලා උනාට ඇග ඇතුලෙන් හුගක් මිනිස්සුන්ට සමානයි.. අපේ බලය තමා ඔයාලට වඩා වෙනස්.. ඒ හින්දා අමුතුවව අපි ගැන හිතන්නෙපා හරිද"

ටේහ්‍යුන් ඔප්පා හරි ලස්සනට හිනාවෙලා මං දිහා බලලා එහෙම කිව්වාම මං හා කියන්න ඔලුව වැනුවා..

"හරි ඔයාට තව මොනාද දැනගන්න ඕනි අපි ගැන..."

ජිමින් ඔප්පා එහෙම කිව්වාම මගෙ මූනට ලොකූ හිනාවක් ආවා.. මට අහන්නම ඕනි එකක් අහගන්න බැරුව හිටියෙ මං..

"ජ්..ජිමින් ෂි.. ඔයාලට පියාබන්නත් පුලුවන් ද?"

මං එහෙම ඇහුවාම දෙන්නට දෙන්නා මූනට මූන බලාගත්තා.. මං හිතුවෙ ආයේ හිනාවෙයි කියලා.. ඒත් හිනාවුනේ නම් නැ..

"ඔව් පියාගන්න පුලුවන්.. හැබැයි තටු ගහන්නැතුව"

මගෙ පිටිපස්සෙන් ඇහුන කටහඩ හින්දා මං ඒ පැත්ත බැලුවාම හෝසොක් ඔප්පාත් අපි දිහාවට ඇවිදගන ආවා.. මං එයා දිහා බලාගන හිටියෙ ඒ කිව්ව එක මට තේරුනේ නැති හින්දා..

"අපිට පියාබන්න පුලුවන්...ම්ම්ම් හරියටම බැලුවොත් ඒක පියාබනවම නෙවේ.. අපිට පුලුවන් පාවෙන්න.. හැබැයි ඒක අපේ බලය උපරිම මට්ටමට අරගන කරන්න ඕන දෙයක්.. ඒක කලාම විනාඩි ගානකට අපි හුගක් දුර්වල වෙනවා.."

මං කටත් ඇරගන හෝසොක් ඔප්පා කියන දේ අහගන හිටියෙ ඒක ඒ තරම් අහන් ඉන්න මවාගන්න ආස හිතෙන දෙයක් හින්දා..

"තේරුන්ද මෝඩ ඉයුන් ජෝ!!"

ටේහ්‍යුන් ඔප්පා මගේ නලලට තට්ටුවක් දාන ගමන් ඇහුවා..

"දේ ටේහ්‍යුන් ෂි"

"ඒක නෙවේ ඔයා කවද්ද අපිට ඔය ෂි කෑල්ල අයින් කරලා කතා කරන්නෙ... අපි පිට අය නෙවෙයිනෙ.."

හෝසොක් ඔප්පා එහෙම කිව්වාම මං කලේ හිනාවුන එක.. හිතින් හිතද්දි ඔප්පා කිව්වට කටෙන් ඒක කියන්න බෑ බෑ වගේ එකක් මට තිබ්බා..

"ඒකතමා.. මාත් ඕක කියන්න හිටියේ.. ඔයා ජන්ග්කුකා ට කුක්ලට් කුක්ලට් ගානවා වගේ අපිටත් මොකක් හරි කියන්න.."

ජිමින් ඔප්පා හිනාවෙවීම එහෙම කිව්ව..

"ම්...මොකක්ද කියන්න ඕනි?"

මං එහෙම ඇහුවාම තුන්දෙනාම ටිකක් කල්පනා කරන්න ගත්තා..

"මට ටේ ඔප්පා කියන්න.. ටේ කිව්වත් කමක් නෑ.. හැබැයි ඔයා යොදොන්සන් හින්දා ඔප්පා කියනවනම් මං කැමති..."

දේ ටේහ්‍යුන් ෂි....ආම්..මේ ටේ ඔප්පා"

මං එහෙම කිව්වාම ටේහ්‍යුන් ඔප්පාගෙ මූනෙ ලස්සන හිනාවක් ඇදුනා... ඊලගට මං බැලුවෙ ජිමින් ඔප්පා දිහා..

"මට ජිමින් ඔප්පා කියන්න.."

"හරි.. ජිමින් ඔප්පා!!"

මට හෝබි ඔප්පා කියන්න"

"ම්ම්ම්..හෝබි ඔප්පා"

මං අන්තිමට ඔක්කොටම එයාලට ඕනි විදියට කතා කරලා මගේ පුරුදු ගොන් හිනාව දැම්මා..

"මටනම් යුන්ගි ෂි කියලම කියන්න... නැත්තම් මෙයා අර අහිංසක ජන්ග්කුකා ට දාලා තියනවා වගේ නමක් මටත් දැම්මොත් වහ කන්න තමා වෙන්නේ.."

යුන්ගි ඔප්පා ගෙ කටහඩ විතරක් ඇහෙන්නෙ කොහෙන්ද කියලා බලන්න අපි ඔක්කොම හතරවටේ බැලුවා.. අන්තිමට මං දැක්කෙ එයා කුස්සියෙ තියන සෙට් එකට වෙලා නිදාගන ඉන්නවා.. මෙච්චර වෙලා අපි කිව්ව ඔක්කොම අහගන ඉන්න ඇති..

"ඇයි හ්‍යුන් එහෙම කියන්නෙ.. ඔයාටත් යුන්ගිලට් වගේ නමක් දැම්මනම් කොච්චර ලස්සනද!"

ජිමින් ඔප්පා එහෙම කිව්වාම යුන්ගි ඔප්පා ඇස් වහගනම කට කොනකට පුංචි හිනාවක් ගත්තා..

ඒකත් මරු.. යුන්ගිලට්!

***

දවස් හතරකට පස්සෙ මං කැම්පස් ආවා.. ඒත් මට දැනුනෙ මං අලුතින් කැම්පස් එකට ආවා වගේ හැගීමක්.. පලවෙනි ලෙක්චර් එක ඉවර වෙලා නෝට් ෆයිල් එකත් පපුවර තදකරගන මං හෝල් එකෙන් එලියට ආවෙ දැන් කුක්ලටුත් නැති හින්දා තනියමම ඉන්න වෙනව කියලා හිතට දැනුන දුකත් එක්කමයි..

මොනා උනත් මට වදයක් වෙවී හරි මගෙ පස්සෙන්ම කුක්ලට් හිටිය එකේ අගේ මට දැන් දැනෙන්න අරන් තිබ්බෙ.. කෙල්ලො කොල්ලො ඔක්කොම නිකන් මං දිහා නෝන්ඩි විදියට බලනවා වගේ මට දැනුනෙ.. එයාලා හිතන් හිටියෙ කුක්ලට් මගෙ නම්ජාචින්ගු කියලනෙ.. දැන් එයා මාව අතෑරලා කියලා කට්ටියම හිතනවා ඇති.. අර ලියා කියන කෙල්ලත් කොල්ලො වටකරගන මට මොන මොනවදෝ කියනවා මට යන්තන් ඇහුනා..

කවුරුත් දන්නෑ නෙ කුක්ලට් මගෙ නම්ජාචින්ගු වෙන්න කලින් නම්ජාචින්ගු වගේ ඉදලා නම්ජාචින්ගු උනාට පස්සෙ අතෑරලා ගියා කියලා..

විකාර හිත හිතම මං කැම්පස් එකේ freedom area එකට ආවෙ අද දුන්න නෝට්ස් ටික බලාගන්න.. දවස් ගානක්ම ලෙක්චර්ස් හිටියෙ නැති හින්දා අද කරපුවා නිකන් කරකෝලා අතෑරියා වගේ..

"අහ්.. ඉයුන් ජෝ... හුග කාලෙකින්.. ඇයි කැම්පස් ආවෙ නැත්තෙ? අසනීපයක්වත් උනාද?"

මං නෝට්ස් ටිකෙන් ඇස් අහකට අරගෙන බෙන්ච් එකේ මගෙ එහාපැත්තෙ ඉදගත්ත ඩේමන් දිහා බලලා හිනාවුනා..

"අහ්ම්ම්... ඔව් ඩේමන්.. මට උණ හැදුනා"

"අහ් දැන් කොහොමද ? හොදටම හොදයිද?"

ඩේමන් එකපාරට මගෙ නලලට අත තිබ්බා.. මං ගැස්සිලා එයා දිහා බලලා ටක්ගාලා ඒ අත මගෙ නලලින් අයින් කලා..

"මට හොදයි ඩේමන් .. ඔයා වදවෙන්නෙපා.."

මං එහෙම කිව්වාම ඩේමන් ගෙ මූන අදුරු උනත් ඊලග තප්පරේ එයා මං දිහා බලලා හිනාවුනා..

"මියානේ ඉයුන් ජෝ.. ඔයා අසනීප උනා කිව්වාම මං ටිකක් කලබල උනා.. ඒකනෙවේ මං මේ ඔයාව හම්බෙන්න ආවේ.."

ඩේමන් එහෙම කියලා එයාගෙ බෑග් එක අදින්න ගත්තා.. මාං කටත් ඇරගන බලාගන හිටියේ කන්න දෙයක්වත් ගෙනත්ද දන්නෑනෙ...

"මං පහුගිය නෝට්ස් ඔක්කොම ෆොටෝකොපි කරලා ගෙනාවා..අද නෝට් එක බලන්න කලින් ඔය ටික බලලා ඉන්න.."

ඩේමන් එහෙම කියලා නෝට්ස් පිරුනු ෆයිල් එකක් මගෙ ඔඩොක්කුවෙන් තිබ්බා.. නෝට්ස් ඉල්ලගන්න කෙනෙක් නැතුව හිටිය මට ඒ ටික දැක්කාම දැනුන සතුට කියාගන්න බැරිවුනා..

"අනේ ගුමාවෝ ඩේමන්..."

මං සතුට වැඩිකමටම ඉබේම වගේ  පැනලා ඩේමන් ගෙ බෙල්ල බදාගත්තා.. හිතේ තිබ්බ සතුටට මට ඒක එච්චර ගානක් ගියෙ නෑ.. මං තප්පර ගානක් එහෙම ඉන්න ඇති. එක පාරටම ඩේමබුත් මගේ වටේ අතදාගන්නකොට තමා මං හොද සිහිය ආවෙ.. මං ටක්ගාලා එතනින් අයින් උනේ මටම හිතින් බැනගන්න ගමන්..

ඒත් මං අයින් වෙනවත් එක්කම කවුරුහරි ඩේමන් ගෙ කොලර් එකෙන් ඇදලා අරන් ඩේමන් ගේ මූනට පාරක් ගැහුවා.. ක්ශනිකව උන දේ හින්දා මට මුකුත් හිතාගන්න බැරිවුනා.. මං නැගිට්ටෙ ඔඩොක්කුවෙ තිබ්බ ෆයිල් එකත් බිමට වට්ටගෙනමයි..

■■









Vote කරලා comment එකකුත් දාන්න.


#6💜️🔥

Continue Reading

You'll Also Like

3K 948 8
"යුන්ගියා මන් ඔයාට ලොකූඌඌඌඌම ලොකු උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...
9.5K 2.1K 44
✨සියුස් දෙවියන්ට හා හේරා දෙවඟනට දාව උපන් අතුරුදන් දේව කුමරෙක් වන කිම් ටේහයුන්ග්... ✨තම අතුරුදන් මිතුරා සොයා යන ඔලිම්පස්හි සුළු දෙවියෙක් වන පාක් ජිමින...
351K 11.8K 45
ဖီးနစ်ငှက်တစ်ကောင်ရဲ့ ရင်ကွဲမတတ်အော်ဟစ်သံဟာ လောင်ကျွမ်းအံ့ဆဲဆဲ အတောင်ပံတွေနဲ့အတူ ပျောက်ကွယ်ပျက်စီးသွားတော့မယ့်အချိန်မှာ ငါဟာ မင်းနဲ့နောက်တစ်ကြိမ်...
36.3K 8.1K 44
ජියෝන් ජන්කුක්ගේ හදවත නවතින්නේ තමන් භාරයේ උස්මහත් වෙන පුංචි ජිමින් ළග.....